ජ්‍යෝතිර් ශාස්‌ත්‍රඥයන් වැඩි දෙනෙකු ප්‍රසංසාත්මක මුඛයෙන් කථා කරන, එසේම හැම පත පොතකම පාහේ සඳහන් වන විශේෂ ග්‍රහ පිහිටීමක් නම් නීච භංග රාජ යෝගයයි.
එහෙත් එයට එතරම් වැදගත්කමක් ආරෝපණය කිරීම ප්‍රඥා ගෝචර නොවන බවටද සහේතුක කරුණු ඉදිරිපත් වේ. හේතුව ඒ සඳහා කියෑවෙන ග්‍රහ පිහිටීම් ගණනාවක්‌ම තිබීමයි. ග්‍රහයකු නීච වන අවස්‌ථා වැඩි හරියක්‌ම නීචය භංගවන අවස්‌ථා වේ. ඒ මෙසේය.
1. නීච ග්‍රහයා නීචව සිටින රාශිය අධිපතියා චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගත වීමෙන්ද
2. එකී ග්‍රහයා ලග්නයේ සිට බලන කල කේන්ද්‍රස්‌ථානයක තැන්පත්ව සිටීමෙන්ද
3. යම් ග්‍රහයකු නීචව සිටින්නේද එම ග්‍රහයා උච්ච බල ලබන රාශිය අධිපතියා චන්ද්‍රයා කෙරෙන් කේන්ද්‍රස්‌ථානයක වීමද
4. ඉහත අංක 3 න් කියෑවුණ උච්ච රාශිය අධිපතියා ලග්නයෙන් කේන්ද්‍රගත වී නම් ද
5. ග්‍රහයකු නීචව සිටින රාශියට අධිපතිකම දරන ග්‍රහයා එම නීච ග්‍රහයා කේන්ද්‍රස්‌ථානයක තැන්පත් වූ විටද
6. ග්‍රහයකු නීචවද නීච ග්‍රහයාගේ උච්ච රාශිය අධිපතියා එකී නීච ග්‍රහයා වෙතින් කේන්ද්‍රගතව යෙදී ඇති විටද
7. නීච තත්ත්වයක් යෙදී ග්‍රහයකු එම නීච රැස හිමි ග්‍රහයා දකිනු ලබන කල්හිද
නීච භංග යෝගයක් උදාවන්නේ යෑයි ඵල දීපිකාවේ 7 වන පරිච්ෙ-දයේ 26 වන ශ්ලෝකයේ සිට 30 වැනි ශ්ලෝකය දක්‌වා සඳහන් වේ.
නීච ග්‍රහයෙකුගේ නීචය භංග කරවන්නට සමත් යෙදීම් සෑම නීච ග්‍රහයෙකුටම පාහේ නීච භංගත්වය ලබන තරමට ගණනින් අධිකයෑයි සිතෙන තරම්ය.
ලග්නයෙන් කේන්ද්‍රගත වෙනවා යි කී විට අනිවාර්යයෙන්ම ස්‌ථාන (භාව) හතරක් ගණන් ගැනේ. චන්ද්‍රයා කේන්ද්‍රස්‌ථානයක නොවේ නම් එවිට චන්ද්‍රයාගෙන් කේන්ද්‍රස්‌ථාන ගත වෙනවා යි යන්නට තවත් භාව 4 ක් අයත් වේ. එහෙයින් භාව දොළොසින් අඩක්‌ම ආවරණය කර හමාරය. ඒ අනුව උක්‌ත න්‍යාය සතෙන් වැඩිම ගණනක් විවිධාකාරයෙන් ඇති වීමට පුළුවනි. මේ ආකාරයෙන් බලන විට නීච භංග රාජ යෝගයෙහි ඵල බොහෝ දුරට නොවැදගත් තත්ත්වයකට පත් වේ.
කිසියම් ජන්ම පත්‍රයක නීච භාවයෙන් යෙදුණු ග්‍රහයෙකු ඉහත කී සත් වැදැරුම් ක්‍රමවලින් එකකට වත් හසුව නීචය භංග වන සේ යෙදිණි නම්, ඒ ජන්මියා සැබැවින්ම වාසනාවන්තයෙකි.
පෙර සඳහන් 26 වන ශ්ලෝකය පරිවර්තනය කිරීමේදී සිදු වී ඇති වැරදි දෙකක් කරණකොටගෙන නීච භංග රාජයෝග මතු කරවන්නේ යෑයි සිතනු ලබන ග්‍රහ සංකලන රටාවන් ගණනින් වැඩි වී ඒ නිසාම රාජ යෝගයෙහි වැදගත්කම ද ගිලිහී ඇති බව පෙනෙයි. එනම් සහ යන්න පරිවර්තනය විය යුතු තැන හෝ යෑයි පරිවර්තනය වීමත්,
චන්ද්‍ර ලග්නය යන්න චන්ද්‍රයාගෙන් “සහ” ලග්නයෙන් යනුවෙන්ද දෙයාකාරයකින් පරිවර්තනය කර තිබීමත් වේ. එම පරිවර්තනය මෙසේ විය යුතුය.
“යමකු උපදින අවස්‌ථාවේ කිසියම් ග්‍රහයකු නීචව සිටින්නේ ද ඔහුගේ එම නීච රාශියට අධිපතියා සහ එම නීච ග්‍රහයා උච්ච වන රාශියට අධිපතියා චන්ද්‍ර ලග්නයෙන් කේන්ද්‍රගත වේද ඒ ඡන්මියා ධර්මිෂ්ට වුද සත් කීර්තිමත් වූද රජකු හා සමාන වන්නේය.”
ඵල දීපිකාවේ සත් වන පරිච්ඡේදයේ 26 වන ශ්ලෝකය.
නීච ග්‍රහයකු නිසා උදාවිය හැකි අරිටු ප්‍රතිඵල බොහෝ දුරට සැහැල්ලු වන්නට මතු සඳහන් වන යෙදීම් උපකාර වේ.
1. නීච ග්‍රහයා උච්ච ග්‍රහයකු සමග සංයෝග වී සිටීම
2. නීච රාශියෙහි යෙදුණේ වුවද නවා ශක පිහිටීම අනුව ඒ ග්‍රහයා සිය ස්‌වක්‍ෂේත්‍ර නවාංශකයක හෝ උච්ච නවාංශකයෙහි තැන්පත් වීම. රාශියෙහි නීච වූවද උච්ච නවාංශක ග්‍රහයා ස්‌වරාශිගත නමුදු නීච නවාංශක ග්‍රහයාට වඩා මහත් ශුභ විපාක පිරිනමයි. රාශිය වූකලී වෘක්‌ෂය වැනියයිද නවාංශකය වූ කලී ඵලය වැනියයිද සැලකිය යුතුය. සුවිසල් වෘක්‌ෂයකින් ප්‍රමාණයෙන් කුඩා වූ ඇඹුල් රසැති ඵල ලබා දෙන අතර කුඩා ප්‍රමාණයේ රුකෙක මිහිරි රසින් යුතු තරමින්ද විශාල ඵල හට ගත හැකිය. තවද රාශිය ශරීරයට ද නවාංශකය හදවතට ද උපමා කළ හැකිය. දුබල සිරුරකින්ද සවිමත් හදවතකින්ද යුතු පුද්ගලයකු සවිමත් සිරුරක්‌ද දුබල හදවතක් ද සහිත වූවකුට වඩා කලක් ජීවත් වෙයි. අපේ රටේ දේශපාලන ක්‍ෂේත්‍රයේ නිරත වූ වැඩි දෙනෙකුටම මේ නීච භංග රාජ යෝගය විය. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය, දොස්‌තර ජයලත් ජයවර්ධන, දිනේෂ් ගුණවර්ධන, නන්ද එල්ලාවල, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, රංජන් විෙ-රත්න, විජය කුමාරතුංග වැන්නන් එයින් කීප දෙනෙකි.
පොඩි පුටුවේ සිට මිනිසා ලොකු පුටුවක හිඳුවා තැබීමට සමත් මෙම නීච භංග රාජ යෝගය හැම කෙනෙකුටම පිහිටන්නේ නැත. කලාතුරකින් කෙනෙකුට යෙදෙන එකක් බවත්, එම යෝගය සහිතව උපන් අය රටේ කැපී පෙනෙන අය බවත් පළ වෙයි.
මේ වූ කලී රාජ යෝග ගැන වැඩියෙන් කථා කරන යුගයකි. දේශපාලන තරග බිමට එළැඹෙන වැඩි දෙනෙකුට කුමන හෝ රාජ යෝගයක් වෙයි. ග්‍රාම සේවකගේ සිට රජ පුටුව දක්‌වා මෙම රාජ යෝග ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා තවත් බොහෝ සුදුසුකම් සපුරා සිටිය යුතුය.
ඉගෙනීම, ධනය, කථිකත්වය හා තවත් දක්‌ෂතා සමූහයක් සපුරා සිටි විට රාජ යෝග යෙදුනොත් ඉහළ තැනකට පිවිසිය හැකිය.
ග්‍රහ බල හඳුනගෙන එතැනට ළං වීමට සුදුසුකම් සපුරා ගත්තේ නැත්නම් ඒ ශක්‌තිය බොල් වී යා හැකිය.
නීචය භංග වෙනවා කීවට එවැනි සංයෝගයකින් උච්ච ග්‍රහයෙක්ගේ උච්ච ගතිය භංග වෙන්නත් පුළුවන්නේ,,
ReplyDelete