නැකැත් ශාස්ත්‍රය සහ හෝරා ශාස්ත්‍රය බිහිවන්නේ ද මේ අයුරින්ම පැරැන්නන් තුළ පැවති ඉහත කී සොබාදහම පදනම් කොට ගත් ක්‍රමවේදයන් මතයි.සාමාන්‍ය නැකත් ශාස්ත්‍රය ඉක්මවා යමින් ඉන්ද්‍ර ගුරුළුව, යම කාලය, දඬු මරණය ආදී වූ සූක්ෂම ක්‍රමවේදයන් ගොඩ නගන්නට තරම් හෙළයාගේ පරිසරය පාලනය කිරීම පිළිබඳ හැකියාව ප්‍රබල විය.මහා නියගයකදී වුවද ජාල බිදුවක්වත් වත් නොමැතිව නැකත් මත පදනම්ව ගොවිතැන් බත් කිරීමට තරම් හැකියාවක් ඔවුන්ට තිබුණි.
ජ්‍යෝතිෂයේ මූලික සිද්ධාන්ත හතරෙන් දෙකක් වන සූර්ය සිද්ධාන්තය හා පවුලප්තය සිද්ධාන්තය සුප්‍රසිද්ධ රාවණා රජුගේ සීයා වන පුලතිසි ඉසිවරයා නිර්මාණය කළ ඒවා ය.
හෙළ නැකත් කලාව නිර්මාණ මෙතුමා විසින් සිදු කළ අතර එහි කොටස් පහත පරිදිය.
සප්ත යෝගය – ඉන්ද්‍ර ගුරුළුව, පංච පක්ෂිය, යම කාලය, දඬු මරණය, දින මුර්තුව, ඊසකය, ශිවා ලිඛිතය
උමා ජ්‍යෝතිෂය
හෝරා වග
සුදර්ශන චක්‍රය
සෙත් වග
වාස්තු වග
උමා පද්ම හා උමා ගුරුළුව
මේ අතර ස්ත්‍රී ජාතික චන්ද්‍රිකා නම් ග්‍රන්ථය පුලතිසි ප්රමුඛ ඉසිවරු හතරදෙනෙක් විසින් නිමවන ලද බවද පැවසේ.
ඒ අනුව ඉහත ග්රන්ථයන්ගෙන් ප්‍රධාන වශයෙන් ශිවා ලිඛිතය පදනම් කොට ගෙන ගොඩනගා ඇති හෙළ හෝරා චක්‍රය භාවිතය මඟින් සූක්ෂම නැකත් උපයෝගී කොටගෙන මහා පරිමාණයේ ඇල මාර්ගයක් කැපීම වෙනුවට කෝටුවක් මඟින් ඇඳි ඉරක් මඟින් මහා ගංගාවක් වූවද හැරවීමට සමත් තාක්ෂණයක් හෙළයන් සතු විය.
හෙළ හෝරා චක්‍රය යනු ඉහතින් විස්තර කරන ලද කරුණු කාරණා ඉටු කරගැනීම සඳහා භාවිතා කරන ලද ක්රමවේදයකි.එදිනෙදා තම කටයුතු ඉටු කරගැනීම උදෙසා ශුභ වේලාවක් සකස් කරගැනීම තමන්ටම ඉටු කරගැනීමටත් සූක්ෂම නැකැත් සාදා ගැනීමටත් මෙම හෙළ හොරා චක්‍රය මඟින් හැකියාව ලැබේ.
පළමුව ඉරු උදාවේ සිට විනාඩි 48 කොටස් වලට දවස බෙදා ගත යුතුය.( විනාඩි 48 ක් යනු සිංහල පැය ක්‍රමයට නම් පැය 2 ක කාලයකි)උදාහරණයක් ලෙස ඉරිදා දිනය ගතහොත් පළමු විනාඩි 48 රෞද්‍ර හෝරාවයි.මෙම කාලය යුද කටයුතු ඇරඹීමට සුබයි.වඩාත් සූක්ෂම කර ගැනීමට නම් මෙම විනාඩි 48 ක කාලය දෙකට බෙදා මුල් කොටස පුර ලෙසත් අනෙක් කොටස අව ලෙසත් ගණනය කරනු ලබයි.පළමු හෙවත් පුර කොටස මිනිසුන් යොදවාගෙන එම කාර්යය කරවා ගැනීමටත් දෙවන කොටස හෙවත් අව කොටස තුළ තමන්ම මැදිහත් වීමෙන් එම කාර්යය කරගැනීමටත් සුදුසුය.මේ ආදී වශයෙන් එම කොටස් සමාන කොටස් වලට බෙදීම මඟින් ඇති සූක්ෂමයක් දක්වාම ගණනය කල හැකිය.එමඟින් සූක්ෂම මොහොතක් ද සොයා ගත හැකිය.මෙහිදී රාහු කාලයට අයත් කාල සීමාවන් අත් හළ යුතුවේ.
හෙළ හෝරා චක්‍රය පහත පරිදි වේ.
රෞද්‍ර – යුද්ධ කටයුතු/ දරදඬු කටයුතු
ස්වේතජන(ශුභයි) – ඕනෑම කාර්යයකට ශුභයි.වෙළඳ කටයුතු සඳහා විශේෂයි
මෛත්‍රී (ශුභයි)- දේශපාලනය/ප්‍රචාර/සාකච්චා/ප්‍රධානීන් හමුවීම/ඥාතීන් කටයුතු/විවාහ ගිවිසුම්
චක්රවාත(ශුභයි) – ප්රචාරක සඳහා වඩාත් සුදුසුයි/නගර නිර්මාණ/ගස් වැල් සිටුවීම
ජයදේව(ශුභයි) – විවාහ/ව්‍යාපාර/ශිල්ප ශාස්ත්‍ර/නිවසට ගෙවදීම/සියළු ජය කටයුතු
වෛරෝචන(ශුභයි) – ඖෂධ භාවිතය ඇරඹීම/නව නිවසට පිවිසීම/ප්‍රචාරණය
තුරදේව (ශුභයි)- කලා/උත්සව/ආදර/අලංකාර/රූපලාවන්‍ය
අභිජිත් (ශුභයි)- විදේශ ගමන්/ නම්බු නාම භාර ගැනීම/අධ්‍යාපන/විභාග/විහාර/පිළිම
රාවණ – සටන් ආවේගය/වැට මායිම සැකසීම/සතුරන්ට විරුද්ධ කටයුතු ශුභයි
බාලවදන (ශුභයි)- නරක කටයුතු වලට ශුභයි/ යුද්ධ සඳහා ආරාධනා කිරීම
විභීෂණ (ශුභයි)- තරඟ විභාග/කලා ශිල්ප/සම්මුඛ පරීක්ෂණ/පුත්‍ර බීජ/ජය පතා කරන කටයුතු
නන්දන කාලය(ශුභයි) – සියළු ගමන් බිමන් සඳහා නිර්මාණ සැලසුම්/කුඩා දරුවන්ගේ කන් විදීම
යම කාලය – විරුද්ධවාදීන් මෙල්ල කිරීම / යුද්ධ ප්‍රකාශ කිරීම / යන්ත්‍ර මන්ත්‍ර
සොමෝදර(ශුභයි) – කුඩා දරුවන් සම්බන්ධ ඕනෑම කටයුත්තකට
භාජෝදර (ශුභයි)- විවාහ වීමට ශුභම වෙලාව/ පෙම් හසුන් ලිවීමට/ප්‍රේම සබඳතා
චුල නක්ෂත්රයෙ සදහන් සප්ත යොගය.
ReplyDelete