Posted by Unknown On 5:19 AM


  • මේෂ ලග්නය 


සිතට සහනය. 

තරමක ආවේගශීලී බවක් ඇති කරයි.නමුදු ගන්නා සෘජු තීන්දු තීරණ යහපතට හේතු වනු ඇත.සති අන්තය වනවිට සිතට සහනයක් ගෙන දෙනු ඇත.

ධනය - මිත්‍ර ඇසුර මත ධන වාසි අත්වේ.නමුත් වැය පක්ෂය ඉහළ යා හැකිය.ලේඛනය, ව්‍යාපාර,කාර්මික හා අධ්‍යාපන කටයුතු ආදියෙහි නිරත වන්නන්ට වාසි අත්වේ.

රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින්නන් හට එම ලාභ පිළිබඳව සති අන්තය වන විට යහපත් පුවතක් අසන්න ලැබෙනු ඇත.

අධ්‍යාපනය -නව දේ ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.

යුග සැපත - වැඩිහිටි අය සමඟ ඇසුර වැඩිවේ .ඔවුන්ගේ උදව් උපකාර නොමඳව හිමිවේ.දරුවන් සම්බන්ධ සුළු සුළු කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.වාත අමාරු හා සෙම් ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා 


  • වෘෂභ ලග්නය 


සමාජ ප්‍රසාදය.

තරඟ විභාග වලින් ජය ලැබෙන කාල වකවානුවකි.ජීවිතයේ ඉදිරිය පිළිබඳව නිතර උනන්දු වන්නා වූ සතියක් වනු ඇත.යහපත් ක්‍රියා නිසා සමාජ ප්‍රසාදය හිමි වේ.

ධනය - ලැබීම් වලට යහපත්ය. සති අග වැය පස අධික වන මුත් ඉතිරියක් කෙරෙහි මුල් දිනයන්හි උනන්දු විය හැකිය.

රැකියාව - පරිගණක අංශ හා ව්‍යාපාර ආශ්‍රිත රැකියාවේ යෙදෙන්නන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.නව මිතුරු සබඳතා ගොඩ නැගේ.

අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. යහපත් වටපිටාවක් ගොඩනගා ගත හැකිවෙයි.

යුග සැපත - සිතේ සතුට වර්ධනය වන කාලයකි.විනෝද කටයුතු සඳහා සතිය මුල යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.

සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය උදරාබාධ ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය - අඟහරුවාදා 


  • මිථුන ලග්නය 


මුදල් වාසි. 

මුල් දින කිහිපය සිතට අසහනදායී බවක් ගෙන දුන්නද සති අග සැනසිලි දායක බවක් ගෙන දෙන කාලවකවානුවක් වන අතර අවසන් දින කිහිපය තුල කාර්යබහුල වේ.වැඩ කටයුතු අධික වේ.

ධනය - ධන වාසි අත්වන නමුත් ලැබෙන තරමටම වියදමද වැඩිවිය හැකිය.කල්පනාකාරී වන්න.

රැකියාව - රසායනික කර්මාන්ත පොළොව ආශ්‍රිත ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.උගතුන්ගේ ඇසුරට ලක්වේ.

අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් චංචල සිතුවිලි නිසා සිත එක අරමුණක තබා ගැනීමට උත්සාහ ගන්න.සති අග වනවිට යහපත්ය.

යුග සැපත - නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.වචනය උද්වේගකර විය හැකිය.ඉවසීමෙන් කටයුතු කරන්න.

සෞඛ්‍ය - බෝවන රෝග වැළඳිය හැකිය,හෘද රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 


  • කටක ලග්නය 


ව්‍යාපාරිකයින්ට ජය 

උසස් පුද්ගල ඇසුර තුලින් වාසි අත්වේ.අන් අයගේ හොඳ හිත දිනාගනී.නව හිත මිතුරන් හඳුනාගත හැකි කාල වකවානුවකි.ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නිරත අයට විශේෂයි.

ධනය - ධන ලාභ සතිය මුල වන විට හිමිවේ.ඉතිරියක් ගැන සිතීමට හැකි වාතාවරණයක් උදාවේ.

රැකියාව - කාර්මික හා අධ්‍යාපනික අංශයන්හි නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.සතුරු උවදුරු වලින් ප්‍රවේශම් වන්න.

අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට මන්දගාමී අලස ගති ඇති කරවයි.

යුග සැපත - පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කිරීමට සිදුවේ.

සෞඛ්‍ය - රෝගාබාධ යහපත් අතට හැරේ.වාත අමාරු ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා


  • සිංහ ලග්නය 


ආත්ම විශ්වාසය වැඩිවේ. 

සතිය ආරම්භයේ මානසික ව්‍යාකුල තත්වයන් ඇතිවිය හැකි නමුත් දැඩි ආත්ම විශ්වාසයකින් කටයුතු කරයි.සතියේ මුල්දින කිහිපය විශේෂයි.

ධනය -ණය තුරුස් විය හැකිය.වැය පස තවදුරටත් ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.

රැකියාව -බාහිර පුද්ගලයින්ගෙන් කරදර බාධක ඇතිවිය හැකිය.රැකියා ස්ථානයේ හිතවතුන් පිළිබඳව දැඩි සැලකිලිමත් බවක් දක්වන්න.

අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙන ගැනීමට අවස්තාව උදා වුවද අලස කම් ඇතිවේ.

යුග සැපත -.අඹු සැමියන් අතර මතභේද ඇතිවිය හැකි අතර ප්‍රේම සබදතා හා මංගල යෝජනා වලට බාධා අවහිර ඇතිවන තත්වයක් පෙන්වයි.සති අග වනවිට අවම විය හැකිය.

සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ තවදුරටත් සැලකිලිමත්වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා


  • කන්‍යා ලග්නය 


වැය පස ඉහළට.

සැබෑ මිතුරන් අඳුනාගැනීමට කල්පනාකාරී වන්න.අතපසු වූ කාර්යන් ඇරඹීමට යහපත් කාල සීමාවක් වනු ඇත.නමුත් ඒ සඳහා වියදම් දැරීමට සිදුවන කාලයකි. 

ධනය - ඉතිරිකිරීම් වලට ඉඩකඩ අඩුවේ.වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.

රැකියාව -.විනෝදයට වැඩිපුර ගතවන කාලය ගතවේ.රැකියාවට තිබූ බාධා රැසක් ඉවත්වේ.වචනය පාවිච්චි කිරීමේදී ප්‍රවේශම් වන්න.

අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගෙන යා හැකි සතියකි.

යුග සැපත -.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර යම් මත භේද ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.දරුවන් තරමක් මුරණ්ඩු විය හැකිය.සති අගවන විට ඉහත කී අහිතකර තත්වයන් යහපත් අතට හැරෙනු ඇත.

සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ සැලකිලිමත්වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා


  • තුලා ලග්නය 


ආර්ථික තත්වය ඉහළට.

මිතුරන්ගෙන් උදව් උපකාර හිමිවිය හැකි අතර .නොසිතූ ලෙස ආර්ථිකය යහපත් වේ.සති අගවන විට විවිධ ලාභ රැසක් හිමිවේ.

ධනය -තැන්පත් ධනයක් ගැන සිතිය හැකි කාලයකි.පැරණි ණය මුදලක්ද ලැබීමට නියමිතයි.

රැකියාව - කාර්යබහුල කාලයකි.අතිරේක ධන වාසි හිමි වන අතර හිත මිතුරන් උදව් කරනු ඇත .එයින් ඔබට යහපතක් සිදුවේ.

අධ්‍යාපනය - තරඟ විභාග සඳහා ඉදිරිපත්වීම සුබයි.යහපත් අධ්‍යාපන පසුබිමක් නිර්මාණය වේ.නව අත්හදා බැලීම් වලට යහපත්ය.

යුග සැපත - පෙම් කරන්නන්ට යහපත් කාලයකි.ඈත ගමන් බිමන් වලදීසහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී ප්‍රවේශම් වන්න.දරුවන්ගේ දියුණුවක් දක්නට ලැබේ.

සෞඛ්‍ය - ඌෂ්ණාධික හා කැස්ස උරහිස් අමාරු හිසේ අමාරු තත්වයන් ඇති කරවයි.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 


  • වෘශ්චික ලග්නය 


හවුල් කටයුතු ප්‍රවේශමෙන්.

කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරයි.ආවේගශීලී විය හැකි බැවින් හවුල් කටයුතු පිළිබඳව ප්‍රවේශම් වන්න.නමුත් කතාව නිසි ලෙස හසුරුවා ගැනීම තුලින් සහෘදයන් හා එක්ව යම් වාසිද අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.

ධනය - ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.නව ආයෝජන කෙරෙහි උනන්දු වන්න.

රැකියාව - රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.ස්වර්ණාභරණ කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.නව මිතුරන් ඇතිවීම තුලින් වාසි සහගත බවක් ලැබේ.

අධ්‍යාපනය -මිශ්‍රඵල ඇතිවේ. සුළු බාධා වීම් ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.නව දේ ඉගෙනීමට සුබයි.

යුග සැපත - පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටහැකිවනු ඇත.දුදරු 

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න 

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 


  • ධනු ලග්නය 


අමතර වියදම් වැඩිවේ. 

පසුගිය කාලය තුළ පැවති වචනයේ තීව්‍ර බව අඩුවී යයි.දැඩි මතධාරී ස්වභාවයක් ගනී.

ධනය - හදිසි ධන ලාභ ඇතත් ඉතිරියක් ගැන සිතීම තරමක් දුෂ්කර සහිතයි.සතිය මුල විශේෂයි.

රැකියාව - උසස්වීම් සඳහා බාධා ඇතිවේ .ඉක්මන් ස්වභාවයන් පාලනය කර ගන්න.තම ගෞරවය ගැන වැඩි දුරටත් සැලකිලිමත් වන්න.

අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.සුළු ප්‍රමාදතා ඇතිවිය හැකිය.

යුග සැපත - .නිවාස තුළ සතුට සාමය හා ප්‍රීතිය ඇති කරවන කාලයකි.නෑ හිතවතුන්ගේ සහය ලැබේ.සතිය අග වනවිට අඹු දරුවන්ට අසනීප ඇතිවීමේ තත්වයකට ඉඩ ඇතිවේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන සෙම් රෝග ඇතිවිය හැකිය.පීනස ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය - බදාදා 


  • මකර ලග්නය 


ආර්ථික වශයෙන් යහපත් වේ. 

නව ව්‍යාපාර සඳහා අත ගැසීම සඳහා සුබයි.සතියේ මුල් දින දෙක පසුකිරීමෙන් පසු අත ගසන යහපත් කාර්යයන් ඉතා හොඳින් ඉටුවේ.

ධනය - නව ජීවනෝපාය මාර්ග විවර වේ ඉතිරියන් සඳහා ද සුබයි.ව්‍යාපාරික ඇසුර නිසා ධන වාසි හිමිකර ගත හැකි කාල වකවානුවකි. 

රැකියාව -යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන් තරමක් ප්‍රවේශම් වන්න.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.රැකියා ස්ථානයේ වැඩ කටයුතු කෙරේ වෙනදාට වඩා දැඩි උනන්දුවක් ඇතිවිය හැකි සමයකි.අන් අයගේ උදව් උපකාර නිරතුරුව හිමිවේ.

අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.

යුග සැපත - ඥාතීන් හා හොඳ හිත ඇතිවන අතර යුග සපත හා අවිවාහකයින්ට පෙම් පැතුම් සපල කරගත හැකිවේ.දරුවන් නිසා සතුටු විය හැකි වටපිටාවක් ඇතිවන අතර අඹු සැමි සබදතා ද වැඩි දියුණු වේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් රෝග ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -05
සුබ දිනය - අඟහරුවාදා 


  • කුම්භ ලග්නය 


අවිවේකී බව වැඩිවේ. 

හිතුවක්කාරී අදහස් නිතර ඇතිවිය හැකිය.තම දෛනික වැඩ කටයුතු වලට ද යම් යම් බාධා ගෙනදිය හැකි මුත් සති අග වනවිට එම තත්වය අවම වී යයි.

ධනය - ලැබීම් වලට යහපත්ය.නමුත් වියදම් අධික වීම සිදුවන අතර මුල් දින කිහිපය තුළ ණය දීමෙන් වැළකී සිටීම යහපත්ය.

රැකියාව - කතා බහ කිරීමේදී වචනය පිළිබඳව වගබලා ගන්න.තම මිතුරන් හා ප්‍රශ්ණ හා අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම් වන්න.

අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. විභාග ආදියෙන් ජය ගත හැකිවෙයි.අතපසුවීම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

යුග සැපත - සතියේ මුල් දින කිහිපය සිත් අමනාපකම් ඇතිවිය හැකි අතර දරුවන් සම්බන්ධව යහපත් දේ අසන්නට ලැබේ.තනි තීරණ නොගෙන අන් අයට ඇහුම් කන් දීමට වගබලා ගන්න.

සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන නමුදු පාද අමාරු ඇති විය හැකිය.

ජය අංකය -03
සුබ දිනය - සිකුරාදා 


  • මීන ලග්නය 


අමතර ආදායම් හිමිවෙයි. 

නිරන්තරයෙන්ම තම අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වන අතර ඇසුරු කරන්නන්ගෙන් වාසි අත්විය හැකිය.නව දේ මිලදී ගැනීම පිළිබඳ අදහස ඇතිවෙයි.

ධනය - නව ඉපයීම් හා ආදායම් මාර්ග ඇතිවිය හැකි සතියක් වන අතර නව මිතුරන් මගින් ධන වාසි අත්වේ.

රැකියාව - සතියේ මුල් දින කිහිපය රැකියා සඳහා බාධා ඇතිවුවත් සති අග වනවිට කඩිසර බවක් උද්‍යෝගයක් ඇතිවේ.

අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් බාධාවීම් ඇතිවිය හැකිය.සතිය මුල විශේෂයි.සති අග වන විට එකී තත්වය මග හැරෙයි.

යුග සැපත - තරමක් කේන්ති සහගත අවස්ථා ඇතිවිය හැකිය.නමුත් එය සමගියට බාධාවක් නොවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ.

සෞඛ්‍ය - හිසේ අමාරු, කකුල් අමාරු ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -02
සුබ දිනය - සඳුදා

0 අදහස් දැක්වීම්:

Post a Comment