Posted by Unknown On 6:21 AM


ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබ වෙත කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ අටවන දිග හැරුම මෙසේ සටහන් කරමු.

පසුගිය සතියේ අප ෂට්විද ආකාශ වස්තූන්ගෙන් ගුරු පිළිබඳව හඳුනාගතිමු.අද අප ග්‍රහතරු යටතේ සිටින ග්‍රහයින්ගෙන් ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා පිළිබඳව ජ්‍යෝතිෂමය හා විද්‍යාත්මකව අපේ අවධානය යොමු කරමු.

සිකුරු (Venus) ග්‍රහයා සූර්යයාට දෙවැනියට ළගින් ඇති ග්‍රහලෝකයයි. එයට සූර්යයා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 224.7 ක් ගත වේ. චන්ද්‍රයා හැරුණු විට අහසේ දක්නට ලැබෙන දීප්තිමත් ම ස්වාභාවික වස්තුව මෙය වන අතර එහි දීප්තිමත් බව – 4.6 ක් වේ. සිකුරු ග්‍රහයා අප්‍රධාන ග්‍රහයෙක් වන බැවින් එය පෘථිවියේ සිට බලන කල සූර්යයාගෙන් වැඩි ඈතක ගමන් කරනු දක්නට නොලැබේ. එහි දිගාංශය 47.8 ක උපරිමයක් ගනී. සිකුරු ග්‍රහයාගේ උපරිම දීප්තිය දක්නට ලැබෙන්නේ ඉර උදාවට පෙර සහ ඉර බැසීමෙන් පසුවය. මේ නිසා එය පහන් තරුව (Morning star) හෝ ඉරබටු තරුව (Evening star) ලෙසද හැදින්වේ.

භෞමික ග්‍රහයන් ගණයට අයත් සිකුරු ග්‍රහයා පෘථිවියේ සහෝදරියක ලෙස සලකන්නේ ඒවායේ විශාලත්වය, ගුරුත්වාකර්ෂණය හා සංයුතිය සමාන වන බැවිනි. භෞමික ග්‍රහයින් අතුරින් ඝනත්වයෙන් වැඩිම වායුගෝලය ඇත්තේ සිකුරු ග්‍රහයා සතුවය. එහි වැඩිපුරම ඇත්තේ කාබන්ඩයොක්සයිඩ්ය.සිකුරු ග්‍රහයාගේ පෘෂ්ඨය මත වායුගෝලීය පීඩනය පෘථිවියේ මෙන් 92 ගුණයකි.සූර්යයා වටා කක්ෂගත වීමේ දී සිකුරු තරුව සෑම දින 584 කට වරක්ම පෘථිවිය පසුකර යයි. පෙර ඉර බසින විට දුටු තරුව එවිට දැකගත හැකි වන්නේ ඉර නැගීමට පෙරය. අනෙක් අධර ග්‍රහයා වන බුධ ග්‍රහයා එහි උපරිම දීර්ඝනය(elongation) වන අංශක 28 ට පැමිණෙන නමුත් ඉර බැස යන විට එය දැක ගැනීමට අපහසු නමුත් සිකුරු ග්‍රහයා ලෙහෙසියෙන් මග හැරෙන්නේ නැත. එහි දීප්තිමත්බව නිසා එය ඉර බැස ගොස් බොහෝ වේලාවක් යන තුරු වුවත් අඳුරු අහසේ දැක බලාගත හැකිය. පියාඹන පීරිසි ලෙස ‍බොහෝ විට වැරදි ලෙස වාර්තා වී ඇත්තේ සිකුරු ග්‍රහයාවයි.

සිකුරු නිරීක්ෂණය කිරීමේ දී බොහෝ කලක සිට ඇති පැනයක් වී ඇත්තේ ඇෂන් එළියයි. එසේත් නැතිනම් ග්‍රහයාගේ අඳුරු පසින් දිස්වන දුබල ආලෝකයයි. මෙය මුල්වරට නිරීක්ෂණය කළේ 1643 දීය. සිකුරු ග්‍රහයාගේ වායුගෝලයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය නිසා මෙම ‍එළිය ඇති වන බවටත් ඉතා දීප්තිමත් අඩ සඳ හැඩැති වස්තුවක් දෙස බැලීමේ දී ඇතිවන භෞතික බලපෑම් ‍හේතුවෙන් දක්නට ලැබෙන දෘෂ්ටි මායාවක් ලෙසටත් මත දෙකක් පවති. Galileo (ගැලීලියෝ ගැලිලි) විසින් සිකුරු ග්‍රහයා සූර්යයාගේ වටා ගමන් කරන බව ඔප්පු කළේය. හින්දුවරුන්ගේ ජ්‍යොතිෂ්‍යයේදී සිකුරු, ශුල්ක්‍රා ග්‍රහයා ලෙසත්, බටහිර පුද්ගලයින් “Wondering Star” ලෙසත් අතීතයේදී සිකුරු ග්‍රහයා හැදින්වීය. අතීතයේ “Morning Star” හා “Evening Star” ලෙස තාරකා දෙකක් වශයෙන් සිකුරු සලකා ඇත. නමුත් ඔවුන් එකම ග්‍රහලෝකය වෙනස් ආකාරයෙන් දකිනා බව නොදැන සිටියේය. මෙය තනි වස්තුවක් බව “පයිතගරස්” පළමුවෙන් හදුනාගත්තේය. ගැලීලියෝ විසින් 17 වැනි සියවසේ සිකුරුගේ චලනයන් නිරීක්ෂණයෙන්, එය සඳ මෙන් පෘතුවිය වටා නොයන බව සොයා ගත්තේය. ඒ සමගම සූර්යා වටා ග්‍රහලෝක පරිභ්‍රමණය වේ යන සංකල්පය ඉදිරිපත් වීය. Johann Schroter 1970දී සිකුරුගේ වායුගෝලයක් ඇති බව නිරීක්ෂණය කළේය. සිකුරුගේ සූර්යයාට විවෘත ප්‍රදේශයේ 1800C ක උණුසුමක් ඇතිබවත්, සිකුරුගේ අඳුරු ප්‍රදේශක් නිරීක්ෂණයෙන් තහවුරු විය. මෙම වායුගෝලයක් තිබීම නිසා භ්‍රමණ කාලය නිගමනය කිරීම් අපහසු විය. Glovenni Cossin හා Johann Schroter පැය 24 ක භ්‍රමණ කාලයක් ඇති බවට නිගමනය කළත් එය නිවැරදි නොවීය.
ජ්‍යෝතිෂයේ දී  සිකුරුට කලත්‍ර කාරක හෙවත් විවාහ කාරක යන නම් යොදා ඇත.ග්‍රහ මණ්ඩලයේ දුවණිය ලෙස හැඳින්වෙන සිකුරු ග්‍රහයා පෘථිවියට ආසන්න අනෙක් ග්‍රහයා වේ.අපට පෙනෙන ග්‍රහ ලෝක වලින් ඉතාමත්ම දීප්තිමත් ග්‍රහයා ද වන්නේ සිකුරුය.සෞම්‍ය ගතිය අතින් බලන විට දෙවැනි වන්නේ ගුරුට පමණි.

සැපවත් විවාහය,ප්‍රීතියෙන් කාලය ගෙවීම,ආලය ආදරය,ප්‍රේමය,පිරිසිදු බව,මිනිසත්කම සහ මනුෂ්‍ය ගුණ දහම්,අලංකාර බව,තරුණ බව ආදිය සිකුරු නිසා ඇතිවේ.සංගීත ශාස්ත්‍රඥයින්,ආපන ශාලා හිමියන්,ලස්සන බඩු වෙළෙන්දන්,කාමභෝගීන්,යහපත් වූ අඹු සැමි සබඳතා ආදිය සිකුරු ග්‍රහයා නිසා ඇතිවේ.

සිකුරු ස්ත්‍රී ග්‍රහයෙක් වේ.ස්ත්‍රී ලිංගය,සුදු වර්ණයනියෝජනය කරයි.ශුද්‍ර කුලයට අයත්ය.ඇස්,උත්පාදක ඉන්ද්‍රියන්,උගුර,නිකට,කම්මුල්,වකුගඩු ආදී සිකුරුට අයත් ශාරීරික කොටස්ය.මෝටර් කාර්,අහස් යානා,බයිසිකල්,පරවියන්,මොණරුන්,ගේ කුරුල්ලන් ආදී පක්ෂීන් සයනාගාර,සිනමා නාට්‍ය ශාලා,භෝජන ශාලා,සුවඳ විලවුන් සාදන කර්මාන්ත ශාලා,සිල්ක් කර්මාන්ත ශාලා,වීදුරු නිෂ්පාදන කරන ස්ථාන සහ වෙළඳ ආයතන ආදියටද අධිපති වේ.දවල් උපන් අයට සිකුරු මව් වේ.
දියමන්ති, සුදු මැණික් සහ රිදී ලෝහය සිකුරුට අයත්ය.වෘෂභ සහ තුලා සිකුරුගේ ස්වක්ෂේත්‍ර රාශීන් වන අතර මීනය සිකුරුගේ උච්ච රාශිය වේ.කන්‍යා රාශිය නීච වේ.බෙරණ,පුවපල් සහ පුවසල නැකත් තුන සිකුරුගෙන් පාලනය වේ.සිකුරාදා දිනය සිකුරුට අයත්ය.

මීළඟ පාඩමින් අප සෙනසුරු ග්‍රහයා පිළිබඳව හඳුනාගනිමු.

0 අදහස් දැක්වීම්:

Post a Comment