බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ජේයාතිෂයේදී පුරාණ ඍෂිවරු විසින් හඳුන්වා දී තිබෙන්නේ.
තමන්ගේ කේන්දරේ එම ග්‍රහයා පිහිටි ස්ථානය අනුව ඔහු හා සබැඳි භාව පල, ස්ථාන පල මෙන්ම ග්‍රහ පල විනාශ කිරීම තමයි බාධක ග්‍රහයාගේ කාර්යය වෙන්නේ.
සෑම කෙනකුටම ලග්නයක් තිබෙනවා. ලග්නයේ පෘථිවිය මැදිකොටගෙන කොටු 12ක් තුළ නවග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන් 12 දෙනකු සිටිනවා. මේ ග්‍රහයන් කෙනකු උත්පත්තිය ලබන අවස්ථාවේ හැටියට හඳහනේ කොටු කීපයක් තුළ විසිරී සිටිනවා. ඉතින් මේ ප්‍රධාන නවග්‍රහයන් අතරින් රාහු, කේතු හැර අන් ග්‍රහයන් 7 දෙනාගෙන් එක් ග්‍රහයකු ඕනෑම කෙනකුගේ ජන්ම පත්‍රයේ ලග්නයට අනුව බාධක ග්‍රහයා වීමේ හැකියාව තිබෙනවා. ඕනෑම ලග්නයකට බාධක ග්‍රහයෙක් සිටින අතර ලග්න 12ටම බාධක ග්‍රහයන් 12 දෙනකු සිටිනවා.
අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් 12 දෙනකු සිටියත් ග්‍රහ බලපෑම මත අප විසින් ජේයාතිෂයේදී මූලිකවම අවධානය යොමු කරන්නේ නවග්‍රහයන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු, හා රාහු, කේතු යන ග්‍රහයන් ගැන පමණයි. මේ අතරින් රාහු හා කේතු කියන්නේ ජේයාතිෂයේදී පමණක් අප යොදා ගන්නා ග්‍රහයන් නොව ඡායා ග්‍රහයන් නිසාත් ප්ලූටෝ, නෙප්චූන් හා යුරේනස් යන ග්‍රහ ත්‍රිත්වය පෘථිවියට ඉතා අෑතින් පිහිටා ඇති නිසාත් අපට එල්ලවන බලපෑම අඩු නිසාත් මා ඉහත සඳහන් කළ බලපෑමක් සහිත රවි, සඳු ඇතුළු ග්‍රහයන් 7දෙනා මෙම කාරණාවේදී යොදාගනු ලබනවා. එය ජේයාතිෂ සිද්ධාන්තයක්.
ලග්න අනුව බාධක ග්‍රහයන්
• පළමු හා දෙවැනි ලග්නයන් වන මේෂ හා වෘෂභ යන ලග්න 2කට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා බාධක ග්‍රහයා වෙනවා.
• මිථුන හා කන්‍යා යන ලග්න 2කට ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා බාධක ග්‍රහයාය.
• සිංහ හා මකර යන ලග්න රාශි 2කට කුජ හෙවත් අඟහරු ග්‍රහයාද,
• ධනු හා මීන යන ලග්න රාශි 2කට බුධ ග්‍රහයා බාධක ග්‍රහයාද වෙනවා.
• කටක ලග්නයට සිකුරු ග්‍රහයාත්, තුලා ලග්නයට රවි ග්‍රහයාත්, වෘශ්චික ලග්නයට චන්ද්‍රයා හෙවත් සඳුත්, කුම්භ ලග්නයට ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාත් බාධක ග්‍රහයන් වෙනවා.
එම ග්‍රහයන්ගේ මහ දශා කාලය හෝ අතුරු දශා කාලය තුළ ඔහුට හෝ ඇයට අපල තත්ත්වයක් මෙන් බාධා හා විවිධ කාර්යයන්ගේ ප්‍රමාදයන් ඇතිවිය හැකියි. එසේම ආසන්නවම ගෙවනු ලබන විදශා කාලය තුළදීද ක්‍රියාත්මක වෙනවා.
බාධක ග්‍රහයා ගුරු හෝ සිකුරු වැනි සුබයෙක් වුවත් ඔහුගෙන් ඇතිවන්නේ බාධාවක්. ඒ වගේම පාපී ග්‍රහයකු වීම සුබදායක නැහැ. කේන්දරේ එම අදාළ ග්‍රහයාගේ තත්ත්වය මත මෙහි ප්‍රතිඵල වෙනස් වීමට ඉඩ තිබෙනවා. සුබ ග්‍රහයකු වුවත් පාප දෘෂ්ටිවලින් පීඩිත නම් එම තත්ත්වය සුබදායක වන්නේ නැහැ. එම කාරණය තවදුරටත් ටිකක් පැහැදිලි කළොත් අපි උදාහරණයක් ලෙස හිතමු යම් කෙනකුගේ ජන්ම පත්‍රය හෙවත් හඳහනේ ඉහත සඳහන් කළ බාධක ග්‍රහයා විවාහ ස්ථානය වන ලග්නයෙන් 7 වැන්නේ තැන්පත් වී සිටිනවා කියා. එවිට අනිවාර්යයෙන්ම එම ජන්මියාගේ විවාහයට එම තත්ත්වය බලපානු ලබනවා. මේ තුළ බොහෝ විට විවාහයට විවිධ බාධක හා ප්‍රමාදයන් එල්ලවීමේ ප්‍රවණතාවක් තිබෙනවා.
එසේම මෙම බාධක ග්‍රහයාගේ බලපෑම එල්ල වෙන්නේ විවාහයට පමණක් නොවන අතර බාධක ග්‍රහයා අපේ කේන්දරයේ තැන්පත්ව සිටින ස්ථානය හෙවත් භාවය අනුව එම භාවයට අදාළ කාරණය සම්බන්ධයෙන් බාධා, කරදර හා අපල උදාවීමේ හැකියාව තිබෙනවා. මෙම බාධක ග්‍රහයා රැකියා ස්ථානය වන 10 වැන්නේ පිහිටා සිටිය විට රැකියා අංශවලින් බාධා කරදර ඇතිවිය හැකියි. නැත්නම් 4 වැන්නෙ නම් ගෙවල් ෙදාරවල් යාන වාහන ගැන වෙන්න පුළුවන්. ඒ වගේම 5 වැන්නේ නම් දරුපල හෝ අධ්‍යාපනය ගැන වෙන්න පුළුවන්. එසේත් නැත්නම් අපි හිතමු 2 වැන්නේ 11 වැන්නේ කියා. එවිට ආදායම සම්බන්ධයෙන් බාධා කරදර ඇතිවිය හැකියි. ඒ ආකාරයටම මෙම බාධක ග්‍රහයා පිහිටා සිටින භාවය අනුව ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්.
එසේම කේන්දරයේ අනෙකුත් ග්‍රහ ශක්තීන් මත බාධක ග්‍රහයාගේ බලපෑම වෙනස් වීමේ හැකියාවද තිබෙනවා. එය අවබෝධ කරගත හැක්කේ නිවැරැදි ජන්ම පත්‍ර පරීක්‍ෂාවකින් අනතුරුවයි. බාධක ග්‍රහයා බාධක රාශිය හෙවත් බාධක ස්ථානයේම සිටින විට අප එම ග්‍රහයා ජේයාතිෂයේදී මහා බාධක ග්‍රහයා ලෙස හඳුන්වනු ලබනවා. පළමු ලග්නය හය වැනි මේෂ ලග්නයට බාධක ස්ථාන 11 වැන්න වී සෙනසුරු බාධක ග්‍රහයා වන අතර 10 හා 11 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා.
වෘෂභ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සෙනසුරු බාධක ග්‍රහයා වන අතර 9 හා 10 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. මිථුන ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී ගුරු හෙවත් බ්‍රහස්පති බාධක ග්‍රහයා වන අතර 2 හා 10 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කටක ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී සිකුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 11 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. සිංහ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී කුජ හෙවත් අඟහරු බාධක ග්‍රහයා වන අතර 4 හා 9 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කන්‍යා ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී ගුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 7 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. තුලා ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී ශුක්‍ර හෙවත් සිකුරු බාධක ග්‍රහයා වන අතර 1 හා 8 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. වෘශ්චික ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සඳු හෙවත් චන්ද්‍රයා බාධක ග්‍රහයා වන අතර 9 වැනි භාවයේ අධිපතිත්වය ලබනවා. ධනු ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී බුධ බාධක ග්‍රහයා වන අතර 7 හා 10 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. මකර ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී කුජ බාධක ග්‍රහයා වන අතර 4 හා 11 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කුම්භ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සිකුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 9 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. මීන ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී බුධ බාධක ග්‍රහයා වන අතර 4 හා 7 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා.
ඕනෑම චර රාශියක 11 වැන්නේ ඕනෑම තිර රාශියක 9 වැන්නේ ඕනෑම උභය රාශියක 7 වැන්නත් බාධක රාශිය ලෙස ලෙස අප ජේයාතිෂයේදී හඳුන්වනු ලබනවා. මේ ආකාරයට බාධක ග්‍රහයන් වගේම බාධක රාශියකුත් අපේ කේන්දරයට තිබෙන අතර ඕනෑම ලග්නයට බාධක ස්ථානයක් වන බාධක රාශියක් වන බාධක රාශියක් තිබෙනවා. බාධක රාශියේ අපල, කරදර, බාධා හා ප්‍රමාදයන් ගෙන එනු ලබනවා. විශේෂයෙන්ම එම කේන්දරයේ බාධක රාශිය වන ස්ථානයට අදාළව කියැවෙන පලයන් සඳහා මෙහිදී බාධා වනු ලබනවා. මේෂ, කටක, තුලා හා මකර යන රාශි හෙවත් ලග්න චර රාශි ලෙස හඳුන්වනු ලබනවා. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි තිර රාශි ලෙස හැඳින්වෙනවා. ඉතිරි ලග්න රාශි 4 වැනි මිථුන, කන්‍යා, ධනු හා මීන යන රාශි උභය රාශි ලෙස හැඳින්වෙනවා.
මෙම බාධක ග්‍රහයාගෙන් උදාවන අපල තත්ත්වයන් ග්‍රහ ශාන්තිකර්ම මඟින් සමනය කර ගත හැකි අතර ඒ සඳහා උගත් ජේයාතිෂවේදියකු මඟින් නිවැරැදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුව අදාළ ග්‍රහ ශාන්තිකර්මය ඉටු කිරීම තුළින් එම අපල තත්ත්වයන් සමනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. අදාළ බාධක ග්‍රහයා හා රාශිය හඳුනා ගැනීමෙන් පසු ඒ සඳහා එම නිශ්චිත ග්‍රහයාට අදාළව අපල දුරු වීම සඳහා බෝධි පූජාමය පින්කම්, අටවිසි බෝධි පූජා, දේව පූජා, සෙත් කවි ගායනා, මැණික් පැලඳීම්, යන්ත්‍ර දැමීම් වැනි කාරණා ඉටු කළ හැකියි.
0 අදහස් දැක්වීම්:
Post a Comment