නූතනයේ බොහෝ විවාහ සිදුවන්නේ ප්‍රේම සබඳතා අනුවයි. එම නිසා පොරොන්දම් ගැළපීම සිදුවන්නේ සුළු පිරිසකටයි. සමහර අය වසර ගණනාවක් ඇසුරු කර විවාහ වෙන්න ආසන්නයේදී පොරොන්දම් පරීක්‍ෂා කරගන්න එනවා.
පොරොන්දම් නොගැළපෙන බොහෝදෙනාට මෙය මානසික වධයක් වෙනවා. මේ විවාහය ගළපාගන්න මොන හෝ ක්‍රමයක් තිබේද යන්න ඔවුන්ගේ ඊළඟ ප්‍රශ්නයයි. ඒවාට කරගන්න අපල දුරු කරගන්න කළ හැකි දේ ඇතිදැයි විමසනවා. දෝෂ තිබෙන අයට කරගන්න තියෙන හොඳම දෙය තමයි දස දිසා යන්ත්‍රය පැලඳ ආගමානුකූලව ඉවසීමෙන් කටයුතු කිරීම. ධර්මය අනුව ජීවත් වන අය දහම විසින්ම ආරක්‍ෂා කරනවා.
ජ්‍යෝතිෂයට අනුව විවාහය ගැන බැලීමේදී කේන්දරවල හත් වැනි භාවය, හත අධිපතියා, හතේ සිටින ග්‍රහයන්, හත් වැන්න දකින දෘෂ්ටි, චන්ද්‍රයා, චන්ද්‍රයා සිටි රාශිය අධිපතියා රවි, කුජ, ගුරු, ශුක්‍ර යන ග්‍රහයන් පිළිබඳවද පරීක්‍ෂා කර බැලිය යුතුය.
නොවෙනස් වන වාසනාවන්ත විවාහ දිවියක් ගත කළ හැකි විස්තරයක් පහත දක්වමි.
1. එක් කේන්දරයක චන්ද්‍රයා අනෙක් කේන්දරයේ සූර්යයා සිටින රාශියේ සිටියේ නම් ඒ දෙදෙනාගේ විවාහය නොවෙනස් වන ඉතා වාසනාවන්ත එකක් වෙයි.
2. එක් කේන්දරයක චන්ද්‍රයා අනෙක් කේන්දරයේ සූර්යයා සිටින රාශියෙන් 3 – 5 – 9 – 11 යන රාශියක් වී සිටීම නිසා වෙනස් නොවන වාසනාවන්ත විවාහයක් සිදුවෙයි.
එක කේන්දරයක කුජ සිටින රාශිය අනෙක් කේන්දරයේ සිකුරු සිටින රාශියට 3 – 11 යන රාශියක් වී සිටියේ නම් එම දෙදෙනා ඔවුනොවුන්ට වශී වී වාසනාවන්ත විවාහ ජීවිතයක් ගෙන යන්නාහ. එක කේන්දරයක කුජ සිටින රාශියේ අනෙක් කේන්දරයේ ශුක්‍ර සිටී නම් එයද වෙනස් නොවන සම්බන්ධයකි. නවාංශකයේදී හෝ මෙසේ වීම යහපති. එක කේනදරයක කුජ සිටින රාශිය අනෙක් කේන්දරයේ සිකුරු සිටින රාශියට 5 – 9 වීමද යහපත් පිහිටීමකි.
විවාහ නොවන යෝග
විවාහ නොවන අයගේ කේන්දරවල පහත දක්වන ලෙස යෝග පිහිටා ඇත.
1. කුජ – ශුක්‍ර සහ හත අධිපතියාගේ බලය ශනිගේ බලයට යටත් වෙයි නම් විවාහ වන්නේ නැත.
2. කුජ, ශුක්‍ර හත අධිපතියා යන ග්‍රහයන්ගේ බලය අඩු වී රවි, ගුරු, ශනි ආදීන්ගේ බලය වැඩි වුවහොත් විවාහ වන්නේ නැත.
• 7 අධිපතියා 2 – 5 – 11 යන ස්ථානයක කේන්දරයේ ඇති විට ප්‍රේම සබඳතා විවාහයක් සිදුවෙයි.
• 7 අධිපතියා 3 – 9 – 12 යන ස්ථානයක කේන්දරයේ ඇති විට. අෑත ප්‍රදේශයක හෝ පිටරටක අයෙක් සමඟ විවාහ වීමට ඇති ඉඩකඩ වැඩියි.
• හත අධිපතියා 1 – 8 – 10 යන ස්ථානයක කේන්දරයේ ඇති විට කටුක විවාහයක් වීමේ ප්‍රවණතාවක් පවතී.
• කේන්දරයක 1 – 7 – 8 පාපයන් සිටීම කාමවේගී අයයි. යුග දිවිය දෙදරයි.
• 12 පාපයකු සමඟ කුජ සිටින විට ස්ත්‍රීන්ගේ විවාහය අසාර්ථකයි.
• රවි, ශනි, රාහු 7ට සම්බන්ධ පිරිමි අය වැඩිහිටි කාන්තාවන් සමඟ විවාහ වෙයි.
• සිකුරු දුර්වලව හෝ පාපයන් දැකීම
සිකුරු සතුරුගතව පස් වැන්නේ සිටීම සහකරුට බලවත් අපලයි. හදිසි අනතුරකින් හෝ විශාල ලේ වැගිරීමකින් මියයයි.
• කුජ නීචවීම, කුජ ශනි සමඟ 7 සිටීම යහපත් නැත. සිකුරු, රාහු 7 සිටීම ස්ත්‍රීන්ට යහපත් නැත.
• අට අධිපති ග්‍රහයා දෙවැන්නේ නම් විවාහය දෙදරයි.
• රාහු බලවත් වීම බලවත් වී 7 සිටීම විවාහයට හොඳයි.
• කේන්දරයේ දෙවැන්න යහපත් වීම විවාහයට යහපත්ය.
ඉහත සඳහන් විස්තර අනුව පොරොන්දම් ගැළපීම පමණක් විවාහයට සුදුසු නොවෙයි. පරීක්‍ෂා කළ යුතු දේ බොහෝ වෙයි. එම නිසා විවාහය පිළිබඳ තීරණයක් ගැනීමට පළමුව ඒ සඳහා දැනුම ඇති ජ්‍යෝතිෂවේදියකුගෙන් පොරොන්දම් පිරීක්සීමට වඩා හඳහන් පරීක්‍ෂා කරගෙන තීරණයක් ගැනීම සුදුසු වෙයි.
0 අදහස් දැක්වීම්:
Post a Comment