Posted by Unknown On 7:09 PM



  • මේෂ ලග්නය


ආවේගය පාලනය කරගන්න. පෙර පින් මතුවේ.

සතුරු බාධක ඉබේටම ඇති වන, ආවේගය හැකිතාක් පාලනය කර ගත යුතු කාලයකි. මෙලොව මෙන්ම පරලොව සුභසිද්ධිය පිණිය මිල මුදල් වැය වන කාලයකි. මිතුරන් සමග පී‍්‍රතියෙන් ගත කරයි. සතියේ මුල ගේ දොර ඉඩ කඩම් වලට අදාල යම් මිලදීගැනීමක් සංවර්ධනයක් අළුත් වැඩියාවක් ඉටුකරගැනීමට හැකිවේ.14 සහ 16 දෙදින ශුභයි.ලග්නාධිපති කුජ තමන්ට හිමි සිත නක්ෂත්‍රයේම ගමන් කරන මේ සතිය වෙනදාට වඩා උද්වේගකර යහපත් සතියකි.චන්ද්‍රයාගේ 9 වන්නේ ගමන් කිරීම මත පෙර පින් මතු කරවන සතියකි.

ධනය - ලැබීම් වලට යහපත්ය.හවුල් ව්‍යාපාර වලට ශුභයි.ඉතිරිකිරීම් වලට වඩාත් යහපත්ය.

රැකියාව - හවුල් ව්‍යාපාර වලට ශුභයි.උගත් ඇසුර මිත්‍ර ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.

අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ගත හැකිවෙයි.

යුග සැපත - යහපත් සිතුවිලි වර්ධනය වන කාලයකි.විනෝද ගමන් වන්දනා ගමන් සඳහා යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.මංගල යෝග උදාවේ.පේ‍්‍රම සම්බන්ධතා කෙරෙහි සිත් පහල වන අතර එවැනි කටයුතු සඳහා තම ආකර්ෂණය වැඩි වේ.

සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.ශරීරය සිසිල්ව පවත්වාගෙන යා යුතුය. වැඩිපුර වතුර පානය කිරීම යහපත්.

ජය අංකය -03
සුබ දිනය - සඳුදා / බදාදා 



  • වෘෂභ ලග්නය


ඇසුරු කරන්නන් හා ප්‍රවේශමෙන්. නිවසේ ප්‍රීතිය හා සතුට.

චන්ද්‍ර, ශනි ග්‍රහ දෘෂ්ටිය ලගනයට එල්ලවීම මත කරගෙන යන කටයුතු පවත්ගෙන යාමේදී තමන් අසල සිටින හිතෛශී අයගෙන් ඉරිසියාව කුහකකම මූලික කරගෙන තමන් වෙත සිදුකරන බාධක මගහැර යාමට යහපත් සිහියෙන් කල් ගෙවිය යුතුය.නමුත් සිකුරු හයවන්නේ ස්වක්ෂේත්‍රව ගමන් කරන බැවින් මෙහෙකරුවන්ගෙන් උදව් උපකාර හිමිවේ. නිවසේ ප‍්‍රීතිය සතුට වර්ධනය වේ. රස ආහාර ආහාරය පිණිස ලැබේ. 13 සහ 19 දෙදින ශුභයි. 

ධනය - ධන වාසි අත්වන නමුත් වියදමද වැඩිවිය හැකිය.සති අග වනවිට එම තත්වය වෙනස් වේ.

රැකියාව - පොලීසිය, රජයේ නිලධාරීන් සමග උපක‍්‍රමශීලීව කටයුතු කල යුතුය. අධ්‍යාපන කාර්මික ගොවිතැන් ආශ්‍රිත ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.

අධ්‍යාපනය - සිත එක අරමුණක තබා ගැනීමට තරමක් අපහසු විය හැකිය.ආවේගය, හදිසි තීරණ, දුරදිග නොබැලීම නිසා කරගෙන ආ අධ්‍යාපන කටයුතු කඩාපල් වීමට හැකියාව ඇති බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුයි.සති අග වන විට තත්වය වෙනස් වේ. 

යුග සැපත - නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර .සතුරු කරදර හීන වී යයි.පවුල් ජීවිතය සහ පේ‍්‍රම සම්බන්ධතා පවත්වාගෙන යාමේදී වඩා ඉවසිලිමත් විය යුතුය. නැන්දාවරුන්ගෙන් සහ මාමාවරුන්ගෙන් ලබා ගැනීමට ඇති යම් දෙයක් වේනම් එය හිමිවීමේ ඉඩකඩක් පවතී.පවුලේ ප්‍රිය සාද ඇතිවේ.

සෞඛ්‍ය - හන්දිපත් අමාරු, උරහිස් අමාරු හා සෙම් රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -04
සුබ දිනය - ඉරිදා/ සෙනසුරාදා 



  • මිථුන ලග්නය


සමාජයෙන් ගරු බුහුමන්. ආර්ථික ජයග්‍රහණ 

ලග්නාධිපති බුද සත්වැන්නේ සිටිමින් ලග්නය දැකීම මත සමාජයේ පිළිගැනීම වැඩි දියුණු වන අන් අයගේ ගෞරවාදරයට පාත‍්‍ර වන කාලයකි.අධ්‍යාපනය ලබන්නන්ට සතුටෙන් එම කටයුතු ඉටුකරගැනීමට හැකිය. 19 වන දින ශුභයි.

ධනය - ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.වැය පස අධිකවේ.

රැකියාව - රෙදිපිළි ආශ්‍රිත රැකියා කාර්මික කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.ව්‍යාපාර වල නිරත වන්නන්ට ශුභයි. රැකියා ස්ථානයේ කලකිරීම් සම්බන්ධව සැහැල්ලූ මනසකින් සිතීම වැදගත්.

අධ්‍යාපනය -යහපත්ය. සුළු බාධා වීම් මුල් දිනවල ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.

යුග සැපත - පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.මුරණ්ඩු ගැතිද යෙදේ.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.නිවසේ අඩ දබර නොහොද නෝක්කාඩු ඇති කර නොගැනීමට වග බලා ගන්න. දරු සම්පත් බලාපොරාත්තුවන අයට ශුභයි. සොර සතුරු කරදර වලින් ප‍්‍රවේසම් විය යුතුය. 

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකිය.ජලයෙන් ප්‍රවේශම් වන්න.උදරාබාධ ඇතිවිය හැකිය.

ජය අංකය -02
සුබ දිනය - සෙනසුරාදා 



  • කටක ලග්නය


අන් අය තුල විශ්වාසය ඇතිවේ. ධන සම්පත් වැඩි දියුණුවේ.

තම වචනයෙන් අන් අය තුල තමන් පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන කාලයකි. ධන සම්පත් වැඩි දියුණු වේ. සමාජයේ කරන කියන කටයුතු වලින් තමන්ගේ චරිතයට පිළිගැනීමට හානියක් නොවන ලෙස කටයුතු කිරීමට වග බලා ගත යුතුය. සඳු ශනිට හා රවිට මැදිව ගමන් කරන සතියක් බැවින් සිත් රිදවීම් සහ කලකිරීම් ඇති කරවිය හැකිය.ගේ දොර යාන වාහන පිළිබඳව උනන්දුව උත්සහය වැඩි වේ. වැය කිරීම් වලදී මුලාවන් මගහැර කටයුතු කිරීමට ප‍්‍රවේසම් වන්න. 16 වන දින ශුභයි.

ධනය -ධන වාසි අත්වේ.නමුත් වැය පක්ෂය ඉහළ යා හැකිය.ව්‍යාපාර කටයුතු ආදියෙහි නිරත වන්නන්ට වාසි අත්වේ.

රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.තනතුරු ලාභ බලාපොරොත්තුව සිටින්නන් හට එම ලාභ අත්වේ.උසස් නිළධාරීන්ගෙන් වාසි අත්වේ.

අධ්‍යාපනය - අධ්‍යාපනය ලබන්නන් සිතට දැනෙන නොසතුට ගැටළු මග හැර උත්සහයෙන් ඉදිරියට යා යුතුය..සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.

යුග සැපත - වැඩිහිටි අයගේ උදව් උපකාර නොමඳව හිමිවේ.දරුවන් සම්බන්ධ කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.දණහිස් ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.සතිය මැද ජලයෙන් අශුභයි. 

ජය අංකය -04
සුබ දිනය - බදාදා 



  • සිංහ ලග්නය 


වචන භාවිතයේදී ඉවසීමෙන්.ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය.

පරිනත අයෙකු සේ සිතන කටයුතු කරන කාලයකි. ඉවසිල්ලෙන්, කල්පනාවෙන් තොරව වචන භාවිතයේදී වඩා ප‍්‍රවේසම් වන්න. ස්තී‍්‍රන්ට පුරුෂයන්ගේත්, පුරුෂයන්ට ස්තී‍්‍රන්ගේත් ආකර්ෂණය ඇල්ම බැල්ම වැඩි වේ. තම නිවසේ සතුට සමගිය පිළිබඳව සිත් යොමු කිරීම, කෝප නොගැනීමට වග බලාගැනීම යහපත්.රවිගේ සිව්වැන්නේ පිහිටීම නිසා සිත් පීඩා ඇතිවිය හැකිය. 14 සහ 17 දෙදින ශුභයි.

ධනය - ලැබීම් වලට යහපත්ය.මිතුරන් වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීමට කරුණු යෙදේ.

රැකියාව - විශේෂ වරප්‍රසාද හිමිවන අතර රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.උසස්වීම් ආදියට යහපත්ය. රැකියා කටයුතු වලදී සතුටෙන් කටයුතු කිරීමට හැකි වේ.

අධ්‍යාපනය -හිතමිතුරන්ගේ උදව් උපකාර හිමිවේ.අළුත් දේ ඉගෙනීමට සිත යොමු කරවීමට සුදුසු කාලයකි.අධ්‍යාපන කටයුතු බුද්ධිමත්ව වේගවත් කරගෙන යාමට හැකිය.

යුග සැපත - අවිවාහක අයට මංගල යෝග යෙදේ.අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත. 

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් හා උදරගත අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න 

ජය අංකය -06
සුබ දිනය - සඳුදා / බ්‍රහස්පතින්දා 



  • කන්‍යා ලග්නය


ආවේගය පාලනය කරන්න.මූල්‍ය ලාභ හිමිවේ.

ආවේගයත් නොසැලකිල්ලත් මුලාවත් පාලනය කර ගත යුතුය. අන් අයගේ අප‍්‍රසාදයට පත්වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. ගේ දොර නිවාස සම්බන්ධ කටයුතු වේගවත්ව බුද්ධිමත්ව කර ගැනීමට හැකි වනු ඇත.19 වන දින ශුභයි.

ධනය -ආදායම් ලැබීම් වැඩිවන ලොතරැයි ජය හිමිවීමට ඉඩ ඇති කාලයකි..තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩ ඇත.

රැකියාව - සංචාරක සේවා හා අධ්‍යාපන අංශයන්හි නිරතවන අයට වාසි අත්වේ.වෘත්තීය අංශයන්ගෙන් ඉදිරියටම යා හැකිය.වචනය පිළිබඳව ප්‍රවේශම් වන්න. සතියේ මැද ආදායම් මාර්ග අවහිරවීමේ ඉඩ කඩක් පවතී.

අධ්‍යාපනය -බාධා අවමවේ.උනන්දුව හීන වීමක් සතිය මුලදී ඇතිවිය හැකි නමුදු විභාග ජය අත්වීමට නියමිතයි.

යුග සැපත - දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.තම සහකරු පිළිබඳව කලකිරීම් මගහැර කටයුතු කල යුතුය. 

සෞඛ්‍ය - හෘද රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -07
සුබ දිනය - සෙනසුරාදා 



  • තුලා ලග්නය


සිතේ සතුට හා ප්‍රීතිය.සමාජයෙන් පැසසුම්

සිකුරු තම ශක්තිය ඉහළින් පවත්වා ගනිමින් මාලවී යෝගයත් සමඟින් ඇරඹෙන සතිය සිතේ සතුට වර්ධනය වන පී‍්‍රතිමත් කාලයක් සතියක් වනු ඇත. තමන්ගේ තත්වයට නොසුදුසු වචන, ප‍්‍රකාශ තම මුවින් පිට නොකිරීමට වග බලා ගත යුතුය. සමාජයේ වැදගත් බුද්ධිමත් අයෙකු සේ පැතිරීමට අවශ්‍ය පසුබිම වර්ධනය වේ. නිවසේ සමගිය පිළිබඳව සිත් යොමු කරන්න. රහස් ගුප්ත අප‍්‍රකට සතුරු බලපෑම් ඇති විය හැක. ගුප්ත අංශයට වැඩි නැඹුරුවක් ඇති වන කාලයකි. ලැබීම් ශුභයි.19 වන දින ශුභයි.

ධනය - ආර්ථිකය යහපත්ය.හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීමටත් වියදම් කිරීමටත් නිතර සිදුවේ. හදිසි වියදම් ධන හානි මගහරවා ගැනීම වැදගත්ය.

රැකියාව - වැටුප් වැඩිවීම් සහ උසස්වීම් හිමිවීමේ ඉඩකඩක් පවතී.යහපත් රැකියා වටපිටාවක් නිර්මාණය වේ.

අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනී යන අතර විභාග ජය සම්මුඛ පරීක්ෂණ ජය අත්වනු ඇත.සතිය මැද අධ්‍යාපන කටයුතු වල බාධක මග හැරේ. 

යුග සැපත -ගමන් බිමන් අධික වේ.දරුවන් හා ගත කරන කාලය අඩුවේ.විවාහය/ පේ‍්‍රම සබඳතා පිළිබඳව ඉවසිලිවන්නතව කටයුතු කිරීම වැදගත් වේ.

සෞඛ්‍ය - හිසේ කැක්කුම් උදරා බාධ ආදියට ඉඩ ඇත.පැවති රෝග සුව අතට හැරේ.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා 



  • වෘශ්චික ලග්නය


සිතුවිලි පාලනය කරන්න.උසස් අයගේ උපකාර හිමිවේ.

කුජ තම නැකත් බලය වැඩි දියුණු කරගනිමින් ගමන් කරන සතිය තුල පෞර්ෂ වර්ධනය උපරිම වේ.තමාටත් අන් අයටත් හානි කර වෛරී සිතුවිලි ඇති විය හැකි බැවින් ඒවා පාලනය කර ගන්න. වේගවත් බුද්ධිමත් කතාවෙන් අන් අය අවනත කර ගත හැකි වනු ඇත. සතියේ මැද නිවසේ සතුට වඩා වර්ධනය වේ. ප‍්‍රනීත ආහාර, යාන වාහන, ගේ දොර ඉඩකඩම් සම්බන්ධ වැය වීම්/ මිල දී ගැනීම් සිදුවේ. 15 සහ 16 දෙදින ශුභයි.

ධනය - ධන ලාභ සතිය අග වන විට හිමිවේ.ආයෝජන සඳහා යොමුවීමට සුදුසුය.

රැකියාව - රැකියා අපේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉටුවන රැකියා ස්ථානයේ තමාගේ පිළිගැනීම වැඩිවන කාලයකි. අවදානම් සහගත ක‍්‍රම ඔස්සේ ආදායම් ලැබීම් බලාපොරොත්තු වන්නන් ප‍්‍රවේසම් විය යුතුය. රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමිවේ.

අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.අධ්‍යාපනය ලබන අය වැඩි පුර පොත් කියවීමට කටයුතු කිරීම ශුභයි.සති අග වනවිට වඩා යහපත් වේ.

යුග සැපත - පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.සහකරුගේ සතුට වර්ධනය වීමට හේතු වන වැය කිරීම් මිලදී ගැනීම් සිදු වනු ඇත.

සෞඛ්‍ය - රෝගාබාධ යහපත් අතට හැරේ.හන්දි අමාරු ඇති අය ප්‍රවේශම් වන්න

ජය අංකය -01
සුබ දිනය - අඟහරුවාදා / බදාදා 



  • ධනු ලග්නය


නව ව්‍යාපාර අවස්ථා. අන් අයගේ උපකාර

රවි ගුරු පරිවර්තන යෝගයත් ගුරුගේ භාග්‍යස්ථාන ගතවීමත් මත බුද්ධිමත්ව වේගවත්ව තම මනස හැසිරවිය හැකිය. නව ව්‍යාපාර අවස්ථා සහ ප‍්‍රවනතා පිළිබඳ අදහස් පහල වේ. සතිය මැද අන් අයගේ අනුකම්පාව දිනා ගැනීමට හැකි වේ. ගේ දොර සම්බන්ධව පීඩනය නොසැලකා කටයුතු කරන්න. සහකරු සමග සතුට වර්ධනය වන කාලයකි. ආගමික කටයුතු වලට සිත යොමු වේ. 14 සහ 16 දෙදින ශුභයි.

ධනය - ආදායම් ලැබීම් වඩා වර්ධනය වේ.වැය කිරීම් වලදී ප‍්‍රවේසම් වන්න.ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට කෘෂිකාර්මික අංශයන්ට ධනය යෙදවීමට සහ එතුලින් ආදායම් ලැබීමට යහපත්ය.

රැකියාව -රැකියාවේ පැවැත්ම පිළිබඳව හිත යොමු කරන්න. රැකියාවක් අත් හැරීමට පෙර වඩාත් කල්පනා කාරී විය යුතු කාලයකි. අධ්‍යාපන, හෝටල් ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උගතුන්ගේ උපදෙස් හා උපකාර ලැබේ. 

අධ්‍යාපනය -කාර්යබහුල බවක් ඇතිවේ.අධ්‍යාපනය ලබන්නන් ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. සති අග වන විට යහපත් ප්‍රතිඵල අත්වේ

යුග සැපත - ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.දරුවන්ට යහපත්ය.ඔවුන් කෙරේ වැඩි කාලයක් ගත කරනු ඇත.මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.

සෞඛ්‍ය - ඌෂ්ණාධික ස්වභාවයන් හා උදරගත රෝග පිළිබඳව අවධානය යොමු කරන්න.

ජය අංකය -07
සුබ දිනය - සඳුදා / බදාදා 



  • මකර ලග්නය


අධ්‍යාපන හා රැකියා වල වර්ධනය.

හත හා අට අධිපති සඳු හා රවි සමඟ අයස්ථානගතව ගමන් කරන මේ සතිය යහපත්ය.සතිය (සිහිය) පිහිටුවාගෙන කටයුතු කල යුතු කාලයකි. අලස කම් දුර්මත මගහැර කටයුතු කිරීම වටී. අධ්‍යාපන සහ රැකියා කටයුතු වල වර්ධනයක් සිදු වන ඊට අදාල කටයුතු සතුටින් කර ගැනීමට හැකි වන කාලයකි. ආගමික කටයුතු වලින් ඈත්ව කටයුතු කිරීමට සිත් වනු ඇත. ලැබීම් අපහසුතා මග හැර කටයුතු කිරීමට වීරිය වන්තව කටයුතු කරන්න. 19 වන දින ශුභයි. 

ධනය - වැය පක්ෂය ඉහල යන නමුත් අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.දෙවරක් සිතා කටයුතු කිරීමෙන් ධන හානි වලක්වා ගැනීමට ඥාණය පහල වනු ඇත.

රැකියාව - නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය. හිතුවක්කාරී තීරණ ගැනීමට සිතේ. සිතා බලා කටයුතු කරන්න.

අධ්‍යාපනය -තරඟ විභාග වලින් ජය ලැබේ. සම්මුඛ පරීක්ෂණ සමත්වේ. වෘත්තීය දැනුම වැඩි දියුණු කරගත හැකි කාලයක් ලෙස සැලකිය හැකිය.

යුග සැපත - අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය. දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි. දුර බැහැර ගමන් ඇතිවේ.

සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.පාද ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -04
සුබ දිනය - සෙනසුරාදා 



  • කුම්භ ලග්නය


ගේ දොර කටයුතු දියුණුවට. රජයෙන් ලැබීම් 

ශනි 10 වන භාවයේ තමන්ගේම අනුර නැකත තුල ගමන් කරන අතර සඳුගේ පාපකර්තරී බව නිසා සතිය මුල චිත්ත පීඩා ගෙන ආවද සතියේ මැද සිතේ සතුට චිත්ත ශක්තිය වඩා වර්ධනය වේ. තම කි‍්‍රයාවන්ගෙන් තම ප‍්‍රතිරූපයට හානි නොවන ලෙස කි‍්‍රයා කිරීමට සිතට ගත යුතුය. අවදානම් සහගත කි‍්‍රයාවන්ගේ නොයෙදීමට දැඩි අදිටනින් කටයුතු කල යුතුය. ගේ දොර යාන වාහන සිහින සැබෑ වන අතර එම කාරණාවන්ගේ වර්ධනයක් සිදුවන කාලයකි. 19 වන දින ශුභයි.

ධනය - වැය පක්ෂය ඉහල යන නමුදු අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අග විශේෂයි.

0 අදහස් දැක්වීම්:

Post a Comment