Posted by Unknown On 10:39 AM



  • 2016 වසරේ ලග්න පලාපල



2016 වසර උදාවන්නේ බුධට අයත් කන්‍යා ලග්නයෙන් වන අතර, රවිට අයත් උත්‍රපල් නැකතින් වසර ආරම්භ වේ. ග්‍රහලොව පීතෘකාරක රවිගේ නැකතකින් වසර ආරම්භ වීම සුභ දායක බව ජ්‍යෝතිෂයට අනුව පැවසිය හැක. 2016 වසරේ ලග්න 12 ට ඇතිවන තත්වයන් පිළිබඳව විස්තර පහත සඳහන් වේ.

මේෂ ලග්නය - ගජකේශරී රාජයෝගය උදාවේ.

ලග්නාධිපති කුජ 7 වැන්නේත්, සනි සිකුරු 8 වැන්නේත්, ගුරු චන්ද්‍ර 5 වැන්නේත්, රවි 9 වැන්නේත්, බුධ 10 වැන්නේත්, රාහු 6 වැන්නේත්, කේතු 12 වැන්නේ යෙදෙන ගෝචර ගමනින් වසර ආරම්භ වන අතර, මේෂ ලග්න හිමියන්ට මෙම වසර සුභ දායක වසරක් බව පැවසිය හැක. සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ටකය පැවතුනත්, එම බාධක ජයගෙන ඉදිරියට යා හැකි තත්වයක් උදාවන බව පෙන්වා දිය හැක. විශේෂයෙන් 5 වැන්නේ යෙදෙන ගජකේශරී යෝගය නිසා සිය බාධක ඉවත් වන අතර, ගුරු මහා දසා, රාහු මහා දසා ගතකරන අයට මේ වසරේ ආර්ථීක තත්ත්වය යහපත් වන බව පැවසිය හැක. වෙශී, වොශී සහ උභයචාරී යෝගය උදාවීම නිසා ආගියතැන හොඳ පිළිගැනීමක් ඇති වන අතර, බත වරදින්නේ නැති වසරක් බව තවදුරටත් පෙන්වා දිය හැක. අගෝස්තු මස 11 වන දින දක්වා මේෂ ලග්න හිමියන්ට මෙම සුභදායක තත්වය ඇතිවේ. උසස් විභාග වලට පෙනී සිටින අයට එයින් ජය අත්වේ. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයට එම අරමුණු සාක්ෂාත් කර ගත හැක. 
සෞඛ්‍යය තත්ත්වය තරමක් දුරට පිරිහෙන අතර, ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. 

ජය අංකය 5 
ජය වර්ණය රතු.

-------- <<<>>>------------

වෘෂභ ලග්නය - ධන ලාභ හිමිවේ.

ලග්නාධිපති සිකුරු 7 වැන්නේ සෙනසුරු සමග සංයෝග වන අතර, ගුරු චන්ද්‍ර 4 වැන්නේ සංයෝග වන අතර, කුජ 6 වැන්නේත්, රවි 8 වැන්නේත්, බුධ 9 වැන්නේත්, රාහු 5 වැන්නේත්, කේතු 11 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර වෘෂභ ලග්න හිමියන්ට ධන ලාභ ලැඛෙන වසරක් බව පෙන්වා දිය හැක. කේතු ග්‍රහයා 11 වැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර වෘෂභ ලග්න හිමියන්ට නොසිතූ ධන ලාභ, ආර්ථීක ප්‍රතිලාභ, කොමිස්, වාහන ලාභ හිමිවන වසරක් බව පැවසිය හැක. විවාහ අපේක‍ෂාවෙන් සිටින අයට තවදුරටත් 2016 වසර අවසානය තෙක් එම බලාපොරොත්තු නම් සුන්වන වසරක් බව පෙනේ. එමනිසා ප්‍රේම සම්බන්ධතා කැඩී බිඳී යන වසරක් බැවින්, බුද්ධි ගෝචරව කටයුතු කළ යුතු බව අවබෝධ කරගත යුතුය. ගජකේශරී යෝගය වෘෂභ ලග්න හිමියන්ටද වසර ආරම්භයේදී යෙදේ. කුජ සිකුරු පරිවර්තන යෝගයක්ද ඇතිවේ. 
සෞඛ්‍යය තත්ත්වය යහපත් වන අතර, රැකියාව පිළිබඳව කල්පනාකාරීව කටයුතු කළ යුතු වේ.

ජය අංකය 6 
ජය වර්ණය නිල්.

-------- <<<>>>------------

මිථුන ලග්නය - විදේශ ගමන් ඇතිවේ.

ලග්නාධිපති බුධ 8 වැන්නේත්, රවි 7 වැන්නේත්, ශනි සිකුරු 6 වැන්නේත්, කුජ 5 වැන්නේත්, ගුරු චන්ද්‍ර 3 වැන්නේත්, රාහු 4 වැන්නේත්, කේතු 10 වැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර මිථුන ලග්න හිමියන්ට සෑම අතින්ම සුභ දායක වසරක් බව පැවසිය හැක. මිථුන ලග්න හිමියන්ට මෙම වසරේ විදේශ ගමන් ඇතිවන අතර, පිටරට ස්ථීර පදිංචිය සඳහා අයදුම් කර ඇති අයට එම බලාපොරොත්තු සාක‍ෂාත් කරගත හැකි නව වසරක් වේ. තම බලාපොරොත්තු ඉටු වන අතර, සිය`ඵ බාධක අවහිරතාවයන් මගහැරී යන වසරක් බැවින්, මිථුන ලග්න හිමියන් මෙම වසරේ ආර්ථීක තත්ත්වය අතින්ද ප්‍රබල තත්ත්වයකට පත්වන ලකුණු පෙනේ. ගජකේෂරී යෝගයද පැන නගින අතර, කුජ සිකුරු පරිවර්තන යෝගයද ඇතිවන අතර, එම නිසා තමන්ට අවශ්‍ය මිල මුදල් නොඅඩුව ලැඛෙන වසරක් වේ. මෙතෙක් අතරමග නවතා දැමූ කටයුතු ආරම්භ කිරීමට මෙම වසර මිථුන ලග්න හිමියන්ට සුභ වේ. 
රැකියාවේ වෙනස්කම් ඇති වන අතර, එය තමාගේ දියුණුව පිණිස වේ. වෙන වසර වලට වඩා උසස්වීම් වැටුප් වැඩිවීම් ඇතිවේ. ව්‍යාපාරවල නිරත අයට තමන්ගේ ආර්ථීක තත්ත්වය වෙන වසර වලට වඩා වැඩි දියුණු කරගත හැකි සුභ නව වසරක් වේ. 

ජය අංකය 6 
ජය වර්ණය කොළ.

-------- <<<>>>------------

කටක ලග්නය - ලොතරැයි වාසනා

ලග්නාධිපති චන්ද්‍රයා ගුරු සමග ධනස්ථානයේත්, කුජ 4 වැන්නේත්, ශනි සිකුරු 5 වැන්නේත්, රවි 6 වැන්නේත්, බුධ 7 වැන්නේත්, රාහු 3 වැන්නේත්, කේතු 9 වැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර කටක ලග්න හිමියන්ට ලොතරැයි වාසනා හිමිවන සුභ නව වසරක් බව පෙන්වා දිය හැක. ලග්නාධිපති චන්ද්‍රයා පුණ්‍යස්ථානාධිපති ගුරු සමග සංයෝග වීම නිසා මෙම වසරේ කටක ලග්න හිමියන්ට ලොතරැයි වාසනා හිමිවන බව ඉතාපැහැදිළිය. ගජකේශරී යෝගය උදාවන අතර, කුජ සිකුරු පරිවර්තන යෝගයක්ද ඇතිවන නිසා අනිවාර්යෙන්ම නොසිතූ ධන සම්පත් හිමිවන වසරක් වේ. මැණික් පතල් වල කටයුතු කරන අයට වටිනා මැණික් ලැඛෙන වසරක් බව වැඩිදුරටත් පෙන්වා දිය හැක. 
සෞඛ්‍යය තත්ත්වය තරමක් දුරට අයහපත් වන අතර, ශල්‍යකර්ම ආදියට භාජනය විය හැක. වෙන වසර වලට වඩා මෙම වසරේ කටක ලග්න හිමියන්ට තරහා යන ගතියක් ඇතිවේ. රැකියාවේ වෙනස්කම් ද ඇති වේ.

ජය අංකය 2 
ජය වර්ණය සුදු.

-------- <<<>>>------------

සිංහ ලග්නය - කෝටියක් දෝෂ භංගවේ.

ලග්නාධිපති රවි 5 වැන්නේත්, ශනි සිකුරු 4 වැන්නේත්, ගුරු චන්ද්‍ර ලග්නයේත්, බුධ 6 වැන්නේත්, කුජ 3 වැන්නේත්, රාහු 2 වැන්නේත්, කේතු 8 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර සිංහ ලග්න හිමියන්ට ඇති වී තිබුණු බාධක ඉවත් වී සැනසිලි දායක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වට පිටාව ඇතිවන සුභ නව වසරක් උදාවෙන බව පෙන්වා දිය හැක. අගෝස්තු 11 වෙනිදා දක්වා කරදරයකින් තොරව තව ජීවිකාව ගෙන යා හැකි අතර, මෙම වසරේ අලූතින් නිවාස, ගොඩනැගිලි ඉදි කිරීමට සහ යාන වාහන මිලදී ගැනීමට හැකි සුභ නව වසරක් සිංහ ලග්න හිමියන්ට උදාවේ. රාහු මහා දසා ගතකරන අයගේ පියාට අපල දායක තත්වයක් ඇතිවේ. ගජකේශරී රාජ යෝගය උදාවන අතර, කුජ සිකුරු පරිවර්තන යෝගද උදාවේ. 
රැකියාව අතින් බැලු කල කරදර බාධක ඇති වුවද ගුරු දෙවියන් ලග්නයේ ගමන් කිරීම නිසා එම බාධක ඉවත් වේ. සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ පාද වලට රෝග පීඩා ඇති වන බවයි. 

ජය අංකය 10 
ජය වර්ණය තඹ.

-------- <<<>>>------------

කන්‍යා ලග්නය - හදිසි ධනලාභ.

ලග්නාධිපති බුධ 5 වැන්නේත්, ශනි සිකුරු 3 වැන්නේත්, ගුරු චන්ද්‍ර 12 වැන්නේත්, කුජ 2 වැන්නේත්, රවි 4 වැන්නේත්, රාහු ලග්නයේත්, කේතු 7 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර කන්‍යා ලග්න හිමියන්ට හදිසි ධනලාභ, විදේශ ගමන් යෙදෙන 2016 වසර සුභ නව වසරක් බව පෙන්වා දිය හැක. 9 වැන්නාධිපති සිකුරු සමග 5 වැන්නාධිපති සෙනසුරු වික්‍රමස්ථානයේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර ආර්ථීක ප්‍රතිලාභ රැසක් අත්පත් කර ගත හැකි වසරක් බව පැවසිය හැක. සිය`ඵ සතුරන් පරාජය වන වසරක් වන අතර, පිටරට පදිංචිය සඳහා ඉල්ලූම් කර ඇති යට එම බලාපොරොත්තු ඉටුවන වසරක් වේ. කේතු 7 වැන්නේ ගමන් කිරීම නිසා විවාහ ජීවිතයේ ප්‍රශ්න හා ගැට`ඵ මතුවිය හැක. විභාග වලින් ජය අත්වන වසරක් වේ. 
රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ මෙම වසර කන්‍යා ලග්න හිමියන්ට සුභදායක වසරක් වන බවය. සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ ශල්‍යකර්ම පාදවල ආබාධ ඇති වීමට ඉඩ තිඛෙන බවයි. කන්‍යා ලග්න හිමියන් කොහොඹ වෘක‍ෂයට ආව තේව කිරීම හා වන්දනාමාන කිරීම තුළින් රෝගාබාධ සුවපත් කර ගත හැක. 

ජය අංකය 3 
ජය වර්ණය කොළ.

-------- <<<>>>------------

තුලා ලග්නය - විදේශ ගමන්.

ලග්නාධිපති සිකුරු ධනස්ථානයේත්, කුජ ලග්නයේත්, රවි 3 වැන්නේත්, බුධ 4 වැන්නේත්, ගුරු චන්ද්‍ර 11 වැන්නේත්, රහු 12 වැන්නේත්, කේතු 6 වැන්නේත්, ගෝචර ගමනින් යෙදෙන මෙම වසර තුලා ලග්න හිමියන්ට තවදුරටත් සුභ වසරක් නොවේ. ලග්නාධිපති සෙනසුරු දෙවැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම වසර රාජ්‍ය පාලකයාට මාරක අපල ගෙන දෙන වසරක් බව පෙන්වා දිය හැක. මැති ඇමතිවරු, ප්‍රභූ වරුන්ට එම නිසා මාරක අනතුරු ඇති වන බව පෙන්වා දිය හැක. ධනය අතින් බැලු කල පෙනී යන්නේ තුලා ලග්න හිමියන්ට හදිසි ධන ලාභ ඇති වන බවය. විදේශ ගමන් බහුලවන වසරක් වේ. ලග්නාධිපති ධනස්ථානයේත්, ගුරු 11 වැන්නේත්, ගමන් කරන නිසා වසර ආරම්භයේදී ආර්ථීක තත්වය ඉතා සුභදායී වන බව පැවසිය හැක. ගජකේශරී යෝගයද පැන නැගේ. තුලා ලග්න හිමියන්ට පමණක් මෙම වසර ප්‍රබල ධන යෝග ඇති වන වසරක් බව වැඩිදුරටත් පෙන්වා දිය හැක. ලග්නාධිපතියා සහ ධනස්ථානාධිපතියා අතර ඇතිවන පරිවර්තන යෝගය නිසා ධනය අතින් ඉතා සුපිරි තත්වයකට ලගා වන බව පෙනෙයි. 
ලොතරැයි වාසනාද හිමිවේ. නමුත් මානසික අසහනය තවදුරටත් බලපවත්වයි. සිකුරු මහා දසා ගතකරන බුධ මහා දසා ගතකරන අයට නම් වරදක් නැත. රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ මෙම වසරේ රැකියාවේ වෙනස්කම් රැසක් ඇතිවන බවයි. සෞඛ්‍යය අතින් බැලුකල පෙනී යන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගී තත්වයන් ඇති වේ. මේවා වලක්වා ගැනීමට පුෂ්පරාග මැණික පැලඳීම සුදුසු වේ. 

ජය අංකය 2 
ජය වර්ණය රෝස.

-------- <<<>>>------------

වෘශ්චික ලග්නය - ගජකේශරී රාජ යෝගය උදාවේ.

ලග්නාධිපති කුජ 12 වැන්නේත්, සෙනසුරු සහ සිකුරු ලග්නයේත්, රවි 2 වැන්නේත්, බුධ 3 වැන්නේත්, ගුරු චන්ද්‍ර 10 වැන්නේත්, රාහු 11 වැන්නේත්, කේතු 5 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර වෘශ්චික ලග්න හිමියන්ට මානසික කරදර තවදුරටත් උග්‍ර වන වසරක් බව පෙන්වා දිය හැක. බිරින්දෑවරුන්ගෙන් තම ස්වාමියාට හිරි හැර, තාඩන පීඩන ඇති වන වසරක් වන අතර, කරදර බාධක නොසිතූ ලෙස ඇති වන වසරක් බැවින්, වෘශ්චික ලග්න හිමියන් තම සහකාරියගෙන් ප්‍රවේසම් විය යුතු වේ. විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන්ගේ විවාහ ජීවිතය මෙම වසරේ දෙදරා යාමට ඉඩ තිබේ. 7 වැන්නාධිපති සිකුරු සෙනසුරු සමග ලග්නයේ සැරි සරන නිසා මෙම තත්ත්වයන් වසරේ මුලදී ඇති වුවද ඉන් පසු තරමක් දුරට එම තත්ත්වය මග හැරී යයි. මෙම වසරේ දික්කසාද වන වැඩි හරියක් වාශ්චික ලග්න හිමියන් වේ. මානසික ගැටලූ නිරාකරනය කර ගැනීම සඳහා වෘශ්චික ලග්න හිමියන් තද නිල් මැණික් හා කාක නිල් රිදී ලෝහය සමග පැලඳීම තුළින් මෙම තත්වයන් මග හරවා ගත හැක. නුග බෝධියට තල තෙල් වලින් පහන් පූජා කිරීම යෝග්‍ය වේ. ධන හානිද වෘශ්චික ලග්න හිමියන්ට ඇතිවෙන වසරකි. එම නිසා මෙම වසර වෘශ්චික ලග්න හිමියන් නිවාස සෑදීමට උත්සාහ කළ යුතුය. එවිට ධන හානිය සිදුවන්නේ තමන්ගේ නිවස සෑදීමටය. එය පසුව තමන්ට හොඳ ආයෝජනයක් වේ. මෙවැනි සෙනසුරු ඒරාශ්ටක තියෙන කාල වලදී නිවාස තැනීම ඉතා සුදුසු වේ. එම නිසා මාර්තු 01 වෙනිදා සිට මාර්තු 15 දක්වා නිවාස සෑදීමක් සඳහා මුල් ගල් තැබීම තුලින් එම නිවසේ ශ්‍රියාව ඇතිවේ. 
රාහු මහා දසා ගතකරන වෘශ්චික ලග්න හිමියන්ට පමණක් සුභ පල උදාවේ. 

ජය අංකය 11 
ජය වර්ණය රතු.

-------- <<<>>>------------

ධනු ලග්නය - පෙර පිං පලදේ - විදේශ ගමන්.

ලග්නාධිපති ගුරු ග්‍රහයා චන්ද්‍රයා සමග 9 වැන්නේත්, ශනි සිකුරු 12 වැන්නේත්, බුධ 2 වැන්නේත්, කුජ 11 වැන්නේත්, රාහු 10 වැන්නේත්, කේතු 4 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර ධනු ලග්න හිමියන්ට පෙර පිං පලදෙන වසරක් වේ. ධනු ලග්න හිමියන්ට මෙම වසරේ දීර්ඝ විදේශ ගමන් ඇති වන අතර, පිටරට පදිංචිය සඳහා ඉල්ලූම් කරන අයට වීසා හිමිවේ. උභයචාරී යෝගය වසර ආරම්භයේදීම පිහිටන නිසා ආ ගිය තැන හොඳ පිළිගැනීමක් ඇති වන අතර, තම බලාපොරොත්තු සෑහෙන දුරකට සාර්ථක වන බව පෙනේ. රවි ලග්නයේ ගමන් කරන නිසා වසර මුලදී තරමක් දුරට කේන්ති ස්වභාවයකින් කාලය ගත කරන්නට සිදුවේ. සෙනසුරුගේ ලග්න ඒරාෂ්ටකය පවතින නිසා සෙනසුරු මහා දසා ගතකරන අයට තරමක් දුරට කරදර බාධක ඇති වන අතර, අනෙකුත් මහා දසාවන් ගත කරන අයට සුභ පල උදාවන නව වසරක් වේ. රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ උසස් වීම් නොලැබීම නිසා තරමක් දුරට කල කිරීම් ස්වභාවයක් ඇති වේ. විදේශ ගමන් අධික වේ.
සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ දියවැඩියාව වැනි රෝගාබාධ ඇති වීමේ ප්‍රවනතාවයක් තිඛෙන බවයි. 

ජය අංකය 1 
ජය වර්ණය කහ.

-------- <<<>>>------------

මකර ලග්නය - ඉඩකඩම් සහ හදිසි ධනලාභ හිමිවේ.
ලග්නාධිපති සෙනසුරු සිකුරු සමග අයස්ථානයේත්, බුධ ලග්නයේත්, ගුරු චන්ද්‍ර 8 වැන්නේත්, කුජ 10 වැන්නේත්, රවි 12 වැන්නේත්, රාහු 9 වැන්නේත්, කේතු 11 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර මකර ලග්න හිමියන්ටද සුභ දායී නව වසරක් බව පෙන්වා දිය හැක. හදිසි ධනලාභ, ඉඩකඩම්, නිවාස හිමි වන වසරක් බැවින්, මකර ලග්න හිමියන්ට මෙම වසර සෑම අතින්ම සුභදායී වසරක් බව කිව හැක. අලූතින් ඉඩකඩම් මිලදී ගැනීමට හැකියාව ඇතිවේ. පිටරටන් ආදායම් ලැබිය හැකි වසරකි. ජලයෙන් තරමක් ප්‍රවේසම් විය යුතු වසරක් වේ. වෙනදාට වඩා විනෝදකාමීව කාල ගත කරන වසරක් වේ. පියාට තරමක් අපලදායකය. පොදුවේ ගත් කල මකර ලග්න හිමියන්ට මෙම වසරේ හදිසි ධනලාභ හිමිවන වසරක් බව පෙන්වා දිය හැක. 
රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ උසස්වීම්, වැටුප් වැඩිවීම් ඇතිවන වසරක් බවයි. සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ වකුගඩු හා පිත්තාශය තුළ ගල් ඇති වීමේ ප්‍රවනතාවයක් ඇති වන බැවින්, වෙනදාට වඩා ජලය පානය කිරීම සුදුසු බවය. ශල්‍යකර්ම වලට භාජනය වීමට ඉඩ තිබේ. 

ජය අංකය 11 
ජය වර්ණය තද නිල්.

-------- <<<>>>------------

කුම්භ ලග්නය - වන්දනා ගමන් ඇතිවේ.

ලග්නාධිපති සෙනසුරු සිකුරු සමග 10 වැන්නේත්, රවි 11 වැන්නේත්, බුධ 12 වැන්නේත්, චන්ද්‍ර ගුරු 7 වැන්නේත්, කුජ 9 වැන්නේත්, රාහු 8 වැන්නේත්, කේතු 2 වැන්නේත්, ගෝචර ගමනේ යෙදෙන මෙම වසර කුම්භ ලග්න හිමියන්ට සමපල උදාවන වසරක් බව පෙන්වා දිය හැක. නීතිය හදාරන අයට ඒ සඳහා එම වැඩ පටන් ගැනීමට සුදුසු වසරක් වේ. විවාහ ජීවිතයේ ප්‍රශ්න හා ගැටලූ වලට මුහුණ දීමට සිදුවේ. වෙන වසර වලට වඩා මෙම වසරේ මුරණAඩු ගති වැඩිවේ. ගජකේශරී යෝගය යෙදී ඇති බැවින්, බාධක ජය ගත හැක. අලූතින් නිවාස ඉදි කිරීමට කුම්භ ලග්න හිමියන්ට මෙම වසර සුභ දායක වේ. රවි මහා දසා ගතකරන ගුරු මහා දසා ගතකරන කුම්භ ලග්න හිමියන්ට පමණක් සුභ පල උදාවන අතර, අනෙකුත් අයට සමපල උදාවන වසරක් බව පෙන්වා දිය හැක. රැකියාව ගැන බැලු කල පෙනී යන්නේ මෙම වසරේ එයට බාධක කරදර ඇති නොවන වසරක් ලෙසය. කුම්භ ලග්නයෙන් උපන් අයට මෙම වසරේ දඹදිව වන්දනා ගමන් ඇති වන බව පෙනේ. 
සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ සෙම්ගෙඩි, උගුරේ අමාරු, කතාවේ දුබලතා, උණ, සෙම්පතිශ්ශාව වැනි රෝග සෑදීමේ ප්‍රවනතාවයක් ඇති වසරක් බව පෙනේ. 

ජය අංකය 9 
ජය වර්ණය තද නිල්.

-------- <<<>>>------------

මීන ලග්නය - හදිසි අනතුරු

ලග්නාධිපති ගුරු චන්ද්‍රයා සමග 6 වැන්නේත්, ශනි සිකුරු 9 වැන්නේත්, 10 වැන්නේ රවිත්, 11 වැන්නේ බුදත්, කුජ 8 වැන්නේත්, රාහු 7 වැන්නේත්, කේතු ලග්නයේත් ගෝචර ගමනේ යෙදෙන මෙම වසර මීන ලග්න හිමියන්ට මෙම වසර තුල හදිසි අනතුරු ඇති වන ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බැවින්, රිය පදවන අය වෙනදාට වඩා ප්‍රවේසමෙන් තමන්ට වාහනය පාලනය කරගත හැකි වේගයෙන් එම කාර්ය කළ යුතු වේ. නැතිනම් හදිසි අනතුරු වලට මුහුණ පාන්නට සිදුවේ. උභයචාරී යෝගය යෙදී ඇති බැවින්, වෙන වසර වලට වඩා ජීවන තත්වය උසස් වේ. අගෝස්තු 11 පසුව මීන ලග්න හිමියන්ට වසරේ මුල් කාලයට වඩා වාසි දායක තත්ත්වයක් උදාවේ. රවි මහා දසා ගතකරන බුධ මහා දසා ගතකරන සිකුරු මහා දසා ගතකරන මීන ලග්න හිමියන්ට සුභ පල උදාවන අතර, අනෙකුත් අයට සමපල උදාවන වසරක් බවට පෙන්වා දිය හැකිය. 
රැකියාව අතින් බැලු කල පෙනී යන්නේ උසස්වීම්, වැටුප් වැඩිවීම්, ඇති වන වසරක් බවයි. සෞඛ්‍යය අතින් බැලු කල පෙනී යන්නේ අධික රුධිර පීඩනය ඇති වීමට ඉඩ ඇති වසරක් වේ. වෙනදාට වඩා ශරීර ශක්තිය අඩු විය හැක. 

ජය අංකය 2 
ජය වර්ණය කහ.
Posted by Unknown On 2:30 AM


=====මේෂ ලග්නය =====

නව පුද්ගල සම්බන්ධතා. 

පසුගිය කාලය තුළ පැවති කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරන තත්වය අඩුවේ.එතුලින් ඇතිවූ අවාසි තත්වයන් ද ක්‍රම ක්‍රමයෙන් පහව යනු ඇත.නව පුද්ගල සම්බන්ධතා ඇතිවේ.ඒ තුලින් වාසි සහගත තත්වයන් ඇති වේ.කුජ මෙම සතියේ තම නක්ෂත්‍රයකටම පිවිසෙන බැවින් වාසි සහගත බවක් අත්වේ.

ධනය - හදිසි ධන ලාභ හා ලොතරැයි දිනුම් ආදියට වැඩි ඉඩකඩක් පවතී.තැන්පත් ධනය තර කරගැනීමට ද හැකිවේ.

රැකියාව - යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන් තරමක් ප්‍රවේශම් වන්න.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.ඉක්මන් ස්වභාවයන් පාලනය කර ගන්න.

අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.තම හිතවතුන්ගේ උදව් උපකාර ද හිමිවේ.

යුග සැපත - නව පෙම් සබඳතා ඇති කර ගැනීමේ අවස්ථා යෙදෙනු ඇත.නිවාස තුළ සතුට සාමය හා ප්‍රීතිය ඇති කරවන කාලයකි.නෑ හිතවතුන්ගේ සහය ලැබේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට ආහාර අජීර්ණ තත්ව ඇතිවිය හැකිය.

ජය අංකය -03
සුබ දිනය - බදාදා 
----------------------------------------------------------------------------

=====වෘෂභ ලග්නය =====

උගත් ඇසුරක් ඇතිවේ. 

ලග්නාධිපති සිකුරු මෙම සතියේ ගුරු හිමි විසා නැකතින් ශනි හිමි අනුර නැකතට පැමිණෙන අතර එබැවින් තරමක ආවේගශීලී බවක් ඇති කරයි.තවදුරටත් ඉවසීම ප්‍රගුණ කල යුතු කාලයකි.මිත්‍ර ඇසුර මත වාසි අත්වේ.පරම්පරා උරුම හිමිකම් පිලිබඳ යම් ගැටළු තත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව පරීක්ෂාකාරී වන්න.

ධනය - නව ජීවනෝපාය මාර්ග විවර වන මුත් වැය පක්ෂය ඉහළ යා හැකිය.උගත් ඇසුර නිසා ධන වාසි හිමිකර ගත හැකි කාල වකවානුවකි. 

රැකියාව -රැකියා ස්ථානයේ වැඩ කටයුතු කෙරේ වෙනදාට වඩා දැඩි උනන්දුවක් ඇතිවිය හැකි සමයකි.අන් අයගේ උදව් උපකාර නිරතුරුව හිමිවේ.

අධ්‍යාපනය -නව දේ ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.

යුග සැපත - ඥාතීන් සම්බන්ධ කරදර ප්‍රශ්ණ ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර යුග සපත හා පෙම් පැතුම් සපල කරගත හැකිවේ.දරුවන් නිසා සතුටු විය හැකි වටපිටාවක් ඇතිවේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.දණහිස් ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -09
සුබ දිනය - අඟහරුවාදා 

----------------------------------------------------------------------------

=====මිථුන ලග්නය===== 

අතිරේක ආදායම් මාර්ග හිමිවේ. 

ලග්නාධිපති බුධ 7 වැන්නේ සිටිමින් ගුරුගේ දෘෂ්ටියට හසුවන මෙම සතිය තම නිර්භීතභාවය හා දක්ෂතා මත පල ප්‍රයෝජන රාශියක් හිමි කරගත හැකිවන කාලයකි.නමුත් තම නියම මිතුරන් හඳුනාගැනීමට උත්සුක වන්න.සඳු ලග්නගත වන බැවින් සිතට සැනසිලි දායක තත්වයක් උදාවේ.

ධනය - ලැබීම් වලට යහපත්ය.නමුත් වියදම් අධික වීම නිසා ඉතිරිය අඩුවේ.

රැකියාව - උගතුන් හා කතාබහ කිරීමේ දී උපායශීලී වීමට වගබලා ගන්න.රැකියා ස්ථානයේ මිතුරන්ගේ සහය හිමිවේ.

අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. විභාග ආදියෙන් ජය ගත හැකිවෙයි.පැවති උනන්දුව සති අගදී අඩුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

යුග සැපත - සතියේ මුල් දින ඉතාමත් යහපත් වන අතර දරුවන් සම්බන්ධව යහපත් දේ අසන්නට ලැබේ.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.

සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන අතර හිසේ අමාරු හා තුනටිය අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය - සෙනසුරාදා 

----------------------------------------------------------------------------

=====කටක ලග්නය =====

නව රැකියා බලාපොරොත්තු සාර්ථක වේ. 

සතිය ආරම්භයේදීම ලග්නගත වන සඳු නිසා සිතට සහනයක් සහ ආත්ම විශ්වාසයක් ගෙනදෙයි.සම්මුඛ පරීක්ෂණ ආදියේ ජය ඇති වන අතර නව රැකියා බලාපොරොත්තු සාර්ථක විය හැක.සති අග වන විට කාර්යබහුල වන අතර යහපත් දේ අසන්නට ලැබේ.

ධනය - තැන්පත් ධනය වැය විය හැකි සතියක් වන අතර නව මිතුරන් මගින් ධන වාසි අත්වේ.

රැකියාව - අලෙවිකරණය රසායනික හා කෘෂිකර්මාන්ත ආශ්‍රිත රැකියා ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.

අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් තවදුරටත් අදහස් වෙනස් වන බැවින් සිත එක අරමුණක තබා ගැනීමට උත්සාහ ගන්න.සතිය මුල විශේෂයි.

යුග සැපත - නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවක් පෙන්වයි.ළඟින් ඇසුරු කරන්නන් ගැන සැලකිලිමත් වන්න.

සෞඛ්‍ය - හන්දිපත් අමාරු, හෘද රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -04
සුබ දිනය - ඉරිදා 

----------------------------------------------------------------------------

=====සිංහ ලග්නය===== 

නව ව්‍යාපාර වලට සුබයි. 

රවි ගුරු පරිවර්තන යෝගය තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් එදිනෙදා කටයුතු වෙනදාට වඩා වැඩි උනන්දුවකින් සහ මහත් ඕනෑකමකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි.හිතවතුන්ගේ සහයද හිමිවේ.ප්‍රසිද්ධියට තම සහජ දක්ෂතා හා ක්‍රීඩා හැකියාවන් ඉදිරිපත් කිරීමට යහපත් සතියක් වනු ඇත.

ධනය - ආර්ථික ගැටළු වලට විසඳුම් ලැබේ .හිතවතුන් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවේ.

රැකියාව - රාජකාරී කටයුතු කාර්යබහුල වන අතර නව රැකියා සඳහා අවස්ථා හිමිවේ.

අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදා පැවති උනන්දුව තරමක් අඩුවිය හැකි අතර සති අග වන විට පොත පත කෙරෙහි උනන්දුව වැඩි වී යයි. 

යුග සැපත -පෙම් කරන්නන් හට තවදුරටත් සුබදායී වටපිටාවක් සැකසීමට ඉඩ ඇතිවිය හැකිය.ගමන් බිමන් අධික වේ.දරුවන් හා සම්බන්ධ කටයුතු වල උනන්දුව වැඩි වේ.

සෞඛ්‍ය - හදිසි හිසේ කැක්කුම් වාත අමාරු ආදියට ඉඩ ඇත.පැවති රෝග සුව අතට හැරේ.

ජය අංකය -01
සුබ දිනය - ඉරිදා 

----------------------------------------------------------------------------

=====කන්‍යා ලග්නය===== 

ජන්ම හැකියාවන් තුලින් විශේෂ වාසි. 

ශනි හිමි මකරයට ලග්නාධිපති බුධගේ පැමිණීමත් සමඟ විවිධ පුද්ගලයින්ගෙන් නිරන්තර ආධාර උපකාර හිමිවන කාල වකවානුවකි.වැඩි දුරටත් උත්සාහ වන්ත වීම තුලින් විශේෂ වාසි අත්කර ගත හැකිවනු ඇත.

ධනය - නව ජීවනොපයන්ට උරුම හිමිකම් පවතී.ඉතිරිකිරීම් සඳහා සුබදායකයි.

රැකියාව - අධ්‍යාපන, ඇඟළුම් ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උසස් අයගෙන් උපකාර ලැබේ.රාජ්‍ය සේවයේ නියුතු අයට යහපත්ය.

අධ්‍යාපනය -කාර්යබහුල බවක්ද ඇතිවේ.සති අග වන විට අවිවේකී බව වැඩි නිසා කටයුතු තරමක් අතපසු විය හැකිය.ජයග්‍රහණ හිමිවේ.

යුග සැපත - මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන් තුළ ඔවුන් සම්බන්ධව සැකයන් ඇතිවිය හැකිය.දරුවන්ට යහපත්ය.අඹු සැමි සබදතා තරවේ.

සෞඛ්‍ය - උදරාබාධ තත්වයන් තවදුරටත් ඇතිවිය හැකිය.සමස්තයක් ලෙස යහපත් වටපිටාවක් නිර්මාණය වේ.

ජය අංකය -02
සුබ දිනය - සඳුදා 

----------------------------------------------------------------------------

=====තුලා ලග්නය===== 

උසස් අධ්‍යාපනයට යහපත්. 

සිකුරු ලග්නගතව බලවත් වෙමින් මාලවී ආර්ථිකයේ සංවර්ධනයක් ඇතිවන අතර නිවාස හා ඉඩකඩම් සම්බන්ධව නිවාස හා ඉඩකඩම් මිලදී ගැනීම කෙරෙහි ඇති උනන්දුව වැඩි වේ.ඒ සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි වශයෙන් යොමුවේ. 

ධනය - වැයපස ඉහල යයි.ණය තුරුස් වීමටද සිදුවිය හැකියි.වියදම් සීමා කරන්න.

රැකියාව - හෝටල් කර්මාන්ත හා අධ්‍යාපන් ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු අයට වඩාත් යහපත්ය.රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.

අධ්‍යාපනය -විනෝදය සඳහා වැඩි කාලයක් ගතවන අතර සමහර කටයුතු අතපසු වීමට පුළුවන.

යුග සැපත - අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.අවිවාහකයින්ට මංගල යෝග උදාවේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.හෘද රෝග හා පෙනහළු ආශ්‍රිත රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න 

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා 

----------------------------------------------------------------------------

=====වෘශ්චික ලග්නය===== 

රැකී රක්ෂාවන්හි ප්‍රගතිය. 

ජීවිතයට සම්බන්ධව තිබූ විසඳාගත නොහැකි ප්‍රශ්ණයක් විසඳාගැනීමට හැකිවේ.එතුලින් මනසට විශාල සහනයක් ද ලැබෙනු ඇත.නව ජීවනෝපායන් කෙරේ සිත යොමු වීමටද සුදුසු කාල වකවානුවකි.

ධනය - ධන ලාභ සතිය අග වන විට හිමිවේ.නමුත් සැලකිය යුතු මට්ටමට ළඟා වීම ප්‍රමාද කරවයි.

රැකියාව - කාර්මික ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.හොඳ හිත වර්ධනය වන කාල සීමාවකි.

අධ්‍යාපනය - මන්දගාමී අලස ගති ඇති කරවයි.සති අග වනවිට එම තත්වයන් තුරන්ව යනු දැකිය හැකිය.

යුග සැපත - .ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර යම් මත භේද ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.දරුවන් තරමක් මුරණ්ඩු විය හැකිය 

සෞඛ්‍ය - හෘද රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා

----------------------------------------------------------------------------

=====ධනු ලග්නය =====

ස්ථානගත උරුම හිමිකම් වලට සුබයි. 

ගුරු නවවෙනි භාවයේ උත්‍රපල් නැකතෙහි ගමන් කරන මෙම සතිය තුල මුදල් හා තෑගි බෝග හිමිවීමටත් සමාජයේ ප්‍රමුඛ ස්ථානයක් ලැබීමටත් හේතුවන කරුණු ගණනාවක් යෙදේ.ආගමික වතාවත් සහ ඒ සම්බන්ධ කටයුතු වලට නැඹුරු වේ.

ධනය -ආදායම් තත්වය යහපත්ය.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩකඩ වැඩිය.

රැකියාව - .නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතවතුන්ගේ උදව් උපකාර නිරතුරුව තම කටයුතු සාර්ථක කරගැනීමට හිමිවේ.

අධ්‍යාපනය -විභාග ජය හිමිවේ.විද්‍යා හා ගණිත අංශයන්හි ඉගෙනුම ලබන අයට විශේෂයි.

යුග සැපත - .අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.නිවසේ උත්සව ආදිය ඇතිවිය හැකිය

සෞඛ්‍ය - පැවති රෝගාබාධ යහපත් අතට හැරේ.යහපත් සෞඛ්‍යමය තත්වයක් ඇතිවේ

ජය අංකය -01
සුබ දිනය - ඉරිදා 

----------------------------------------------------------------------------

=====මකර ලග්නය =====

සමාජයේ පිළිගැනීමට ලක්වේ. 

ලග්නාධිපති ශනි මෙම සතිය මැද දෙට නැකතට පැමිණීම මත අන්‍යන්ගේ සතුට වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවේ.දුර බැහැර ගමන් බිමන්ද නිතර නිතර යෙදේ.එතුලින් වාසි අත්විය හැකිය.

ධනය - ඉතිරිකිරීම් වලට ඉඩකඩ සැලසේ .නමුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.

රැකියාව -.විනෝදයට වැඩිපුර ගතවන කාලය අඩු කරන්න.නීතිමය වශයෙන් රැකියාවට තිබූ බාධා ඉවත්වේ.වචනය ඉක්මන් නොකරන්න.

අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග මන්දගාමී ස්වභාවයන් ඇතිවේ.

යුග සැපත -.මිත්‍ර සබදතා පෙම් සබදතා ලෙස වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැය පස අධික වේ

සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ තවදුරටත් සැලකිලිමත්වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා

----------------------------------------------------------------------------

=====කුම්භ ලග්නය =====

විදේශ රැකියාවන්ට සුබයි . 

දෙට නැකතට පැමිණෙන ලග්නාධිපති සෙනසුරුත් අයස්ථානගත බුධත් නිසා මෙම සතිය මිශ්‍ර පලදායී ප්‍රතිපල ලැබෙන සතියකි.සතුරු බලවේග මර්ධනය කරගැනීමේ ශක්තිය හිමිවේ.සමාජයේ කැපී පෙනීමක් ඇතිවේ.

ධනය - වැය පක්ෂය ඉහල යන අතර අතේ මුදල් රැඳීම ද අඩුය.ඉතිරිකරගත් ධනය ද වැය වන සැටියක් පෙන්වයි.

රැකියාව - සංචාරක සේවා හා සෞඛ්‍ය අංශයන්හි නිරතවන අයට වාසි අත්පත් වන අතර එතුලින් ජය හිමිවේ.තමාට අවනත නොවූ අයද අවනත වේ.

අධ්‍යාපනය -යහපත්ය.තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.

යුග සැපත -.දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.අඹු සමිසමගිය යහපත්වේ.

සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.සුළු අසනීප හැරුණු කොට සෞඛ්‍ය තත්වය යහපත්ය.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා 

----------------------------------------------------------------------------

===== මීන ලග්නය =====

රැකියා අඩුපාඩු සම්පුර්ණ වේ. 

ගුරු මෙම සතියෙත් තම සතුරු ස්ථානයේ ගමන් අරඹන මුත් කලක සිට පැවති බාධා කරදර බොහොමයක් ඉවත්වී යන සතියකි.දියුණුව උදෙසා අත ගසන කාර්යයන් බොහොමයක් සාර්ථක භාවයට පත්වේ.කාර්යබහුල සතියකි.ආගමික කටයුතු සඳහා වැඩියෙන් නැඹුරු වේ.

ධනය - නව ආයෝජන වලට යහපත්ය.තැන්පත් ධනය වැය වීමට කරුණු ගෙන දේ.

රැකියාව - රැකී රක්ෂාවන් වෙනුවෙන් විවිධ කැපකිරීම් කිරීමටද සිදුවේ.නමුත් එයින් ඔබට යහපතක් සිදුවේ.කේලම් කියන්නන්ගෙන් ප්‍රවේශම් වන්න.සති අග වනවිට රැකියාවේ තෘප්තිමත් බවට පත්විය හැකිය.ව්‍යාපාරිකයින්ට සුබයි.

අධ්‍යාපනය - සති අග වන තෙක් මන්දගාමී ස්වභාවයක් පෙන්වන මුත් තම දක්ෂතා එලි දැක්විය හැකි කාලයකි.නව අත්හදා බැලීම් වලට යහපත්ය.

යුග සැපත - අඹු සැමි සබදතා තර වේ.පෙම් කරන්නන්ට යහපත් කාලයකි.ඈත ගමන් බිමන් වලදී ප්‍රවේශම් වන්න.දරු ඵල අපේක්ෂා කරන අයට සුබයි.නෑදෑ හිතමිතුරන්ගේ උපකාර හිමිවේ.

සෞඛ්‍ය - ඌෂ්ණාධික හා කැස්ස උරහිස් අමාරු තත්වයන් තවදුරටත් ඇති කරවයි.කල්ගතවූ රෝග සුව අතට හැරේ.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 
Posted by Unknown On 3:46 AM



  • මේෂ ලග්නය 


ආත්ම විශ්වාසය හා ධෛර්ය ගොඩනැඟේ.

උත්සාහය තුලින් වාසි සහගත තත්ව රැසක් ඇතිවිය හැකිය.දැඩි ආත්ම ශක්තියකින් යුතුව එදිනෙදා මුහුණ දිය යුතුවේ.කුජගේ නවාංශක සහ රාශි වශයෙන් දුර්වල බව නිසා මන්දගාමී ස්වභාවයක් නිතර සිත තුල ඇතිවේ.නව ආයෝජන වලින් ජය ලැබෙන කාල වකවානුවකි.ආර්ථිකය සම්බන්ධව යහපත් තීන්දු තීරණ ගැනීමට වගබලා ගන්න.

ධනය - ලැබීම් වලට යහපත්ය.මුල් දින කිහිපය පසුවත්ම ඉතිරියක් කෙරෙහි උනන්දු විය හැකිය.

රැකියාව - අධ්‍යාපන, හෝටල් හා කාර්මික අංශයන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.

අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ගත හැකිවෙයි.

යුග සැපත - යහපත් සිතුවිලි වර්ධනය වන කාලයකි.විනෝද ගමන් වන්දනා ගමන් සඳහා යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.මංගල යෝග උදාවේ.

සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 



  • වෘෂභ ලග්නය 


තරඟකාරී අභියෝග රැසක්.

සතිය මැද වත්ම ලග්නාධිපති සිකුරු නවාංශක වශයෙන් බලවත්ව ඇරඹෙන සතිය තුල විශේෂ හිතවතුන් හා සබඳතා නිසා ආර්ථික වාසි රැසක් ඇති කරවන කාලවකවානුවක් වන අතර යහපත් ප්‍රතිපල රැසක් ඇතිවේ. කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි කාරණා රැසක් ඉටුවේ.

ධනය - ධන වාසි අත්වන නමුත් වියදමද වැඩිවිය හැකිය.සති අග වනවිට එම තත්වය වෙනස් වේ.

රැකියාව - අධ්‍යාපන කාර්මික ගොවිතැන් ආශ්‍රිත ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.

අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් සිත එක අරමුණක තබා ගැනීමට තරමක් අපහසු විය හැකිය.සති අග වන විට තත්වය වෙනස් වේ. 

යුග සැපත - නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි. සතුරු කරදර හීන වී යයි. අඹු සැමි සබදතා යහපත් වේ. පවුලේ ප්‍රිය සාද ඇතිවේ.

සෞඛ්‍ය - හන්දිපත් අමාරු, උරහිස් අමාරු හා සෙම් රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා 



  • මිථුන ලග්නය 


හිතමිතුරන්ගේ සහය හිමිවේ.

බුධ තම ලග්නය වූ මිථුනය දකිමින් ගමන් කරන මෙම සතිය තුල තම සහජ දක්ෂතා හා හැකියාවන් තුලින් ඉදිරියටම යා හැකිය.දෛනික කාර්යයන් බොහොමයක් සාර්ථක වේ.මිල මුදල් වැය වීම අධික වන බැවින් පාලනයක් කල යුතුවේ.නමුත් ලැබීම් වලට යහපත් සතියකි.

ධනය - ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.වැය පස අධිකවේ.

රැකියාව - රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.කාර්මික කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.

අධ්‍යාපනය -යහපත්ය. සුළු බාධා වීම් මුල් දිනවල ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.

යුග සැපත - පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.මුරණ්ඩු ගැතිද යෙදේ.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටත් කටයුතු සාර්ථක කරගැනීමටත් යහපත් වටපිටාවක් නිර්මාණය වේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකිය.උදරාබාධ ඇතිවිය හැකිය.

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා 



  • කටක ලග්නය 


පෙර පින් මතුවේ.

සඳු 8 වන භාවයෙහි ගමන් කරන මුල් දින කිහිපය තුළ ඉවසීම තරමක් ප්‍රගුණ කල යුතුය.සිතේ කලකිරීම් ස්වභාවයන් ඇතිවිය හැකිය.ආක්‍රමණශීලීව කටයුතු කරනු ලබයි.නමුත් සතිය මද වන විට සඳු 9 වැන්නේ තැන්පත්ව සිටීම මත පෙර පින් ඉස්මතුවේ.ගන්නා සෘජු තීන්දු තීරණ යහපතට හේතු වනු ඇත.බොහෝ විට තම නිදහස් අදහස් ජය මාවත කෙරෙහි යොමු කරවනු ඇත.

ධනය -ධන වාසි අත්වේ.නමුත් වැය පක්ෂය ඉහළ යා හැකිය.ව්‍යාපාර කටයුතු ආදියෙහි නිරත වන්නන්ට වාසි අත්වේ.නිහඬ ලැබීම් වලට හිමිකම් පවතී.

රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.තනතුරු ලාභ බලාපොරොත්තුව සිටින්නන් හට එම ලාභ අත්වේ.උසස් නිළධාරීන්ගෙන් වාසි අත්වේ.

අධ්‍යාපනය - ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.

යුග සැපත - වැඩිහිටි අයගේ උදව් උපකාර නොමඳව හිමිවේ.දරුවන් සම්බන්ධ කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.දණහිස් ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 



  • සිංහ ලග්නය 


හැකියාවන්ගෙන් ප්‍රසිද්ධියට පත්වේ.

රවි හා ගුරු අතර පවතින පරිවර්තන යෝග තත්වය ඔබට ඉතාම යහපත්ය.උද්‍යෝගය හා කර්යශුරත්වය වැඩි වන අතර නිරන්තරයෙන් උසස් පුද්ගලයින් හා සබඳතා ඇතිවේ.කරගෙන යන කටයුතු වලට බාධා ඇතිවුවත් හිතවතුන්ගේ සහය ලැබීම හා තම හැකියාවන් මත නොසිතූ කාර්යයන් රැසක් ඉටු කරගැනීමට හැකිවනු ඇත.

ධනය - ලැබීම් වලට යහපත්ය.මිතුරන් වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීමට කරුණු යෙදේ.

රැකියාව - විශේෂ වරප්‍රසාද හිමිවන අතර රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.උසස්වීම් ආදියට යහපත්ය.

අධ්‍යාපනය -හිතමිතුරන්ගේ උදව් උපකාර හිමිවේ.අළුත් දේ ඉගෙනීමට සිත යොමු කරවීමට සුදුසු කාලයකි.

යුග සැපත - අවිවාහක අයට මංගල යෝග යෙදේ.අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත. 

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් හා උදරගත අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න 

ජය අංකය -01
සුබ දිනය - ඉරිදා 



  • කන්‍යා ලග්නය 


කතාව නිසා අන්‍යන්ගේ උපකාර හිමිවේ.

බුධ 4 වැන්නේ තැන්පත්ව සිටීම මත ඉඩකඩම් ආශ්‍රිත අතපසු වූ කාර්යයන් බොහොමයක් ඉටු කර ගත හැකිවනු ඇත.ගුරුගේ වැය ස්ථාන ගතවීමත් සඳුගේ පරිවර්තනයත් මත සුබ පල අවම කලද වෘත්තීය ජීවිතයට එය මහත් රුකුලක් වනු ඇත.වේගවත් වචන භාවිතා කරයි.සෘජු තීන්දු තීරණ ගනියි.එමගින් අන්‍යයන්ගේ උපකාර නොමදව හිමිවනු ඇත.

ධනය -ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගෙන යාමට හැකිවේ.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩ ඇත.

රැකියාව - සංචාරක සේවා හා අධ්‍යාපන අංශයන්හි නිරතවන අයට වාසි අත්වේ.වෘත්තීය අංශයන්ගෙන් ඉදිරියටම යා හැකිය.වචනය පිළිබඳව ප්‍රවේශම් වන්න.

අධ්‍යාපනය -බාධා අවමවේ.උනන්දුව හීන වීමක් සතිය මුලදී ඇතිවිය හැකි නමුදු විභාග ජය අත්වීමට නියමිතයි.

යුග සැපත - දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.ප්‍රිය සම්භාෂණ යෙදේ.

සෞඛ්‍ය - හෘද රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා 



  • තුලා ලග්නය 


තරඟකාරීත්වය තුලින් ජයග්‍රහණ අත්වේ.

සිකුරු ලග්නගතව බලවත්ව සිටීම තුල ඔබගේ පෞර්ෂය මෙන්ම නායකත්වය නිරතුරුව හිමිවන අතර එමඟින් විශේෂ වාසි රැසක් අත්වේ .පිරිස් අතර ප්‍රසිද්ධියට පත්වේ.උත්සාහවන්ත වීම තුලින් විශේෂ වාසි රැසක් අත්වේ.තරඟකාරී කටයුතු වලින් සැමවිටම ජයග්‍රහණය අත්වීමට නියමිතයි.

ධනය - ආර්ථිකය යහපත්ය.හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීමටත් වියදම් කිරීමටත් නිතර සිදුවේ.

රැකියාව - වැටුප් වැඩිවීම් සහ උසස්වීම් හිමිවීමේ ඉඩකඩක් පවතී.යහපත් රැකියා වටපිටාවක් නිර්මාණය වේ.

අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනී යන අතර විභාග ජය සම්මුඛ පරීක්ෂණ ජය අත්වනු ඇත.

යුග සැපත -පෙම් කරන්නන් හට සුබදායී වටපිටාවක් සැකසේ.ගමන් බිමන් අධික වේ.දරුවන් හා ගත කරන කාලය අඩුවේ.

සෞඛ්‍ය - හිසේ කැක්කුම් උදරා බාධ ආදියට ඉඩ ඇත.පැවති රෝග සුව අතට හැරේ.



  • වෘශ්චික ලග්නය 


වෘත්තීය සබඳතා මඟින් වාසි අත්වේ.

කුජ අයස්ථාන ගත වෙමින් උපචය ස්ථානයක සිටීම මත උසස් පුද්ගල ඇසුර හා එමගින් වාසි රැසක් අත්වේ.අන් අයගේ හොඳ හිත දිනාගනී.නව හිත මිතුරන් හඳුනාගත හැකි කාල වකවානුවකි.උත්සාහය තුලින් වාසි රැසක් හිමිවේ.එනමුදු ශනිගේ ලග්න ගත ගමන තුල ඔබට හිමිවන සුබපල වල යම් අවම කිරීමක් දක්නට ලැබේ.

ධනය - ධන ලාභ සතිය අග වන විට හිමිවේ.ආයෝජන සඳහා යොමුවීමට සුදුසුය.

රැකියාව - හෝටල් ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.ගැටළු ඇතිවීමට අවස්ථා උදාවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට වඩා යහපත් වේ.

යුග සැපත - පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැය පස අධික වේ.

සෞඛ්‍ය - රෝගාබාධ යහපත් අතට හැරේ.හන්දි අමාරු ඇති අය ප්‍රවේශම් වන්න

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා



  • ධනු ලග්නය 


අන්‍යන්ගේ ගෞරවය හා සැලකිල්ල.

ගුරු නවවන භාවයේ සිටිමින් ලගනයත් ලග්න ගත රවිත් දකිමින් උදාවන පරිවර්තනයත් සමඟ නව සබදතා වැඩි දියුණු කරගැනීමටත් අන්‍යන්ගේ ගෞරවය හා ආදරයටත් පත්වීමට හැකිවේ.ආගමික කටයුතු කෙරේ දැඩි ඇල්මක් සහ ඉඩකඩක් ඇතිවේ.බොහෝ දෙනා අතර හොඳ හිත සුහදතා වර්ධනය වේ.පෙර පින් මතුවන වාසනාව මතුවන සතියකි.

ධනය - ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට කෘෂිකාර්මික අංශයන්ට ධනය යෙදවීමට සහ එතුලින් ආදායම් ලැබීමට යහපත්ය.

රැකියාව - අධ්‍යාපන, හෝටල් ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උගතුන්ගේ උපදෙස් හා උපකාර ලැබේ. 

අධ්‍යාපනය -කාර්යබහුල බවක් ඇතිවේ.සති අග වන විට යහපත් ප්‍රතිඵල අත්වේ.විභාග හා සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ හිමිවේ.

යුග සැපත - ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන්ට සුබයි.දරුවන්ට යහපත්ය.ඔවුන් කෙරේ වැඩි කාලයක් ගත කරනු ඇත.මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.

සෞඛ්‍ය - ඌෂ්ණාධික ස්වභාවයන් හා උදරගත රෝග තවදුරටත් ඇතිවිය හැකිය.


ජය අංකය -01
සුබ දිනය - ඉරිදා 



  • මකර ලග්නය 


ව්‍යාපාර වාසනාව හිමිවේ.

ශනි උපචය ස්ථානයක් වන අයස්ථානයේ ගමනත් තමාට හිමි අනුර නැකතෙහි ගමන් කිරීමත් යන කාරණා මත එදිනෙදා ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ.නමුත් සැමවිටම ජයග්‍රහණය තමාට හිමිය.නව බලාපොරොත්තු බොහොමයක් ඉටු කරගත හැකිවේ.හවුල්කරුවන්ගේ සහ මිතුරන්ගේ උදව් උපකාර හිමිවේ.

ධනය - වැය පක්ෂය ඉහල යන නමුත් අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අගවත්ම යහපත් අතට හැරේ.

රැකියාව - නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.නව ව්‍යාපාරයන්ට සුබයි.හිතුවක්කාරී තීරණ ගැනීමට සිතේ.හිත මිතුරන්ගේ උදව් උපකාර නිතර හිමිවේ.උගතුන් ඇසුරට ලැබේ.

අධ්‍යාපනය -තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.

යුග සැපත - අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.දුර බැහැර ගමන් ඇතිවේ.

සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.පාද ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා



  • කුම්භ ලග්නය 


නායකත්වය නිසා වාසි ලැබේ.

7 වැන්නාධිපති රවි හා ගුරු අතර පරිවර්තනයත් ලග්නාධිපති ශනිගේ කර්මස්ථාන ගතවීමත් මත නව මිතුරන් හඳුනාගැනීමට හැකිවේ.ඔවුන්ගෙන් එදිනෙදා කටයුතු වලට උදව් උපකාර හිමිවේ.වෘත්තීයමය අංශයන් වෙනුවෙන් දැඩි සේ කැපවේ.ඒ ඔස්සේ ඉදිරියට යා හැකි කාලවකවානුවක් වනු ඇත.

ධනය - වැය පක්ෂය ඉහල යන නමුදු අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අග විශේෂයි.

රැකියාව - හිතුවක්කාරී තීරණ ගැනීමට පෙළඹිය හැකිය.අන්‍ය මත ඉවසීමෙන් කටයුතු කිරීම යහපත්ය.

අධ්‍යාපනය -යහපත්ය.තරඟ විභාග වලින් ජය ලැබේ.සති අග විශේෂයි.

යුග සැපත - අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.අවිවාහකයින්ට මංගල යෝග යෙදේ.

සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.උදරාබාධ ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා 



  • මීන ලග්නය 


අභියෝග වලට මුහුණ දේ.

ගුරු හයවැන්නේ සතුරු ස්ථාන ගත බැවින් අභියෝග රැසක් එල්ලවන අතර ඒවායින් ජය ගත හැකිවේ.කේතු තව දුරටත් ලග්න ගතව සිටින බැවින් නිහඬ බවක් නිතර පෙන්නුම් කරවයි.රැකියාවෙන් බොහෝ ඉදිරියට යා හැකි සතියකි.මිතුරන්ගේ සහ හිතවතුන්ගේ සහය හිමිවනු ඇත.

ධනය - ඉතිරිකිරීම් වලට වැඩි ඉඩකඩක් ඇති වන මුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.

රැකියාව -.රැකියාවට තිබූ බාධා ඉවත්වේ.අන් අයගේ සහයෝගය හිමිවේ.උසස්වීම් වලට සුදුසු වටපිටාවක් නිර්මාණය වේ.

අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග වනවිට එයින් සුබදායී ප්‍රතිපල හිමිවේ.

යුග සැපත -.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර හොඳ හිත ඇතිවිය හැකිය.දරුවන් කෙරෙහි වැඩි කාලයක් ගත කරනු ඇත.

සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ සැලකිලිමත්වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
Posted by Unknown On 7:09 PM



  • මේෂ ලග්නය


ආවේගය පාලනය කරගන්න. පෙර පින් මතුවේ.

සතුරු බාධක ඉබේටම ඇති වන, ආවේගය හැකිතාක් පාලනය කර ගත යුතු කාලයකි. මෙලොව මෙන්ම පරලොව සුභසිද්ධිය පිණිය මිල මුදල් වැය වන කාලයකි. මිතුරන් සමග පී‍්‍රතියෙන් ගත කරයි. සතියේ මුල ගේ දොර ඉඩ කඩම් වලට අදාල යම් මිලදීගැනීමක් සංවර්ධනයක් අළුත් වැඩියාවක් ඉටුකරගැනීමට හැකිවේ.14 සහ 16 දෙදින ශුභයි.ලග්නාධිපති කුජ තමන්ට හිමි සිත නක්ෂත්‍රයේම ගමන් කරන මේ සතිය වෙනදාට වඩා උද්වේගකර යහපත් සතියකි.චන්ද්‍රයාගේ 9 වන්නේ ගමන් කිරීම මත පෙර පින් මතු කරවන සතියකි.

ධනය - ලැබීම් වලට යහපත්ය.හවුල් ව්‍යාපාර වලට ශුභයි.ඉතිරිකිරීම් වලට වඩාත් යහපත්ය.

රැකියාව - හවුල් ව්‍යාපාර වලට ශුභයි.උගත් ඇසුර මිත්‍ර ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.

අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ගත හැකිවෙයි.

යුග සැපත - යහපත් සිතුවිලි වර්ධනය වන කාලයකි.විනෝද ගමන් වන්දනා ගමන් සඳහා යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.මංගල යෝග උදාවේ.පේ‍්‍රම සම්බන්ධතා කෙරෙහි සිත් පහල වන අතර එවැනි කටයුතු සඳහා තම ආකර්ෂණය වැඩි වේ.

සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.ශරීරය සිසිල්ව පවත්වාගෙන යා යුතුය. වැඩිපුර වතුර පානය කිරීම යහපත්.

ජය අංකය -03
සුබ දිනය - සඳුදා / බදාදා 



  • වෘෂභ ලග්නය


ඇසුරු කරන්නන් හා ප්‍රවේශමෙන්. නිවසේ ප්‍රීතිය හා සතුට.

චන්ද්‍ර, ශනි ග්‍රහ දෘෂ්ටිය ලගනයට එල්ලවීම මත කරගෙන යන කටයුතු පවත්ගෙන යාමේදී තමන් අසල සිටින හිතෛශී අයගෙන් ඉරිසියාව කුහකකම මූලික කරගෙන තමන් වෙත සිදුකරන බාධක මගහැර යාමට යහපත් සිහියෙන් කල් ගෙවිය යුතුය.නමුත් සිකුරු හයවන්නේ ස්වක්ෂේත්‍රව ගමන් කරන බැවින් මෙහෙකරුවන්ගෙන් උදව් උපකාර හිමිවේ. නිවසේ ප‍්‍රීතිය සතුට වර්ධනය වේ. රස ආහාර ආහාරය පිණිස ලැබේ. 13 සහ 19 දෙදින ශුභයි. 

ධනය - ධන වාසි අත්වන නමුත් වියදමද වැඩිවිය හැකිය.සති අග වනවිට එම තත්වය වෙනස් වේ.

රැකියාව - පොලීසිය, රජයේ නිලධාරීන් සමග උපක‍්‍රමශීලීව කටයුතු කල යුතුය. අධ්‍යාපන කාර්මික ගොවිතැන් ආශ්‍රිත ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.

අධ්‍යාපනය - සිත එක අරමුණක තබා ගැනීමට තරමක් අපහසු විය හැකිය.ආවේගය, හදිසි තීරණ, දුරදිග නොබැලීම නිසා කරගෙන ආ අධ්‍යාපන කටයුතු කඩාපල් වීමට හැකියාව ඇති බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුයි.සති අග වන විට තත්වය වෙනස් වේ. 

යුග සැපත - නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර .සතුරු කරදර හීන වී යයි.පවුල් ජීවිතය සහ පේ‍්‍රම සම්බන්ධතා පවත්වාගෙන යාමේදී වඩා ඉවසිලිමත් විය යුතුය. නැන්දාවරුන්ගෙන් සහ මාමාවරුන්ගෙන් ලබා ගැනීමට ඇති යම් දෙයක් වේනම් එය හිමිවීමේ ඉඩකඩක් පවතී.පවුලේ ප්‍රිය සාද ඇතිවේ.

සෞඛ්‍ය - හන්දිපත් අමාරු, උරහිස් අමාරු හා සෙම් රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -04
සුබ දිනය - ඉරිදා/ සෙනසුරාදා 



  • මිථුන ලග්නය


සමාජයෙන් ගරු බුහුමන්. ආර්ථික ජයග්‍රහණ 

ලග්නාධිපති බුද සත්වැන්නේ සිටිමින් ලග්නය දැකීම මත සමාජයේ පිළිගැනීම වැඩි දියුණු වන අන් අයගේ ගෞරවාදරයට පාත‍්‍ර වන කාලයකි.අධ්‍යාපනය ලබන්නන්ට සතුටෙන් එම කටයුතු ඉටුකරගැනීමට හැකිය. 19 වන දින ශුභයි.

ධනය - ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.වැය පස අධිකවේ.

රැකියාව - රෙදිපිළි ආශ්‍රිත රැකියා කාර්මික කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.ව්‍යාපාර වල නිරත වන්නන්ට ශුභයි. රැකියා ස්ථානයේ කලකිරීම් සම්බන්ධව සැහැල්ලූ මනසකින් සිතීම වැදගත්.

අධ්‍යාපනය -යහපත්ය. සුළු බාධා වීම් මුල් දිනවල ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.

යුග සැපත - පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.මුරණ්ඩු ගැතිද යෙදේ.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.නිවසේ අඩ දබර නොහොද නෝක්කාඩු ඇති කර නොගැනීමට වග බලා ගන්න. දරු සම්පත් බලාපොරාත්තුවන අයට ශුභයි. සොර සතුරු කරදර වලින් ප‍්‍රවේසම් විය යුතුය. 

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකිය.ජලයෙන් ප්‍රවේශම් වන්න.උදරාබාධ ඇතිවිය හැකිය.

ජය අංකය -02
සුබ දිනය - සෙනසුරාදා 



  • කටක ලග්නය


අන් අය තුල විශ්වාසය ඇතිවේ. ධන සම්පත් වැඩි දියුණුවේ.

තම වචනයෙන් අන් අය තුල තමන් පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන කාලයකි. ධන සම්පත් වැඩි දියුණු වේ. සමාජයේ කරන කියන කටයුතු වලින් තමන්ගේ චරිතයට පිළිගැනීමට හානියක් නොවන ලෙස කටයුතු කිරීමට වග බලා ගත යුතුය. සඳු ශනිට හා රවිට මැදිව ගමන් කරන සතියක් බැවින් සිත් රිදවීම් සහ කලකිරීම් ඇති කරවිය හැකිය.ගේ දොර යාන වාහන පිළිබඳව උනන්දුව උත්සහය වැඩි වේ. වැය කිරීම් වලදී මුලාවන් මගහැර කටයුතු කිරීමට ප‍්‍රවේසම් වන්න. 16 වන දින ශුභයි.

ධනය -ධන වාසි අත්වේ.නමුත් වැය පක්ෂය ඉහළ යා හැකිය.ව්‍යාපාර කටයුතු ආදියෙහි නිරත වන්නන්ට වාසි අත්වේ.

රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.තනතුරු ලාභ බලාපොරොත්තුව සිටින්නන් හට එම ලාභ අත්වේ.උසස් නිළධාරීන්ගෙන් වාසි අත්වේ.

අධ්‍යාපනය - අධ්‍යාපනය ලබන්නන් සිතට දැනෙන නොසතුට ගැටළු මග හැර උත්සහයෙන් ඉදිරියට යා යුතුය..සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.

යුග සැපත - වැඩිහිටි අයගේ උදව් උපකාර නොමඳව හිමිවේ.දරුවන් සම්බන්ධ කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.දණහිස් ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.සතිය මැද ජලයෙන් අශුභයි. 

ජය අංකය -04
සුබ දිනය - බදාදා 



  • සිංහ ලග්නය 


වචන භාවිතයේදී ඉවසීමෙන්.ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය.

පරිනත අයෙකු සේ සිතන කටයුතු කරන කාලයකි. ඉවසිල්ලෙන්, කල්පනාවෙන් තොරව වචන භාවිතයේදී වඩා ප‍්‍රවේසම් වන්න. ස්තී‍්‍රන්ට පුරුෂයන්ගේත්, පුරුෂයන්ට ස්තී‍්‍රන්ගේත් ආකර්ෂණය ඇල්ම බැල්ම වැඩි වේ. තම නිවසේ සතුට සමගිය පිළිබඳව සිත් යොමු කිරීම, කෝප නොගැනීමට වග බලාගැනීම යහපත්.රවිගේ සිව්වැන්නේ පිහිටීම නිසා සිත් පීඩා ඇතිවිය හැකිය. 14 සහ 17 දෙදින ශුභයි.

ධනය - ලැබීම් වලට යහපත්ය.මිතුරන් වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීමට කරුණු යෙදේ.

රැකියාව - විශේෂ වරප්‍රසාද හිමිවන අතර රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.උසස්වීම් ආදියට යහපත්ය. රැකියා කටයුතු වලදී සතුටෙන් කටයුතු කිරීමට හැකි වේ.

අධ්‍යාපනය -හිතමිතුරන්ගේ උදව් උපකාර හිමිවේ.අළුත් දේ ඉගෙනීමට සිත යොමු කරවීමට සුදුසු කාලයකි.අධ්‍යාපන කටයුතු බුද්ධිමත්ව වේගවත් කරගෙන යාමට හැකිය.

යුග සැපත - අවිවාහක අයට මංගල යෝග යෙදේ.අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත. 

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් හා උදරගත අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න 

ජය අංකය -06
සුබ දිනය - සඳුදා / බ්‍රහස්පතින්දා 



  • කන්‍යා ලග්නය


ආවේගය පාලනය කරන්න.මූල්‍ය ලාභ හිමිවේ.

ආවේගයත් නොසැලකිල්ලත් මුලාවත් පාලනය කර ගත යුතුය. අන් අයගේ අප‍්‍රසාදයට පත්වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. ගේ දොර නිවාස සම්බන්ධ කටයුතු වේගවත්ව බුද්ධිමත්ව කර ගැනීමට හැකි වනු ඇත.19 වන දින ශුභයි.

ධනය -ආදායම් ලැබීම් වැඩිවන ලොතරැයි ජය හිමිවීමට ඉඩ ඇති කාලයකි..තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩ ඇත.

රැකියාව - සංචාරක සේවා හා අධ්‍යාපන අංශයන්හි නිරතවන අයට වාසි අත්වේ.වෘත්තීය අංශයන්ගෙන් ඉදිරියටම යා හැකිය.වචනය පිළිබඳව ප්‍රවේශම් වන්න. සතියේ මැද ආදායම් මාර්ග අවහිරවීමේ ඉඩ කඩක් පවතී.

අධ්‍යාපනය -බාධා අවමවේ.උනන්දුව හීන වීමක් සතිය මුලදී ඇතිවිය හැකි නමුදු විභාග ජය අත්වීමට නියමිතයි.

යුග සැපත - දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.තම සහකරු පිළිබඳව කලකිරීම් මගහැර කටයුතු කල යුතුය. 

සෞඛ්‍ය - හෘද රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -07
සුබ දිනය - සෙනසුරාදා 



  • තුලා ලග්නය


සිතේ සතුට හා ප්‍රීතිය.සමාජයෙන් පැසසුම්

සිකුරු තම ශක්තිය ඉහළින් පවත්වා ගනිමින් මාලවී යෝගයත් සමඟින් ඇරඹෙන සතිය සිතේ සතුට වර්ධනය වන පී‍්‍රතිමත් කාලයක් සතියක් වනු ඇත. තමන්ගේ තත්වයට නොසුදුසු වචන, ප‍්‍රකාශ තම මුවින් පිට නොකිරීමට වග බලා ගත යුතුය. සමාජයේ වැදගත් බුද්ධිමත් අයෙකු සේ පැතිරීමට අවශ්‍ය පසුබිම වර්ධනය වේ. නිවසේ සමගිය පිළිබඳව සිත් යොමු කරන්න. රහස් ගුප්ත අප‍්‍රකට සතුරු බලපෑම් ඇති විය හැක. ගුප්ත අංශයට වැඩි නැඹුරුවක් ඇති වන කාලයකි. ලැබීම් ශුභයි.19 වන දින ශුභයි.

ධනය - ආර්ථිකය යහපත්ය.හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීමටත් වියදම් කිරීමටත් නිතර සිදුවේ. හදිසි වියදම් ධන හානි මගහරවා ගැනීම වැදගත්ය.

රැකියාව - වැටුප් වැඩිවීම් සහ උසස්වීම් හිමිවීමේ ඉඩකඩක් පවතී.යහපත් රැකියා වටපිටාවක් නිර්මාණය වේ.

අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනී යන අතර විභාග ජය සම්මුඛ පරීක්ෂණ ජය අත්වනු ඇත.සතිය මැද අධ්‍යාපන කටයුතු වල බාධක මග හැරේ. 

යුග සැපත -ගමන් බිමන් අධික වේ.දරුවන් හා ගත කරන කාලය අඩුවේ.විවාහය/ පේ‍්‍රම සබඳතා පිළිබඳව ඉවසිලිවන්නතව කටයුතු කිරීම වැදගත් වේ.

සෞඛ්‍ය - හිසේ කැක්කුම් උදරා බාධ ආදියට ඉඩ ඇත.පැවති රෝග සුව අතට හැරේ.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා 



  • වෘශ්චික ලග්නය


සිතුවිලි පාලනය කරන්න.උසස් අයගේ උපකාර හිමිවේ.

කුජ තම නැකත් බලය වැඩි දියුණු කරගනිමින් ගමන් කරන සතිය තුල පෞර්ෂ වර්ධනය උපරිම වේ.තමාටත් අන් අයටත් හානි කර වෛරී සිතුවිලි ඇති විය හැකි බැවින් ඒවා පාලනය කර ගන්න. වේගවත් බුද්ධිමත් කතාවෙන් අන් අය අවනත කර ගත හැකි වනු ඇත. සතියේ මැද නිවසේ සතුට වඩා වර්ධනය වේ. ප‍්‍රනීත ආහාර, යාන වාහන, ගේ දොර ඉඩකඩම් සම්බන්ධ වැය වීම්/ මිල දී ගැනීම් සිදුවේ. 15 සහ 16 දෙදින ශුභයි.

ධනය - ධන ලාභ සතිය අග වන විට හිමිවේ.ආයෝජන සඳහා යොමුවීමට සුදුසුය.

රැකියාව - රැකියා අපේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉටුවන රැකියා ස්ථානයේ තමාගේ පිළිගැනීම වැඩිවන කාලයකි. අවදානම් සහගත ක‍්‍රම ඔස්සේ ආදායම් ලැබීම් බලාපොරොත්තු වන්නන් ප‍්‍රවේසම් විය යුතුය. රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමිවේ.

අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.අධ්‍යාපනය ලබන අය වැඩි පුර පොත් කියවීමට කටයුතු කිරීම ශුභයි.සති අග වනවිට වඩා යහපත් වේ.

යුග සැපත - පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.සහකරුගේ සතුට වර්ධනය වීමට හේතු වන වැය කිරීම් මිලදී ගැනීම් සිදු වනු ඇත.

සෞඛ්‍ය - රෝගාබාධ යහපත් අතට හැරේ.හන්දි අමාරු ඇති අය ප්‍රවේශම් වන්න

ජය අංකය -01
සුබ දිනය - අඟහරුවාදා / බදාදා 



  • ධනු ලග්නය


නව ව්‍යාපාර අවස්ථා. අන් අයගේ උපකාර

රවි ගුරු පරිවර්තන යෝගයත් ගුරුගේ භාග්‍යස්ථාන ගතවීමත් මත බුද්ධිමත්ව වේගවත්ව තම මනස හැසිරවිය හැකිය. නව ව්‍යාපාර අවස්ථා සහ ප‍්‍රවනතා පිළිබඳ අදහස් පහල වේ. සතිය මැද අන් අයගේ අනුකම්පාව දිනා ගැනීමට හැකි වේ. ගේ දොර සම්බන්ධව පීඩනය නොසැලකා කටයුතු කරන්න. සහකරු සමග සතුට වර්ධනය වන කාලයකි. ආගමික කටයුතු වලට සිත යොමු වේ. 14 සහ 16 දෙදින ශුභයි.

ධනය - ආදායම් ලැබීම් වඩා වර්ධනය වේ.වැය කිරීම් වලදී ප‍්‍රවේසම් වන්න.ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට කෘෂිකාර්මික අංශයන්ට ධනය යෙදවීමට සහ එතුලින් ආදායම් ලැබීමට යහපත්ය.

රැකියාව -රැකියාවේ පැවැත්ම පිළිබඳව හිත යොමු කරන්න. රැකියාවක් අත් හැරීමට පෙර වඩාත් කල්පනා කාරී විය යුතු කාලයකි. අධ්‍යාපන, හෝටල් ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උගතුන්ගේ උපදෙස් හා උපකාර ලැබේ. 

අධ්‍යාපනය -කාර්යබහුල බවක් ඇතිවේ.අධ්‍යාපනය ලබන්නන් ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. සති අග වන විට යහපත් ප්‍රතිඵල අත්වේ

යුග සැපත - ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.දරුවන්ට යහපත්ය.ඔවුන් කෙරේ වැඩි කාලයක් ගත කරනු ඇත.මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.

සෞඛ්‍ය - ඌෂ්ණාධික ස්වභාවයන් හා උදරගත රෝග පිළිබඳව අවධානය යොමු කරන්න.

ජය අංකය -07
සුබ දිනය - සඳුදා / බදාදා 



  • මකර ලග්නය


අධ්‍යාපන හා රැකියා වල වර්ධනය.

හත හා අට අධිපති සඳු හා රවි සමඟ අයස්ථානගතව ගමන් කරන මේ සතිය යහපත්ය.සතිය (සිහිය) පිහිටුවාගෙන කටයුතු කල යුතු කාලයකි. අලස කම් දුර්මත මගහැර කටයුතු කිරීම වටී. අධ්‍යාපන සහ රැකියා කටයුතු වල වර්ධනයක් සිදු වන ඊට අදාල කටයුතු සතුටින් කර ගැනීමට හැකි වන කාලයකි. ආගමික කටයුතු වලින් ඈත්ව කටයුතු කිරීමට සිත් වනු ඇත. ලැබීම් අපහසුතා මග හැර කටයුතු කිරීමට වීරිය වන්තව කටයුතු කරන්න. 19 වන දින ශුභයි. 

ධනය - වැය පක්ෂය ඉහල යන නමුත් අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.දෙවරක් සිතා කටයුතු කිරීමෙන් ධන හානි වලක්වා ගැනීමට ඥාණය පහල වනු ඇත.

රැකියාව - නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය. හිතුවක්කාරී තීරණ ගැනීමට සිතේ. සිතා බලා කටයුතු කරන්න.

අධ්‍යාපනය -තරඟ විභාග වලින් ජය ලැබේ. සම්මුඛ පරීක්ෂණ සමත්වේ. වෘත්තීය දැනුම වැඩි දියුණු කරගත හැකි කාලයක් ලෙස සැලකිය හැකිය.

යුග සැපත - අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය. දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි. දුර බැහැර ගමන් ඇතිවේ.

සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.පාද ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -04
සුබ දිනය - සෙනසුරාදා 



  • කුම්භ ලග්නය


ගේ දොර කටයුතු දියුණුවට. රජයෙන් ලැබීම් 

ශනි 10 වන භාවයේ තමන්ගේම අනුර නැකත තුල ගමන් කරන අතර සඳුගේ පාපකර්තරී බව නිසා සතිය මුල චිත්ත පීඩා ගෙන ආවද සතියේ මැද සිතේ සතුට චිත්ත ශක්තිය වඩා වර්ධනය වේ. තම කි‍්‍රයාවන්ගෙන් තම ප‍්‍රතිරූපයට හානි නොවන ලෙස කි‍්‍රයා කිරීමට සිතට ගත යුතුය. අවදානම් සහගත කි‍්‍රයාවන්ගේ නොයෙදීමට දැඩි අදිටනින් කටයුතු කල යුතුය. ගේ දොර යාන වාහන සිහින සැබෑ වන අතර එම කාරණාවන්ගේ වර්ධනයක් සිදුවන කාලයකි. 19 වන දින ශුභයි.

ධනය - වැය පක්ෂය ඉහල යන නමුදු අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අග විශේෂයි.
Posted by Unknown On 5:15 AM



  • මේෂ ලග්නය 


ධන ලාභ සහිතයි.
මිශ්‍ර පලදායී ප්‍රතිපල ලැබෙන සතියකි.සතුරු බලවේග මර්ධනය කරනගැනීමට ශක්තිය ඇති වුවත් සමාජයේ දෝෂාරෝපනයට ලක් විය හැක.උත්සහය සහ උනන්දුව අඩු වී ය හැකි සතියකි.

ධනය-වැය පක්ෂය ඉහල යන අතර අතේ මුදල් අඩු විය හැක. අමතර අදායම් මාර්ග අවහිර වනු ඇත.

රැකියාව-අලස ගති ඇති වන අතර කරගෙන යන වැඩකටයුතු අතපසු කරයි.සතිය අග ඒ තත්වය මග හැරී යනු ඇත.

අධ්‍යාපනය-මධ්‍යස්ථ ප්‍රතිපල හිමි වෙයි.විද්‍යා හා තාක්ෂණික කල අංශ වලට යහපත්ය.

යුග සැපත-දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදු වෙයි.පෙම් සබදතා හා මංගල යෝග යෙදෙන සතියකි.නිසි වෙලාවට වැඩ කටයුතු කර ගැනීමට බාධා ඇති විය හැක. ගේ දොර වතු පිටි කෙරෙහි වෙනදට වඩා කාලයක් යොමු කිරීමට සිදු වෙයි .

ජය අංකය-8
සුබ දිනය -දෙසැම්බර් 10 බ්‍රහස්පතින්දා



  • වෘෂභ ලග්නය


බාධා ඇතත් නමුත් ස්ව ශක්තියෙන් දියුණු වේ.
ආර්ථික තත්වයේ සංවර්ධනයක් ඇති වන අතර ව්‍යාපාර කටයුතු නිරත වන අයට ඉඩකඩ මිලට ගැනීමට උනන්දුව වැඩි වේ.අන් අයගේ උපකාර නැතුව ස්වඋත්සාහයෙන් නැගී සිටීමට උත්සහ කරයි.

අධ්‍යාපනය- වැඩ කටයුතු තරමක් අතපසු විය හැක.සම්මුඛ පරීක්ෂණ වලින් බලාපොරොත්තු වූ ප්‍රතිපල නොලැබේ.

යුග සැපත-එදිනෙදා කටයුතු වලට භාදා පැමිණේ.ඥාතීන් අතර හොද සම්බන්ධතා පවත්වා ගැනීමට අපහසු වෙයි.දුර බැහැර ගමන් වලින් බලාපොරොත්තු ප්‍රතිපල නොලැබේ.

සෞඛ්‍ය- සමස්තයක් ලෙස යහපත්ය.

ජය අංකය- 2
සුබ දිනය -දෙසැම්බර් 12 සෙනසුරාදා.



  • මිථුන ලග්නය 


මධ්‍යස්ථ ප්‍රතිපල ලැබෙන අතර අලුත් මිතුරන් ආශ්‍රයට ලැබේ.
කරගෙන ආ වැඩකටයුතු අසාර්ථක වීමට ඉඩ ඇත.විදේශ ගමන් පිලිබදව හා බලාපොරොත්තු වූ රැකියා ප්‍රමාද සිය හැක.

ධනය- ආර්ථික වැසි ඇති වුවත් ඉතිරිය ගැන සිතීම තරමක් දුෂ්කරය.ව්‍යාපාර වලින් පාඩු ලැබීමට ඉඩ ඇත.බලාපොරොත්තු වූ නය මුදලක් නොලැබී යනු අතර.

රැකියාව-කරදකරී තත්වයක් ඇති විය හැකි අතර දුර ගමන් වලින් ප්‍රවේශම් විය යුතුය උධයෝධය හා කාර්යශූරත්වය අඩු වේ.

අධ්‍යාපනය-අධ්‍යාපන කටුතු තනහා යහපත්ය.

යුග සැපය-තීන්දු තීරණ ගැනීමේ දී කතා බහ කර තීරණ ගන්න.එදිනෙදා කටටුතු වලට බාධා ඇත.

සෞඛ්‍ය- සෙම් රෝග අමාරු කම් වලට,උදරබාද ,බෝවන බෝවන රෝග ගැන සැලකිලිමත් වෙයි .

ජය අංකය- 8
සුබ දිනය -දෙසැම්බර් 7 සඳුදා.



  • කටක ලග්නය 


මධ්‍යස්ථ ප්‍රතිපල ලැබෙන අතර අන්‍යන්ගේ සුහදතාවය නිසා වාසි ඇති වේ.

පතල් කර්මාන්තයහි නිරත වූවන්ට මිනිරන් මැණික් ලැබීමට වාසනාව ඇත.
අනුන්ගේ සතුට වෙනුවෙන් වැඩි කාලයක් යෙදීමට සිදුවන අතර ඒ නිසා වාසි රැසක් අත් විය හැක.

ධනය- අතුරු අදායම් ,ස්වයන් රැකියා වලින් බලාපොරොත්තු වූ පමණට ප්‍රතිපල නොලැබේ.අදායම් තත්වයේ වෙනසක් නොවේ.

රැකියාව-පතල් කර්මාන්ත හා ස්වර්ණාභරණ කර්මාන්ත වල නිරත වෙන්නන් හට වාසි ඇත වේ.පාරම්පරික රැකියාවල් වල නිරත වූවන්ට සුභ සතියකි.

යුග සැපත- මිත්‍ර සබඳතා අලුත් විය හැක,අවිවාහකයන්ට සාර්ථක මංගල යෝජනා ලැබේ .අඹු සැබි සම්බන්ධතා තර වේ.උත්සව ප්‍රිය සම්බෂණ වලට සහභාගී වීමට ලැබේ.

සෞඛ්‍ය- කල් පවත්නා රෝග සුවතාවයට පත් වේ.,උදරබාධා ඇති විය හැකි බැවින් සැලකිලිමත් වෙයි .

ජය අංකය- 6
සුබ දිනය -දෙසැම්බර් 7 සඳුදා.



  • සිංහ ලග්නය 


සුභ සතියකි. 
ධන වාසි ඇති වේ. වානිජමය වාසි අත් වන සතියකි.ආගමික අංශ කෙරෙහි වැඩි භක්තියක් දක්වන කල සීමාවකි.කල්‍යාන මිත්‍ර ඇසුර ලැබේ.

ධනය-අමතර අදායම් මාර්ග සැලසේ.කලා කටයුතු වලට සම්බන්ද අයට ධන වාසි අත් වේ.

රැකියාව- වගකීම් නොපිරිහෙලා ඉටු කරන සතියකි.පොදු සමාජ සේවා වලදී නායකත්වය කැපී පෙනෙන ගතියක් ඇති වේ.නව රැකියා අපේක්ෂකයන්ට වාසනාව උදා වේ.

අධ්‍යාපනය-විවිධ අංශයන් ඔස්සේ අලුත් දේවල් ඉගෙන ගැනීමට හැකි වේ .අධ්‍යාපන කටුයුතු වලට උපකාර ලැබේ.

යුග සැපත-පෙම් සම්බන්ධතා දියුණු වේ .මව් පියන්ට දූ දරුවන්ට සෙනෙහස ,ආදරය හා උපකාර ලැබේ.

සෞඛ්‍ය- සෙම් රෝග අමාරු කම් වලට,උදරබාද හා කල් පැන ගිය රෝග ගැන සැලකිලිමත් විය යුතුය. .

ජය අංකය- 5
සුබ දිනය -දෙසැම්බර් 8 අඟහරුවාදා.



  • කන්‍යා ලග්නය 


සතිය ඉතාම සුභයි. 
ව්‍යාපාර වලටද ඉතාම සුභ සතියකි. විකුණා ගැනීමට නොහැකි වූ දේපොළ විකුණා ගැනීමට හැකි වේ.වාණිජමය වාසි අත් වන දිනයකි.ධාන මාන අධියට සම්බන්ද වෙමින් ආගමික අංශ කෙරෙහි වැඩි බක්තියක් දක්වන කල සීමාවක් වේ.බලාපොරොත්තු කීපයක් ඉටු කර ගැනීමට පුළුවන් වේ .

ධනය- වාණිජමය වාසි රැසක් අත් වන සතියකි.ව්‍යපාර සදහා ඉතා සුබයි.නොවිකෙනන දේවල් විකුණා ගැනීමට හැකි වේ.

රැකියාව-ස්ථාන මාරු බලාපොරොත්තුවෙන් සිටි යට යහපත් ප්‍රතිපල ලැබේ.ඉඩම් හා වැවිලි කර්මාන්ත වල නියතු වුවන්ට ඉතා සුභයි.

අධ්‍යාපනය-උසස් අයගේ උදව් උපකාර ලැබේ.

යුග සැපත-විවාහ සම්බන්ධ කටයුතු කෙරෙහි සුභ ප්‍රතිපල අත් වේ.ස්ථාවර තීරණ ගැනීමට පෙළබේ.සිතේ සතුට වැඩි වන කාලයකි.

සෞඛ්‍ය- නීරෝගී බවක් ඇති කරවන අතර හිසේ ,ඇසේ අමාරු ඇති අය ප්‍රවේසම් වන්න.

ජය අංකය- 5
සුබ දිනය -දෙසැම්බර් 7 සඳුදා



  • තුලා ලග්නය.


ඉතා සුභ සතියකි.
දියුණුවේ පෙර නිමිති පහල වේ.සමාජයේ පැසසුමට බදුන් වන අතර ආර්ථික තත්වය ඉතා යහපත් වේ.අවහිරතා මග හැරේ.

ධනය-තැම්පත් ධනය වර්ධනය කර ගත හැකි වේ. 

රැකියාව- පරිගණක අංශ හා ලිපි ලේඛන කටයුතු ආදියේ යෙදෙන්නන්ට යහපත් වේ.

අධ්‍යපනය- අධ්‍යාපනය සුභයි. යහපත් වටපිටාවක් ගොඩ නාගා ගැනීමට හැකි වේ. වැඩිහිටියන්ගේ, හිතවතුන්ගේ උදවු උපකාර ලැබේ.

යුග සැපත- පෙම් සම්බධතා ස්ථීර කර ගැනීමට ඉඩකඩ ඇත. දරුවන්ගේ විවාහ සම්භන්ධ කටයුතු වලට උදවු උපකාර කිරීමට සිදු වේ. අඹුසැම්බි සම්භාන්දතා තර වේ. 

සෞඛ්‍ය- උදරයේ උෂ්නාදික තත්වයක් ඇති කරයි 

ජය අංකය- 8
සුබ දිනය -දෙසැම්බර් 11 සිකුරාදා.



  • වෘශ්චික ලග්නය.


සුභ සතියකි. 
දැනුමෙන් ඉදිරියට යා හැකි සතියකි.උත්සාහයෙන් උපරිම ප්‍රතිපල ලැබේ.

ධනය-වැය පස ඉහල යන අතර ලැබෙන ප්‍රතිලාබ අඩු වේ .නය වීමට ඉඩ ඇත.

රැකියාව- කෘෂි කර්මාන්තය හා දේපල වෙලදාම් වල නිරත වන අයට යහපත්ය.අමතර ලාභ ලැබේ.රැකියා බලාපොරොත්තු සපල වේ 

අධ්‍යපනය- දිගුකලීන පට්මාලාවල නිරත වන යට සුබ සතියකි.

යුග සැපත- ගේ දොර ජීවිතය සන්සුන් වේ .නරක ආරංචි පැතිරීමට ඉඩ ඇති බැවින් පෙම්වතුන් ප්‍රවේසම් වන්න.

සෞඛ්‍ය- සතිය අග වන විට සෙම් කෝප කරවන බැවින් ප්‍රවේශම් වන්න.

ජය අංකය- 6
සුබ දිනය -දෙසැම්බර් 10 බ්‍රහස්පතින්දා 



  • ධනු ලග්නය.


කරදරකාරී සතියකි. 
හදිසි තීන්දු තීරණ ගැනේ. බාධාවන් ඉවත් වේ .බලාපොරොත්තු වූ කාරණාවක් ඉටු වේ .හදිසි තීරණ ගන්න බැවින් ප්‍රවේසන් වන්න. අන අයගේ තීරණ ගැන අවධානය යොමු කරයි .

ධනය-දෙමව් පිය ,වැඩිහිටි කෙරෙහි ධනය කැප කිරීමට සිදු වේ. තැම්පත් ධනයට හානි ගෙන දේ 

රැකියාව- රෙදි පිලි ආශ්‍රිත නිරත වන අයට යහපත්ය. නව මිතුරන් ඇති වීම තුලින් වාසි සහගත වේ. රැකියා ස්ථානය කාර්යබහුල බව පෙන්වන අතර මානසික ව්‍යාකූල තත්වයක් ඇති කරවයි.

අධ්‍යපනය-මිශ්‍ර පල ඇති වන අතර, උනන්දුව අඩු විය හැක. සති අග යහපත් වේ. 

යුග සැපත- අඹු සැම්බියන් අතර සුළු මත බේධ ඇති විය හැක. මිත්‍ර සම්බන්දතා අලුත් විය හැක. 

සෞඛ්‍ය- යහපත් සෞව්ක්‍ය තත්වයක් ඇති වේ. ජිසේ ආබාධ ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

ජය අංකය- 3
සුබ දිනය - දෙසැම්බර් 12 සෙනසුරාදා.



  • මකර ලග්නය.


ඉතා සුභ සතියකි. 
ස්ව ශක්තියෙන් දියුණු වේ. ආර්ථක සංවර්ධනයක් ඇති වන අතර, නිවාස සහ ඉඩකඩම් මිලදී ගැනීම පිළිබඳව උනන්දුව වැඩි වේ. විදේශ ගත වීමට බලාපොරොත්තු වන අයට සුභ සතියකි. 

ධනය- නව ජීවනොපයන්ට හිමිකම් පවතී. ඉතිරි කිරීම් වලට සුභයි. 

රැකියාව- කෘෂිකර්මාන්මාන්තය, සත්ව පාලනය ආශ්‍රිත කර්මාන්ත වල නිරත වන්නන්න්ට යහපත් වේ. නව නිර්මාණ කරුවන්ට රැකියා අවස්ථා හිමි වේ. 

අධ්‍යපනය- අධ්‍යාපන කටයුතු වල වෙනසක් සිදු විය හැක. සති අග අවිවේකි බවක් ඇති විය හැකි අතර කටයුතු අතපසු විය හැක.

සෞඛ්‍ය- සමස්තයක් ලෙස යහපත්ය.

ජය අංකය- 2
සුබ දිනය - දෙසැම්බර් 9 බදාදා.



  • කුම්භ ලග්නය.


ඉතාම සුභ සතියකි. 
අලුත් දේවල් කිහිපයකට අත ගසන සතියකි. උත්සහයේ තරමට ප්‍රතිපල ලැබේ. කාර්යබහුල සතියකි. 

ධනය- ආදායම් සහ වියදම් සම තත්වයෙන් පවතී. බලාපොරොත්තු වූ මුදලක් ලැබීම ප්‍රමාද වනු ඇත. 

රැකියාව- ස්ථාන මාරු බලාපොරොත්තුවෙන් සිටි යට යහපත් ප්‍රතිපල ලැබේ. 

අධ්‍යපනය- උසස් ඇසුර ලැබේ

යුග සැපත- ආදරවන්තයින්ට ගැටළු ඇති විය හැකි බැවින් කල්පනාකාරීව වන්න. දේපල පිලිබඳ ගැටළු ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. 

සෞඛ්‍ය- පපුවේ අමාරු තත්වයන් තිබෙන අය ප්‍රවේශම් වන්න. 

ජය අංකය- 2
සුබ දිනය - දෙසැම්බර් 9 බදාදා.



  • මීන ලග්නය.


මිශ්‍ර ඵල ගෙන දෙන සතියකි. 
දුර බැහැර ගමන් දේ. අනතුරු ආදියට මුහුණ දීමට ඇති බැවින් කල්පනාකාරී වන්න. 

ධනය-වය පස ඉහල යයි. නය තුරුස් වීමට ඉඩ ඇත. සතිය මුලදී විශේෂයි. 

රැකියාව- රැකියා ස්ථානයේ කාර්යබහුල බවක් පෙන්නුම් කරන අතර ප්‍රගතියක්ද පෙන්නුම් කරයි. කර කටයුතු සාර්ථක වේ. කීර්ති ප්‍රශංශා ඇති වේ. 

අධ්‍යපනය- මිශ්‍ර පල ඇති බැවින් උනන්දුව අඩු වේ. එම නිසා සැලකිලිමත් වන්න. අධ්‍යයාපන කටයුතු වලට වැඩිහිටි උපකාර ලැබේ.

යුග සැපත- අඹු සැම්බි අතර සුළු මත භේද ඇති විය හැකිය. දරුං වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදු වනු ඇත. අසල්වාසීන් වෙනුවෙන් උදවු උපකාර කිරීමට අවස්ථාව යෙදෙනු ඇත. 

සෞඛ්‍ය- යහපත් සෞඛ්‍ය තත්වයක් පෙන්නුම් කරයි . සෙම් රෝග ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය- 3
සුබ දිනය - දෙසැම්බර් 12 සෙනසුරාදා