Posted by Unknown On 3:01 AM



  • මේෂ ලග්නය


හදිසි ධන ලාභ හිමිවේ.
පසුගිය  කාලය තුළ තවදුරටත් කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරන තත්වය අඩුවේ.එතුලින් ඇතිවූ අවාසි තත්වයන් ද ක්‍රම ක්‍රමයෙන් පහව යනු ඇත.නව පුද්ගල සම්බන්ධතා ඇතිවේ.ඒ තුලින් වාසි සහගත තත්වයන් ඇති වේ.
ධනය – හදිසි ධන ලාභ හා ලොතරැයි දිනුම් ආදියට වැඩි ඉඩකඩක් පවතී.තැන්පත් ධනය තර කරගැනීමට ද හැකිවේ.
රැකියාව –  යන්ත්‍ර සූත්‍ර  කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන් තරමක් ප්‍රවේශම් වන්න.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.ඉක්මන් ස්වභාවයන් පාලනය කර ගන්න.
අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.තම හිතවතුන්ගේ උදව් උපකාර ද හිමිවේ.
යුග සැපත – නව පෙම් සබඳතා ඇති කර ගැනීමේ අවස්ථා යෙදෙනු ඇත.නිවාස තුළ සතුට සාමය හා ප්‍රීතිය ඇති කරවන කාලයකි.නෑ හිතවතුන්ගේ සහය ලැබේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට ආහාර අජීර්ණ තත්ව ඇතිවිය හැකිය.

ජය අංකය -03
සුබ දිනය – බදාදා



  • වෘෂභ ලග්නය


උගත් ඇසුරක් ඇතිවේ.
තරමක ආවේගශීලී  බවක් ඇති කරයි.තවදුරටත් ඉවසීම  ප්‍රගුණ කල යුතු කාලයකි.මිත්‍ර ඇසුර මත වාසි අත්වේ.පරම්පරා උරුම හිමිකම් පිලිබඳ යම් ගැටළු තත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව පරීක්ෂාකාරී වන්න.
ධනය – නව ජීවනෝපාය මාර්ග විවර වන මුත්  වැය පක්ෂය ඉහළ යා හැකිය.උගත් ඇසුර නිසා ධන වාසි හිමිකර ගත හැකි කාල වකවානුවකි.
රැකියාව -රැකියා ස්ථානයේ වැඩ කටයුතු කෙරේ වෙනදාට වඩා දැඩි උනන්දුවක් ඇතිවිය හැකි සමයකි.අන් අයගේ උදව් උපකාර නිරතුරුව හිමිවේ.
අධ්‍යාපනය -නව දේ ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.
යුග සැපත – ඥාතීන් සම්බන්ධ කරදර ප්‍රශ්ණ ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර යුග සපත හා පෙම් පැතුම් සපල කරගත හැකිවේ.දරුවන් නිසා සතුටු විය හැකි වටපිටාවක් ඇතිවේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.දණහිස් ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -09
සුබ දිනය – අඟහරුවාදා



  • මිථුන ලග්නය


අතිරේක ආදායම් මාර්ග හිමිවේ.
තම නිර්භීතභාවය හා දක්ෂතා මත පල ප්‍රයෝජන රාශියක් හිමි කරගත හැකිවන සතියකි.නමුත් තම නියම මිතුරන් හඳුනාගැනීමට උත්සුක වන්න.
ධනය – ලැබීම් වලට යහපත්ය.නමුත් වියදම් අධික වීම නිසා ඉතිරිය අඩුවේ.
රැකියාව –  උගතුන් හා කතාබහ කිරීමේ දී උපායශීලී වීමට වගබලා ගන්න.රැකියා ස්ථානයේ මිතුරන්ගේ සහය හිමිවේ.
අධ්‍යාපනය – අධ්‍යාපනයට සුබයි. විභාග ආදියෙන් ජය ගත හැකිවෙයි.පැවති උනන්දුව සති අගදී අඩුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
යුග සැපත – සතියේ මුල් දින ඉතාමත් යහපත් වන අතර දරුවන් සම්බන්ධව යහපත් දේ අසන්නට ලැබේ.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.
සෞඛ්‍ය – නීරෝගී බවක් ඇති කරවන අතර හිසේ අමාරු හා තුනටිය අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය – සෙනසුරාදා



  • කටක ලග්නය


නව රැකියා බලාපොරොත්තු සාර්ථක වේ.
සම්මුඛ පරීක්ෂණ ආදියේ ජය ඇත වන අතර නව රැකියා බලාපොරොත්තු සාර්ථක විය හැක.සති අග වන විට කාර්යබහුල වන අතර යහපත් දේ අසන්නට ලැබේ.
ධනය – තැන්පත් ධනය වැය විය හැකි සතියක් වන අතර නව මිතුරන් මගින් ධන වාසි අත්වේ.
රැකියාව –  අලෙවිකරණය රසායනික හා කෘෂිකර්මාන්ත  ආශ්‍රිත රැකියා  ව්‍යාපාර වල  නිරත වන්නන්ට වඩාත් යහපත්ය.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් තවදුරටත්  අදහස් වෙනස් වන බැවින් සිත එක අරමුණක තබා ගැනීමට උත්සාහ ගන්න.සතිය මුල විශේෂයි.
යුග සැපත – නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවක් පෙන්වයි.ළඟින් ඇසුරු කරන්නන් ගැන සැලකිලිමත් වන්න.
සෞඛ්‍ය – හන්දිපත් අමාරු, හෘද රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -04
සුබ දිනය – ඉරිදා



  • සිංහ ලග්නය


නව ව්‍යාපාර වලට සුබයි.
එදිනෙදා කටයුතු වෙනදාට වඩා වැඩි උනන්දුවකින් සහ මහත් ඕනෑකමකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි.හිතවතුන්ගේ සහයද හිමිවේ
ධනය – ආර්ථික ගැටළු වලට විසඳුම් ලැබේ .හිතවතුන් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවේ.
රැකියාව –  රාජකාරී කටයුතු කාර්යබහුල වන අතර නව රැකියා සඳහා අවස්ථා හිමිවේ.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදා පැවති උනන්දුව තරමක් අඩුවිය හැකි අතර සති අග වන විට පොත පත කෙරෙහි උනන්දුව වැඩි වී යයි.
යුග සැපත -පෙම් කරන්නන් හට තවදුරටත් සුබදායී වටපිටාවක් සැකසීමට ඉඩ ඇතිවිය හැකිය.ගමන් බිමන් අධික වේ.දරුවන් හා සම්බන්ධ කටයුතු වල උනන්දුව වැඩි වේ.
සෞඛ්‍ය – හදිසි හිසේ කැක්කුම්  වාත අමාරු ආදියට ඉඩ ඇත.පැවති රෝග සුව අතට හැරේ.

ජය අංකය -01
සුබ දිනය – ඉරිදා



  • කන්‍යා ලග්නය


ජන්ම හැකියාවන් තුලින් විශේෂ වාසි.
විවිධ පුද්ගලයින්ගෙන් නිරන්තර ආධාර උපකාර හිමිවන කාල වකවානුවකි.වැඩි දුරටත් උත්සාහ වන්ත වීම තුලින් විශේෂ වාසි අත්කර ගත හැකිවනු ඇත.
ධනය – නව ජීවනොපයන්ට උරුම හිමිකම් පවතී.ඉතිරිකිරීම් සඳහා සුබදායකයි.
රැකියාව – අධ්‍යාපන, ඇඟළුම් ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උසස් අයගෙන් උපකාර ලැබේ.
අධ්‍යාපනය -කාර්යබහුල බවක්ද ඇතිවේ.සති අග වන විට අවිවේකී බව වැඩි නිසා කටයුතු තරමක් අතපසු විය හැකිය.ජයග්‍රහණ හිමිවේ.
යුග සැපත – මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන් තුළ ඔවුන් සම්බන්ධව සැකයන් ඇතිවිය හැකිය.දරුවන්ට යහපත්ය.අඹු සැමි සබදතා තරවේ.
සෞඛ්‍ය – උදරාබාධ තත්වයන් තවදුරටත් ඇතිවිය හැකිය.සමස්තයක් ලෙස යහපත් වටපිටාවක් නිර්මාණය වේ.

ජය අංකය -02
සුබ දිනය – සඳුදා



  • තුලා ලග්නය


උසස් අධ්‍යාපනයට යහපත්.
ආර්ථිකයේ සංවර්ධනයක් ඇතිවන අතර නිවාස හා ඉඩකඩම් සම්බන්ධව නිවාස හා ඉඩකඩම් මිලදී ගැනීම කෙරෙහි ඇති උනන්දුව වැඩි වේ.ඒ සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි වශයෙන් යොමුවේ.
ධනය – වැයපස ඉහල යයි.ණය තුරුස් වීමටද සිදුවිය හැකියි.වියදම් සීමා කරන්න.
රැකියාව –  හෝටල් කර්මාන්ත හා අධ්‍යාපන් ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු අයට වඩාත් යහපත්ය.රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.
අධ්‍යාපනය -විනෝදය සඳහා වැඩි කාලයක් ගතවන අතර සමහර කටයුතු අතපසු වීමට පුළුවන.
යුග සැපත – අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.අවිවාහකයින්ට මංගල යෝග උදාවේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.හෘද රෝග හා පෙනහළු ආශ්‍රිත රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න

ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා



  • වෘශ්චික ලග්නය


රැකී රක්ෂාවන්හි ප්‍රගතිය.
ජීවිතයට සම්බන්ධව තිබූ විසඳාගත නොහැකි ප්‍රශ්ණයක් විසඳාගැනීමට හැකිවේ.එතුලින් මනසට විශාල සහනයක් ද ලැබෙනු ඇත.නව ජීවනෝපායන් කෙරේ සිත යොමු වීමටද සුදුසු කාල වකවානුවකි.
ධනය – ධන ලාභ සතිය අග වන විට හිමිවේ.නමුත් සැලකිය යුතු මට්ටමට ළඟා වීම ප්‍රමාද කරවයි.
රැකියාව –  කාර්මික ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.හොඳ හිත වර්ධනය වන කාල සීමාවකි.
අධ්‍යාපනය – මන්දගාමී අලස ගති ඇති කරවයි.සති අග වනවිට එම තත්වයන් තුරන්ව යනු දැකිය හැකිය.
යුග සැපත – .ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර යම් මත භේද ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.දරුවන් තරමක් මුරණ්ඩු විය හැකිය
සෞඛ්‍ය – හෘද  රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා



  • ධනු ලග්නය


ස්ථානගත උරුම හිමිකම් වලට සුබයි.
මුදල් හා තෑගි බෝග හිමිවීමටත් සමාජයේ ප්‍රමුඛ ස්ථානයක් ලැබීමටත් හේතුවන කරුණු ගණනාවක් යෙදේ.
ධනය -ආදායම් තත්වය යහපත්ය.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩකඩ වැඩිය.
රැකියාව – .නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතවතුන්ගේ උදව් උපකාර නිරතුරුව තම කටයුතු සාර්ථක කරගැනීමට හිමිවේ.
අධ්‍යාපනය -විභාග ජය හිමිවේ.විද්‍යා හා ගණිත අංශයන්හි ඉගෙනුම ලබන අයට විශේෂයි.
යුග සැපත – .අඹු  සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.නිවසේ උත්සව ආදිය ඇතිවිය හැකිය
සෞඛ්‍ය – පැවති රෝගාබාධ යහපත් අතට හැරේ.යහපත් සෞඛ්‍යමය තත්වයක් ඇතිවේ

ජය අංකය -01
සුබ දිනය – ඉරිදා



  • මකර ලග්නය


සමාජයේ පිළිගැනීමට ලක්වේ.
අන්‍යන්ගේ සතුට වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවන අතර දුර බැහැර ගමන් බිමන්ද නිතර නිතර යෙදේ.එතුලින් වාසි අත්විය හැකිය.
ධනය – ඉතිරිකිරීම් වලට ඉඩකඩ සැලසේ .නමුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -.විනෝදයට වැඩිපුර ගතවන කාලය අඩු කරන්න.නීතිමය වශයෙන් රැකියාවට තිබූ බාධා ඉවත්වේ.වචනය ඉක්මන් නොකරන්න.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග මන්දගාමී ස්වභාවයන් ඇතිවේ.
යුග සැපත -.මිත්‍ර සබදතා පෙම් සබදතා ලෙස  වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැය පස අධික වේ
සෞඛ්‍ය – .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ තවදුරටත් සැලකිලිමත්වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා



  • කුම්භ ලග්නය


විදේශ රැකියාවන්ට සුබයි .
මිශ්‍ර පලදායී ප්‍රතිපල ලැබෙන සතියකි.සතුරු බලවේග මර්ධනය කරගැනීමේ ශක්තිය හිමිවේ.සමාජයේ කැපී පෙනීමක් ඇතිවේ.
ධනය – වැය පක්ෂය ඉහල යන අතර අතේ මුදල් රැඳීම ද අඩුය.ඉතිරිකරගත් ධනය ද වැය වන සැටියක් පෙන්වයි.
රැකියාව –  සංචාරක සේවා හා සෞඛ්‍ය අංශයන්හි නිරතවන අයට වාසි අත්පත් වන අතර එතුලින් ජය හිමිවේ.තමාට අවනත නොවූ අයද අවනත වේ.
අධ්‍යාපනය -යහපත්ය.තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.
යුග සැපත -.දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.අඹු සමිසමගිය යහපත්වේ.
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.සුළු අසනීප හැරුණු කොට සෞඛ්‍ය තත්වය යහපත්ය.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා



  • මීන ලග්නය


රැකියා අඩුපාඩු සම්පුර්ණ වේ.
කලක සිට පැවති බාධා කරදර බොහොමයක් ඉවත්වී යන සතියකි.දියුණුව උදෙසා අත ගසන කාර්යයන් බොහොමයක් සාර්ථක භාවයට පත්වේ.කාර්යබහුල සතියකි.
ධනය – නව ආයෝජන වලට යහපත්ය.තැන්පත් ධනය වැය වීමට කරුණු ගෙන දේ.
රැකියාව –  රැකී රක්ෂාවන් වෙනුවෙන් විවිධ කැපකිරීම් කිරීමටද සිදුවේ.නමුත් එයින් ඔබට යහපතක් සිදුවේ.කේලම් කියන්නන්ගෙන් ප්‍රවේශම් වන්න.සති අග වනවිට රැකියාවේ තෘප්තිමත් බවට පත්විය හැකිය.ව්‍යාපාරිකයින්ට සුබයි.
අධ්‍යාපනය – සති අග වන තෙක් මන්දගාමී ස්වභාවයක් පෙන්වන මුත් තම දක්ෂතා එලි දැක්විය හැකි කාලයකි.නව අත්හදා බැලීම් වලට යහපත්ය.
යුග සැපත – අඹු සැමි සබදතා තර වේ.පෙම් කරන්නන්ට යහපත් කාලයකි.ඈත ගමන් බිමන් වලදී ප්‍රවේශම් වන්න.දරු ඵල අපේක්ෂා කරන අයට සුබයි.නෑදෑ හිතමිතුරන්ගේ උපකාර හිමිවේ.
සෞඛ්‍ය –  ඌෂ්ණාධික හා  කැස්ස උරහිස් අමාරු තත්වයන් තවදුරටත් ඇති කරවයි.කල්ගතවූ රෝග සුව අතට හැරේ.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
Posted by Unknown On 1:23 AM


  • මේෂ ලග්නය


උසස් අය හා සබඳතා.
ඔක්තොම්බර් 14 දිනෙන් පසු වාසි සහගත තත්ව ඇතිවිය හැකිය.කතාව තුලින් යම් වාසි අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.අතගසන කාර්යයන් සාර්ථක වේ.
ධනය – ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.හිතමිතුරන්ගේ සහයෝගය හිමිකරගත හැකිවේ.
රැකියාව –  රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.කාර්මික කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.
අධ්‍යාපනය -යහපත්ය. සුළු බාධා වීම් මුල් දිනවල ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.
යුග සැපත – පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටත් කටයුතු සාර්ථක කරගැනීමටත් යහපත් වටපිටාවක් නිර්මාණය වේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකිය.උරහිස් අමාරු ඇතිවිය හැකිය.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා


  • වෘෂභ ලග්නය


ලැබීම් ඇතිවේ.
ඉවසීම තරමක් ප්‍රගුණ කල යුතු කාලයකි.ගන්නා සෘජු තීන්දු තීරණ යහපතට හේතු වනු ඇත.නිහඬව තම දෛනික කටයුතු ඉටු කරයි.
ධනය -ධන වාසි අත්වේ.නමුත් වැය පක්ෂය ඉහළ යා හැකිය.ව්‍යාපාර කටයුතු ආදියෙහි නිරත වන්නන්ට වාසි අත්වේ.නිහඬ ලැබීම් වලට හිමිකම් පවතී.
රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.තනතුරු ලාභ බලාපොරොත්තුව සිටින්නන් හට එම ලාභ අත්වේ.
අධ්‍යාපනය – ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.
යුග සැපත – වැඩිහිටි අයගේ උදව් උපකාර නොමඳව හිමිවේ.දරුවන් සම්බන්ධ කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.දණහිස් ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා


  • මිථුන ලග්නය


වාසි සහගත ආයෝජන.
නව ආයෝජන වලින් ජය ලැබෙන කාල වකවානුවකි.ජීවිතයේ ඉදිරිය පිළිබඳව වැදගත් තීන්දු තීරණ රැසක් ගනී.ආර්ථිකය සම්බන්ධව වැදගත් තීන්දු තීරණ ගනී.
ධනය – ලැබීම් වලට යහපත්ය.මුල් දින කිහිපය පසුවත්ම ඉතිරියක් කෙරෙහි උනන්දු විය හැකිය.
රැකියාව – අධ්‍යාපන, හෝටල් හා කාර්මික අංශයන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.
අධ්‍යාපනය – අධ්‍යාපනයට සුබයි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ගත හැකිවෙයි.
යුග සැපත – යහපත් සිතුවිලි වර්ධනය වන කාලයකි.විනෝද ගමන් වන්දනා ගමන් සඳහා යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.
සෞඛ්‍ය – නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා


  • කටක ලග්නය


සතුරු කරදර වලින් මිදේ.
මුල් දින කිහිපය තරමක් ව්‍යාකුල වටපිටාවක්  ඇතිකරවන  කාලවකවානුවක් වන අතර ඔක්තොම්බර්  14 දිනෙන් පසු යහපත් ප්‍රතිපල ඇතිවේ.සතුරු කරදර වලින් මිදේ.
ධනය – ධන වාසි අත්වන නමුත් වියදමද වැඩිවිය හැකිය.සති අග වනවිට එම තත්වය වෙනස් වේ.
රැකියාව –  අධ්‍යාපන කාර්මික ගොවිතැන් ආශ්‍රිත ව්‍යාපාර වල  නිරත වන්නන්ට වඩාත් යහපත්ය.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් සිත එක අරමුණක තබා ගැනීමට තරමක් අපහසුය.සති අග වන විට තත්වය වෙනස් වේ.
යුග සැපත – නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.සතුරු කරදර හීන වී යයි.අඹු සැමි සබදතා යහපත් වේ.
සෞඛ්‍ය – හන්දිපත් අමාරු, උරහිස් අමාරු හා සෙම් රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා


  • සිංහ ලග්නය


ප්‍රසිද්ධියට පත්වේ.
නායකත්වය නිතැතින්ම හිමිවේ.පිරිස් අතර ප්‍රසිද්ධියට පත්වේ.උත්සාහවන්ත ලෙස තම කටයුතු වල දක්ෂ ලෙස නිරත වෙයි.
ධනය – ආර්ථිකය යහපත්ය.ඔක්තොම්බර් 15 න් පසු වඩාත් යහපත්ය .හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීමට නිතර සිදුවේ.
රැකියාව –  වැටුප් වැඩිවීම් සහ උසස්වීම් හිමිවීමේ ඉඩකඩක් පවතී.යහපත් රැකියා වටපිටාවක් නිර්මාණය වේ.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනී යන අතර විභාග ජය සම්මුඛ පරීක්ෂණ ජය අත්වනු ඇත.
යුග සැපත -පෙම් කරන්නන් හට සුබදායී වටපිටාවක් සැකසේ.ගමන් බිමන් අධික වේ.දරුවන් හා ගත කරන කාලය අඩුවේ.පවුලේ හිතවතුන් වෙනුවෙන් උපකාර කරයි.
සෞඛ්‍ය – හිසේ කැක්කුම් උදරා බාධ ආදියට ඉඩ ඇත.පැවති රෝග සුව අතට හැරේ.

ජය අංකය -01
සුබ දිනය – ඉරිදා


  • කන්‍යා ලග්නය


අන්‍යන් හා හොඳ හිත වර්ධනය වේ
නව සබදතා වැඩි දියුණු කරගැනීමට යහපත්ය.ආගමික කටයුතු කෙරේ දැඩි ඇල්මක් සහ ඉඩකඩක් ඇතිවේ.බොහෝ දෙනා අතර හොඳ හිත සුහදතා වර්ධනය වේ.
ධනය – ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට කෘෂිකාර්මික අංශයන්ට ධනය යෙදවීමට සහ එතුලින් ආදායම් ලැබීමට යහපත්ය.
රැකියාව – අධ්‍යාපන, හෝටල් ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උගතුන්ගේ උපදෙස් හා උපකාර ලැබේ.
අධ්‍යාපනය -කාර්යබහුල බවක් ඇතිවේ.සති අග වන විට යහපත් ප්‍රතිඵල අත්වේ.විභාග හා සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ හිමිවේ.
යුග සැපත – ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන්ට සුබයි.දරුවන්ට යහපත්ය.මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.සාමකාමී පරිසරයක්  නිවස තුල ගොඩනැගේ.
සෞඛ්‍ය – ඌෂ්ණාධික ස්වභාවයන් හා උදරගත  රෝග තවදුරටත් ඇතිවිය හැකිය.

ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා


  • තුලා ලග්නය


ස්වයං ව්‍යාපාර වලට සුබයි.
උද්‍යෝගය හා කර්යශුරත්වය වැඩි වන අතර ස්වයං ව්‍යාපාර වලට සුබයි.නව ජීවනෝපායන් වෙත පිවිසීමට හැකිවේ.හිතවතුන්ගේ සහය හිමිවේ.
ධනය – ලැබීම් වලට යහපත්ය.මිතුරන් වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීමට කරුණු යෙදේ.
රැකියාව –  විශේෂ වරප්‍රසාද හිමිවන අතර රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.උසස්වීම් ආදියට යහපත්ය.
අධ්‍යාපනය -හිතමිතුරන්ගේ උදව් උපකාර හිමිවේ.අළුත් දේ ඉගෙනීමට සිත යොමු කරවීමට සුදුසු කාලයකි.
යුග සැපත – අවිවාහක අයට මංගල යෝග යෙදේ.අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් හා උදරගත අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න

ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා


  • වෘශ්චික ලග්නය


මූල්‍ය වාසි අත්වේ.
අතපසු වූ කාර්යයන් බොහොමයක් ඉටු කර ගත හැකිවනු ඇත.හිත මිත්‍රාදීන්ගේ නිරන්තර සහයෝගය සැමවිටම හිමිවන එතුලින් මූල්‍ය වාසි අත්වේ.
ධනය -ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගෙන යාමට හැකිවේ.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩ ඇත.
රැකියාව – සංචාරක සේවා හා අධ්‍යාපන අංශයන්හි නිරතවන අයට වාසි අත්පත් වන අතර එතුලින් වාසි අත්වේ.වචනය පිළිබඳව ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය -බාධා අවමවේ.උනන්දුව හීන වීමක් සතිය මුලදී  ඇතිවිය හැකි නමුදු විභාග ජය අත්වීමට නියමිතයි.
යුග සැපත – දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.
සෞඛ්‍ය – හෘද  රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා


  • ධනු ලග්නය


උරුම හිමිකම් ලැබේ.
උසස් පුද්ගල ඇසුර තුලින් වාසි අත්වේ.අන් අයගේ හොඳ හිත දිනාගනී.නව හිත මිතුරන් හඳුනාගත හැකි කාල වකවානුවකි.පාරම්පරික උරුම හිමිකම් හිමිවන කාලයකි.
ධනය – ධන ලාභ සතිය අග වන විට හිමිවේ.ආයෝජන සඳහා යොමුවීමට සුදුසුය.
රැකියාව –  හෝටල් ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට වඩා යහපත් වේ.
යුග සැපත – පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැය පස අධික වේ.
සෞඛ්‍ය – රෝගාබාධ යහපත් අතට හැරේ.හන්දි අමාරු ඇති අය ප්‍රවේශම් වන්න

ජය අංකය -01
සුබ දිනය – ඉරිදා


  • මකර ලග්නය


අහඹු වාසි අත්වේ.
අතපසු වූ කාර්යන් ඇරඹීමට යහපත් කාල සීමාවක් වනු ඇත.එතුලින් අහඹු වාසි අත්විය හැකිය.මිතුරන්ගේ සහ හිතවතුන්ගේ සහය හිමිවනු ඇත.
ධනය – ඉතිරිකිරීම් වලට වැඩි ඉඩකඩක් ඇති වන මුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -.විනෝදයට බර වේ.රැකියාවට තිබූ බාධා ඉවත්වේ.උද්වේගකාරී අවස්ථා ඇතිවේ.ඉවසීම ප්‍රගුණ කරන්න.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග වනවිට එයින් සුබදායී ප්‍රතිපල හිමිවේ.
යුග සැපත -.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර හොඳ හිත ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.දරුවන් කෙරෙහි වැඩි කාලයක් ගත කරනු ඇත.
සෞඛ්‍ය – .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ සැලකිලිමත්වන්න.සති අග විශේෂයි.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා


  • කුම්භ ලග්නය


මංගල යෝග උදාවේ.
වගකීම් අධිකව යෙදෙන කාලයකි.මිතුරන්ගෙන් උදව් උපකාර පැමිණිය හැකි අතර  ඇතැම් විටක නොසිතූ බාධක පැන නගී.නමුත් සති අගවන විටදීමේ තත්වය වෙනස්ව යහපත් අතට හැරේ.
ධනය -වැය පස තවදුරටත් ඉහළ යන අතර සති අගවන විට නව  මාර්ග සඳහා යහපත්ය.
රැකියාව –  කාර්යබහුල කාලයකි.රැකී රක්ෂාවන් වෙනුවෙන් වැඩි කැපකිරීමක් සිදු කරන අතර එයින් පල ප්‍රයෝජනරැසක් ලැබේ.
අධ්‍යාපනය – තරඟ විභාග සඳහා ඉදිරිපත්වීම සුබයි.යහපත් අධ්‍යාපන පසුබිමක් නිර්මාණය වේ.නව අත්හදා බැලීම් වලට යහපත්ය.
යුග සැපත – අඹු සැමි සබදතා තර වේ.පෙම් කරන්නන්ට යහපත් කාලයකි.මංගල යෝග උදාවන කාල වකවානුවකි.ඈත ගමන් බිමන් වලදී ප්‍රවේශම් වන්න.
සෞඛ්‍ය –  ඌෂ්ණාධික හා  කැස්ස උරහිස් අමාරු තත්වයන් තවදුරටත් ඇති කරවයි.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා


  • මීන ලග්නය


අභියෝග රැසක්.
විවේකය අඩුවේ.එදිනෙදා ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම වඩාත් සුදුසුයි.
ධනය – වැය පක්ෂය ඉහල යන නමුත් අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අගවත්ම යහපත් අතට හැරේ.
රැකියාව –  නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතුවක්කාරී තීරණ ගැනීමට සිතේ.හිත මිතුරන්ගේ උදව් උපකාර නිතර හිමිවේ.උගතුන් ඇසුරට ලැබේ.
අධ්‍යාපනය -තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.
යුග සැපත – අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.දුර බැහැර ගමන් ඇතිවේ.
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.පාද ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා

Posted by Unknown On 1:58 AM


ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබ වෙත කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ දාහතරවන  වන  දිග හැරුම මෙසේ සටහන් කරමු.

පහත ලින්ක් එක මඟින් දහතුන්වන පාඩම් මාලාවට නැවත පිවිසිය හැකිය.

පසුගිය සතිවල අප රාහු සහ කේතු පිළිබඳව කතා බහ කළෙමු.අද අප ප්ලූටෝ පිළිබඳව හඳුනාගනිමු.විකිපීඩියා ආදී නිදහස් විශ්වකෝෂ වල මෙන්ම අන්තර්ජාලයේද පහත පරිදි ප්ලූටෝ පිළිබඳව සඳහන් වේ.

ප්ලූටෝ 134340 Pluto වශයෙන් නම් කර ඇති අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම වාමන ග්‍රහලෝව වේ(ඒරිස්ට පසුව). එය සූර්යයා වටා සෘජුවම කක්ෂ ගතවී ඇති දසවැනි විශාලතම ග්‍රහලෝව වේ. එය මුලින්ම ග්‍රහලොවක් වශයෙන් හඳුනාගන්නා ලද මුත් ප්ලූටෝ දැන් හඳුන්වන්නේ (kuiper belt) කුයිපර් වළල්ලේ විශාලතම සාමාජිකයා වශයෙනි. කුයිපර් වළල්ලේ ඇති අනෙකුත් වස්තු මෙන්ම ප්‍රාථමිකව ගල් කැබලි හා අයිස්වලින් සැදී ඇති අතර එය සාපේකෂව ප්‍රමාණයෙන් කුඩාවේ සද මෙන් පහෙන් එකක ස්කන්ධයෙන් හා තුනෙන් එකක පරිමාවෙන් ප්ලූටෝ සමන්විත වේ.

 ප්ලූටෝ සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 30 – 49 (AU) (4.4 – 7.4 billion km) දුරකින් පිහිටි අතර එම නිසා ඇතැම් විට එය නෙප්චූන්ට වඩා සූර්යයාට ආසන්න වේ. ප්ලූටෝ හා එහි විශාලතම චන්ද්‍රයා වන කාරෝන් ද්විත්ව යුගලයක් ලෙස සලකයි මන්ද එවිට එම යුගල‍ෙය් පොදු ගුරුත්ව කේන්ද්‍ර වස්තු දෙකෙන් එකක් තුලවත් නොපිහිටයි.

අන්තර් ජාතික අභ්‍යවකාශ සංගමය [(International Astronomical Union (IAU)] විසින් ද්විත්ව වාමන ග්‍රහලෝකවලට අර්ථ දැක්වීමයක් තවමත් ඉදිරිපත් කර නොමැති අතර එය නීති‍යක් වශයෙන් ප්‍රකාශ වන ‍තෙක් පවතී. කාරෝන් ප්ලූටෝගේ චන්ද්‍ර‍යෙක් වන අතර 2005 දී සොයාගන්නා ලද තවත් කුඩා චන්ද්‍රයින් දෙ‍දෙනෙකු වන නික්ස් හා හයිඩ්‍රා ද ප්ලූටෝගේ චන්ද්‍රයන්‍ වේ.ප්‍රමාණයෙන් කුජට වඩා කුඩාය.

1930 ප්ලූටෝ සොයාගැනීමේ සිට 2006 දක්වාම එය සෞරග්‍රහ මණ්ඩලයේ 9 වන ග්‍රහලොව විය. ඉන්පසු 20 වන සියවස අගභාගයේ දී හා 21 වන සියවස මුල් භාගයේ දී ප්ලූටෝට සමාන වෙනත් වස්තු විශාල ප්‍රමාණයක් සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට සොයාගන්නා ලදී. එහිදී විසිරුණු තැටියෙහි වූ ඒරිස්ගේ සොයාගැනීම සඳහන් කළ යුතු වේ. එය ප්ලූටෝ මෙන් 27% විශාල විය. 2006 අගෝස්තු 24වන දින IAU විසින් ග්‍රහලොවකට අර්ථ දැක්වීමක් සපයන ලදී. එහිදී ප්ලූටෝ එම අර්ථ දැක්වීමට අනුකූලව ක්‍රියා කිරීමට අපොහොසත් විය. එම නිසා එය වාමන ග්‍රහලොවක් වශයෙන් එරිස් හා සිරිස් සමග වෙන් කරන ලද අතර ඉන් පසුව ප්ලූටෝ කුඩා ග්‍රහලොවක් වශයෙන් නම්කොට 134340 අංකය ලබා දෙන ලදී.

අප පැරණි සෘෂි වරුන් විසින් “යම” යනුවෙන් හැඳින්වූයේ ප්ලූටෝ ග්‍රහයාය.කාකබුජන්දර මහ සෘෂිවරයා විසින් දැනට අවුරුදු 6000 කට පෙර කන්දකන් යන ද්‍රවිඩ නමින් හැඳින්වූයේ ද ප්ලූටෝය.ප්ලූටෝ පිළිබඳව පුරාණ දේවකතා වල සඳහන් වන්නේ පිටස්තර දේශයේ දෙවියා හෙවත් මළවුන් පාලනය කරන්නා වශයෙනි.කුජට සමාන මහා විනාශකාරී ග්‍රහයෙක් හැටියට සලකයි.ප්ලූටෝ ගේ බලපෑම නිසා පරමාණු විප්ලවය ආරම්භ වූ බවටද මතයක් පවතී.තවමත් හරියාකාරව ප්ලූටෝ පිළිබඳව සොයාගෙන නොමැත.

ඇතැම් පොත්පත්වල ප්ලූටෝ වෘශ්චික රාශියට අධිපතියා ලෙස සැලකුවද ඇතැම් පොත් පත්වල සඳහන් වන්නේ මේෂ රාශියට අධිපතියා වශයෙනි.උච්ච රාශිය සිංහය වන අතර නීච රාශිය කුම්භය ලෙසද හඳුන්වයි.

Posted by Unknown On 3:52 AM



  • මේෂ ලග්නය


යහපත් පුද්ගලයින් ඇසුරට.
උත්සාහය තුලින් වාසි සහගත තත්ව රැසක් ඇතිවිය හැකිය.දැඩි ආත්ම ශක්තියකින් යුතුව එදිනෙදා  මුහුණ දේ.නව ආයෝජන වලින් ජය ලැබෙන කාල වකවානුවකි.ආර්ථිකය සම්බන්ධව යහපත්ය.
ධනය – ලැබීම් වලට යහපත්ය.මුල් දින කිහිපය පසුවත්ම ඉතිරියක් කෙරෙහි උනන්දු විය හැකිය.
රැකියාව – අධ්‍යාපන, හෝටල් හා කාර්මික අංශයන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.
අධ්‍යාපනය – අධ්‍යාපනයට සුබයි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ගත හැකිවෙයි.
යුග සැපත – යහපත් සිතුවිලි වර්ධනය වන කාලයකි.විනෝද ගමන් වන්දනා ගමන් සඳහා යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.මංගල යෝග උදාවේ.
සෞඛ්‍ය – නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා



  • වෘෂභ ලග්නය


තරඟකාරී අභියෝග රැසක්.
විශේෂ හිතවතුන් හා සබඳතා නිසා ආර්ථික වාසි රැසක් ඇති කරවන  කාලවකවානුවක් වන අතර යහපත් ප්‍රතිපල ඇතිවේ.කල තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි කාරණා රැසක් ඉටුවේ.
ධනය – ධන වාසි අත්වන නමුත් වියදමද වැඩිවිය හැකිය.සති අග වනවිට එම තත්වය වෙනස් වේ.
රැකියාව –  අධ්‍යාපන කාර්මික ගොවිතැන් ආශ්‍රිත ව්‍යාපාර වල  නිරත වන්නන්ට වඩාත් යහපත්ය.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් සිත එක අරමුණක තබා ගැනීමට තරමක් අපහසු විය හැකිය.සති අග වන විට තත්වය වෙනස් වේ.
යුග සැපත – නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.සතුරු කරදර හීන වී යයි.අඹු සැමි සබදතා යහපත් වේ.පවුලේ ප්‍රිය සාද ඇතිවේ.
සෞඛ්‍ය – හන්දිපත් අමාරු, උරහිස් අමාරු හා සෙම් රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා



  • මිථුන ලග්නය


වෘත්තීයමය කටයුතුවලින් ඉදිරියට.
තම සහජ දක්ෂතා හා හැකියාවන් තුලින් ඉදිරියටම යා හැකිය.දෛනික කාර්යයන් බොහොමයක් සාර්ථක වේ.මිල මුදල් වැය වීම අධික වන බැවින් පාලනයක් කල යුතුවේ.
ධනය – ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.වැය පස අධිකවේ.
රැකියාව –  රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.කාර්මික කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.
අධ්‍යාපනය -යහපත්ය. සුළු බාධා වීම් මුල් දිනවල ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.
යුග සැපත – පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.මුරණ්ඩු ගැතිද යෙදේ.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටත් කටයුතු සාර්ථක කරගැනීමටත් යහපත් වටපිටාවක් නිර්මාණය වේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකිය.උදරාබාධ ඇතිවිය හැකිය.

ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා



  • කටක ලග්නය


ආවේගශීලී වේ.
ඉවසීම තරමක් ප්‍රගුණ කල යුතු කාලයකි.ආක්‍රමණශීලීව කටයුතු කරනු ලබයි.ගන්නා සෘජු තීන්දු තීරණ යහපතට හේතු වනු ඇත.බොහෝ විට තම නිදහස් අදහස් ජය මාවත කෙරෙහි යොමු කරවනු ඇත.
ධනය -ධන වාසි අත්වේ.නමුත් වැය පක්ෂය ඉහළ යා හැකිය.ව්‍යාපාර කටයුතු ආදියෙහි නිරත වන්නන්ට වාසි අත්වේ.නිහඬ ලැබීම් වලට හිමිකම් පවතී.
රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.තනතුරු ලාභ බලාපොරොත්තුව සිටින්නන් හට එම ලාභ අත්වේ.උසස් නිළධාරීන්ගෙන් වාසි අත්වේ.
අධ්‍යාපනය – ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.
යුග සැපත – වැඩිහිටි අයගේ උදව් උපකාර නොමඳව හිමිවේ.දරුවන් සම්බන්ධ කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.දණහිස් ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා



  • සිංහ ලග්නය


නායකත්වය තුලින් ඉදිරියටම.
උද්‍යෝගය හා කර්යශුරත්වය වැඩි වන අතර නිරන්තරයෙන් උසස් පුද්ගලයින් හා සබඳතා ඇතිවේ.කරගෙන යන කටයුතු වලට බාධා ඇතිවුවත් හිතවතුන්ගේ සහය හිමිවේ.
ධනය – ලැබීම් වලට යහපත්ය.මිතුරන් වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීමට කරුණු යෙදේ.
රැකියාව –  විශේෂ වරප්‍රසාද හිමිවන අතර රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.උසස්වීම් ආදියට යහපත්ය.
අධ්‍යාපනය -හිතමිතුරන්ගේ උදව් උපකාර හිමිවේ.අළුත් දේ ඉගෙනීමට සිත යොමු කරවීමට සුදුසු කාලයකි.
යුග සැපත – අවිවාහක අයට මංගල යෝග යෙදේ.අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් හා උදරගත අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න

ජය අංකය -01
සුබ දිනය – ඉරිදා



  • කන්‍යා ලග්නය


අන්‍යන්ගේ උපකාර හිමිවේ.
අතපසු වූ කාර්යයන් බොහොමයක් ඉටු කර ගත හැකිවනු ඇත.වෘත්තීය ජීවිතයට එය මහත් රුකුලක් වනු ඇත.වේගවත් වචන භාවිතා කරයි.සෘජු තීන්දු තීරණ ගනියි.
ධනය -ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගෙන යාමට හැකිවේ.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩ ඇත.
රැකියාව – සංචාරක සේවා හා අධ්‍යාපන අංශයන්හි නිරතවන අයට වාසි අත්වේ.වෘත්තීය අංශයන්ගෙන් ඉදිරියටම යා හැකිය.වචනය පිළිබඳව ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය -බාධා අවමවේ.උනන්දුව හීන වීමක් සතිය මුලදී  ඇතිවිය හැකි නමුදු විභාග ජය අත්වීමට නියමිතයි.
යුග සැපත – දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.ප්‍රිය සම්භාෂණ යෙදේ.
සෞඛ්‍ය – හෘද  රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා



  • තුලා ලග්නය


නායකත්ව හැකියා වර්ධනය වේ.
නායකත්වය හිමිවන අතර එමඟින් විශේෂ වාසි රැසක් අත්වේ .පිරිස් අතර ප්‍රසිද්ධියට පත්වේ.උත්සාහවන්ත වීම තුලින් විශේෂ වාසි රැසක් අත්වේ.
ධනය – ආර්ථිකය යහපත්ය.හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීමටත් වියදම් කිරීමටත් නිතර සිදුවේ.
රැකියාව –  වැටුප් වැඩිවීම් සහ උසස්වීම් හිමිවීමේ ඉඩකඩක් පවතී.යහපත් රැකියා වටපිටාවක් නිර්මාණය වේ.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනී යන අතර විභාග ජය සම්මුඛ පරීක්ෂණ ජය අත්වනු ඇත.
යුග සැපත -පෙම් කරන්නන් හට සුබදායී වටපිටාවක් සැකසේ.ගමන් බිමන් අධික වේ.දරුවන් හා ගත කරන කාලය අඩුවේ.
සෞඛ්‍ය – හිසේ කැක්කුම් උදරා බාධ ආදියට ඉඩ ඇත.පැවති රෝග සුව අතට හැරේ.



  • වෘශ්චික ලග්නය


සහජ හැකියාවන්ගෙන් ඉදිරියටම.
උසස් පුද්ගල ඇසුර තුලින් වාසි රැසක් අත්වේ.අන් අයගේ හොඳ හිත දිනාගනී.නව හිත මිතුරන් හඳුනාගත හැකි කාල වකවානුවකි.උත්සාහය තුලින් වාසි රැසක් හිමිවේ.
ධනය – ධන ලාභ සතිය අග වන විට හිමිවේ.ආයෝජන සඳහා යොමුවීමට සුදුසුය.
රැකියාව –  හෝටල් ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට වඩා යහපත් වේ.
යුග සැපත – පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැය පස අධික වේ.
සෞඛ්‍ය – රෝගාබාධ යහපත් අතට හැරේ.හන්දි අමාරු ඇති අය ප්‍රවේශම් වන්න

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා



  • ධනු ලග්නය


අන්‍යන්ගේ ගෞරවය හා සැලකිල්ල.
නව සබදතා වැඩි දියුණු කරගැනීමට යහපත්ය.අන්‍යන්ගේ ගෞරවය හා ආදරයට පත්වේ.ආගමික කටයුතු කෙරේ දැඩි ඇල්මක් සහ ඉඩකඩක් ඇතිවේ.බොහෝ දෙනා අතර හොඳ හිත සුහදතා වර්ධනය වේ.
ධනය – ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට කෘෂිකාර්මික අංශයන්ට ධනය යෙදවීමට සහ එතුලින් ආදායම් ලැබීමට යහපත්ය.
රැකියාව – අධ්‍යාපන, හෝටල් ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උගතුන්ගේ උපදෙස් හා උපකාර ලැබේ.
අධ්‍යාපනය -කාර්යබහුල බවක් ඇතිවේ.සති අග වන විට යහපත් ප්‍රතිඵල අත්වේ.විභාග හා සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ හිමිවේ.
යුග සැපත – ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන්ට සුබයි.දරුවන්ට යහපත්ය.ඔවුන් කෙරේ වැඩි කාලයක් ගත කරනු ඇත.මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.
සෞඛ්‍ය – ඌෂ්ණාධික ස්වභාවයන් හා උදරගත  රෝග තවදුරටත් ඇතිවිය හැකිය.

ජය අංකය -01
සුබ දිනය – ඉරිදා



  • මකර ලග්නය


යහපත් පෞර්ෂයක්.
එදිනෙදා ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ.නව බලාපොරොත්තු බොහොමයක් ඉටු කරගත හැකිවේ.හවුල්කරුවන්ගේ සහ මිතුරන්ගේ උදව් උපකාර හිමිවේ.
ධනය – වැය පක්ෂය ඉහල යන නමුත් අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අගවත්ම යහපත් අතට හැරේ.
රැකියාව –  නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතුවක්කාරී තීරණ ගැනීමට සිතේ.හිත මිතුරන්ගේ උදව් උපකාර නිතර හිමිවේ.උගතුන් ඇසුරට ලැබේ.
අධ්‍යාපනය -තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.
යුග සැපත – අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.දුර බැහැර ගමන් ඇතිවේ.
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.පාද ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා



  • කුම්භ ලග්නය


කාර්යබහුලවේ.
නව මිතුරන් හඳුනාගැනීමට හැකිවේ.ඔවුන්ගෙන් එදිනෙදා කටයුතු වලට උදව් උපකාර හිමිවේ.වෘත්තීයමය අංශයන් වෙනුවෙන් දැඩි සේ කැපවේ.ඉදිරියට යා හැකිය.
ධනය – වැය පක්ෂය ඉහල යන නමුදු අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අග විශේෂයි.
රැකියාව – හිතුවක්කාරී තීරණ ගැනීමට පෙළඹිය හැකිය.අන්‍ය මත ඉවසීමෙන්  කටයුතු කිරීම යහපත්ය.
අධ්‍යාපනය -යහපත්ය.තරඟ විභාග වලින් ජය ලැබේ.සති අග විශේෂයි.
යුග සැපත – අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.අවිවාහකයින්ට මංගල යෝග යෙදේ.
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.උදරාබාධ  ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා



  • මීන ලග්නය


අභියෝග වලට මුහුණ දේ
රැකියාවෙන් බොහෝ ඉදිරියට යා හැකි සතියකි.මිතුරන්ගේ සහ හිතවතුන්ගේ සහය හිමිවනු ඇත.අභියෝග රැසක් එල්ලවන අතර ඒවායින් ජය ගත හැකිවේ.
ධනය – ඉතිරිකිරීම් වලට වැඩි ඉඩකඩක් ඇති වන මුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -.රැකියාවට තිබූ බාධා ඉවත්වේ.අන් අයගේ සහයෝගය හිමිවේ.උසස්වීම් වලට සුදුසු වටපිටාවක් නිර්මාණය වේ.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග වනවිට එයින් සුබදායී ප්‍රතිපල හිමිවේ.
යුග සැපත -.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර හොඳ හිත ඇතිවිය හැකිය.දරුවන් කෙරෙහි වැඩි කාලයක් ගත කරනු ඇත.
සෞඛ්‍ය – .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ සැලකිලිමත්වන්න.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
Posted by Unknown On 3:47 AM


ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබ වෙත කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ දහතුන් වන  දිග හැරුම මෙසේ සටහන් කරමු.

පහත ලින්ක් එක මඟින් දොළොස්වන පාඩම් මාලාවට නැවත පිවිසිය හැකිය.
http://www.anuhasastrology.com/?p=1864

පසුගිය සතියේ අප අප ඡායා ග්‍රහයින් යටතට ගැනෙන රාහු කේතු යන ග්‍රහ දෙපළගෙන්  රාහු ග්‍රහයා පිළිබඳව අපේ අවධානය යොමු කළෙමු.රාහු සහ කේතු(Lunar node) සෙවනැලි ග්‍රහයෝ ය. එනම් මෙම ග්‍රහයෝ ඇත්තවශයෙන්ම ස්කන්ධයක් ලෙස පවතින්නෝ නොවෙති. රාහු යැයි හඳුන්වන ග්‍රහයා මෙන්ම කේතු ද  හුදෙක්ම ජ්‍යෝතිෂමය සිද්ධාන්තයන්හි භාවිතාවෙන ග්‍රහයෙකි.

කේතුගේ මහ දශා කාලය වර්ෂ 7කි. දශාවෙහි අග භාගයේදී කේතුගේ බලපෑම දැකිය හැකි බව ජ්‍යෝතිෂ නියමයි. කේතු රාහු වගේ නෙවෙයි. රාහු වේගවත් වුණාට කේතු හරිම මන්දගාමියි. නැඟී සිටින්න නම් හරි අමාරුයි. ප්‍රසිද්ධියටත් හරිම අකැමැතියි. කේතු ජ්‍යෝතිෂය, මන්ත්‍ර, චපල බව, භාග්‍ය, දිළිඳු බව, මූර්ඡා වීම, සැකය හා මෝක්ෂය. රහස් කුමන්ත්‍රණ, මසුරු බව, බොරුව, අන්ධ විශ්වාසය, තපස, මායාව, ගොත ගැසීම සහ වසංගත රෝග ආදිය නිවේදනය කරයි.කේතුට 3/5/11/12 සුබදායී රාශි වෙයි.
බඹ යන නමින් හැඳින්වෙන කේතුගේ හිස මනුෂ්‍යයෙකුගේ මෙන්ද ශරීරය නයෙකු මෙන්ද හඳුන්වා දී ඇත.කේතු අධ්‍යාපන කටයුතු සහ ඉගෙනීමට යහපත උදාකරවයි.කුමන දුර්වල කම් කළද සිහි බුද්ධියට ඉගෙනීමට කේතු උදව් කරවයි.

රාහු මෙන්ම තමන් සිටි රාශියේ ස්වභාවය හෝ යෝගවූ ග්‍රහයාගේ ස්වභාවයට අනුව ක්‍රියා කරයි.නොගැලපෙන සම්බන්ධතා ඇති කරවයි.නින්දා අපහාස සහ වඳ බව ඇති කරවීමට ප්‍රධානය.

කෙතුට අයත් පාෂාණය වෛරෝඩිය වේ.මීනයට ස්වාක්ෂේත්‍රයි.වෘශ්චිකයට උච්චයි.වෘෂභයට නීචයි.මා, මුල, අස්විද යන නැකත් කේතුගෙන් පාලනය වේ.

මීළඟ පාඩමින් අප ප්ලූටෝ පිළිබඳව හඳුනාගනිමු.
Posted by Unknown On 3:45 AM



  • මේෂ ලග්නය


අනපේක්ෂිත වාසි රැසක්.
මිතුරන්ගෙන් විශේෂ උදව් උපකාර හිමිවිය හැකි අතර නිහඬව තම එදිනෙදා කටයුතුවල නිරත වන බවක් පෙන්වයි.නොසිතූ ලෙස ආර්ථිකය යහපත් වේ.අආගමික අංශ වෙත නැඹුරු වේ.සති අගවන විට අනපේක්ෂිත වාසි රැසක් හිමිවේ.
ධනය -තැන්පත් ධනයක් ගැන සිතිය හැකි කාලයකි.පැරණි ණය මුදලක්ද ලැබීමට නියමිතයි.ව්‍යාපාර හා එනව ආයෝජනයන්ට සුබයි.
රැකියාව –  කාර්යබහුල කාලයකි.අතිරේක ධන වාසි හිමි වන අතර හිත මිතුරන් උදව් කරනු ඇත .එයින් ඔබට යහපතක් සිදුවේ.
අධ්‍යාපනය – තරඟ විභාග සඳහා ඉදිරිපත්වීම සුබයි.යහපත් අධ්‍යාපන පසුබිමක් නිර්මාණය වේ.නව අත්හදා බැලීම් වලට යහපත්ය.
යුග සැපත – පෙම් කරන්නන්ට යහපත් කාලයකි.ඈත ගමන් බිමන් වලදීසහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී ප්‍රවේශම් වන්න.දරුවන්ගේ දියුණුවක් දක්නට ලැබේ.
සෞඛ්‍ය –  ඌෂ්ණාධික හා  කැස්ස උරහිස් අමාරු හිසේ අමාරු තත්වයන් ඇති කරවයි.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා



  • වෘෂභ ලග්නය


අන්‍යයන්ගේ සහයෝගය.
චන්ද්‍ර චාරයට අනුව අන්‍යයන්ගේ සහය හිමිවේ.සතුරු සිතට සතුටක් ගෙනදිය හැකි වටපිටාවක් නිර්මාණය වේ.යහපත් මිතුරු ඇසුරක් සහ නව අදහස් උදහස් ඇතිවන කාල සීමාවකි.ආගමික කටයුතු වලට සිත යොමු කරවයි.
ධනය – වැය පක්ෂය ඉහල යන නමුදු අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අග විශේෂයි.ආයෝජනයන්ට යහපත්ය.
රැකියාව –  නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතුවක්කාරී තීරණ ගැනීමට පෙළඹිය හැකිය.හිතමිතුරන්ගේ අදහස් විමසමින් කටයුතු කිරීම යහපත්ය.දේශපාලනය සහ පිරිස් පාලනයට සම්බන්ධ අයට යහපත්ය.
අධ්‍යාපනය -යහපත්ය.තරඟ විභාග වලින් ජය ලැබේ.සති අග විශේෂයි.
යුග සැපත – අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.අවිවාහකයින්ට මංගල යෝග යෙදේ.
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.උදරාබාධ  ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා



  • මිථුන  ලග්නය


සහයෝගීතාවය ප්‍රගුණ කල යුතුයි.
තරමක අර්බුධකාරී සිද්ධීන් හටගත හැකි බැවින් නිතර ඉවසීමෙන් කටයුතු කරන්න.සැබෑ මිතුරන් අඳුනාගැනීමට හැකිවන සමයකි.අතපසු වූ කාර්යන් ඇරඹීමට යහපත් කාල සීමාවක් වනු ඇත.නමුත් ඒ සඳහා වියදම් දැරීමට සිදුවන කාලයකි.සති අග වඩාත් යහපත් වනු ඇත.
ධනය – ඉතිරිකිරීම් වලට ඉඩකඩ අඩුවේ.වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -.විනෝදයට වැඩිපුර ගතවන කාලය ගතවේ.රැකියා ස්ථානය තුළ අනවශ්‍ය ගැටුම්කාරී තත්වයන් ඇතිවිය හැකිය.වචනය පාවිච්චි කිරීමේදී ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගෙන යා හැකි සතියකි.
යුග සැපත -.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර යම් මත භේද ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.සති අගවන විට ඉහත කී අහිතකර තත්වයන් යහපත් අතට හැරෙනු ඇත.
සෞඛ්‍ය – .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ සැලකිලිමත්වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා



  • කටක ලග්නය


රැකියා දියුණුව ඇතිවේ.
නිහඬව තම එදිනෙදා ජීවනෝපායන්හි නිරත වේ.අතපසු වූ කාර්යයන් බොහොමයක් ඉටු කර ගත හැකිවනු ඇත.විදේශයන් හා සම්බන්ධ අයට වාසි සහගත වටපිටාවක් නිර්මාණය වේ.සතුරන් මර්දනය වේ.කාලයක් තිස්සේ අපේක්ෂිත කාර්යයන් රැසක් ඉටු කර ගත හැකි වේ.
ධනය -ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගෙන යාමට අපහසුය.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩකඩ වැඩිය.
රැකියාව – සෞඛ්‍ය අංශයන්හි හා ඇඟළුම් ක්ෂේත්‍රයන්හි නිරතවන අයට වාසි අත්පත් වන අතර එතුලින් යහපත් ප්‍රතිපල ලැබේ. රැකියා දියුණුවක් ඇතිවේ.
අධ්‍යාපනය -බාධා අවමවේ.උනන්දුව හීන  වීමක් සති අගදී ඇතිවිය හැකි නමුදු සම්මුඛ පරීක්ෂණ සඳහා යහපත්ය.
යුග සැපත – දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.නමුත් කල්පනාකාරී ලෙස තෝරා බේරා ගත යුතුවේ.
සෞඛ්‍ය – කොන්දේ ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -01
සුබ දිනය – ඉරිදා



  • සිංහ ලග්නය


වෘත්තීය කටයුතු වලින් ඉදිරියට.
කුජගේ නවාංශක ගමන මත උසස් පුද්ගල ඇසුර තුලින් වාසි අත්වේ.අන් අයගේ හොඳ හිත දිනාගනී.නව හිත මිතුරන් හඳුනාගත හැකි කාල වකවානුවකි.ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නිරත අයට විශේෂයි.
ධනය – ධන ලාභ සතිය මුල වන විට හිමිවේ.ඉතිරියක් ගැන සිතීමට හැකි වාතාවරණයක් උදාවේ.පැරණි ණය මුදලක් හිමිවේ.
රැකියාව –  කාර්මික හා අධ්‍යාපනික අංශයන්හි  නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.සතුරු උවදුරු වලින් ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට මන්දගාමී අලස ගති ඇති කරවයි.
යුග සැපත – පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කිරීමට සිදුවේ.
සෞඛ්‍ය – රෝගාබාධ යහපත් අතට හැරේ.වාත අමාරු ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා



  • කන්‍යා ලග්නය


අධ්‍යාපන කටයුතු වලට සුබයි.
චන්ද්‍ර චාරය  ව්‍යාකුලතා ඇතිකරවිය හැකිය.බාධක පන නගී.නමුත් නව අදහස් ඇති කරවයි.එතුළින් නව ජීවනෝපායන් වෙත පිවිසීමට පවා හැකිවේ.මුදල් ණයට දීමෙන් වළකින්න.
ධනය – නව ආයෝජන වලට යෙදවීමට කල්පනාකාරී විය යුතුය.වැය පස අධික විය හැකිය.ඉතිරිකිරීම් ගැන වඩාත් හොඳින් සිතිය යුතු සතියකි.
රැකියාව –  විශේෂ වරප්‍රසාද හිමිවන අතර සේව්‍ය සේවක සබදතා වැඩි දියුණු වේ.රැකියා ස්ථානයන්හි අවහිර බාධක ඇතිවීමට ඉඩකඩ පවතී.මිතුරන් හා සුහදව කටයුතු කරන්න.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර හිමිවේ.විද්‍යා හා ගණිත අංශයන්හි ඉගෙනුම ලබන්නන්ට සුබයි.පොදුවේ අධ්‍යාපන කටයුතු සඳහා යහපත් පරිසරයක් ගොඩනැගේ.
යුග සැපත – අවිවාහක අයට මංගල යෝග යෙදේ.විවාහය දක්වා දුර දිග යා හැකිය.අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් හා වාත අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න

ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා



  • තුලා ලග්නය


ශාස්ත්‍රීය කටයුතු වලට යහපත්.
මෙම සතිය තුළ ශාස්ත්‍රීය කටයුතු සහ  නව ආදායම් මාර්ග නව සබදතා හා රැකී රක්ෂා කටයුතු වැඩි දියුණු කරගැනීමට යහපත්ය.ආගමික කටයුතු කෙරේ වැඩි ඉඩක් වෙන් කරවයි.පවුලේ පොදු කටයුතු වෙනුවෙන් කැපවීමට සිදුවන සතියකි.
ධනය – ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට මුදල් යෙදවීම තුළ ආදායම් තර කරගත හැකිවේ.නව ආයෝජන සඳහා සුදුසුය.
රැකියාව – අධ්‍යාපන, හෝටල් හා කාර්මික ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උසස් අයගෙන් උපකාර ලැබේ.
අධ්‍යාපනය -කාර්යබහුල බවක්ද ඇතිවේ.අධ්‍යාපන කටයුතු වලට සුබයි.අළුත් දේ ඉගෙනීමට යහපත්ය.ජයග්‍රහණ හිමිවේ.
යුග සැපත – මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.ඥාතීන් අතර පිළිගැනීමක් ඇතිවේ.ඔවුන්ගේ ගැටළුවලට මැදිහත් වේ.පෙම් කරන්නන්ට සුබයි.දරුවන්ට යහපත්ය.සාමකාමී පරිසරයක් ගොඩනැගේ.
සෞඛ්‍ය – ඌෂ්ණාධික ස්වභාවයන් හා ආමාශගත රෝග තවදුරටත් ඇතිවිය හැකිය.ජලයෙන් ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා



  • වෘශ්චික ලග්නය


තරමක් හිතුවක්කාර වේ.
රවිගේ නවාංශක බලය නිසා නායකත්වය නිතැතින්ම හිමිවේ.අන්‍යන්ගේ සහය නිරතුරුවම තම කටයුතු උදෙසා හිමිවේ.තරමක් හිතුවක්කාර ගති ඇති කරවයි.උත්සාහවන්ත ලෙස තම කටයුතු වල නිරත වීම කෙරෙහි දක්ෂය.පොදු කටයුතු උදෙසා සුබ සතියකි.
ධනය – හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීමට වියදම් කිරීමට සිදුවිය හැකිය.වැය පක්ෂය අධික විය හැකිය.
රැකියාව –  ඉකමනින් හිතුවක්කාරී තීන්දු තීරණ ගන්නා අතර රැකියාවේ උසස්වීම් හා සිතට සහනයක් සැහැල්ලුවක් උදා කරවන කාල වකවානුවකි.විදේශයන් හා සම්බන්ධ කටයුතු වල යෙදෙන අයට සුබයි.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනී යන අතර සති අග වත්ම එහි දියුණුවක්ද දැකිය හැකිය.
යුග සැපත -පෙම් කරන්නන් හට සුබදායී වටපිටාවක් සැකසීමට ඉඩ ඇතිවිය හැකිය.ගමන් බිමන් අධික වේ.දරුවන් හා ගත කරන කාලය අවමවේ.පවුලේ අය වෙනුවෙන් වියදම් කිරීම වැඩිවේ.
සෞඛ්‍ය – පැවති රෝග සුව අතට හැරේ.හිසේ වියළි ගති හා සෙම් ගති ඇතිවිය හැකිය.

ජය අංකය -01
සුබ දිනය – ඉරිදා



  • ධනු  ලග්නය


ඉක්මන් සහගත වේ.
සඳු ගේ ග්‍රහණය හා ඇරඹෙන මෙම සතියේ මුල් දින කිහිපය සිතට අසහනදායී බවක් ගෙන දුන්නද සති අග සැනසිලි දායක බවක් ගෙන දෙන කාලවකවානුවක් වන අතර අවසන් දින කිහිපය තුල කාර්යබහුල වේ.වැඩ කටයුතු අධික වේ.
ධනය – ධන වාසි අත්වන නමුත් ලැබෙන තරමටම වියදමද වැඩිවිය හැකිය.කල්පනාකාරී වන්න.
රැකියාව – රසායනික කර්මාන්ත පොළොව ආශ්‍රිත ව්‍යාපාර වල  නිරත වන්නන්ට වඩාත් යහපත්ය.උගතුන්ගේ ඇසුරට ලක්වේ.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් චංචල සිතුවිලි නිසා සිත එක අරමුණක තබා ගැනීමට උත්සාහ ගන්න.සති අග වනවිට යහපත්ය.
යුග සැපත – නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.වචනය උද්වේගකර විය හැකිය.ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය – බෝවන රෝග වැළඳිය හැකිය,හෘද රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා



  • මකර  ලග්නය


දැනුමෙන් ඉදිරියට.
බුධගේ නවාංශ ගමන වාසිදායක ලෙස  යෙදීම මත තරඟ විභාග වලින් ජය ලැබෙන කාල වකවානුවකි.ජීවිතයේ ඉදිරිය පිළිබඳව නිතර උනන්දු වන්නා වූ  සතියක් වනු ඇත.යහපත් ක්‍රියා නිසා සමාජ ප්‍රසාදය හිමි වේ.දේශපාලනයට සම්බන්ධ අයට යහපත්ය.
ධනය – ලැබීම් වලට යහපත්ය. සති අග වැය පස අධික වන මුත් ඉතිරියක් කෙරෙහි මුල් දිනයන්හි උනන්දු විය හැකිය.
රැකියාව –  පරිගණක අංශ හා ව්‍යාපාර ආශ්‍රිත රැකියාවේ යෙදෙන්නන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.නව මිතුරු සබඳතා ගොඩ නැගේ.
අධ්‍යාපනය – අධ්‍යාපනයට සුබයි. යහපත් වටපිටාවක් ගොඩනගා ගත හැකිවෙයි.
යුග සැපත – සිතේ සතුට වර්ධනය වන කාලයකි.විනෝද කටයුතු සඳහා සතිය මුල යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.
සෞඛ්‍ය – නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය උදරාබාධ ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය – අඟහරුවාදා



  • කුම්භ ලග්නය


අභියෝග රැසක්.
සඳු පූර්ණ ග්‍රහණයක යෙදෙමින් ගමන් කරන මෙම සතිය තුළ තරමක ආවේගශීලී  බවක් ඇති කරයි.නමුදු ගන්නා සෘජු තීන්දු තීරණ යහපතට හේතු වනු ඇත.සති අන්තය වනවිට අභියෝග රැසක් උදාවේ.ගන්නා තීන්දු තීරණ මත සිතට සහනයක් ගෙන දෙනු ඇත.
ධනය – මිත්‍ර ඇසුර මත ධන වාසි අත්වේ.නමුත් වැය පක්ෂය ඉහළ යා හැකිය.ලේඛනය, ව්‍යාපාර,කාර්මික හා අධ්‍යාපන කටයුතු ආදියෙහි නිරත වන්නන්ට වාසි අත්වේ.
රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.තනතුරු ලාභ අපේක්ෂාවෙන්  සිටින්නන් හට එම ලාභ පිළිබඳව සති අන්තය වන විට යහපත් පුවතක් අසන්න ලැබෙනු ඇත.
අධ්‍යාපනය -නව දේ ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.
යුග සැපත – වැඩිහිටි අය සමඟ ඇසුර වැඩිවේ .ඔවුන්ගේ උදව් උපකාර නොමඳව හිමිවේ.දරුවන් සම්බන්ධ සුළු සුළු කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.වාත අමාරු හා සෙම්  ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා



  • මීන ලග්නය


හදිසි තීන්දු තීරණ ගනියි.
සඳුගේ ග්‍රහණ තත්වය මත  උදාවන මෙම සතිය තුළ කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරයි.ඉක්මන් සහගත හදිසි තීන්දු ගන්නා  බැවින් හවුල් කටයුතු පිළිබඳව ප්‍රවේශම් වන්න.නමුත් කතාව නිසි ලෙස හසුරුවා ගැනීම තුලින් සහෘදයන් හා එක්ව යම් වාසිද අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.
ධනය – ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.නව ආයෝජන කෙරෙහි උනන්දු වන්න.
රැකියාව –  රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.ස්වර්ණාභරණ කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.නව මිතුරන් ඇතිවීම තුලින් වාසි සහගත බවක් ලැබේ.
අධ්‍යාපනය -මිශ්‍රඵල ඇතිවේ. සුළු බාධා වීම් ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.නව දේ ඉගෙනීමට සුබයි.
යුග සැපත – පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටහැකිවනු ඇත.දුදරු
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
Posted by Unknown On 3:40 AM


ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබ වෙත කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ දොලොස්වන දිග හැරුම මෙසේ සටහන් කරමු.

පහත ලින්ක් එක මඟින් එකොළොස්වන පාඩම් මාලාවට නැවත පිවිසිය හැකිය.

පසුගිය සතියේ අප ෂට්විද ආකාශ වස්තූන්ගෙන් නැප්චූන් ග්‍රහයා පිළිබඳව හඳුනාගතිමු.අද අප ඡායා ග්‍රහයින් යටතට ගැනෙන රාහු කේතු යන ග්‍රහ දෙපළගෙන්  රාහු ග්‍රහයා පිළිබඳව අපේ අවධානය යොමු කරමු. රාහු යැයි හඳුන්වන ග්‍රහයා හුදෙක්ම ජ්‍යෝතිෂමය සිද්ධාන්තයන්හි භාවිතාවෙන ග්‍රහයෙකි.

රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි මෙන් නොව රාහු – කේතු  දෙපළ ඡායා ග්‍රහයන් ලෙස හඳුන්වන සංකල්පීය ලක්ෂ්‍ය දෙකක් පමණයි. මෙම ලක්ෂ්‍ය දෙක වන්නේ පෘථිවිය සූර්යයා වටේ ගමන් කරනා කක්‍ෂයත්, චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන කක්ෂයත් කැපෙන ස්ථාන දෙකයි.ඇතැමුන් එය පෘථිවියේ සෙවනැල්ල වැටෙන ස්ථානයන් ලෙසත් අර්ථ දක්වනු ලබන මනඃකල්පිත ලක්ෂ්‍යයන් වේ.

ඒ අනුව රාහු හා කේතු නිරන්තරයෙන් පෘථිවිය දෙපස පිහිටයි. රාහුට අංශක 180ක් අෑතින් කේතු පිහිටයි. රාහු ලග්නයේ වන පළමු වැන්නේ හිටියොත් කේතු ඉන්නේ 7 වැන්නේ රාහු දෙවැන්නේ නම් කේතු 8 වැන්නේ. නැත්නම් රාහු 5 වැන්නේ නම් කේතු 11 වැන්නේ ආදී වශයෙනි. ඒ කෙසේ වෙතත් මේ දෙදෙනා ජන්මීන්ට සුබ අසුබ පල ලබා දීමේදී ඉතා ඉහළ බලපෑමක් කරනු ලබයි.

මොවුන්ගේ ග්‍රහ දෘෂ්ටිය  නැත්නම් දැක්ම තියෙන්නෙත් තමා කේන්දරයේ ඉන්න තැනින් පසු පසට.එයත් අනිත් ග්‍රහයින්ට වඩා විශේෂත්වයක්. පැරැණි යුගයේදී මෙම ග්‍රහ ද්විත්ත්යට රාශි හිමිකාරීත්වයක් දී නැතත් පසුකාලීනව රාහුට කන්‍යා රාශියත්, කේතුට මීන රාශියත් හිමි කර දී ඇත. ඔවුන් දෙදෙනා මේ රාශි දෙකට ස්වක්‍ෂේත්‍රය. බලවත්ය. මේ දෙදෙනා ඡායා ග්‍රහයා නිසා කිසිම ස්කන්ධයක් හෝ කිරණ විහිදුවන ශක්තියක් ඇති ග්‍රහයන් නොවේ. එම නිසා ප්‍රබලවම කිරණ විහිදුවන ග්‍රහයන් දෙපළ වන රවි හා සඳු රාහු කේතුගේ පරම සතුරන් ලෙස ජ්‍යෝතිෂයේ හඳුන්වනු ලබයි.මේ දෙදෙනා අන්ධකාරයේ නියෝජනයයි. ‘කරණ සතුරු’ මේ දෙපළ හඳුන්වන තවත් නමකි. ඒ වගේම 22 වැනි දෙර්කාණාධිපති, යෝග කාරක ග්‍රහයා, බාධක ග්‍රහයා වගේ දේවල්වලටත් මේ දෙන්නා අනිකුත් ග්‍රහයින් මෙන් සම්බන්ධ නැහැ. සමහර ජන්මපත්‍රවල ඇති ප්‍රබල දෝෂයක් වන කාලසර්ප යෝගයට සම්බන්ධ වන්නේද  මොවුන් දෙදෙනායි . ‘ශනි වන් රාහු කුජ වන් කේතු’ යැයි කියමනක්ද ඇත. එයින් කියැවෙන්නේ ශනිගේ ගතිගුණ රාහුටත් කුජගේ ගතිගුණ කේතුටත් ඇති බවයි.

අසුරයින්ගේ රජු යැයි ව්‍යවහාර කෙරෙන රාහු බලය සහ ශක්තිය අතින් කිසිම ග්‍රහයෙකුට දෙවැනි නොවේ.අවුරුදු 18 ක පමණ එනම් ග්‍රහයින්ගෙන් තෙවනුව වැඩිම මහ දශා කාලය හිමිවන්නේද රාහුටයි. රාහුට අන්වර්ථ නාම රාශියකි. එනම් අසුර, ස්වරභානු, රෞද්‍ර, ග්‍රහරාජ, ඝෝර රූප යනාදි වශයෙනි. රාහු වනාහි උද්වේග කර ගතිගුණ ඇති ග්‍රහයෙකි. තමා කේන්දරයේ තැන්පත් භාවයේ සිටින අනෙක් ග්‍රහයාගේ ගති ගුණ ආරෝපණය කර ගැනීමට මොහු හරි හපනෙකි. නාග හිසක් හා මනුෂ්‍ය ශරීරයක් ඇති රාහු විටක ඉතා දරදඬුය. සැර පරුෂය. හරිම වේගවත්ය. විටක මොළේ නැත්තකු සේ වැඩ කරයි. මොහු විවාහය කෙරෙහි ප්‍රබල බලපෑම් ඇති කරන බව ජ්‍යෝතිෂ මතයයි. නමුත් ඒ අසුබව 7 වැන්නේ සිටීම, හත දැකීම නිසයි. විවාහ ස්ථානයට සම්බන්ධ වූ විට එම ප්‍රතිඵල උදා කරනු ඇත. 5 වැන්නට සම්බන්ධ වීම දරුපලවලට හානිදායකය. මත්වතුර, දුම්වැටි, මත්කුඩු හා සම්බන්ධ ප්‍රධාන ග්‍රහයාද රාහුය. ජන්මියා ඇවිද්ද වීම රාහුගේ විනෝදාංශයකි. නමුත් රාහු හොඳට හිටියොත් විදේශ ගතවීම් ආදියටද භාග්‍ය උදාකරවයි.රැකියා ස්ථාන මාරුවීම්,විවාහ වීම් ආදිය රාහු දශාවේදී වැඩි වශයෙන් සිදුවේ.රාහු – කේතු දෙපළ නරකට සිටියහොත් මුළු ජීවිත කාලය පුරාවටම දුක්ඛිත ලෙස ගත කිරීමට සිදුවන බවද පුරාණ ග්‍රන්ථයන්හි සඳහන් වෙයි.

තමන් සමඟ සම්බන්ධ වන අනෙක් ග්‍රහයන්ගේ ගතිගුණ ඉදිරියට ගෙන යෑම රාහුගේ ස්වභාවයයි .රාශියේ ග්‍රහයෙක් නැත්නම්  රාශිය අධිපති ග්‍රහයා සමඟ හෝ  එක්ව තමන්ගේ වුවමනා එපාකම් ඉටු කර ගැනීමට රාහු දක්ෂයි. රාහු දශාව අධ්‍යාපනයට නම් හොඳ නැහැ. අධ්‍යාපනය කඩාකප්පල් කරවීමට බලයි. සර්ප දෘෂ්ටිය හදිසි අනතුරු, වස විස, අමනුෂ්‍යයන්, බන්ධනාගාර, කනවැන්දුම් බව, ආදර සම්බන්ධතා, වඳ බව, සැත්කම්, අක්ෂි රෝග, දේශපාලන කුමන්ත්‍රණ  ආදිය රාහු ග්‍රහයා නියෝජනය කරයි. 3/6/11 රාහුට සුබ භාවයන් වෙයි.

කන්‍යාවට ස්වක්ෂේත්‍ර වන අතර වෘෂභයට උච්චවේ.නීචය වෘශ්චිකයයි.අද සා සහ සියාවස නැකත් රාහුගෙන් පාලනය වේ.ගෝමේද ගල රාහු අපල සඳහා යොදාගනී.නාගර්ජුන යන්ත්‍රය විශේෂයි.

මීළඟ පාඩමින් කේතු පිළිබඳව හඳුනාගනිමු.