මේෂ ලග්නය
යහපත් පුද්ගලයින් ඇසුරට.
ආශ්‍රයට බලාපොරොත්තු සහගත නොවන ලෙස යහපත් පුද්ගලයින් රැසක් හමුවනු ඇත .මිතුරන්ගේ සහ හිතවතුන්ගේ සහය හිමිවනු ඇත.අන්‍යයන් හා සුහද වීම තුලින් එදිනෙදා කටයුතු රාශියක් පහසුවෙන් ඉටු කරගත හැකිවනු ඇත.
ධනය – ඉතිරිකිරීම් වලට වැඩි ඉඩකඩක් ඇත.ඉතිරියට සුබයි.දරුවන්ගේ කටයුතු සඳහා වියදම් වැඩිවනු ඇති.තම කටයුතු වලින් ප්‍රගතියක් ලබයි.
රැකියාව -.මත ගැටුම් නිර්මාණය වීමට හැකියාවක් ඇති වුවද අන් අයගේ සහයෝගය හිමිවේ.සති අග වන විට අන් අයගේ සහය හිමිවන යහපත් වටපිටාවක් නිර්මාණය වේ.
අධ්‍යාපනය -පොත පත කෙරේ දැඩි උනන්දුවක් ඇතිවේ.අළුත් දේ ඉගෙනගනිමින් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.විසිතුරු දේ පිළිබඳව ඉගෙනීමට හැකිවේ.
යුග සැපත -.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර හොඳ හිත ඇතිවිය හැකිය.දරුවන් කෙරෙහි වැඩි කාලයක් ගත කරනු ඇත.නව දරු සම්පත් අපේක්ෂා කරන අයට යහපත්ය.
සෞඛ්‍ය – .උදරගත අජීර්ණ තත්වයන් ඇතිවිය හැකියි .සෙම් රෝග ඇතිවිය හැකිය.සති අග විශේෂයි.
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
වෘෂභ ලග්නය
තරඟකාරී අභියෝග රැසක්.
නිරන්තර තරඟකාරීත්වයක් ඇතිවන අතර එදිනෙදා කටයුතු කෙරේ දැඩි අධිෂ්ඨානයක් ඇතිවන සතියකි.නිවාස හා වාහන සම්බන්ධ දේවලින් වාසි ලැබෙනු ඇත.උද්වේගකර අවස්ථා ඇතිවේ.හන්ගීම් පාලනය කරගත යුතුවේ. අවස්ථා ඇතිවේ.
ධනය – වැය පක්ෂය ඉහල යන නමුදු ප්‍රයෝජනවත් දෙයක යොදවන අයුරක් පෙන්වයි.සති අග විශේෂයි.පවුලේ කටයුතු වෙනුවෙන් වැඩි වියදමක් කිරීමට සිදුවේ.
රැකියාව – හිතුවක්කාරී තීරණ ගැනීමට පෙළඹිය හැකිය.හිතමිතුරන්ගේ අදහස් විමසමින් කටයුතු කිරීම යහපත්ය.හවුල්කරුවන්ගෙන් බලාපොරොත්තුවන තරම් සහයෝගයක් නොලැබෙන බැවින් තම අභිමතය පරිදි ක්‍රියා කිරීමට සති අග වනවිට පෙළඹිය හැකිය.
අධ්‍යාපනය -යහපත්ය.සියුම් දේවල් ඉගෙනීමට හොඳයි.සති අග විශේෂයි.
යුග සැපත – අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.මංගල යෝජනාවන් ඇත්නම් ඒ කෙරෙහි ඇති උනන්දුව අඩුව යා හැකි බැවින් කල්පනාකාරී වන්න.
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් සහ ශරීරය වෙහෙසකරවන මහන්සි ගති ඇතිවේ.
ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා
මිථුන ලග්නය
වෘත්තීයමය කටයුතුවලින් ඉදිරියට.
රැකියාවෙන් ඉදිරියට යන බවක් පෙන්වයි.නව බලාපොරොත්තු බොහොමයක් ඉටු කරගත හැකිවේ.අන් අයගේ උදව් උපකාර හිමිවේ.සති අග වන විට සුහදශීලිත්වය වැඩි වේ.එයින් වාසි සහගත බවක් අත්වේ.
ධනය – වැය පක්ෂය ඉහල යන නමුත් අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අගවත්ම යහපත් අතට හැරේ.
රැකියාව – නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.සෘජු මූල්‍ය ගණුදෙනු වලට සම්බන්ධ නොවී සිටීම යහපත්ය.නිහඬවම තම කටයුතු කරගෙන යනු ඇත.
අධ්‍යාපනය -තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.හෝටල් සහ කාර්මික අධ්‍යාපනයට යොමුව සිටින අයට සුබයි.
යුග සැපත – අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.නව දරු උපත් සඳහා සුදුසුය.පවුලේ හිතවතුන් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවේ.
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.ජලයෙන් ප්‍රවේශම් වන්න.
ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා
කටක ලග්නය
ආවේගශීලී වේ.
මනසට නිදහසක් නැති අවිවේකී බවක් ඇති වුවද ආවේගශීලී බව පාලනය කර ගැනීම වඩාත් සුදුසුය.දැඩි තීන්දු තීරණ ගනු ඇත.අන්‍යයන්ගේ උපකාර හිමිවේ.ආගමික කටයුතු කෙරේ දැඩි ඇල්මක් සහ ඉඩකඩක් ඇතිවේ.
ධනය – ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට කාර්මික අංශයන්ට ධනය යෙදවීමට සුබයි.ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගනියි.
රැකියාව – අධ්‍යාපන, කාර්මික ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උගතුන්ගේ උපදෙස් හා උපකාර ලැබේ.
අධ්‍යාපනය -ප්‍රමාද ගති රැසක් ඇතිවේ .උනන්දුව හීන විය හැකිය.සති අග වන විට යහපත් ප්‍රතිඵල අත්වේ.කාර්මික අංශයන්ට වඩාත් සුබයි.
යුග සැපත – ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන්ට සුබයි.දරුවන්ට යහපත්ය.දරු උපත් වල ප්‍රමාදත සිදුවේ.මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.සාමකාමී නිහඬ පරිසරයක් නිවස තුල ගොඩනැගේ.
සෞඛ්‍ය – හිසේ කැක්කුම් ගති ඇතිවිය හැකිය.සෙම් රෝග තත්වයන්ද ඇතිවනු ඇත.ජලයෙන් ප්‍රවේශම් වන්න.
ජය අංකය -01
සුබ දිනය – ඉරිදා
සිංහ ලග්නය
නායකත්වය තුලින් ඉදිරියටම.
රවි ග්‍රහයාගේ ලග්නගත වීම මත දෝෂ තත්වයන් බොහොමයක් සමනය වී යන කාලයකි.සෘජු ප්‍රතිපත්ති අනුගමනය කරනු ඇත.නායකත්ව ලක්ෂණ ඉස්මතුවේ.අන්‍යන්ගේ අවධානය සහ සහයෝගය තමා වෙතට නතු කරගැනීමට අවශ්‍ය හැකියාව ලැබේ.වෘත්තීයමය අංශයන්ගෙන් ඉහළටම යා හැකිය.
ධනය – ධන ලාභ හිමිවීමට සුදුසු වටපිටාවක් ඇතිවේ.නව ආයෝජන සඳහා යොමුවීමට සුදුසුය.
රැකියාව – රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.වගකීම් බාරගෙන පෙරමුණ ගනිමින් ක්‍රියා කරන වටපිටාවක් නනිර්මාණය වේ.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට වඩා යහපත් වේ.
යුග සැපත – නෑදෑ හිතමිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැය පස අධික වේ.
සෞඛ්‍ය – රෝගාබාධ යහපත් අතට හැරේ.නමුත් සෙම් අමාරු ඇති අය ප්‍රවේශම් වන්න.ජලයෙන් ප්‍රවේශම් වීම යහපත්ය.
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
කන්‍යා ලග්නය
අන්‍යන්ගේ උපකාර හිමිවේ.
තම හිතවතුන් සහ මිතුරන්ගේ සහය නොමදව හිමිවන අතර විශේෂ වාසි රැසක් අත්වේ .කණ්ඩායම් හා එක්ව කරන වැඩ වලදී ප්‍රසිද්ධියට පත්වේ.උත්සාහවන්ත ලෙස තම කටයුතු වල දක්ෂ ලෙස නිරත වෙයි.එදිනෙදා බලාපොරොත්තු බොහොමයක් සාර්ථක කරගත හැකිවනු ඇත.
ධනය – ආර්ථිකය යහපත්ය.හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීමටත් වියදම් කිරීමටත් නිතර සිදුවේ.
රැකියාව – කලා සහ නිර්මාණකරන ක්ෂේත්‍රයන්හි නිරත අයට වඩාත් සුබයි.යහපත් රැකියා වටපිටාවක් නිර්මාණය වේ.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනී යන අතර විභාග ජය සම්මුඛ පරීක්ෂණ ජය අත්වනු ඇත.
යුග සැපත -පෙම් කරන්නන් හට සුබදායී වටපිටාවක් සැකසේ.ගමන් බිමන් අධික වේ.දරුවන් හා ගත කරන කාලය අඩුවේ.පවුලේ හිතවතුන් වෙනුවෙන් උපකාර කරයි.
සෞඛ්‍ය – හිසේ කැක්කුම් වලට ඉඩ ඇත.පැවති රෝග සුව අතට හැරේ.සෙම් රෝග ඇති අය ජලයෙන් ප්‍රවේශම් වන්න.
ජය අංකය -05
සුබ දිනය – බ්‍රහස්පතින්දා
තුලා ලග්නය
නායකත්ව හැකියා වර්ධනය වේ.
සිකුරු දහවැන්නේ ගමන් කිරීම තුල දැඩි ආත්ම ශක්තියකින් සහ විශ්වාසයකින් යුක්ත බවක් පෙන්වයි.නායකත්වය ගෙන ක්‍රියාකරයි.නව බලාපොරොත්තු ඉටුවේ.හිත මිත්‍රාදීන්ගේ නිරන්තර සහයෝගය සැමවිටම හිමිවේ.
ධනය -ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගෙන යාමට හැකිවේ.මිතුරන් වෙනුවෙන් වැය කිරීමට සිදුවේ.
රැකියාව – සංචාරක සේවා හා අධ්‍යාපන අංශයන්හි නිරතවන අයට වාසි අත්වේ.වෘත්තීය අංශයන්ගෙන් ඉදිරියටම යා හැකිය.සියළු දෙනා ඒකරාශී කරගෙන තම කටයුතු සාර්ථක කරගත හැකිය.
අධ්‍යාපනය -බාධා ඇතිවේ.උනන්දුව හීන වීමක් ඇතිවිය හැකි නමුදු විභාග ජය අත්වීමට නියමිතයි.
යුග සැපත – දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.වැඩිහිටි ඥාතියෙක් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවනු ඇත.
සෞඛ්‍ය – කල්ගිය රෝග සුව අතට හැරේ.යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.
ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා
වෘශ්චික ලග්නය
සහජ හැකියාවන්ගෙන් ඉදිරියටම.
උද්‍යෝගය හා කර්යශුරත්වය වැඩි වන අතර තම සහජ හැකියා තුළින් ඉදිරියට යා හැකි ප්‍රවණතාවයක් ඇතිවේ.නව ජීවනෝපායන් වෙත පිවිසීමට හැකිවේ.හිතවතුන්ගේ සහය හිමිවේ.නව අදහස් තුලින් ඉදිරියට යා හැකි කාල පරිච්ඡේදයකි.
ධනය – ලැබීම් වලට යහපත්ය.මිතුරන් වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීමට කරුණු යෙදේ.ආදායම් වියදම් සමව පවත්වා ගනී.
රැකියාව – විශේෂ වරප්‍රසාද හිමිවන අතර රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන අතර ප්‍රධානත්වය හිමිවේ.
අධ්‍යාපනය -හිතමිතුරන්ගේ උදව් උපකාර හිමිවේ.අළුත් දේ ඉගෙනීමට සිත යොමු කරවීමට සුදුසු කාලයකි.
යුග සැපත – අවිවාහක අයට මංගල යෝග යෙදේ.අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් හා උදරගත අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.
ජය අංකය -01
සුබ දිනය – ඉරිදා
ධනු ලග්නය
අන්‍යන්ගේ ගෞරවය හා සැලකිල්ල.
නිරතුරුවම තම සහෘදයින්ගේ ගෞරවයට පාත්‍රවේ.සාමූහික තීරණ මත කටයුතු කිරීම වඩාත් යහපත් වනු ඇත.අළුතින් පටන් ගැනීමට නියමිත කාර්යයන් සඳහා වඩාත් යහපත්ය.
ධනය -ධන වාසි අත්වේ.ව්‍යාපාර කටයුතු ආදියෙහි නිරත වන්නන්ට ලැබීම් හිමිවේ.පැරණි ණය මුදලක් නැවත හිමිවීමට නියමිතයි.
රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.රැකියා ස්ථානයේ සුහද බවක් ඇතිවේ.නිරන්තරයෙන්ම අන් අයගේ සහයෝගය හිමිවන සතියකි.
අධ්‍යාපනය – ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සති අගදී යම් යම් බාධාවීම් ඇතිවිය හැකිය.
යුග සැපත – වැඩිහිටි අයගේ උදව් උපකාර නොමඳව හිමිවේ.දරුවන් සම්බන්ධ වියදම් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.පවුලේ ආරවුලක් විසඳීමට ඔබ මැදිහත් කරුවෙකු වීමට ඉඩ ඇත.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.ජලයෙන් ප්‍රවේශම් වන්න.
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
මකර ලග්නය
යහපත් පෞර්ෂයක්.
ලග්නාධිපති ශනි තමාටම අයත් අනුර නැකතේ ගමන් කිරීම තුල උත්සාහවන්තබව ඇතිවීමෙන් බොහෝ කටයුතු සාර්ථක කරගනී.තම සහජ දක්ෂතා හා හැකියාවන් තුලින් ඉදිරියටම යා හැකිය.මනා පෞර්ෂයකින් එදිනෙදා කටයුතු කෙරේ යොමුවේ.
ධනය – ධන වාසි අත්වේ.හිතමිතුරන්ගේ සහයෝගය හිමිකරගත හැකිවේ.නව ව්‍යාපාර ආදියට සුබයි.
රැකියාව – කෘෂිකර්මය සහ ඇඟළුම් වෙළඳ ව්‍යාපාර ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.හිත මිතුරු සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.
අධ්‍යාපනය – සුළු බාධා වීම් ඇතත් සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.
යුග සැපත – දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට කාලය වැය කරයි.යහපත් අයුරින් ඒවා විසඳා ගැනීමට හැකිවන සතියකි.අඹු සැමි සමගිය තහවුරු වේ.
සෞඛ්‍ය – අමාශගත පීඩාකාරී තත්වයන් ඇති කරවිය හැකිය.සති අග වනවිට සුව අතට හැරෙනු ඇත.
ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා
කුම්භ ලග්නය
කාර්යබහුලවේ.
අතිශය කාර්යබහුල වන කාලයකි.විශේෂ ආර්ථික වාසි රැසක් ඇති කරවන කාලවකවානුවක් වේ.නව ආයෝජනයන් සඳහා ද සුදුසු කාල වකවානුවකි.ආගමික අංශයන්ට නැඹුරුවීම යහපත් වනු ඇත.
ධනය – ධන වාසි අත්වන නමුත් වියදමද වැඩිවිය හැකිය.සති අග වනවිට එම තත්වය වෙනස් වේ.
රැකියාව – කර්මාන්ත හා ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.සති අග විශේෂයි.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් සිත එක අරමුණක තබා ගැනීමට තරමක් අපහසු විය හැකිය.සති අග වන විට තත්වය වෙනස් වේ.
යුග සැපත – නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට යහපත්ය.සතුරු කරදර හීන වී යයි.අඹු සැමි සබදතා යහපත් වේ.
සෞඛ්‍ය – සමස්තයක් ලෙස යහපත්ය.උෂ්ණාධික ස්වභාවයන් ඇතිවිය හැකිය.ජලයෙන් ප්‍රවේශම් වන්න.
ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා
මීන ලග්නය
අභියෝග වලට මුහුණ දේ.
මෙම සතිය තුල ඔබට වඩාත් අභියෝගාත්මක අවස්ථා රැසකට මුහුණ පෑමට සිදුවනු ඇත.ඔබට වැසි සහගත වේ..ජීවිතයේ ඉදිරිය පිළිබඳව වැදගත් තීන්දු තීරණ රැසක් ගනී.උසස් හිතවතුන් හඳුනාගත හැකිවනු ඇත.නිහඬව නොසිට අවශ්‍ය තැනදී කතා කිරීම වඩාත් සුදුසු වනු ඇත.
ධනය – ලැබීම් වලට යහපත්ය.නව ආයෝජන සඳහා සුදුසුය.අදායම් වියදම් සම තත්වයේ පවත්වා ගනු ඇත.භූමිගත දේපළ සම්බන්ධව අවධානය යොමු කල යුතුවේ.
රැකියාව – අධ්‍යාපන හා කාර්මික අංශයන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.
අධ්‍යාපනය – අධ්‍යාපනයට සුබයි.තාක්ෂණ හා කෘෂි අංශයන්ට වඩාත් යහපත්වේ.තරඟ විභාග ඇත්නම් ඒවායෙන් ජය අත්වේ.
යුග සැපත – .විනෝද ගමන් වන්දනා ගමන් සඳහා යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.දරුවන් සම්බන්ධව වඩාත් උනන්දු විය යුතුය.
සෞඛ්‍ය – නීරෝගී බවක් ඇති කරවන අතර හිසේ අමාරු කොන්දේ අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
0 අදහස් දැක්වීම්:
Post a Comment