බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි තුන්වැනි වර බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ කැලණියට ය. ඒ කැලණියේ නාරජුගේ ආරාධනය පරිදියි. එම ගමනේදී සුමන කූටයෙහි සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් තබන ලද බව මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ (ගාථා අංක 72-78) හි සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ පස් වන සියවසේදී චීන ජාතික ෆාහියන් හිමියෝ ලංකාවට වැඩම කළහ. ඒ ක්‍රි.ව. 410 දීය. උන්වහන්සේ ලංකාවට වැඩම කළ ඒ කාලයේදීද බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම පිළිබඳව මෙරට ජනතාව අතර ආරංචි පැතිරී තිබුණි. ෆාහියන් හිමි ලක්දිව තැබූ සිරිපතුල් දෙකක් ගැන සිය වාර්තාවේ සඳහන් කරති. එයින් එකක් කඳු ශිඛරයකය. අනෙක උතුරේ රාජකීය නගරයේය.
ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩම කර එහි නිරිත දිග ප්‍රදේශයෙහි පිහිටි කන්දක සිට ලංකාවතාර සූත්‍රය දේශනා කළ බව ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසේදී ඉන්දියාවේ සංචාරය කළ තවත් චීන භික්‍ෂූන් වහන්සේ නමක් වූ හියුං ෂාං හිමියෝද සඳහන් කරති. එම සියවසෙහිම අග භාගයෙහි ලංකාවට පැමිණි වජ්‍ර බෝධි ශ්‍රීපාදය පිහිටි කන්දට නැග එහි භාවනා කළ බවද සඳහන් වේ. චීන වාර්තා අනුව මෙය සුමනකූට නම්වෙයි.
මහ විජයබාහු රජතුමාගේ අඹගම, සෙල්ලිපියෙහි ශ්‍රී පාද පුදබිම පිළිබඳව ඒ රජතුමා සිදු කළ දානයන් පිළිබඳවද මෙසේ සඳහන්වේ.
“ ඉන් අනතුරුව රජතුමා විසින් බුදු සිරිපා පිහිටි සමනොළ ගිරෙහි නවකම් කොට සිතියම් අද වා වෙනත් පිළිසකර කටයුතු කරවා දැල්වීම, පිණිස පහන් ඇතුළු වෙනත් දෑද පුද කරවීය. බුදුසිරිපා නැමදීමට සිව් දෙසින් වැඩම කරවන්නා වූ මහා භික්‍ෂු සංඝයාට යෝග්‍ය ආහාර හා වෙනත් දෑ සපයාදීමටද සිරිපා වැඳීමට වෙහෙසව පැමිණෙන ගිහිවන්දනා කරුවනට ආහාරපානාදිය සැපයීමටද දානශාලා පිහිටුවීය. රජ රටේ මාර්ගයෙහි ගව්වෙන් ගව්වට අවසන් ගව්පහේ සිය නමින් දාන ශාලා ද පිහිටුවීය. (ZPIGRAPHIA ZEYLANICA –VOL II –D.M.Z .Wickramasinghe –P. 210 –213 (1912-1927)
එපමණකින් නොනැවතුණු මහ විජයබාහු රජතුමා වියදම් සඳහා ගම්බිම් රාශියක්ද සිරිපා මළුවට පිදීය.අඹගමුව, කෙහෙල්ගමුව, තිනිගල සොරගොඩ, බදුලුවනය, ගම්පොල,උලපනේ ආදී සමීප ගම් රාශියක්ද එතුමා ශ්‍රීපාදයට පූජා කර තිබේ. මෙම විස්තර සඳහන් අඹගමුවේ ශිලා ලිපිය හමුවී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩබුලත්ගම අකුරු කෙටූ කන්දේ වටකුරු ගල්දෙකකය.මහවිජයබාහු රජතුමා විසින් මුණිසිරිපා පුද බිමට කරන ලද පූජාවන් ගැන මහාවංශයේ මෙසේ සඳහන් වෙයි.
සමන්කුළු පව්වෙහි පිහිටි මුණිරජහුගේ පා සටහන වන්දනා පිණිස දුකසේ යායුතු මග යන්නා වූ මනුෂ්‍යයෝ සියල්ලෝම නොපෙළෙත්වති.දන් වැටුප් පිණිස හැල්කෙත් ආදියෙන් සමෘද්ධි වූ ගිලීමලය නම් ගමදෙවි,කෙසෙල් ගම් මගද, වෙන් වශයෙන් ගම දී ශාලාද කරවී. රජ තෙමේ අනාගත කාලයෙහි රජදරුවෝ ඒ ගම් නොගනිත්වයි අකුරු කොටවා ගල්ටැම්ද පිහිටවූහ.
මහාවංශය ප්‍රථම භාගය 60 පරිච්ඡේදය ගාථා 64-68 )
මෙම සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් සමනොළ ගිර මුදුණේ පිහිටුවන ලද බව වංශකතා සෑම එකකම දක්නට ලැබේ. ධාතුවංශයෙහිද මේ බව සඳහන් වී ඇත.
පොළොන්නරු යුගයේම මහපැරකුම් රජතුමාද (ක්‍රි.ව. 1153-1187) සමනොළකන්ද නාග සිරිපා නාග සිරිපාවැඳ සමන් දේවාලය ද එහි කරවීය.
සිරිපා වැඳීම සඳහා පොළොන්නරු රාජ සමයේදී ගිය තවත් රජකෙනෙකු ලෙසින් නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187-1196 ) රජතුමා සඳහන් කළ හැකියි. මහාවංසය මෙන්ම රාජාවලියද ඒ බව සඳහන් කරයි. නිශ්ශංකමල්ල රජතුමාගේ එම පුවත එතුමාගේ ශිලාලේඛන අටකම සඳහන් කර ඇත. පඬුවස් නුවර (පරාක්‍රමපුරය) ඇති මේ රජුගේ සිංහාසන ශිලා ලිපිය අනුව නිශ්ශංක මල්ල රජතුමා සිරිපා වැන්දේ රජුගේ නවවැනි රාජ වර්ෂයේ දුරුතු මස පුර පසළොස්වක දාය.
නිශ්ශංකමල්ල රජතුමා විශේෂිත වූ රජ කෙනෙකි. මේ රජු විසින්ම රජරුවක් සෙල්ලිපියකට ඇතුළත් කර ලැබිණි.
එය පිහිටියේද සමනොළ කන්දේය. සමනොළ කන්දේ රත්නපුර පාරේ පිහිටි බගවාලෙනෙහි දක්නට ලැබෙන සෙල් ලිපියේ පසෙකින් ඔහුගේ රුව කොටවා ඇත. එය නිශ්ශංක මල්ල රජු වැදගෙන සිටින අයුරින් නිරූපිතය.
රූපය අසළ “ නිශ්ශංකමල්ල පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්වාමින් වහන්සේ පදලස දා වැන්ද සිටින නියායි” යනුවෙන් සටහන් කර ඇත.
(ලංකා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය 1 වෙළුම 2 කොටස පි. 545)
සිංහල රාජාවලිය පිළිබඳ සඳහන් කරනවිට පොළොන්නරු යුගයෙන් පසුව එළැඹි දඹදෙනි රාජ යුගයේද ප්‍රබල රජ කෙනෙකු වූද සාහිත්‍ය ධරයෙකු වූද (කව්සිළුමිණ කාව්‍යය ලියූ) දෙවැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1236 –1270) සිව්රඟ සෙනග සමග මහවනය සිසාරා සිටි ජනපද පූජා කළ බව පූජාවලිය සඳහන් කරයි. දෙවන පරාක්‍රමබාහු රජුගේ දේවප්‍රතිරාජ ඇමතිතුමා කැඳවා සමනොළ ගිර පිහිටි සිරිපා වැඳීමට යන සැදැහැවතුන්ට එම මාර්ගය පිළිසකර කර දෙන ලෙසද සමන්දේව රුවක්ද කරවා එහි පිහිටුවන ලද බව පූජාවලිය සඳහන් කරයි (පූජාවලිය පි.810)
දඹදෙණි රාජ සමයේදී මාකෝ පොලෝ නම් සංචාරකයා සිරිපා පුද බිමට පැමිණි විදේශීය සංචාරකයෙකි. ඔහුගේ සංචාරක වාර්තාවල ඒ බව සඳහන් කර ඇත. ඉන්පසු කාලවල වූ කුරුණෑගලද ගම්පොල කෝට්ටේ, සීතාවක සෙංකඩගල ආදි පුරාණ රාජ යුගවලදී පමණක් නොව යටත්විජිත යුගයේදී පවා සිරිපා පුදබිමට නිසි ගරු බුහුමන් කිරීමට එකල පාලකයෝ සැදී පැහැදී සිටියහ.
ඒ අපේ අති මහත් ගෞරවාදරයට පත්ව වන්දනාමාන ලබන ශ්‍රීපාදයයි ලෝක ජනගහනයෙන් දශමයක් වන සිංහල බෞද්ධයාගේ හැගීමයි. ලෝකය හමුවේ මෙය ශ්‍රීපාදය නොවේ. අද ලෝකය එය හදුන්වන්නේ adams peak ලෙසින්. එය තහවුරු කරන්නට අප විසින් බෝඩ් ලෑල්ලක්ද ගසා එය පිළිගෙන ඇත. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ආදම් උයන නම් බයිබල් සංකල්පයේ මිත්‍යාවේ පාරාදීසය අපේ ශ්‍රීපාදය පිහිටි ෙම් පුන්‍ය භූමිය කියා පිළිගන්නවාද?
තම අඹුවගේ විලිරුදාව නොසලකා පර අඹුවන්ගේ දතේ කැක්කුම ගැන වදවෙන පිරිසටයි මේ අභියෝගය. ගෞතම බුදුන්ගේ පාද ලාංඡනය බව දැන දැනත් ලෝකයට adams peak කියල කියන නිවටකම දුරු කරවන්න ඔබට පුළුවන්ද? මේ තමයි ශ්‍රීපාදය කියල ලෝකයටම පෙන්වා දෙන්න ඔබට පුළුවන් ද? වෙන දෙයක් ඕනි නෑ. ඔය බෝඩ් ලෑල්ල ගලවලා දාන්න ඔබට පුළුවන්ද?
තෙරුවන් සරණයි...!
අපේ පිටුව තවත් ශක්තිමත් උනොත්, මේ ලිපි තවත් බොහෝ දෙනෙක් කියවා දැනුවත් වෙයි. ඒ සදහා ඔබටත් දායක විය හැකියි. ඒ නිසා අපේ පිටුවට like කරමින්ම මෙය share කරන්න. ඔබගේ අදහසත් comment කරනවා නම් ලිපිය තවත් සාරවත් කිරීමට ඔබේ දායකත්වය ලැබෙයි.
www.facebook.com/AnuhasAstrology අපේ facebook පිටුවට පිවිස පිටුවට like කර අප සමගින් ඔබත් එකතුවන්න.
ඉහල අදහස් දැක්වීමක් ! හිස නමා ආචාර කරමි.
ReplyDeleteමේ අපේ "ශ්‍රී පාදයි"
ආදම්ගේ කන්ද හෝ Adams peak කියා ඕනෑම කෙනෙක්ට කිව හැකිය. ඒ ඔහුගේ හෝ ඇයගේ පිළිගැනීමයි. නමුත්, තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී පාදයෙන් පාරිශ්ද්ධ වූ ශ්‍රී පාදය
ආක්‍රමණය කරන්නේ නම් සිංහල බෞද්ධ වූ අපට ඇහැ කන පියාගෙන සිටීමට නම් නොහැක.
ශ්‍රී ලෙස හැඳින්වීමට වඩා සිරි ලෙසින් හැඳින්වීම යෝග්‍යයි. අපි සිරි පාදය කියමු. නැතිනම් සිරි පා පියුම කියමු.
ReplyDelete