ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබ වෙත කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ දහතුන් වන දිග හැරුම මෙසේ සටහන් කරමු.
පහත ලින්ක් එක මඟින් දොළොස්වන පාඩම් මාලාවට නැවත පිවිසිය හැකිය.
http://www.anuhasastrology.com/?p=1864
පසුගිය සතියේ අප අප ඡායා ග්‍රහයින් යටතට ගැනෙන රාහු කේතු යන ග්‍රහ දෙපළගෙන් රාහු ග්‍රහයා පිළිබඳව අපේ අවධානය යොමු කළෙමු.රාහු සහ කේතු(Lunar node) සෙවනැලි ග්‍රහයෝ ය. එනම් මෙම ග්‍රහයෝ ඇත්තවශයෙන්ම ස්කන්ධයක් ලෙස පවතින්නෝ නොවෙති. රාහු යැයි හඳුන්වන ග්‍රහයා මෙන්ම කේතු ද හුදෙක්ම ජ්‍යෝතිෂමය සිද්ධාන්තයන්හි භාවිතාවෙන ග්‍රහයෙකි.
කේතුගේ මහ දශා කාලය වර්ෂ 7කි. දශාවෙහි අග භාගයේදී කේතුගේ බලපෑම දැකිය හැකි බව ජ්‍යෝතිෂ නියමයි. කේතු රාහු වගේ නෙවෙයි. රාහු වේගවත් වුණාට කේතු හරිම මන්දගාමියි. නැඟී සිටින්න නම් හරි අමාරුයි. ප්‍රසිද්ධියටත් හරිම අකැමැතියි. කේතු ජ්‍යෝතිෂය, මන්ත්‍ර, චපල බව, භාග්‍ය, දිළිඳු බව, මූර්ඡා වීම, සැකය හා මෝක්ෂය. රහස් කුමන්ත්‍රණ, මසුරු බව, බොරුව, අන්ධ විශ්වාසය, තපස, මායාව, ගොත ගැසීම සහ වසංගත රෝග ආදිය නිවේදනය කරයි.කේතුට 3/5/11/12 සුබදායී රාශි වෙයි.
බඹ යන නමින් හැඳින්වෙන කේතුගේ හිස මනුෂ්‍යයෙකුගේ මෙන්ද ශරීරය නයෙකු මෙන්ද හඳුන්වා දී ඇත.කේතු අධ්‍යාපන කටයුතු සහ ඉගෙනීමට යහපත උදාකරවයි.කුමන දුර්වල කම් කළද සිහි බුද්ධියට ඉගෙනීමට කේතු උදව් කරවයි.
රාහු මෙන්ම තමන් සිටි රාශියේ ස්වභාවය හෝ යෝගවූ ග්‍රහයාගේ ස්වභාවයට අනුව ක්‍රියා කරයි.නොගැලපෙන සම්බන්ධතා ඇති කරවයි.නින්දා අපහාස සහ වඳ බව ඇති කරවීමට ප්‍රධානය.
කෙතුට අයත් පාෂාණය වෛරෝඩිය වේ.මීනයට ස්වාක්ෂේත්රයි.වෘශ්චිකයට උච්චයි.වෘෂභයට නීචයි.මා, මුල, අස්විද යන නැකත් කේතුගෙන් පාලනය වේ.
මීළඟ පාඩමින් අප ප්ලූටෝ පිළිබඳව හඳුනාගනිමු.
0 අදහස් දැක්වීම්:
Post a Comment