Posted by Unknown On 9:21 PM


සිකුරු ග්‍රහයා අද දින උදේ 6.20 ට පමණ කුජ හිමි වෘශ්චික රාශියේ සිට සිය සම රාශියක් වන ගුරුට අයත් ධනු රාශියට ගමන් කල අතර සිකුරු ධනුවට පිවිසීමත්, අද දින ධනු රාශි ගත බුධ සමඟ සිකුරු යෝග වීමත් හේතුවෙන් මෙම කාලය තුළ සරස්වතී හා විෂ්ණු ලක්‍ෂ්මී යන සුබ යෝග උදා වනු ඇත. ඉගෙනීමට, ව්‍යාපාර දියුණුවට මෙන්ම තම නිදන් ගත රෝග සුවයටද මෙම යෝග උදාවීම ඉතාම සුබ දායක වනු ඇත. මෙම කාල සීමාවේ උපදින දරුවන්ට ඉහත කී යෝග යෙදීම නිසා අනාගතයේ කලා ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන රූප සම්පත්තියෙන් ද අගතැන් පත් අය වනු ඇත.

විශේෂයෙන්ම මෙම කාල වකවානුව ප්‍රේම සබඳතා සහ විවාහ කටයුතු සඳහා වඩාත් යෝග්‍ය කාලයක් වන අතරම දේශපාලන ක්ෂේත්‍රයේ කැළඹීම් බහුල අනතුරු ආදිය වැඩිවන කාලයකි.ගංවතුර නාය යෑම ආදී ස්වභාවික විපත් වැඩි වන අතර රට තුල රහස්‍ය කටයුතු ඇතිවන කාලයකි.

සිකුරු මහ දශා හා අතුරු දශා, විදශා ගත කරන අයට මෙම ග්‍රහ මාරුව ඉතාම යහපත්ය. ලග්න වශයෙන් මේෂ, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්නවලට සුබ ප්‍රතිඵලත් වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර, කුම්භ යන ලග්නවලට මිශ්‍ර ප්‍රතිඵලත් ඇතිවනු ඇත. 

මේෂ ලග්නය 

සිකුරු හා බුධ 9 වැන්නේ යෝග වෙයි. පෙර පින පෑදෙන කාලයකි. මානසික ව්‍යකුලතා හා පවතී බාධා කරදර සියල්ලක්ම දුරුව යයි.දරු ඵල බලාපොරොත්තු වන අයට යහපත්ය.තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වෙයි. 

වෘෂභ ලග්නය 

සිකුරු හා බුධ 8 වැන්නේ යෝග වීම එතරම් සුබ දායක නැත. අනතුරු වලට ඉඩ පවතී.සහෝදරයෙක්ට අපල ඇත.විමසිල්ලෙන් කටයුතු කරන්න.බෝධි පුජා පැවැත්වීම යහපත්ය.

මිථුන ලග්නය

සිකුරු 7 වැන්නට පැමිණේ.විවාහ කටයුතු සහ මංගල යෝග උදාවේ.යුග දිවිය යහපත්ය.සෙම් රෝග බහුල විය හැකිය.අලුත් නිවාස අළුත් ව්‍යාපාර ආදියට මුල් තැන දීමට සුදුසු කාලයකි.

කටක ලග්නය

ලග්නයෙන් 6 වැන්නේ යෝග වන සිකුරු හා බුධගේ ග්‍රහ ගෝචරය නිසා පසුගිය දිනවල පැවැති බාධා බොහොමයක් අවම වනු ඇත.මනසේ තිබූ ප්‍රශ්ණ බොහොමයකට විසඳුම් මාර්ග පෑදෙනු ඇත.පවුලේ අයෙක්ගේ රෝගී තත්වයක් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවේ.අලුතින් අරඹන ව්‍යාපාර හා අධ්‍යාපන කටයුතු වලට සුබයි.

සිංහ ලග්නය 

5 වැන්නේ යෝග වන සිකුරු හා බුධ ග්‍රහ ගෝචරය ඔබට සුබ දායක වනු ඇත.විවාහ හා ප්‍රේම සබඳතා වලට යහපත්ය.අධ්‍යාපන කටයුතු වලට සුබයි.සහෝදරයෙක් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවනු ඇත.ඔබගේ සමාජ පිළිගැනීම ප්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇත.

කන්‍යා ලග්නය 

සිකුරු හා බුධ ඔබගේ ලග්නයෙන් 4 වැන්නේ යෝග වන මෙම කාලයනව නිවාස ඉදිකිරීම් හා ඉඩම් මිලදී ගැනීමට ඉතා යහපත් කාලයකි. විවාහ අපේක්ෂිත අයට විවාහ වාසනා ඇති වීමට ඉඩ ඇත.දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත. මව් පාර්ශ්වයේ සොහොයුරෙකුට අපලදායක විය හැකිය.

තුලා ලග්නය 

තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු 3 වැන්නේ ගමන් කිරීමෙන් වියදම් පාර්ශ්වය ඉහළ යනු ඇත. සතුරු කරදරයකින් ජයගත හැකිය. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. අසනීපවලින් යම් සුවයක් අත්වෙයි.සෙම් රෝග ඇතිවිය හැකිය.

වෘශ්චික ලග්නය

සිකුරු හා බුධ ඔබගේ ලග්නයෙන් 2 වැන්නේ ගමන් කිරීම ඔබට සුබ දායක වනු ඇත. ලැබීම් ඉහළ යනු ඇත.ගෘහ ජීවිතය යහපත්වේ.රසවත් ආහාර පාන ඇඳුම් පැළදුම් ආදිය හිමිවේ.ඇස්වහ දෝෂ ඉවත් කරගැනීම සුදුසුයි.

ධනු ලග්නය 

සිකුරු ඔබගේ ලග්න භාවයේ ගමන් කරන මෙම කාල සීමාව ඔබට බෙහෙවින් සුබදායක වනු ඇත.විවාහ කටයුතු සාර්ථක වේ.මංගල යෝග උදාවේ.අධ්‍යාපන කටයුතු වලට සුබයි.කරන කියන කටයුතු බොහොමයකින් සාර්ථක ප්‍රතිපල හිමිවන කාල වකවානුවකි.ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම යහපත්ය.

මකර ලග්නය 

සිකුරු හා බුධ 12 වැන්නේ ගමන් කරන මෙම කාල සීමාව තුළ රැකියාවේ උසස් වීම් ස්ථාන මාරු ආදිය ඇතිවේ.සේවකයන් පිළිබඳව උනන්දු වන්න.නීතිමය කටයුතු වලට මැදිහත් වීමට පුළුවන.වැය පක්ෂය තරමක් ඉහල යනු ඇත.පවතින රෝග පිළිබඳව සැලකිලිමත් වන්න.

කුම්භ ලග්නය 

11 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාලයේ ආදායම් තත්ත්වය සුබදායක වෙයි.නව ආයෝජන වලට සුබයි.රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර තැන්පත් ආදායම් තත්ත්වයද ඉහළ යනු ඇත.අධ්‍යාපන කටයුතු හා තරඟ විභාග ආදියෙන් ජය හිමිවනු ඇත.

මීන ලග්නය 

10 වැන්නේ යෝග වන සිකුරු හා බුධ ඔබට සුබදායකයි. රැකී රක්ෂා කටයුතුවල සාර්ථක භාවය හා නව රැකියා අවස්ථා ඇතිවිය හැකිය. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර සමාජයේ පිළිගැනීම ඇතිවන අතර තම සමඟ ආශ්‍රය කරන්නන් හා ප්‍රවේශමෙන් කටයුතු කිරීම වඩාත් යහපත් වනු ඇත.ආවේගශීලී ගති පාලනය කරගන්න.

0 අදහස් දැක්වීම්:

Post a Comment