මේෂ ලග්නය
සාමූහිකත්වය තුලින් වාසි රැසක්.
විවේකය අඩුවේ.එදිනෙදා ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ.නව බලාපොරොත්තු බොහොමයක් ඉටු කරගත හැකිවේ.කණ්ඩායම් හා පිරිස් ලෙස එක්ව සාමූහිකව කරන ක්‍රියාකාරකම් තුලින් වැඩි වාසි අත්වේ.
ධනය - වැය පක්ෂය ඉහල යන නමුත් අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අගවත්ම යහපත් අතට හැරේ.
රැකියාව - නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතුවක්කාරී තීරණ ගැනීමට සිතේ.හිත මිතුරන්ගේ උදව් උපකාර නිතර හිමිවේ.උගතුන් ඇසුරට ලැබේ.ව්‍යාපාරික අවස්ථා රැසක් සඳහා ඉඩකඩ සැලසේ.
අධ්‍යාපනය -තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.
යුග සැපත - අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.පවුලේ ඉඩකඩම් පිළිබඳව ගැටළු මතුකරවිය හැකිය.දුර බැහැර ගමන් ඇතිවේ.
සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.පාද ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.
ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදාකටක ලග්නය
වෘෂභ ලග්නය
ආවේගශීලී වේ.
සතිය මැද ලග්නාධිපති කුජ පුෂ නැකතින් අස්ලිස නැකතට මාරුවීම තුළ ආවේගශීලී ගති පැවතුම රැසක් ඇතිවේ.උත්සාහය තුලින් වාසි සහගත තත්ව රැසක් ඇතිවිය හැකිය.ආර්ථිකය සම්බන්ධව වැදගත් තීන්දු තීරණ ගනී.
ධනය - ලැබීම් වලට යහපත්ය.මුල් දින කිහිපය පසුවත්ම ඉතිරියක් කෙරෙහි උනන්දු විය හැකිය.
රැකියාව - අධ්‍යාපන, හෝටල් හා කාර්මික අංශයන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.රාජ්‍ය අංශයන්ට සම්බන්ධ අයටත් ප්‍රගතියක් අත්වේ.
අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ගත හැකිවෙයි.
යුග සැපත - යහපත් සිතුවිලි වර්ධනය වන කාලයකි.විනෝද ගමන් වන්දනා ගමන් සඳහා යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.වරින් වර ගති පැවතුම් වල වෙනස්කම් ඇතිවිය හැකිය.
සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.
ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
මිථුන ලග්නය
අන්‍යන්ගේ සහයෝගය හිමිවේ.
ලග්නාධිපති ගුරුගේ පිහිටීම මත ස්වයං පාලනයක් ඇතිවේ.නව සබදතා වැඩි දියුණු කරගැනීමට යහපත්ය.දරුවන් ගේ කටයුතු වෙනුවෙන් වඩාත් උනන්දුව ක්‍රියා කරයි.බොහෝ දෙනා අතර හොඳ හිත සුහදතා වර්ධනය වේ.
ධනය - ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට කෘෂිකාර්මික අංශයන්ට ධනය යෙදවීමට සහ එතුලින් ආදායම් ලැබීමට යහපත්ය.
රැකියාව - අධ්‍යාපන, හෝටල් ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ටත් නීතිවේදය සහ ගණකාධිකරණ ක්ෂේත්‍රයේ අයටත් උසස් තත්වයක් ඇතිවේ.උගතුන්ගේ උපදෙස් හා උපකාර ලැබේ.
අධ්‍යාපනය -කාර්යබහුල බවක් ඇතිවේ.සති අග වන විට යහපත් ප්‍රතිඵල අත්වේ.විභාග හා සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ හිමිවේ.
යුග සැපත - ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන්ට සුබයි.දරුවන්ට යහපත්ය.ඔවුන් කෙරේ වැඩි කාලයක් ගත කරනු ඇත.මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.සාමකාමී පරිසරයක් නිවස තුල ගොඩනැගේ.නව දරු උපත්වලට සුදුසුයි.
සෞඛ්‍ය - ඌෂ්ණාධික ස්වභාවයන් හා උදරගත රෝග තවදුරටත් ඇතිවිය හැකිය.
ජය අංකය -01
සුබ දිනය - ඉරිදා
කටක ලග්නය
අභියෝග තුලින් ඉදිරියට.
අභියෝග රැසක් සඳහා මුහුණ දීමට සිදුවන වන කාල සීමාවක් වනු ඇත.තම හැගීම් මෙන්ම ක්‍රියාවන් ද සුදුසු පරිදි පාලනය කරගත යුතුවේ.රැකියාවෙන් බොහෝ ඉදිරියට යා හැකි සතියකි.මිතුරන්ගේ සහ හිතවතුන්ගේ සහය හිමිවනු ඇත.
ධනය - ඉතිරිකිරීම් වලට වැඩි ඉඩකඩක් ඇති වන මුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -. විරුද්ධව යම් මතවාද ගොඩනැගිය හැකියි.අන් අයගේ සහයෝගය හිමි කර ගැනීමට උත්සුක වන්න.මුදල් හා සම්බන්ධ කටයුතු වලදී විශේෂයි.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග වනවිට එයින් සුබදායී ප්‍රතිපල හිමිවේ.
යුග සැපත -.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර හොඳ හිත ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.දරුවන් කෙරෙහි වැඩි කාලයක් ගත කරනු ඇත.නව දරු උපත් කෙරේ බාධා මතු කරවයි.
සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ සැලකිලිමත්වන්න.සති අග විශේෂයි.
ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
සිංහ ලග්නය
ශාස්ත්‍රීය කටයුතු වලට යහපත්.
සතිය මැද වනවිට ලග්නාධිපති සිකුරු සිය වක්‍ර භාවයෙන් මිදේ.කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරන තත්වය නිසා අභියෝග රැසක් එල්ලවිය හැකිය.නමුත් ඒවා ජයගත හැකිවේ.නව පුද්ගල සම්බන්ධතා ඇතිවේ.ශාස්ත්‍රීය කටයුතු වලට වාසි සහගත වේ.ඒ තුලින්ප්‍රයෝජන රැසක් උදාවන තත්වයක් ඇති වේ.
ධනය - නව ජීවනෝපාය මාර්ග විවර වන අතර උගත් ඇසුර නිසා ධන වාසි හිමිකර ගත හැකි කාල වකවානුවකි.
රැකියාව -රැකියා ස්ථානයේ වැඩ කටයුතු කෙරේ වෙනදාට වඩා දැඩි උනන්දුවක් ඇතිවිය හැකි සමයකි.උසස් නිලධාරීන් හා ගණුදෙනුව ප්‍රවේශමෙන්.
අධ්‍යාපනය -නව දේ ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සතිය මුල යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.
යුග සැපත - ඥාතීන් සම්බන්ධ කරදර ප්‍රශ්ණ ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර යුග සැපත හා පෙම් පැතුම් සපල කරගත හැකිවේ.දරුවන් නිසා සතුටු විය හැකි වටපිටාවක් ඇතිවේ.අඹු සැමියන් අතර ගැටළු පැන නැගිය හැකිය.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.දණහිස් ආශ්‍රිත පීඩාවන් හා අස්ථි රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.
ජය අංකය -08
සුබ දිනය - බදාදා
කන්‍යා ලග්නය
කථිකත්වය තුලින් වාසි රැසක්.
තම සහජ දක්ෂතා සහ කථිකත්වය තුලින් වාසි රැසක් හිමිවේ.එදිනෙදා කටයුතු වෙනදාට වඩා වැඩි උනන්දුවකින් සහ මහත් ඕනෑකමකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි.හිතවතුන්ගේ සහයද හිමිවේ.
ධනය - තැන්පත් ධනය වැය විය හැකි සතියක් වන අතර නව මිතුරන් මගින් ධන වාසි අත්වේ.සති අග විශේෂයි.
රැකියාව - අලෙවිකරණය රසායනික අධ්‍යාපන හා කෘෂිකර්මාන්ත ආශ්‍රිත රැකියා ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.නව මං පෙත් රැසක් විවර වේ.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් හිතේ අදහස් වෙනස් වන බැවින් සිත එක අරමුණක තබා ගැනීමට උත්සාහ ගන්න.සතිය මුල විශේෂයි.බාධාවීම් හා අතපසුවීම් යෙදේ.
යුග සැපත - නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.නිවැසියන් හා හොඳ හිත වර්ධනය වන අතර දරුවන් සම්බන්ධව වඩාත් සැලකිලිමත් විය යුතුය.
සෞඛ්‍ය - හන්දිපත් අමාරු, සෙම් අමාරු හා අස්ථි ආබාධ ඇත්නම් ප්‍රවේශම් වන්න.
ජය අංකය -04
සුබ දිනය - ඉරිදා
තුලා ලග්නය
බාධක රැසක් ජයගනියි.
සිකුරු සිය වක්‍ර ගමනෙන් මිදෙන අතර ඒ නිසාම විවිධ පුද්ගලයින්ගෙන් නිරන්තර ආධාර උපකාර හිමිවන කාල වකවානුවකි.වැඩි දුරටත් උත්සාහ වන්ත වීම තුලින් විශේෂ වාසි අත්කර ගත හැකිවනු ඇත.දුර බැහැර ගමන් බිමන් යෙදෙන අතර වාසි අත්වේ.
ධනය - වැයපස ඉහල යයි.ණය තුරුස් වීමටද සිදුවිය හැකියි.සති අග වන විට නව ආදායම් මාර්ග ඇතිවේ.
රැකියාව - හෝටල් කර්මාන්ත හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු අයට වඩාත් යහපත්ය.රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.
අධ්‍යාපනය -නව දේ ඉගෙනීම සඳහා වැඩි කාලයක් ගතවන අතර කරගෙන ආ සමහර කටයුතු අතපසු වීමට පුළුවන.
යුග සැපත - අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.අවිවාහකයින්ට මංගල යෝග උදාවේ.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.හෘද රෝග හා පෙනහළු ආශ්‍රිත රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.සති අග වන විට යහපත්වේ.
ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා
වෘශ්චික ලග්නය
අන්‍යන්ගේ සුහදතාවය නිසා වාසි.
අන්‍යන්ගේ සතුට වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවන අතර අන්‍යන්ගේ සුහදතාවය නිසා වාසි රැසක් අත්විය හැකිය.දුර බැහැර ගමන් බිමන්ද නිතර නිතර යෙදේ.එයින් වාසි සැලසෙනු ඇත.
ධනය - ඉතිරිකිරීම් වලට ඉඩකඩ සැලසේ .නමුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -.විනෝදයට වැඩිපුර කාලයක් ගතකරයි.රැකියාවට තිබූ බාධා ඉවත්වේ.වචනය වේගවත් වේ.කල්පනාකාරී වන්න.නව රැකියා අපේක්ෂකයින්ට වාසනාව උදාවේ.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග වනවිට සුබදායී ආරංචි කිහිපයක් අසන්නට ලැබෙනු ඇත.
යුග සැපත -.පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවන සතියකි.
සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ හා කොන්දේ අමාරු ඇති අය ඒ පිලිබඳ සැලකිලිමත්වන්න.
ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා
ධනු ලග්නය
සුවිශේෂී අයගෙන් උදව් හිමිවේ.
සුවිශේෂ පුද්ගලයෙක්ගේ හමුවීමක් නිසා උදව් උපකාර රැසක් හිමිවේ.කලක සිට පැවති බාධා කරදර බොහොමයක් ඉවත්වී යයි .දියුණුව උදෙසා අත ගසන කාර්යයන් බොහොමයක් සාර්ථක භාවයට පත්වේ.කාර්යබහුල සතියකි.ගමන් බිමන් අධිකව යෙදේ.
ධනය - නව ආයෝජන වලට අතගසයි.නමුත් තැන්පත් ධනය වැය වීමට ඇති ඉඩකඩ වැඩිය.
රැකියාව - රැකී රක්ෂාවන් වෙනුවෙන් විවිධ කැපකිරීම් කිරීමටද සිදුවේ.නමුත් එයින් ඔබට යහපතක් සිදුවේ.සති අග වනවිට රැකියාවේ තෘප්තිමත් බවට පත්විය හැකිය.ව්‍යාපාරිකයින්ට සහ අධ්‍යාපන අංශයන්හි නිරත වන්නන්ට සුබයි.
අධ්‍යාපනය - සති අග වන තෙක් මන්දගාමී හා බාධාකාරී ස්වභාවයක් පෙන්වන මුත් තම දක්ෂතා එලි දැක්විය හැකි කාලයකි.නව අත්හදා බැලීම් වලට යහපත්ය.
යුග සැපත - අඹු සැමි සබදතා තර වේ.පෙම් කරන්නන්ට යහපත් කාලයකි.ඈත ගමන් බිමන් වලදී ප්‍රවේශම් වන්න.දරු ඵල අපේක්ෂා කරන අයට සුබයි.
සෞඛ්‍ය - කල්ගතවූ රෝග සුව අතට හැරේ.ඌෂ්ණාධික හා කැස්ස උරහිස් අමාරු තත්වයන් තවදුරටත් ඇති කරවයි
ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
මකර ලග්නය
නොසිතූ වාසි රැසක් අත්වේ.
නොසිතූ පරිදි වාසි රැසක් අත්වන කාල සීමාවකි.සමාජයේ ප්‍රමුඛ ස්ථානයක් ලැබීමටත් හේතුවන කරුණු ගණනාවක් යෙදේ.හිත මිතුරන් හා නව සබදතා ගොඩ නගා ගන්නා අතර අවිවේකී බව වැඩි කරවයි.
ධනය -ආදායම් තත්වය යහපත්ය.තැන්පත් ධනය සතිය ආරම්භයේදී වැය වීමකට ඉඩකඩ වැඩිය.
රැකියාව - .නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතවතුන්ගේ උදව් උපකාර නිරතුරුව තම කටයුතු සාර්ථක කරගැනීමට හිමිවේ.
අධ්‍යාපනය -විභාග ජය හිමිවේ.කලා හා වාණිජ අංශයන්හි ඉගෙනුම ලබන අයට විශේෂයි.
යුග සැපත - .අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.දරුවන් ගැන වැඩි උනන්දුවක් යොමු කරන්න.
සෞඛ්‍ය - පැවති රෝගාබාධ යහපත් අතට හැරේ.යහපත් සෞඛ්‍යමය තත්වයක් ඇතිවේ.සෙම් රෝග ඇති අය කල්පනාකාරී වන්න.
ජය අංකය -01
සුබ දිනය - ඉරිදා
කුම්භ ලග්නය
හවුල් කටයුතු ප්‍රවේශමෙන්.
කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරයි.ආවේගශීලී විය හැකි බැවින් හවුල් කටයුතු පිළිබඳව ප්‍රවේශම් වන්න.නමුත් කතාව නිසි ලෙස හසුරුවා ගැනීම තුලින් සහෘදයන් හා එක්ව යම් වාසිද අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.
ධනය - ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.නව ආයෝජන කෙරෙහි උනන්දු වන්න.
රැකියාව - රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.ස්වර්ණාභරණ කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.නව මිතුරන් ඇතිවීම තුලින් වාසි සහගත බවක් ලැබේ.
අධ්‍යාපනය -මිශ්‍රඵල ඇතිවේ. සුළු බාධා වීම් ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.නව දේ ඉගෙනීමට සුබයි.
යුග සැපත - පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටහැකිවනු ඇත.දුදරු
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න
ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා
මීන ලග්නය
සමාජ ප්‍රසාදය.
තරඟ විභාග වලින් ජය ලැබෙන කාල වකවානුවකි.ජීවිතයේ ඉදිරිය පිළිබඳව නිතර උනන්දු වන්නා වූ සතියක් වනු ඇත.යහපත් ක්‍රියා නිසා සමාජ ප්‍රසාදය හිමි වේ.
ධනය - ලැබීම් වලට යහපත්ය. සති අග වැය පස අධික වන මුත් ඉතිරියක් කෙරෙහි මුල් දිනයන්හි උනන්දු විය හැකිය.
රැකියාව - පරිගණක අංශ හා ව්‍යාපාර ආශ්‍රිත රැකියාවේ යෙදෙන්නන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.නව මිතුරු සබඳතා ගොඩ නැගේ.
අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. යහපත් වටපිටාවක් ගොඩනගා ගත හැකිවෙයි.
යුග සැපත - සිතේ සතුට වර්ධනය වන කාලයකි.විනෝද කටයුතු සඳහා සතිය මුල යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.
සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය උදරාබාධ ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.
ජය අංකය -06
සුබ දිනය - අඟහරුවාදා
0 අදහස් දැක්වීම්:
Post a Comment