මේෂ ලග්නය
නව ආයෝජන වලට වැඩි ඉඩක්.
නව ආයෝජන රැසකට යොමු වේ.බුද්ධිමත්ව සිතා බලා තීන්දු තීරණ රැසක් ගන්නා කාලයකි.මිතුරන්ගේ සහ හිතවතුන්ගේ සහය හිමිවනු ඇත.අන්‍යයන් හා සුහද වීම තුලින් එදිනෙදා කටයුතු රාශියක් පහසුවෙන් ඉටු කරගත හැකිවනු ඇත.
ධනය – ඉතිරිකිරීම් වලට වැඩි ඉඩකඩක් ඇති වන මුත් වැය පස ඉහළ යයි.විසිතුරු දේ සඳහා වියදම් වැඩිවනු ඇති.නිහඬව තම කටයුතු වලින් ප්‍රගතියක් ලබයි.
රැකියාව -.මත ගැටුම් නිර්මාණය වීමට හැකියාවක් ඇති වුවද අන් අයගේ සහයෝගය හිමිවේ.සති අග උසස්වීම් වලට සුදුසු වටපිටාවක් නිර්මාණය වේ.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.විසිතුරු දේ පිළිබඳව ඉගෙනීමට හැකිවේ.පොත පත කෙරේ දැඩි උනන්දුවක් ඇතිවේ.
යුග සැපත -.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර හොඳ හිත ඇතිවිය හැකිය.දරුවන් කෙරෙහි වැඩි කාලයක් ගත කරනු ඇත.නව දරු සම්පත් අපේක්ෂා කරන අයට යහපත්ය.
සෞඛ්‍ය – .උදරගත අජීර්ණ තත්වයන් ඇතිවිය හැකියි .සති අග විශේෂයි.
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
වෘෂභ ලග්නය
අධිෂ්ඨානයෙන් ඉදිරියටම.
එදිනෙදා කටයුතු කෙරේ දැඩි උද්යෝගයක් අධිෂ්ඨානයක් ඇතිවන සතියකි.නිවාස හා වාහන සම්බන්ධ දේවලින් වාසි ලැබෙනු ඇත.විනෝද විය හැකි අවස්ථා ඇතිවේ.ආගමික කටයුතු වලට සිත යොමු කරවයි.
ධනය – වැය පක්ෂය ඉහල යන නමුදු ප්‍රයෝජනවත් දෙයක යොදවන අයුරක් නොපෙන්වයි.සති අග විශේෂයි.
රැකියාව – හිතුවක්කාරී තීරණ ගැනීමට පෙළඹිය හැකිය.හිතමිතුරන්ගේ අදහස් විමසමින් කටයුතු කිරීම යහපත්ය.
අධ්‍යාපනය -යහපත්ය.සූක්ෂම දේ ඉගෙනීමට හොඳයි.සති අග විශේෂයි.
යුග සැපත – අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.මංගල යෝජනාවන් ඇත්නම් ඒ කෙරෙහි ඇති උනන්දුව අඩුව යා හැකි බැවින්
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් සහ ශරීරය වෙහෙසකරවන මහන්සි ගති ඇතිවේ.
ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා
මිථුන ලග්නය
වචනය තීව්‍ර වේ.
වචනය වේගවත් වේ.අන්‍යයන් තේරුම් ගැනීම පිළිබඳව අවබෝධ කරගැනීම පිළිබඳව විෂමාකාර තත්වයක් මුල් දිනයන්හි පෙන්වයි.නව බලාපොරොත්තු බොහොමයක් ඉටු කරගත හැකිවේ.සති අග වන විට සුහදශීලිත්වය වැඩි වේ.එතුළින් අන් අයගේ සිත දිනාගනු ඇත.
ධනය – වැය පක්ෂය ඉහල යන නමුත් අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අගවත්ම යහපත් අතට හැරේ.
රැකියාව – නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.සෘජු මූල්‍ය ගණුදෙනු වලට සම්බන්ධ නොවී සිටීම යහපත්ය.නිහඬවම තම කටයුතු කරගෙන යනු ඇත.
අධ්‍යාපනය -තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.
යුග සැපත – අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.දුර බැහැර විනෝද ගමන් ඇතිවේ.නව දරු උපත් සඳහා සුදුසුය.
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.ජලයෙන් ප්‍රවේශම් වන්න.
ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා
කටක ලග්නය
ආවේගශීලී වේ.
කේන්ති යන ස්වභාවයන් ඇතිවේ.මනසට නිදහසක් නැති අවිවේකී බවක් ඇති වුවද සති අගවත්ම යහපත් අතට හැරේ.ආවේගශීලී බව පාලනය කිරීම සුදුසුය.ආගමික කටයුතු කෙරේ දැඩි ඇල්මක් සහ ඉඩකඩක් ඇතිවේ.
ධනය – ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට කෘෂිකාර්මික අංශයන්ට ධනය යෙදවීමට සහ එතුලින් ආදායම් ලැබීමට යහපත්ය.
රැකියාව – අධ්‍යාපන, හෝටල් ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උගතුන්ගේ උපදෙස් හා උපකාර ලැබේ.
අධ්‍යාපනය -ප්‍රමාද ගති රැසක් ඇතිවේ .උනන්දුව හීන විය හැකිය.සති අග වන විට යහපත් ප්‍රතිඵල අත්වේ.තාක්ෂණික අංශයන්ට වඩාත් සුබයි.
යුග සැපත – ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන්ට සුබයි.දරුවන්ට යහපත්ය.දරු උපත් වල ප්‍රමාදත සිදුවේ.මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.සාමකාමී නිහඬ පරිසරයක් නිවස තුල ගොඩනැගේ.
සෞඛ්‍ය – හිසේ කැක්කුම් ගති ඇතිවිය හැකිය.ජලයෙන් සහ ජලය ආශ්‍රිත කටයුතු වලින් ප්‍රවේශම් වන්න.
ජය අංකය -01
සුබ දිනය – ඉරිදා
සිංහ ලග්නය
බාධක වලට සාර්ථකව මුහුණ දේ.
ගුරුගේ ග්‍රහ ගමන මත පවතී බාධක හා දෝෂ තත්වයන් බොහොමයක් සමනය වී යන කාලයකි.සතුරන්ගෙන් ප්‍රවේශම් වීම යහපත්ය.වෘත්තීයමය අංශයන්ගෙන් ඉහළටම යා හැකිය.
ධනය – ධන ලාභ සතිය අග වන විට හිමිවේ.ආයෝජන සඳහා යොමුවීමට සුදුසුය.
රැකියාව – සුළු පීඩාකාරී තත්වයන් ඇති වුවද රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.නිහඬ සේවයක් සිදු කරනු ඇත.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට වඩා යහපත් වේ.
යුග සැපත – නෑදෑ හිතමිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැය පස අධික වේ.
සෞඛ්‍ය – රෝගාබාධ යහපත් අතට හැරේ.සෙම් අමාරු ඇති අය ප්‍රවේශම් වන්න.ජලයෙන් ප්‍රවේශම් වීම යහපත්ය.
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
කන්‍යා ලග්නය
නායකත්ව ලක්ෂණ ඉස්මතුවේ.
නායකත්වය නිතරගයෙන්ම හිමිවන අතර එමඟින් විශේෂ වාසි රැසක් අත්වේ .කණ්ඩායම් හා එක්ව කරන වැඩ වලදී ප්‍රසිද්ධියට පත්වේ.එමඟින් වාසි රැසක් අත්වේ.උත්සාහවන්ත ලෙස තම කටයුතු වල දක්ෂ ලෙස නිරත වෙයි.
ධනය – ආර්ථිකය යහපත්ය.හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීමටත් වියදම් කිරීමටත් නිතර සිදුවේ.
රැකියාව – අවිවේකී බව වැඩිවේ.යහපත් රැකියා වටපිටාවක් නිර්මාණය වේ.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනී යන අතර විභාග ජය සම්මුඛ පරීක්ෂණ ජය අත්වනු ඇත.
යුග සැපත -පෙම් කරන්නන් හට සුබදායී වටපිටාවක් සැකසේ.ගමන් බිමන් අධික වේ.දරුවන් හා ගත කරන කාලය අඩුවේ.පවුලේ හිතවතුන් වෙනුවෙන් උපකාර කරයි.
සෞඛ්‍ය – හිසේ කැක්කුම් වලට ඉඩ ඇත.පැවති රෝග සුව අතට හැරේ.සෙම් රෝග ඇති අය ජලයෙන් ප්‍රවේශම් වන්න.
ජය අංකය -05
සුබ දිනය – බ්‍රහස්පතින්දා
තුලා ලග්නය
ආත්ම ශක්තියෙන් ඉදිරියටම.
බාධා කරදර මතු වුවද දැඩි ආත්ම ශක්තියකින් සහ විශ්වාසයකින් ඒවාට මුහුණ දෙන බවක් පෙන්වයි.නව බලාපොරොත්තු ඉටුවේ.හිත මිත්‍රාදීන්ගේ නිරන්තර සහයෝගය සැමවිටම හිමිවේ.
ධනය -ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගෙන යාමට හැකිවේ.මිතුරන් වෙනුවෙන් වැය කිරීමට සිදුවේ.
රැකියාව – සංචාරක සේවා හා අධ්‍යාපන අංශයන්හි නිරතවන අයට වාසි අත්වේ.වෘත්තීය අංශයන්ගෙන් ඉදිරියටම යා හැකිය.නිහඬව සේවය කිරීම යහපත් වනු ඇත.
අධ්‍යාපනය -බාධා ඇතිවේ.උනන්දුව හීන වීමක් සතිය මුලදී ඇතිවිය හැකි නමුදු විභාග ජය අත්වීමට නියමිතයි.
යුග සැපත – දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.
සෞඛ්‍ය – හෘද රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.
ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා
වෘශ්චික ලග්නය
සහජ හැකියාවන්ගෙන් ඉදිරියටම.
උද්‍යෝගය හා කර්යශුරත්වය වැඩි වන අතර නිරන්තරයෙන් උසස් පුද්ගලයින් හා සබඳතා ඇතිවේ.නව ජීවනෝපායන් වෙත පිවිසීමට හැකිවේ.හිතවතුන්ගේ සහය හිමිවේ.කලක් තිස්සේ තමන්ට හිමිව පැවති උරුම හිමිකම් වලට හිමිකම් කීමට හැකි වටපිටාවක් සැකසේ.
ධනය – ලැබීම් වලට යහපත්ය.මිතුරන් වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීමට කරුණු යෙදේ.
රැකියාව – විශේෂ වරප්‍රසාද හිමිවන අතර රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.විදේශ සබදතා සක්‍රීය වන කාල සීමාවක් වනු ඇත.
අධ්‍යාපනය -හිතමිතුරන්ගේ උදව් උපකාර හිමිවේ.අළුත් දේ ඉගෙනීමට සිත යොමු කරවීමට සුදුසු කාලයකි.
යුග සැපත – අවිවාහක අයට මංගල යෝග යෙදේ.අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් හා උදරගත අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.
ජය අංකය -01
සුබ දිනය – ඉරිදා
ධනු ලග්නය
නිහඬව ගතකරන සතියකි.
බොහෝ විට තම නිදහස් අදහස් ජය මාවත කෙරෙහි යොමු කරවනු ඇත.සාමූහික තීරණ මත කටයුතු කිරීම වඩාත් යහපත් වනු ඇත.සෑම විටකම නිහඬව සිට තීන්දු තීරණ ගන්නා බවක් පෙන්වයි.
ධනය -ධන වාසි අත්වේ.ව්‍යාපාර කටයුතු ආදියෙහි නිරත වන්නන්ට වාසි අත්වේ.නිහඬ ලැබීම් වලට හිමිකම් පවතී.
රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.තනතුරු ලාභ බලාපොරොත්තුව සිටින්නන් හට එම ලාභ අත්වේ.
අධ්‍යාපනය – ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සුළු ප්‍රමාද දෝෂ ඇතිවේ.
යුග සැපත – වැඩිහිටි අයගේ උදව් උපකාර නොමඳව හිමිවේ.දරුවන් සම්බන්ධ කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.ජලයෙන් ප්‍රවේශම් වන්න.
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
මකර ලග්නය
උත්සාහය රඳවාගන්න.
උත්සාහවන්තව කටයුතු කිරීම නිසා බොහෝ කටයුතු සාර්ථක කරගනී.තම සහජ දක්ෂතා හා හැකියාවන් තුලින් ඉදිරියටම යා හැකිය.
ධනය – ධන වාසි අත්වේ.හිතමිතුරන්ගේ සහයෝගය හිමිකරගත හැකිවේ.නව ව්‍යාපාර ආදියට සුබයි.
රැකියාව – කෘෂිකර්මය සහ රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.
අධ්‍යාපනය – සුළු බාධා වීම් මුල් දිනවල ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.
යුග සැපත – දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට කාලය වැය කරයි.යහපත් අයුරින් ඒවා විසඳා ගැනීමට හැකිවන සතියකි.අඹු සැමි සමගිය තහවුරු වේ.
සෞඛ්‍ය – සෙම් කෝප කරවිය හැකිය.ජලයෙන් ප්‍රවේශම් වන්න.
ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා
කුම්භ ලග්නය
ආවේගශීලී වේ.
අතිශය කාර්යබහුල වන කාලයකි.ආවේගශීලී ව කටයුතු කරන බවක් පෙන්වයි.විශේෂ ආර්ථික වාසි රැසක් ඇති කරවන කාලවකවානුවක් වේ.
ධනය – ධන වාසි අත්වන නමුත් වියදමද වැඩිවිය හැකිය.සති අග වනවිට එම තත්වය වෙනස් වේ.
රැකියාව – රෙදිපිළි ආශ්‍රිත ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.සති අග විශේෂයි.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් සිත එක අරමුණක තබා ගැනීමට තවදුරටත් තරමක් අපහසු විය හැකිය.සති අග වන විට තත්වය වෙනස් වේ.
යුග සැපත – නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට යහපත්ය.සතුරු කරදර හීන වී යයි.අඹු සැමි සබදතා යහපත් වේ.
සෞඛ්‍ය – සමස්තයක් ලෙස යහපත්ය.ජලයෙන් ප්‍රවේශම් වන්න.
ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා
මීන ලග්නය
සමාජයෙන් ගරු සැළකිලි.
සමාජයෙන් නිරන්තරයෙන්ම ගරු සැලකිලි ලැබෙන කාලයක් වේ.ජීවිතයේ ඉදිරිය පිළිබඳව වැදගත් තීන්දු තීරණ රැසක් ගනී.උසස් හිතවතුන් හඳුනාගත හැකිවනු ඇත.
ධනය – ලැබීම් වලට යහපත්ය.නව ආයෝජන සඳහා සති අග සුදුසුය.
රැකියාව – අධ්‍යාපන හා කාර්මික අංශයන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.
අධ්‍යාපනය – අධ්‍යාපනයට සුබයි. තරඟ විභාග ඇත්නම් ඒවායෙන් ජය අත්වේ.
යුග සැපත – .විනෝද ගමන් වන්දනා ගමන් සඳහා යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.දරුවන් සම්බන්ධව වඩාත් උනන්දු විය යුතුය.
සෞඛ්‍ය – නීරෝගී බවක් ඇති කරවන අතර හිසේ අමාරු කොන්දේ අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
0 අදහස් දැක්වීම්:
Post a Comment