Posted by Unknown On 10:39 AM

බුදුන් වහන්සේ ජීවමානව සිටි කාලයටත් වසර එක්දහස් අටසිය හතළිහකට පමණ පෙර ලංකාපුරයෙහි රජ කළ රාවණ රජතුමාගේ කාලයේ සිට පැවත එන තවත් විශේෂ ශාස්ත‍්‍රයක් හැටියට දේශීය වෙදකම හඳුන්වා දිය හැකිය.


ඔහු විසින් “කුමාර තන්ත්‍රය”, “නාඩි ප්‍රකාශය” , “අර්ක ප්‍රකාශය” ආදී වූ වෛද්‍ය ශාස්ත්‍රය පිලිබඳ ග්‍රන්ථ රචිත බව සඳහන් වන අතර තණකොළ ගසේ සිට බෝගස දක්වා සෑම පැළයක්, පැළෑටියක්, ගහක්, වැලක්ම රාවණ යුගයේ ඖෂධ වී තිබේ. ආයුර්වේදය නමින් කරන වෛද්‍ය ක‍්‍රමය ද රාවණගේ වෙදකමයි. එයට හේතුව රාවණගේ වෛද්‍ය ක‍්‍රම ඉන්දියාව දක්වා පැතිර තිබීමය. හෙළ වෙදකමේ ශාස්ත‍්‍රීය ක‍්‍රමයට, පුස්කොළ පොත් බලා හැදූ තෙල්, බෙහෙත් අද නොයෙක් වෙද පරම්පරා ඇසුරේ තිබේ. මේ සියලූ බෙහෙත් එක්තරා යුගයක පුස්කොළ පොත්හි තිබූ නමක්, ගමක් නැති ඖෂධයි. ඒවා පුස්කොළ පොතින් උපුටා නැවත නිෂ්පාදනය කරගත් අය තමන්ගේ නමින් ගුලි, කසාය, තෙල් හදා පරම්පරාවලට දායාද කළහ. අවසානයේ පැරණි සිංහල වෙදකම ඒ ඒ නම්වලින් නොයෙක් දෙනා තමන්ගේ බවට පත්කරගත්හ. නමුත් හුදෙක් බොහෝ ඒවා රාවණ රජ කාලයේ පටන් පරම්පරා අනුව එන බේත් වට්ටෝරුය. මේ අනුව හෙළ වෙදකම හා ආයුර්වේද වෙදකම දෙකම රාවණ රජුට අයත් බව කල්පනාවට ගත යුතුය. ඖෂධයේ බලය, ශක්තිය පිරිහී ඇත්නම් එය වත්මන් නිෂ්පාදකයන්ගේ දොසක් මිස පුරාණ ඖෂධ වට්ටෝරුවල දොසක් නොවේ.
රාවණ රජතුමාට අයත් ඖෂධ උයන් රාශියක් එකල තිබී ඇත. නාගහපොළ, ඇහැලේපොළ, තල්වත්ත ආදී ප‍්‍රදේශ රාවණගේ වෙදකමට නෑකම් ඇත. පසුකාලීන බුද්ධදාස වැනි රජවරු රාවණගේ වෙද උයන් දියුණු කරවා තිබේ. සිංහරාජ වෙද උයන (අද සිංහරාජ කැලය රාවණගේ ප‍්‍රමුඛ ඖෂධ උයනකි.

0 අදහස් දැක්වීම්:

Post a Comment