- මේෂ ලග්නය
දේපළ වැඩිදියුණු වේ.
කුජ මේ සතියේ සිංහ රාශි ගතව මේෂ සහ වෘෂභ නවාංශක වල ගමන් කරනු ඇත.කතා විලාශයේ මටසිළුටු බව අඩු වන අතර වාග් විලාශය සෘජු වේ.ඇසුරු කරන්නන් සමඟ මතභේදයන්ට තුඩු දිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
ධනය – සහෝදරයින් සම්බන්ධ කටයුතු වලදී ධන වාසි අත්වේ.
රැකියාව – ඇසුරු කරන්නන්ගේ සහයෝගය ලැබිය හැකිය.හැකිතාක් ඉවසිලිවන්තව සහ බුද්ධිමත්ව කටයුතු කිරීම තුලින් යහපත් ප්‍රතිපල ලැබිය හැකිය.
අධ්‍යාපනය -මිශ්‍රඵල ඇතිවේ.
යුග සැපත – ඥාතීන් අතර මතභේද ඇතිවීමට ඉඩකඩ තිබේ.විනෝද ගමන් හා සංචාර යෙදේ.රහස් සම්බන්ධතා ඇතිවිය හැකිය.
සෞඛ්‍ය – හිසේ අමාරු ඇති වීමේ හැකියාවක් ඇත.
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
- වෘෂභ ලග්නය
ඉතිරිකිරීම් වලට සුබයි.
වෙනදාට වඩා සිතේ උනන්දුව හා උත්සාහය ඇතිවේ.කල් ඇදෙමින් තිබූ කාර්යයන් කිහිපයක් කරගත හැකිවේ.
ධනය – කලා කටයුතු හා සම්බන්ධ අයට ධන වාසි අත්වේ.
රැකියාව – දැඩි උද්‍යෝගයකින් යුක්තව අන්‍යයන් හා සහයෝගයෙන් කටයුතු කළ හැකි සතියකි.තමන් යටතේ සේවය කරන අය සමඟ කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න.
අධ්‍යාපනය -දැඩි උනන්දුවක් ඇතිවේ.අළුත් දේ ඉගෙනීමට සිත යොමු වේ.
යුග සැපත – ඥාතීන් අතර සබඳතා වැඩි දියුණු වේ.ඔවුන්ගේ උදව් උපකාර නොමඳව හිමිවේ.මිතුරන් අතරද හොඳ හිත ඇතිවන අතර ගෙදර දොර යහපත් බවක් ඇතිවේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.
ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා
- මිථුන ලග්නය
ප්‍රසිද්ධියට පත්වේ.
ඉවසිලිවන්තව කටයුතු කල යුතු කාලයකි.අන්‍යයන්ගේ සහය නොමදව හිමිවේ.බුධගේ උච්ච ස්වභාවය තවදුරටත් ක්‍රියාත්මක වන අතර අන් අය අතර ප්‍රසිද්ධියට පත්වේ.
ධනය – වියදම් වැඩි වුවත් ලැබීම් වලට යහපත්ය.
රැකියාව – කම්කරු,ව්‍යාපාරික,ගුරුවරු හා ආරක්ෂක අංශවල නිරතවන අයට යහපත් කාල සීමාවකි.අස්ථාන චෝදනා එල්ලවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
අධ්‍යාපනය -සැහැල්ලු බවකින් යුක්ත වුවත් බාධා එල්ලවීම් ඇතිවිය හැකිය.
යුග සැපත – ගෘහ ජීවිතයේ පැවති අඩුපාඩු රැසක් සති අන්තය වනවිට සම්පූර්ණ කරගත හැකිවනු ඇත.දරුවන් හා සබදතා යහපත්වේ.විනෝද සංචාර සඳහා සුබයි.
සෞඛ්‍ය – පාදවල යම් යම් ආබාධ ඇතිවීම හා තුවාල සිදුවීමට ඉඩකඩ ඇත.
ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා
සුබ දිනය – බ්‍රහස්පතින්දා
- කටක ලග්නය
විනෝද සචාර වලට සුබයි.
අමතර වගකීම් දැරීමටත් තම අදහස් හා ඉලක්කයන් සාර්ථක කර ගැනීමටත් සුබදායී කාලවකවානුවකි.සඳු සහ සිකුරු පරිවර්තනයව යෙදෙමින් සියළු කටයුතු වල සුබදායී බවක් ඇතිකරවයි.
ධනය – වෘත්තීය සබදතා තුලින් ධන වාසි අත්වේ.
රැකියාව – විදේශ රැකියා අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉටුවේ. යහපත් පරිසරයක් නිර්මාණය වේ.
අධ්‍යාපනය -ශිෂ්‍යත්ව ආදිය ලැබීමට යහපත් කාලයකි.ක්‍රීඩා ඇතුළු තරඟකාරී කටයුතු වලින් ජය ලැබේ.
යුග සැපත – කලඑළි අතර ප්‍රශ්ණ වලට මැදිවී සිටින අයට ඒවායෙන් ගොඩ ඒමට යහපත් කාලයක් වනු ඇත.නෑ මිතුරු ඇසුර වැඩිවේ.පෙම්වතුන්ට සුබයි.
සෞඛ්‍ය – රෝගාබාධ ඇති අයට ඒවා සුව අතට පහළ වේ. යහපත්ය.
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
- සිංහ ලග්නය
කාර්යබහුල බව වැඩිවේ.
ගුරු සමඟ කුජ යෝගව ගමන් කරන මෙම සතියේ ප්‍රභූ ඇසුර මත දීර්ඝකාලීන වැඩකට මුල පිරිය හැක.ත්‍යාගශීලී බව වැඩි වේ.අඟහරුවාදාගෙන් පසු වඩාත් සුබයි.
ධනය – ව්‍යාපාරිකයින්ට ආර්ථික ගැටළු ඇතිවීමට හැකිය.
රැකියාව – නායකත්වය ගෙන කටයුතු කරයි.කාර්මික ක්ෂේත්‍රයේ නිරත අයට වඩාත් යහපත්ය.
අධ්‍යාපනය -නව අධ්‍යාපන කටයුතු සඳහා සිත් යොමුවේ.
යුග සැපත -ඉඩම් ආරවුල් හෝ නීතිමය ප්‍රශ්ණ වලට විසඳුම් ලැබේ.අඹු සැමි සබදතා යහපත්ය.දරුවන්ගේ කටයුතු කෙරෙහි ප්‍රමාදවීම් ඇතිවිය හැකිය.
සෞඛ්‍ය – පපුවේ අමාරු සහ රුධිර ගත රෝග ඇති අය ප්‍රවේශම් වන්න.
ජය අංකය -01
සුබ දිනය – ඉරිදා
- කන්‍යා ලග්නය
ශාස්ත්‍රීය කටයුතු වල යහපත් බවක් ඇතිවේ.
සතුරු කුමන්ත්‍රණ වලින් ප්‍රවේශම් වන්න.සිතේ ස්ථිර බව අඩුවේ.බුද්ධ නවාංශක බලයෙන්ද බලවත් වන අතර සති අග වන විට ශාස්ත්‍රීය කටයුතු සඳහා යහපත්ය.
ධනය – කලා කටයුතු හා සම්බන්ධ අයට ධන වාසි අත්වේ.
රැකියාව – දේශපාලන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි නිරත අයට යහපත්ය.විසිතුරු භාණ්ඩ හා රෙදි පිළි ආශ්‍රිත දේවල නිරත වන යටත් යහපත් කාල වකවානුවකි.
අධ්‍යාපනය -මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කරයි.කාර්යබහුල බවක්ද ඇතිවේ.
යුග සැපත – ඉඩම් ගණුදෙනු ඇතිවේ.යහපත් දරුපල හා ප්‍රේම සබදතා වලට යහපත්ය.
සෞඛ්‍ය – සතුරන්ගෙන් ප්‍රවේශම් කරන්න.
ජය අංකය -05
සුබ දිනය – බදාදා
- තුලා ලග්නය
නව රැකියා අවස්ථා උදාවේ.
දෛනික කටයුතු වල උනන්දුව අඩුව ගොස් උදාසීන ගති ඇති කරවන සතියකි.එනමුදු සඳු සිකුරු පරිවර්තන යෝගය හා එයට 10 වැන්නේ සම්බන්ධය මත රැකියා ලාභ සහ උපකාර රැසක් හිමිවන සමයකි.
ධනය – කොන්ත්‍රාත් කටයුතු වල යෙදෙන්නන්ට ධන වාසි අත්වේ.ණය මුදල් හිමිවේ.
රැකියාව – අන් අයට තම රාජකාරි පවරන තත්වයක් ඇති කරවයි.නව රැකියා අපේක්ෂා කරන්නන්ට යහපත්ය.
අධ්‍යාපනය -මන්දෝත්සාහී බවක් පෙන්නුම් කරයි.කලා අංශයන්ට යහපත්ය.
යුග සැපත – අඹු සැමි සබදතා තර වේ.නව ප්‍රේම සබදතා වලට යහපත්ය.වැඩිහිටි ආශිර්වාදය ලැබේ.
සෞඛ්‍ය – සෙම් රෝග ඇති විය හැකියි.ජලයෙන් ප්‍රවේශම් වන්න.
ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා
- වෘශ්චික ලග්නය
ව්‍යාපාර වලට සුබයි.
වාණිජමය වාසි අත්වන සතියකි.දාන මාන ආදියට සහභාගී වෙමින් ආගමික අංශ කෙරෙහි වැඩි භක්තියක් දක්වන කාල සීමාවක් වේ.බලාපොරොත්තු කිහිපයක් සාර්ථක අයුරින් ඉටු කර ගත හැකිවනු ඇත.
ධනය – වාණිජමය වාසි රැසක් මෙන්ම මූල්‍ය වාසි රැසක් අත්විය හැකියි.ව්‍යාපාර සඳහා සුබයි.
රැකියාව – ස්ථාන මාරු බලාපොරොත්තුවෙන් සිටි අයට යහපත් ප්‍රතිඵල ලැබේ.ඉඩම් හා වැවිලි කර්මාන්ත කටයුතු වල නිරත වන්නන්ට සුබයි.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.
යුග සැපත – විවාහය සම්බන්ධ කටයුතු කෙරෙහි එතරම් සුබ නොවේ.නිවැසියන් කෙරෙහි දක්වන අවධානය වැඩි කරගත යුතුය.
සෞඛ්‍ය – පිටකොන්දේ ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
ධනු ලග්නය
වෘත්තීය ජයග්‍රහණ හිමිවේ.
ධර්ම කර්මාධිපති යෝගය උදාවීමත් සමඟ විශේෂ වරප්‍රසාද රැසක් හිමිවේ.ආවේගශීලීව කටයුතු කරන කාලවකවානුවකි.ඉවසීමෙන් කටයුතු කරන්න.
ධනය -නව ආයෝජනයන්ට මේ සතිය සුදුසු නොවේ .
රැකියාව – ශාස්ත්‍රීය අංශවල නිරත වන්නන්ට යහපත් ප්‍රතිඵල ලැබේ.
අධ්‍යාපනය -යහපත් සතියකි.වැඩ කල් නොදමා එදිනෙදා වැඩ එදාම කරන්න.
යුග සැපත – පෙම් සබදතා වැඩි දියුණු වේ.දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.
සෞඛ්‍ය – සෙම් රෝග හෘදයාබාධ ඇති අය ප්‍රවේශම් වන්න.
ජය අංකය -05
සුබ දිනය – බදාදා
- මකර ලග්නය
අනපේක්ෂිත ලාබ අත්වෙයි.
මානසික සෘජු බවක් ඇති කරයි.නව මිතුරු සබදතා තුළින් යහපත් ප්‍රතිඵල අත් විය හැකිය.
ධනය – අමතර ආදායම් මාර්ග උදාකර ගැනීමටත් නව ව්‍යාපාර සඳහාත් සුදුසුය.
රැකියාව -පුරාවිද්‍යා ගවේෂණ කරන අයට කැණීම් කටයුතු කරන අයට යහපත්ය.අළුත් දේ සොයාගත හැකිවෙයි.ගුප්ත විද්‍යාවන්හි නිරත අයටද යහපත්ය.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.
යුග සැපත -පෙම් සබදතා වලට යහපත්ය.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.
සෞඛ්‍ය – උදරාබාධ හට ගත හැකියි.ආහාර පිලිබඳ සැලකිලිමත්වන්න.
ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා
- කුම්භ ලග්නය
සමාජයෙන් පැසසුමට ලක්වේ.
හවුල් කටයුතු කෙරේ උදාසීන බවක් ඇති කලද කාර්යශුර බව නිසා දියුණුවේ පෙරනිමිති පහල වේ.
ධනය – වැය පක්ෂය ඉහල යන අතර ලැබෙන ප්‍රතිලාභයන් පිළිබඳව දක්වන උනන්දුව වැඩි කර ගත යුතුය.
රැකියාව – කෘෂිකර්මාන්තය සහ දේපළ වෙළදාම් වල නිරත වන්නන්ට යහපත්ය.අළුත් පෙළඹේ.
අධ්‍යාපනය -යහපත්ය.දිගු කාලීන පාඨමාලාවන්හි නිරත වන්නන්ට වඩාත් සුබදායී සතියකි.
යුග සැපත – ගේ දොර ජීවිතය බොහෝ දුරට සන්සුන් වේ.ස්ථාවර තීරණ ගැනීමට පෙළඹේ.
සෞඛ්‍ය – උදරගත ඌෂ්ණාධික තත්වයන් ඇති කරවයි.
ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා
- මීන ලග්නය
ගමන් බිමන් අධික වේ.
ප්‍රසිද්ධිය හා අන්‍යයන් අතරේ කැපී පෙනෙන තත්වයන් ඇති කරවයි.සාමූහික කටයුතු වලින් යහපත් ප්‍රතිඵල අත්වේ.
ධනය -නව ආදායම් කෙරෙහි සිත යොමු කිරීමෙන් වාසි අත් කර ගත හැකි කාලවකවානුවකි.
රැකියාව – විධායක ක්ෂේත්‍රයන්හි නියුතු අයටත් කර්මාන්ත හා තාක්ෂණික අංශයන්හි නියුතු යටත් සුබ පල ලැබේ.සංචාරක ව්‍යාපාර වලින්ද වාසි අත්වේ.
අධ්‍යාපනය -යහපත්ය.ශිෂ්‍යත්ව හිමිකරගත හැකි කාලයකි
යුග සැපත – ගේ දොර ජීවිතය තුළ තිබූ අධික බලපෑම් ඉවත්වේ.නව ප්‍රේම සබදතා වලට යහපත්ය.
සෞඛ්‍ය – ඌෂ්ණාධික හා වියළි කැස්ස තත්වයන් ඇති කරවයි.
ජය අංකය -07
සුබ දිනය – සිකුරාදා
0 අදහස් දැක්වීම්:
Post a Comment