මේෂ ලග්නය
තරඟකාරී කටයුතු වලින් ජය.
තරමක ආවේගශීලී බවක් ඇති කරයි.තවදුරටත් ඉවසීම ප්‍රගුණ කල යුතු කාලයකි.මිත්‍ර ඇසුර මත වාසි අත්වේ. උරුම හිමිකම් පිලිබඳ යම් ගැටළු තත්වයන් ඇතිවිය හැකි කාලයකි.ඒවා විසඳාගත හැකිවනු ඇත.
ධනය – තැන්පත් ධනය තර කරගැනීමට ද හැකිවේ.හදිසි ධන ලාභ හා ලොතරැයි දිනුම් ආදියට වැඩි ඉඩකඩක් පවතී.
රැකියාව – ව්‍යාපාරික කටයුතු වල යෙදෙන්නන් තරමක් ප්‍රවේශම් වන්න.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.සැබෑ මිතුරන් හඳුනාගැනීමට හැකිවන කාලයකි.
අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.සතිය මුල බාධා ඇතිවන නමුදු සති අන්තය වන විට ඒ තත්වයන් පහවේ.තරංග විභාග ඇතුළු තරඟකාරී කටයුතු වලින් ජය අත්වේ.
යුග සැපත – පෙම් සබඳතා ඇති කර ගැනීමේ අවස්ථා යෙදෙනු ඇත.ආගම දහමට සිත යොමු වන කාලයකි.වන්දනා ගමන් ආදිය පවුලේ හිතවතුන් සමඟ යෙදෙනු ඇත.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට උදරාබාධ හා හිසේ කැක්කුම් තත්ව ඇතිවිය හැකිය.
ජය අංකය -03
සුබ දිනය – බදාදා
වෘෂභ ලග්නය
අභියෝග රැසක්.
කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරන තත්වය නිසා අභියෝග රැසක් එල්ලවිය හැකිය.ඒවා ජයගත හැකිවේ.නව පුද්ගල සම්බන්ධතා ඇතිවේ.ඒ තුලින් වාසි සහගත තත්වයන් ඇති වේ.
ධනය – නව ජීවනෝපාය මාර්ග විවර වන අතර උගත් ඇසුර නිසා ධන වාසි හිමිකර ගත හැකි කාල වකවානුවකි.
රැකියාව -රැකියා ස්ථානයේ වැඩ කටයුතු කෙරේ වෙනදාට වඩා දැඩි උනන්දුවක් ඇතිවිය හැකි සමයකි.උසස් නිලධාරීන් හා ගණුදෙනුව ප්‍රවේශමෙන්.
අධ්‍යාපනය -නව දේ ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සතිය මුල යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.
යුග සැපත – ඥාතීන් සම්බන්ධ කරදර ප්‍රශ්ණ ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර යුග සැපත හා පෙම් පැතුම් සපල කරගත හැකිවේ.දරුවන් නිසා සතුටු විය හැකි වටපිටාවක් ඇතිවේ.අඹු සැමියන් අතර ගැටළු පැන නැගිය හැකිය.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.දණහිස් ආශ්‍රිත පීඩාවන් හා අස්ථි රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.
ජය අංකය -09
සුබ දිනය – අඟහරුවාදා
මිථුන ලග්නය
ආවේගශීලීයි.
තම නිර්භීතභාවය හා දක්ෂතා මත පල ප්‍රයෝජන රාශියක් හිමි කරගත හැකිවන සතියකි.නමුත් ආවේගශීලී ගති ඉස්මතුවේ.වචනය වේගවත් වේ.කල්පනාකාරී වන්න.
ධනය – ලැබීම් වලට යහපත්ය.ඉතිරියක් ගැන සිතිය හැකි කාල සීමාවකි.
රැකියාව – රැකියා ස්ථානයේ මිතුරන්ගේ සහය හිමිවේ.ව්‍යාපාරිකයින්ට යහපත්ය.ඉවසීම තුළින් යහපත් ප්‍රතිපල අත්කරගත හැකිවේ.
අධ්‍යාපනය – අධ්‍යාපනයට සුබයි. විභාග ආදියෙන් ජය ගත හැකිවෙයි.පැවති උනන්දුව සතිය මුලදී අඩුවිය හැකිය.සති අන්තය වත්ම තත්වය වෙනස් වේ.
යුග සැපත – සතියේ මුල් දින ඉතාමත් යහපත් වන අතර දරුවන් සම්බන්ධව යහපත් දේ අසන්නට ලැබේ.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම් කරන්නන්ට සුබයි.
සෞඛ්‍ය – හිසේ අමාරු හා තුනටිය අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.උදරාබාධ හා බෝවන රෝග වැළඳිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
ජය අංකය -06
සුබ දිනය – සෙනසුරාදා
කටක ලග්නය
මූල්‍යමය වාසි.
එදිනෙදා කටයුතු වෙනදාට වඩා වැඩි උනන්දුවකින් සහ මහත් ඕනෑකමකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි.හිතවතුන්ගේ සහයද හිමිවේ.එතුලින් මූල්‍යමය වාසි රැසක් හිමි කරගනියි.
ධනය – තැන්පත් ධනය වැය විය හැකි සතියක් වන අතර නව මිතුරන් මගින් ධන වාසි අත්වේ.සති අග විශේෂයි.
රැකියාව – අලෙවිකරණය රසායනික අධ්‍යාපන හා කෘෂිකර්මාන්ත ආශ්‍රිත රැකියා ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.නව මං පෙත් රැසක් විවර වේ.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් හිතේ අදහස් වෙනස් වන බැවින් සිත එක අරමුණක තබා ගැනීමට උත්සාහ ගන්න.සතිය මුල විශේෂයි.බාධාවීම් හා අතපසුවීම් යෙදේ.
යුග සැපත – නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.නිවැසියන් හා හොඳ හිත වර්ධනය වන අතර දරුවන් සම්බන්ධව වඩාත් සැලකිලිමත් විය යුතුය.
සෞඛ්‍ය – හන්දිපත් අමාරු, සෙම් අමාරු හා අස්ථි ආබාධ ඇත්නම් ප්‍රවේශම් වන්න.
ජය අංකය -04
සුබ දිනය – ඉරිදා
සිංහ ලග්නය
නීතිමය සහන.
සම්මුඛ පරීක්ෂණ ආදියේ ජය අත් වන අතර නව රැකියා බලාපොරොත්තු සාර්ථක විය හැක.සති අග වන විට කාර්යබහුල වන අතර නීතිමය වශයෙන් තිබූ බාධා රැසක් ඉවත්ව සහන ගෙන දේ.
ධනය – ආර්ථික ගැටළු බොහොමයකට විසඳුම් ලැබේ .හිතවතුන් සහ මිතුරන් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවේ.
රැකියාව – රාජකාරී කටයුතු කාර්යබහුල වන අතර අළුත් කාර්යයන් සඳහා ද අත ගැසීමට පෙළඹෙනු ඇත.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදා පැවති උනන්දුව තරමක් අඩුවිය හැකි අතර සති අග වන විට තත්වය තරමක් වෙනස්ව යනු ඇත.
යුග සැපත -පෙම් කරන්නන් හට සුබදායී වටපිටාවක් සැකසීමට ඉඩ ඇතිවිය හැකිය.ගමන් බිමන් අධික වේ.දරුවන් හා සම්බන්ධ කටයුතු වල උනන්දුව වැඩි වේ.අඹු සැමි සබදතා යහපත්ය.
සෞඛ්‍ය – හදිසි හිසේ කැක්කුම් සෙම් අමාරු ආදියට ඉඩ ඇත.ජලයෙන් ප්‍රවේශම් වන්න.
ජය අංකය -01
සුබ දිනය – ඉරිදා
කන්‍යා ලග්නය
ඇසුරු කරන්නන් හා ප්‍රවේශමෙන්.
ආර්ථිකයේ සංවර්ධනයක් ඇතිවන අතර නිවාස හා ඉඩකඩම් සම්බන්ධව නිවාස හා ඉඩකඩම් මිලදී ගැනීම කෙරෙහි ඇති උනන්දුව වැඩි වේ.ඒ සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි වශයෙන් යොමුවේ.
ධනය – නව ජීවනොපයන්ට උරුම හිමිකම් පවතී.ඉතිරිකිරීම් සඳහා සුබදායකයි.
රැකියාව – අධ්‍යාපන, ඇඟළුම්, රෝහල් ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උසස් අයගෙන් උපකාර ලැබේ.කේලාම් බස් වලට හසුවිය හැකි බැවින් ඇසුරු කරන්නන් සමඟ ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
අධ්‍යාපනය -කාර්යබහුල බවක්ද ඇතිවේ.සති අග වන විට අවිවේකී බව වැඩි නිසා කටයුතු තරමක් අතපසු විය හැකිය.සම්මුඛ පරීක්ෂණ වලින් ජය ලැබේ.
යුග සැපත – මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන් තුළ ඔවුන් සම්බන්ධව සැකයන් ඇතිවිය හැකිය.දරුවන්ට යහපත්ය.අඹු සැමි සබදතා තරවේ.
සෞඛ්‍ය – උදරාබාධ තත්වයන් ඇතිවිය හැකිය.සමස්තයක් ලෙස යහපත්ය.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.
ජය අංකය -02
සුබ දිනය – සඳුදා
තුලා ලග්නය
දුර බැහැර ගමන් බිමන්.
විවිධ පුද්ගලයින්ගෙන් නිරන්තර ආධාර උපකාර හිමිවන කාල වකවානුවකි.වැඩි දුරටත් උත්සාහ වන්ත වීම තුලින් විශේෂ වාසි අත්කර ගත හැකිවනු ඇත.දුර බැහැර ගමන් බිමන් යෙදෙන අතර වාසි අත්වේ.
ධනය – වැයපස ඉහල යයි.ණය තුරුස් වීමටද සිදුවිය හැකියි.සති අග වන විට නව ආදායම් මාර්ග ඇතිවේ.
රැකියාව – හෝටල් කර්මාන්ත හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු අයට වඩාත් යහපත්ය.රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.
අධ්‍යාපනය -නව දේ ඉගෙනීම සඳහා වැඩි කාලයක් ගතවන අතර කරගෙන ආ සමහර කටයුතු අතපසු වීමට පුළුවන.
යුග සැපත – අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.අවිවාහකයින්ට මංගල යෝග උදාවේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.හෘද රෝග හා පෙනහළු ආශ්‍රිත රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.සති අග වන විට යහපත්වේ.
ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා
වෘශ්චික ලග්නය
සතුරන් පරදවයි.
මනසට විශාල සහනයක් ලැබෙන සතියකි.නව ජීවනෝපායන් කෙරේ සිත යොමු වේ.සතුරු කරදර බාධා ඇත්නම් ඒවා මැඩලීමට සමත් වේ.
ධනය – ධන ලාභ සතිය අග වන විට හිමිවේ.නමුත් සැලකිය යුතු ලෙස වියදම් අධික විය හැකිය.
රැකියාව – හෝටල් ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය ලැබේ.හොඳ හිත වර්ධනය වන කාල සීමාවකි.
අධ්‍යාපනය – මන්දගාමී අලස ගති ඇති කරවයි.සති අග වනවිට එම තත්වයන් තුරන්ව යනු දැකිය හැකිය.නව දේ ඉගෙනීමට ලැබේ.
යුග සැපත – .ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර යම් මත භේද ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.සති අග වනවිට සමගිය ඇතිවේ.දරුවන් තරමක් කලහකාරී විය හැකිය.
සෞඛ්‍ය – පපුව හා පෙනහළු ආශ්‍රිත රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
ධනු ලග්නය
අවිවේකී බව වැඩිවේ.
සමාජයේ ප්‍රමුඛ ස්ථානයක් ලැබීමටත් හේතුවන කරුණු ගණනාවක් යෙදේ.හිත මිතුරන් හා නව සබදතා ගොඩ නගා ගන්නා අතර අවිවේකී බව වැඩි කරවයි.
ධනය -ආදායම් තත්වය යහපත්ය.තැන්පත් ධනය සතිය ආරම්භයේදී වැය වීමකට ඉඩකඩ වැඩිය.
රැකියාව – .නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතවතුන්ගේ උදව් උපකාර නිරතුරුව තම කටයුතු සාර්ථක කරගැනීමට හිමිවේ.
අධ්‍යාපනය -විභාග ජය හිමිවේ.කලා හා වාණිජ අංශයන්හි ඉගෙනුම ලබන අයට විශේෂයි.
යුග සැපත – .අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.දරුවන් ගැන වැඩි උනන්දුවක් යොමු කරන්න.
සෞඛ්‍ය – පැවති රෝගාබාධ යහපත් අතට හැරේ.යහපත් සෞඛ්‍යමය තත්වයක් ඇතිවේ.සෙම් රෝග ඇති අය කල්පනාකාරී වන්න.
ජය අංකය -01
සුබ දිනය – ඉරිදා
මකර ලග්නය
රැකියා වාසනා.
අන්‍යන්ගේ සතුට වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවන අතර දුර බැහැර ගමන් බිමන්ද නිතර නිතර යෙදේ.බොහෝ විට වන්දනා ගමන් විය හැකිය.
ධනය – ඉතිරිකිරීම් වලට ඉඩකඩ සැලසේ .නමුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -.විනෝදයට වැඩිපුර කාලයක් ගතකරයි.රැකියාවට තිබූ බාධා ඉවත්වේ.වචනය වේගවත් වේ.කල්පනාකාරී වන්න.නව රැකියා අපේක්ෂකයින්ට වාසනාව උදාවේ.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග වනවිට සුබදායී ආරංචි කිහිපයක් අසන්නට ලැබෙනු ඇත.
යුග සැපත -.පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවන සතියකි.
සෞඛ්‍ය – .සෙම් අමාරු උදරාබාධ හා කොන්දේ අමාරු ඇති අය ඒ පිලිබඳ සැලකිලිමත්වන්න.
ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා
කුම්භ ලග්නය
දැඩි ආත්ම විශ්වාසයක්.
සතුරු බලවේග මර්ධනය කරගැනීමේ ශක්තිය හිමිවේ.දැඩි ආත්ම විශ්වාසයකින් දෛනික කටයුතු වල නිරත වේ.සමාජයේ කැපී පෙනීමක් ඇතිවේ.
ධනය – අතේ මුදල් රැඳීම අඩුය.සති අග වනවිට ආර්ථික වාසි හිමිවේ.
රැකියාව – අධ්‍යාපන හා සෞඛ්‍ය අංශයන්හි නිරතවන අයට වාසි අත්පත් වන අතර එතුලින් ජය හිමිවේ.තමාට අවනත නොවූ අයද අවනත වේ.හිතවතුන් වැඩිවේ.
අධ්‍යාපනය -යහපත්ය.තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.සති අග විශේෂයි.
යුග සැපත -.දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.අඹු සැමි සමගිය යහපත්වේ.නෑ හිත මිතුරන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරයි.
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.සුළු අසනීප හැරුණු කොට සෞඛ්‍ය තත්වය යහපත්ය.
ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා
මීන ලග්නය
වැය පස ඉහළට.
කලක සිට පැවති බාධා කරදර බොහොමයක් ඉවත්වී යයි .දියුණුව උදෙසා අත ගසන කාර්යයන් බොහොමයක් සාර්ථක භාවයට පත්වේ.කාර්යබහුල සතියකි.ගමන් බිමන් අධිකව යෙදේ.
ධනය – නව ආයෝජන වලට අතගසයි.නමුත් තැන්පත් ධනය වැය වීමට ඇති ඉඩකඩ වැඩිය.
රැකියාව – රැකී රක්ෂාවන් වෙනුවෙන් විවිධ කැපකිරීම් කිරීමටද සිදුවේ.නමුත් එයින් ඔබට යහපතක් සිදුවේ.සති අග වනවිට රැකියාවේ තෘප්තිමත් බවට පත්විය හැකිය.ව්‍යාපාරිකයින්ට සහ අධ්‍යාපන අංශයන්හි නිරත වන්නන්ට සුබයි.
අධ්‍යාපනය – සති අග වන තෙක් මන්දගාමී හා බාධාකාරී ස්වභාවයක් පෙන්වන මුත් තම දක්ෂතා එලි දැක්විය හැකි කාලයකි.නව අත්හදා බැලීම් වලට යහපත්ය.
යුග සැපත – අඹු සැමි සබදතා තර වේ.පෙම් කරන්නන්ට යහපත් කාලයකි.ඈත ගමන් බිමන් වලදී ප්‍රවේශම් වන්න.දරු ඵල අපේක්ෂා කරන අයට සුබයි.
සෞඛ්‍ය – කල්ගතවූ රෝග සුව අතට හැරේ.ඌෂ්ණාධික හා කැස්ස උරහිස් අමාරු තත්වයන් තවදුරටත් ඇති කරවයි
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
0 අදහස් දැක්වීම්:
Post a Comment