නිරන්තරයෙන් ජන්ම පත්‍රයක් දුටු විට හා අවාහ විවාහ කටයුත්තකදී කුජ දෝෂය පිළිබඳව නිතර කතාබහට ලක්වේ.
ලග්නයෙන්,රාශියෙන් (චන්ද්‍රයාගෙන්), සිකුරුගෙන් 1,2,4,7,8,12 යන රාශියක කුජ වීම භෞම දෝෂය හෙවත් කුජ දෝෂය ලෙස හැඳින්වේ.
විවාහ ගැලපුමේ දී එක් කේන්ද්‍රයක භෞම දෝෂ යෙදෙන විට අනෙක් කේන්ද්‍රයේද භෞම දෝෂ යෙදේ නම් විසෙන් විස නැසෙන්නාක් මෙන් භෞම දෝෂ භංග වේ.
භෞම දෝෂ භංග වන ආකාරය පිළිබඳව විවිධ පූර්වාචාරීන් ගෙන ආ මතයන් කිහිපයක් පහත පරිදි වේ.
* ස්ව, උච්ච, නීච රාශි ( මේෂ,වෘශ්චික,මකර,කටක ) වල කුජ සිටි විට භෞම දෝෂ නොයෙදේ.
* චර රාශි (මේෂ,කටක,තුලා,මකර) ගතවීම නිසා 7 වැන්නේ හැර සෙසු ස්ථාන වල භෞම දෝෂ භංග වේ.
* කුජගේ නෛසර්ගික මිත්‍ර ග්‍රහයන් වන රවි,සඳු සහ ගුරු ග්රහයින්ගේ රාශිවල එනම් ( සිංහ,කටක,ධනු,මීන) කුජ පිහිටීමෙන් 7 වැන්නේ හැර ඉතිරි ස්ථාන 5 හි භෞම දෝෂ භංග වේ.
* බුධ හිමි(මිථුන,කන්‍යා) රාශියක කුජ වීමෙන් දෙවැන්නේ භෞම දෝෂ භංග වේ.
*ශුක්‍ර හිමි (වෘෂභ,තුලා) රාශියක කුජ වීමෙන් 4 වැන්නේ භෞම දෝෂ භංග වේ.
*බුධ හෝ ශුක්‍ර හිමි රාශියක කුජ වී නම් 12 වැන්නේ භෞම දෝෂ භංග වේ.
* ගුරු හෝ බුධ සමඟ සංයෝග වී හෝ ඔවුන්ගේ දෘෂ්ටිය කුජට ලැබේ නම් භෞම දෝෂ භංග වේ.
ප්‍රබලතාව – ලග්නයෙන් යෙදෙන භෞම දෝෂයට වඩා චන්ද්‍රයාගෙන් යෙදෙන භෞම දෝෂය ප්රබලය.චන්ද්‍රයාගෙන් යෙදෙන භෞම දෝෂයට වඩා ශුක්‍රගෙන් යෙදෙන භෞම දෝෂය ප්රබලය.
ඉහත කී කරුණු අනුව භෞම දෝෂ යෙදෙන්නේ
ලග්නය – වෘෂභ,මිථුන,කන්‍යා,කුම්භ වී නම්,
දෙවැන්න – වෘෂභ,කුම්භ වී නම්,
හතරවැන්න – මිථුන,කන්‍යා,කුම්භ වී නම්,
හත්වැන්න – වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, ධනු, කුම්භ වී නම්
අටවැන්න – වෘෂභ, මිථුන, කන්‍යා, කුම්භ වී නම්,
දොළොස්වැන්න – කුම්භ වුවහොත් පමණි
ඉහත ආකාරයට බැලූ විට සැබෑ ලෙසම කුජ දෝෂය යෙදෙන්නේ කිනම් ආකාරයට දැයි ඔබට වැටහේවි.ඔබගේ ජන්ම පත්‍රයේත් කුජ දෝෂය යෙදී ඇත්දැයි පරීක්ෂා කර බැලීමට අප හා සම්බන්ධ වන්න.
කුජ 7 කෙනෙකුට, 7 කොටුවේ කිසිම ග්‍රහයකු නැති කෙනෙක් ගැලපෙනවා ද, e කෙනාගේ කුජ 6 ඉන්නේ ?
ReplyDelete