Posted by Unknown On 8:47 AM


ආයුබෝවන්...!

බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි තුන්වැනි වර බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ කැලණියට ය. ඒ කැලණියේ නාරජුගේ ආරාධනය පරිදියි. එම ගමනේදී සුමන කූටයෙහි සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් තබන ලද බව මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ (ගාථා අංක 72-78) හි සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ පස් වන සියවසේදී චීන ජාතික ෆාහියන් හිමියෝ ලංකාවට වැඩම කළහ. ඒ ක්‍රි.ව. 410 දීය. උන්වහන්සේ ලංකාවට වැඩම කළ ඒ කාලයේදීද බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම පිළිබඳව මෙරට ජනතාව අතර ආරංචි පැතිරී තිබුණි. ෆාහියන් හිමි ලක්දිව තැබූ සිරිපතුල් දෙකක් ගැන සිය වාර්තාවේ සඳහන් කරති. එයින් එකක් කඳු ශිඛරයකය. අනෙක උතුරේ රාජකීය නගරයේය.

ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩම කර එහි නිරිත දිග ප්‍රදේශයෙහි පිහිටි කන්දක සිට ලංකාවතාර සූත්‍රය දේශනා කළ බව ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසේදී ඉන්දියාවේ සංචාරය කළ තවත් චීන භික්‍ෂූන් වහන්සේ නමක් වූ හියුං ෂාං හිමියෝද සඳහන් කරති. එම සියවසෙහිම අග භාගයෙහි ලංකාවට පැමිණි වජ්‍ර බෝධි ශ්‍රීපාදය පිහිටි කන්දට නැග එහි භාවනා කළ බවද සඳහන් වේ. චීන වාර්තා අනුව මෙය සුමනකූට නම්වෙයි.

මහ විජයබාහු රජතුමාගේ අඹගම, සෙල්ලිපියෙහි ශ්‍රී පාද පුදබිම පිළිබඳව ඒ රජතුමා සිදු කළ දානයන් පිළිබඳවද මෙසේ සඳහන්වේ.

“ ඉන් අනතුරුව රජතුමා විසින් බුදු සිරිපා පිහිටි සමනොළ ගිරෙහි නවකම් කොට සිතියම් අද වා වෙනත් පිළිසකර කටයුතු කරවා දැල්වීම, පිණිස පහන් ඇතුළු වෙනත් දෑද පුද කරවීය. බුදුසිරිපා නැමදීමට සිව් දෙසින් වැඩම කරවන්නා වූ මහා භික්‍ෂු සංඝයාට යෝග්‍ය ආහාර හා වෙනත් දෑ සපයාදීමටද සිරිපා වැඳීමට වෙහෙසව පැමිණෙන ගිහිවන්දනා කරුවනට ආහාරපානාදිය සැපයීමටද දානශාලා පිහිටුවීය. රජ රටේ මාර්ගයෙහි ගව්වෙන් ගව්වට අවසන් ගව්පහේ සිය නමින් දාන ශාලා ද පිහිටුවීය. (ZPIGRAPHIA ZEYLANICA –VOL II –D.M.Z .Wickramasinghe –P. 210 –213 (1912-1927) 

එපමණකින් නොනැවතුණු මහ විජයබාහු රජතුමා වියදම් සඳහා ගම්බිම් රාශියක්ද සිරිපා මළුවට පිදීය.අඹගමුව, කෙහෙල්ගමුව, තිනිගල සොරගොඩ, බදුලුවනය, ගම්පොල,උලපනේ ආදී සමීප ගම් රාශියක්ද එතුමා ශ්‍රීපාදයට පූජා කර තිබේ. මෙම විස්තර සඳහන් අඹගමුවේ ශිලා ලිපිය හමුවී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩබුලත්ගම අකුරු කෙටූ කන්දේ වටකුරු ගල්දෙකකය.මහවිජයබාහු රජතුමා විසින් මුණිසිරිපා පුද බිමට කරන ලද පූජාවන් ගැන මහාවංශයේ මෙසේ සඳහන් වෙයි.

සමන්කුළු පව්වෙහි පිහිටි මුණිරජහුගේ පා සටහන වන්දනා පිණිස දුකසේ යායුතු මග යන්නා වූ මනුෂ්‍යයෝ සියල්ලෝම නොපෙළෙත්වති.දන් වැටුප් පිණිස හැල්කෙත් ආදියෙන් සමෘද්ධි වූ ගිලීමලය නම් ගමදෙවි,කෙසෙල් ගම් මගද, වෙන් වශයෙන් ගම දී ශාලාද කරවී. රජ තෙමේ අනාගත කාලයෙහි රජදරුවෝ ඒ ගම් නොගනිත්වයි අකුරු කොටවා ගල්ටැම්ද පිහිටවූහ.

මහාවංශය ප්‍රථම භාගය 60 පරිච්ඡේදය ගාථා 64-68 )

මෙම සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් සමනොළ ගිර මුදුණේ පිහිටුවන ලද බව වංශකතා සෑම එකකම දක්නට ලැබේ. ධාතුවංශයෙහිද මේ බව සඳහන් වී ඇත.

පොළොන්නරු යුගයේම මහපැරකුම් රජතුමාද (ක්‍රි.ව. 1153-1187) සමනොළකන්ද නාග සිරිපා නාග සිරිපාවැඳ සමන් දේවාලය ද එහි කරවීය.

සිරිපා වැඳීම සඳහා පොළොන්නරු රාජ සමයේදී ගිය තවත් රජකෙනෙකු ලෙසින් නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187-1196 ) රජතුමා සඳහන් කළ හැකියි. මහාවංසය මෙන්ම රාජාවලියද ඒ බව සඳහන් කරයි. නිශ්ශංකමල්ල රජතුමාගේ එම පුවත එතුමාගේ ශිලාලේඛන අටකම සඳහන් කර ඇත. පඬුවස් නුවර (පරාක්‍රමපුරය) ඇති මේ රජුගේ සිංහාසන ශිලා ලිපිය අනුව නිශ්ශංක මල්ල රජතුමා සිරිපා වැන්දේ රජුගේ නවවැනි රාජ වර්ෂයේ දුරුතු මස පුර පසළොස්වක දාය.

නිශ්ශංකමල්ල රජතුමා විශේෂිත වූ රජ කෙනෙකි. මේ රජු විසින්ම රජරුවක් සෙල්ලිපියකට ඇතුළත් කර ලැබිණි.

එය පිහිටියේද සමනොළ කන්දේය. සමනොළ කන්දේ රත්නපුර පාරේ පිහිටි බගවාලෙනෙහි දක්නට ලැබෙන සෙල් ලිපියේ පසෙකින් ඔහුගේ රුව කොටවා ඇත. එය නිශ්ශංක මල්ල රජු වැදගෙන සිටින අයුරින් නිරූපිතය. 

රූපය අසළ “ නිශ්ශංකමල්ල පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්වාමින් වහන්සේ පදලස දා වැන්ද සිටින නියායි” යනුවෙන් සටහන් කර ඇත.

(ලංකා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය 1 වෙළුම 2 කොටස පි. 545)

සිංහල රාජාවලිය පිළිබඳ සඳහන් කරනවිට පොළොන්නරු යුගයෙන් පසුව එළැඹි දඹදෙනි රාජ යුගයේද ප්‍රබල රජ කෙනෙකු වූද සාහිත්‍ය ධරයෙකු වූද (කව්සිළුමිණ කාව්‍යය ලියූ) දෙවැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1236 –1270) සිව්රඟ සෙනග සමග මහවනය සිසාරා සිටි ජනපද පූජා කළ බව පූජාවලිය සඳහන් කරයි. දෙවන පරාක්‍රමබාහු රජුගේ දේවප්‍රතිරාජ ඇමතිතුමා කැඳවා සමනොළ ගිර පිහිටි සිරිපා වැඳීමට යන සැදැහැවතුන්ට එම මාර්ගය පිළිසකර කර දෙන ලෙසද සමන්දේව රුවක්ද කරවා එහි පිහිටුවන ලද බව පූජාවලිය සඳහන් කරයි (පූජාවලිය පි.810)

දඹදෙණි රාජ සමයේදී මාකෝ පොලෝ නම් සංචාරකයා සිරිපා පුද බිමට පැමිණි විදේශීය සංචාරකයෙකි. ඔහුගේ සංචාරක වාර්තාවල ඒ බව සඳහන් කර ඇත. ඉන්පසු කාලවල වූ කුරුණෑගලද ගම්පොල කෝට්ටේ, සීතාවක සෙංකඩගල ආදි පුරාණ රාජ යුගවලදී පමණක් නොව යටත්විජිත යුගයේදී පවා සිරිපා පුදබිමට නිසි ගරු බුහුමන් කිරීමට එකල පාලකයෝ සැදී පැහැදී සිටියහ.

ඒ අපේ අති මහත් ගෞරවාදරයට පත්ව වන්දනාමාන ලබන ශ්‍රීපාදයයි ලෝක ජනගහනයෙන් දශමයක් වන සිංහල බෞද්ධයාගේ හැගීමයි. ලෝකය හමුවේ මෙය ශ්‍රීපාදය නොවේ. අද ලෝකය එය හදුන්වන්නේ adams peak ලෙසින්. එය තහවුරු කරන්නට අප විසින් බෝඩ් ලෑල්ලක්ද ගසා එය පිළිගෙන ඇත. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ආදම් උයන නම් බයිබල් සංකල්පයේ මිත්‍යාවේ පාරාදීසය අපේ ශ්‍රීපාදය පිහිටි ෙම් පුන්‍ය භූමිය කියා පිළිගන්නවාද? 

තම අඹුවගේ විලිරුදාව නොසලකා පර අඹුවන්ගේ දතේ කැක්කුම ගැන වදවෙන පිරිසටයි මේ අභියෝගය. ගෞතම බුදුන්ගේ පාද ලාංඡනය බව දැන දැනත් ලෝකයට adams peak කියල කියන නිවටකම දුරු කරවන්න ඔබට පුළුවන්ද? මේ තමයි ශ්‍රීපාදය කියල ලෝකයටම පෙන්වා දෙන්න ඔබට පුළුවන් ද? වෙන දෙයක් ඕනි නෑ. ඔය බෝඩ් ලෑල්ල ගලවලා දාන්න ඔබට පුළුවන්ද?

තෙරුවන් සරණයි...!

අපේ පිටුව තවත් ශක්තිමත් උනොත්, මේ ලිපි තවත් බොහෝ දෙනෙක් කියවා දැනුවත් වෙයි. ඒ සදහා ඔබටත් දායක විය හැකියි. ඒ නිසා අපේ පිටුවට like කරමින්ම මෙය share කරන්න. ඔබගේ අදහසත් comment කරනවා නම් ලිපිය තවත් සාරවත් කිරීමට ඔබේ දායකත්වය ලැබෙයි.
www.facebook.com/AnuhasAstrology අපේ facebook පිටුවට පිවිස පිටුවට like කර අප සමගින් ඔබත් එකතුවන්න.
Posted by Unknown On 8:40 AM


සූනියම් යාගයේදී යොදාගන්නා බොහෝ අමුද්‍රව්‍ය ඖෂධීය ගුණයෙන් යුක්තය.විශේෂයෙන්ම විනරෝග වලදී ප්‍රකට කෙරෙන වණ,දද, කුෂ්ඨ ආදී කායික රෝග සඳහා ඖෂධීය වශයෙන් ගුණදෙන බෙහෙත් වර්ග ඒ කාර්යය සඳහා යොදාගෙන ඇති අයුරු අපූරු කටයුත්තකි.සූනියම් මණ්ඩපය බහුල වශයෙන් සාදාගන්නට යොදාගන්නේ කෙසෙල් පතුරුයි. මියුසාසේ 
( Musarse ) කුලයට අයත් මියුසා නැමති උද්භිද නාමයෙන් හඳුන්වන කෙසෙල් ජලය උරා ගත හැකි ශාක බැවින් මනා සිසිල් ගුණයෙන් ද යුක්තය.

එවන් සිසිල් ගුණයෙන් යුත් කෙසෙල් පතුරු වලින් නිමකළ මණ්ඩපය තුල ආතුරයා බොහෝ වේලාවක් රඳවා සිටීම එම රෝගියාගේ ශරීර සුවයට වඩාත් හිතකර වේ.

ආයුර්වේදයේ සඳහන් ද්‍රව්‍යය ගුණ නිගණ්ඩුවල හදලි,මේඝා,වාරණ, මෝදා,ස්වාදු,අම්බුසරා යන නාමයන්ගෙන් හඳුන්වනු ලබන රඹ හෙවත් කෙසෙල් ගසේ බඩය ඉවත්කර පතුරු වේලා ලබාගනු ලබන අළුවලින් සාදනු ලබන කෑලිත් ක්ෂාරය නැමති ඖෂධය දියර ගලන කුෂ්ඨ රෝගීන් වෙනුවෙන් ගනු ලබන ප්‍රත්‍යක්ෂ ඔසුවකි.වින රෝගීන්ගේ බාහිර රෝග ලක්ෂණ මෙවන් ස්වරුපයක් ගැනීමටත් අටමඟල ඇඳීමට කෙසෙල් පතුරු දමා පිළියෙළ කරගත් අළු යොදාගැනීමටත් ආතුරයා ඒ මත වාඩිකර වීමත් රඹ පතුරු මණ්ඩපය තුල ආතුරයා වඩා හිඳුවීමත් යන කරුණු හා උක්ත ඖෂධීය ප්‍රතිකාර ක්‍රමය සමානය.

එසේම දාහපාහ යුක්ත කුෂ්ඨ රෝගයකදී ද රඹ පතුරු මත නිදිගැන්වීම ඖෂධීය ප්‍රතිකාරයක් ලෙස යොදාගනු ලැබේ.එපමණක් නොව අග්නි දණ්ඩමය හා ළදරු රථගාය රෝගීන් ස්නිශ්ධ බෙහෙත් තෙලක් ආලේප කරන ලද කෙසෙල් දළු මත නිදි කරවීම දේශීය වෛද්‍ය ක්‍රමයන්හිදී ප්‍රධාන දෙයකි.

මෙයින්ද පෙනෙන්නේ සූනියම් වීදි මණ්ඩපය ඇසුරුකොට රඹ පතුරුමය ඖෂධීය ගුණය රෝගියාට වක්‍ර මඟකින් ලබාදී ඇති බවයි.ආතුරයන් නානු ගා පිරිසිදු කිරීමෙන් කහ දියරයෙන් සේදීමෙන් තෙල් සඳුන් ආලේපයෙන් කරන්නේද එයයි.

වර්තමානයේ නානු සකස් කිරීමේදී යොදන්නේ දෙහි සහ පොල්කිරි ( හඳුන් කිරි පැන් ) පමණක් වුවද විෂ නාශක ගුණයෙන් යුත් ඖෂධයෙන් එසේම කහ දියරයෙන් විෂබීජ නසයි.මෙවැනි විෂබීජ නාශක ආලේපනයෙන් ආතුරයාගේ ශරීරයේ විෂබීජ නාශනයට අවශ්‍ය කටයුතු කරන අතර ඉන් අනතුරුව මොට්ටැක්කිලි පැන්දීමෙන් කරවනු ලබන්නේ නැවත විෂ ශරීරයට ඇතුළු වීමට නොදී පිරිසිදු රෙදි කඩකින් ශරීරයේ ආලේප කිරීමෙනි.

ආතුරය වීථි මණ්ඩපය තුළට ඇතුල් කරන්නේ මෙසේ මූලික විෂබීජ හරණයකින්(කිලි හරණයකින්) පසුවය.එසේම රංග මණ්ඩපය තුල හා යාග භූමියේ කහ දියර ඉසීම මඟිනුත් දුම්මල ගැසීමෙන් හා සුවඳ දුම් ඇල්ලීමෙන් පරිසරයේ ඇති විෂබීජ නාශනය මීට සමගාමීව කරනු ලබන තවත් කටයුත්තකි.

දොරටු පැන්නීම හෙවත් ඉන්ද්‍ර,යාම,වරුණ හා සෞම යන සතර දිග්භාග දොරටුවල වස් ඇරීම.
පැන් වැඩීම
හිස නානු ගෑම 
මොට්ටක්කිලි පැළඳවීම 
සළු වැදීම සහ ඒ උපත 
සළුවේ කීම 
සළු සැලීම 
ඒ ඒ කුලවලට යාග කිරීම 
ඉරි ඇඳීම 
දින හතට ඉරි ඇඳීම 
ඉරි වල දොස් ඇරීම 
දළුමුර (බුලත් උපත )
සත් අඩියට බුලත් තැබීම 
පඬුරු තැබීම
පඬුරු තබා සෙත් පැතීම 
අඩි හතට පත්‍ර 7 තැබීම 
පියුම් 7 තැබීම 
විලක්කු 7 ගැසීම 
විලක්කු කැප කිරීම 
මල්වර්ග 7 තැබීම 
බත්ගොටු 7 තැබීම 
බත්ගොටු කැප කිරීම 
සූනියම් යකාට අඬ ගැසීම 
7 අඩියට යකුන් ගෙන්වීම 
විනකල යකුන් ගෙන්වීම 
අඩි 7 ට රූප කැපකිරීම 
පිදවිලි කැපකිරීම 
දෙහි උපත 
දෙහි තැබීම 
දෙහි තබා වරං ගැනීම 
ගිරයේ උපත 
ගිරෙන් ලෙඩාගේ තත්වය කීම 
7 අඩියේ වින කැපුම 
අටමඟලට ගෙන්වීම 
සූනියම් වීදියේ දොරටු වලට විලක්කු ගැසීම
සූනියම් වීදියේ දොරටු පැනීම 
සූනියම් වීදියේ මල් කලස් හිදුවීම 
සූනියම් වීදියේ හා යන්ත්‍ර මගල් කියමන් 
වීදියේ යන්ත්‍ර ඇඳ වංගෙඩියේ තබා කීම 
වඩිග පටුන හා සෙත් පැතීම 
ඔටුණු පැළඳවීම (ඔටුණු මාල) 
වැල් වළලු පැළඳවීම සහ වැල් වලළු කැපීම 
රන්දුනු මාලාවේ කැපුම් සිරස පාදය

වැනිදේ ආතුරයා තුල මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහා කරනු ලබන අභිචාර විදීන්ය.වඩිග පටුන වැනි විචිත්‍ර නර්තන අංගයක් සූනියමට එක්කරගෙන ඇත්තේ අරමුණු කීපයක් ඉටු කර ගැනීම සඳහාය.එයින් දැක්වෙන හාස්‍යජනක සංවාද වලින් රංගන විෂ්ණුතාවයෙන් රෝගියා සිනා ගැස්වීමෙන් සහ රස ගැන්වීමෙන් මානසික සුවයක් ඇති කරනවා පමණක් නොව තමා එමඟින් නිරෝගීතාවයට පත්වේය යන හැගීම සිතුවිලි තුලින් ආත්ම විශ්වාසයක් ඇතිකරගනී.ආතුරයාගේ දෙපයට තබන පොල්,සහල්,තොළබෝ,හීරැස්ස,දිවි කදුරු ආදියෙහි ඇති විශේෂත්වය වන්නේ ඒවා බොහෝ විට වණ කුෂ්ඨ ආදී චර්ම රෝග නිවාරණයේදී යොදාගන්නා ඖෂධයක් වන බැවිනි.

පොල්වල අන්තර්ගත ඖෂධීය ගුණය ගැන කුවේණි අස්නේ සඳහන්ව ඇත.විජය කුමරුට වැළඳි දරුණු කුෂ්ඨ රෝගයක් ඉවසාගත නොහී දිවි නසාගැනීමේ අදහසින් ගසක් යට වැටී තිබූ ගෙඩියක මදයානුභව කළවිට මියයනු වෙනුවට රෝගය සුවපත් වූ බවත් එය රන් තැඹිලි ගෙඩියක මදය බව එහි දැක්වේ.

පොල්කිරි වෂ විෂ ශරීර ගත වීමේදී ප්‍රතිකාරයක් වශයෙන් යොදාගන්නා අතර බොහෝ ඖෂධීය තෙල්වර්ග සකස් කිරීමේ දී මූලික අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නේ පොල්තෙල්ය.තොලබෝ ( Crinumdetixum) පත්‍රද කුෂ්ඨ රෝග සඳහා යොදාගන්නා ප්‍රත්‍යක්ෂ ඖෂධයන්ය.පත්‍ර යුෂ කුෂ්ඨ රෝග සඳහා ආලේපයක් ලෙස යොදාගනී.

එසේම හීරැස්ස ( Cissus Codrangularis ) රක්ත වාත අමාරුව නිසා ඇතිවන කකුල් පැලීමේ සහ දියර ගැලීමේ තත්වයන් හිදීද රක්ත රෝග සඳහා හිස ගැලවීම පිණිසද යොදාගනු ලැබේ.දිවි කදුරු ද විෂ නැසීමේ ඖෂධීය ගුණයෙන් යුක්තය.පිලි මෝල් ගසද දිවි කදුරු ලීයෙන් කල බව කියවේ.ආතුරයාට වැල් වලළු පැළදවීම ද මෙවැනි අරමුණක් ඉටු කරගැනීම සඳහා කර ඇත.ඒ සඳහා වල වර්ග 108 ක් නියම කර ඇත.එම වැල් වර්ගද ප්‍රචලිත ඖෂධීය ශාක වීම ද විශේෂත්වයකි.මෙසේ ඖෂධීය ගුණයෙන් යුත් විවිධ ශාක හා පත්‍ර ස්පර්ශයෙන් ගැල්වීමෙන් සහ ආශ්‍රිත පරිසරයක දිගු වේලාවක් සිටීමෙන් එම ඖෂධීය ගුණය එම රෝගියාට නො අඩුව ලැබේ.

මතු සම්බන්ධයි
Posted by Unknown On 8:06 AM



දෙවියන් පිළිබඳ නානා විධ මති මතාන්තර දුරාතීතයේ සිට පැවත එයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් මිනිසුන් අතර දෙවියන් පිළිබඳ ගැටලු තිබූ බවට ත්‍රිපිටක තොරතුරුවලින් යම් යම් කරුණු අනාවරණය වෙයි. කොසොල් රජතුමා බුදුන් වහන්සේ බැහැදැක "කිමෙක්‌ද ස්‌වාමීනි දෙවියෝ ඇත්තාහුද? යනුවෙන් විමසා සිටි විට බුදුන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේය. "ඇයි මහරජ නුඹ කුමක්‌ හෙයින් දෙවියෝ ඇත්දැයි අසන්නෙහිද? යනුවෙනි. රජුගේ පැනයට නිසි පිළිතුර නොලැබුණද, රජු එයින් සෑහීමකට පත් වී පසුව වෙනත් ප්‍රශ්නයක්‌ ඇසීමෙන් රජුගේ ප්‍රශ්නය නිරාකරණය නොවීම නිසා අටුවාචාරී බුද්ධ ඝෝෂ හිමියෝ සැකය දුරු කරනු සඳහා බුදුන් වහන්සේගේ "පාඨය" මෙසේ විස්‌තර කරන ලද බව මඡ්ජිම නිකායේ "කණ්‌ණ කන්ඵල සූත්‍රයෙන්" එළි දැක්‌වෙයි. "මහරජ ඹබ කුමක්‌ නිසා දෙවියන් ඇත්දැයි අසන්නෙහිද?" යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ චාතුර් මහා රාජික දෙවියෝ ඇත්තාහ. තාවතිංශ, දෙවියෝ ඇත්තාහ, පරහිම්මිත වසවත්ති දෙවියෝ ඇත්තාහ. ඒ දේව විමාන වලට එහායින්ද (උඩින්) දෙවියෝ ඇත්තාහ. යනුවෙන් අර්ථ විවරණය කරමිණි.

මඡ්ජිම නිකායේ සංගාරව සූත්‍රයට අනුව, සංගාරව බමුණා දෙවියන් ඇත්ද, නැද්ද යනුවෙන් බුදුන් වහන්සේගෙන් විමසා සිටි අතර, බුදුන්වහන්සේ ඊට පිළිතුරු දී ඇත්තේ භාරද්වාජය " මා විසින් දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැනගන්නා ලදී යනුවෙනි." මෙම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ සංගාරව බ්‍රාහ්මණයා යළි මෙසේ විමසීය. භගවත් ගෞතමයන් වහන්ස, ඔබ දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැන ගන්නා ලදැයි කීයෙහිය. මෙසේ ඇති කල්හි ඒ කීම හිස්‌ වූ බොරු කථාවක්‌ නොවන්නේද? ඊටද පිළිතුරු දුන් බුදුන්වහන්සේ භාරද්වාජය, දෙවියෝ ඇත්දැයි අසන ලද්දේ, දෙවියෝ ඇතැයි යමෙක්‌ කියන්නේද එකල්හි නුවණැති පුද්ගලයා දෙවියෝ ඇතැයි ඒකාන්ත වශයෙන් නිශ්චයකට පැමිණිය යුතුයි." දෙවියෝ ඇත යනු ලෝකයෙහි ඉතා ප්‍රකට සම්මතයේ පවත්නා දෙයක්‌ වගද බුදුන්වහන්සේ අවධාරණය කළහ. මින් ගම්‍ය වන්නේ බුදුවරු ලෝක සම්මතය වෙනස්‌ කිරීමට කටයුතු නොකරන වගකි.

දෙවියන් පිළිබඳව අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙහි මෙසේ කියයි. දෙවියන් සම්මුති උප්පත්ති හා විසුද්ධි යනුවෙන් වර්ග තුනකට වෙන්වෙයි. සම්මුති දෙවියෝ යනු රජවරු බිසෝවරු හා රාජකුමාරයන් වෙති. උප්පත්ති දෙවියෝ ලෙස සැලකෙන්නේ චාතුම් මහාරාජික, දෙවියන්ගේ සිට එයින් උඩ සිටින දෙව්ලොව දෙවියන්ය. විසුද්ධි දෙවියෝ නම් රහත් ඵලයට පැමිණි වූවෝය.

මඡ්ජිම නිකායෙහි මහාසීහ නාද සූත්‍රයට අනුව දෙවියන්ද ඕපපාතික කොටසට වැටෙන්නේය. චාතුර් මහාරාජික දෙවියන්ගේ පටන් ඉහළ දිව්‍ය ලෝකවල දෙවිවරු ඕපපාතිකව උපදින වගට අටුවාචාරීන් වහන්සේලා කියති. පොළවේ වාසය කරන "භූම්මා දේවා" නමින් හැඳින්වෙන දෙවිවරු චතුයෝනිකව (අණඩජ, ජලාඹුජ, සංසේඋජ, හා ඕපපාතික) උපදින වගද මඡ්ජිම නිකායේ අට්‌ඨ කථාවලින් ගම්‍ය වෙයි.

අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයට අනුව, ආර්යශ්‍රාවක තෙම පටන් ගත් උත්සාහය ඇත්තේ අත්දෙකහි මහන්සියෙන්, දාඩිය මහන්සියෙන්, ධාර්මිකව ලද්දා වූ වස්‌තුව වියදම් කොට සංග්‍රහ පසක්‌ දිය යුතුය. ඒ සංග්‍රහ පහ නම් ඥානිබලි සංග්‍රහය, ආගන්තුක බලි සංග්‍රහය, පේනබලි සංග්‍රහය, රාජබලි සහ දේවතාබලි සංග්‍රයන්ය. මෙහිදී දෙවියන්ට දිය යුතු සංග්‍රහය දේවතා බලිය වන්නේය. මින් ගම්‍ය වන්නේ දෙවියන් උදෙසා කරනු ලබන පුද සත්කාරයන්ය. අතීත ලෝක සමාජයේ වාසය කළ සෘෂීන්, මනුෂ්‍යයන්, ක්‍ෂේත්‍රියයන්, බ්‍රාහ්මණයන් දෙවියන් වෙනුවෙන් යාග හෝම පැවැත් වූ බවත්,ඒ මගින් තමන් අපේක්‍ෂා කළ අභිමතාර්ථයන් ප්‍රාර්ථනයක්‌, සඵල කර ගත් වගද සුත්ත නිපාතයෙන් දැක්‌වෙයි. බුදුන් වහන්සේගේ දේශනාවන් අනුව මිනිස්‌ ලොව මිනිසුන් කුසල් කර ඉන් උපදනා පිං දෙවියන්ට ද අනුමෝදනා කළ යුතු බව පිළිගත යුතු සත්‍යයක්‌ වන්නේය. දෙවියන්ට පිං පැමිණවීමෙන්, එසේ පිට දෙන තැනැත්තා දෙවියන්ගේ අනුකම්පාවට හා සැලකිල්ලට භාජනයවී ඔහුට සෙතක්‌ ශාන්තියක්‌, යහපතක්‌ සලසා දෙනවග මහාවග්ග පාලිය, දීඝ නිකාය, මහා පරිනිබ්බාන සූත්‍රය යනාදියෙන් කියෑවෙයි.

බුදුන්වහන්සේගේ දේශනා වන්හිදී ඇතැම් කරුණු අනුව දෙවියන් බොහෝ මිට මනුෂයයන්ගේ ජීවිත කෙරෙහි අසීමිත බලයක්‌ දක්‌වන වග නිර්මාණය වෙයි. මිනිස්‌ ලෝකයේ රජවරුන්ගේ ධර්මිෂ්ට, අධර්මිෂ්ට කම් අනුව ලොවට යහපත/ අයහපත් සිදු කරලීමටද ඔවුන් වග බලාගනී. අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයෙන් ඒ බව හෙළිකරන්නේ මෙසේය.

මහණෙනි යම් කළක රජවරු ධාර්මික වෙත්ද, එකල රජයෙහි නියුක්‌ත යෝද ධාර්මික වෙත් පෙ. සමවු වාතය හමත්, එකල දෙවියෝ පැහැදෙත්. දෙවියන් පැහැදුන කළ වර්ෂාව මනාකොට වසිත් එකල ශෂ්‍ය මනාව වැඩෙත් එලවැලඳීමෙන් මනුෂ්‍යයෝ වර්ණවත්ව, බලවත්ව නිරෝගීව ජීවත්වෙති.

ඇතැම් අවස්‌ථාවලදී දෙවිවරු දෙව්ලොව සිට මිනිස්‌ ලෝකයට පැමිණෙති. සුත්‍රවල දැක්‌වෙන පරිදි ඔවුන් මිසින් ලොවට එන්නේ බුදුන් වහන්සේගෙන් ධර්ම දේශනා අසා දැන ගැනීමටත්, උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමග සාකච්ඡා පැවැත්වීමටත්ය. අංගුත්තර නිකායෙහි තික නිපාතයට අනුව එසේ පැමිණෙන දෙවිවරු තම නියම රූපයෙන් පොළවේ සිට ගත නොහැක්‌කේය. සියුම් ආත්ම මවා ගැනීමක්‌ මෙහිදී සිදු කෙරේ.

මාර දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසටත් එරෙහිව කටයුතු කළ අයෙකි. බුද්ධත්වය ලැබීමට පෙර පවා සිදුහත් සමයේ සිට මොහුගෙන් කරදර ඇති විය.

දෙවියන්ගේ තතු, දිව්‍ය සම්පත්තිය කෙරෙහි තතු "විමාන වත්ථු" ප්‍රකරණයෙන්" දැක්‌වෙයි.

දෙවියන්ගේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ සක්‍ර දෙවියන්ය. සක්‌දෙව් බුදුන් වහන්සේ සමග ඉතා කුළු පගව සිටි අයෙකි. අසුරයන්ගේ ප්‍රධානියෙකු වූ රෝවන අසුරයා සක්‍රයා සමග නිතර යුද්ධ කරන වගක්‌, නමුත් දෙදෙනා මිත්‍රයක්‌ ලෙස හැසිරෙන වගත් සංයුක්‌ත නිකායෙන් දැක්‌වෙයි.

වත්මන් සමාජයේ දෙවියන් ගැන සුවිශේෂ පිළිගැනීමක්‌ ඇතිව කටයුතු කරන අය බොහෝ වෙති. දෙවියන්ගේ සිත් සතුටු කිරීමෙන් ඔවුන්ට දානමාන පුද සත්කාර කිරීමෙන් තමන්ට අවශ්‍ය දේ කරවා ගැනීමට හැකි බව ඔවුන් තුළ විශ්වාසයක්‌ පවතී. තවත් සුළු පිරිසක්‌ සිතන්නේ දෙවියන් කියා පිරිසක්‌ නොසිටින වග හා එය හුදු මන(කල්පිත විශ්වාසයක්‌ බවත්ය. එහෙත් බුදුදහමට අනුව කලින් සදහන් කළ කෙටි තොරතුරුවලින් දෙවියන් කියා පිරිසක්‌ සිටින වග නම් පැහැදිලිය බුදුන් දවස භාරතීය සමාජයෙන් බුහුමන් ලැබූ බ්‍රහ්ම හා ඉන්ද්‍ර යන දෙන්නාට බුදුන් වහන්සේද ඉහළ තැනක්‌ දුන්හ. වේදයේ ගරු බහුමාන ලැබූ ඉන්ද්‍ර බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකු විය. අනාගත බුද්ධ ශාසනය පවතින ශ්‍රී ලංකාව රැක ගැනීමේ වගකීමද ඉන්ද්‍ර ලබා සිටී. ශ්‍රී විෂ්ණු යනුවෙන්ද ඉන්ද්‍ර හඳුන්වනු ඇත.

කඳකුමරු (කතරගම දෙවියන්) මිනිස්‌ ලොව ඉපිද දහම් පොත් පත් ආශ්‍රයේදී ශ්‍රී විෂ්ණු නීල කසිනය භාවනා වඩන යතිවරයෙකු ලෙස සිටියේය. කඳ කුමරුද විෂ්ණුගෙන් භාවනා ඉගන ගත් බව කියෑවේ. අපේ සැදැහැවත් බොහෝමයක්‌ උපුල්වන් මහා විෂ්ණු කඳ කුමරු වැන්නවුන්ගේ සරණ පතති. ජ්‍යෙdaතිෂයට අනුව කුජ (අඟහරුගේ) අපලයට කතරගම දෙවියන්ගේ පිහිට පැතීම කරනු ලබයි. ගුරුගේ රාහුගේ අපලයට ද ශිව කතරගම දෙවි පිහිට පතන්නේය. කේතුගේ, ශනිගේ, බුධගේ අපල වලට විෂ්ණු දෙවියන්ගේ පිහිට පැතීම සිදු කෙරේ.

බුද්ධ දේශනාවන්ට අනුව දෙවියන් කෙරෙහි විශ්වාසය පවත්වා ගැනීමත් දෙවියන්ට පිං දීමත් නිසා එසේ කරන්නාට යහපතක්‌ම සැලසේ. 
(උපුටා ගැනීමකි )

Posted by Unknown On 8:04 AM



අද කාර්ය බහුල ජන සමාජයේ මිනිසාට දෙවියන් බුදුන් පමණක් නොව ඔවුන් ද අමතක වී සිටින බවක් පෙනේ.
සමහරු පහන් තබන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසාය. තවත් සමහරු පහන් තබන්නේ දෙවි දේවතාවුන්ගෙන් පිහිටක් අපේක්ෂා කරමිනි. තවත් පිරිසක් වැටකේ, කෙසෙල් වැනි ගස් යට පහන් තබන්නේ ග්රහ අපලවලට පිළියමක් ලබා ගැනීම සඳහාය. මේ කුමන අවශ්යතාවක් සඳහා පහන් තැබුවත් එහි පිළිවෙළක්, කාලයක්, ක්රමයක් තිබිය යුතුය.

අපේ සමහර අය පහන් තබන්නේ තමන්ට කරදරයක් වූ අවස්ථාවල පමණි. තමන්ගේ කරදරය මත දෙවියන් සිහිවී පහන් තබන අයට යම් සෙතක් ශාන්තියක් උදාවේ යෑයි සිතීම තරමක් අසීරු කරුණකි. නමුත් කරදරය වෙනුවෙන් ආරම්භ කළ පහන් තැබීමේ කටයුත්ත දිගින් දිගටම පිළිවෙළකට කරගෙන යන්නේ නම් දේව පිහිට ඔබට නිරන්තරයෙන්ම ලබාගත හැකි බව ඉඳුරාම කිව යුතුය.

කුමන හෝ කරුණක් සඳහා ඔබ පහන් තැබීමට බලාපොරොත්තු වන්නේ නම් නිවස තුළ පහන් දැල්වීමට වඩා වත්තේ සුදුසු තැනක ඉදිකළ පහන් පැලක පහන් තැබීමට කටයුතු කරන්න පිළිමවලට නොව රූපවලට පහන් තැබීමටද මතක තබා ගන්න. ඔබගේ ගෙවත්තේ පහන් පැල තනා ගත යුත්තේ ඉඩමේ පෙරේත පාදයේ නොව දේව හෝ බ්රහ්ම පාදයේය. පහන් පැල අවට ඉතා හොඳින් සුද්ධකොට සුදුවැලි අතුරා නිතරම පිරිසිදුව තබා ගැනීමට මතක තබා ගන්න. ඔබ පහන් තබන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නම් එම පහන් තැබීම උදෑසන කරන්නේ නම් 6.12 ත් 6.48 ත් අතර කාලයේදී සිදු කිරීම පුරුදු වන්න. සවස් කාලයේදී නම් බුදුන්ට පහන තැබීමට සුදුසුම කාලය සවස 5.24 ත් 5.48 ත් අතර කාලයයි.

ඔබ පහන් තබන්නේ කවර හෝ දෙවියකුගේ පිහිට පතා නම් ඒ ඒ දෙවිවරු සඳහා වූ නියමිත කාලයට පහන් තබා දේව ආශීර්වාදය ලබා ගන්න. එසේ නොමැති නම් සිදුවන්නේ "ඔන්න බුදුනි මල් - මෙන්න මම ගියා" සේ ඔය නිකම්ම මල් පූජා කිරීමක් මෙන් පහන් තැබීමද සිදුවේ. දෙවියන්ට පහන් තබන්නේ නම් නියමිත වේලාවට පහන් තබා ඒ ඒ දෙවියන්ට ගැළපෙන දේව කන්නලව් කිරීමද අමතක නොකරන්න.

සවස 5.00 සිට 5.35 දක්වා ධර්ම දේවතාවුන්ට සවස 5.24 සිට 5.48 දක්වා මහා බ්රහ්මයාට, රාත්රී 8.07 සිට 8.24 දක්වා මහා භද්රකාලී දෙවියන්ට, රාත්රී 10..01 සිට 10.23 දක්වා ගම්බාර සූනියම් දෙවියන්ට, රාත්රී. 10.23 සිට 10.47 දක්වා දැඩිමුණ්ඩ දෙවියන්ට, රාත්රී 10.47 සිට 11.11 දක්වා කතරගම දෙවියන්ට, රාත්රී 11.36 සිට 12.00 දක්වා සත්පත්තිනි දෙවියන්ට, රාත්රී 12.00 සිට 12.12 දක්වා සරස්වතී දේවඟනට. රාත්රී 12.12 සිට 12.24 දක්වා විෂ්ණු දෙවියන්ට, රාත්රී 12.24 සිට 12.36 දක්වා ඊශ්වර දෙවියන්ට, රාත්රී 12.36 සිට 01.00 දක්වා සතර වරම් දෙවියන්ට, අලුයම 01.00 සිට 01.24 දක්වා සුමන සමන් දෙවියන්ට, අලුයම 01.24 සිට 01.48 දක්වා විභීෂණ දෙවියන්ට, අලුයම 01.48 සිට 02.00 දක්වා ශක්ර දෙවියන්ට.

සවස 6 සිට රාත්රී 10 දක්වා කාලය යක්ෂ දිෂ්ටි වේලාවන් බැවින් මේ කාලය තුළ දෙවියන්ට පහන් තැබීමෙන් පලක් නොමැති බවද මත තබා ගන්න.

රාත්රී 6.00 සිට 6.24 දක්වා මහසෝන් දිෂ්ටියයි. රාත්රී 6.24 සිට 6.48 දක්වා රීරියක් දිෂ්ටියයි. රාත්රී 6.48 සිට 7.12 දක්වා සූනියම් යක්ෂ දිෂ්ටියයි. රාත්රී 7.12 සිට 7.36 දක්වා කඩවර දිෂ්ටියයි. රාත්රී 7.36 සිට 8.07 දක්වා කළුකුමාර දිෂ්ටියයි. රාත්රී. 8.07 සිට 8.24 දක්වා භද්රකාලී දිෂ්ටියයි. රාත්රී 8.24 සිට 8.48 දක්වා මදන යක්ෂ දිෂ්ටියයි. රාත්රී 8.48 සිට 9.12 දක්වා ගොපලු යක්ෂ දිෂ්ටියයි. රාත්රී 9.12 සිට 9.36 දක්වා බහිරව දිෂ්ටියයි. රාත්රී 9.36 සිට 10.01 දක්වා කොහොඹ යක් දිෂ්ටියයි.

මේ අනුව ඔබ පහන් තබන අවශ්යතාවය මුලින්ම තෝරාගෙන ඒ සඳහා සුදුසු කාලයද ඔබ තීරණය කළ යුතුය. එසේම තම අවශ්යතාවය මත පහන තැබිය යුතු තැනද ඔබ තීරණය කළ යුතුය. ඇතැම් දේව අවශ්යතා සඳහා පහන් තැබිය යුතුවන්නේ නුග, ඇහැටු වැනි ගස් පාමුලය.

තබන්නන් වාලේ ඔබ පහන් තබනවාට වඩා එය අර්ථවත්ව හා ක්රමවත්වද අරමුණක් ඇතිවද, දල්වන්නේ නම් ඔබට පිහිට ලැබෙනු ඒකාන්තය. නැතිනම් සිදුවන්නේ විනාශයකි.