Posted by Unknown On 4:18 AM



  • මේෂ ලග්නය 


ස්ව ශක්තියෙන් දියුණු වේ.
ආර්ථිකයේ සංවර්ධනයක් ඇතිවන අතර නිවාස හා ඉඩකඩම් සම්බන්ධව නිවාස හා ඉඩකඩම් මිලදී ගැනීම කෙරෙහි ඇති උනන්දුව වැඩි වේ.බුධගේ බලවත් පිහිටීම නිසා අන් අයගේ උදව් උපකාර නැතිව වුවද ස්ව ශක්තියෙන් නැගිටීමට උත්සාහ කරයි. සොහොයුරන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි වශයෙන් යොමුවේ.
ධනය - නව ජීවනොපයන්ට උරුම හිමිකම් පවතී.ඉතිරිකිරීම් සඳහා සුබදායකයි.
රැකියාව - අධ්‍යාපන, ඇඟළුම්, රෝහල් ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උසස් අයගෙන් උපකාර ලැබේ.කේලාම් බස් වලට හසුවිය හැකි බැවින් ඇසුරු කරන්නන් සමඟ ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
අධ්‍යාපනය -කාර්යබහුල බවක්ද ඇතිවේ.සති අග වන විට අවිවේකී බව වැඩි නිසා කටයුතු තරමක් අතපසු විය හැකිය.සම්මුඛ පරීක්ෂණ වලින් ජය ලැබේ.
යුග සැපත - මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන් තුළ ඔවුන් සම්බන්ධව සැකයන් ඇතිවිය හැකිය.දරුවන්ට යහපත්ය.අඹු සැමි සබදතා තරවේ.
සෞඛ්‍ය - උදරාබාධ තත්වයන් ඇතිවිය හැකිය.සමස්තයක් ලෙස යහපත්ය.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -02
සුබ දිනය - බ්‍රහස්පතින්දා



  • වෘෂභ ලග්නය 


බාධක රැසක් ජයගනියි.
සිකුරු සිය වක්‍ර ගමනෙන් මිදෙන අතර ඒ නිසාම විවිධ පුද්ගලයින්ගෙන් නිරන්තර ආධාර උපකාර හිමිවන කාල වකවානුවකි.වැඩි දුරටත් උත්සාහ වන්ත වීම තුලින් විශේෂ වාසි අත්කර ගත හැකිවනු ඇත.දුර බැහැර ගමන් බිමන් යෙදෙන අතර වාසි අත්වේ.
ධනය - වැයපස ඉහල යයි.ණය තුරුස් වීමටද සිදුවිය හැකියි.සති අග වන විට නව ආදායම් මාර්ග ඇතිවේ.
රැකියාව - හෝටල් කර්මාන්ත හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු අයට වඩාත් යහපත්ය.රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.
අධ්‍යාපනය -නව දේ ඉගෙනීම සඳහා වැඩි කාලයක් ගතවන අතර කරගෙන ආ සමහර කටයුතු අතපසු වීමට පුළුවන.
යුග සැපත - අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.අවිවාහකයින්ට මංගල යෝග උදාවේ.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.හෘද රෝග හා පෙනහළු ආශ්‍රිත රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.සති අග වන විට යහපත්වේ.

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා



  • මිථුන ලග්නය 


අන්‍යන්ගේ සුහදතාවය නිසා වාසි.
අන්‍යන්ගේ සතුට වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවන අතර අන්‍යන්ගේ සුහදතාවය නිසා වාසි රැසක් අත්විය හැකිය.දුර බැහැර ගමන් බිමන්ද නිතර නිතර යෙදේ.එයින් වාසි සැලසෙනු ඇත.
ධනය - ඉතිරිකිරීම් වලට ඉඩකඩ සැලසේ .නමුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -.විනෝදයට වැඩිපුර කාලයක් ගතකරයි.රැකියාවට තිබූ බාධා ඉවත්වේ.වචනය වේගවත් වේ.කල්පනාකාරී වන්න.නව රැකියා අපේක්ෂකයින්ට වාසනාව උදාවේ.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග වනවිට සුබදායී ආරංචි කිහිපයක් අසන්නට ලැබෙනු ඇත.
යුග සැපත -.පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවන සතියකි.
සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ හා කොන්දේ අමාරු ඇති අය ඒ පිලිබඳ සැලකිලිමත්වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා



  • කටක ලග්නය 


ශාස්ත්‍රීය කටයුතු වල යහපත් බවක් ඇතිවේ.
සතුරු කුමන්ත්‍රණ වලින් ප්‍රවේශම් වන්න.සිතේ ස්ථිර බව අඩුවේ.බුද්ධ නවාංශක බලයෙන්ද බලවත් වන අතර සති අග වන විට ශාස්ත්‍රීය කටයුතු සඳහා යහපත්ය.
ධනය - කලා කටයුතු හා සම්බන්ධ අයට ධන වාසි අත්වේ.
රැකියාව - දේශපාලන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි නිරත අයට යහපත්ය.විසිතුරු භාණ්ඩ හා රෙදි පිළි ආශ්‍රිත දේවල නිරත වන යටත් යහපත් කාල වකවානුවකි.
අධ්‍යාපනය -මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කරයි.කාර්යබහුල බවක්ද ඇතිවේ.
යුග සැපත - ඉඩම් ගණුදෙනු ඇතිවේ.යහපත් දරුපල හා ප්‍රේම සබදතා වලට යහපත්ය.
සෞඛ්‍ය - සතුරන්ගෙන් ප්‍රවේශම් කරන්න.

ජය අංකය -05
සුබ දිනය - බදාදා 



  • සිංහ ලග්නය


ව්‍යාපාර වලට සුබයි.
වාණිජමය වාසි අත්වන සතියකි.දාන මාන ආදියට සහභාගී වෙමින් ආගමික අංශ කෙරෙහි වැඩි භක්තියක් දක්වන කාල සීමාවක් වේ.බලාපොරොත්තු කිහිපයක් සාර්ථක අයුරින් ඉටු කර ගත හැකිවනු ඇත.
ධනය - වාණිජමය වාසි රැසක් මෙන්ම මූල්‍ය වාසි රැසක් අත්විය හැකියි.ව්‍යාපාර සඳහා සුබයි.
රැකියාව - ස්ථාන මාරු බලාපොරොත්තුවෙන් සිටි අයට යහපත් ප්‍රතිඵල ලැබේ.ඉඩම් හා වැවිලි කර්මාන්ත කටයුතු වල නිරත වන්නන්ට සුබයි.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.
යුග සැපත - විවාහය සම්බන්ධ කටයුතු කෙරෙහි එතරම් සුබ නොවේ.නිවැසියන් කෙරෙහි දක්වන අවධානය වැඩි කරගත යුතුය.
සෞඛ්‍ය - පිටකොන්දේ ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා



  • කන්‍යා ලග්නය 


සමාජයෙන් පැසසුමට ලක්වේ.
හවුල් කටයුතු කෙරේ උදාසීන බවක් ඇති කලද කාර්යශුර බව නිසා දියුණුවේ පෙරනිමිති පහල වේ.
ධනය - වැය පක්ෂය ඉහල යන අතර ලැබෙන ප්‍රතිලාභයන් පිළිබඳව දක්වන උනන්දුව වැඩි කර ගත යුතුය.
රැකියාව - කෘෂිකර්මාන්තය සහ දේපළ වෙළදාම් වල නිරත වන්නන්ට යහපත්ය.අළුත් පෙළඹේ.
අධ්‍යාපනය -යහපත්ය.දිගු කාලීන පාඨමාලාවන්හි නිරත වන්නන්ට වඩාත් සුබදායී සතියකි.
යුග සැපත - ගේ දොර ජීවිතය බොහෝ දුරට සන්සුන් වේ.ස්ථාවර තීරණ ගැනීමට පෙළඹේ.
සෞඛ්‍ය - උදරගත ඌෂ්ණාධික තත්වයන් ඇති කරවයි.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා 



  • තුලා ලග්නය 


අනපේක්ෂිත වාසි රැසක්.
මිතුරන්ගෙන් විශේෂ උදව් උපකාර හිමිවිය හැකි අතර නිහඬව තම එදිනෙදා කටයුතුවල නිරත වන බවක් පෙන්වයි.නොසිතූ ලෙස ආර්ථිකය යහපත් වේ.අආගමික අංශ වෙත නැඹුරු වේ.සති අගවන විට අනපේක්ෂිත වාසි රැසක් හිමිවේ.
ධනය -තැන්පත් ධනයක් ගැන සිතිය හැකි කාලයකි.පැරණි ණය මුදලක්ද ලැබීමට නියමිතයි.ව්‍යාපාර හා එනව ආයෝජනයන්ට සුබයි.
රැකියාව - කාර්යබහුල කාලයකි.අතිරේක ධන වාසි හිමි වන අතර හිත මිතුරන් උදව් කරනු ඇත .එයින් ඔබට යහපතක් සිදුවේ.
අධ්‍යාපනය - තරඟ විභාග සඳහා ඉදිරිපත්වීම සුබයි.යහපත් අධ්‍යාපන පසුබිමක් නිර්මාණය වේ.නව අත්හදා බැලීම් වලට යහපත්ය.
යුග සැපත - පෙම් කරන්නන්ට යහපත් කාලයකි.ඈත ගමන් බිමන් වලදීසහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී ප්‍රවේශම් වන්න.දරුවන්ගේ දියුණුවක් දක්නට ලැබේ.
සෞඛ්‍ය - ඌෂ්ණාධික හා කැස්ස උරහිස් අමාරු හිසේ අමාරු තත්වයන් ඇති කරවයි.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා



  • වෘශ්චික ලග්නය


ඉක්මන් සහගත වේ.
සඳු ගේ ග්‍රහණය හා ඇරඹෙන මෙම සතියේ මුල් දින කිහිපය සිතට අසහනදායී බවක් ගෙන දුන්නද සති අග සැනසිලි දායක බවක් ගෙන දෙන කාලවකවානුවක් වන අතර අවසන් දින කිහිපය තුල කාර්යබහුල වේ.වැඩ කටයුතු අධික වේ.
ධනය - ධන වාසි අත්වන නමුත් ලැබෙන තරමටම වියදමද වැඩිවිය හැකිය.කල්පනාකාරී වන්න.
රැකියාව - රසායනික කර්මාන්ත පොළොව ආශ්‍රිත ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.උගතුන්ගේ ඇසුරට ලක්වේ.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් චංචල සිතුවිලි නිසා සිත එක අරමුණක තබා ගැනීමට උත්සාහ ගන්න.සති අග වනවිට යහපත්ය.
යුග සැපත - නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.වචනය උද්වේගකර විය හැකිය.ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය - බෝවන රෝග වැළඳිය හැකිය,හෘද රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 



  • ධනු ලග්නය 


දැනුමෙන් ඉදිරියට.
බුධගේ නවාංශ ගමන වාසිදායක ලෙස යෙදීම මත තරඟ විභාග වලින් ජය ලැබෙන කාල වකවානුවකි.ජීවිතයේ ඉදිරිය පිළිබඳව නිතර උනන්දු වන්නා වූ සතියක් වනු ඇත.යහපත් ක්‍රියා නිසා සමාජ ප්‍රසාදය හිමි වේ.දේශපාලනයට සම්බන්ධ අයට යහපත්ය.
ධනය - ලැබීම් වලට යහපත්ය. සති අග වැය පස අධික වන මුත් ඉතිරියක් කෙරෙහි මුල් දිනයන්හි උනන්දු විය හැකිය.
රැකියාව - පරිගණක අංශ හා ව්‍යාපාර ආශ්‍රිත රැකියාවේ යෙදෙන්නන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.නව මිතුරු සබඳතා ගොඩ නැගේ.
අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. යහපත් වටපිටාවක් ගොඩනගා ගත හැකිවෙයි.
යුග සැපත - සිතේ සතුට වර්ධනය වන කාලයකි.විනෝද කටයුතු සඳහා සතිය මුල යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.
සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය උදරාබාධ ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය - අඟහරුවාදා



  • මකර ලග්නය


හදිසි තීන්දු තීරණ ගනියි.
සඳුගේ ග්‍රහණ තත්වය මත උදාවන මෙම සතිය තුළ කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරයි.ඉක්මන් සහගත හදිසි තීන්දු ගන්නා බැවින් හවුල් කටයුතු පිළිබඳව ප්‍රවේශම් වන්න.නමුත් කතාව නිසි ලෙස හසුරුවා ගැනීම තුලින් සහෘදයන් හා එක්ව යම් වාසිද අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.
ධනය - ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.නව ආයෝජන කෙරෙහි උනන්දු වන්න.
රැකියාව - රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.ස්වර්ණාභරණ කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.නව මිතුරන් ඇතිවීම තුලින් වාසි සහගත බවක් ලැබේ.
අධ්‍යාපනය -මිශ්‍රඵල ඇතිවේ. සුළු බාධා වීම් ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.නව දේ ඉගෙනීමට සුබයි.
යුග සැපත - පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටහැකිවනු ඇත.දුදරු
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා



  • කුම්භ ලග්නය 


අළුත් මිත්‍රයන් ආශ්‍රයට ලැබේ .
කරගෙන ආ වැඩපිළිවෙලක් සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන නව දේවල් වලට යොමුවේ.
ධනය - ආර්ථික වාසි අත්වුවත් ඉතිරියක් ගැන සිතීම තරමක් දුෂ්කර සහිතයි.වියදම් ඉහල යයි.
රැකියාව -කරදරකාරී ගති ඇතිවිය හැකිය .ඉක්මන් ස්වභාවයන් පාලනය කර ගන්න.තම ගෞරවය ගැන වැඩි දුරටත් සැලකිලිමත් වන්න.
අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.තරඟකාරී කටයුතු වලින් වාසි අත්වේ.
යුග සැපත - .තීන්දු තීරණ ගැl පිළිබඳව සැළකිලිමත් වන්න.බහින් බස් වීම් දුර දිග යා හැකියි.මංගල යෝජනා ආදියට සුබයි.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් ආහාර අජීර්ණ රෝග ඇතිවිය හැකිය.

ජය අංකය -09
සුබ දිනය - බදාදා



  • මීන ලග්නය 


ධන ලාභ සහිතයි.
මිශ්‍ර පලදායී ප්‍රතිපල ලැබෙන සතියකි.සතුරු බලවේග මර්ධනය කරගැනීමේ ශක්තිය හිමිවන මුත් උත්සාහය හා උනන්දුව අඩුව යා හැකිය.
ධනය - වැය පක්ෂය ඉහල යන අතර අතේ මුදල් රැඳීම ද අඩුය.ඉතිරිකරගත් ධනය ද වැය වන සැටියක් පෙන්වයි.
රැකියාව - අලස ගති මතුව කරගෙන යන කටයුතු අතපසුවීමක් පෙන්වනු ලබයි.සතිය අග වන විට ඒ තත්වය මග හැරී යනු ඇත.
අධ්‍යාපනය -මධ්‍යස්ථ ප්‍රතිපල හිමිවේ.විද්‍යා හා තාක්ෂණික අංශයන් වලට යහපත්ය.
යුග සැපත -.දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.නිසි වෙලාවට අවශ්‍ය වැඩ කටයුතු කර ගැනීමට බාධා ඇතිවිය හැකිය.හිත මිත්‍රාදීන් හා ඥාතීන් හා කතාබහේදී ප්‍රවේශම් වන්න.
සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.සුළු අසනීප හැරුණු කොට සෞඛ්‍ය තත්වය යහපත්ය.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා

0 අදහස් දැක්වීම්:

Post a Comment