Posted by Unknown On 10:19 AM


රාහු සහ කේතු සිංහ සහ කුම්භ රාශිගත වීම

රාහු සහ කේතු පිළිබඳ අර්ථ නිරූපන රාශියකි. එයින් මා වඩාත් ප්‍රිය කරනුයේ ඔවුන් දෙදෙනාගේ නෛසර්ගික සතුරු බව හඟවන අර්ථ නිරුපණයන් වෙතය. එනම් රාහු සහ කේතු යනු එක් අයෙකි. ඔවුන් දෙදෙනා දෙදෙනකු ලෙස වෙන් වන්නේ විශ්ණු දෙවියන් විසින් ක්ෂිර සාගරය කලඹා අමෘතය ගෙන එය සුරයන් වෙත ලබා දෙමින් සිටියදී සුරයන් ලෙස පෙනි සිටිමින් රාහුකේතු අමෘතය ලබාගන්නට වු අතර එය රවි චන්ද්‍ර දෙදෙනා විසින් විශ්ණු දෙවිඳුන්ට සැල කරන ලද අතර එවිට විශ්ණු දෙවිඳුන් තමා අමෘතය බෙදමින් සිටි හැන්දෙන් රාහු කේතු වෙත ගසා දැමු බවත් ඉන් ඔහු දෙකට වෙන්වී ගිය පසු කඳක් නැති හිස සහිත කොටස කේතු වු බවත් හිසක් නැති කඳ කොටස ‍රාහු වු බවත් අමෘතය පානය කල නිසා ඔවුන් අමරණීය වූ බවත් කියැවේ. එබැවින් රවි චන්ද්‍ර දෙදෙනාගේ ගතු කීම නිසා උරණ වූ රාහු කේතු සැමදා ඔවුන් කෙරෙහි වෛරය පතුරවමින් සිටී. රාහු කේතු පිළිබදව මාගේ පුද්ගලික නිගමනය නම් ඔවුන් පාපය පඩිසන් දෙවීමට සහ ‍‍ලෞකිකත්වය වනසා ලෝකෝත්තර ඥාණය වැඩිමට ,ලෝකෝත්තර දෙසට තල්ලු කිරීම මෙම සෞරග්‍රහ මණ්ඩලයේ ජීවින්ට බලපෑම් කරන යම් ශක්තින් දෙකක් බවයි. 2017 අගෝස්තු 17 දක්වා රාහු-කේතු සිංහ සහ කුමුභ රාශි වල ගමන් කරයි

රාහු - හිසක් නැති රාහුගෙන් ඔළුවක් නැති නිමක් කොනක් නෙපෙනෙන හදිස්සිකාර අඥාණයෙකු අර්ථවත් කරයි.
කේතු - කඳක් නැති කේතු එක තැනක හිරවුණු, ලෝකෝත්තර ඥානය වඩන සුක්ෂම බුද්ධියක් සහිත වු ගුප්ත අයෙකු අර්ථවත් කරයි.

රාහු සිංහ රාශි ගත වීම - රාහු කේතු නිතැතින් රවි චන්ද්‍ර දෙදෙනා කෙරෙහි වෛරයකින් පෙලෙන්නෙක් නම් රාහු සිංහ රාශි ගත වීම සතුරෙකුගේ නිවසට සතුරෙකුගේ ආගමනය ගැටුමක ආරම්භයයි. එම නිසා රාහුගෙන් ඇතිවන බලපෑම ඒ ඒ අයගේ ජන්ම පත්‍ර වල පිහිටීම අනුව හෝ ලග්න අනුව වෙන් වෙන් වශයෙන් විමසීම වටටී. කෙසේ වෙතත් රාජ්‍ය නායකයන්ගේ පාලකයන්ගේ අඥාණ ගති වැඩි කිරීමටත් වේගවත් කිරීමටත් රාජ්‍යයන් හි රාජ්‍යත්වය අස්ථාවර කිරීමටත් හේතුවන බව මාගේ උපකල්පනයයි. අගෝස්තු 16න් පසුව එම තත්වය වඩ‍ා වර්ධනය වනු ඇත.

කේතු කුම්භ රාශි ගත වීම - ජීවින් ලෞකීක ජිවිත කෙරෙහි කලකීරවා ලෝකෝත්තර දෙසට තල්ලු කරන ශනි හිමි කුම්භ රාශියට එවැනිම කාර්යක් ඉෂ්ඨ සිද්ධ කරන කේතු ගේ පැමිණිම භාවනා යෝගින්ට, ලෝකෝත්තර දෙසට ගමන් කරන අයට ඉතාම ශුභ පිහිටිමක්,බලපෑමක් නියත වශයෙන්ම එල්ල කරන බව සහ මිනිසුන් ලෝකෝත්තර දෙසට නැඹුරු කරන බව මාගේ උපකල්පනයයි.

ජ්‍යෝතිෂ ගවේෂකයන්ට - රාහු/කේතු සිංහ/ කුම්භ රාශි ගතවීම ඔවුන්ගේ මුල ත්‍රිකෝන රාශි වෙත පිවිසීමක් බව ගෝපල රත්නාකරයේ දැක්වුවද එය එසේ පිළිගැනිම හෝ නොගැනිම පිළිබඳව තවදුරටත් ජ්‍යෝතිෂ ගවේශකයන් අධ්‍යනය කර සම්මුතියකට ආයුතුය.

------------- *-*-*-*-------------
මේෂ ලග්නය
------------- *-*-*-*-------------

මේෂ ලග්නය හිමි ඔබගේ රාහු 5වැන්න ටත් කේතු 11 වැන්න ටත් එළැඹිම අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමි අයට තරමක් ව්‍යාකුලතාවයක් නිර්මාණය කරනු ඇත. 2016 අගෝස්තු 16න් පසු සිදුවන ගුරු මාරුවෙන් පසු ඒ තත්වය වර්ධනය විමේ අවදානමක් ඇත. දරුවන් පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන්නන්ද සුපරික්ෂාකාරි විය යුතුය. එසේම ඔබගේ සුක්ෂම ඥානය භාවිතයෙන් ගුප්ත ලෙස තම ආදායම් /අයවිම්/ලැබිම්/ වඩා වර්ධනය කරගැනිමට මේෂ ලග්න හිමියන් උත්සුක විය යුතුය. ලාභාපේක්ෂිත ව්‍යාපාර එන වසර එකහමාර තුල ඇරඹිමට බලාපොරොත්තු වේනම් 2016.08.16 පෙර ඇරඹිම වටී. ශනි අශ්ඨම ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් 2017.01.26 වන තුරු ශනි පූජාවන්ගේ නිරත වන්න.

------------- *-*-*-*-------------
වෘෂභ ලග්නය
------------- *-*-*-*-------------

වෘෂභ ලග්න හිමි ඔබගේ සිව්වැන්නට රාහු එළැබෙන අතර කේතු 10වැන්නට පැමිනේ. මෙය ඔබගේ ගෘහ ජිවිතයේ යහපැවැත්මට තරමක් බාධා ඇතිකිරිමට හේතුවන පිහිටිමකි. නිවාස ඉදිකිරීම්/ අළුත්වැඩියා කිරිම්/වාහන මිලදි ගැනිම් ආදිය එන වසර එකහාමාර තුල කිරිමේ අවශ්‍යය තාවයක් ඇතිනම් එය අගෝස්තු 16ට පෙර සිදුකරගැනීමට උත්සුක වන්න. දෙමාපියන් නෑ හිතමිතුරන් සමග අසමගිකම් දුරලා ගෘහ ජිවිතය තුල සාමය සතුට වඩා වර්ධනය කරගැනිමට අදිටන් කරගන්න. තම වෘත්තිය තුල වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කිරීමට උත්සුක වන්න. අන්‍යයන්ගේ හොඳහිත අනුකම්පාව දිනා ගනිමින් තම වෘත්තිය කටයුතුද පවත්වාගෙන යාමට නිතැතින් කටයුතු කරන්න.

------------- *-*-*-*-------------
මිථුන ලග්නය
------------- *-*-*-*-------------

තමාගේ හොඳ හෝ නරක මත තමාගේ නම් ප්‍රසිද්ධ වන පැතිරෙන කාලයකි. එබැවින් නරක දුරලා තමාගේ යහගුණය ඔප්නැංවෙන අයුරින් ජිවත් වීමට තිර අදිටනකින් පසුවිය යුතුය. භික්ෂුන් වහන්සේලා සමග ධර්මය පිළිබඳව හැදෑරිම් වලට ධර්ම කරුණු අවබෝධයට කරණු සැලසෙන කාලයකි. ධර්ම පුස්ථක පරිශිලනයට යොමු වන්න. තම අතීත අත්දැකිම් පාදක කරගනිමින් ඉදිරි සැලසුම් සකස් කිරිමට යෝග්‍ය කාලයකි. පෙර පිනේ මහිමයෙන් තමාගේ සංසාරික නෑදෑ හිතවතුන් මුන ගැසීමට අවකාශය සැලසේ. බොහෝ විට එය පුජනීය ස්ථාන ආශ්‍රීතව සිදුවිය හැක. වන්දනා ගමන් යෑමට හිත යොමුවේ. ප්‍රදේශයේ පොදු අරමුණක් /අවශ්‍යතාවක් වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කැපකිරිමක් සිදුකිරිමේ වාසනාව උදාවේ.

------------- *-*-*-*-------------
කටක ලග්නය
------------- *-*-*-*-------------

තමාගේ වචන කටින් පිටවීමට පෙර එය ප්‍රකාශ කිරිමට යෝග්‍යද නැද්ද යන්න පිළිබඳව දෙවතාවක් සිතා වචන භාවිත කරන්න. අන්සතු මුදල් සම්පත් මත තමාගේ සැලසුම් සකස් කිරිමෙන් ප්‍රයෝජන අත්නොවේ. ඒවා තමන් විසින්ම උපයා සපයා ගැනිමට වෙහෙසිය යුතුය. අනුන්ගේ සාක්කුවට සැලසුම් ඇදිමෙන් එම සාක්කුවයි තමන්ගේ සාක්කුවයි දෙකම තමාට අහිමිවන බව තරයේ සිහි තබාගන්න. මරණ භය තුරන්වන කාලයකි. තම කලත්‍රයාගේ ලිංගික අවශ්‍යතා කෙරෙහි නොසැලකිමත් විමෙන් පැවැත්මට බාධක ගෙනෙනු ඇත. රාහු/කේතු අන්තර දශා මහා දශා ගත කරන්නන් මතු යෙදෙන පුද පිළිවෙත් සපුරන්න.

------------- *-*-*-*-------------
සිංහ ලග්නය
------------- *-*-*-*-------------

සිංහ ලග්න හිමි ඔබගේ මනස ව්‍යාකුල කරන අඥාන තින්දු තීරණ වලට ඔබව පොළඹවන කාලයක ඇරඹුමක් බව තරයේ සිහි තබාගන්න. අගෝස්තු 16න් පසු එම තත්වය වර්ධනය වනු ඇත. හිත හීක්මවා ගැනිමට කටයුතු කරන්න. තම ආත්ම විශ්වාසය බිඳ දමා නොගන්න. තම පෞර්ෂය වර්ධනය කරගැනිමට, තම කටයුතු තමා විසින්ම සිද්ධකරගන්නා අයුරු තේරැම් ගැනිමට තම සතිය(පවත්නා මොහොතේ එල්ඹගත් සිහිය) පවත්වාගෙන යාමට නිරතුරුව කටයුතු කරන්න. හවුල් ව්‍යාපාර පොදු කටයුතු පිළිබඳව සැලකිලිමත් වන්න . විවාහ අපේක්ෂකයන් ඉතාමත් සුපරික්ෂාකාරි වන්න. තම අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳවැටෙන කාලයකි. නීතිමය කටයුතු වලින් සමාජයෙන් ඈත්වන තරමට යහපත්ය. මතු දැක්වෙන පුජා සිදුකරන්න.

------------- *-*-*-*-------------
කන්‍යා ලග්නය
------------- *-*-*-*-------------

සත්පුරෂයන්ගෙන් ඇත්වීම සහ අසත්පුරැෂයන් දුර්ජනයන් ලංකරගැනීම නිසා ගැටලු හටගනි. සුරා සුදුවට මිල මුදල් වැය කරන්නට සිත් ඇතිවේ. තිර අදිටනින් එය පාලනය කරගත යුතුය. උත්සහයේ තරමට ප්‍රතිඵල නොලැබෙතැයි සිතුනද අවසානයේ අරමුණ සාක්ෂාත් කරගත හැකිවනු ඇත. ඊට අපරිමිත ධෛර්යයෙන් කටයුතු කරන්න. ආයෝජන වලට තරමක් නුසුදුසු කාලයකි . දුර දිග නොබලා කරන වියදම් වලින් තමන් සතු තැන්පත් ධනය වස්තුන ක්ෂය කර දමනු ඇත. ගුප්ත ශාස්ත්‍රයන් කෙරෙහි අධ්‍යාපනයට සිත් යෙදෙන, තම කටයුතු වලට ගුප්ත ශාස්ත්‍රයන්ගේ සහය පතන ඉන් ප්‍රයෝජන ලබන කාලයකි. ගුප්ත සුක්ෂම ක්‍රමයක් මගින් සතුරන් ඉරිසියා කාරයන් මැඩිමට පෙළබෙනු ඇත.

------------- *-*-*-*-------------
තුලා ලග්නය
------------- *-*-*-*-------------

අධ්‍යාපන කටයුතු වල නිරතවන්නන්ට පොත් පත් පරිශිලනයට, පොත් පාඩම් කිරීමට ඉතා ශුභ කාලයකි. එම නිසා තරග විභාග වලට මුහුන දිමට අපේක්ෂිත අයට විශය ඥාණය වර්ධනය කරගැනිමට ඉතා යහපත් වන නිසා ඉන් ප්‍රයෝජන ගැනිමට උපක්‍රමික විය යුතුය. ස්ථිරවම පැවති ලැබීම් අස්ථාවර වන අතර අස්ථාවර අවිනිශ්චිත ක්‍රම ඔස්සේ බලාපොරොත්තු නොවන ලැබිම් ලැබිමට හේතු වේ. තමාට පහත් මට්ටම් වල අයගෙන් ලාබ ලැබේ. මෛතුන්‍යයට සුරාවට ලොල් මිතුරන් ලංවෙනු ඇත. ඔවුන් දුරස්කර තබා ගන්න . අනුන් සතු දෑ බලෙන් හෝ තමා සතු කරගැනීමට සිත් යෙදෙන කාලයකි. තමාට වැදගත් යමක් සම්බන්ධව ඉගෙන ගැනිමට ඉදිරි වසර එකහමාර භාවිතා කරන්න. සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් 2017.01.26 වන තුරු ශනි පූජාවන්ගේ නිරත වන්න.

------------- *-*-*-*-------------
වෘශ්චික ලග්නය
------------- *-*-*-*-------------

තම නිවස කෙරෙහි කලකිරීම් වර්ධනය වීමට හේතු යෙදේ. එවැනි කලකිරිම් වලට තම සිත බිඳ දැමීමට ඉඩ නොදීමට ධෛර්යවන්ත විය හැකි නම් එම තත්වය සමනය කරගත හැකි වනු ඇත. තම ඥාති වර්ගයා කෙරෙහි සිත් කලකීරිම් ගෙනදේ. පියා සතු ධන සම්පත තමා විසින් ක්ශේෂ කර දැමීමට කරැණු යෙදිය හැකි බැවින් පියාගේ මුදල්/සම්පත් යොදවා කරන අයෝජන වලින් දුරස් වන්න. රැකියාව වෙනස්විමට හේතුයි. රැකියා ස්ථාන මාරු කිරිමට පෙර සිය වතාවක් සිතා බුද්ධි ගෝචරව කටයුතු කරන්න. රැකියා ස්ථානයේ හිත මිත්‍රාදීන් සේවකයන් සමග ආරවුල් ඇතිකර නොගන්න . රැකියා ස්ථානයේ ඉවසිම,හික්මීම වර්ධනය කරගන්න. අහංකාර ගතිය දුර්ජන ආශ්‍රය,පරදාර සේවනය ආදියට සිත්වේ නම් එවැනි හැගිම් පාලනය කර ගැනීමට අදිටන් කර ගන්න. සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් ශනි පූජාවන්ගේ නිරත වන්න.

------------- *-*-*-*-------------
ධනු ලග්නය
------------- *-*-*-*-------------

ධනු ලග්න හිමි ඔබට සහෝදර සහෝදරියන්ගේ උදව්ව උපකාර ලැබෙන කාලයකි. ආගම දහම කෙරෙහි නොසැලකිලිමත් කමින් ගැටලු මතු වේ. පෙර පිනේ මහිමයෙන් මෙතෙක් කරගෙන ආ කටයුතු, ලැබිම් ව්‍යාකුල වේ. නීතිමය කටයුතු වලට මැදිහත් වීමට සිදු වේ. තම සහෝදර සහෝදරියන් කෙරෙහි වෙනදාට වඩා ලෙන්ගතු වන්න. එවැන්නකුගේ වියෝවක් /ඈත්විමක් සිදුවිය හැකි බැවින් තම යුතුකම් මැනවින් ඉටු කරන්න. තමාගේ දෑ කඩා වඩා ගන්නා යම් සොහොයුරෙක්/ සොහොයුරියක් වේ නම් ඔහුට වඩා ලෙන්ගතු වන පිහිටීමකි. මුලික අධ්‍යාපනය ලබන වයසේ ආයගේ අධ්‍යාපන කටයුතු තරමක් අඩාල විය හැක. හදිසි අනතුරු වලින් ප්‍රවේසම් වන්න. අසල්වාසින් තම සහයට එන යම් සිදුවීමක් සිදුවිය හැකි බැවින් ඔවුන් සමග හොඳ හිත වර්ධනය කරගන්න. වෙහෙසකර ගමන් වල යෙදීමට සිදුවේ. ජීවිත ගමන තුල අමතක නොවන පාඩමක් තමාට විඳ ගැනීමට, ඉගෙන ගැනීමට සිදුවන තත්වයක් මෙම ගෝචර ග්‍රහ ගමන තුල ඇති කරයි. තම පැතිරීම අඩු කරයි. මතු දැක්වෙන ග්‍රහ පුජා වල යෙදෙන්න. සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් ශනි පූජාවන්ගේ නිරත වන්න.

------------- *-*-*-*------------- 
මකර ලග්නය
------------- *-*-*-*-------------

ආදායමේ හා මුල්‍ය කටයුතු වල වෙනස් කමක් ඇති වේ. පෙර ණයක් ලබාගත හැකි වනු ඇත(ඇතැම් විට පුර්ව ආත්ම ණයක් වුවද විය හැක). තම අභිමතය පරිදි කටයුතු කිරිමට දැඩි ආයාසයක් ගත යුතුය. තමාගේ රැකියා තත්වය ලැබීම් පිළිබදව අතෘප්තිකර සිතුවිලි වර්ධනය වේ. ඊට ප්‍රතිවිරුද්ධව සිතීමට පෙළඹීමෙන් එම තත්වය සමනය කරගත හැක. ජිවිත අවධානමක් සහිත සමිප ඥාතියෙකු වේ නම් ඔහු කෙරෙහි අවධානය යොමුකරන්න. එවැන්නෙකුගේ වියෝවක් සිදුවිය හැකිය. අසිමිත ලෙස ලිංගික ආශාවන් වර්ධනය විය හැකි බැවින් දැඩි පරිශ්‍රමයකින් දුර දිග බලා කටයුතු කරන්න එම පද්ධති අධික වෙහෙස කරවීම තුලින් ජනනේද්‍රයන් ආශ්‍රිතව ආබාධ ඇතිවිය හැක. මනසට නැගෙන නුසුදුසු හැගීම් ආකල්ප ඊට ප්‍රතිවිරැද්ධ ආකල්ප මගින් මැඩලිමට උත්සුක වන්න.

------------- *-*-*-*-------------
කුම්භ ලග්නය
------------- *-*-*-*-------------

මනසේ කර්කශ ස්වරෑපය වර්ධනය වේ. හිසේ උෂ්ණ ගති වැඩිවේ. සුදුසු තෙලක් හිස ගැල්විම යහපත්. තම සිතට විරුද්ධ කටයුතු වල නිරත විමට සිත් දේ නම් ඉතා ඉවසිලිවන්තව දුර දිග බලා කටයුතු කරන්න. තමාට දරාගැනිමට අපහසු බරපතල කාර්යන් වල නිරත විමට සිදුවනු ඇත. විරුද්ධවාදින් සමග ගැටුම් ඇතිවනු ඇත. නීතිමය කටයුතු වලට මැදිහත් වීමට සිදුවනු ඇත. වීවාහ අපේක්ෂකයන්ට බලාපොරොත්තු සඵල කරගත හැකි වුවද දුර දිග නොබලා එවැනි තිරණ වලට එළැඹීමෙන් අමාරුවේ වැටිය හැකිය. මංගල යෝජනා බලාපොරොත්තු වන අය විශේෂයන් කල්පනා කාරීවන්න. නුසුදුසු අයෙකුට හසුවිය හැක. හැගීම් වලට යටත් වීමෙන් රහස් සම්භන්ධතා වලට යොමුව ජිවිතයට කැළැලක් එකතුකර නොගැනිමට අදිටන් කර ගන්න. හවුල් ව්‍යාපාර වල නිරත වන්නන් වඩ වඩාත් ඉවසිලිවන්ත විය යුතුය. තමාගේ පැතිරිමට යහපත් කාලයක් වුවද එම පැතිරිම හොඳ අතට වඩා නරක අතට යොමුවිමේ ඉඩකඩ වැඩිය. මතු දැක්වෙන පුද පුජා වල නිරත වන්න.

------------- *-*-*-*-------------
මින ලග්නය.
------------- *-*-*-*-------------

වෙහෙස මහන්සිය නොබලා තම කටයුතු සිදුකරගෙන යා යුතු කාලයකි. අන් අයට පිහිටවීම තුලින් අන්‍යයන්ගෙන් ලැබීම් වඩා වර්ධනය වන කාලයකි. හුදකලාව තම ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කරගැනිමට සිත් වන කාලයකි. ගිලනුන්ට, මානසික රෝගීන්ට ඇප උපස්ථාන කරමින් සතුටක් ලබයි. තමාගේ මෙන්ම අන් අයගේ අඩුපාඩුකම් යහමින් දැනගැනීමට හැකි කාලයකි. පරිත්‍යාගශීලි වේ. අධ්‍යාත්මික /ලෝකෝත්තර කරුණු වලට අදාල වියදම් යෙදේ. ඥාණය වඩවන පොත් මිලදි ගැනීමට පෙලඹේ. විෂ ශරීර ගතවීම, සර්පයින්ගෙන්, විෂ සතුන්ගෙන් ප්‍රවේසම් වන්න. විවාහ ජිවිතය, ආදර සම්බන්දතා සම්බන්දව මෙතෙක් පැවති වියවුල් සමනය වේ. අවධානම් සහගත කටයුතු වල නොයෙදීමට අදිටන් කරගන්න. වාහන පදවන අය තම සිහිය පිහිටුවාගන්න. මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූවන් හැකිතාක් ඉන් අත් මිදෙන්න.

මා යමෙකුගේ හිත සැනසිමට පලාඵල ප්‍රකාශ කරන්නෙකු නොවන බැවින් සඳහන් කර ඇති කරුණු වල තමාට අයහපත් යමක් සඳහන් වේ නම් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඊට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරිමට මනසට විධානය කරන්න.

------------- *-*-*-*-------------
පුද පුජා
------------- *-*-*-*-------------

රාහුට
------------- *-*-*-*-------------

වැටකේ පැලයක් සිටුවා එයට සත්කාර කරන්න. ලෝහ නාග රූප, ලෝහ භාජන දන් දීම ශුභයි. ඊතන,තල,කොලොං කොළ,කලාදුරැ අල, ඇත්දත්, කස්තුරි, එළකිරි තැම්බු වතුර ස්නානය කරන්න.
අර්ධ කායං මහා වීර්යං - චන්ද්‍රාදිත්‍ය විමර්ධිනම්
සිංහිකා ගර්භ සම්භූතං - තං රාහුං ප්‍රණමාම්‍යහම්
මෙම ස්තෝත්‍රය නිතර භාවිත කරන්න.

කේතුට
------------- *-*-*-*-------------

කෙසෙල් ගසකට සත්කාර කරන්න. තල,තල තෙල්,කස්තුරි, එළු ලොම් වලින් සැදු රෙදි 
ලෝහ භාජන දන් දෙන්න.
ඊතන, තල කොලොං කොල,කලාදුරැ අල,කස්තුරි, එළු කිරි, තම්බා වතුර ස්නානය කරන්න.
පලාශ පුෂ්ප සංකාශං - තාරකා ග්‍රහ මස්ථකම්
රෞද්‍රං රෞද්‍රාත්මකං ඝොරං - තං කේතුං ප්‍රණමාම්‍යහම්
මෙම ස්තෝත්‍රය නිතර භාවිත කරන්න.

ඔබට තෙරුවන් සරණයි..
Posted by Unknown On 5:36 PM

මේෂ ලග්නය 

නිවස සම්බන්ධව ශුභ තාවයන් වර්ධනය කරමින් මෙම සතියආරම්භවන අතර සතිය මැද වන විට අධ්‍යාපනය සම්බන්ධව තිබුණු පීඩා දායක තක්වයන් තරමක් සමනය කරයි.

ධනය- සතියේ මුල තරමක් යහපත් වුවද තමන්ගේ ආදායම වර්ධනය කරගැනීම කෙරෙහි තමන්ගේ සූක්ෂම ඥාණය භාවිතයෙහි යෙදවිය යුතුය.

රැකියාව- රැකියා ස්ථානයේදී තමන්ගේ ආවේග පාලනය කරගනිමින් අන් අය සමග සුහදව කටයුතු කිරීමට අදිටන් කරගතයුතුය.

අධ්‍යාපනය- සතියේ මැද යම් සහනයක පහසුවක් ලැබීමට අධ්‍යාපනය ලබන්නන්ට හේතු වේ.

යුග සැපත- යුග සැපත රැකගැනීමට තමාගේ ආවේග පාලනය කරගැනීමට සිදුවේ. කෝපය වේගය හැකිතාක් දුරු කල යුතුය.
ජය අංකය3

සුබ දිනය - 30



වෘෂභ ලග්නය

සතියේ මුල අන් අයගේ පිළිගැනීමට සහ ගෞරවයටලක්වේ.සතියේ මැද නිව‍සේ සහනය වර්ධනය වෙයි. සතුරුකම් ඉරිසියාකම් කරන්නන් ගැන අවධානයෙන් පසුවිය යුතුයි.

ධනය- බුද්ධිමත් නොවන තීරණ ගැනීමට වේගවත් නොවන්න.ඉවසිලිවන්ත බවින් ධනය වර්ධනය කරගත හැක.

රැකියාව- රැකියාව සම්බන්ධව ඇති පසුගාමී ස්වභාවයට සතු‍ටෙන්මුහුණ දිය යුතුයි.එමගින් තත්වය වඩා යහපත් කරගත හැක.

අධ්‍යාපනය- සතියේ අග අධ්‍යාපනය පිළිබද කටයුතු වඩා සාරථකවනු ඇත. 

යුග සැපත- අන් අයගේ කේලම් වලින් ප්‍රරවේසම් වන්න. යුග සැපතවර්ධනය කරගැනීමට ඉවසිලිවන්ත වන්න. ජය අංක 2

සුබ දිනය - 27



මිථුන ලග්නය

සතියේ මුල ධන වාසනා වර්ධනය වන කාලයකි. රජයේ නිලධාරීන් සමග ගැටුම් ඇතිකර නොගන්න. මහමග රජයේ ආයතන වලදී කල්පනාවෙන් පසුවන්න.

ධනය- ධනය වර්ධනය වීමට හේතු සැලසේ. බුද්ධිමත්ව අවස්ථාවහදුනාගන්න.

රැකියාව- සාමකාමී ගති ඇතත් ඉක්මන් තීරණ නිසා දෝශාරෝපණයට ලක්විය හැක.

අධ්‍යාපනය සතුටෙන් බුද්ධියෙන් කරගෙන යාමට අවකාශ සැලසේ.

යුග සැපත- සතුට වඩා වර්ධනය වේ. විවාහා අපේක්ෂකයින්ට ශුභයි. මංගල යෝජනා ස්ථිර වේ.
ජය අංකය8

සුබ දිනය - 25



කටක ලග්නය

සිතේ සතුට සහනය වර්ධනය වෙමින් සතිය ආරම්භ වේ. වචනයෙන් අන් අයගේ ගෞරවය දිනාගත හැකි සේම තොරතෝන්චියක් නැතිව කතා කිරීමෙන් එම ගෞරවයට හානි විය හැක.

ධනය- සතියේ මැද හදිසි ධන ලාභ අත්විය හැක. ධනය ලැබීම යහපත්.

රැකියාව- රැකියාවේ මහිමයෙන් තමන්ගේ ගේ දොර කටයුතු වේගවත්ව කරගැනීමට හැකියාව ලැබේ. 

අධ්‍යාපනය- අලස පසුගාමී අදහස් දුරලා අධ්‍යාපනයෙහි නිරත විය යුතුය.

යුග සැපත- ඉක්මන් තීන්දු තීරණ ආවේග පාලනය කරගන්න. එමගින් යුග සැපත වර්ධනය කරගත හැක.
ජය අංකය7

සුබ දිනය -30



සිංහ ලග්නය

සතියේ මැද වාසනාවන්ත ලෙස ගෙවී යනු ඇත. වචන භාවිතයේදී දෙවරත් සිතා කටයුතු කිරීම වටී. නිවසේ කටයුතු වලදී ඉවසිලිවන්ත වන්න.

ධනය- සතියේ අග හදිසි ලාභ ඇතිවිය හැක. හදිස්සිය නිසා ආදායම් මාර්ග අවහිර වීම් ඇතිකර නොගැනීමට කටයුතු කරන්න.

රැකියාව- රැකියා ස්ථානයේ සතුට වැඩෙන රැකියා අපේක්ෂකයින්ට නව අවස්ථා විවර වන කාලයකි.

අධ්‍යාපනය- සතුටෙන් අධ්‍යාපන කටයුතු සිදුකීරීමට හැකි අතර ඥාණය බුද්ධිය වර්ධනය වේ .

යුග සැපත- නිවසේ ඇතිවන අමනාපකම් නෝක්කාඩු නිසා යුග සැපතට බලපෑම් එල්ල කර නොගැනීමට අදිටන් කරගන්න.
ජය අංකය3

සුබ දිනය -28



කන්‍යා ලග්නය

හිතේ ඉවසිලිවන්ත බව ඥාණාන්විත බව ව්‍යාකූල විය හැකි බැවින් හිත හික්මවාගත යුතුය. වචන භාවිතයේදී දෙවරක් සිතා වචන භාවිත කරන්න. සමාජයේ දෝශ දර්ශණයට ලක් නොවන ලෙස කටයුතු කිරීමට අදිටන් කරගන්න.
ධනය- සතියේ මුල හදිසි ලාභ. සතිය මැද වන විට වැදගත් යමක් මිලදී ගැනීමට හැකි වේ. ආධ්‍යාත්මික ගුණය ප්‍රකටවන වියදම් නියමයි.

රැකියාව- තමන්ගේ බුද්ධිය ප්‍රකටවන රැකියා ස්ථානයේ සොම්නස උතුරන කාලයකි.

අධ්‍යාපනය- ගුරුවරුන්ට අවනත වීමට ගරු කිරීමට අදිටන් කරගත යුතුය.

යුග සැපත- සතිය අවසාන වන විට යුග දිවිය පිළිබදව මෙතෙක් පැවති අසහන්කාරී තත්වයන් සමනය වනු ඇත.ජය අංකය9

සුබ දිනය -25



තුලා ලග්නය

සිංහයෙකු සේ එඩිතර ගති ඇතිවේ. ආවේගකාරී වේගවත් ගතිය වැඩි බැවින් ආවේග පාලනයට අදිටන් කරගන්න. තමාගේ වචනය නිසා තමාගේ තත්වය පිළිගැනීම සම්බන්ධ ගැටළු මතුවිය හැකි බැවින් පුවේසම් වන්න. දුගී මගී යාචකයින්ට සැලකීම වටී.
ධනය- සතියේ මැද හදිසි ලාභ ඇතිවේ. මෙතෙක් පැවති මුදල් අනවශ්‍ය ලෙස වියදම් කිරීමේ තත්වය සතිය අවසානයෙන් පසු සමනය වනු ඇත.

රැකියාව- රැකියා අපේක්ෂකයින්ගේ අභිලාශයන් මුදුන්පත් වේ. සතියේ මුල ඉතා යහපත් ලෙස රැකියා කටයුතු සිදු වන අතර මැද රැකියාවේ මහිමයෙන් යම් යම් ලැබීම් ලැබීමට වාසනාව උදාවේ.

අධ්‍යාපනය- අලස පසුගාමී අදහස් දුරලා අධ්‍යාපනයෙහි නිරත විය යුතුය. උත්සහය වැඩි කරගන්න.

යුග සැපත- හදිසි තීරණ ආවේග පාලනය කරගන්න. එමගින් යුග සැපත පවත්වාගෙන යාමට රුකුල් වනු ඇත.ජය අංකය5

සුබ දිනය -25



වෘශ්චික ලග්නය

සිතේ පවතින අසහනතා සමනය කරගැනීමට අදිටන් කරගන්න. වචනයෙන් තම බුද්ධියත් මිත්‍රශීලී බාවයත් ප්‍රකට කෙරෙනු ඇත.
ධනය- බුද්ධිමත්ව කටයුතු කිරීම නිසා වාසි සැලසෙන අතර එමගින් සිතේ සතුට වර්ධනය වේ.

රැකියාව- රැකියා අපේක්ෂකයින්ට සතියේ මැද ශුභයි. රැකියා ස්ථානයේ පිළිගැනීම වර්ධනය වේ.

අධ්‍යාපනය- මෙතෙක් පැවති අලස පසුගාමී තත්වය සතියේ අගදී සමනය වීම ආරම්භ වේ.

යුග සැපතත- යුග සැපත වර්ධනය වන සතියකි. ශුභයි.
ජය අංකය8

සුබ දිනය -30



ධනු ලග්නය

නිරවුල් සැහැල්ලු මනසකින් කටයුතු කිරීමට අවකාශ යෙදෙන කාලයකි. මනසේ සොම්නස උතුරා යයි. පූර්ව කුසලකර්මයන්ගේ ඵලදීමක් සතියේ මැද නියමයි .

ධනය- ධන සම්පත් වර්ධනය වන අතර ඉවසිලිවන්ත විය යුතුය.

රැකියාව- සතියේ අග වන විට මෙතෙක් පැවති ව්‍යාකූල තත්වයන් සමනය වන අතර ඉන් අනතුරුව වඩා යහපත් රැකියා අවස්ථා වුවද ලැබීමට හේතුයි.

අධ්‍යාපනය- මෙතෙක් පැවති අවහිරතා, පීඩනය අතියේ අගදී නිමා වෙයි. වැඩි ආයාසයකින් තොරව කටයුතු කරගෙන යාමේ හැකියාව වර්ධනය වේ.

යුග සැපත- සතුටෙන් සොම්නසෙන් ගතකරගත කාලයකි. ශුභයි.
ජය අංකය 4

සුබ දිනය -28



මකර ලග්නය

තීන්දු තීරණ ගැනීමේ වේගය වැඩිය. නොරිස්සුම් ගති වැඩි වේ. ඉවසිලි වන්තව කටයුතු කරන්න.

ධනය- ධනය ලැබීම ශුභයි. 

රැකියාව- තමාගේ ආවේගය පාලනය කර නොගන්නේනම් රැකියා ස්ථානයේ ගැටුම් මතුවීමට හේතු වේ.

අධ්‍යාපනය- වේගවත්ව, අභි‍යෝගාත්මකව ඉදිරියට යාමට හැකි කාලයකා.

යුග සැපත- තමාගේ දැඩි බව නිසා යුග සැපතට යම් බලපෑමක් එල්ල වුවද සතියේ අවසානයේ යුග සැපත වර්ධනය වේ. 

ජය අංකය4
සුබ දිනය -25



කුම්භ ලග්නය

හදිසි වියදම් වලින් ප්‍රවේසම් වන්න. ශ්‍රියාව වර්ධනය වේ. වාත රෝග තත්වයන් සතියේ අගදී සමනය වේ. අන්තර් පුද්ගල සම්බන්ධතා, හවුල් ව්‍යාපාර වලට ශුභයි.
ධනය- සතියේ අග ධන සම්පත් වර්ධනය වන මෙතෙක් පැවති අපහසුතාවයන් සමනය වේ.

රැකියාව- ඉවසිලිමත් වන්න. පෙර පින් බලෙන් කටයුතු සාර්ථක කරගත හැක.

අධ්‍යාපනය- වැඩි ආයාසයකින් තොරව විනොදකාමීව අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ හැකියාව වර්ධනය වේ.

යුග සැපත- සතුටෙන් සොම්නසෙන් ගතකරගත කාලයකි. ශුභයි.
ජය අංකය2

සුබ දිනය -27



මීන ලග්නය

සිතේ පැවතී අසහනකාරී ගතිය සතිය අගදී අහවර වන අතර කෝටියක් දෝශ භංගකරමින් යන යහපත් කාලයකි. නව ප්‍රවනතා හදුනාගෙන ලැබීම් වර්ධනය කරගැනීමට උත්සුක වන්න.

ධනය- මධ්‍යස්ථ මට්ටමකි. 

රැකියාව- සතුට වැඩෙන පිළිගැනීමට ඇගයීමට ලක්වන කාලයකි. නව අවස්ථා විවෘත වේ.

අධ්‍යාපනය- සතිය අගදී ආයාසයකින් තොරව අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යෑමට අවකාශ යෙදේ.

යුග සැපත- මෙතෙක් පැවතී ව්‍යාකූල අස්ථාවර තත්වයන් සතියේ අගින් නිම වන වාසනාවන්නත කාලයක ඇරඹුමකි.ජය අංකය9

සුබ දිනය -30

Posted by Unknown On 9:21 PM


සිකුරු ග්‍රහයා අද දින උදේ 6.20 ට පමණ කුජ හිමි වෘශ්චික රාශියේ සිට සිය සම රාශියක් වන ගුරුට අයත් ධනු රාශියට ගමන් කල අතර සිකුරු ධනුවට පිවිසීමත්, අද දින ධනු රාශි ගත බුධ සමඟ සිකුරු යෝග වීමත් හේතුවෙන් මෙම කාලය තුළ සරස්වතී හා විෂ්ණු ලක්‍ෂ්මී යන සුබ යෝග උදා වනු ඇත. ඉගෙනීමට, ව්‍යාපාර දියුණුවට මෙන්ම තම නිදන් ගත රෝග සුවයටද මෙම යෝග උදාවීම ඉතාම සුබ දායක වනු ඇත. මෙම කාල සීමාවේ උපදින දරුවන්ට ඉහත කී යෝග යෙදීම නිසා අනාගතයේ කලා ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන රූප සම්පත්තියෙන් ද අගතැන් පත් අය වනු ඇත.

විශේෂයෙන්ම මෙම කාල වකවානුව ප්‍රේම සබඳතා සහ විවාහ කටයුතු සඳහා වඩාත් යෝග්‍ය කාලයක් වන අතරම දේශපාලන ක්ෂේත්‍රයේ කැළඹීම් බහුල අනතුරු ආදිය වැඩිවන කාලයකි.ගංවතුර නාය යෑම ආදී ස්වභාවික විපත් වැඩි වන අතර රට තුල රහස්‍ය කටයුතු ඇතිවන කාලයකි.

සිකුරු මහ දශා හා අතුරු දශා, විදශා ගත කරන අයට මෙම ග්‍රහ මාරුව ඉතාම යහපත්ය. ලග්න වශයෙන් මේෂ, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්නවලට සුබ ප්‍රතිඵලත් වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර, කුම්භ යන ලග්නවලට මිශ්‍ර ප්‍රතිඵලත් ඇතිවනු ඇත. 

මේෂ ලග්නය 

සිකුරු හා බුධ 9 වැන්නේ යෝග වෙයි. පෙර පින පෑදෙන කාලයකි. මානසික ව්‍යකුලතා හා පවතී බාධා කරදර සියල්ලක්ම දුරුව යයි.දරු ඵල බලාපොරොත්තු වන අයට යහපත්ය.තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වෙයි. 

වෘෂභ ලග්නය 

සිකුරු හා බුධ 8 වැන්නේ යෝග වීම එතරම් සුබ දායක නැත. අනතුරු වලට ඉඩ පවතී.සහෝදරයෙක්ට අපල ඇත.විමසිල්ලෙන් කටයුතු කරන්න.බෝධි පුජා පැවැත්වීම යහපත්ය.

මිථුන ලග්නය

සිකුරු 7 වැන්නට පැමිණේ.විවාහ කටයුතු සහ මංගල යෝග උදාවේ.යුග දිවිය යහපත්ය.සෙම් රෝග බහුල විය හැකිය.අලුත් නිවාස අළුත් ව්‍යාපාර ආදියට මුල් තැන දීමට සුදුසු කාලයකි.

කටක ලග්නය

ලග්නයෙන් 6 වැන්නේ යෝග වන සිකුරු හා බුධගේ ග්‍රහ ගෝචරය නිසා පසුගිය දිනවල පැවැති බාධා බොහොමයක් අවම වනු ඇත.මනසේ තිබූ ප්‍රශ්ණ බොහොමයකට විසඳුම් මාර්ග පෑදෙනු ඇත.පවුලේ අයෙක්ගේ රෝගී තත්වයක් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවේ.අලුතින් අරඹන ව්‍යාපාර හා අධ්‍යාපන කටයුතු වලට සුබයි.

සිංහ ලග්නය 

5 වැන්නේ යෝග වන සිකුරු හා බුධ ග්‍රහ ගෝචරය ඔබට සුබ දායක වනු ඇත.විවාහ හා ප්‍රේම සබඳතා වලට යහපත්ය.අධ්‍යාපන කටයුතු වලට සුබයි.සහෝදරයෙක් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවනු ඇත.ඔබගේ සමාජ පිළිගැනීම ප්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇත.

කන්‍යා ලග්නය 

සිකුරු හා බුධ ඔබගේ ලග්නයෙන් 4 වැන්නේ යෝග වන මෙම කාලයනව නිවාස ඉදිකිරීම් හා ඉඩම් මිලදී ගැනීමට ඉතා යහපත් කාලයකි. විවාහ අපේක්ෂිත අයට විවාහ වාසනා ඇති වීමට ඉඩ ඇත.දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත. මව් පාර්ශ්වයේ සොහොයුරෙකුට අපලදායක විය හැකිය.

තුලා ලග්නය 

තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු 3 වැන්නේ ගමන් කිරීමෙන් වියදම් පාර්ශ්වය ඉහළ යනු ඇත. සතුරු කරදරයකින් ජයගත හැකිය. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. අසනීපවලින් යම් සුවයක් අත්වෙයි.සෙම් රෝග ඇතිවිය හැකිය.

වෘශ්චික ලග්නය

සිකුරු හා බුධ ඔබගේ ලග්නයෙන් 2 වැන්නේ ගමන් කිරීම ඔබට සුබ දායක වනු ඇත. ලැබීම් ඉහළ යනු ඇත.ගෘහ ජීවිතය යහපත්වේ.රසවත් ආහාර පාන ඇඳුම් පැළදුම් ආදිය හිමිවේ.ඇස්වහ දෝෂ ඉවත් කරගැනීම සුදුසුයි.

ධනු ලග්නය 

සිකුරු ඔබගේ ලග්න භාවයේ ගමන් කරන මෙම කාල සීමාව ඔබට බෙහෙවින් සුබදායක වනු ඇත.විවාහ කටයුතු සාර්ථක වේ.මංගල යෝග උදාවේ.අධ්‍යාපන කටයුතු වලට සුබයි.කරන කියන කටයුතු බොහොමයකින් සාර්ථක ප්‍රතිපල හිමිවන කාල වකවානුවකි.ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම යහපත්ය.

මකර ලග්නය 

සිකුරු හා බුධ 12 වැන්නේ ගමන් කරන මෙම කාල සීමාව තුළ රැකියාවේ උසස් වීම් ස්ථාන මාරු ආදිය ඇතිවේ.සේවකයන් පිළිබඳව උනන්දු වන්න.නීතිමය කටයුතු වලට මැදිහත් වීමට පුළුවන.වැය පක්ෂය තරමක් ඉහල යනු ඇත.පවතින රෝග පිළිබඳව සැලකිලිමත් වන්න.

කුම්භ ලග්නය 

11 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාලයේ ආදායම් තත්ත්වය සුබදායක වෙයි.නව ආයෝජන වලට සුබයි.රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර තැන්පත් ආදායම් තත්ත්වයද ඉහළ යනු ඇත.අධ්‍යාපන කටයුතු හා තරඟ විභාග ආදියෙන් ජය හිමිවනු ඇත.

මීන ලග්නය 

10 වැන්නේ යෝග වන සිකුරු හා බුධ ඔබට සුබදායකයි. රැකී රක්ෂා කටයුතුවල සාර්ථක භාවය හා නව රැකියා අවස්ථා ඇතිවිය හැකිය. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර සමාජයේ පිළිගැනීම ඇතිවන අතර තම සමඟ ආශ්‍රය කරන්නන් හා ප්‍රවේශමෙන් කටයුතු කිරීම වඩාත් යහපත් වනු ඇත.ආවේගශීලී ගති පාලනය කරගන්න.
Posted by Unknown On 7:12 PM


-----------------------------------------------------------------------------------

මේෂ ලග්නය 
========
උසස් අය හා සබඳතා.
ජනවාරි 20 දිනෙන් පසු වාසි සහගත තත්ව ඇතිවිය හැකිය.කතාව තුලින් යම් වාසි අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.අතගසන කාර්යයන් සාර්ථක වේ. නවාංශක බලය ගිලිහුණද ලග්නය තව දුරටත් දකින බැවින් යහපත අත්වේ.
ධනය - ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.හිතමිතුරන්ගේ සහයෝගය හිමිකරගත හැකිවේ.
රැකියාව - රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.කාර්මික කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.
අධ්‍යාපනය -යහපත්ය. සුළු බාධා වීම් මුල් දිනවල ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.
යුග සැපත - පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටත් කටයුතු සාර්ථක කරගැනීමටත් යහපත් වටපිටාවක් නිර්මාණය වේ.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකිය.උරහිස් අමාරු ඇතිවිය හැකිය.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
-----------------------------------------------------------------------------------

වෘෂභ ලග්නය 
=========
ලැබීම් ඇතිවේ.
සිකුරු සහ කුජගේ පරිවර්තන ශක්තිය නිසා ඇති කරගන්නා බලය මත හිතවතුන් හා යම් ගැටළු ඇතිවිය හැකිය.ඉවසීම තරමක් ප්‍රගුණ කල යුතු කාලයකි.ගන්නා සෘජු තීන්දු තීරණ යහපතට හේතු වනු ඇත.නිහඬව තම දෛනික කටයුතු ඉටු කරයි.
ධනය -ධන වාසි අත්වේ. නමුත් වැය පක්ෂය ඉහළ යා හැකිය. ව්‍යාපාර කටයුතු ආදියෙහි නිරත වන්නන්ට වාසි අත්වේ. නිහඬ ලැබීම් වලට හිමිකම් පවතී.
රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.තනතුරු ලාභ බලාපොරොත්තුව සිටින්නන් හට එම ලාභ අත්වේ.
අධ්‍යාපනය - ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ. සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.
යුග සැපත - වැඩිහිටි අයගේ උදව් උපකාර නොමඳව හිමිවේ. දරුවන් සම්බන්ධ කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ. දණහිස් ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා
-----------------------------------------------------------------------------------

මිථුන ලග්නය 
=========
වාසි සහගත ආයෝජන.
බුධ යෝග කාරක සිකුරුගේ පුවසල නැකත තුල ගමන් කරන බැවින් නව ආයෝජන වලින් ජය ලැබෙන කාල වකවානුවකි.ජීවිතයේ ඉදිරිය පිළිබඳව වැදගත් තීන්දු තීරණ රැසක් ගනී.ආර්ථිකය සම්බන්ධව වැදගත් තීන්දු තීරණ ගනී.
ධනය - ලැබීම් වලට යහපත්ය.මුල් දින කිහිපය පසුවත්ම ඉතිරියක් කෙරෙහි උනන්දු විය හැකිය.
රැකියාව - අධ්‍යාපන, හෝටල් හා කාර්මික අංශයන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.
අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ගත හැකිවෙයි.
යුග සැපත - යහපත් සිතුවිලි වර්ධනය වන කාලයකි.විනෝද ගමන් වන්දනා ගමන් සඳහා යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.
සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා
-----------------------------------------------------------------------------------

කටක ලග්නය 
=========
සතුරු කරදර වලින් මිදේ.
මුල් දින කිහිපය තරමක් ව්‍යාකුල වටපිටාවක් ඇතිකරවන කාලවකවානුවක් වන අතර ලග්නාධිපති සඳු ශුභ භාවයන්හි ගමන් කරන බැවින් 20 දිනෙන් පසු යහපත් ප්‍රතිපල ඇතිවේ.සතුරු කරදර වලින් මිදේ.
ධනය - ධන වාසි අත්වන නමුත් වියදමද වැඩිවිය හැකිය.සති අග වනවිට එම තත්වය වෙනස් වේ.
රැකියාව - අධ්‍යාපන කාර්මික ගොවිතැන් ආශ්‍රිත ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් සිත එක අරමුණක තබා ගැනීමට තරමක් අපහසුය.සති අග වන විට තත්වය වෙනස් වේ.
යුග සැපත - නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.සතුරු කරදර හීන වී යයි.අඹු සැමි සබදතා යහපත් වේ.
සෞඛ්‍ය - හන්දිපත් අමාරු, උරහිස් අමාරු හා සෙම් රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
-----------------------------------------------------------------------------------

සිංහ ලග්නය 
========
ප්‍රසිද්ධියට පත්වේ.
රවිගේ හය වැන්නේ ගමන නිසා නායකත්වය නිතැතින්ම හිමිවේ.පිරිස් අතර ප්‍රසිද්ධියට පත්වේ.උත්සාහවන්ත ලෙස තම කටයුතු වල දක්ෂ ලෙස නිරත වෙයි.
ධනය - ආර්ථිකය යහපත්ය.ජනවාරි 19 න් පසු වඩාත් යහපත්ය .හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීමට නිතර සිදුවේ.
රැකියාව - වැටුප් වැඩිවීම් සහ උසස්වීම් හිමිවීමේ ඉඩකඩක් පවතී.යහපත් රැකියා වටපිටාවක් නිර්මාණය වේ.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනී යන අතර විභාග ජය සම්මුඛ පරීක්ෂණ ජය අත්වනු ඇත.
යුග සැපත -පෙම් කරන්නන් හට සුබදායී වටපිටාවක් සැකසේ.ගමන් බිමන් අධික වේ.දරුවන් හා ගත කරන කාලය අඩුවේ.පවුලේ හිතවතුන් වෙනුවෙන් උපකාර කරයි.
සෞඛ්‍ය - හිසේ කැක්කුම් උදරා බාධ ආදියට ඉඩ ඇත.පැවති රෝග සුව අතට හැරේ.

ජය අංකය -01
සුබ දිනය - ඉරිදා
-----------------------------------------------------------------------------------

කන්‍යා ලග්නය 
=========
අන්‍යන් හා හොඳ හිත වර්ධනය වේ
බුධගේ වක්‍ර ගමනත් ශනි සහ ගුරුගේ වැයස්ථාන ගතවීමත් මත නව සබදතා වැඩි දියුණු කරගැනීමට යහපත්ය.ආගමික කටයුතු කෙරේ දැඩි ඇල්මක් සහ ඉඩකඩක් ඇතිවේ.බොහෝ දෙනා අතර හොඳ හිත සුහදතා වර්ධනය වේ.
ධනය - ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට කෘෂිකාර්මික අංශයන්ට ධනය යෙදවීමට සහ එතුලින් ආදායම් ලැබීමට යහපත්ය.
රැකියාව - අධ්‍යාපන, හෝටල් ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උගතුන්ගේ උපදෙස් හා උපකාර ලැබේ.
අධ්‍යාපනය -කාර්යබහුල බවක් ඇතිවේ.සති අග වන විට යහපත් ප්‍රතිඵල අත්වේ.විභාග හා සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ හිමිවේ.
යුග සැපත - ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන්ට සුබයි.දරුවන්ට යහපත්ය.මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.සාමකාමී පරිසරයක් නිවස තුල ගොඩනැගේ.
සෞඛ්‍ය - ඌෂ්ණාධික ස්වභාවයන් හා උදරගත රෝග තවදුරටත් ඇතිවිය හැකිය.

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා
-----------------------------------------------------------------------------------

තුලා ලග්නය 
========
ස්වයං ව්‍යාපාර වලට සුබයි.
සිකුරු සහ කුජගේ පරිවර්තනය මත උද්‍යෝගය හා කර්යශුරත්වය වැඩි වන අතර ස්වයං ව්‍යාපාර වලට සුබයි.නව ජීවනෝපායන් වෙත පිවිසීමට හැකිවේ.හිතවතුන්ගේ සහය හිමිවේ.
ධනය - ලැබීම් වලට යහපත්ය.මිතුරන් වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීමට කරුණු යෙදේ.
රැකියාව - විශේෂ වරප්‍රසාද හිමිවන අතර රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.උසස්වීම් ආදියට යහපත්ය.
අධ්‍යාපනය -හිතමිතුරන්ගේ උදව් උපකාර හිමිවේ.අළුත් දේ ඉගෙනීමට සිත යොමු කරවීමට සුදුසු කාලයකි.
යුග සැපත - අවිවාහක අයට මංගල යෝග යෙදේ.අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් හා උදරගත අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා
-----------------------------------------------------------------------------------

වෘශ්චික ලග්නය 
==========
මූල්‍ය වාසි අත්වේ.
කුජ 12 වැන්නේ සිට හය වැන්න අධිපතිගේ බලය ලබමින් ගමන් කරන මෙම සතියේ අතපසු වූ කාර්යයන් බොහොමයක් ඉටු කර ගත හැකිවනු ඇත.හිත මිත්‍රාදීන්ගේ නිරන්තර සහයෝගය සැමවිටම හිමිවන එතුලින් මූල්‍ය වාසි අත්වේ.
ධනය -ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගෙන යාමට හැකිවේ.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩ ඇත.
රැකියාව - සංචාරක සේවා හා අධ්‍යාපන අංශයන්හි නිරතවන අයට වාසි අත්පත් වන අතර එතුලින් වාසි අත්වේ.වචනය පිළිබඳව ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය -බාධා අවමවේ.උනන්දුව හීන වීමක් සතිය මුලදී ඇතිවිය හැකි නමුදු විභාග ජය අත්වීමට නියමිතයි.
යුග සැපත - දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.
සෞඛ්‍ය - හෘද රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
-----------------------------------------------------------------------------------

ධනු ලග්නය 
========
උරුම හිමිකම් ලැබේ.
භාග්‍යස්ථාන ගත ගුරු නිසා උසස් පුද්ගල ඇසුර තුලින් වාසි අත්වේ.අන් අයගේ හොඳ හිත දිනාගනී.නව හිත මිතුරන් හඳුනාගත හැකි කාල වකවානුවකි.පාරම්පරික උරුම හිමිකම් හිමිවන කාලයකි.
ධනය - ධන ලාභ සතිය අග වන විට හිමිවේ.ආයෝජන සඳහා යොමුවීමට සුදුසුය.
රැකියාව - හෝටල් ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට වඩා යහපත් වේ.
යුග සැපත - පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැය පස අධික වේ.
සෞඛ්‍ය - රෝගාබාධ යහපත් අතට හැරේ.හන්දි අමාරු ඇති අය ප්‍රවේශම් වන්න

ජය අංකය -01
සුබ දිනය - ඉරිදා
-----------------------------------------------------------------------------------

මකර ලග්නය 
=========
අහඹු වාසි අත්වේ.
ශනි අයස්ථාන ගතව ලග්නයේ ගමන් කරන මෙම සතිය තුල අතපසු වූ කාර්යන් ඇරඹීමට යහපත් කාල සීමාවක් වනු ඇත.එතුලින් අහඹු වාසි අත්විය හැකිය.මිතුරන්ගේ සහ හිතවතුන්ගේ සහය හිමිවනු ඇත.
ධනය - ඉතිරිකිරීම් වලට වැඩි ඉඩකඩක් ඇති වන මුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -.විනෝදයට බර වේ.රැකියාවට තිබූ බාධා ඉවත්වේ.උද්වේගකාරී අවස්ථා ඇතිවේ.ඉවසීම ප්‍රගුණ කරන්න.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග වනවිට එයින් සුබදායී ප්‍රතිපල හිමිවේ.
යුග සැපත -.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර හොඳ හිත ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.දරුවන් කෙරෙහි වැඩි කාලයක් ගත කරනු ඇත.
සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ සැලකිලිමත්වන්න.සති අග විශේෂයි.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා
-----------------------------------------------------------------------------------

කුම්භ ලග්නය 
=========
මංගල යෝග උදාවේ.
ලග්නාධිපති ශනිගේ කේන්ද්‍රගත ගමන නිසා වගකීම් අධිකව යෙදෙන කාලයකි.මිතුරන්ගෙන් උදව් උපකාර පැමිණිය හැකි අතර ඇතැම් විටක නොසිතූ බාධක පැන නගී.නමුත් සති අගවන විටදීමේ තත්වය වෙනස්ව යහපත් අතට හැරේ.
ධනය -වැය පස තවදුරටත් ඉහළ යන අතර සති අගවන විට නව මාර්ග සඳහා යහපත්ය.
රැකියාව - කාර්යබහුල කාලයකි.රැකී රක්ෂාවන් වෙනුවෙන් වැඩි කැපකිරීමක් සිදු කරන අතර එයින් පල ප්‍රයෝජනරැසක් ලැබේ.
අධ්‍යාපනය - තරඟ විභාග සඳහා ඉදිරිපත්වීම සුබයි.යහපත් අධ්‍යාපන පසුබිමක් නිර්මාණය වේ.නව අත්හදා බැලීම් වලට යහපත්ය.
යුග සැපත - අඹු සැමි සබදතා තර වේ.පෙම් කරන්නන්ට යහපත් කාලයකි.මංගල යෝග උදාවන කාල වකවානුවකි.ඈත ගමන් බිමන් වලදී ප්‍රවේශම් වන්න.
සෞඛ්‍ය - ඌෂ්ණාධික හා කැස්ස උරහිස් අමාරු තත්වයන් තවදුරටත් ඇති කරවයි.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා
-----------------------------------------------------------------------------------

මීන ලග්නය 
========
අභියෝග රැසක්.
හය වැන්නේ වක්‍රව ගමන් කරන ගුරුගේ පිහිටීම මත මෙම සතිය විවේකය අඩුවේ.එදිනෙදා ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම වඩාත් සුදුසුයි.
ධනය - වැය පක්ෂය ඉහල යන නමුත් අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අගවත්ම යහපත් අතට හැරේ.
රැකියාව - නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතුවක්කාරී තීරණ ගැනීමට සිතේ.හිත මිතුරන්ගේ උදව් උපකාර නිතර හිමිවේ.උගතුන් ඇසුරට ලැබේ.
අධ්‍යාපනය -තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.
යුග සැපත - අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.දුර බැහැර ගමන් ඇතිවේ.
සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.පාද ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
Posted by Unknown On 7:19 PM


රවි හෙවත් සූර්යයා මසකට වරක් රාශියකින් තවත් රාශියකට ගමන් කිරීම සාමාන්‍ය සංසිද්ධියකි.එනමුත් අද දින (15) පාන්දර 1.26 ට සිදුවූ රවිගේ රාශි මාරුව තරමක් සුවිශේෂී වනු ඇත.ශනි හිමි මකර රාශියට පිවිසෙන රවි ග්‍රහයාට එම රාශිය සතුරු රාශියක් වුවද සිසිර සෘතුවේ රවි උත්තරායනය තුල බලවත් වෙමින් ප්‍රබල විශ්ව ශක්තියක් ද සමඟ 

- විවාහ සහ නිවාස කටයුතු සඳහා යහපත උදා කරවයි.
- ගස්වැල් තුරුලතා වල පල හටගන්නා සරු කාලයකි.
- තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතා සහ මංගල කාරණා ඉටුවන යහපත් කාලයකි.
- බලවත් ලෙස චක්‍රවාක මුහුර්තය යෙදීමෙන් ඉහත කාරනා වඩාත් තීව්‍ර වනු ඇත.

ඉහත කී පරිදි මාර්තු 13 දක්වා කාලය තුල විවාහ හා නිවාස ආශ්‍රිත සියළුම කටයුතු යොදාගැනීමට වඩාත්ම යහපත් කාලයක් වනු ඇත.

ලෝකයන ජ්‍යෝතිෂයට අනුව බුධ ග්‍රහයා ජනවාරි 14 දින ධනු රාශියට වක්‍ර ගමනින් ගමන් කිරීමත් මාර්තු මස 13 පමණ දක්වා රාහු සහ ගුරු ආසන්න අංශකයන්හි ගමන් කිරීමත් මත 

- හදිසි අනතුරු / දුම්රිය අනතුරු / රිය අනතුරු වැඩිවේ 
- ජලය ආශ්‍රිත විපත් සහ මුහුදු යන ධීවරයින්ට තරමක් පීඩාකාරී වේ.
- දේශපාලන ක්ෂේත්‍රය ද දැඩි උණුසුමක් ගනු ඇත.
- රටේ කීර්තිමත් බුද්ධිමතෙකුගේ වියෝවක් පෙන්වයි.

ලග්න වශයෙන් කුම්භ/තුලා/සිංහ ලග්නවලට සුබ පලත්, මේෂ සහ වෘශ්චික ලග්න වලට අසුබ පලත් අනෙකුත් ලග්න වලට මධ්‍යම පලත් උදාවේ.
Posted by Unknown On 8:36 PM


===============================================
මේෂ ලග්නය


බුද්ධිමත් තීන්දු තීරණ ගනියි.

කුජ මෙම සතියේ තම උච්ච රාශියක් වන මකර නවාංශකගතව ගමන් කරන බැවින් පෞර්ෂය වර්ධනය වන අතර අතපසු වූ කාර්යන් ඇරඹීමට යහපත් කාල සීමාවක් වනු ඇත.රැකියාවෙන් බොහෝ ඉදිරියට යා හැකි සතියකි.බුද්ධිමත්ව සිතා බලා තීන්දු තීරණ රැසක් ගන්නා කාලයකි.මිතුරන්ගේ සහ හිතවතුන්ගේ සහය හිමිවනු ඇත.
ධනය - ඉතිරිකිරීම් වලට වැඩි ඉඩකඩක් ඇති වන මුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -.රැකියාවට තිබූ බාධා ඉවත්වේ.අන් අයගේ සහයෝගය හිමිවේ.උසස්වීම් වලට සුදුසු වටපිටාවක් නිර්මාණය වේ.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග වනවිට එයින් සුබදායී ප්‍රතිපල හිමිවේ.
යුග සැපත -.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර හොඳ හිත ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.දරුවන් කෙරෙහි වැඩි කාලයක් ගත කරනු ඇත.
සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ හන්දිපත් අමාරු ඇති අය සැලකිලිමත්වන්න.සති අග විශේෂයි.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා

===============================================

වෘෂභ ලග්නය


භුමිගත ලාභ හිමිවේ.

කුජ හා සිකුරුගේ පරිවර්තන යෝග බලය 7 වැන්නට යොමුවීම මත නව මිතුරන් හඳුනාගැනීමට හැකිවේ.ඔවුන්ගෙන් එදිනෙදා කටයුතු වලට උදව් උපකාර හිමිවේ.භූමිය සම්බන්ධ දේවලින් වාසි ලැබෙනු ඇත.විනෝද විය හැකි අවස්ථා ඇතිවේ.ආගමික කටයුතු වලට සිත යොමු කරවයි.
ධනය - වැය පක්ෂය ඉහල යන නමුදු අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අග විශේෂයි.
රැකියාව - හිතුවක්කාරී තීරණ ගැනීමට පෙළඹිය හැකිය.හිතමිතුරන්ගේ අදහස් විමසමින් කටයුතු කිරීම යහපත්ය.
අධ්‍යාපනය -යහපත්ය.තරඟ විභාග වලින් ජය ලැබේ.සති අග විශේෂයි.
යුග සැපත - අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.අවිවාහකයින්ට මංගල යෝග යෙදේ.
සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.උදරාබාධ ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා

===============================================

මිථුන ලග්නය


සුහදත්වයෙන් ඉදිරියටම.

බුධගේ වක්‍ර ගමනත් අට අධිපති ශනිගේ හයවන භාවයේ ගමනත් නිසා විවේකය අඩුවේ.තනි තීන්දු තීරණ ගැනීමෙන් වැළකීම යහපත්ය.එදිනෙදා ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ.නව බලාපොරොත්තු බොහොමයක් ඉටු කරගත හැකිවේ.සුහදශීලිත්වය වැඩි වේ.එතුළින් අන් අයගේ සිත දිනාගනු ඇත.
ධනය - වැය පක්ෂය ඉහල යන නමුත් අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අගවත්ම යහපත් අතට හැරේ.
රැකියාව - නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතුවක්කාරී තීරණ ගැනීමට සිතේ.හිත මිතුරන්ගේ උදව් උපකාර නිතර හිමිවේ.උගතුන් ඇසුරට ලැබේ.
අධ්‍යාපනය -තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.
යුග සැපත - අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.දුර බැහැර ගමන් ඇතිවේ.
සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.පාද ආබාධ හෘදයාබාධ ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා

===============================================

කටක ලග්නය


මූල්‍ය වාසි රැසක්.

සඳු ශනිගෙන් වෙන්ව රවි හා එක්ව ගමන් කරන මෙම සතිය තුළ පිය පාර්ශ්වයේ උදව් උපකාර හිමිවේ.නව සබදතා වැඩි දියුණු කරගැනීමට යහපත්ය.දරුවන් ගේ කටයුතු වෙනුවෙන් වඩාත් උනන්දුව ක්‍රියා කරයි.බොහෝ දෙනා අතර හොඳ හිත සුහදතා වර්ධනය වේ.නව අංශයන්ට අත ගැසීම මත මූල්‍ය වාසි රැසක් ලැබේ.
ධනය - ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට කෘෂිකාර්මික අංශයන්ට ධනය යෙදවීමට සහ එතුලින් ආදායම් ලැබීමට යහපත්ය.
රැකියාව - අධ්‍යාපන, හෝටල් ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උගතුන්ගේ උපදෙස් හා උපකාර ලැබේ.
අධ්‍යාපනය -කාර්යබහුල බවක් ඇතිවේ.සති අග වන විට යහපත් ප්‍රතිඵල අත්වේ.විභාග හා සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ හිමිවේ.
යුග සැපත - ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන්ට සුබයි.දරුවන්ට යහපත්ය.ඔවුන් කෙරේ වැඩි කාලයක් ගත කරනු ඇත.මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.සාමකාමී පරිසරයක් නිවස තුල ගොඩනැගේ.
සෞඛ්‍ය - ඌෂ්ණාධික ස්වභාවයන් හා උදරගත රෝග තවදුරටත් ඇතිවිය හැකිය.රුධිරගත රෝග ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -01
සුබ දිනය - ඉරිදා

===============================================

සිංහ ලග්නය


වෘත්තීය අංශයෙන් ඉදිරියට.

රවි හා ගුරුගේ පරිවර්තන යෝග බලය මත උසස් පුද්ගල ඇසුර තුලින් මූල්‍ය වාසි රැසක් අත්වේ.අන් අයගේ හොඳ හිත දිනාගනී.නව හිත මිතුරන් හඳුනාගත හැකි කාල වකවානුවකි.වෘත්තීයමය අංශයන්ගෙන් ඉහළටම යා හැකි හොඳ වටපිටාවක් සැකසේ.
ධනය - ධන ලාභ සතිය අග වන විට හිමිවේ.ආයෝජන සඳහා යොමුවීමට සුදුසුය.
රැකියාව - හෝටල් ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට මෙන කෘෂිකාර්මික අංශයන්ට වඩාත් යහපත්ය.රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට වඩා යහපත් වේ.
යුග සැපත - පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැය පස අධික වේ.
සෞඛ්‍ය - රෝගාබාධ යහපත් අතට හැරේ.හන්දි අමාරු ඇති අය ප්‍රවේශම් වන්න

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා

===============================================

කන්‍යා ලග්නය


උසස් අය හා සබඳතා.

බුධ රවි හිමි උත්‍රසල නැකතෙහි ගමන් කරන මෙම සතියේ නායකත්වය හිමිවන අතර එමඟින් විශේෂ වාසි රැසක් අත්වේ .පිරිස් අතර ප්‍රසිද්ධියට පත්වේ.උසස් පුද්ගල ඇසුර සහ සබඳතා වැඩි දියුණු වේ.එමඟින් වාසි රැසක් අත්වේ.උත්සාහවන්ත ලෙස තම කටයුතු වල දක්ෂ ලෙස නිරත වෙයි.
ධනය - ආර්ථිකය යහපත්ය.හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීමටත් වියදම් කිරීමටත් නිතර සිදුවේ.
රැකියාව - වැටුප් වැඩිවීම් සහ උසස්වීම් හිමිවීමේ ඉඩකඩක් පවතී.යහපත් රැකියා වටපිටාවක් නිර්මාණය වේ.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනී යන අතර විභාග ජය සම්මුඛ පරීක්ෂණ ජය අත්වනු ඇත.
යුග සැපත -පෙම් කරන්නන් හට සුබදායී වටපිටාවක් සැකසේ.ගමන් බිමන් අධික වේ.දරුවන් හා ගත කරන කාලය අඩුවේ.පවුලේ හිතවතුන් වෙනුවෙන් උපකාර කරයි.
සෞඛ්‍ය - හිසේ කැක්කුම් උදරාබාධ ආදියට ඉඩ ඇත.පැවති රෝග සුව අතට හැරේ.සෙම් රෝග ඇති අය ජලයෙන් ප්‍රවේශම් වන්න.

ජය අංකය -05
සුබ දිනය - බ්‍රහස්පතින්දා

===============================================

තුලා ලග්නය


නව බලාපොරොත්තු සාර්ථක වේ.

දෙවැන්න සහ ලග්නය අතර සිදුවන සිකුරු සහ කුජගේ පරිවර්තන යෝගය මත අතපසු වූ කාර්යයන් බොහොමයක් ඉටු කර ගත හැකිවනු ඇත.වෘත්තීය ජීවිතයට එය මහත් රුකුලක් වනු ඇත.පෙර සැලසුම් කර තිබූ නව කාර්යයන් කිහිපයක්ම සාර්ථක වේ.නව බලාපොරොත්තු ඉටුවේ.හිත මිත්‍රාදීන්ගේ නිරන්තර සහයෝගය සැමවිටම හිමිවේ.
ධනය -ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගෙන යාමට හැකිවේ.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩ ඇත.
රැකියාව - සංචාරක සේවා හා අධ්‍යාපන අංශයන්හි නිරතවන අයට වාසි අත්වේ.වෘත්තීය අංශයන්ගෙන් ඉදිරියටම යා හැකිය.වචනය පිළිබඳව ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය -බාධා අවමවේ.උනන්දුව හීන වීමක් සතිය මුලදී ඇතිවිය හැකි නමුදු විභාග ජය අත්වීමට නියමිතයි.
යුග සැපත - දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.
සෞඛ්‍ය - හෘද රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා

===============================================

වෘශ්චික ලග්නය


උරුම හිමිකම් ලැබේ.

කුජ වැයස්ථාන ගතව ඇති කරවන විපරීත ශක්තිය නිසා උද්‍යෝගය හා කර්යශුරත්වය වැඩි වන අතර නිරන්තරයෙන් උසස් පුද්ගලයින් හා සබඳතා ඇතිවේ.නව ජීවනෝපායන් වෙත පිවිසීමට හැකිවේ.හිතවතුන්ගේ සහය හිමිවේ.කලක් තිස්සේ තමන්ට හිමිව පැවති උරුම හිමිකම් වලට හිමිකම් කීමට හැකි වටපිටාවක් සැකසේ.
ධනය - ලැබීම් වලට යහපත්ය.මිතුරන් වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීමට කරුණු යෙදේ.
රැකියාව - විශේෂ වරප්‍රසාද හිමිවන අතර රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.උසස්වීම් ආදියට යහපත්ය.
අධ්‍යාපනය -හිතමිතුරන්ගේ උදව් උපකාර හිමිවේ.අළුත් දේ ඉගෙනීමට සිත යොමු කරවීමට සුදුසු කාලයකි.
යුග සැපත - අවිවාහක අයට මංගල යෝග යෙදේ.අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් හා උදරගත අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න

ජය අංකය -01
සුබ දිනය - ඉරිදා

===============================================

ධනු ලග්නය


සාමූහික කටයුතු වලට යහපත්.

ගුරු කාරකස්ථාන ගතව ලග්නයට දෘෂ්ටි හෙළමින් අරඹන මේ සතිය ඉවසීම තරමක් ප්‍රගුණ කල යුතු කාලයකි.ගන්නා සෘජු තීන්දු තීරණ යහපතට හේතු වනු ඇත.බොහෝ විට තම නිදහස් අදහස් ජය මාවත කෙරෙහි යොමු කරවනු ඇත.සාමූහික තීරණ මත කටයුතු කිරීම වඩාත් යහපත් වනු ඇත.
ධනය -ධන වාසි අත්වේ.නමුත් වැය පක්ෂය ඉහළ යා හැකිය.ව්‍යාපාර කටයුතු ආදියෙහි නිරත වන්නන්ට වාසි අත්වේ.නිහඬ ලැබීම් වලට හිමිකම් පවතී.
රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.තනතුරු ලාභ බලාපොරොත්තුව සිටින්නන් හට එම ලාභ අත්වේ.උසස් නිළධාරීන්ගෙන් වාසි අත්වේ.
අධ්‍යාපනය - ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.
යුග සැපත - වැඩිහිටි අයගේ උදව් උපකාර නොමඳව හිමිවේ.දරුවන් සම්බන්ධ කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.දණහිස් ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා

===============================================

මකර ලග්නය


කරදර රැසකින් නිදහස.

ශනි 11 වැන්නේ සිට ලග්නභාවයට දෘෂ්ටි හෙළීම මත තම සහජ දක්ෂතා හා හැකියාවන් තුලින් ඉදිරියටම යා හැකිය.කතාව තුලින් යම් වාසි අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.මෙතෙක් පැවති කරදර රැසකින් නිදහස ලැබේ.දෛනික කාර්යයන් බොහොමයක් සාර්ථක වේ.
ධනය - ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.හිතමිතුරන්ගේ සහයෝගය හිමිකරගත හැකිවේ.
රැකියාව - රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.කාර්මික කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.
අධ්‍යාපනය -යහපත්ය. සුළු බාධා වීම් මුල් දිනවල ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.
යුග සැපත - පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටත් කටයුතු සාර්ථක කරගැනීමටත් යහපත් වටපිටාවක් නිර්මාණය වේ.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකිය.උදරාබාධ ඇතිවිය හැකිය.

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා

===============================================

කුම්භ ලග්නය


අතිශය කාර්යබහුල වේ.

ශනි 10 වැන්නේ සිටිමින් බුධ හිමි දෙට නැකතේ ගමන් කරන මේ සතිය අතිශය කාර්යබහුල වන වකවානුවකි.විවේකය අඩු වනු ඇත.විශේෂ හිතවතුන් හා සබඳතා නිසා ආර්ථික වාසි රැසක් ඇති කරවන කාලවකවානුවක් වන අතර යහපත් ප්‍රතිපල ඇතිවේ.සතුරු කරදර වලින් මිදේ.
ධනය - ධන වාසි අත්වන නමුත් වියදමද වැඩිවිය හැකිය.සති අග වනවිට එම තත්වය වෙනස් වේ.
රැකියාව - අධ්‍යාපන කාර්මික ගොවිතැන් ආශ්‍රිත ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් සිත එක අරමුණක තබා ගැනීමට තරමක් අපහසු විය හැකිය.සති අග වන විට තත්වය වෙනස් වේ.
යුග සැපත - නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.සතුරු කරදර හීන වී යයි.අඹු සැමි සබදතා යහපත් වේ.
සෞඛ්‍ය - හන්දිපත් අමාරු, උරහිස් අමාරු හා සෙම් රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා

===============================================

මීන ලග්නය


අභියෝග ජයගනී.

රවි ගුරු පරිවර්තන යෝග බලය සමඟින් අභියෝග රැසක් ඉදිරිපත්වන සතියකි.උත්සාහය තුලින් වාසි සහගත තත්ව රැසක් ඇතිවිය හැකිය.නව ආයෝජන වලින් ජය ලැබෙන කාල වකවානුවකි.ජීවිතයේ ඉදිරිය පිළිබඳව වැදගත් තීන්දු තීරණ රැසක් ගනී.ආර්ථිකය සම්බන්ධව වැදගත් තීන්දු තීරණ ගනී.
ධනය - ලැබීම් වලට යහපත්ය.මුල් දින කිහිපය පසුවත්ම ඉතිරියක් කෙරෙහි උනන්දු විය හැකිය.
රැකියාව - අධ්‍යාපන, හෝටල් හා කාර්මික අංශයන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.
අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ගත හැකිවෙයි.
යුග සැපත - යහපත් සිතුවිලි වර්ධනය වන කාලයකි.විනෝද ගමන් වන්දනා ගමන් සඳහා යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.
සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
Posted by Unknown On 8:38 PM


====================මේෂ ලග්නය ================ 

හවුල් කටයුතු වලින් වාසි.

කුජ මෙම සතිය මැද ගුරු හිමි ධනු නවාංශකගත වීම මත ජනවාරි 7 න් \පසු වාසි සහගත තත්ව ඇතිවිය හැකිය.කතාව තුලින් සහ හවුල් කටයුතු වලින් යම් වාසි අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.අතගසන කාර්යයන් සාර්ථක වේ.

ධනය - තැන්පත් ධනය තර කරගැනීමට ද හැකිවේ.හදිසි ධන ලාභ හා ලොතරැයි දිනුම් ආදියට වැඩි ඉඩකඩක් පවතී.

රැකියාව - ව්‍යාපාරික කටයුතු වල යෙදෙන්නන් තරමක් ප්‍රවේශම් වන්න.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.සැබෑ මිතුරන් හඳුනාගැනීමට හැකිවන කාලයකි.

අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.සතිය මුල බාධා ඇතිවන නමුදු සති අන්තය වන විට ඒ තත්වයන් පහවේ.තරංග විභාග ඇතුළු තරඟකාරී කටයුතු වලින් ජය අත්වේ.

යුග සැපත - පෙම් සබඳතා ඇති කර ගැනීමේ අවස්ථා යෙදෙනු ඇත.ආගම දහමට සිත යොමු වන කාලයකි.වන්දනා ගමන් ආදිය පවුලේ හිතවතුන් සමඟ යෙදෙනු ඇත.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට උදරාබාධ හා හිසේ කැක්කුම් තත්ව ඇතිවිය හැකිය.

ජය අංකය -05
සුබ දිනය - අඟහරුවාදා 

-----------------------------------------------------------------------------
==================වෘෂභ ලග්නය=================== 

ශාස්ත්‍රීය කටයුතු වලට යහපත්. 

සිකුරු කුජ හිමි වෘශ්චික රාශිගතව සිටීම මත කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරන තත්වය නිසා අභියෝග රැසක් එල්ලවිය හැකිය.නමුත් ඒවා ජයගත හැකිවේ.නව පුද්ගල සම්බන්ධතා ඇතිවේ.ශාස්ත්‍රීය කටයුතු වලට වාසි සහගත වේ.ඒ තුලින්ප්‍රයෝජන රැසක් උදාවන තත්වයක් ඇති වේ.

ධනය - නව ජීවනෝපාය මාර්ග විවර වන අතර උගත් ඇසුර නිසා ධන වාසි හිමිකර ගත හැකි කාල වකවානුවකි.

රැකියාව -රැකියා ස්ථානයේ වැඩ කටයුතු කෙරේ වෙනදාට වඩා දැඩි උනන්දුවක් ඇතිවිය හැකි සමයකි.උසස් නිලධාරීන් හා ගණුදෙනුව ප්‍රවේශමෙන්.

අධ්‍යාපනය -නව දේ ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සතිය මුල යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.

යුග සැපත - ඥාතීන් සම්බන්ධ කරදර ප්‍රශ්ණ ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර යුග සැපත හා පෙම් පැතුම් සපල කරගත හැකිවේ.දරුවන් නිසා සතුටු විය හැකි වටපිටාවක් ඇතිවේ.අඹු සැමියන් අතර ගැටළු පැන නැගිය හැකිය.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.දණහිස් ආශ්‍රිත පීඩාවන් හා අස්ථි රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය - බදාදා 

-----------------------------------------------------------------------------

===================මිථුන ලග්නය ==============

නිවැරදි තීන්දු තීරණ නිසා වාසි.

බුධ 8 වන භාවයේත් ශනි හිමි නවාංශකයකත් ගමන් කිරීම හා රවි හිමි උත්‍රසල නැකතක ගමන් කිරීම මත නිර්භීතභාවය හා දක්ෂතා මත පල ප්‍රයෝජන රාශියක් හිමි කරගත හැකිවන සතියකි.නමුත් ආවේගශීලී ගති ඉස්මතුවේ.නමුත් නිවැරදි තීන්දු තීරණ රැසක් ගනී.එතුලින් තම කටයුතු සාර්ථක කරගනු ඇත.

ධනය - ලැබීම් වලට යහපත්ය.ඉතිරියක් ගැන සිතිය හැකි කාල සීමාවකි.

රැකියාව - රැකියා ස්ථානයේ මිතුරන්ගේ සහය හිමිවේ.ව්‍යාපාරිකයින්ට යහපත්ය.ඉවසීම තුළින් යහපත් ප්‍රතිපල අත්කරගත හැකිවේ.

අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. විභාග ආදියෙන් ජය ගත හැකිවෙයි.පැවති උනන්දුව සතිය මුලදී අඩුවිය හැකිය.සති අන්තය වත්ම තත්වය වෙනස් වේ. 

යුග සැපත - සතියේ මුල් දින ඉතාමත් යහපත් වන අතර දරුවන් සම්බන්ධව යහපත් දේ අසන්නට ලැබේ.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම් කරන්නන්ට සුබයි.

සෞඛ්‍ය - හිසේ අමාරු හා තුනටිය අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.උදරාබාධ හා බෝවන රෝග වැළඳිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -04
සුබ දිනය - බදාදා 

-----------------------------------------------------------------------------

===================කටක ලග්නය================ 

කථිකත්වය තුලින් වාසි රැසක්. 

සතිය මැද වනවිට සඳු තෙවන භාවයේ සිට හතරවන භාවය තෙක් ගමන් ගන්නා අතරම තම සහජ දක්ෂතා සහ කථිකත්වය තුලින් වාසි රැසක් හිමිවේ.එදිනෙදා කටයුතු වෙනදාට වඩා වැඩි උනන්දුවකින් සහ මහත් ඕනෑකමකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි.හිතවතුන්ගේ සහයද හිමිවේ.

ධනය - තැන්පත් ධනය වැය විය හැකි සතියක් වන අතර නව මිතුරන් මගින් ධන වාසි අත්වේ.සති අග විශේෂයි.

රැකියාව - අලෙවිකරණය රසායනික අධ්‍යාපන හා කෘෂිකර්මාන්ත ආශ්‍රිත රැකියා ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.නව මං පෙත් රැසක් විවර වේ.

අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් හිතේ අදහස් වෙනස් වන බැවින් සිත එක අරමුණක තබා ගැනීමට උත්සාහ ගන්න.සතිය මුල විශේෂයි.බාධාවීම් හා අතපසුවීම් යෙදේ.

යුග සැපත - නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.නිවැසියන් හා හොඳ හිත වර්ධනය වන අතර දරුවන් සම්බන්ධව වඩාත් සැලකිලිමත් විය යුතුය.

සෞඛ්‍ය - හන්දිපත් අමාරු, සෙම් අමාරු හා අස්ථි ආබාධ ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -04
සුබ දිනය - ඉරිදා 

-----------------------------------------------------------------------------
===================සිංහ ලග්නය ====================

සෘජු තීන්දු තීරණ ගනියි.

ලගනයත් පස් වැන්නත් අතර ඇති රවි ගුරු පරිවර්තන යෝගය මත කිසිවෙකුගෙන් ආධාර නොගෙන තනිව තම කටයුතු කරගෙන යාමට දැඩි ශක්තියක් ඇතිවේ.නව රැකියා බලාපොරොත්තු සාර්ථක විය හැක.සති අග වන විට කාර්යබහුල වන අතර සෘජු තීන්දු තීරණ ගනු ඇත.තිබූ බාධා රැසක් ඉවත්ව සහන ගෙන දේ.

ධනය - ආර්ථික ගැටළු බොහොමයකට විසඳුම් ලැබේ .හිතවතුන් සහ මිතුරන් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවේ.

රැකියාව - රාජකාරී කටයුතු කාර්යබහුල වන අතර අළුත් කාර්යයන් සඳහා ද අත ගැසීමට පෙළඹෙනු ඇත.

අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදා පැවති උනන්දුව තරමක් අඩුවිය හැකි අතර සති අග වන විට තත්වය තරමක් වෙනස්ව යනු ඇත.

යුග සැපත -පෙම් කරන්නන් හට සුබදායී වටපිටාවක් සැකසීමට ඉඩ ඇතිවිය හැකිය.ගමන් බිමන් අධික වේ.දරුවන් හා සම්බන්ධ කටයුතු වල උනන්දුව වැඩි වේ.අඹු සැමි සබදතා යහපත්ය.

සෞඛ්‍ය - හදිසි හිසේ කැක්කුම් සෙම් අමාරු ආදියට ඉඩ ඇත.ජලයෙන් ප්‍රවේශම් වන්න.

ජය අංකය -01
සුබ දිනය - සඳුදා 
-----------------------------------------------------------------------------

===================කන්‍යා ලග්නය =================

ස්ව ශක්තියෙන් දියුණු වේ.

බුධ තමන්ට කාරක වන්නා වූ පස්වැන්නේ ගමන් කරන බැවින් ආර්ථිකයේ සංවර්ධනයක් ඇතිවන අතර නිවාස හා ඉඩකඩම් සම්බන්ධව නිවාස හා ඉඩකඩම් මිලදී ගැනීම කෙරෙහි ඇති උනන්දුව වැඩි වේ.බුධගේ බලවත් පිහිටීම නිසා අන් අයගේ උදව් උපකාර නැතිව වුවද ස්ව ශක්තියෙන් නැගිටීමට උත්සාහ කරයි. සොහොයුරන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි වශයෙන් යොමුවේ.

ධනය - නව ජීවනොපයන්ට උරුම හිමිකම් පවතී.ඉතිරිකිරීම් සඳහා සුබදායකයි.

රැකියාව - අධ්‍යාපන, ඇඟළුම්, රෝහල් ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උසස් අයගෙන් උපකාර ලැබේ.කේලාම් බස් වලට හසුවිය හැකි බැවින් ඇසුරු කරන්නන් සමඟ ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

අධ්‍යාපනය -කාර්යබහුල බවක්ද ඇතිවේ.සති අග වන විට අවිවේකී බව වැඩි නිසා කටයුතු තරමක් අතපසු විය හැකිය.සම්මුඛ පරීක්ෂණ වලින් ජය ලැබේ.

යුග සැපත - මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන් තුළ ඔවුන් සම්බන්ධව සැකයන් ඇතිවිය හැකිය.දරුවන්ට යහපත්ය.අඹු සැමි සබදතා තරවේ.

සෞඛ්‍ය - උදරාබාධ තත්වයන් ඇතිවිය හැකිය.සමස්තයක් ලෙස යහපත්ය.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -02
සුබ දිනය - බ්‍රහස්පතින්දා 

-----------------------------------------------------------------------------

====================තුලා ලග්නය ==================

බාධක රැසක් ජයගනියි.

සිකුරු ගේ යෝග කාරක බලයත් ශුභ පරිවර්තනයත් නිසාම විවිධ පුද්ගලයින්ගෙන් නිරන්තර ආධාර උපකාර හිමිවන කාල වකවානුවකි.වැඩි දුරටත් උත්සාහ වන්ත වීම තුලින් විශේෂ වාසි අත්කර ගත හැකිවනු ඇත.දුර බැහැර ගමන් බිමන් යෙදෙන අතර වාසි අත්වේ.

ධනය - වැයපස ඉහල යයි.ණය තුරුස් වීමටද සිදුවිය හැකියි.සති අග වන විට නව ආදායම් මාර්ග ඇතිවේ. 

රැකියාව - හෝටල් කර්මාන්ත හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු අයට වඩාත් යහපත්ය.රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.

අධ්‍යාපනය -නව දේ ඉගෙනීම සඳහා වැඩි කාලයක් ගතවන අතර කරගෙන ආ සමහර කටයුතු අතපසු වීමට පුළුවන.

යුග සැපත - අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.අවිවාහකයින්ට මංගල යෝග උදාවේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.හෘද රෝග හා පෙනහළු ආශ්‍රිත රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.සති අග වන විට යහපත්වේ.

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා 

-----------------------------------------------------------------------------

=================== වෘශ්චික ලග්නය =================

නායකත්වය තුලින් වාසි රැසක්.

කුජ 12 වැන්නේ සහ ශනි ලග්නගතව ගමන් කිරීම මත මනසට යම් පීඩාකාරී මානසිකත්වයක් ඇතිවන සතියකි.නව ජීවනෝපායන් කෙරේ සිත යොමු වේ.නායකත්වය නිතැතින්ම හිමිවීම තුලින් වාසි රැසක් අත්වේ.සතුරු කරදර බාධා ඇත්නම් ඒවා මැඩලීමට සමත් වේ.

ධනය - ධන ලාභ සතිය අග වන විට හිමිවේ.නමුත් සැලකිය යුතු ලෙස වියදම් අධික විය හැකිය.

රැකියාව - හෝටල් ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය ලැබේ.හොඳ හිත වර්ධනය වන කාල සීමාවකි.

අධ්‍යාපනය - මන්දගාමී අලස ගති ඇති කරවයි.සති අග වනවිට එම තත්වයන් තුරන්ව යනු දැකිය හැකිය.නව දේ ඉගෙනීමට ලැබේ.

යුග සැපත - .ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර යම් මත භේද ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.සති අග වනවිට සමගිය ඇතිවේ.දරුවන් තරමක් කලහකාරී විය හැකිය.

සෞඛ්‍ය - පපුව හා පෙනහළු ආශ්‍රිත රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා

-----------------------------------------------------------------------------

=================ධනු ලග්නය ====================

නොසිතූ වාසි රැසක් අත්වේ.

ගුරු සහ රවිගේ අන්‍යෝන්‍ය පරිවර්තන යෝගය නිසා නොසිතූ පරිදි වාසි රැසක් අත්වන කාල සීමාවකි.සමාජයේ ප්‍රමුඛ ස්ථානයක් ලැබීමටත් හේතුවන කරුණු ගණනාවක් යෙදේ.හිත මිතුරන් හා නව සබදතා ගොඩ නගා ගන්නා අතර අවිවේකී බව වැඩි කරවයි.

ධනය -ආදායම් තත්වය යහපත්ය.තැන්පත් ධනය සතිය ආරම්භයේදී වැය වීමකට ඉඩකඩ වැඩිය.

රැකියාව - .නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතවතුන්ගේ උදව් උපකාර නිරතුරුව තම කටයුතු සාර්ථක කරගැනීමට හිමිවේ.

අධ්‍යාපනය -විභාග ජය හිමිවේ.කලා හා වාණිජ අංශයන්හි ඉගෙනුම ලබන අයට විශේෂයි.

යුග සැපත - .අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.දරුවන් ගැන වැඩි උනන්දුවක් යොමු කරන්න.

සෞඛ්‍ය - පැවති රෝගාබාධ යහපත් අතට හැරේ.යහපත් සෞඛ්‍යමය තත්වයක් ඇතිවේ.සෙම් රෝග ඇති අය කල්පනාකාරී වන්න.

ජය අංකය -01
සුබ දිනය - ඉරිදා 

-----------------------------------------------------------------------------

==================මකර ලග්නය ==================

අන්‍යන්ගේ සුහදතාවය නිසා වාසි.

ශනි අයස්ථානයේ සිට ලග්නයට දෘෂ්ටි හෙළමින් ආදායම් කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කරවයි.අන්‍යන්ගේ සතුට වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවන අතර අන්‍යන්ගේ සුහදතාවය නිසා වාසි රැසක් අත්විය හැකිය.දුර බැහැර ගමන් බිමන්ද නිතර නිතර යෙදේ.එයින් වාසි සැලසෙනු ඇත.

ධනය - ඉතිරිකිරීම් වලට ඉඩකඩ සැලසේ .නමුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.

රැකියාව -.විනෝදයට වැඩිපුර කාලයක් ගතකරයි.රැකියාවට තිබූ බාධා ඉවත්වේ.වචනය වේගවත් වේ.කල්පනාකාරී වන්න.නව රැකියා අපේක්ෂකයින්ට වාසනාව උදාවේ.

අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග වනවිට සුබදායී ආරංචි කිහිපයක් අසන්නට ලැබෙනු ඇත.

යුග සැපත -.පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවන සතියකි.

සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ හා කොන්දේ අමාරු ඇති අය ඒ පිලිබඳ සැලකිලිමත්වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා

-----------------------------------------------------------------------------

=====================කුම්භ ලග්නය ==============

දැඩි තීන්දු තීරණ ගනියි.

ශනි 10 වන භාවයේ කේන්ද්‍රගතව ගමන් කරන මෙම සතිය තුළ අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී දැඩි තීන්දු තීරණ රැසක් ගනු ඇත.සතුරු බලවේග මර්ධනය කරගැනීමේ ශක්තිය හිමිවේ.දැඩි ආත්ම විශ්වාසයකින් දෛනික කටයුතු වල නිරත වේ.සමාජයේ කැපී පෙනීමක් ඇතිවේ.

ධනය - අතේ මුදල් රැඳීම අඩුය.සති අග වනවිට ආර්ථික වාසි හිමිවේ.

රැකියාව - අධ්‍යාපන හා සෞඛ්‍ය අංශයන්හි නිරතවන අයට වාසි අත්පත් වන අතර එතුලින් ජය හිමිවේ.තමාට අවනත නොවූ අයද අවනත වේ.හිතවතුන් වැඩිවේ.

අධ්‍යාපනය -යහපත්ය.තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.සති අග විශේෂයි.

යුග සැපත -.දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.අඹු සැමි සමගිය යහපත්වේ.නෑ හිත මිතුරන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරයි.

සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.සුළු අසනීප හැරුණු කොට සෞඛ්‍ය තත්වය යහපත්ය.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා 

-----------------------------------------------------------------------------

================= මීන ලග්නය ==================

සුවිශේෂී අයගෙන් උදව් හිමිවේ.

සුවිශේෂ පුද්ගලයෙක්ගේ හමුවීමක් නිසා උදව් උපකාර රැසක් හිමිවේ.රාහු සඳුගෙන් මිදීම මත කලක සිට පැවති බාධා කරදර බොහොමයක් ඉවත්වී යයි .දියුණුව උදෙසා අත ගසන කාර්යයන් බොහොමයක් සාර්ථක භාවයට පත්වේ.කාර්යබහුල සතියකි.ගමන් බිමන් අධිකව යෙදේ.

ධනය - නව ආයෝජන වලට අතගසයි.නමුත් තැන්පත් ධනය වැය වීමට ඇති ඉඩකඩ වැඩිය.

රැකියාව - රැකී රක්ෂාවන් වෙනුවෙන් විවිධ කැපකිරීම් කිරීමටද සිදුවේ.නමුත් එයින් ඔබට යහපතක් සිදුවේ.සති අග වනවිට රැකියාවේ තෘප්තිමත් බවට පත්විය හැකිය.ව්‍යාපාරිකයින්ට සහ අධ්‍යාපන අංශයන්හි නිරත වන්නන්ට සුබයි.

අධ්‍යාපනය - සති අග වන තෙක් මන්දගාමී හා බාධාකාරී ස්වභාවයක් පෙන්වන මුත් තම දක්ෂතා එලි දැක්විය හැකි කාලයකි.නව අත්හදා බැලීම් වලට යහපත්ය.

යුග සැපත - අඹු සැමි සබදතා තර වේ.පෙම් කරන්නන්ට යහපත් කාලයකි.ඈත ගමන් බිමන් වලදී ප්‍රවේශම් වන්න.දරු ඵල අපේක්ෂා කරන අයට සුබයි.

සෞඛ්‍ය - කල්ගතවූ රෝග සුව අතට හැරේ.ඌෂ්ණාධික හා කැස්ස උරහිස් අමාරු තත්වයන් තවදුරටත් ඇති කරවයි

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා