"A peaceful and Enjoyable life for Everyone!"

"A peaceful and Enjoyable life for Everyone!"

"A peaceful and Enjoyable life for Everyone!"

A peaceful and Enjoyable life for Everyone!

Posted by Unknown On 8:47 AM


ආයුබෝවන්...!

බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි තුන්වැනි වර බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ කැලණියට ය. ඒ කැලණියේ නාරජුගේ ආරාධනය පරිදියි. එම ගමනේදී සුමන කූටයෙහි සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් තබන ලද බව මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ (ගාථා අංක 72-78) හි සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ පස් වන සියවසේදී චීන ජාතික ෆාහියන් හිමියෝ ලංකාවට වැඩම කළහ. ඒ ක්‍රි.ව. 410 දීය. උන්වහන්සේ ලංකාවට වැඩම කළ ඒ කාලයේදීද බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම පිළිබඳව මෙරට ජනතාව අතර ආරංචි පැතිරී තිබුණි. ෆාහියන් හිමි ලක්දිව තැබූ සිරිපතුල් දෙකක් ගැන සිය වාර්තාවේ සඳහන් කරති. එයින් එකක් කඳු ශිඛරයකය. අනෙක උතුරේ රාජකීය නගරයේය.

ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩම කර එහි නිරිත දිග ප්‍රදේශයෙහි පිහිටි කන්දක සිට ලංකාවතාර සූත්‍රය දේශනා කළ බව ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසේදී ඉන්දියාවේ සංචාරය කළ තවත් චීන භික්‍ෂූන් වහන්සේ නමක් වූ හියුං ෂාං හිමියෝද සඳහන් කරති. එම සියවසෙහිම අග භාගයෙහි ලංකාවට පැමිණි වජ්‍ර බෝධි ශ්‍රීපාදය පිහිටි කන්දට නැග එහි භාවනා කළ බවද සඳහන් වේ. චීන වාර්තා අනුව මෙය සුමනකූට නම්වෙයි.

මහ විජයබාහු රජතුමාගේ අඹගම, සෙල්ලිපියෙහි ශ්‍රී පාද පුදබිම පිළිබඳව ඒ රජතුමා සිදු කළ දානයන් පිළිබඳවද මෙසේ සඳහන්වේ.

“ ඉන් අනතුරුව රජතුමා විසින් බුදු සිරිපා පිහිටි සමනොළ ගිරෙහි නවකම් කොට සිතියම් අද වා වෙනත් පිළිසකර කටයුතු කරවා දැල්වීම, පිණිස පහන් ඇතුළු වෙනත් දෑද පුද කරවීය. බුදුසිරිපා නැමදීමට සිව් දෙසින් වැඩම කරවන්නා වූ මහා භික්‍ෂු සංඝයාට යෝග්‍ය ආහාර හා වෙනත් දෑ සපයාදීමටද සිරිපා වැඳීමට වෙහෙසව පැමිණෙන ගිහිවන්දනා කරුවනට ආහාරපානාදිය සැපයීමටද දානශාලා පිහිටුවීය. රජ රටේ මාර්ගයෙහි ගව්වෙන් ගව්වට අවසන් ගව්පහේ සිය නමින් දාන ශාලා ද පිහිටුවීය. (ZPIGRAPHIA ZEYLANICA –VOL II –D.M.Z .Wickramasinghe –P. 210 –213 (1912-1927) 

එපමණකින් නොනැවතුණු මහ විජයබාහු රජතුමා වියදම් සඳහා ගම්බිම් රාශියක්ද සිරිපා මළුවට පිදීය.අඹගමුව, කෙහෙල්ගමුව, තිනිගල සොරගොඩ, බදුලුවනය, ගම්පොල,උලපනේ ආදී සමීප ගම් රාශියක්ද එතුමා ශ්‍රීපාදයට පූජා කර තිබේ. මෙම විස්තර සඳහන් අඹගමුවේ ශිලා ලිපිය හමුවී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩබුලත්ගම අකුරු කෙටූ කන්දේ වටකුරු ගල්දෙකකය.මහවිජයබාහු රජතුමා විසින් මුණිසිරිපා පුද බිමට කරන ලද පූජාවන් ගැන මහාවංශයේ මෙසේ සඳහන් වෙයි.

සමන්කුළු පව්වෙහි පිහිටි මුණිරජහුගේ පා සටහන වන්දනා පිණිස දුකසේ යායුතු මග යන්නා වූ මනුෂ්‍යයෝ සියල්ලෝම නොපෙළෙත්වති.දන් වැටුප් පිණිස හැල්කෙත් ආදියෙන් සමෘද්ධි වූ ගිලීමලය නම් ගමදෙවි,කෙසෙල් ගම් මගද, වෙන් වශයෙන් ගම දී ශාලාද කරවී. රජ තෙමේ අනාගත කාලයෙහි රජදරුවෝ ඒ ගම් නොගනිත්වයි අකුරු කොටවා ගල්ටැම්ද පිහිටවූහ.

මහාවංශය ප්‍රථම භාගය 60 පරිච්ඡේදය ගාථා 64-68 )

මෙම සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් සමනොළ ගිර මුදුණේ පිහිටුවන ලද බව වංශකතා සෑම එකකම දක්නට ලැබේ. ධාතුවංශයෙහිද මේ බව සඳහන් වී ඇත.

පොළොන්නරු යුගයේම මහපැරකුම් රජතුමාද (ක්‍රි.ව. 1153-1187) සමනොළකන්ද නාග සිරිපා නාග සිරිපාවැඳ සමන් දේවාලය ද එහි කරවීය.

සිරිපා වැඳීම සඳහා පොළොන්නරු රාජ සමයේදී ගිය තවත් රජකෙනෙකු ලෙසින් නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187-1196 ) රජතුමා සඳහන් කළ හැකියි. මහාවංසය මෙන්ම රාජාවලියද ඒ බව සඳහන් කරයි. නිශ්ශංකමල්ල රජතුමාගේ එම පුවත එතුමාගේ ශිලාලේඛන අටකම සඳහන් කර ඇත. පඬුවස් නුවර (පරාක්‍රමපුරය) ඇති මේ රජුගේ සිංහාසන ශිලා ලිපිය අනුව නිශ්ශංක මල්ල රජතුමා සිරිපා වැන්දේ රජුගේ නවවැනි රාජ වර්ෂයේ දුරුතු මස පුර පසළොස්වක දාය.

නිශ්ශංකමල්ල රජතුමා විශේෂිත වූ රජ කෙනෙකි. මේ රජු විසින්ම රජරුවක් සෙල්ලිපියකට ඇතුළත් කර ලැබිණි.

එය පිහිටියේද සමනොළ කන්දේය. සමනොළ කන්දේ රත්නපුර පාරේ පිහිටි බගවාලෙනෙහි දක්නට ලැබෙන සෙල් ලිපියේ පසෙකින් ඔහුගේ රුව කොටවා ඇත. එය නිශ්ශංක මල්ල රජු වැදගෙන සිටින අයුරින් නිරූපිතය. 

රූපය අසළ “ නිශ්ශංකමල්ල පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්වාමින් වහන්සේ පදලස දා වැන්ද සිටින නියායි” යනුවෙන් සටහන් කර ඇත.

(ලංකා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය 1 වෙළුම 2 කොටස පි. 545)

සිංහල රාජාවලිය පිළිබඳ සඳහන් කරනවිට පොළොන්නරු යුගයෙන් පසුව එළැඹි දඹදෙනි රාජ යුගයේද ප්‍රබල රජ කෙනෙකු වූද සාහිත්‍ය ධරයෙකු වූද (කව්සිළුමිණ කාව්‍යය ලියූ) දෙවැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1236 –1270) සිව්රඟ සෙනග සමග මහවනය සිසාරා සිටි ජනපද පූජා කළ බව පූජාවලිය සඳහන් කරයි. දෙවන පරාක්‍රමබාහු රජුගේ දේවප්‍රතිරාජ ඇමතිතුමා කැඳවා සමනොළ ගිර පිහිටි සිරිපා වැඳීමට යන සැදැහැවතුන්ට එම මාර්ගය පිළිසකර කර දෙන ලෙසද සමන්දේව රුවක්ද කරවා එහි පිහිටුවන ලද බව පූජාවලිය සඳහන් කරයි (පූජාවලිය පි.810)

දඹදෙණි රාජ සමයේදී මාකෝ පොලෝ නම් සංචාරකයා සිරිපා පුද බිමට පැමිණි විදේශීය සංචාරකයෙකි. ඔහුගේ සංචාරක වාර්තාවල ඒ බව සඳහන් කර ඇත. ඉන්පසු කාලවල වූ කුරුණෑගලද ගම්පොල කෝට්ටේ, සීතාවක සෙංකඩගල ආදි පුරාණ රාජ යුගවලදී පමණක් නොව යටත්විජිත යුගයේදී පවා සිරිපා පුදබිමට නිසි ගරු බුහුමන් කිරීමට එකල පාලකයෝ සැදී පැහැදී සිටියහ.

ඒ අපේ අති මහත් ගෞරවාදරයට පත්ව වන්දනාමාන ලබන ශ්‍රීපාදයයි ලෝක ජනගහනයෙන් දශමයක් වන සිංහල බෞද්ධයාගේ හැගීමයි. ලෝකය හමුවේ මෙය ශ්‍රීපාදය නොවේ. අද ලෝකය එය හදුන්වන්නේ adams peak ලෙසින්. එය තහවුරු කරන්නට අප විසින් බෝඩ් ලෑල්ලක්ද ගසා එය පිළිගෙන ඇත. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ආදම් උයන නම් බයිබල් සංකල්පයේ මිත්‍යාවේ පාරාදීසය අපේ ශ්‍රීපාදය පිහිටි ෙම් පුන්‍ය භූමිය කියා පිළිගන්නවාද? 

තම අඹුවගේ විලිරුදාව නොසලකා පර අඹුවන්ගේ දතේ කැක්කුම ගැන වදවෙන පිරිසටයි මේ අභියෝගය. ගෞතම බුදුන්ගේ පාද ලාංඡනය බව දැන දැනත් ලෝකයට adams peak කියල කියන නිවටකම දුරු කරවන්න ඔබට පුළුවන්ද? මේ තමයි ශ්‍රීපාදය කියල ලෝකයටම පෙන්වා දෙන්න ඔබට පුළුවන් ද? වෙන දෙයක් ඕනි නෑ. ඔය බෝඩ් ලෑල්ල ගලවලා දාන්න ඔබට පුළුවන්ද?

තෙරුවන් සරණයි...!

අපේ පිටුව තවත් ශක්තිමත් උනොත්, මේ ලිපි තවත් බොහෝ දෙනෙක් කියවා දැනුවත් වෙයි. ඒ සදහා ඔබටත් දායක විය හැකියි. ඒ නිසා අපේ පිටුවට like කරමින්ම මෙය share කරන්න. ඔබගේ අදහසත් comment කරනවා නම් ලිපිය තවත් සාරවත් කිරීමට ඔබේ දායකත්වය ලැබෙයි.
www.facebook.com/AnuhasAstrology අපේ facebook පිටුවට පිවිස පිටුවට like කර අප සමගින් ඔබත් එකතුවන්න.
Posted by Unknown On 8:40 AM


සූනියම් යාගයේදී යොදාගන්නා බොහෝ අමුද්‍රව්‍ය ඖෂධීය ගුණයෙන් යුක්තය.විශේෂයෙන්ම විනරෝග වලදී ප්‍රකට කෙරෙන වණ,දද, කුෂ්ඨ ආදී කායික රෝග සඳහා ඖෂධීය වශයෙන් ගුණදෙන බෙහෙත් වර්ග ඒ කාර්යය සඳහා යොදාගෙන ඇති අයුරු අපූරු කටයුත්තකි.සූනියම් මණ්ඩපය බහුල වශයෙන් සාදාගන්නට යොදාගන්නේ කෙසෙල් පතුරුයි. මියුසාසේ 
( Musarse ) කුලයට අයත් මියුසා නැමති උද්භිද නාමයෙන් හඳුන්වන කෙසෙල් ජලය උරා ගත හැකි ශාක බැවින් මනා සිසිල් ගුණයෙන් ද යුක්තය.

එවන් සිසිල් ගුණයෙන් යුත් කෙසෙල් පතුරු වලින් නිමකළ මණ්ඩපය තුල ආතුරයා බොහෝ වේලාවක් රඳවා සිටීම එම රෝගියාගේ ශරීර සුවයට වඩාත් හිතකර වේ.

ආයුර්වේදයේ සඳහන් ද්‍රව්‍යය ගුණ නිගණ්ඩුවල හදලි,මේඝා,වාරණ, මෝදා,ස්වාදු,අම්බුසරා යන නාමයන්ගෙන් හඳුන්වනු ලබන රඹ හෙවත් කෙසෙල් ගසේ බඩය ඉවත්කර පතුරු වේලා ලබාගනු ලබන අළුවලින් සාදනු ලබන කෑලිත් ක්ෂාරය නැමති ඖෂධය දියර ගලන කුෂ්ඨ රෝගීන් වෙනුවෙන් ගනු ලබන ප්‍රත්‍යක්ෂ ඔසුවකි.වින රෝගීන්ගේ බාහිර රෝග ලක්ෂණ මෙවන් ස්වරුපයක් ගැනීමටත් අටමඟල ඇඳීමට කෙසෙල් පතුරු දමා පිළියෙළ කරගත් අළු යොදාගැනීමටත් ආතුරයා ඒ මත වාඩිකර වීමත් රඹ පතුරු මණ්ඩපය තුල ආතුරයා වඩා හිඳුවීමත් යන කරුණු හා උක්ත ඖෂධීය ප්‍රතිකාර ක්‍රමය සමානය.

එසේම දාහපාහ යුක්ත කුෂ්ඨ රෝගයකදී ද රඹ පතුරු මත නිදිගැන්වීම ඖෂධීය ප්‍රතිකාරයක් ලෙස යොදාගනු ලැබේ.එපමණක් නොව අග්නි දණ්ඩමය හා ළදරු රථගාය රෝගීන් ස්නිශ්ධ බෙහෙත් තෙලක් ආලේප කරන ලද කෙසෙල් දළු මත නිදි කරවීම දේශීය වෛද්‍ය ක්‍රමයන්හිදී ප්‍රධාන දෙයකි.

මෙයින්ද පෙනෙන්නේ සූනියම් වීදි මණ්ඩපය ඇසුරුකොට රඹ පතුරුමය ඖෂධීය ගුණය රෝගියාට වක්‍ර මඟකින් ලබාදී ඇති බවයි.ආතුරයන් නානු ගා පිරිසිදු කිරීමෙන් කහ දියරයෙන් සේදීමෙන් තෙල් සඳුන් ආලේපයෙන් කරන්නේද එයයි.

වර්තමානයේ නානු සකස් කිරීමේදී යොදන්නේ දෙහි සහ පොල්කිරි ( හඳුන් කිරි පැන් ) පමණක් වුවද විෂ නාශක ගුණයෙන් යුත් ඖෂධයෙන් එසේම කහ දියරයෙන් විෂබීජ නසයි.මෙවැනි විෂබීජ නාශක ආලේපනයෙන් ආතුරයාගේ ශරීරයේ විෂබීජ නාශනයට අවශ්‍ය කටයුතු කරන අතර ඉන් අනතුරුව මොට්ටැක්කිලි පැන්දීමෙන් කරවනු ලබන්නේ නැවත විෂ ශරීරයට ඇතුළු වීමට නොදී පිරිසිදු රෙදි කඩකින් ශරීරයේ ආලේප කිරීමෙනි.

ආතුරය වීථි මණ්ඩපය තුළට ඇතුල් කරන්නේ මෙසේ මූලික විෂබීජ හරණයකින්(කිලි හරණයකින්) පසුවය.එසේම රංග මණ්ඩපය තුල හා යාග භූමියේ කහ දියර ඉසීම මඟිනුත් දුම්මල ගැසීමෙන් හා සුවඳ දුම් ඇල්ලීමෙන් පරිසරයේ ඇති විෂබීජ නාශනය මීට සමගාමීව කරනු ලබන තවත් කටයුත්තකි.

දොරටු පැන්නීම හෙවත් ඉන්ද්‍ර,යාම,වරුණ හා සෞම යන සතර දිග්භාග දොරටුවල වස් ඇරීම.
පැන් වැඩීම
හිස නානු ගෑම 
මොට්ටක්කිලි පැළඳවීම 
සළු වැදීම සහ ඒ උපත 
සළුවේ කීම 
සළු සැලීම 
ඒ ඒ කුලවලට යාග කිරීම 
ඉරි ඇඳීම 
දින හතට ඉරි ඇඳීම 
ඉරි වල දොස් ඇරීම 
දළුමුර (බුලත් උපත )
සත් අඩියට බුලත් තැබීම 
පඬුරු තැබීම
පඬුරු තබා සෙත් පැතීම 
අඩි හතට පත්‍ර 7 තැබීම 
පියුම් 7 තැබීම 
විලක්කු 7 ගැසීම 
විලක්කු කැප කිරීම 
මල්වර්ග 7 තැබීම 
බත්ගොටු 7 තැබීම 
බත්ගොටු කැප කිරීම 
සූනියම් යකාට අඬ ගැසීම 
7 අඩියට යකුන් ගෙන්වීම 
විනකල යකුන් ගෙන්වීම 
අඩි 7 ට රූප කැපකිරීම 
පිදවිලි කැපකිරීම 
දෙහි උපත 
දෙහි තැබීම 
දෙහි තබා වරං ගැනීම 
ගිරයේ උපත 
ගිරෙන් ලෙඩාගේ තත්වය කීම 
7 අඩියේ වින කැපුම 
අටමඟලට ගෙන්වීම 
සූනියම් වීදියේ දොරටු වලට විලක්කු ගැසීම
සූනියම් වීදියේ දොරටු පැනීම 
සූනියම් වීදියේ මල් කලස් හිදුවීම 
සූනියම් වීදියේ හා යන්ත්‍ර මගල් කියමන් 
වීදියේ යන්ත්‍ර ඇඳ වංගෙඩියේ තබා කීම 
වඩිග පටුන හා සෙත් පැතීම 
ඔටුණු පැළඳවීම (ඔටුණු මාල) 
වැල් වළලු පැළඳවීම සහ වැල් වලළු කැපීම 
රන්දුනු මාලාවේ කැපුම් සිරස පාදය

වැනිදේ ආතුරයා තුල මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහා කරනු ලබන අභිචාර විදීන්ය.වඩිග පටුන වැනි විචිත්‍ර නර්තන අංගයක් සූනියමට එක්කරගෙන ඇත්තේ අරමුණු කීපයක් ඉටු කර ගැනීම සඳහාය.එයින් දැක්වෙන හාස්‍යජනක සංවාද වලින් රංගන විෂ්ණුතාවයෙන් රෝගියා සිනා ගැස්වීමෙන් සහ රස ගැන්වීමෙන් මානසික සුවයක් ඇති කරනවා පමණක් නොව තමා එමඟින් නිරෝගීතාවයට පත්වේය යන හැගීම සිතුවිලි තුලින් ආත්ම විශ්වාසයක් ඇතිකරගනී.ආතුරයාගේ දෙපයට තබන පොල්,සහල්,තොළබෝ,හීරැස්ස,දිවි කදුරු ආදියෙහි ඇති විශේෂත්වය වන්නේ ඒවා බොහෝ විට වණ කුෂ්ඨ ආදී චර්ම රෝග නිවාරණයේදී යොදාගන්නා ඖෂධයක් වන බැවිනි.

පොල්වල අන්තර්ගත ඖෂධීය ගුණය ගැන කුවේණි අස්නේ සඳහන්ව ඇත.විජය කුමරුට වැළඳි දරුණු කුෂ්ඨ රෝගයක් ඉවසාගත නොහී දිවි නසාගැනීමේ අදහසින් ගසක් යට වැටී තිබූ ගෙඩියක මදයානුභව කළවිට මියයනු වෙනුවට රෝගය සුවපත් වූ බවත් එය රන් තැඹිලි ගෙඩියක මදය බව එහි දැක්වේ.

පොල්කිරි වෂ විෂ ශරීර ගත වීමේදී ප්‍රතිකාරයක් වශයෙන් යොදාගන්නා අතර බොහෝ ඖෂධීය තෙල්වර්ග සකස් කිරීමේ දී මූලික අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නේ පොල්තෙල්ය.තොලබෝ ( Crinumdetixum) පත්‍රද කුෂ්ඨ රෝග සඳහා යොදාගන්නා ප්‍රත්‍යක්ෂ ඖෂධයන්ය.පත්‍ර යුෂ කුෂ්ඨ රෝග සඳහා ආලේපයක් ලෙස යොදාගනී.

එසේම හීරැස්ස ( Cissus Codrangularis ) රක්ත වාත අමාරුව නිසා ඇතිවන කකුල් පැලීමේ සහ දියර ගැලීමේ තත්වයන් හිදීද රක්ත රෝග සඳහා හිස ගැලවීම පිණිසද යොදාගනු ලැබේ.දිවි කදුරු ද විෂ නැසීමේ ඖෂධීය ගුණයෙන් යුක්තය.පිලි මෝල් ගසද දිවි කදුරු ලීයෙන් කල බව කියවේ.ආතුරයාට වැල් වලළු පැළදවීම ද මෙවැනි අරමුණක් ඉටු කරගැනීම සඳහා කර ඇත.ඒ සඳහා වල වර්ග 108 ක් නියම කර ඇත.එම වැල් වර්ගද ප්‍රචලිත ඖෂධීය ශාක වීම ද විශේෂත්වයකි.මෙසේ ඖෂධීය ගුණයෙන් යුත් විවිධ ශාක හා පත්‍ර ස්පර්ශයෙන් ගැල්වීමෙන් සහ ආශ්‍රිත පරිසරයක දිගු වේලාවක් සිටීමෙන් එම ඖෂධීය ගුණය එම රෝගියාට නො අඩුව ලැබේ.

මතු සම්බන්ධයි
Posted by Unknown On 8:06 AM



දෙවියන් පිළිබඳ නානා විධ මති මතාන්තර දුරාතීතයේ සිට පැවත එයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් මිනිසුන් අතර දෙවියන් පිළිබඳ ගැටලු තිබූ බවට ත්‍රිපිටක තොරතුරුවලින් යම් යම් කරුණු අනාවරණය වෙයි. කොසොල් රජතුමා බුදුන් වහන්සේ බැහැදැක "කිමෙක්‌ද ස්‌වාමීනි දෙවියෝ ඇත්තාහුද? යනුවෙන් විමසා සිටි විට බුදුන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේය. "ඇයි මහරජ නුඹ කුමක්‌ හෙයින් දෙවියෝ ඇත්දැයි අසන්නෙහිද? යනුවෙනි. රජුගේ පැනයට නිසි පිළිතුර නොලැබුණද, රජු එයින් සෑහීමකට පත් වී පසුව වෙනත් ප්‍රශ්නයක්‌ ඇසීමෙන් රජුගේ ප්‍රශ්නය නිරාකරණය නොවීම නිසා අටුවාචාරී බුද්ධ ඝෝෂ හිමියෝ සැකය දුරු කරනු සඳහා බුදුන් වහන්සේගේ "පාඨය" මෙසේ විස්‌තර කරන ලද බව මඡ්ජිම නිකායේ "කණ්‌ණ කන්ඵල සූත්‍රයෙන්" එළි දැක්‌වෙයි. "මහරජ ඹබ කුමක්‌ නිසා දෙවියන් ඇත්දැයි අසන්නෙහිද?" යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ චාතුර් මහා රාජික දෙවියෝ ඇත්තාහ. තාවතිංශ, දෙවියෝ ඇත්තාහ, පරහිම්මිත වසවත්ති දෙවියෝ ඇත්තාහ. ඒ දේව විමාන වලට එහායින්ද (උඩින්) දෙවියෝ ඇත්තාහ. යනුවෙන් අර්ථ විවරණය කරමිණි.

මඡ්ජිම නිකායේ සංගාරව සූත්‍රයට අනුව, සංගාරව බමුණා දෙවියන් ඇත්ද, නැද්ද යනුවෙන් බුදුන් වහන්සේගෙන් විමසා සිටි අතර, බුදුන්වහන්සේ ඊට පිළිතුරු දී ඇත්තේ භාරද්වාජය " මා විසින් දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැනගන්නා ලදී යනුවෙනි." මෙම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ සංගාරව බ්‍රාහ්මණයා යළි මෙසේ විමසීය. භගවත් ගෞතමයන් වහන්ස, ඔබ දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැන ගන්නා ලදැයි කීයෙහිය. මෙසේ ඇති කල්හි ඒ කීම හිස්‌ වූ බොරු කථාවක්‌ නොවන්නේද? ඊටද පිළිතුරු දුන් බුදුන්වහන්සේ භාරද්වාජය, දෙවියෝ ඇත්දැයි අසන ලද්දේ, දෙවියෝ ඇතැයි යමෙක්‌ කියන්නේද එකල්හි නුවණැති පුද්ගලයා දෙවියෝ ඇතැයි ඒකාන්ත වශයෙන් නිශ්චයකට පැමිණිය යුතුයි." දෙවියෝ ඇත යනු ලෝකයෙහි ඉතා ප්‍රකට සම්මතයේ පවත්නා දෙයක්‌ වගද බුදුන්වහන්සේ අවධාරණය කළහ. මින් ගම්‍ය වන්නේ බුදුවරු ලෝක සම්මතය වෙනස්‌ කිරීමට කටයුතු නොකරන වගකි.

දෙවියන් පිළිබඳව අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙහි මෙසේ කියයි. දෙවියන් සම්මුති උප්පත්ති හා විසුද්ධි යනුවෙන් වර්ග තුනකට වෙන්වෙයි. සම්මුති දෙවියෝ යනු රජවරු බිසෝවරු හා රාජකුමාරයන් වෙති. උප්පත්ති දෙවියෝ ලෙස සැලකෙන්නේ චාතුම් මහාරාජික, දෙවියන්ගේ සිට එයින් උඩ සිටින දෙව්ලොව දෙවියන්ය. විසුද්ධි දෙවියෝ නම් රහත් ඵලයට පැමිණි වූවෝය.

මඡ්ජිම නිකායෙහි මහාසීහ නාද සූත්‍රයට අනුව දෙවියන්ද ඕපපාතික කොටසට වැටෙන්නේය. චාතුර් මහාරාජික දෙවියන්ගේ පටන් ඉහළ දිව්‍ය ලෝකවල දෙවිවරු ඕපපාතිකව උපදින වගට අටුවාචාරීන් වහන්සේලා කියති. පොළවේ වාසය කරන "භූම්මා දේවා" නමින් හැඳින්වෙන දෙවිවරු චතුයෝනිකව (අණඩජ, ජලාඹුජ, සංසේඋජ, හා ඕපපාතික) උපදින වගද මඡ්ජිම නිකායේ අට්‌ඨ කථාවලින් ගම්‍ය වෙයි.

අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයට අනුව, ආර්යශ්‍රාවක තෙම පටන් ගත් උත්සාහය ඇත්තේ අත්දෙකහි මහන්සියෙන්, දාඩිය මහන්සියෙන්, ධාර්මිකව ලද්දා වූ වස්‌තුව වියදම් කොට සංග්‍රහ පසක්‌ දිය යුතුය. ඒ සංග්‍රහ පහ නම් ඥානිබලි සංග්‍රහය, ආගන්තුක බලි සංග්‍රහය, පේනබලි සංග්‍රහය, රාජබලි සහ දේවතාබලි සංග්‍රයන්ය. මෙහිදී දෙවියන්ට දිය යුතු සංග්‍රහය දේවතා බලිය වන්නේය. මින් ගම්‍ය වන්නේ දෙවියන් උදෙසා කරනු ලබන පුද සත්කාරයන්ය. අතීත ලෝක සමාජයේ වාසය කළ සෘෂීන්, මනුෂ්‍යයන්, ක්‍ෂේත්‍රියයන්, බ්‍රාහ්මණයන් දෙවියන් වෙනුවෙන් යාග හෝම පැවැත් වූ බවත්,ඒ මගින් තමන් අපේක්‍ෂා කළ අභිමතාර්ථයන් ප්‍රාර්ථනයක්‌, සඵල කර ගත් වගද සුත්ත නිපාතයෙන් දැක්‌වෙයි. බුදුන් වහන්සේගේ දේශනාවන් අනුව මිනිස්‌ ලොව මිනිසුන් කුසල් කර ඉන් උපදනා පිං දෙවියන්ට ද අනුමෝදනා කළ යුතු බව පිළිගත යුතු සත්‍යයක්‌ වන්නේය. දෙවියන්ට පිං පැමිණවීමෙන්, එසේ පිට දෙන තැනැත්තා දෙවියන්ගේ අනුකම්පාවට හා සැලකිල්ලට භාජනයවී ඔහුට සෙතක්‌ ශාන්තියක්‌, යහපතක්‌ සලසා දෙනවග මහාවග්ග පාලිය, දීඝ නිකාය, මහා පරිනිබ්බාන සූත්‍රය යනාදියෙන් කියෑවෙයි.

බුදුන්වහන්සේගේ දේශනා වන්හිදී ඇතැම් කරුණු අනුව දෙවියන් බොහෝ මිට මනුෂයයන්ගේ ජීවිත කෙරෙහි අසීමිත බලයක්‌ දක්‌වන වග නිර්මාණය වෙයි. මිනිස්‌ ලෝකයේ රජවරුන්ගේ ධර්මිෂ්ට, අධර්මිෂ්ට කම් අනුව ලොවට යහපත/ අයහපත් සිදු කරලීමටද ඔවුන් වග බලාගනී. අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයෙන් ඒ බව හෙළිකරන්නේ මෙසේය.

මහණෙනි යම් කළක රජවරු ධාර්මික වෙත්ද, එකල රජයෙහි නියුක්‌ත යෝද ධාර්මික වෙත් පෙ. සමවු වාතය හමත්, එකල දෙවියෝ පැහැදෙත්. දෙවියන් පැහැදුන කළ වර්ෂාව මනාකොට වසිත් එකල ශෂ්‍ය මනාව වැඩෙත් එලවැලඳීමෙන් මනුෂ්‍යයෝ වර්ණවත්ව, බලවත්ව නිරෝගීව ජීවත්වෙති.

ඇතැම් අවස්‌ථාවලදී දෙවිවරු දෙව්ලොව සිට මිනිස්‌ ලෝකයට පැමිණෙති. සුත්‍රවල දැක්‌වෙන පරිදි ඔවුන් මිසින් ලොවට එන්නේ බුදුන් වහන්සේගෙන් ධර්ම දේශනා අසා දැන ගැනීමටත්, උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමග සාකච්ඡා පැවැත්වීමටත්ය. අංගුත්තර නිකායෙහි තික නිපාතයට අනුව එසේ පැමිණෙන දෙවිවරු තම නියම රූපයෙන් පොළවේ සිට ගත නොහැක්‌කේය. සියුම් ආත්ම මවා ගැනීමක්‌ මෙහිදී සිදු කෙරේ.

මාර දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසටත් එරෙහිව කටයුතු කළ අයෙකි. බුද්ධත්වය ලැබීමට පෙර පවා සිදුහත් සමයේ සිට මොහුගෙන් කරදර ඇති විය.

දෙවියන්ගේ තතු, දිව්‍ය සම්පත්තිය කෙරෙහි තතු "විමාන වත්ථු" ප්‍රකරණයෙන්" දැක්‌වෙයි.

දෙවියන්ගේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ සක්‍ර දෙවියන්ය. සක්‌දෙව් බුදුන් වහන්සේ සමග ඉතා කුළු පගව සිටි අයෙකි. අසුරයන්ගේ ප්‍රධානියෙකු වූ රෝවන අසුරයා සක්‍රයා සමග නිතර යුද්ධ කරන වගක්‌, නමුත් දෙදෙනා මිත්‍රයක්‌ ලෙස හැසිරෙන වගත් සංයුක්‌ත නිකායෙන් දැක්‌වෙයි.

වත්මන් සමාජයේ දෙවියන් ගැන සුවිශේෂ පිළිගැනීමක්‌ ඇතිව කටයුතු කරන අය බොහෝ වෙති. දෙවියන්ගේ සිත් සතුටු කිරීමෙන් ඔවුන්ට දානමාන පුද සත්කාර කිරීමෙන් තමන්ට අවශ්‍ය දේ කරවා ගැනීමට හැකි බව ඔවුන් තුළ විශ්වාසයක්‌ පවතී. තවත් සුළු පිරිසක්‌ සිතන්නේ දෙවියන් කියා පිරිසක්‌ නොසිටින වග හා එය හුදු මන(කල්පිත විශ්වාසයක්‌ බවත්ය. එහෙත් බුදුදහමට අනුව කලින් සදහන් කළ කෙටි තොරතුරුවලින් දෙවියන් කියා පිරිසක්‌ සිටින වග නම් පැහැදිලිය බුදුන් දවස භාරතීය සමාජයෙන් බුහුමන් ලැබූ බ්‍රහ්ම හා ඉන්ද්‍ර යන දෙන්නාට බුදුන් වහන්සේද ඉහළ තැනක්‌ දුන්හ. වේදයේ ගරු බහුමාන ලැබූ ඉන්ද්‍ර බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකු විය. අනාගත බුද්ධ ශාසනය පවතින ශ්‍රී ලංකාව රැක ගැනීමේ වගකීමද ඉන්ද්‍ර ලබා සිටී. ශ්‍රී විෂ්ණු යනුවෙන්ද ඉන්ද්‍ර හඳුන්වනු ඇත.

කඳකුමරු (කතරගම දෙවියන්) මිනිස්‌ ලොව ඉපිද දහම් පොත් පත් ආශ්‍රයේදී ශ්‍රී විෂ්ණු නීල කසිනය භාවනා වඩන යතිවරයෙකු ලෙස සිටියේය. කඳ කුමරුද විෂ්ණුගෙන් භාවනා ඉගන ගත් බව කියෑවේ. අපේ සැදැහැවත් බොහෝමයක්‌ උපුල්වන් මහා විෂ්ණු කඳ කුමරු වැන්නවුන්ගේ සරණ පතති. ජ්‍යෙdaතිෂයට අනුව කුජ (අඟහරුගේ) අපලයට කතරගම දෙවියන්ගේ පිහිට පැතීම කරනු ලබයි. ගුරුගේ රාහුගේ අපලයට ද ශිව කතරගම දෙවි පිහිට පතන්නේය. කේතුගේ, ශනිගේ, බුධගේ අපල වලට විෂ්ණු දෙවියන්ගේ පිහිට පැතීම සිදු කෙරේ.

බුද්ධ දේශනාවන්ට අනුව දෙවියන් කෙරෙහි විශ්වාසය පවත්වා ගැනීමත් දෙවියන්ට පිං දීමත් නිසා එසේ කරන්නාට යහපතක්‌ම සැලසේ. 
(උපුටා ගැනීමකි )

Posted by Unknown On 8:04 AM



අද කාර්ය බහුල ජන සමාජයේ මිනිසාට දෙවියන් බුදුන් පමණක් නොව ඔවුන් ද අමතක වී සිටින බවක් පෙනේ.
සමහරු පහන් තබන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසාය. තවත් සමහරු පහන් තබන්නේ දෙවි දේවතාවුන්ගෙන් පිහිටක් අපේක්ෂා කරමිනි. තවත් පිරිසක් වැටකේ, කෙසෙල් වැනි ගස් යට පහන් තබන්නේ ග්රහ අපලවලට පිළියමක් ලබා ගැනීම සඳහාය. මේ කුමන අවශ්යතාවක් සඳහා පහන් තැබුවත් එහි පිළිවෙළක්, කාලයක්, ක්රමයක් තිබිය යුතුය.

අපේ සමහර අය පහන් තබන්නේ තමන්ට කරදරයක් වූ අවස්ථාවල පමණි. තමන්ගේ කරදරය මත දෙවියන් සිහිවී පහන් තබන අයට යම් සෙතක් ශාන්තියක් උදාවේ යෑයි සිතීම තරමක් අසීරු කරුණකි. නමුත් කරදරය වෙනුවෙන් ආරම්භ කළ පහන් තැබීමේ කටයුත්ත දිගින් දිගටම පිළිවෙළකට කරගෙන යන්නේ නම් දේව පිහිට ඔබට නිරන්තරයෙන්ම ලබාගත හැකි බව ඉඳුරාම කිව යුතුය.

කුමන හෝ කරුණක් සඳහා ඔබ පහන් තැබීමට බලාපොරොත්තු වන්නේ නම් නිවස තුළ පහන් දැල්වීමට වඩා වත්තේ සුදුසු තැනක ඉදිකළ පහන් පැලක පහන් තැබීමට කටයුතු කරන්න පිළිමවලට නොව රූපවලට පහන් තැබීමටද මතක තබා ගන්න. ඔබගේ ගෙවත්තේ පහන් පැල තනා ගත යුත්තේ ඉඩමේ පෙරේත පාදයේ නොව දේව හෝ බ්රහ්ම පාදයේය. පහන් පැල අවට ඉතා හොඳින් සුද්ධකොට සුදුවැලි අතුරා නිතරම පිරිසිදුව තබා ගැනීමට මතක තබා ගන්න. ඔබ පහන් තබන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නම් එම පහන් තැබීම උදෑසන කරන්නේ නම් 6.12 ත් 6.48 ත් අතර කාලයේදී සිදු කිරීම පුරුදු වන්න. සවස් කාලයේදී නම් බුදුන්ට පහන තැබීමට සුදුසුම කාලය සවස 5.24 ත් 5.48 ත් අතර කාලයයි.

ඔබ පහන් තබන්නේ කවර හෝ දෙවියකුගේ පිහිට පතා නම් ඒ ඒ දෙවිවරු සඳහා වූ නියමිත කාලයට පහන් තබා දේව ආශීර්වාදය ලබා ගන්න. එසේ නොමැති නම් සිදුවන්නේ "ඔන්න බුදුනි මල් - මෙන්න මම ගියා" සේ ඔය නිකම්ම මල් පූජා කිරීමක් මෙන් පහන් තැබීමද සිදුවේ. දෙවියන්ට පහන් තබන්නේ නම් නියමිත වේලාවට පහන් තබා ඒ ඒ දෙවියන්ට ගැළපෙන දේව කන්නලව් කිරීමද අමතක නොකරන්න.

සවස 5.00 සිට 5.35 දක්වා ධර්ම දේවතාවුන්ට සවස 5.24 සිට 5.48 දක්වා මහා බ්රහ්මයාට, රාත්රී 8.07 සිට 8.24 දක්වා මහා භද්රකාලී දෙවියන්ට, රාත්රී 10..01 සිට 10.23 දක්වා ගම්බාර සූනියම් දෙවියන්ට, රාත්රී. 10.23 සිට 10.47 දක්වා දැඩිමුණ්ඩ දෙවියන්ට, රාත්රී 10.47 සිට 11.11 දක්වා කතරගම දෙවියන්ට, රාත්රී 11.36 සිට 12.00 දක්වා සත්පත්තිනි දෙවියන්ට, රාත්රී 12.00 සිට 12.12 දක්වා සරස්වතී දේවඟනට. රාත්රී 12.12 සිට 12.24 දක්වා විෂ්ණු දෙවියන්ට, රාත්රී 12.24 සිට 12.36 දක්වා ඊශ්වර දෙවියන්ට, රාත්රී 12.36 සිට 01.00 දක්වා සතර වරම් දෙවියන්ට, අලුයම 01.00 සිට 01.24 දක්වා සුමන සමන් දෙවියන්ට, අලුයම 01.24 සිට 01.48 දක්වා විභීෂණ දෙවියන්ට, අලුයම 01.48 සිට 02.00 දක්වා ශක්ර දෙවියන්ට.

සවස 6 සිට රාත්රී 10 දක්වා කාලය යක්ෂ දිෂ්ටි වේලාවන් බැවින් මේ කාලය තුළ දෙවියන්ට පහන් තැබීමෙන් පලක් නොමැති බවද මත තබා ගන්න.

රාත්රී 6.00 සිට 6.24 දක්වා මහසෝන් දිෂ්ටියයි. රාත්රී 6.24 සිට 6.48 දක්වා රීරියක් දිෂ්ටියයි. රාත්රී 6.48 සිට 7.12 දක්වා සූනියම් යක්ෂ දිෂ්ටියයි. රාත්රී 7.12 සිට 7.36 දක්වා කඩවර දිෂ්ටියයි. රාත්රී 7.36 සිට 8.07 දක්වා කළුකුමාර දිෂ්ටියයි. රාත්රී. 8.07 සිට 8.24 දක්වා භද්රකාලී දිෂ්ටියයි. රාත්රී 8.24 සිට 8.48 දක්වා මදන යක්ෂ දිෂ්ටියයි. රාත්රී 8.48 සිට 9.12 දක්වා ගොපලු යක්ෂ දිෂ්ටියයි. රාත්රී 9.12 සිට 9.36 දක්වා බහිරව දිෂ්ටියයි. රාත්රී 9.36 සිට 10.01 දක්වා කොහොඹ යක් දිෂ්ටියයි.

මේ අනුව ඔබ පහන් තබන අවශ්යතාවය මුලින්ම තෝරාගෙන ඒ සඳහා සුදුසු කාලයද ඔබ තීරණය කළ යුතුය. එසේම තම අවශ්යතාවය මත පහන තැබිය යුතු තැනද ඔබ තීරණය කළ යුතුය. ඇතැම් දේව අවශ්යතා සඳහා පහන් තැබිය යුතුවන්නේ නුග, ඇහැටු වැනි ගස් පාමුලය.

තබන්නන් වාලේ ඔබ පහන් තබනවාට වඩා එය අර්ථවත්ව හා ක්රමවත්වද අරමුණක් ඇතිවද, දල්වන්නේ නම් ඔබට පිහිට ලැබෙනු ඒකාන්තය. නැතිනම් සිදුවන්නේ විනාශයකි.



Posted by Unknown On 10:19 AM


රාහු සහ කේතු සිංහ සහ කුම්භ රාශිගත වීම

රාහු සහ කේතු පිළිබඳ අර්ථ නිරූපන රාශියකි. එයින් මා වඩාත් ප්‍රිය කරනුයේ ඔවුන් දෙදෙනාගේ නෛසර්ගික සතුරු බව හඟවන අර්ථ නිරුපණයන් වෙතය. එනම් රාහු සහ කේතු යනු එක් අයෙකි. ඔවුන් දෙදෙනා දෙදෙනකු ලෙස වෙන් වන්නේ විශ්ණු දෙවියන් විසින් ක්ෂිර සාගරය කලඹා අමෘතය ගෙන එය සුරයන් වෙත ලබා දෙමින් සිටියදී සුරයන් ලෙස පෙනි සිටිමින් රාහුකේතු අමෘතය ලබාගන්නට වු අතර එය රවි චන්ද්‍ර දෙදෙනා විසින් විශ්ණු දෙවිඳුන්ට සැල කරන ලද අතර එවිට විශ්ණු දෙවිඳුන් තමා අමෘතය බෙදමින් සිටි හැන්දෙන් රාහු කේතු වෙත ගසා දැමු බවත් ඉන් ඔහු දෙකට වෙන්වී ගිය පසු කඳක් නැති හිස සහිත කොටස කේතු වු බවත් හිසක් නැති කඳ කොටස ‍රාහු වු බවත් අමෘතය පානය කල නිසා ඔවුන් අමරණීය වූ බවත් කියැවේ. එබැවින් රවි චන්ද්‍ර දෙදෙනාගේ ගතු කීම නිසා උරණ වූ රාහු කේතු සැමදා ඔවුන් කෙරෙහි වෛරය පතුරවමින් සිටී. රාහු කේතු පිළිබදව මාගේ පුද්ගලික නිගමනය නම් ඔවුන් පාපය පඩිසන් දෙවීමට සහ ‍‍ලෞකිකත්වය වනසා ලෝකෝත්තර ඥාණය වැඩිමට ,ලෝකෝත්තර දෙසට තල්ලු කිරීම මෙම සෞරග්‍රහ මණ්ඩලයේ ජීවින්ට බලපෑම් කරන යම් ශක්තින් දෙකක් බවයි. 2017 අගෝස්තු 17 දක්වා රාහු-කේතු සිංහ සහ කුමුභ රාශි වල ගමන් කරයි

රාහු - හිසක් නැති රාහුගෙන් ඔළුවක් නැති නිමක් කොනක් නෙපෙනෙන හදිස්සිකාර අඥාණයෙකු අර්ථවත් කරයි.
කේතු - කඳක් නැති කේතු එක තැනක හිරවුණු, ලෝකෝත්තර ඥානය වඩන සුක්ෂම බුද්ධියක් සහිත වු ගුප්ත අයෙකු අර්ථවත් කරයි.

රාහු සිංහ රාශි ගත වීම - රාහු කේතු නිතැතින් රවි චන්ද්‍ර දෙදෙනා කෙරෙහි වෛරයකින් පෙලෙන්නෙක් නම් රාහු සිංහ රාශි ගත වීම සතුරෙකුගේ නිවසට සතුරෙකුගේ ආගමනය ගැටුමක ආරම්භයයි. එම නිසා රාහුගෙන් ඇතිවන බලපෑම ඒ ඒ අයගේ ජන්ම පත්‍ර වල පිහිටීම අනුව හෝ ලග්න අනුව වෙන් වෙන් වශයෙන් විමසීම වටටී. කෙසේ වෙතත් රාජ්‍ය නායකයන්ගේ පාලකයන්ගේ අඥාණ ගති වැඩි කිරීමටත් වේගවත් කිරීමටත් රාජ්‍යයන් හි රාජ්‍යත්වය අස්ථාවර කිරීමටත් හේතුවන බව මාගේ උපකල්පනයයි. අගෝස්තු 16න් පසුව එම තත්වය වඩ‍ා වර්ධනය වනු ඇත.

කේතු කුම්භ රාශි ගත වීම - ජීවින් ලෞකීක ජිවිත කෙරෙහි කලකීරවා ලෝකෝත්තර දෙසට තල්ලු කරන ශනි හිමි කුම්භ රාශියට එවැනිම කාර්යක් ඉෂ්ඨ සිද්ධ කරන කේතු ගේ පැමිණිම භාවනා යෝගින්ට, ලෝකෝත්තර දෙසට ගමන් කරන අයට ඉතාම ශුභ පිහිටිමක්,බලපෑමක් නියත වශයෙන්ම එල්ල කරන බව සහ මිනිසුන් ලෝකෝත්තර දෙසට නැඹුරු කරන බව මාගේ උපකල්පනයයි.

ජ්‍යෝතිෂ ගවේෂකයන්ට - රාහු/කේතු සිංහ/ කුම්භ රාශි ගතවීම ඔවුන්ගේ මුල ත්‍රිකෝන රාශි වෙත පිවිසීමක් බව ගෝපල රත්නාකරයේ දැක්වුවද එය එසේ පිළිගැනිම හෝ නොගැනිම පිළිබඳව තවදුරටත් ජ්‍යෝතිෂ ගවේශකයන් අධ්‍යනය කර සම්මුතියකට ආයුතුය.

------------- *-*-*-*-------------
මේෂ ලග්නය
------------- *-*-*-*-------------

මේෂ ලග්නය හිමි ඔබගේ රාහු 5වැන්න ටත් කේතු 11 වැන්න ටත් එළැඹිම අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමි අයට තරමක් ව්‍යාකුලතාවයක් නිර්මාණය කරනු ඇත. 2016 අගෝස්තු 16න් පසු සිදුවන ගුරු මාරුවෙන් පසු ඒ තත්වය වර්ධනය විමේ අවදානමක් ඇත. දරුවන් පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන්නන්ද සුපරික්ෂාකාරි විය යුතුය. එසේම ඔබගේ සුක්ෂම ඥානය භාවිතයෙන් ගුප්ත ලෙස තම ආදායම් /අයවිම්/ලැබිම්/ වඩා වර්ධනය කරගැනිමට මේෂ ලග්න හිමියන් උත්සුක විය යුතුය. ලාභාපේක්ෂිත ව්‍යාපාර එන වසර එකහමාර තුල ඇරඹිමට බලාපොරොත්තු වේනම් 2016.08.16 පෙර ඇරඹිම වටී. ශනි අශ්ඨම ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් 2017.01.26 වන තුරු ශනි පූජාවන්ගේ නිරත වන්න.

------------- *-*-*-*-------------
වෘෂභ ලග්නය
------------- *-*-*-*-------------

වෘෂභ ලග්න හිමි ඔබගේ සිව්වැන්නට රාහු එළැබෙන අතර කේතු 10වැන්නට පැමිනේ. මෙය ඔබගේ ගෘහ ජිවිතයේ යහපැවැත්මට තරමක් බාධා ඇතිකිරිමට හේතුවන පිහිටිමකි. නිවාස ඉදිකිරීම්/ අළුත්වැඩියා කිරිම්/වාහන මිලදි ගැනිම් ආදිය එන වසර එකහාමාර තුල කිරිමේ අවශ්‍යය තාවයක් ඇතිනම් එය අගෝස්තු 16ට පෙර සිදුකරගැනීමට උත්සුක වන්න. දෙමාපියන් නෑ හිතමිතුරන් සමග අසමගිකම් දුරලා ගෘහ ජිවිතය තුල සාමය සතුට වඩා වර්ධනය කරගැනිමට අදිටන් කරගන්න. තම වෘත්තිය තුල වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කිරීමට උත්සුක වන්න. අන්‍යයන්ගේ හොඳහිත අනුකම්පාව දිනා ගනිමින් තම වෘත්තිය කටයුතුද පවත්වාගෙන යාමට නිතැතින් කටයුතු කරන්න.

------------- *-*-*-*-------------
මිථුන ලග්නය
------------- *-*-*-*-------------

තමාගේ හොඳ හෝ නරක මත තමාගේ නම් ප්‍රසිද්ධ වන පැතිරෙන කාලයකි. එබැවින් නරක දුරලා තමාගේ යහගුණය ඔප්නැංවෙන අයුරින් ජිවත් වීමට තිර අදිටනකින් පසුවිය යුතුය. භික්ෂුන් වහන්සේලා සමග ධර්මය පිළිබඳව හැදෑරිම් වලට ධර්ම කරුණු අවබෝධයට කරණු සැලසෙන කාලයකි. ධර්ම පුස්ථක පරිශිලනයට යොමු වන්න. තම අතීත අත්දැකිම් පාදක කරගනිමින් ඉදිරි සැලසුම් සකස් කිරිමට යෝග්‍ය කාලයකි. පෙර පිනේ මහිමයෙන් තමාගේ සංසාරික නෑදෑ හිතවතුන් මුන ගැසීමට අවකාශය සැලසේ. බොහෝ විට එය පුජනීය ස්ථාන ආශ්‍රීතව සිදුවිය හැක. වන්දනා ගමන් යෑමට හිත යොමුවේ. ප්‍රදේශයේ පොදු අරමුණක් /අවශ්‍යතාවක් වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කැපකිරිමක් සිදුකිරිමේ වාසනාව උදාවේ.

------------- *-*-*-*-------------
කටක ලග්නය
------------- *-*-*-*-------------

තමාගේ වචන කටින් පිටවීමට පෙර එය ප්‍රකාශ කිරිමට යෝග්‍යද නැද්ද යන්න පිළිබඳව දෙවතාවක් සිතා වචන භාවිත කරන්න. අන්සතු මුදල් සම්පත් මත තමාගේ සැලසුම් සකස් කිරිමෙන් ප්‍රයෝජන අත්නොවේ. ඒවා තමන් විසින්ම උපයා සපයා ගැනිමට වෙහෙසිය යුතුය. අනුන්ගේ සාක්කුවට සැලසුම් ඇදිමෙන් එම සාක්කුවයි තමන්ගේ සාක්කුවයි දෙකම තමාට අහිමිවන බව තරයේ සිහි තබාගන්න. මරණ භය තුරන්වන කාලයකි. තම කලත්‍රයාගේ ලිංගික අවශ්‍යතා කෙරෙහි නොසැලකිමත් විමෙන් පැවැත්මට බාධක ගෙනෙනු ඇත. රාහු/කේතු අන්තර දශා මහා දශා ගත කරන්නන් මතු යෙදෙන පුද පිළිවෙත් සපුරන්න.

------------- *-*-*-*-------------
සිංහ ලග්නය
------------- *-*-*-*-------------

සිංහ ලග්න හිමි ඔබගේ මනස ව්‍යාකුල කරන අඥාන තින්දු තීරණ වලට ඔබව පොළඹවන කාලයක ඇරඹුමක් බව තරයේ සිහි තබාගන්න. අගෝස්තු 16න් පසු එම තත්වය වර්ධනය වනු ඇත. හිත හීක්මවා ගැනිමට කටයුතු කරන්න. තම ආත්ම විශ්වාසය බිඳ දමා නොගන්න. තම පෞර්ෂය වර්ධනය කරගැනිමට, තම කටයුතු තමා විසින්ම සිද්ධකරගන්නා අයුරු තේරැම් ගැනිමට තම සතිය(පවත්නා මොහොතේ එල්ඹගත් සිහිය) පවත්වාගෙන යාමට නිරතුරුව කටයුතු කරන්න. හවුල් ව්‍යාපාර පොදු කටයුතු පිළිබඳව සැලකිලිමත් වන්න . විවාහ අපේක්ෂකයන් ඉතාමත් සුපරික්ෂාකාරි වන්න. තම අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳවැටෙන කාලයකි. නීතිමය කටයුතු වලින් සමාජයෙන් ඈත්වන තරමට යහපත්ය. මතු දැක්වෙන පුජා සිදුකරන්න.

------------- *-*-*-*-------------
කන්‍යා ලග්නය
------------- *-*-*-*-------------

සත්පුරෂයන්ගෙන් ඇත්වීම සහ අසත්පුරැෂයන් දුර්ජනයන් ලංකරගැනීම නිසා ගැටලු හටගනි. සුරා සුදුවට මිල මුදල් වැය කරන්නට සිත් ඇතිවේ. තිර අදිටනින් එය පාලනය කරගත යුතුය. උත්සහයේ තරමට ප්‍රතිඵල නොලැබෙතැයි සිතුනද අවසානයේ අරමුණ සාක්ෂාත් කරගත හැකිවනු ඇත. ඊට අපරිමිත ධෛර්යයෙන් කටයුතු කරන්න. ආයෝජන වලට තරමක් නුසුදුසු කාලයකි . දුර දිග නොබලා කරන වියදම් වලින් තමන් සතු තැන්පත් ධනය වස්තුන ක්ෂය කර දමනු ඇත. ගුප්ත ශාස්ත්‍රයන් කෙරෙහි අධ්‍යාපනයට සිත් යෙදෙන, තම කටයුතු වලට ගුප්ත ශාස්ත්‍රයන්ගේ සහය පතන ඉන් ප්‍රයෝජන ලබන කාලයකි. ගුප්ත සුක්ෂම ක්‍රමයක් මගින් සතුරන් ඉරිසියා කාරයන් මැඩිමට පෙළබෙනු ඇත.

------------- *-*-*-*-------------
තුලා ලග්නය
------------- *-*-*-*-------------

අධ්‍යාපන කටයුතු වල නිරතවන්නන්ට පොත් පත් පරිශිලනයට, පොත් පාඩම් කිරීමට ඉතා ශුභ කාලයකි. එම නිසා තරග විභාග වලට මුහුන දිමට අපේක්ෂිත අයට විශය ඥාණය වර්ධනය කරගැනිමට ඉතා යහපත් වන නිසා ඉන් ප්‍රයෝජන ගැනිමට උපක්‍රමික විය යුතුය. ස්ථිරවම පැවති ලැබීම් අස්ථාවර වන අතර අස්ථාවර අවිනිශ්චිත ක්‍රම ඔස්සේ බලාපොරොත්තු නොවන ලැබිම් ලැබිමට හේතු වේ. තමාට පහත් මට්ටම් වල අයගෙන් ලාබ ලැබේ. මෛතුන්‍යයට සුරාවට ලොල් මිතුරන් ලංවෙනු ඇත. ඔවුන් දුරස්කර තබා ගන්න . අනුන් සතු දෑ බලෙන් හෝ තමා සතු කරගැනීමට සිත් යෙදෙන කාලයකි. තමාට වැදගත් යමක් සම්බන්ධව ඉගෙන ගැනිමට ඉදිරි වසර එකහමාර භාවිතා කරන්න. සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් 2017.01.26 වන තුරු ශනි පූජාවන්ගේ නිරත වන්න.

------------- *-*-*-*-------------
වෘශ්චික ලග්නය
------------- *-*-*-*-------------

තම නිවස කෙරෙහි කලකිරීම් වර්ධනය වීමට හේතු යෙදේ. එවැනි කලකිරිම් වලට තම සිත බිඳ දැමීමට ඉඩ නොදීමට ධෛර්යවන්ත විය හැකි නම් එම තත්වය සමනය කරගත හැකි වනු ඇත. තම ඥාති වර්ගයා කෙරෙහි සිත් කලකීරිම් ගෙනදේ. පියා සතු ධන සම්පත තමා විසින් ක්ශේෂ කර දැමීමට කරැණු යෙදිය හැකි බැවින් පියාගේ මුදල්/සම්පත් යොදවා කරන අයෝජන වලින් දුරස් වන්න. රැකියාව වෙනස්විමට හේතුයි. රැකියා ස්ථාන මාරු කිරිමට පෙර සිය වතාවක් සිතා බුද්ධි ගෝචරව කටයුතු කරන්න. රැකියා ස්ථානයේ හිත මිත්‍රාදීන් සේවකයන් සමග ආරවුල් ඇතිකර නොගන්න . රැකියා ස්ථානයේ ඉවසිම,හික්මීම වර්ධනය කරගන්න. අහංකාර ගතිය දුර්ජන ආශ්‍රය,පරදාර සේවනය ආදියට සිත්වේ නම් එවැනි හැගිම් පාලනය කර ගැනීමට අදිටන් කර ගන්න. සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් ශනි පූජාවන්ගේ නිරත වන්න.

------------- *-*-*-*-------------
ධනු ලග්නය
------------- *-*-*-*-------------

ධනු ලග්න හිමි ඔබට සහෝදර සහෝදරියන්ගේ උදව්ව උපකාර ලැබෙන කාලයකි. ආගම දහම කෙරෙහි නොසැලකිලිමත් කමින් ගැටලු මතු වේ. පෙර පිනේ මහිමයෙන් මෙතෙක් කරගෙන ආ කටයුතු, ලැබිම් ව්‍යාකුල වේ. නීතිමය කටයුතු වලට මැදිහත් වීමට සිදු වේ. තම සහෝදර සහෝදරියන් කෙරෙහි වෙනදාට වඩා ලෙන්ගතු වන්න. එවැන්නකුගේ වියෝවක් /ඈත්විමක් සිදුවිය හැකි බැවින් තම යුතුකම් මැනවින් ඉටු කරන්න. තමාගේ දෑ කඩා වඩා ගන්නා යම් සොහොයුරෙක්/ සොහොයුරියක් වේ නම් ඔහුට වඩා ලෙන්ගතු වන පිහිටීමකි. මුලික අධ්‍යාපනය ලබන වයසේ ආයගේ අධ්‍යාපන කටයුතු තරමක් අඩාල විය හැක. හදිසි අනතුරු වලින් ප්‍රවේසම් වන්න. අසල්වාසින් තම සහයට එන යම් සිදුවීමක් සිදුවිය හැකි බැවින් ඔවුන් සමග හොඳ හිත වර්ධනය කරගන්න. වෙහෙසකර ගමන් වල යෙදීමට සිදුවේ. ජීවිත ගමන තුල අමතක නොවන පාඩමක් තමාට විඳ ගැනීමට, ඉගෙන ගැනීමට සිදුවන තත්වයක් මෙම ගෝචර ග්‍රහ ගමන තුල ඇති කරයි. තම පැතිරීම අඩු කරයි. මතු දැක්වෙන ග්‍රහ පුජා වල යෙදෙන්න. සෙනසුරු ඒරාෂ්ඨකයක් ගත කරන බැවින් ශනි පූජාවන්ගේ නිරත වන්න.

------------- *-*-*-*------------- 
මකර ලග්නය
------------- *-*-*-*-------------

ආදායමේ හා මුල්‍ය කටයුතු වල වෙනස් කමක් ඇති වේ. පෙර ණයක් ලබාගත හැකි වනු ඇත(ඇතැම් විට පුර්ව ආත්ම ණයක් වුවද විය හැක). තම අභිමතය පරිදි කටයුතු කිරිමට දැඩි ආයාසයක් ගත යුතුය. තමාගේ රැකියා තත්වය ලැබීම් පිළිබදව අතෘප්තිකර සිතුවිලි වර්ධනය වේ. ඊට ප්‍රතිවිරුද්ධව සිතීමට පෙළඹීමෙන් එම තත්වය සමනය කරගත හැක. ජිවිත අවධානමක් සහිත සමිප ඥාතියෙකු වේ නම් ඔහු කෙරෙහි අවධානය යොමුකරන්න. එවැන්නෙකුගේ වියෝවක් සිදුවිය හැකිය. අසිමිත ලෙස ලිංගික ආශාවන් වර්ධනය විය හැකි බැවින් දැඩි පරිශ්‍රමයකින් දුර දිග බලා කටයුතු කරන්න එම පද්ධති අධික වෙහෙස කරවීම තුලින් ජනනේද්‍රයන් ආශ්‍රිතව ආබාධ ඇතිවිය හැක. මනසට නැගෙන නුසුදුසු හැගීම් ආකල්ප ඊට ප්‍රතිවිරැද්ධ ආකල්ප මගින් මැඩලිමට උත්සුක වන්න.

------------- *-*-*-*-------------
කුම්භ ලග්නය
------------- *-*-*-*-------------

මනසේ කර්කශ ස්වරෑපය වර්ධනය වේ. හිසේ උෂ්ණ ගති වැඩිවේ. සුදුසු තෙලක් හිස ගැල්විම යහපත්. තම සිතට විරුද්ධ කටයුතු වල නිරත විමට සිත් දේ නම් ඉතා ඉවසිලිවන්තව දුර දිග බලා කටයුතු කරන්න. තමාට දරාගැනිමට අපහසු බරපතල කාර්යන් වල නිරත විමට සිදුවනු ඇත. විරුද්ධවාදින් සමග ගැටුම් ඇතිවනු ඇත. නීතිමය කටයුතු වලට මැදිහත් වීමට සිදුවනු ඇත. වීවාහ අපේක්ෂකයන්ට බලාපොරොත්තු සඵල කරගත හැකි වුවද දුර දිග නොබලා එවැනි තිරණ වලට එළැඹීමෙන් අමාරුවේ වැටිය හැකිය. මංගල යෝජනා බලාපොරොත්තු වන අය විශේෂයන් කල්පනා කාරීවන්න. නුසුදුසු අයෙකුට හසුවිය හැක. හැගීම් වලට යටත් වීමෙන් රහස් සම්භන්ධතා වලට යොමුව ජිවිතයට කැළැලක් එකතුකර නොගැනිමට අදිටන් කර ගන්න. හවුල් ව්‍යාපාර වල නිරත වන්නන් වඩ වඩාත් ඉවසිලිවන්ත විය යුතුය. තමාගේ පැතිරිමට යහපත් කාලයක් වුවද එම පැතිරිම හොඳ අතට වඩා නරක අතට යොමුවිමේ ඉඩකඩ වැඩිය. මතු දැක්වෙන පුද පුජා වල නිරත වන්න.

------------- *-*-*-*-------------
මින ලග්නය.
------------- *-*-*-*-------------

වෙහෙස මහන්සිය නොබලා තම කටයුතු සිදුකරගෙන යා යුතු කාලයකි. අන් අයට පිහිටවීම තුලින් අන්‍යයන්ගෙන් ලැබීම් වඩා වර්ධනය වන කාලයකි. හුදකලාව තම ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කරගැනිමට සිත් වන කාලයකි. ගිලනුන්ට, මානසික රෝගීන්ට ඇප උපස්ථාන කරමින් සතුටක් ලබයි. තමාගේ මෙන්ම අන් අයගේ අඩුපාඩුකම් යහමින් දැනගැනීමට හැකි කාලයකි. පරිත්‍යාගශීලි වේ. අධ්‍යාත්මික /ලෝකෝත්තර කරුණු වලට අදාල වියදම් යෙදේ. ඥාණය වඩවන පොත් මිලදි ගැනීමට පෙලඹේ. විෂ ශරීර ගතවීම, සර්පයින්ගෙන්, විෂ සතුන්ගෙන් ප්‍රවේසම් වන්න. විවාහ ජිවිතය, ආදර සම්බන්දතා සම්බන්දව මෙතෙක් පැවති වියවුල් සමනය වේ. අවධානම් සහගත කටයුතු වල නොයෙදීමට අදිටන් කරගන්න. වාහන පදවන අය තම සිහිය පිහිටුවාගන්න. මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූවන් හැකිතාක් ඉන් අත් මිදෙන්න.

මා යමෙකුගේ හිත සැනසිමට පලාඵල ප්‍රකාශ කරන්නෙකු නොවන බැවින් සඳහන් කර ඇති කරුණු වල තමාට අයහපත් යමක් සඳහන් වේ නම් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඊට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරිමට මනසට විධානය කරන්න.

------------- *-*-*-*-------------
පුද පුජා
------------- *-*-*-*-------------

රාහුට
------------- *-*-*-*-------------

වැටකේ පැලයක් සිටුවා එයට සත්කාර කරන්න. ලෝහ නාග රූප, ලෝහ භාජන දන් දීම ශුභයි. ඊතන,තල,කොලොං කොළ,කලාදුරැ අල, ඇත්දත්, කස්තුරි, එළකිරි තැම්බු වතුර ස්නානය කරන්න.
අර්ධ කායං මහා වීර්යං - චන්ද්‍රාදිත්‍ය විමර්ධිනම්
සිංහිකා ගර්භ සම්භූතං - තං රාහුං ප්‍රණමාම්‍යහම්
මෙම ස්තෝත්‍රය නිතර භාවිත කරන්න.

කේතුට
------------- *-*-*-*-------------

කෙසෙල් ගසකට සත්කාර කරන්න. තල,තල තෙල්,කස්තුරි, එළු ලොම් වලින් සැදු රෙදි 
ලෝහ භාජන දන් දෙන්න.
ඊතන, තල කොලොං කොල,කලාදුරැ අල,කස්තුරි, එළු කිරි, තම්බා වතුර ස්නානය කරන්න.
පලාශ පුෂ්ප සංකාශං - තාරකා ග්‍රහ මස්ථකම්
රෞද්‍රං රෞද්‍රාත්මකං ඝොරං - තං කේතුං ප්‍රණමාම්‍යහම්
මෙම ස්තෝත්‍රය නිතර භාවිත කරන්න.

ඔබට තෙරුවන් සරණයි..
Posted by Unknown On 5:36 PM

මේෂ ලග්නය 

නිවස සම්බන්ධව ශුභ තාවයන් වර්ධනය කරමින් මෙම සතියආරම්භවන අතර සතිය මැද වන විට අධ්‍යාපනය සම්බන්ධව තිබුණු පීඩා දායක තක්වයන් තරමක් සමනය කරයි.

ධනය- සතියේ මුල තරමක් යහපත් වුවද තමන්ගේ ආදායම වර්ධනය කරගැනීම කෙරෙහි තමන්ගේ සූක්ෂම ඥාණය භාවිතයෙහි යෙදවිය යුතුය.

රැකියාව- රැකියා ස්ථානයේදී තමන්ගේ ආවේග පාලනය කරගනිමින් අන් අය සමග සුහදව කටයුතු කිරීමට අදිටන් කරගතයුතුය.

අධ්‍යාපනය- සතියේ මැද යම් සහනයක පහසුවක් ලැබීමට අධ්‍යාපනය ලබන්නන්ට හේතු වේ.

යුග සැපත- යුග සැපත රැකගැනීමට තමාගේ ආවේග පාලනය කරගැනීමට සිදුවේ. කෝපය වේගය හැකිතාක් දුරු කල යුතුය.
ජය අංකය3

සුබ දිනය - 30



වෘෂභ ලග්නය

සතියේ මුල අන් අයගේ පිළිගැනීමට සහ ගෞරවයටලක්වේ.සතියේ මැද නිව‍සේ සහනය වර්ධනය වෙයි. සතුරුකම් ඉරිසියාකම් කරන්නන් ගැන අවධානයෙන් පසුවිය යුතුයි.

ධනය- බුද්ධිමත් නොවන තීරණ ගැනීමට වේගවත් නොවන්න.ඉවසිලිවන්ත බවින් ධනය වර්ධනය කරගත හැක.

රැකියාව- රැකියාව සම්බන්ධව ඇති පසුගාමී ස්වභාවයට සතු‍ටෙන්මුහුණ දිය යුතුයි.එමගින් තත්වය වඩා යහපත් කරගත හැක.

අධ්‍යාපනය- සතියේ අග අධ්‍යාපනය පිළිබද කටයුතු වඩා සාරථකවනු ඇත. 

යුග සැපත- අන් අයගේ කේලම් වලින් ප්‍රරවේසම් වන්න. යුග සැපතවර්ධනය කරගැනීමට ඉවසිලිවන්ත වන්න. ජය අංක 2

සුබ දිනය - 27



මිථුන ලග්නය

සතියේ මුල ධන වාසනා වර්ධනය වන කාලයකි. රජයේ නිලධාරීන් සමග ගැටුම් ඇතිකර නොගන්න. මහමග රජයේ ආයතන වලදී කල්පනාවෙන් පසුවන්න.

ධනය- ධනය වර්ධනය වීමට හේතු සැලසේ. බුද්ධිමත්ව අවස්ථාවහදුනාගන්න.

රැකියාව- සාමකාමී ගති ඇතත් ඉක්මන් තීරණ නිසා දෝශාරෝපණයට ලක්විය හැක.

අධ්‍යාපනය සතුටෙන් බුද්ධියෙන් කරගෙන යාමට අවකාශ සැලසේ.

යුග සැපත- සතුට වඩා වර්ධනය වේ. විවාහා අපේක්ෂකයින්ට ශුභයි. මංගල යෝජනා ස්ථිර වේ.
ජය අංකය8

සුබ දිනය - 25



කටක ලග්නය

සිතේ සතුට සහනය වර්ධනය වෙමින් සතිය ආරම්භ වේ. වචනයෙන් අන් අයගේ ගෞරවය දිනාගත හැකි සේම තොරතෝන්චියක් නැතිව කතා කිරීමෙන් එම ගෞරවයට හානි විය හැක.

ධනය- සතියේ මැද හදිසි ධන ලාභ අත්විය හැක. ධනය ලැබීම යහපත්.

රැකියාව- රැකියාවේ මහිමයෙන් තමන්ගේ ගේ දොර කටයුතු වේගවත්ව කරගැනීමට හැකියාව ලැබේ. 

අධ්‍යාපනය- අලස පසුගාමී අදහස් දුරලා අධ්‍යාපනයෙහි නිරත විය යුතුය.

යුග සැපත- ඉක්මන් තීන්දු තීරණ ආවේග පාලනය කරගන්න. එමගින් යුග සැපත වර්ධනය කරගත හැක.
ජය අංකය7

සුබ දිනය -30



සිංහ ලග්නය

සතියේ මැද වාසනාවන්ත ලෙස ගෙවී යනු ඇත. වචන භාවිතයේදී දෙවරත් සිතා කටයුතු කිරීම වටී. නිවසේ කටයුතු වලදී ඉවසිලිවන්ත වන්න.

ධනය- සතියේ අග හදිසි ලාභ ඇතිවිය හැක. හදිස්සිය නිසා ආදායම් මාර්ග අවහිර වීම් ඇතිකර නොගැනීමට කටයුතු කරන්න.

රැකියාව- රැකියා ස්ථානයේ සතුට වැඩෙන රැකියා අපේක්ෂකයින්ට නව අවස්ථා විවර වන කාලයකි.

අධ්‍යාපනය- සතුටෙන් අධ්‍යාපන කටයුතු සිදුකීරීමට හැකි අතර ඥාණය බුද්ධිය වර්ධනය වේ .

යුග සැපත- නිවසේ ඇතිවන අමනාපකම් නෝක්කාඩු නිසා යුග සැපතට බලපෑම් එල්ල කර නොගැනීමට අදිටන් කරගන්න.
ජය අංකය3

සුබ දිනය -28



කන්‍යා ලග්නය

හිතේ ඉවසිලිවන්ත බව ඥාණාන්විත බව ව්‍යාකූල විය හැකි බැවින් හිත හික්මවාගත යුතුය. වචන භාවිතයේදී දෙවරක් සිතා වචන භාවිත කරන්න. සමාජයේ දෝශ දර්ශණයට ලක් නොවන ලෙස කටයුතු කිරීමට අදිටන් කරගන්න.
ධනය- සතියේ මුල හදිසි ලාභ. සතිය මැද වන විට වැදගත් යමක් මිලදී ගැනීමට හැකි වේ. ආධ්‍යාත්මික ගුණය ප්‍රකටවන වියදම් නියමයි.

රැකියාව- තමන්ගේ බුද්ධිය ප්‍රකටවන රැකියා ස්ථානයේ සොම්නස උතුරන කාලයකි.

අධ්‍යාපනය- ගුරුවරුන්ට අවනත වීමට ගරු කිරීමට අදිටන් කරගත යුතුය.

යුග සැපත- සතිය අවසාන වන විට යුග දිවිය පිළිබදව මෙතෙක් පැවති අසහන්කාරී තත්වයන් සමනය වනු ඇත.ජය අංකය9

සුබ දිනය -25



තුලා ලග්නය

සිංහයෙකු සේ එඩිතර ගති ඇතිවේ. ආවේගකාරී වේගවත් ගතිය වැඩි බැවින් ආවේග පාලනයට අදිටන් කරගන්න. තමාගේ වචනය නිසා තමාගේ තත්වය පිළිගැනීම සම්බන්ධ ගැටළු මතුවිය හැකි බැවින් පුවේසම් වන්න. දුගී මගී යාචකයින්ට සැලකීම වටී.
ධනය- සතියේ මැද හදිසි ලාභ ඇතිවේ. මෙතෙක් පැවති මුදල් අනවශ්‍ය ලෙස වියදම් කිරීමේ තත්වය සතිය අවසානයෙන් පසු සමනය වනු ඇත.

රැකියාව- රැකියා අපේක්ෂකයින්ගේ අභිලාශයන් මුදුන්පත් වේ. සතියේ මුල ඉතා යහපත් ලෙස රැකියා කටයුතු සිදු වන අතර මැද රැකියාවේ මහිමයෙන් යම් යම් ලැබීම් ලැබීමට වාසනාව උදාවේ.

අධ්‍යාපනය- අලස පසුගාමී අදහස් දුරලා අධ්‍යාපනයෙහි නිරත විය යුතුය. උත්සහය වැඩි කරගන්න.

යුග සැපත- හදිසි තීරණ ආවේග පාලනය කරගන්න. එමගින් යුග සැපත පවත්වාගෙන යාමට රුකුල් වනු ඇත.ජය අංකය5

සුබ දිනය -25



වෘශ්චික ලග්නය

සිතේ පවතින අසහනතා සමනය කරගැනීමට අදිටන් කරගන්න. වචනයෙන් තම බුද්ධියත් මිත්‍රශීලී බාවයත් ප්‍රකට කෙරෙනු ඇත.
ධනය- බුද්ධිමත්ව කටයුතු කිරීම නිසා වාසි සැලසෙන අතර එමගින් සිතේ සතුට වර්ධනය වේ.

රැකියාව- රැකියා අපේක්ෂකයින්ට සතියේ මැද ශුභයි. රැකියා ස්ථානයේ පිළිගැනීම වර්ධනය වේ.

අධ්‍යාපනය- මෙතෙක් පැවති අලස පසුගාමී තත්වය සතියේ අගදී සමනය වීම ආරම්භ වේ.

යුග සැපතත- යුග සැපත වර්ධනය වන සතියකි. ශුභයි.
ජය අංකය8

සුබ දිනය -30



ධනු ලග්නය

නිරවුල් සැහැල්ලු මනසකින් කටයුතු කිරීමට අවකාශ යෙදෙන කාලයකි. මනසේ සොම්නස උතුරා යයි. පූර්ව කුසලකර්මයන්ගේ ඵලදීමක් සතියේ මැද නියමයි .

ධනය- ධන සම්පත් වර්ධනය වන අතර ඉවසිලිවන්ත විය යුතුය.

රැකියාව- සතියේ අග වන විට මෙතෙක් පැවති ව්‍යාකූල තත්වයන් සමනය වන අතර ඉන් අනතුරුව වඩා යහපත් රැකියා අවස්ථා වුවද ලැබීමට හේතුයි.

අධ්‍යාපනය- මෙතෙක් පැවති අවහිරතා, පීඩනය අතියේ අගදී නිමා වෙයි. වැඩි ආයාසයකින් තොරව කටයුතු කරගෙන යාමේ හැකියාව වර්ධනය වේ.

යුග සැපත- සතුටෙන් සොම්නසෙන් ගතකරගත කාලයකි. ශුභයි.
ජය අංකය 4

සුබ දිනය -28



මකර ලග්නය

තීන්දු තීරණ ගැනීමේ වේගය වැඩිය. නොරිස්සුම් ගති වැඩි වේ. ඉවසිලි වන්තව කටයුතු කරන්න.

ධනය- ධනය ලැබීම ශුභයි. 

රැකියාව- තමාගේ ආවේගය පාලනය කර නොගන්නේනම් රැකියා ස්ථානයේ ගැටුම් මතුවීමට හේතු වේ.

අධ්‍යාපනය- වේගවත්ව, අභි‍යෝගාත්මකව ඉදිරියට යාමට හැකි කාලයකා.

යුග සැපත- තමාගේ දැඩි බව නිසා යුග සැපතට යම් බලපෑමක් එල්ල වුවද සතියේ අවසානයේ යුග සැපත වර්ධනය වේ. 

ජය අංකය4
සුබ දිනය -25



කුම්භ ලග්නය

හදිසි වියදම් වලින් ප්‍රවේසම් වන්න. ශ්‍රියාව වර්ධනය වේ. වාත රෝග තත්වයන් සතියේ අගදී සමනය වේ. අන්තර් පුද්ගල සම්බන්ධතා, හවුල් ව්‍යාපාර වලට ශුභයි.
ධනය- සතියේ අග ධන සම්පත් වර්ධනය වන මෙතෙක් පැවති අපහසුතාවයන් සමනය වේ.

රැකියාව- ඉවසිලිමත් වන්න. පෙර පින් බලෙන් කටයුතු සාර්ථක කරගත හැක.

අධ්‍යාපනය- වැඩි ආයාසයකින් තොරව විනොදකාමීව අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ හැකියාව වර්ධනය වේ.

යුග සැපත- සතුටෙන් සොම්නසෙන් ගතකරගත කාලයකි. ශුභයි.
ජය අංකය2

සුබ දිනය -27



මීන ලග්නය

සිතේ පැවතී අසහනකාරී ගතිය සතිය අගදී අහවර වන අතර කෝටියක් දෝශ භංගකරමින් යන යහපත් කාලයකි. නව ප්‍රවනතා හදුනාගෙන ලැබීම් වර්ධනය කරගැනීමට උත්සුක වන්න.

ධනය- මධ්‍යස්ථ මට්ටමකි. 

රැකියාව- සතුට වැඩෙන පිළිගැනීමට ඇගයීමට ලක්වන කාලයකි. නව අවස්ථා විවෘත වේ.

අධ්‍යාපනය- සතිය අගදී ආයාසයකින් තොරව අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යෑමට අවකාශ යෙදේ.

යුග සැපත- මෙතෙක් පැවතී ව්‍යාකූල අස්ථාවර තත්වයන් සතියේ අගින් නිම වන වාසනාවන්නත කාලයක ඇරඹුමකි.ජය අංකය9

සුබ දිනය -30

Posted by Unknown On 9:21 PM


සිකුරු ග්‍රහයා අද දින උදේ 6.20 ට පමණ කුජ හිමි වෘශ්චික රාශියේ සිට සිය සම රාශියක් වන ගුරුට අයත් ධනු රාශියට ගමන් කල අතර සිකුරු ධනුවට පිවිසීමත්, අද දින ධනු රාශි ගත බුධ සමඟ සිකුරු යෝග වීමත් හේතුවෙන් මෙම කාලය තුළ සරස්වතී හා විෂ්ණු ලක්‍ෂ්මී යන සුබ යෝග උදා වනු ඇත. ඉගෙනීමට, ව්‍යාපාර දියුණුවට මෙන්ම තම නිදන් ගත රෝග සුවයටද මෙම යෝග උදාවීම ඉතාම සුබ දායක වනු ඇත. මෙම කාල සීමාවේ උපදින දරුවන්ට ඉහත කී යෝග යෙදීම නිසා අනාගතයේ කලා ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන රූප සම්පත්තියෙන් ද අගතැන් පත් අය වනු ඇත.

විශේෂයෙන්ම මෙම කාල වකවානුව ප්‍රේම සබඳතා සහ විවාහ කටයුතු සඳහා වඩාත් යෝග්‍ය කාලයක් වන අතරම දේශපාලන ක්ෂේත්‍රයේ කැළඹීම් බහුල අනතුරු ආදිය වැඩිවන කාලයකි.ගංවතුර නාය යෑම ආදී ස්වභාවික විපත් වැඩි වන අතර රට තුල රහස්‍ය කටයුතු ඇතිවන කාලයකි.

සිකුරු මහ දශා හා අතුරු දශා, විදශා ගත කරන අයට මෙම ග්‍රහ මාරුව ඉතාම යහපත්ය. ලග්න වශයෙන් මේෂ, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්නවලට සුබ ප්‍රතිඵලත් වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර, කුම්භ යන ලග්නවලට මිශ්‍ර ප්‍රතිඵලත් ඇතිවනු ඇත. 

මේෂ ලග්නය 

සිකුරු හා බුධ 9 වැන්නේ යෝග වෙයි. පෙර පින පෑදෙන කාලයකි. මානසික ව්‍යකුලතා හා පවතී බාධා කරදර සියල්ලක්ම දුරුව යයි.දරු ඵල බලාපොරොත්තු වන අයට යහපත්ය.තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වෙයි. 

වෘෂභ ලග්නය 

සිකුරු හා බුධ 8 වැන්නේ යෝග වීම එතරම් සුබ දායක නැත. අනතුරු වලට ඉඩ පවතී.සහෝදරයෙක්ට අපල ඇත.විමසිල්ලෙන් කටයුතු කරන්න.බෝධි පුජා පැවැත්වීම යහපත්ය.

මිථුන ලග්නය

සිකුරු 7 වැන්නට පැමිණේ.විවාහ කටයුතු සහ මංගල යෝග උදාවේ.යුග දිවිය යහපත්ය.සෙම් රෝග බහුල විය හැකිය.අලුත් නිවාස අළුත් ව්‍යාපාර ආදියට මුල් තැන දීමට සුදුසු කාලයකි.

කටක ලග්නය

ලග්නයෙන් 6 වැන්නේ යෝග වන සිකුරු හා බුධගේ ග්‍රහ ගෝචරය නිසා පසුගිය දිනවල පැවැති බාධා බොහොමයක් අවම වනු ඇත.මනසේ තිබූ ප්‍රශ්ණ බොහොමයකට විසඳුම් මාර්ග පෑදෙනු ඇත.පවුලේ අයෙක්ගේ රෝගී තත්වයක් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවේ.අලුතින් අරඹන ව්‍යාපාර හා අධ්‍යාපන කටයුතු වලට සුබයි.

සිංහ ලග්නය 

5 වැන්නේ යෝග වන සිකුරු හා බුධ ග්‍රහ ගෝචරය ඔබට සුබ දායක වනු ඇත.විවාහ හා ප්‍රේම සබඳතා වලට යහපත්ය.අධ්‍යාපන කටයුතු වලට සුබයි.සහෝදරයෙක් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවනු ඇත.ඔබගේ සමාජ පිළිගැනීම ප්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇත.

කන්‍යා ලග්නය 

සිකුරු හා බුධ ඔබගේ ලග්නයෙන් 4 වැන්නේ යෝග වන මෙම කාලයනව නිවාස ඉදිකිරීම් හා ඉඩම් මිලදී ගැනීමට ඉතා යහපත් කාලයකි. විවාහ අපේක්ෂිත අයට විවාහ වාසනා ඇති වීමට ඉඩ ඇත.දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත. මව් පාර්ශ්වයේ සොහොයුරෙකුට අපලදායක විය හැකිය.

තුලා ලග්නය 

තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු 3 වැන්නේ ගමන් කිරීමෙන් වියදම් පාර්ශ්වය ඉහළ යනු ඇත. සතුරු කරදරයකින් ජයගත හැකිය. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. අසනීපවලින් යම් සුවයක් අත්වෙයි.සෙම් රෝග ඇතිවිය හැකිය.

වෘශ්චික ලග්නය

සිකුරු හා බුධ ඔබගේ ලග්නයෙන් 2 වැන්නේ ගමන් කිරීම ඔබට සුබ දායක වනු ඇත. ලැබීම් ඉහළ යනු ඇත.ගෘහ ජීවිතය යහපත්වේ.රසවත් ආහාර පාන ඇඳුම් පැළදුම් ආදිය හිමිවේ.ඇස්වහ දෝෂ ඉවත් කරගැනීම සුදුසුයි.

ධනු ලග්නය 

සිකුරු ඔබගේ ලග්න භාවයේ ගමන් කරන මෙම කාල සීමාව ඔබට බෙහෙවින් සුබදායක වනු ඇත.විවාහ කටයුතු සාර්ථක වේ.මංගල යෝග උදාවේ.අධ්‍යාපන කටයුතු වලට සුබයි.කරන කියන කටයුතු බොහොමයකින් සාර්ථක ප්‍රතිපල හිමිවන කාල වකවානුවකි.ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම යහපත්ය.

මකර ලග්නය 

සිකුරු හා බුධ 12 වැන්නේ ගමන් කරන මෙම කාල සීමාව තුළ රැකියාවේ උසස් වීම් ස්ථාන මාරු ආදිය ඇතිවේ.සේවකයන් පිළිබඳව උනන්දු වන්න.නීතිමය කටයුතු වලට මැදිහත් වීමට පුළුවන.වැය පක්ෂය තරමක් ඉහල යනු ඇත.පවතින රෝග පිළිබඳව සැලකිලිමත් වන්න.

කුම්භ ලග්නය 

11 වැන්නේ සිකුරු ගමන් කරන මෙම කාලයේ ආදායම් තත්ත්වය සුබදායක වෙයි.නව ආයෝජන වලට සුබයි.රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර තැන්පත් ආදායම් තත්ත්වයද ඉහළ යනු ඇත.අධ්‍යාපන කටයුතු හා තරඟ විභාග ආදියෙන් ජය හිමිවනු ඇත.

මීන ලග්නය 

10 වැන්නේ යෝග වන සිකුරු හා බුධ ඔබට සුබදායකයි. රැකී රක්ෂා කටයුතුවල සාර්ථක භාවය හා නව රැකියා අවස්ථා ඇතිවිය හැකිය. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර සමාජයේ පිළිගැනීම ඇතිවන අතර තම සමඟ ආශ්‍රය කරන්නන් හා ප්‍රවේශමෙන් කටයුතු කිරීම වඩාත් යහපත් වනු ඇත.ආවේගශීලී ගති පාලනය කරගන්න.
Posted by Unknown On 7:12 PM


-----------------------------------------------------------------------------------

මේෂ ලග්නය 
========
උසස් අය හා සබඳතා.
ජනවාරි 20 දිනෙන් පසු වාසි සහගත තත්ව ඇතිවිය හැකිය.කතාව තුලින් යම් වාසි අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.අතගසන කාර්යයන් සාර්ථක වේ. නවාංශක බලය ගිලිහුණද ලග්නය තව දුරටත් දකින බැවින් යහපත අත්වේ.
ධනය - ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.හිතමිතුරන්ගේ සහයෝගය හිමිකරගත හැකිවේ.
රැකියාව - රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.කාර්මික කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.
අධ්‍යාපනය -යහපත්ය. සුළු බාධා වීම් මුල් දිනවල ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.
යුග සැපත - පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටත් කටයුතු සාර්ථක කරගැනීමටත් යහපත් වටපිටාවක් නිර්මාණය වේ.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකිය.උරහිස් අමාරු ඇතිවිය හැකිය.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
-----------------------------------------------------------------------------------

වෘෂභ ලග්නය 
=========
ලැබීම් ඇතිවේ.
සිකුරු සහ කුජගේ පරිවර්තන ශක්තිය නිසා ඇති කරගන්නා බලය මත හිතවතුන් හා යම් ගැටළු ඇතිවිය හැකිය.ඉවසීම තරමක් ප්‍රගුණ කල යුතු කාලයකි.ගන්නා සෘජු තීන්දු තීරණ යහපතට හේතු වනු ඇත.නිහඬව තම දෛනික කටයුතු ඉටු කරයි.
ධනය -ධන වාසි අත්වේ. නමුත් වැය පක්ෂය ඉහළ යා හැකිය. ව්‍යාපාර කටයුතු ආදියෙහි නිරත වන්නන්ට වාසි අත්වේ. නිහඬ ලැබීම් වලට හිමිකම් පවතී.
රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.තනතුරු ලාභ බලාපොරොත්තුව සිටින්නන් හට එම ලාභ අත්වේ.
අධ්‍යාපනය - ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ. සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.
යුග සැපත - වැඩිහිටි අයගේ උදව් උපකාර නොමඳව හිමිවේ. දරුවන් සම්බන්ධ කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ. දණහිස් ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා
-----------------------------------------------------------------------------------

මිථුන ලග්නය 
=========
වාසි සහගත ආයෝජන.
බුධ යෝග කාරක සිකුරුගේ පුවසල නැකත තුල ගමන් කරන බැවින් නව ආයෝජන වලින් ජය ලැබෙන කාල වකවානුවකි.ජීවිතයේ ඉදිරිය පිළිබඳව වැදගත් තීන්දු තීරණ රැසක් ගනී.ආර්ථිකය සම්බන්ධව වැදගත් තීන්දු තීරණ ගනී.
ධනය - ලැබීම් වලට යහපත්ය.මුල් දින කිහිපය පසුවත්ම ඉතිරියක් කෙරෙහි උනන්දු විය හැකිය.
රැකියාව - අධ්‍යාපන, හෝටල් හා කාර්මික අංශයන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.
අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ගත හැකිවෙයි.
යුග සැපත - යහපත් සිතුවිලි වර්ධනය වන කාලයකි.විනෝද ගමන් වන්දනා ගමන් සඳහා යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.
සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා
-----------------------------------------------------------------------------------

කටක ලග්නය 
=========
සතුරු කරදර වලින් මිදේ.
මුල් දින කිහිපය තරමක් ව්‍යාකුල වටපිටාවක් ඇතිකරවන කාලවකවානුවක් වන අතර ලග්නාධිපති සඳු ශුභ භාවයන්හි ගමන් කරන බැවින් 20 දිනෙන් පසු යහපත් ප්‍රතිපල ඇතිවේ.සතුරු කරදර වලින් මිදේ.
ධනය - ධන වාසි අත්වන නමුත් වියදමද වැඩිවිය හැකිය.සති අග වනවිට එම තත්වය වෙනස් වේ.
රැකියාව - අධ්‍යාපන කාර්මික ගොවිතැන් ආශ්‍රිත ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් සිත එක අරමුණක තබා ගැනීමට තරමක් අපහසුය.සති අග වන විට තත්වය වෙනස් වේ.
යුග සැපත - නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.සතුරු කරදර හීන වී යයි.අඹු සැමි සබදතා යහපත් වේ.
සෞඛ්‍ය - හන්දිපත් අමාරු, උරහිස් අමාරු හා සෙම් රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
-----------------------------------------------------------------------------------

සිංහ ලග්නය 
========
ප්‍රසිද්ධියට පත්වේ.
රවිගේ හය වැන්නේ ගමන නිසා නායකත්වය නිතැතින්ම හිමිවේ.පිරිස් අතර ප්‍රසිද්ධියට පත්වේ.උත්සාහවන්ත ලෙස තම කටයුතු වල දක්ෂ ලෙස නිරත වෙයි.
ධනය - ආර්ථිකය යහපත්ය.ජනවාරි 19 න් පසු වඩාත් යහපත්ය .හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීමට නිතර සිදුවේ.
රැකියාව - වැටුප් වැඩිවීම් සහ උසස්වීම් හිමිවීමේ ඉඩකඩක් පවතී.යහපත් රැකියා වටපිටාවක් නිර්මාණය වේ.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනී යන අතර විභාග ජය සම්මුඛ පරීක්ෂණ ජය අත්වනු ඇත.
යුග සැපත -පෙම් කරන්නන් හට සුබදායී වටපිටාවක් සැකසේ.ගමන් බිමන් අධික වේ.දරුවන් හා ගත කරන කාලය අඩුවේ.පවුලේ හිතවතුන් වෙනුවෙන් උපකාර කරයි.
සෞඛ්‍ය - හිසේ කැක්කුම් උදරා බාධ ආදියට ඉඩ ඇත.පැවති රෝග සුව අතට හැරේ.

ජය අංකය -01
සුබ දිනය - ඉරිදා
-----------------------------------------------------------------------------------

කන්‍යා ලග්නය 
=========
අන්‍යන් හා හොඳ හිත වර්ධනය වේ
බුධගේ වක්‍ර ගමනත් ශනි සහ ගුරුගේ වැයස්ථාන ගතවීමත් මත නව සබදතා වැඩි දියුණු කරගැනීමට යහපත්ය.ආගමික කටයුතු කෙරේ දැඩි ඇල්මක් සහ ඉඩකඩක් ඇතිවේ.බොහෝ දෙනා අතර හොඳ හිත සුහදතා වර්ධනය වේ.
ධනය - ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට කෘෂිකාර්මික අංශයන්ට ධනය යෙදවීමට සහ එතුලින් ආදායම් ලැබීමට යහපත්ය.
රැකියාව - අධ්‍යාපන, හෝටල් ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උගතුන්ගේ උපදෙස් හා උපකාර ලැබේ.
අධ්‍යාපනය -කාර්යබහුල බවක් ඇතිවේ.සති අග වන විට යහපත් ප්‍රතිඵල අත්වේ.විභාග හා සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ හිමිවේ.
යුග සැපත - ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන්ට සුබයි.දරුවන්ට යහපත්ය.මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.සාමකාමී පරිසරයක් නිවස තුල ගොඩනැගේ.
සෞඛ්‍ය - ඌෂ්ණාධික ස්වභාවයන් හා උදරගත රෝග තවදුරටත් ඇතිවිය හැකිය.

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා
-----------------------------------------------------------------------------------

තුලා ලග්නය 
========
ස්වයං ව්‍යාපාර වලට සුබයි.
සිකුරු සහ කුජගේ පරිවර්තනය මත උද්‍යෝගය හා කර්යශුරත්වය වැඩි වන අතර ස්වයං ව්‍යාපාර වලට සුබයි.නව ජීවනෝපායන් වෙත පිවිසීමට හැකිවේ.හිතවතුන්ගේ සහය හිමිවේ.
ධනය - ලැබීම් වලට යහපත්ය.මිතුරන් වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීමට කරුණු යෙදේ.
රැකියාව - විශේෂ වරප්‍රසාද හිමිවන අතර රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.උසස්වීම් ආදියට යහපත්ය.
අධ්‍යාපනය -හිතමිතුරන්ගේ උදව් උපකාර හිමිවේ.අළුත් දේ ඉගෙනීමට සිත යොමු කරවීමට සුදුසු කාලයකි.
යුග සැපත - අවිවාහක අයට මංගල යෝග යෙදේ.අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් හා උදරගත අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා
-----------------------------------------------------------------------------------

වෘශ්චික ලග්නය 
==========
මූල්‍ය වාසි අත්වේ.
කුජ 12 වැන්නේ සිට හය වැන්න අධිපතිගේ බලය ලබමින් ගමන් කරන මෙම සතියේ අතපසු වූ කාර්යයන් බොහොමයක් ඉටු කර ගත හැකිවනු ඇත.හිත මිත්‍රාදීන්ගේ නිරන්තර සහයෝගය සැමවිටම හිමිවන එතුලින් මූල්‍ය වාසි අත්වේ.
ධනය -ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගෙන යාමට හැකිවේ.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩ ඇත.
රැකියාව - සංචාරක සේවා හා අධ්‍යාපන අංශයන්හි නිරතවන අයට වාසි අත්පත් වන අතර එතුලින් වාසි අත්වේ.වචනය පිළිබඳව ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය -බාධා අවමවේ.උනන්දුව හීන වීමක් සතිය මුලදී ඇතිවිය හැකි නමුදු විභාග ජය අත්වීමට නියමිතයි.
යුග සැපත - දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.
සෞඛ්‍ය - හෘද රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
-----------------------------------------------------------------------------------

ධනු ලග්නය 
========
උරුම හිමිකම් ලැබේ.
භාග්‍යස්ථාන ගත ගුරු නිසා උසස් පුද්ගල ඇසුර තුලින් වාසි අත්වේ.අන් අයගේ හොඳ හිත දිනාගනී.නව හිත මිතුරන් හඳුනාගත හැකි කාල වකවානුවකි.පාරම්පරික උරුම හිමිකම් හිමිවන කාලයකි.
ධනය - ධන ලාභ සතිය අග වන විට හිමිවේ.ආයෝජන සඳහා යොමුවීමට සුදුසුය.
රැකියාව - හෝටල් ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට වඩා යහපත් වේ.
යුග සැපත - පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැය පස අධික වේ.
සෞඛ්‍ය - රෝගාබාධ යහපත් අතට හැරේ.හන්දි අමාරු ඇති අය ප්‍රවේශම් වන්න

ජය අංකය -01
සුබ දිනය - ඉරිදා
-----------------------------------------------------------------------------------

මකර ලග්නය 
=========
අහඹු වාසි අත්වේ.
ශනි අයස්ථාන ගතව ලග්නයේ ගමන් කරන මෙම සතිය තුල අතපසු වූ කාර්යන් ඇරඹීමට යහපත් කාල සීමාවක් වනු ඇත.එතුලින් අහඹු වාසි අත්විය හැකිය.මිතුරන්ගේ සහ හිතවතුන්ගේ සහය හිමිවනු ඇත.
ධනය - ඉතිරිකිරීම් වලට වැඩි ඉඩකඩක් ඇති වන මුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -.විනෝදයට බර වේ.රැකියාවට තිබූ බාධා ඉවත්වේ.උද්වේගකාරී අවස්ථා ඇතිවේ.ඉවසීම ප්‍රගුණ කරන්න.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග වනවිට එයින් සුබදායී ප්‍රතිපල හිමිවේ.
යුග සැපත -.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර හොඳ හිත ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.දරුවන් කෙරෙහි වැඩි කාලයක් ගත කරනු ඇත.
සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ සැලකිලිමත්වන්න.සති අග විශේෂයි.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා
-----------------------------------------------------------------------------------

කුම්භ ලග්නය 
=========
මංගල යෝග උදාවේ.
ලග්නාධිපති ශනිගේ කේන්ද්‍රගත ගමන නිසා වගකීම් අධිකව යෙදෙන කාලයකි.මිතුරන්ගෙන් උදව් උපකාර පැමිණිය හැකි අතර ඇතැම් විටක නොසිතූ බාධක පැන නගී.නමුත් සති අගවන විටදීමේ තත්වය වෙනස්ව යහපත් අතට හැරේ.
ධනය -වැය පස තවදුරටත් ඉහළ යන අතර සති අගවන විට නව මාර්ග සඳහා යහපත්ය.
රැකියාව - කාර්යබහුල කාලයකි.රැකී රක්ෂාවන් වෙනුවෙන් වැඩි කැපකිරීමක් සිදු කරන අතර එයින් පල ප්‍රයෝජනරැසක් ලැබේ.
අධ්‍යාපනය - තරඟ විභාග සඳහා ඉදිරිපත්වීම සුබයි.යහපත් අධ්‍යාපන පසුබිමක් නිර්මාණය වේ.නව අත්හදා බැලීම් වලට යහපත්ය.
යුග සැපත - අඹු සැමි සබදතා තර වේ.පෙම් කරන්නන්ට යහපත් කාලයකි.මංගල යෝග උදාවන කාල වකවානුවකි.ඈත ගමන් බිමන් වලදී ප්‍රවේශම් වන්න.
සෞඛ්‍ය - ඌෂ්ණාධික හා කැස්ස උරහිස් අමාරු තත්වයන් තවදුරටත් ඇති කරවයි.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා
-----------------------------------------------------------------------------------

මීන ලග්නය 
========
අභියෝග රැසක්.
හය වැන්නේ වක්‍රව ගමන් කරන ගුරුගේ පිහිටීම මත මෙම සතිය විවේකය අඩුවේ.එදිනෙදා ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම වඩාත් සුදුසුයි.
ධනය - වැය පක්ෂය ඉහල යන නමුත් අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අගවත්ම යහපත් අතට හැරේ.
රැකියාව - නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතුවක්කාරී තීරණ ගැනීමට සිතේ.හිත මිතුරන්ගේ උදව් උපකාර නිතර හිමිවේ.උගතුන් ඇසුරට ලැබේ.
අධ්‍යාපනය -තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.
යුග සැපත - අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.දුර බැහැර ගමන් ඇතිවේ.
සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.පාද ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
Posted by Unknown On 7:19 PM


රවි හෙවත් සූර්යයා මසකට වරක් රාශියකින් තවත් රාශියකට ගමන් කිරීම සාමාන්‍ය සංසිද්ධියකි.එනමුත් අද දින (15) පාන්දර 1.26 ට සිදුවූ රවිගේ රාශි මාරුව තරමක් සුවිශේෂී වනු ඇත.ශනි හිමි මකර රාශියට පිවිසෙන රවි ග්‍රහයාට එම රාශිය සතුරු රාශියක් වුවද සිසිර සෘතුවේ රවි උත්තරායනය තුල බලවත් වෙමින් ප්‍රබල විශ්ව ශක්තියක් ද සමඟ 

- විවාහ සහ නිවාස කටයුතු සඳහා යහපත උදා කරවයි.
- ගස්වැල් තුරුලතා වල පල හටගන්නා සරු කාලයකි.
- තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතා සහ මංගල කාරණා ඉටුවන යහපත් කාලයකි.
- බලවත් ලෙස චක්‍රවාක මුහුර්තය යෙදීමෙන් ඉහත කාරනා වඩාත් තීව්‍ර වනු ඇත.

ඉහත කී පරිදි මාර්තු 13 දක්වා කාලය තුල විවාහ හා නිවාස ආශ්‍රිත සියළුම කටයුතු යොදාගැනීමට වඩාත්ම යහපත් කාලයක් වනු ඇත.

ලෝකයන ජ්‍යෝතිෂයට අනුව බුධ ග්‍රහයා ජනවාරි 14 දින ධනු රාශියට වක්‍ර ගමනින් ගමන් කිරීමත් මාර්තු මස 13 පමණ දක්වා රාහු සහ ගුරු ආසන්න අංශකයන්හි ගමන් කිරීමත් මත 

- හදිසි අනතුරු / දුම්රිය අනතුරු / රිය අනතුරු වැඩිවේ 
- ජලය ආශ්‍රිත විපත් සහ මුහුදු යන ධීවරයින්ට තරමක් පීඩාකාරී වේ.
- දේශපාලන ක්ෂේත්‍රය ද දැඩි උණුසුමක් ගනු ඇත.
- රටේ කීර්තිමත් බුද්ධිමතෙකුගේ වියෝවක් පෙන්වයි.

ලග්න වශයෙන් කුම්භ/තුලා/සිංහ ලග්නවලට සුබ පලත්, මේෂ සහ වෘශ්චික ලග්න වලට අසුබ පලත් අනෙකුත් ලග්න වලට මධ්‍යම පලත් උදාවේ.