Posted by Unknown On 8:18 PM



  • මේෂ ලග්නය 


රැකියා දියුණුව ඇතිවේ.

නිහඬව තම එදිනෙදා ජීවනෝපායන්හි නිරත වේ.අතපසු වූ කාර්යයන් බොහොමයක් ඉටු කර ගත හැකිවනු ඇත.විදේශයන් හා සම්බන්ධ අයට වාසි සහගත වටපිටාවක් නිර්මාණය වේ.සතුරන් මර්දනය වේ.කාලයක් තිස්සේ අපේක්ෂිත කාර්යයන් රැසක් ඉටු කර ගත හැකි වේ.

ධනය -ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගෙන යාමට අපහසුය.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩකඩ වැඩිය.

රැකියාව - සෞඛ්‍ය අංශයන්හි හා ඇඟළුම් ක්ෂේත්‍රයන්හි නිරතවන අයට වාසි අත්පත් වන අතර එතුලින් යහපත් ප්‍රතිපල ලැබේ. රැකියා දියුණුවක් ඇතිවේ.

අධ්‍යාපනය -බාධා අවමවේ.උනන්දුව හීන වීමක් සති අගදී ඇතිවිය හැකි නමුදු සම්මුඛ පරීක්ෂණ සඳහා යහපත්ය.

යුග සැපත - දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.නමුත් කල්පනාකාරී ලෙස තෝරා බේරා ගත යුතුවේ.

සෞඛ්‍ය - කොන්දේ ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -01
සුබ දිනය - ඉරිදා


  • වෘෂභ ලග්නය 


අනපේක්ෂිත වාසි රැසක්.

මිතුරන්ගෙන් විශේෂ උදව් උපකාර හිමිවිය හැකි අතර නිහඬව තම එදිනෙදා කටයුතුවල නිරත වන බවක් පෙන්වයි.නොසිතූ ලෙස ආර්ථිකය යහපත් වේ.අආගමික අංශ වෙත නැඹුරු වේ.සති අගවන විට අනපේක්ෂිත වාසි රැසක් හිමිවේ.

ධනය -තැන්පත් ධනයක් ගැන සිතිය හැකි කාලයකි.පැරණි ණය මුදලක්ද ලැබීමට නියමිතයි.ව්‍යාපාර හා එනව ආයෝජනයන්ට සුබයි.

රැකියාව - කාර්යබහුල කාලයකි.අතිරේක ධන වාසි හිමි වන අතර හිත මිතුරන් උදව් කරනු ඇත .එයින් ඔබට යහපතක් සිදුවේ.

අධ්‍යාපනය - තරඟ විභාග සඳහා ඉදිරිපත්වීම සුබයි.යහපත් අධ්‍යාපන පසුබිමක් නිර්මාණය වේ.නව අත්හදා බැලීම් වලට යහපත්ය.

යුග සැපත - පෙම් කරන්නන්ට යහපත් කාලයකි.ඈත ගමන් බිමන් වලදීසහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී ප්‍රවේශම් වන්න.දරුවන්ගේ දියුණුවක් දක්නට ලැබේ.

සෞඛ්‍ය - ඌෂ්ණාධික හා කැස්ස උරහිස් අමාරු හිසේ අමාරු තත්වයන් ඇති කරවයි.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 



  • මිථුන ලග්නය 


වෘත්තීය කටයුතු වලින් ඉදිරියට.

කුජගේ නවාංශක ගමන මත උසස් පුද්ගල ඇසුර තුලින් වාසි අත්වේ.අන් අයගේ හොඳ හිත දිනාගනී.නව හිත මිතුරන් හඳුනාගත හැකි කාල වකවානුවකි.ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නිරත අයට විශේෂයි.

ධනය - ධන ලාභ සතිය මුල වන විට හිමිවේ.ඉතිරියක් ගැන සිතීමට හැකි වාතාවරණයක් උදාවේ.පැරණි ණය මුදලක් හිමිවේ.

රැකියාව - කාර්මික හා අධ්‍යාපනික අංශයන්හි නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.සතුරු උවදුරු වලින් ප්‍රවේශම් වන්න.

අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට මන්දගාමී අලස ගති ඇති කරවයි.

යුග සැපත - පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කිරීමට සිදුවේ.

සෞඛ්‍ය - රෝගාබාධ යහපත් අතට හැරේ.වාත අමාරු ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා



  • කටක ලග්නය


හදිසි තීන්දු තීරණ ගනියි.

සඳුගේ ග්‍රහණ තත්වය මත උදාවන මෙම සතිය තුළ කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරයි.ඉක්මන් සහගත හදිසි තීන්දු ගන්නා බැවින් හවුල් කටයුතු පිළිබඳව ප්‍රවේශම් වන්න.නමුත් කතාව නිසි ලෙස හසුරුවා ගැනීම තුලින් සහෘදයන් හා එක්ව යම් වාසිද අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.

ධනය - ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.නව ආයෝජන කෙරෙහි උනන්දු වන්න.

රැකියාව - රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.ස්වර්ණාභරණ කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.නව මිතුරන් ඇතිවීම තුලින් වාසි සහගත බවක් ලැබේ.

අධ්‍යාපනය -මිශ්‍රඵල ඇතිවේ. සුළු බාධා වීම් ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.නව දේ ඉගෙනීමට සුබයි.

යුග සැපත - පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටහැකිවනු ඇත.දුදරු 

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න 

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 


  • සිංහ ලග්නය


අමතර ආදායම් හිමිවෙයි. 

නිරන්තරයෙන්ම තම අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වන අතර ඇසුරු කරන්නන්ගෙන් වාසි අත්විය හැකිය.නව දේ මිලදී ගැනීම පිළිබඳ අදහස ඇතිවෙයි.

ධනය - නව ඉපයීම් හා ආදායම් මාර්ග ඇතිවිය හැකි සතියක් වන අතර නව මිතුරන් මගින් ධන වාසි අත්වේ.

රැකියාව - සතියේ මුල් දින කිහිපය රැකියා සඳහා බාධා ඇතිවුවත් සති අග වනවිට කඩිසර බවක් උද්‍යෝගයක් ඇතිවේ.

අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් බාධාවීම් ඇතිවිය හැකිය.සතිය මුල විශේෂයි.සති අග වන විට එකී තත්වය මග හැරෙයි.

යුග සැපත - තරමක් කේන්ති සහගත අවස්ථා ඇතිවිය හැකිය.නමුත් එය සමගියට බාධාවක් නොවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ.

සෞඛ්‍ය - හිසේ අමාරු, කකුල් අමාරු ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -02
සුබ දිනය - සඳුදා


  • කන්‍යා ලග්නය 


උරුමහිමිකම් වලින් වාසි අත්වේ. 

ආගමික භක්තිය නිරන්තරයෙන් ඇතිවේ.වන්දනාගමන් සඳහා අවකාශය ඇතිවේ.එදිනෙදා කටයුතු වලට යම් යම් බාධා අවහිරවීම් ඇතිවීමේ ඉඩකඩක් පවතී.

ධනය - මධ්‍යස්ථ බවක් ඇතිවේ.ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගනී.

රැකියාව - රැකියාවේ අවහිර බාධක මුල් දින කිහිපය තුළ ඇතිවේ.උසස් අයගෙන් උපකාර ලැබේ. 

අධ්‍යාපනය -කාර්යබහුල බවක්ද ඇතිවේ.සති අග වන විට අවිවේකී බව වැඩි නිසා කටයුතු තරමක් අතපසු විය හැකිය.ජයග්‍රහණ හිමිවේ.

යුග සැපත - මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පිටස්තර අයගේ වැඩ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට සිදුවේ.

සෞඛ්‍ය - හිසේ අමාරු ගති ඇතිවිය හැකිය.සමස්තයක් ලෙස යහපත් වටපිටාවක් නිර්මාණය වේ.

ජය අංකය -02
සුබ දිනය - සඳුදා 


  • තුලා ලග්නය 


හිතවතුන්ගේ උදව් හිමිවේ. 

කතාබහ නිසා අමතර වාසි ප්‍රයෝජන අත්වන කාලයකි.හිතවතුන්ගේ නිරන්තර සහයෝගයද තම එදිනෙදා කටයුතුවලට හිමිවේ.

ධනය - ණය තුරුස් විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.වැය පස ඉහල යන අතර ඉතිරිය අඩුවේ.

රැකියාව - රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.හොඳ හිත වර්ධනය වන කාල සීමාවකි.රාජ්‍ය හා තාක්ෂණික අංශයන්හි නිරත අයට සති අග බාධා අවහිරතා ඇතිවේ.

අධ්‍යාපනය - මන්දගාමී අලස ගති ඇති කරවයි.සති අග වනවිට එම තත්වයන් තුරන්ව යනු දැකිය හැකිය.

යුග සැපත - .ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.තම හැගීම් සහ ආවේගයන් පාලනය කර ගැනීමට උත්සාහවන්ත වන්න.අනියම් සබදතා වුවද ඇතිවීමේ ඉඩකඩක් පවතී.

සෞඛ්‍ය - මුල් දින 2 සෙම් රෝග හා ජලයෙන් ප්‍රවේශම් විය යුතුය.සති අග යහපත්ය.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා



  • වෘශ්චික ලග්නය 


අමතර වියදම් වැඩිවේ. 

පසුගිය කාලය තුළ පැවති වචනයේ තීව්‍ර බව අඩුවී යයි.දැඩි මතධාරී ස්වභාවයක් ගනී.

ධනය - හදිසි ධන ලාභ ඇතත් ඉතිරියක් ගැන සිතීම තරමක් දුෂ්කර සහිතයි.සතිය මුල විශේෂයි.

රැකියාව - උසස්වීම් සඳහා බාධා ඇතිවේ .ඉක්මන් ස්වභාවයන් පාලනය කර ගන්න.තම ගෞරවය ගැන වැඩි දුරටත් සැලකිලිමත් වන්න.

අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.සුළු ප්‍රමාදතා ඇතිවිය හැකිය.

යුග සැපත - .නිවාස තුළ සතුට සාමය හා ප්‍රීතිය ඇති කරවන කාලයකි.නෑ හිතවතුන්ගේ සහය ලැබේ.සතිය අග වනවිට අඹු දරුවන්ට අසනීප ඇතිවීමේ තත්වයකට ඉඩ ඇතිවේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන සෙම් රෝග ඇතිවිය හැකිය.පීනස ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය - බදාදා 



  • ධනු ලග්නය 


අවිවේකී බව වැඩිවේ. 

හිතුවක්කාරී අදහස් නිතර ඇතිවිය හැකිය.තම දෛනික වැඩ කටයුතු වලට ද යම් යම් බාධා ගෙනදිය හැකි මුත් සති අග වනවිට එම තත්වය අවම වී යයි.

ධනය - ලැබීම් වලට යහපත්ය.නමුත් වියදම් අධික වීම සිදුවන අතර මුල් දින කිහිපය තුළ ණය දීමෙන් වැළකී සිටීම යහපත්ය.

රැකියාව - කතා බහ කිරීමේදී වචනය පිළිබඳව වගබලා ගන්න.තම මිතුරන් හා ප්‍රශ්ණ හා අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම් වන්න.

අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. විභාග ආදියෙන් ජය ගත හැකිවෙයි.අතපසුවීම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

යුග සැපත - සතියේ මුල් දින කිහිපය සිත් අමනාපකම් ඇතිවිය හැකි අතර දරුවන් සම්බන්ධව යහපත් දේ අසන්නට ලැබේ.තනි තීරණ නොගෙන අන් අයට ඇහුම් කන් දීමට වගබලා ගන්න.

සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන නමුදු පාද අමාරු ඇති විය හැකිය.

ජය අංකය -03
සුබ දිනය - සිකුරාදා



  • මකර ලග්නය 


කාර්යබහුල සතියකි. 

නිරන්තරයෙන්ම දුර බැහැර ගමන් ඇතිවේ. එතුලින් වාසි සහගත තත්වයන් ඇති කරගත හැකිවන නමුදු අවිවේකී බව ඇතිවේ.

ධනය - වැයපස ඉහල යයි.ණය තුරුස් වීමටද සිදුවිය හැකියි.තවදුරටත් වියදම් සීමා කරන්න.සතිය මුලදී විශේෂයි.

රැකියාව - රැකියා ස්ථානයද කාර්යබහුල බවක් පෙන්වන අතර මානසික වශයෙන් ව්‍යාකුල තත්වයන් ඇතිවිය හැකිය.වැඩ අධික වීම එයට හේතුවිය හැකිය.

අධ්‍යාපනය -මිශ්‍ර පල ඇතිවන අතර උනන්දුව අඩුවී යා හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

යුග සැපත - අඹු සැමියන් අතර නෝක්කාඩු ඇතිවිය හැකිය.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.පවුලේ අයෙකුගේ රෝග පීඩා වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවෙයි.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න 

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා 


  • කුම්භ ලග්නය 


සිතේ නිරවුල් බවක් ඇතිවේ . 

මිශ්‍ර පලදායී ප්‍රතිපල ලැබෙන සතියකි.සතුරු බලවේග මර්ධනය කරගැනීමේ ශක්තිය හිමිවන මුත් උත්සාහය හා උනන්දුව අඩුව යා හැකිය.

ධනය - වැය පක්ෂය ඉහල යන අතර අතේ මුදල් රැඳීම ද අඩුය.ඉතිරිකරගත් ධනය ද වැය වන සැටියක් පෙන්වයි.

රැකියාව - අලස ගති මතුව කරගෙන යන කටයුතු අතපසුවීමක් පෙන්වනු ලබයි.සතිය අග වන විට ඒ තත්වය මග හැරී යනු ඇත.

අධ්‍යාපනය -මධ්‍යස්ථ ප්‍රතිපල හිමිවේ.විද්‍යා හා තාක්ෂණික අංශයන් වලට යහපත්ය.

යුග සැපත -.දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.නිසි වෙලාවට අවශ්‍ය වැඩ කටයුතු කර ගැනීමට බාධා ඇතිවිය හැකිය.හිත මිත්‍රාදීන් හා ඥාතීන් හා කතාබහේදී ප්‍රවේශම් වන්න.

සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.සුළු අසනීප හැරුණු කොට සෞඛ්‍ය තත්වය යහපත්ය.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා 


  • මීන ලග්නය 


අමතර වියදම් වැඩිවේ. 

පසුගිය කාලය තුළ පැවති වචනයේ තීව්‍ර බව අඩුවී යයි.දැඩි මතධාරී ස්වභාවයක් ගනී.

ධනය - හදිසි ධන ලාභ ඇතත් ඉතිරියක් ගැන සිතීම තරමක් දුෂ්කර සහිතයි.සතිය මුල විශේෂයි.

රැකියාව - උසස්වීම් සඳහා බාධා ඇතිවේ .ඉක්මන් ස්වභාවයන් පාලනය කර ගන්න.තම ගෞරවය ගැන වැඩි දුරටත් සැලකිලිමත් වන්න.

අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.සුළු ප්‍රමාදතා ඇතිවිය හැකිය.

යුග සැපත - .නිවාස තුළ සතුට සාමය හා ප්‍රීතිය ඇති කරවන කාලයකි.නෑ හිතවතුන්ගේ සහය ලැබේ.සතිය අග වනවිට අඹු දරුවන්ට අසනීප ඇතිවීමේ තත්වයකට ඉඩ ඇතිවේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන සෙම් රෝග ඇතිවිය හැකිය.පීනස ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය - බදාදා

0 අදහස් දැක්වීම්:

Post a Comment