Posted by Unknown On 1:23 AM


  • මේෂ ලග්නය


උසස් අය හා සබඳතා.
ඔක්තොම්බර් 14 දිනෙන් පසු වාසි සහගත තත්ව ඇතිවිය හැකිය.කතාව තුලින් යම් වාසි අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.අතගසන කාර්යයන් සාර්ථක වේ.
ධනය – ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.හිතමිතුරන්ගේ සහයෝගය හිමිකරගත හැකිවේ.
රැකියාව –  රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.කාර්මික කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.
අධ්‍යාපනය -යහපත්ය. සුළු බාධා වීම් මුල් දිනවල ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.
යුග සැපත – පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටත් කටයුතු සාර්ථක කරගැනීමටත් යහපත් වටපිටාවක් නිර්මාණය වේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකිය.උරහිස් අමාරු ඇතිවිය හැකිය.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා


  • වෘෂභ ලග්නය


ලැබීම් ඇතිවේ.
ඉවසීම තරමක් ප්‍රගුණ කල යුතු කාලයකි.ගන්නා සෘජු තීන්දු තීරණ යහපතට හේතු වනු ඇත.නිහඬව තම දෛනික කටයුතු ඉටු කරයි.
ධනය -ධන වාසි අත්වේ.නමුත් වැය පක්ෂය ඉහළ යා හැකිය.ව්‍යාපාර කටයුතු ආදියෙහි නිරත වන්නන්ට වාසි අත්වේ.නිහඬ ලැබීම් වලට හිමිකම් පවතී.
රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.තනතුරු ලාභ බලාපොරොත්තුව සිටින්නන් හට එම ලාභ අත්වේ.
අධ්‍යාපනය – ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.
යුග සැපත – වැඩිහිටි අයගේ උදව් උපකාර නොමඳව හිමිවේ.දරුවන් සම්බන්ධ කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.දණහිස් ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා


  • මිථුන ලග්නය


වාසි සහගත ආයෝජන.
නව ආයෝජන වලින් ජය ලැබෙන කාල වකවානුවකි.ජීවිතයේ ඉදිරිය පිළිබඳව වැදගත් තීන්දු තීරණ රැසක් ගනී.ආර්ථිකය සම්බන්ධව වැදගත් තීන්දු තීරණ ගනී.
ධනය – ලැබීම් වලට යහපත්ය.මුල් දින කිහිපය පසුවත්ම ඉතිරියක් කෙරෙහි උනන්දු විය හැකිය.
රැකියාව – අධ්‍යාපන, හෝටල් හා කාර්මික අංශයන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.
අධ්‍යාපනය – අධ්‍යාපනයට සුබයි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ගත හැකිවෙයි.
යුග සැපත – යහපත් සිතුවිලි වර්ධනය වන කාලයකි.විනෝද ගමන් වන්දනා ගමන් සඳහා යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.
සෞඛ්‍ය – නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා


  • කටක ලග්නය


සතුරු කරදර වලින් මිදේ.
මුල් දින කිහිපය තරමක් ව්‍යාකුල වටපිටාවක්  ඇතිකරවන  කාලවකවානුවක් වන අතර ඔක්තොම්බර්  14 දිනෙන් පසු යහපත් ප්‍රතිපල ඇතිවේ.සතුරු කරදර වලින් මිදේ.
ධනය – ධන වාසි අත්වන නමුත් වියදමද වැඩිවිය හැකිය.සති අග වනවිට එම තත්වය වෙනස් වේ.
රැකියාව –  අධ්‍යාපන කාර්මික ගොවිතැන් ආශ්‍රිත ව්‍යාපාර වල  නිරත වන්නන්ට වඩාත් යහපත්ය.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් සිත එක අරමුණක තබා ගැනීමට තරමක් අපහසුය.සති අග වන විට තත්වය වෙනස් වේ.
යුග සැපත – නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.සතුරු කරදර හීන වී යයි.අඹු සැමි සබදතා යහපත් වේ.
සෞඛ්‍ය – හන්දිපත් අමාරු, උරහිස් අමාරු හා සෙම් රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා


  • සිංහ ලග්නය


ප්‍රසිද්ධියට පත්වේ.
නායකත්වය නිතැතින්ම හිමිවේ.පිරිස් අතර ප්‍රසිද්ධියට පත්වේ.උත්සාහවන්ත ලෙස තම කටයුතු වල දක්ෂ ලෙස නිරත වෙයි.
ධනය – ආර්ථිකය යහපත්ය.ඔක්තොම්බර් 15 න් පසු වඩාත් යහපත්ය .හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීමට නිතර සිදුවේ.
රැකියාව –  වැටුප් වැඩිවීම් සහ උසස්වීම් හිමිවීමේ ඉඩකඩක් පවතී.යහපත් රැකියා වටපිටාවක් නිර්මාණය වේ.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනී යන අතර විභාග ජය සම්මුඛ පරීක්ෂණ ජය අත්වනු ඇත.
යුග සැපත -පෙම් කරන්නන් හට සුබදායී වටපිටාවක් සැකසේ.ගමන් බිමන් අධික වේ.දරුවන් හා ගත කරන කාලය අඩුවේ.පවුලේ හිතවතුන් වෙනුවෙන් උපකාර කරයි.
සෞඛ්‍ය – හිසේ කැක්කුම් උදරා බාධ ආදියට ඉඩ ඇත.පැවති රෝග සුව අතට හැරේ.

ජය අංකය -01
සුබ දිනය – ඉරිදා


  • කන්‍යා ලග්නය


අන්‍යන් හා හොඳ හිත වර්ධනය වේ
නව සබදතා වැඩි දියුණු කරගැනීමට යහපත්ය.ආගමික කටයුතු කෙරේ දැඩි ඇල්මක් සහ ඉඩකඩක් ඇතිවේ.බොහෝ දෙනා අතර හොඳ හිත සුහදතා වර්ධනය වේ.
ධනය – ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට කෘෂිකාර්මික අංශයන්ට ධනය යෙදවීමට සහ එතුලින් ආදායම් ලැබීමට යහපත්ය.
රැකියාව – අධ්‍යාපන, හෝටල් ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උගතුන්ගේ උපදෙස් හා උපකාර ලැබේ.
අධ්‍යාපනය -කාර්යබහුල බවක් ඇතිවේ.සති අග වන විට යහපත් ප්‍රතිඵල අත්වේ.විභාග හා සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ හිමිවේ.
යුග සැපත – ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන්ට සුබයි.දරුවන්ට යහපත්ය.මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.සාමකාමී පරිසරයක්  නිවස තුල ගොඩනැගේ.
සෞඛ්‍ය – ඌෂ්ණාධික ස්වභාවයන් හා උදරගත  රෝග තවදුරටත් ඇතිවිය හැකිය.

ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා


  • තුලා ලග්නය


ස්වයං ව්‍යාපාර වලට සුබයි.
උද්‍යෝගය හා කර්යශුරත්වය වැඩි වන අතර ස්වයං ව්‍යාපාර වලට සුබයි.නව ජීවනෝපායන් වෙත පිවිසීමට හැකිවේ.හිතවතුන්ගේ සහය හිමිවේ.
ධනය – ලැබීම් වලට යහපත්ය.මිතුරන් වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීමට කරුණු යෙදේ.
රැකියාව –  විශේෂ වරප්‍රසාද හිමිවන අතර රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.උසස්වීම් ආදියට යහපත්ය.
අධ්‍යාපනය -හිතමිතුරන්ගේ උදව් උපකාර හිමිවේ.අළුත් දේ ඉගෙනීමට සිත යොමු කරවීමට සුදුසු කාලයකි.
යුග සැපත – අවිවාහක අයට මංගල යෝග යෙදේ.අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් හා උදරගත අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න

ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා


  • වෘශ්චික ලග්නය


මූල්‍ය වාසි අත්වේ.
අතපසු වූ කාර්යයන් බොහොමයක් ඉටු කර ගත හැකිවනු ඇත.හිත මිත්‍රාදීන්ගේ නිරන්තර සහයෝගය සැමවිටම හිමිවන එතුලින් මූල්‍ය වාසි අත්වේ.
ධනය -ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගෙන යාමට හැකිවේ.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩ ඇත.
රැකියාව – සංචාරක සේවා හා අධ්‍යාපන අංශයන්හි නිරතවන අයට වාසි අත්පත් වන අතර එතුලින් වාසි අත්වේ.වචනය පිළිබඳව ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය -බාධා අවමවේ.උනන්දුව හීන වීමක් සතිය මුලදී  ඇතිවිය හැකි නමුදු විභාග ජය අත්වීමට නියමිතයි.
යුග සැපත – දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.
සෞඛ්‍ය – හෘද  රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා


  • ධනු ලග්නය


උරුම හිමිකම් ලැබේ.
උසස් පුද්ගල ඇසුර තුලින් වාසි අත්වේ.අන් අයගේ හොඳ හිත දිනාගනී.නව හිත මිතුරන් හඳුනාගත හැකි කාල වකවානුවකි.පාරම්පරික උරුම හිමිකම් හිමිවන කාලයකි.
ධනය – ධන ලාභ සතිය අග වන විට හිමිවේ.ආයෝජන සඳහා යොමුවීමට සුදුසුය.
රැකියාව –  හෝටල් ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට වඩා යහපත් වේ.
යුග සැපත – පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැය පස අධික වේ.
සෞඛ්‍ය – රෝගාබාධ යහපත් අතට හැරේ.හන්දි අමාරු ඇති අය ප්‍රවේශම් වන්න

ජය අංකය -01
සුබ දිනය – ඉරිදා


  • මකර ලග්නය


අහඹු වාසි අත්වේ.
අතපසු වූ කාර්යන් ඇරඹීමට යහපත් කාල සීමාවක් වනු ඇත.එතුලින් අහඹු වාසි අත්විය හැකිය.මිතුරන්ගේ සහ හිතවතුන්ගේ සහය හිමිවනු ඇත.
ධනය – ඉතිරිකිරීම් වලට වැඩි ඉඩකඩක් ඇති වන මුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -.විනෝදයට බර වේ.රැකියාවට තිබූ බාධා ඉවත්වේ.උද්වේගකාරී අවස්ථා ඇතිවේ.ඉවසීම ප්‍රගුණ කරන්න.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග වනවිට එයින් සුබදායී ප්‍රතිපල හිමිවේ.
යුග සැපත -.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර හොඳ හිත ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.දරුවන් කෙරෙහි වැඩි කාලයක් ගත කරනු ඇත.
සෞඛ්‍ය – .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ සැලකිලිමත්වන්න.සති අග විශේෂයි.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා


  • කුම්භ ලග්නය


මංගල යෝග උදාවේ.
වගකීම් අධිකව යෙදෙන කාලයකි.මිතුරන්ගෙන් උදව් උපකාර පැමිණිය හැකි අතර  ඇතැම් විටක නොසිතූ බාධක පැන නගී.නමුත් සති අගවන විටදීමේ තත්වය වෙනස්ව යහපත් අතට හැරේ.
ධනය -වැය පස තවදුරටත් ඉහළ යන අතර සති අගවන විට නව  මාර්ග සඳහා යහපත්ය.
රැකියාව –  කාර්යබහුල කාලයකි.රැකී රක්ෂාවන් වෙනුවෙන් වැඩි කැපකිරීමක් සිදු කරන අතර එයින් පල ප්‍රයෝජනරැසක් ලැබේ.
අධ්‍යාපනය – තරඟ විභාග සඳහා ඉදිරිපත්වීම සුබයි.යහපත් අධ්‍යාපන පසුබිමක් නිර්මාණය වේ.නව අත්හදා බැලීම් වලට යහපත්ය.
යුග සැපත – අඹු සැමි සබදතා තර වේ.පෙම් කරන්නන්ට යහපත් කාලයකි.මංගල යෝග උදාවන කාල වකවානුවකි.ඈත ගමන් බිමන් වලදී ප්‍රවේශම් වන්න.
සෞඛ්‍ය –  ඌෂ්ණාධික හා  කැස්ස උරහිස් අමාරු තත්වයන් තවදුරටත් ඇති කරවයි.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා


  • මීන ලග්නය


අභියෝග රැසක්.
විවේකය අඩුවේ.එදිනෙදා ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම වඩාත් සුදුසුයි.
ධනය – වැය පක්ෂය ඉහල යන නමුත් අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අගවත්ම යහපත් අතට හැරේ.
රැකියාව –  නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතුවක්කාරී තීරණ ගැනීමට සිතේ.හිත මිතුරන්ගේ උදව් උපකාර නිතර හිමිවේ.උගතුන් ඇසුරට ලැබේ.
අධ්‍යාපනය -තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.
යුග සැපත – අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.දුර බැහැර ගමන් ඇතිවේ.
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.පාද ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා

0 අදහස් දැක්වීම්:

Post a Comment