Posted by Unknown On 12:58 AM


ගුරු ග්‍රහයාගෙන් යෙදෙන අපල වලට පිළියම්

ගුරු ග්‍රහයාගෙන් ඇතිවන අශුභ තත්ව අවම වීම සඳහාත් ශුභ ඵල වර්ධනය කර ගැනීම සඳහාත් පහත සඳහන් ශාන්ති කර්ම විධිමත් ලෙස ඉටුකරන්න.

බෝධි පූජා තබා විෂ්ණු දෙවියන් හට පිං දෙන්න. (නිර්මාංශ වී)

සමහර ගුරු කුල ශිව දෙවියන්ට, කතරගම දෙවියන් හට පිංපෙත් ලබාදීම, බාරහාර වීමත් සිදුකරයි.

බුදුන්වැඳ විෂ්ණු දෙවියන් හට පිං දෙන්න.

විෂ්ණු දෙවියන් හට පුද පූජා පැවැත්වීම, බාර හාරවීම.

අභිසම්භිදාන යන්ත්‍රය හෝ නරසිංහ යන්ත්‍රය විධිමත් ලෙස සකසා පැළඳීම.

පුෂ්පරාග මැණිකක්‌ මුදුවක හෝ පෙන්ඩනයකට යොදා විධිමත් ලෙස සකසා පැළඳීම.

බෝ වෘක්‍ෂයට සාත්තු කිරීම, බෝ මළුව ඇමදීම, පිරිසිදු කිරීම, බෝ සෙවනේ වැඩි කාලයක්‌ ගත කිරීම.

ධර්ම පුස්‌තක රචනා කිරීම, බෙදාදීම (නොමිලේ) මුද්‍රණයට දායක වීම.

සංඝයා වහන්සේලාට උවටැන් කිරීම, දාන පූජා කිරීම.

පිරිත් ශ්‍රවණය කිරීම, දේශනා කිරීම, ධර්මය ශ්‍රවණය, දේශනා කරවීම

සෙත් කවි කීම.

බෝධි පූජා පැවැත්වීමේදී භාවිත කරනු ලබන පූජා ද්‍රව්‍යන්

බුලත් 09 මත පහත පූජා ද්‍රවයන් තැන්පත් කරන්න
බෝ පත්‍ර 09
එලඟිතෙල් පහන් 09 යි. (පිරිසිදු එළඟිතෙල් යොදා ගන්න)
පඬුරු කාසි 09 යි (කහ දියරින් සෝදාගත්)
හඳුන් කූරු 09 යි.
කපුරු පෙති 09 යි.
කහ මල් 09 යි.
කහ කොඩි 09 යි.
(මැටි පහන් 9 අලුත් ඒවා විය යුතුයි. සෝදා පිරිසිදු කරගත්)

තවද නොයිදුල්ව සිඳගත් පොල්තෙල් යොදා පහන් දල්වන්න. බෙලිමල්, කහමල් වර්ගද, නිල්මල් සමන්පිච්ච, දැහැත් ගිලන්පස ආදී පූජාවන් සිදුකිරීමටද අමතක නොකරන්න.

බෝධි පූජා පැවැත්වීමේදී බ්‍රහස්‌පතින්දා දිනවල එදින ඉර උදාවත් සමඟ මුල්පැයේද පවත්වා එදින රාත්‍රී ද ආසන්න වශයෙන් ප.ව.8-9 අතරත් පවත්වන්න. එය ගුරු ග්‍රහයාට හිමි දිනයේ ගුරු හෝරාව බැවිනි. එයද ශුභ දායක වේ.

0 අදහස් දැක්වීම්:

Post a Comment