Posted by Unknown On 1:58 AM


ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබ වෙත කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ දාහතරවන  වන  දිග හැරුම මෙසේ සටහන් කරමු.

පහත ලින්ක් එක මඟින් දහතුන්වන පාඩම් මාලාවට නැවත පිවිසිය හැකිය.

පසුගිය සතිවල අප රාහු සහ කේතු පිළිබඳව කතා බහ කළෙමු.අද අප ප්ලූටෝ පිළිබඳව හඳුනාගනිමු.විකිපීඩියා ආදී නිදහස් විශ්වකෝෂ වල මෙන්ම අන්තර්ජාලයේද පහත පරිදි ප්ලූටෝ පිළිබඳව සඳහන් වේ.

ප්ලූටෝ 134340 Pluto වශයෙන් නම් කර ඇති අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම වාමන ග්‍රහලෝව වේ(ඒරිස්ට පසුව). එය සූර්යයා වටා සෘජුවම කක්ෂ ගතවී ඇති දසවැනි විශාලතම ග්‍රහලෝව වේ. එය මුලින්ම ග්‍රහලොවක් වශයෙන් හඳුනාගන්නා ලද මුත් ප්ලූටෝ දැන් හඳුන්වන්නේ (kuiper belt) කුයිපර් වළල්ලේ විශාලතම සාමාජිකයා වශයෙනි. කුයිපර් වළල්ලේ ඇති අනෙකුත් වස්තු මෙන්ම ප්‍රාථමිකව ගල් කැබලි හා අයිස්වලින් සැදී ඇති අතර එය සාපේකෂව ප්‍රමාණයෙන් කුඩාවේ සද මෙන් පහෙන් එකක ස්කන්ධයෙන් හා තුනෙන් එකක පරිමාවෙන් ප්ලූටෝ සමන්විත වේ.

 ප්ලූටෝ සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 30 – 49 (AU) (4.4 – 7.4 billion km) දුරකින් පිහිටි අතර එම නිසා ඇතැම් විට එය නෙප්චූන්ට වඩා සූර්යයාට ආසන්න වේ. ප්ලූටෝ හා එහි විශාලතම චන්ද්‍රයා වන කාරෝන් ද්විත්ව යුගලයක් ලෙස සලකයි මන්ද එවිට එම යුගල‍ෙය් පොදු ගුරුත්ව කේන්ද්‍ර වස්තු දෙකෙන් එකක් තුලවත් නොපිහිටයි.

අන්තර් ජාතික අභ්‍යවකාශ සංගමය [(International Astronomical Union (IAU)] විසින් ද්විත්ව වාමන ග්‍රහලෝකවලට අර්ථ දැක්වීමයක් තවමත් ඉදිරිපත් කර නොමැති අතර එය නීති‍යක් වශයෙන් ප්‍රකාශ වන ‍තෙක් පවතී. කාරෝන් ප්ලූටෝගේ චන්ද්‍ර‍යෙක් වන අතර 2005 දී සොයාගන්නා ලද තවත් කුඩා චන්ද්‍රයින් දෙ‍දෙනෙකු වන නික්ස් හා හයිඩ්‍රා ද ප්ලූටෝගේ චන්ද්‍රයන්‍ වේ.ප්‍රමාණයෙන් කුජට වඩා කුඩාය.

1930 ප්ලූටෝ සොයාගැනීමේ සිට 2006 දක්වාම එය සෞරග්‍රහ මණ්ඩලයේ 9 වන ග්‍රහලොව විය. ඉන්පසු 20 වන සියවස අගභාගයේ දී හා 21 වන සියවස මුල් භාගයේ දී ප්ලූටෝට සමාන වෙනත් වස්තු විශාල ප්‍රමාණයක් සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට සොයාගන්නා ලදී. එහිදී විසිරුණු තැටියෙහි වූ ඒරිස්ගේ සොයාගැනීම සඳහන් කළ යුතු වේ. එය ප්ලූටෝ මෙන් 27% විශාල විය. 2006 අගෝස්තු 24වන දින IAU විසින් ග්‍රහලොවකට අර්ථ දැක්වීමක් සපයන ලදී. එහිදී ප්ලූටෝ එම අර්ථ දැක්වීමට අනුකූලව ක්‍රියා කිරීමට අපොහොසත් විය. එම නිසා එය වාමන ග්‍රහලොවක් වශයෙන් එරිස් හා සිරිස් සමග වෙන් කරන ලද අතර ඉන් පසුව ප්ලූටෝ කුඩා ග්‍රහලොවක් වශයෙන් නම්කොට 134340 අංකය ලබා දෙන ලදී.

අප පැරණි සෘෂි වරුන් විසින් “යම” යනුවෙන් හැඳින්වූයේ ප්ලූටෝ ග්‍රහයාය.කාකබුජන්දර මහ සෘෂිවරයා විසින් දැනට අවුරුදු 6000 කට පෙර කන්දකන් යන ද්‍රවිඩ නමින් හැඳින්වූයේ ද ප්ලූටෝය.ප්ලූටෝ පිළිබඳව පුරාණ දේවකතා වල සඳහන් වන්නේ පිටස්තර දේශයේ දෙවියා හෙවත් මළවුන් පාලනය කරන්නා වශයෙනි.කුජට සමාන මහා විනාශකාරී ග්‍රහයෙක් හැටියට සලකයි.ප්ලූටෝ ගේ බලපෑම නිසා පරමාණු විප්ලවය ආරම්භ වූ බවටද මතයක් පවතී.තවමත් හරියාකාරව ප්ලූටෝ පිළිබඳව සොයාගෙන නොමැත.

ඇතැම් පොත්පත්වල ප්ලූටෝ වෘශ්චික රාශියට අධිපතියා ලෙස සැලකුවද ඇතැම් පොත් පත්වල සඳහන් වන්නේ මේෂ රාශියට අධිපතියා වශයෙනි.උච්ච රාශිය සිංහය වන අතර නීච රාශිය කුම්භය ලෙසද හඳුන්වයි.

1 comment: