Pages - Menu

ලෙඩ රෝග ගැන පවසන ග්‍රහයෝ – 1 කොටස




මේෂ, වෘෂභ ආදී වශයෙන් රාශි 12 කින් සමන්විත රාශි මඬුල්ල දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන ලෙස පාර්ශව දෙකකි.උදා ලග්නයේ සිට 6 වන භාවය දක්වා ප්‍රදේශය අදෘශ්‍යමාන පාර්ශ්වය ලෙසත් 7 වන භාවය දක්වා වූ අර්ධය දෘශ්‍යමාන අර්ධය ලෙසත් සැලකේ.පාප ග්‍රහයින් පාප පීඩිත වූ විට ජන්මියාට අනර්ථකාරී ග්‍රහයින් බවට පත්වූ ශුභයින් හෝ යම් රෝගාබාධ ගෙනදීමට විශේෂයෙන් දායක වන ග්‍රහයින් දෘශ්‍යමාන අර්ධයේ තැන්පත් නම් පහසුවෙන් බාහිර වශයෙන් හඳුනාගත හැකිවන ලෙස රෝගාබාධ වැළඳෙන බව විශ්වාස කළ හැකිය.

ඉහත කී ග්‍රහයින් අදෘශ්‍යමාන අර්ධයේ තැන්පත් වන්නේ නම්, ජන්මියාගේ ශරීරයේ සැඟවුණු ව්‍යාධියක් නිසා පැන නැඟුණු වේදනා, කැක්කුම් වලින් හෝ වෙනත් ලක්ෂණ වලින් පෙළෙන බව දැනගත හැකිය.
එමෙන්ම ඊළඟ වැදගත් කරුණ වන්නේ මෙම රෝග සිරුරට වැළඳීමට ඇති කාලසීමාව නිශ්චය කිරීමයි.

ජන්මියාගේ කේන්ද්‍ර සටහනෙහි,උපතේදී සඳු තැන්පත් රාශියෙන් ( ජන්ම සඳු සිටින රාශියෙන්) 8 වැන්නේ හෝ 12 වැන්නේ සඳු ගෝචර වන සමයන්හිදී රෝගාබාධ සිරුරට වැළදෙන්නට හෝ හදිසි අනතුරු ආදියට මුහුණ පෑමට ඇති ඉඩකඩ වැඩිය.

එමෙන්ම ජන්ම නැකතෙන් 3 වන, 5 වන හෝ 7 වන නක්ෂත්‍රයන්හි සඳු හැසිරෙන කාල සීමාවන් තුළද, රෝග වැළදෙන්නට හෝ හදිසි අනතුරු ආදියට මුහුණ පෑමට ඇති ඉඩකඩ වැඩිය.

නැකත් හා ග්‍රහයින් අනුව ශරීරයේ අවයවයන් ඒ ඒ ග්‍රහයින්ට වෙන්වන ආකාරය පිළිබඳව මීළඟ ලිපියකින් සාකච්ඡා කරමු.

No comments:

Post a Comment