Posted by Unknown On 11:11 PM


බොහෝ පුද්ගලයන්ට අපේක්ෂා බොහොමයක් තිබෙනවා. සමහර අපේක්ෂා තම උනන්දුව සහ උත්සාහය හරහා ජයග්‍රහණය කරගත හැකි වනවා. නමුත් සමහර අපේක්ෂා ජයග්‍රහණය කරගැනීමට විශ්වයෙන් ඉල්ලීමට සිදුවනවා. මේ සදහා නොයෙක් පූජා කිරීම, සත්‍යක්‍රියා කිරීම, භාර වීම ආදී ක්‍රමවේද අනුගමනය කරනවා. නමුත් මෙසේ තමන් විශ්වයෙන් අපේක්ෂා කරන දෑ නොලැබෙන්නේ කුමක් නිසාද ? එයට හේතු ගණනාවක් තිබෙනවා.

1. අපේක්ෂාවේ ප්‍රබලතාවය – නැතහොත් තමන් අපේක්ෂා කරන්නේ මුළු හදවතින්ම නොවීම 

2. පුද්ගල ස්වරූප වශයෙන් කර්මය ක්‍රියා කිරීමට යන කාලය වෙනස්වීම

3. තමන්ගේ අපේක්ෂාව වෙනුවෙන් තමන්ගේ කැපවීමක් නොවී බලාපොරොත්තු සමග පමණක් සිටීම

4. අපේක්ෂා කරන කාරණය තම කර්ම පලයෙන් පිටව පැවතීම

මෙම කාරණා අභිබවා යෑමට විශාල කැපවීමක් කළ යුතු වනවා. අර්ධ විශ්වාසය යනු විශ්වාසය නොමැති කමයි. ඔබ හදවතින්ම ඉල්ලන්න. එවිට ලැබේවි.ඔබට ජය !

0 අදහස් දැක්වීම්:

Post a Comment