සතියේ ලග්න පලාපල
ජූනි 22 සිට 28 දක්වා
මේෂ ලග්නය
අළුත් මිත්‍රයන් ආශ්‍රයට ලැබේ .

ධනය – ආර්ථික වාසි අත්වුවත් ඉතිරියක් ගැන සිතීම තරමක් දුෂ්කර සහිතයි.වියදම් ඉහල යයි.
රැකියාව -කරදරකාරී ගති ඇතිවිය හැකිය .ඉක්මන් ස්වභාවයන් පාලනය කර ගන්න.තම ගෞරවය ගැන වැඩි දුරටත් සැලකිලිමත් වන්න.
අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.තරඟකාරී කටයුතු වලින් වාසි අත්වේ.
යුග සැපත – .තීන්දු තීරණ ගැනීමේ දී කතාබහ පිළිබඳව සැළකිලිමත් වන්න.බහින් බස් වීම් දුර දිග යා හැකියි.මංගල යෝජනා ආදියට සුබයි.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් ආහාර අජීර්ණ රෝග ඇතිවිය හැකිය.
ජය අංකය -09
සුබ දිනය – බදාදා
වෘෂභ ලග්නය
බුද්ධිමත් තීන්දු තීරණ ගනියි.

ධනය – ගණුදෙනු වලදී ප්‍රවේශම් විය යුතුයි.අතරමැදියන්ට අසුවිය හැකියි.රාජ්‍ය අංශයන්ට සම්බන්ධ අයත් කල්පනාකාරී වන්න.
රැකියාව -වචන භාවිතයේ දී ප්‍රවේශම් වන්න.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.රැකියා ස්ථානයේ වැඩ කටයුතු වලදී අන් අයගේ සහය ලැබෙන නමුත් වචනය ප්‍රවේශම් කරගන්න.
අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.සතිය මුලදී බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.
යුග සැපත – ඉක්මන් තීරණ ගනී.නිරන්තරයෙන්ම එවැනි තීරණ නිසා අවාසිසහගත බවක් ඇතිවිය හැකි වන අතර ඉවසිලිවන්තව කටයුතු කරන්න.දරුවන් සම්බන්ධයෙන් යහපත්ය.
සෞඛ්‍ය – හිසේ රදය හා මානසික ආතති තත්වයන් ඇතිවිය හැකිය.
ජය අංකය -06
සුබ දිනය – අඟහරුවාදා
මිථුන ලග්නය
බලාපොරොත්තු රැසක් ඉටුවේ.
හිතුවක්කාරී අදහස් නිතර ඇතිවිය හැකිය.අන් මත නොඉවසයි.නිරතුරුවම අභිබවා යාමට උත්සාහ කරයි.
ධනය – ලැබීම් වලට යහපත්ය. අතර මුල් දින කිහිපය තුළ මුදල් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා යහපත්ය.
රැකියාව – කතා බහ කිරීමේදී වචනය පිළිබඳව තවදුරටත් වගබලා ගන්න.හිත් අමනාපකම් ඇතිවීමට මෙන්ම ඒවා දුර දිග යාමට වුවද හැකිවේවි.
අධ්‍යාපනය – අධ්‍යාපනයට සුබයි. විභාග ආදියෙන් ජය ගත හැකිවෙයි.අතපසුවීම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
යුග සැපත – ඥාතීන් හා හොඳ හිත ඇතිවන අතර යුග සපත හා අවිවාහකයින්ට පෙම් පැතුම් සපල කරගත හැකිවේ.දරුවන් නිසා සතුටු විය හැකි වටපිටාවක් ඇතිවන අතර අඹු සැමි සබදතා ද වැඩි දියුණු වේ.
සෞඛ්‍ය – නීරෝගී බවක් ඇති කරවන නමුදු සති අග මානසිකව සිතීමට වන කරුණු ගෙනදේ.
ජය අංකය -03
සුබ දිනය – සිකුරාදා
කටක ලග්නය
අන්‍යන්ගේ සහයෝගය හිමිවේ.

ධනය -ව්යදම් අධික වීම නිරන්තරව දක්නට ලැබේ.මිතුරන් හා හිතවතුන් වෙනුවෙන් වියදමට පෙළඹේ.
රැකියාව – සතියේ මුල් දින කිහිපය රැකියා සඳහා බාධා කරවන අතර නීතිමය ගැටළු ආදිය පෙන්නුම් කරවයි.වෙනස්කම් රාශියකට සැරසෙයි
අධ්‍යාපනය -නායකත්වය ගෙන කටයුතු කරයි .අතපසුවීම් සහිතයි.සතිය මුල විශේෂයි.සති අග වන විට එකී තත්වය මග හැරෙයි.
යුග සැපත – තරමක් කේන්ති සහගත අවස්ථා ඇතිවිය හැකිය.ඉක්මන් තීරණ හා ක්ෂණික කෝපය පාලනය කරගත යුතුය.දරුවන් සම්බන්ධ යහපත් තොරතුරු අසන්නට ලැබේ.
සෞඛ්‍ය – ඇස් අමාරු, කකුල් අමාරු ඇත්නම් ප්‍රවේශම් වන්න.
ජය අංකය -01
සුබ දිනය – සඳුදා
සිංහ ලග්නය
අළුත් දේවල් කීපයකට අත ගසයි.
නිරන්තරයෙන්ම දුර බැහැර ගමන් ඇතිවේ. එතුලින් වාසි සහගත තත්වයන් ඇති කරගත හැකිවන නමුදු අවිවේකී බව ඇතිවේ.
ධනය – වැයපස ඉහල යයි.ණය තුරුස් වීමටද සිදුවිය හැකියි.තවදුරටත් වියදම් සීමා කරන්න.සතිය මුලදී විශේෂයි.
රැකියාව – රැකියා ස්ථානයද කාර්යබහුල බවක් පෙන්වන අතර මානසික වශයෙන් ව්‍යාකුල තත්වයන් ඇතිවිය හැකිය.වැඩ අධික වීම එයට හේතුවිය හැකිය.
අධ්‍යාපනය -මිශ්‍ර පල ඇතිවන අතර උනන්දුව අඩුවී යා හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.සති අග යහපත් වේ.
යුග සැපත – අඹු සැමියන් අතර සුළු මතභේද ඇතිවිය හැකිය.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.අසල්වාසීන් වෙනුවෙන් උපකාර වීමට අවස්ථා යෙදෙනු ඇත.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න
ජය අංකය -03
සුබ දිනය – සඳුදා
කන්‍යා ලග්නය
කලක සිට පැවති නීති ප්‍රශ්ණයක් ඉවත්වී යන සතියකි.
පිටස්තර පුද්ගලයින්ගෙන් නිරන්තර උදව් උපකාර හිමිවන සතියකි.
ධනය – වෙළඳ ව්‍යාපාර කටයුතු වලට යහපත්ය.තැන්පත් ධනය වැය වීමට කරුණු ගෙන දේ.
රැකියාව – රැකී රක්ෂාවන් සඳහා හිතවතුන්ගේ උපකාර හිමිවේ.මානසික සුවය ඇතිවේ.රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වන්නන්ට සුබදායක කාලයකි.
අධ්‍යාපනය – තම දක්ෂතා එලි දැක්විය හැකි කාලයකි.එක් අරමුණක පිහිටා කටයුතු කළ හැකිවුවහොත් වඩාත් යහපත් තත්වයන් ඇතිවිය හැකිය.
යුග සැපත – මිත්‍ර සබදතා පෙම් සබදතා ලෙස වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැය පස අධික වේ
සෞඛ්‍ය – ඌෂ්ණාධික හා කැස්ස සෙම් අමාරු තත්වයන් තවදුරටත් ඇති කරවයි..
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
තුලා ලග්නය
සමාජීය හා ආගමික කටයුතු වලට වැඩි නැඹුරුවක්.
එදිනෙදා කටයුතු වෙනදාට වඩා වැඩි උනන්දුවකින් සහ මහත් ඕනෑකමකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි.හිතවතුන්ගේ සහයද තවදුරටත් හිමිවේ.බලාපොරොත්තු බොහොමයකින් ජය අත් කරගත හැකිවෙයි.
ධනය – ආර්ථිකය සම්බන්ධයෙන් යහපත්ය.විදේශ කටයුතු ඇතුළු ව්‍යාපාර වල නිරත වන්නන්ට ධන වාසි අත්වේ.
රැකියාව – නව රැකියා සඳහා අවස්ථා හිමිවීමේ වාසනාව පවතින අතර හිත මිතුරන්ගේ සහය නිරන්තරව හිමිවේ.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදා පැවති උනන්දුව තරමක් අඩුවිය හැකි අතර සති අග වන විට පොත පත කෙරෙහි උනන්දුව වැඩි වී යයි.
යුග සැපත -ගේදොර සුබදායී වටපිටාවක් සැකසීමට යහපත් පරිසරයක් නිර්මාණය වන අතර ගමන් බිමන් අධික වේ.දරුවන් හා සම්බන්ධ කටයුතු වල උනන්දුව වැඩි වේ.
සෞඛ්‍ය – සෙම් රෝග හා වාත අමාරු ඇති අය ප්‍රවේශම් වන්න.
ජය අංකය -04
සුබ දිනය – සිකුරාදා
වෘශ්චික ලග්නය
වඩාත් බුද්ධිමත් විය යුතුයි.
හිතුවක්කාරී අදහස් නිතර ඇතිවිය හැකිය.තම දෛනික වැඩ කටයුතු වලට ද යම් යම් බාධා ගෙනදිය හැකි මුත් සති අග වනවිට එම තත්වය අවම වී යයි.
ධනය – ලැබීම් වලට යහපත්ය.නමුත් වියදම් අධික වීම සිදුවන අතර මුල් දින කිහිපය තුළ ණය දීමෙන් වැළකී සිටීම යහපත්ය.
රැකියාව – කතා බහ කිරීමේදී වචනය පිළිබඳව වගබලා ගන්න.තම මිතුරන් හා ප්‍රශ්ණ හා අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය – අධ්‍යාපනයට සුබයි. විභාග ආදියෙන් ජය ගත හැකිවෙයි.අතපසුවීම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
යුග සැපත – සතියේ මුල් දින කිහිපය සිත් අමනාපකම් ඇතිවිය හැකි අතර දරුවන් සම්බන්ධව යහපත් දේ අසන්නට ලැබේ.තනි තීරණ නොගෙන අන් අයට ඇහුම් කන් දීමට වගබලා ගන්න.
සෞඛ්‍ය – නීරෝගී බවක් ඇති කරවන නමුදු පාද අමාරු ඇති විය හැකිය.
ජය අංකය -03
සුබ දිනය – සිකුරාදා
ධනු ලග්නය
මූල්‍යමය වාසි අත්වේ.
නම්‍ය ශීලී භාවය සහ අනිකුත් අයට ඇහුම්කන් දීම වඩාත් සුදුසුය..
ධනය – වැය පක්ෂය ඉහල යන අතර ඉතිරිකිරීමේ හැකියාව අවම වේ.
රැකියාව – සංචාරක කර්මාන්ත්‍රයේ රැකියාවන්ට සුබයි.ලිපි ලේඛන කටයුතු වල නිරත වන අය ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.විභාග ජය හිමිවෙනු ඇත.
යුග සැපත – .නිවාස තුළ සතුට සාමය හා ප්‍රීතිය ඇති කරවන කාලයකි.අඹු සැමියන් අතර සුළු මත ගැටුම් ඇතිවිය හැකිය.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් රෝග ඇතිවිය හැකිය.පීනස ඇති අය ප්‍රවේශම් වන්න.
ජය අංකය -07
සුබ දිනය – බදාදා
මකර ලග්නය
අළුත් සැලසුම් සාර්ථක වේ.

ධනය -ණය තුරුස් විය හැකිය.වැය පස තවදුරටත් ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.ලොතරැයි දිනුම් ආදිය තිබේ.
රැකියාව -බාහිර පුද්ගලයින්ගෙන් කරදර බාධක ඇතිවිය හැකිය.රැකියා ස්ථානයේ හිතවතුන් පිළිබඳව දැඩි සැලකිලිමත් බවක් දක්වන්න.මිතුරන් සැබෑ ලෙසම හිතවත්දැයි යන්න සෙවිය යුතු කාලයකි.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙන ගැනීමට අවස්තාව උදා වුවද අලස කම් ඇතිවේ.
යුග සැපත -.අඹු සැමියන් අතර මතභේද ඇතිවිය හැකි අතර ප්‍රේම සබදතා හා මංගල යෝජනා වලට බාධා අවහිර ඇතිවන තත්වයක් පෙන්වයි.සති අග වනවිට අවම විය හැකිය.
සෞඛ්‍ය – .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ තවදුරටත් සැලකිලිමත්වන්න.
ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා
කුම්භ ලග්නය
ධන ලාභ සහිතයි.
මිශ්‍ර පලදායී ප්‍රතිපල ලැබෙන සතියකි.සතුරු බලවේග මර්ධනය කරගැනීමේ ශක්තිය හිමිවන මුත් උත්සාහය හා උනන්දුව අඩුව යා හැකිය.
ධනය – වැය පක්ෂය ඉහල යන අතර අතේ මුදල් රැඳීම ද අඩුය.ඉතිරිකරගත් ධනය ද වැය වන සැටියක් පෙන්වයි.
රැකියාව – අලස ගති මතුව කරගෙන යන කටයුතු අතපසුවීමක් පෙන්වනු ලබයි.සතිය අග වන විට ඒ තත්වය මග හැරී යනු ඇත.
අධ්‍යාපනය -මධ්‍යස්ථ ප්‍රතිපල හිමිවේ.විද්‍යා හා තාක්ෂණික අංශයන් වලට යහපත්ය.
යුග සැපත -.දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.නිසි වෙලාවට අවශ්‍ය වැඩ කටයුතු කර ගැනීමට බාධා ඇතිවිය හැකිය.හිත මිත්‍රාදීන් හා ඥාතීන් හා කතාබහේදී ප්‍රවේශම් වන්න.
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.සුළු අසනීප හැරුණු කොට සෞඛ්‍ය තත්වය යහපත්ය.
ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා
මීන ලග්නය
ඉවසිලිවන්තව ක්‍රියා කරන්න.
මූල්‍යමය වාසි අත්වේ.
උගතුන්ගේ හා හිතවතුන්ගේ උදව් උපකාර නිරන්තරව හිමිවේ.තම සිතැඟි අනුව වැඩකටයුතු සාර්ථක කරගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.හිත්වක්කර තීරණ ගනී.
ධනය -ආදායම් තත්වය යහපත්ය.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩකඩ වැඩිය.
රැකියාව – .ගමන් වැඩි වශයෙන් යෙදෙන අතර ලියකියවිලි සම්බන්ධයෙන් අවහිරතා හා බාධක ඇතිවිය හැකිය.
අධ්‍යාපනය -මුල් දින කිහිපයේ බාධා අවහිරතා ඇතිවේ.සති අග වනවිට එම තත්වයන් අවම වේ.නව දේවල් ඉගෙනුමට සමත්ය.
යුග සැපත – .අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.සතියේ මුල් දිනයන්හි දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.
සෞඛ්‍ය – පැවති රෝගාබාධ යහපත් අතට හැරේ.යහපත් සෞඛ්‍යමය තත්වයක් ඇතිවේ.ආහාර අජීර්ණ තත්වයන් පිළිබඳව සති අග විමසිලිමත් වන්න.
ජය අංකය -01
සුබ දිනය – ඉරිදා
0 අදහස් දැක්වීම්:
Post a Comment