Posted by Unknown On 6:57 AM
මේෂ ලග්නය

අමතර වියදම් වැඩිවේ.
පසුගිය  කාලය තුළ පැවති වචනයේ තීව්‍ර බව අඩුවී යයි.දැඩි මතධාරී ස්වභාවයක් ගනී.
ධනය – හදිසි ධන ලාභ ඇතත් ඉතිරියක් ගැන සිතීම තරමක් දුෂ්කර සහිතයි.සතිය මුල විශේෂයි.
රැකියාව – උසස්වීම් සඳහා බාධා ඇතිවේ .ඉක්මන් ස්වභාවයන් පාලනය කර ගන්න.තම ගෞරවය ගැන වැඩි දුරටත් සැලකිලිමත් වන්න.
අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.සුළු ප්‍රමාදතා ඇතිවිය හැකිය.
යුග සැපත – .නිවාස තුළ සතුට සාමය හා ප්‍රීතිය ඇති කරවන කාලයකි.නෑ හිතවතුන්ගේ සහය ලැබේ.සතිය අග වනවිට අඹු දරුවන්ට අසනීප ඇතිවීමේ තත්වයකට ඉඩ ඇතිවේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන සෙම් රෝග ඇතිවිය හැකිය.පීනස ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය – බදාදා


වෘෂභ ලග්නය

ආර්ථික වශයෙන් යහපත් වේ.
නව ව්‍යාපාර සඳහා අත ගැසීම සඳහා සුබයි.සතියේ මුල් දින දෙක පසුකිරීමෙන් පසු අත ගසන යහපත් කාර්යයන් ඉතා හොඳින් ඉටුවේ.
ධනය – නව ජීවනෝපාය මාර්ග විවර වේ ඉතිරියන් සඳහා ද සුබයි.ව්‍යාපාරික ඇසුර නිසා ධන වාසි හිමිකර ගත හැකි කාල වකවානුවකි.
රැකියාව -යන්ත්‍ර සූත්‍ර  කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන් තරමක් ප්‍රවේශම් වන්න.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.රැකියා ස්ථානයේ වැඩ කටයුතු කෙරේ වෙනදාට වඩා දැඩි උනන්දුවක් ඇතිවිය හැකි සමයකි.අන් අයගේ උදව් උපකාර නිරතුරුව හිමිවේ.
අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.
යුග සැපත – ඥාතීන් හා හොඳ හිත ඇතිවන අතර යුග සපත හා අවිවාහකයින්ට පෙම් පැතුම් සපල කරගත හැකිවේ.දරුවන් නිසා සතුටු විය හැකි වටපිටාවක් ඇතිවන අතර අඹු සැමි සබදතා ද වැඩි දියුණු වේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් රෝග ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -05
සුබ දිනය – අඟහරුවාදා


මිථුන ලග්නය

අවිවේකී බව වැඩිවේ.
හිතුවක්කාරී අදහස් නිතර ඇතිවිය හැකිය.තම දෛනික වැඩ කටයුතු වලට ද යම් යම් බාධා ගෙනදිය හැකි මුත් සති අග වනවිට එම තත්වය අවම වී යයි.
ධනය – ලැබීම් වලට යහපත්ය.නමුත් වියදම් අධික වීම සිදුවන අතර මුල් දින කිහිපය තුළ ණය දීමෙන් වැළකී සිටීම යහපත්ය.
රැකියාව –  කතා බහ කිරීමේදී වචනය පිළිබඳව වගබලා ගන්න.තම මිතුරන් හා ප්‍රශ්ණ හා අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය – අධ්‍යාපනයට සුබයි. විභාග ආදියෙන් ජය ගත හැකිවෙයි.අතපසුවීම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
යුග සැපත – සතියේ මුල් දින කිහිපය සිත් අමනාපකම් ඇතිවිය හැකි අතර දරුවන් සම්බන්ධව යහපත් දේ අසන්නට ලැබේ.තනි තීරණ නොගෙන අන් අයට ඇහුම් කන් දීමට වගබලා ගන්න.
සෞඛ්‍ය – නීරෝගී බවක් ඇති කරවන නමුදු පාද අමාරු ඇති විය හැකිය.

ජය අංකය -03
සුබ දිනය – සිකුරාදා


කටක ලග්නය

අමතර ආදායම් හිමිවෙයි.
නිරන්තරයෙන්ම තම අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වන අතර ඇසුරු කරන්නන්ගෙන් වාසි අත්විය හැකිය.නව දේ මිලදී ගැනීම පිළිබඳ අදහස ඇතිවෙයි.
ධනය – නව ඉපයීම් හා ආදායම් මාර්ග ඇතිවිය හැකි සතියක් වන අතර නව මිතුරන් මගින් ධන වාසි අත්වේ.
රැකියාව –  සතියේ මුල් දින කිහිපය රැකියා සඳහා බාධා ඇතිවුවත් සති අග වනවිට කඩිසර බවක් උද්‍යෝගයක් ඇතිවේ.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් බාධාවීම් ඇතිවිය හැකිය.සතිය මුල විශේෂයි.සති අග වන විට එකී තත්වය මග හැරෙයි.
යුග සැපත – තරමක් කේන්ති සහගත අවස්ථා ඇතිවිය හැකිය.නමුත් එය සමගියට බාධාවක් නොවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ.
සෞඛ්‍ය – හිසේ අමාරු, කකුල් අමාරු ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -02
සුබ දිනය – සඳුදා


සිංහ ලග්නය

අභියෝග වලින් ජයගනී.
එදිනෙදා කටයුතු වෙනදාට වඩා වැඩි උනන්දුවකින් සහ මහත් ඕනෑකමකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි.හිතවතුන්ගේ සහයද තවදුරටත් හිමිවේ.බලාපොරොත්තු බොහොමයකින් ජය අත් කරගත හැකිවෙයි.
ධනය – ආර්ථිකය සම්බන්ධයෙන් යහපත්ය.විදේශ කටයුතු ඇතුළු ව්‍යාපාර වල නිරත වන්නන්ට ධන වාසි අත්වේ.
රැකියාව – නව රැකියා සඳහා අවස්ථා හිමිවීමේ වාසනාව පවතින අතර හිත මිතුරන්ගේ සහය නිරන්තරව හිමිවේ.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදා පැවති උනන්දුව තරමක් අඩුවිය හැකි අතර සති අග වන විට පොත පත කෙරෙහි උනන්දුව වැඩි වී යයි.
යුග සැපත -ගේදොර සුබදායී වටපිටාවක් සැකසීමට යහපත් පරිසරයක් නිර්මාණය වන අතර ගමන් බිමන් අධික වේ.දරුවන් හා සම්බන්ධ කටයුතු වල උනන්දුව වැඩි වේ.
සෞඛ්‍ය – හදිසි හිසේ කැක්කුම්  සෙම් අමාරු ආදියට ඉඩ ඇත.

ජය අංකය -01
සුබ දිනය – ඉරිදා


කන්‍යා ලග්නය

උරුමහිමිකම් වලින් වාසි අත්වේ.
ආගමික භක්තිය නිරන්තරයෙන් ඇතිවේ.වන්දනාගමන් සඳහා අවකාශය ඇතිවේ.එදිනෙදා කටයුතු වලට යම් යම් බාධා අවහිරවීම් ඇතිවීමේ ඉඩකඩක් පවතී.
ධනය – මධ්‍යස්ථ බවක් ඇතිවේ.ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගනී.
රැකියාව – රැකියාවේ අවහිර බාධක මුල් දින කිහිපය තුළ ඇතිවේ.උසස් අයගෙන් උපකාර ලැබේ.
අධ්‍යාපනය -කාර්යබහුල බවක්ද ඇතිවේ.සති අග වන විට අවිවේකී බව වැඩි නිසා කටයුතු තරමක් අතපසු විය හැකිය.ජයග්‍රහණ හිමිවේ.
යුග සැපත – මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පිටස්තර අයගේ වැඩ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට සිදුවේ.
සෞඛ්‍ය – හිසේ අමාරු ගති ඇතිවිය හැකිය.සමස්තයක් ලෙස යහපත් වටපිටාවක් නිර්මාණය වේ.

ජය අංකය -02
සුබ දිනය – සඳුදා


තුලා ලග්නය

කාර්යබහුල සතියකි.
නිරන්තරයෙන්ම දුර බැහැර ගමන් ඇතිවේ. එතුලින් වාසි සහගත තත්වයන් ඇති කරගත හැකිවන නමුදු අවිවේකී බව ඇතිවේ.
ධනය – වැයපස ඉහල යයි.ණය තුරුස් වීමටද සිදුවිය හැකියි.තවදුරටත් වියදම් සීමා කරන්න.සතිය මුලදී විශේෂයි.
රැකියාව –  රැකියා ස්ථානයද කාර්යබහුල බවක් පෙන්වන අතර මානසික වශයෙන් ව්‍යාකුල තත්වයන් ඇතිවිය හැකිය.වැඩ අධික වීම එයට හේතුවිය හැකිය.
අධ්‍යාපනය -මිශ්‍ර පල ඇතිවන අතර උනන්දුව අඩුවී යා හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
යුග සැපත – අඹු සැමියන් අතර නෝක්කාඩු ඇතිවිය හැකිය.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.පවුලේ අයෙකුගේ රෝග පීඩා වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවෙයි.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න

ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා


වෘශ්චික ලග්නය

හිතවතුන්ගේ උදව් හිමිවේ.
කතාබහ නිසා අමතර වාසි ප්‍රයෝජන අත්වන කාලයකි.හිතවතුන්ගේ නිරන්තර සහයෝගයද තම එදිනෙදා කටයුතුවලට හිමිවේ.
ධනය – ණය තුරුස් විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.වැය පස ඉහල යන අතර ඉතිරිය අඩුවේ.
රැකියාව – රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.හොඳ හිත වර්ධනය වන කාල සීමාවකි.රාජ්‍ය හා තාක්ෂණික අංශයන්හි නිරත අයට සති අග බාධා අවහිරතා ඇතිවේ.
අධ්‍යාපනය – මන්දගාමී අලස ගති ඇති කරවයි.සති අග වනවිට එම තත්වයන් තුරන්ව යනු දැකිය හැකිය.
යුග සැපත – .ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.තම හැගීම් සහ ආවේගයන් පාලනය කර ගැනීමට උත්සාහවන්ත වන්න.අනියම් සබදතා වුවද ඇතිවීමේ ඉඩකඩක් පවතී.
සෞඛ්‍ය – මුල් දින 2 සෙම් රෝග හා ජලයෙන් ප්‍රවේශම් විය යුතුය.සති අග යහපත්ය.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා


ධනු ලග්නය

පැවති බාධා අවහිරතා අවම වේ.
උගතුන්ගේ හා හිතවතුන්ගේ උදව් උපකාර නිරන්තරව හිමිවේ.තම සිතැඟි අනුව වැඩකටයුතු සාර්ථක කරගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.
ධනය -ආදායම් තත්වය යහපත්ය.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩකඩ වැඩිය.
රැකියාව – .ගමන් වැඩි වශයෙන් යෙදෙන අතර ලියකියවිලි සම්බන්ධයෙන් අවහිරතා හා බාධක ඇතිවිය හැකිය.
අධ්‍යාපනය -මුල් දින කිහිපයේ බාධා අවහිරතා ඇතිවේ.සති අග වනවිට එම තත්වයන් අවම වේ.
යුග සැපත – .අඹු  සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.සතියේ මුල් දිනයන්හි දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.
සෞඛ්‍ය – පැවති රෝගාබාධ යහපත් අතට හැරේ.යහපත් සෞඛ්‍යමය තත්වයක් ඇතිවේ.ආහාර අජීර්ණ තත්වයන් පිළිබඳව සති අග විමසිලිමත් වන්න.

ජය අංකය -01
සුබ දිනය – ඉරිදා


මකර ලග්නය

ආත්ම විශ්වාසය වැඩිවේ.
සතිය ආරම්භයේ මානසික ව්‍යාකුල තත්වයන් ඇතිවිය හැකි නමුත් දැඩි ආත්ම විශ්වාසයකින් කටයුතු කරයි.සතියේ මුල්දින කිහිපය විශේෂයි.
ධනය -ණය තුරුස් විය හැකිය.වැය පස තවදුරටත් ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -බාහිර පුද්ගලයින්ගෙන් කරදර බාධක ඇතිවිය හැකිය.රැකියා ස්ථානයේ හිතවතුන් පිළිබඳව දැඩි සැලකිලිමත් බවක් දක්වන්න.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙන ගැනීමට අවස්තාව උදා වුවද අලස කම් ඇතිවේ.
යුග සැපත -.අඹු සැමියන් අතර මතභේද ඇතිවිය හැකි අතර ප්‍රේම සබදතා හා මංගල යෝජනා වලට බාධා අවහිර ඇතිවන තත්වයක් පෙන්වයි.සති අග වනවිට අවම විය හැකිය.
සෞඛ්‍ය – .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ තවදුරටත් සැලකිලිමත්වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා


කුම්භ ලග්නය

සිතේ නිරවුල් බවක් ඇතිවේ .
මිශ්‍ර පලදායී ප්‍රතිපල ලැබෙන සතියකි.සතුරු බලවේග මර්ධනය කරගැනීමේ ශක්තිය හිමිවන මුත් උත්සාහය හා උනන්දුව අඩුව යා හැකිය.
ධනය – වැය පක්ෂය ඉහල යන අතර අතේ මුදල් රැඳීම ද අඩුය.ඉතිරිකරගත් ධනය ද වැය වන සැටියක් පෙන්වයි.
රැකියාව –  අලස ගති මතුව කරගෙන යන කටයුතු අතපසුවීමක් පෙන්වනු ලබයි.සතිය අග වන විට ඒ තත්වය මග හැරී යනු ඇත.
අධ්‍යාපනය -මධ්‍යස්ථ ප්‍රතිපල හිමිවේ.විද්‍යා හා තාක්ෂණික අංශයන් වලට යහපත්ය.
යුග සැපත -.දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.නිසි වෙලාවට අවශ්‍ය වැඩ කටයුතු කර ගැනීමට බාධා ඇතිවිය හැකිය.හිත මිත්‍රාදීන් හා ඥාතීන් හා කතාබහේදී ප්‍රවේශම් වන්න.
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.සුළු අසනීප හැරුණු කොට සෞඛ්‍ය තත්වය යහපත්ය.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා


මීන ලග්නය

නව මිතුරු සබඳතා ගොඩනැගේ.
කලක සිට පැවති නීති ප්‍රශ්ණයක් ඉවත්වී යන සතියකි.පිටස්තර පුද්ගලයින්ගෙන් නිරන්තර උදව් උපකාර හිමිවන සතියකි.
ධනය – වෙළඳ ව්‍යාපාර කටයුතු වලට යහපත්ය.තැන්පත් ධනය වැය වීමට කරුණු ගෙන දේ.
රැකියාව –  රැකී රක්ෂාවන් සඳහා හිතවතුන්ගේ උපකාර හිමිවේ.මානසික සුවය ඇතිවේ.රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වන්නන්ට සුබදායක කාලයකි.
අධ්‍යාපනය – තම දක්ෂතා එලි දැක්විය හැකි කාලයකි.එක් අරමුණක පිහිටා කටයුතු කළ හැකිවුවහොත් වඩාත් යහපත් තත්වයන් ඇතිවිය හැකිය.
යුග සැපත – මිත්‍ර සබදතා පෙම් සබදතා ලෙස  වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැය පස අධික වේ
සෞඛ්‍ය –  ඌෂ්ණාධික හා  කැස්ස සෙම් අමාරු තත්වයන් තවදුරටත් ඇති කරවයි..

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා

0 අදහස් දැක්වීම්:

Post a Comment