Pages - Menu

දරුඵල ඇතිවීම නැතිවීම කේන්ද්‍රයෙන් බලා ගන්න



කාන්තාවෝ මල්වර වීමෙන් පසුව විවාහ ජීවිතයට සුදුස්‌සන් වෙති. අඩු වයසින් මල්වර වීමත්, අඩු වයසින් විවාහයට පිවිසීමත් සුදුසු නොවේ. විවාහයෙන් පසු අඹු සැමි දෙදෙනාගේ පමණක්‌ නොව මව්පිය ඥාති හිතමිත්‍රාදීන්ගේ පවා ප්‍රාර්ථනය වන්නේ වාසනාවන්ත දරුවන් ගැන ය. එහෙත් ඇතැම් පවුල්වල බිරින්දැවරුන්ට දරුඵල නොමැතිකම නිසා සිත් තැවුල්, අපහාස උපහාසවලට ලක්‌වීම අනිවාර්යයි. අංග විකල දරුවන්ද උපදිති.

දරු සම්පත ලබා ගැනීම සඳහා වර්තමානයේ නවීන වෛද්‍ය විද්‍යා ක්‍රම භාවිතා කරමින් ප්‍රතිඵල ලබා ගන්නා අයුරු ද නැත්තේ නොවේ. දරුඵල අහිමිවීම හෝ දරුවන් නොලැබීම කෙරෙහි ඇති කරන බලපෑම කේන්ද්‍ර සටහනේ ග්‍රහ පිහිටීම අනුව නිශ්චය කළ හැකියි. පොරොන්දම් ගැළපීමේදී වෘක්‍ෂ පොරොන්දම, ග්‍රහ පොරොන්දම, නාඩි පොරොන්දම, වැනි පොරොන්දම් කෙරෙහි ද ස්‌ත්‍රී පුරුෂ දෙදෙනා ගැනම සොයා බැලිය යුතු වේ. පොරොන්දම් ගැළපීමට එහායින් වූ ග්‍රහ පොරොන්දමත්, කේන්ද්‍රයේ පස්‌වැන්නා වූ පුත්‍රස්‌ථානයත් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. කේන්ද්‍ර සටහනේ 05 වැන්න පුත්‍ර ස්‌ථානය වන අතර, ගුරු (බ්‍රහස්‌පති) පුත්‍රකාරක ග්‍රහයා වන්නේය. පස්‌වැන්න අධිපතියා සහ පුත්‍රකාරක ගුරු යෝග වී සිටීම දරුඵල හිමිවීමට කරුණකි. කේන්ද්‍ර සටහනේ ගුරු – ශුක්‍ර ග්‍රහයන් දෙන්නා ලග්නයේ (01) හෝ 09 වැන්නේ සිටීමෙන් දරුවන් ඇති කරයි. ජන්ම පත්‍රයේ 01 – 05 – 09 ස්‌ථානවල ග්‍රහයන් යෝග වී එකී රාශි 03 න් එකක සිටීම ද දරුඵල ඇති කරයි.

කේන්ද්‍රයේ 05 වැනි ස්‌ථානය (රාශිය) ශුභ ග්‍රහයන්ගෙන් සිටීම හා ශුභ ගහ දෘෂ්ටි ලැබීම, පස්‌වැන්න දෙපැත්තේ (06 – 04) ශුභ ග්‍රහයන් සිටීම, දරුඵල ඇතිවීමට හේතුවකි. පුත්‍ර කාරක ගුරු (බ්‍රහස්‌පති) උච්ච බලයෙන් හෝ ශුභ දෘෂ්ටි සහිතව සිටීම ද වාසනාවන්ත දරු උපත් ඇතිවීමට හේතුවකි. කේන්ද්‍රයේ 05 වැන්න අධිපතියා උච්ච වී සිටීම හෝ වෙනත් ග්‍රහයකු එහි (05) උච්ච බලයෙන් සිටීම වාසනාවන්ත දරුවන් බිහිවීමට හේතුවකි. පස්‌වැන්න අධිපති සමඟ රවි සිටීමෙන් ඉතා ප්‍රකට උසස්‌ දරුවන් උපදී. ඔවුන්ට ඉහළ රැකියා තනතුරු හිsමි වේ. ප්‍රසිද්ධියට පත් වේ. කෙන්ද්‍රයේ 05 වැන්නව අධිපතියා කුජ (අඟහරු) සමඟ සිටී නම් එවන් කාන්තාවන්ට ලැබෙන දරුවා සටන්කාමී, එඩිතර අයකු වන්නේය. 05 අධිපතියා සිකුරු සමඟ සිටී නම් එවන් දරුවා රූප ශෝභාවෙන් යුක්‌තයි. කීකරුයි ප්‍රසන්නයි. 05 වැන්නාධිපති ග්‍රහයා සහ 09 අධිපති ග්‍රහයා සංයෝගව සිටීමෙන් ද උගත් බුද්ධිමත් දරුවන් ලබයි. පස්‌වැන්නාධිපතියා 08 අධිපතියා සමඟ සිටී නම් දරුවෝ වාසනාවන්ත නොවෙති. පුත්‍ර කාරක ගුරු බල රහිතව සිටීමෙන් දරුවන්ගේ දියුණුව අඩු වේ. උච්ඡව හෝ ස්‌වක්‍ෂේත්‍රව සිටීම ඉතා හොඳයි.

දරුවන් වැඩිපුර හෝ අඩුවෙන් හෝ දැන ගැනීමට කේන්ද්‍රයේ 05 වැන්න සහ පස්‌වැන්න අධිපතියා ගුරු (බ්‍රහස්‌පති) ගුරු සිටින රාශිය කෙරෙහි අවධානය යොමු කළ යුතු වන්නේය. රවි සහ සෙනසුරු 07 වැන්නේ සිටින විට 05 වැන්නට දෘෂ්ටි හා පාප ග්‍රහ සංයෝග වීම දරුවන් නොමැති වීමට හේතුවකි. ලග්නයේ (01) රවි සිටීමත්, විවාහ ස්‌ථානයේ (07 වැන්නේ) සෙනසුරුත් සිටීමට, පස්‌වැන්නට පාප දෘෂ්ටි ලක්‌ වූ විට දරුවන් නොලැබීමේ ඉඩකඩ වැඩී. එසේම අඟහරු 05 වැන්නේ සිටීමෙන් ප්‍රසූත දෝෂ මෙන්ම කුජ පාපනයන්ට මැදිව සිටී නම් දරුඵල හීන වීම ද සිදුවේ. (ගබ්සා වීම ඇති කරයි.)

වෘෂභ, කටක, වෘශ්චික, මීන, ධනු, යන රාශිවලින් යහපත් ග්‍රහ පිහිටීම සිදුව ඇත්නම් දරු ඵල ඇති කරයි. දරුඵල අඩු රාශි ලෙස මේෂ, මිථුන, සිංහ, කන්‍යා රාශි ගැනේ. සෙනසුරු ග්‍රහයන් සමඟ සිටීමෙන් වඳ දරුවන් ඇති වේ.
දරුඵල නැති කරන ග්‍රහයෝග ගැන පරීක්‍ෂාවේදී 05 වැන්න ගිනි රාශිsයක්‌ හෝ (මේෂ – සිංහ – ධනු) වඳ රාශියක්‌ වී 05 – 09 අධිපතියන් පුත්‍රකාරක ගුරු දුබලව සිටීම හා 05 – 09 රාශියක කුජ සිටීමත් අනෙක්‌ ග්‍රහයන්ගෙන් පීඩාවට ලක්‌වීම, රවි – ශනි රාහු 07 වැන්නේ සිට පාපයන්ට මැදිවීම දරුඵල නැතිවීමට හේතුවකි. එසේම කුජ 07 න් ශනි ලග්න ගතව සිටීමත්, 05 අධිපතියා කුජ – ශනිsගෙන් පීඩාවට ලක්‌වීම ද දරුඵල නැති කරයි. රවි – ශනි 07 වැන්නේ පාප ග්‍රහයන්ට මැදිව සිටීම ද දරුඵල නැති වීමට කාරණයකි. ලග්නයේ රවි ග්‍රහයාත් 07 වැන්නේ සෙනසුරු සිටීමත්, පස්‌වැන්නට අශුභ දෘෂ්ටි වැටීමත් නිසා දරුඵල නැතිවිය හැකිය. සෙනසුරු සහ අඟහරු ග්‍රහයන් දෙන්නා 09 වැන්නේ හෝ 10 වැන්නේ සිටීම ද ශුභ නොවේ. 05 වැනි ස්‌ථානය බල රහිතව පාප ග්‍රහයන් හා එක්‌ව සිටීමත්, 07 වැන්නට ගිය විටත් උපන් අයට දරුඵල නැති වන්නේය. දරුවකු ඉපදුනත් එවේලේම ජීවිත හානි වේ. ගර්භ හානි සිදුවන්නේ පස්‌වැන්නේ ශනි සිටීමත් රාහු හෝ කේතු 05 සිටීමත් නිසාය.

සතර කේන්ද්‍රයේ පාප ග්‍රහයන් සිටීමෙන් දරුවන් අංගවිකල වන්නේය. රවි – සඳු සතර කේන්ද්‍රයේ සිටීම ද එසේමය. කොර අයකු උපදින්නේ සිකුරු ලග්නගතව ශනි විසින් දැක්‌මද සිදුවීමෙනි. රාහු, කුජ, ශනි සමඟ සංයෝග වීම ද රවි 06 වැන්නේ වීම ද කොර වීමට හේතුවකි. රවි කටක රාශියේත් කුජ මකර රාශියේත් සිටීමෙන් කන්නු උපදියි.
මේ ආදී වශයෙන් ජන්ම පත්‍රයක් පරීක්ෂා තුළින් ඉහත කාරණා මනාව පැහැදිලි කර ගත හැකිවේ.

No comments:

Post a Comment