Posted by Unknown On 8:09 AM


අද විදේශ ගත වන්නන්ගෙන් වැඩි දෙනෙක් එසේ කරන්නේ ආර්ථික දියුණුවක් පතාගෙනය. සමහරු ස්ථීර පදිංචිය සඳහා ද එසේ කරති. එයට ද යටි සිතේ ඇති ආශාව නම් සුඛෝප බෝගී ජීවන රටාවකින් යුත් නිස්කංලක පරිසරයකි.
සමහරු විදේශ රටවලට ගොස් ආර්ථික දියුණුවක් ලබා නැවත පැමිණෙති. සමහරු මුදල් සොයා මෙහි පැමිණ ටික කලකින් ආසාර්ථකත්වය ලබති.

සමහරු කරදර හිරිහැර නඩුහබ අප්‍රසන්න පරිසරය ආදියෙන් මිඳීමට රට යති. මේ පාර්ශවයන් අතර කැමැත්තෙන් යන අය මෙන්ම අකමැත්තෙන් යන අය ද සිටිති.
කේන්දර සටහනේ විදේශ ගතවීම පෙන්වන්නේ 12න් සහ 9 වැන්නෙහි චරරාශිවලට 7 වැන්න ද බලපාන බව කියති. කෙසේ නමුත් ප්‍රබලම ස්ථාන 12 වැන්නය. නුපුරුදු පරිසරයකට යෑම 12ස් වැන්නෙන් පෙන්වන නිසාය. එසේම දැඩි අපල උපද්‍රව ලබාදෙන ස්ථාන දෙකෙන් 12ස්වැන්න ද එකකි. අනිත් භාවය 8වැන්නය. නමුත් 8න් විදේශගතවීම නොපෙන්වයි.

12 වෙනි භාවයෙන් වැයවීම, රෝහල් ගතවීම, බන්ධනාගාර ගතවීම, නින්ද‍ා අපහාස විඳීම, රහස් කුමන්ත්‍රණ කිරීම සහ එයට භාජනය වීම, තනිව හුදකලා වී ඈත එපිට සිටීම, නාස්තිකාර වීම, ආදී ඵල විපාක පෙන්වයි.
නමුත් සාධනීය පැත්තෙන් ගත් කළ විදේශගත වීම, ගුප්ත විද්‍යාව හැදෑරීම, ආයෝජනවලින් ලාභ ලැබීම, පර්යේෂණයන්හි යෙදීම, දුෂ්කර ගවේෂණ, ආරණ්‍ය ගතවීම වනවැදී තපස් රැකීම් ආදිය පෙන්වයි.
එම නිසා අපල වලින් මිඳීම සඳහා යයි කියමින් රට යන්නන්ගෙන් බොහෝ දෙනෙකු යන්නේ දුෂ්කර ආර්ථික සටනකින් මිදී යම් සහනයක් ලබා ගැනීමටය. විදේශගත වී මුදල් ඉතිරි කරගෙන පැමිණ, මව්බිමේ දී දියුණුව ලබන්නෝද අසාර්ථක වී නැවත පැමිණි විඳවන්නෝ ද සිටිති.

එසේ නම් අපලවලින් මිදීම සඳහා රට යෑම සාර්ථක ද ආසාර්ථක ද යන්න දැන ගන්නේ කෙසේද?
අප මෙහිදී ප්‍රධාන වශයෙන් ගණන් ගත යුත්තේ සාමාන්‍ය ගණනය. (Average) එම මිණුම් දණ්ඩ අනුව අපල වලින් මිදී ඇති ප්‍රතිශතය 60%කට වැඩිය. ඉතිරි 40%ය අසාර්ථක වී ඇති බවත් සත්‍යයකි.
නමුත් ප්‍රතිශතය අනුව බලන කල වැඩි දෙනෙකු අපලවලින් මිදී ඇත.

විදේශ රටවලට යන්නන්, විශේෂයෙන් මැද පෙරදිගට යන සමහරුන් (හැමෝම නොවේ) වර්ෂ ගණනක් දුක් ගැහැට විඳ පැමිණි අය ද නැත්තේ නොවේ.
රිසානා වැනි ස්ත්‍රීන් සෞදි අරාබියට ගොස් දුක් ගැහැට විඳ මරණ දඬුවමකට පවා ලක් විය. තවත් එවැනි අය ද සෑහෙන සංඛ්‍යාවක් ඇත.

එසේම සමහර අපරාධකරුවන් යනු වංචාකරුවන් රට පැනගොස් බේරී ඇත. උගන්ඩාවේ ‘ඉඩිඅමින්’ තම ජීවිතය රැක ගත්තේ රට පැන ගොසින්ය. ඊජිප්තුවේ ෂාරුක් රස්, ඉරානයේ ෂා රජු ද තම රටේ සිටියා නම් මරණ දඬුවමට ලක්විය හැකිව තිබේ.

මුගලන් කුමරු ඉන්දියාවට පලානොගොස් මෙහි සිටියා නම් කාශ්‍යප රජුගෙන් මැරුම් කෑ හැකිව තිබිණ‍ 1848 කැරලි නායකයෙකු වූ “ගොංගාලේගොඩ බණ්ඩා” විදේශයකට පිටුවහල් කරනු ලැබී යයි කියවේ. කෙසේ නමුත් ඔහු ද මෙහි සිටියා නම් මරණ දඬුවම නියතය.

12 වෙනි භාවයෙන් පෙන්වන අපල මේ නිසා එම භාවයෙන් පෙන්වන විදේශ ගතවීම මඟින් සමනය කරගත හැකි බවක් ද පෙනේ.
මා ඉහත කී පරිදි හැමෝටම නොවේ. කෙ‍සේ නමුත් ප්‍රතිශතය වැඩි බව නැවත නැවතත් කීමට සිදුවෙයි. සමහරු පවසන්නේ කර්මය පල දෙන්න තියෙනවා නම් කොහේ හිටියත් ඵල දෙන බවය. එහෙත් මඟ හරවා ගත හැකි අහෝසි කිරීම ද ඇත. පුද පූජා මඟින් වෙනස් කරගත හැකි කර්ම ද ඇත. ආයු වර්ධන කුමාරයාගේ කථාව මෙයට හොඳ නිදසුනකි.

සමහරුන්ට මෙවැනි අපල කාලයකට රට යෑමට හිතෙන්නේ එම කර්කෂත්වයෙන් මෙලෙස විදේශ ගතව ද අසාර්ථක වෙයි. යන්න නම් සත්‍යයකි. කර්මයේ ද වර්ග ඇත.අපගේ සිවිල් යුද්ධ සමයේ පවා කොටි ත්‍රස්තවාදීන්ට උපකාර කළ සමහරු විදේශ ගතව සුරසැප විඳිමින් සිටිති‍. ඔවුන් මෙහි සිටියා නම් ඉරණම කෙසේ විය හැකිද?

විදේශ ගතව යහපතක් වේ දැයි ජ්‍යොතිෂ සිද්ධාන්ත වේ දැයි බැලීමට ක්‍රම කීපයක් ඇත. ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාතික රටවල් කීපයක් සෙනසුරුගේ බලයට යටත්; එම නිසා අපල උපද්‍රව සහ දුක මෙම රටවලට ත්‍රීවු වෙයි. ඇමරිකාව, එංගලන්තය , ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල ශනිගේ කර්කෂ බලපෑමෙන් මිදී ඇත. විදේශ ගත වීමෙන් වන වාසිය වැඩිය.
12 වෙනි භාවයෙන් සමස්ථ කේන්දරය සමඟ සාපේක්ෂව ගුණ අගුණ විමසා බැලීම එක් කාරණාවකි.

හොඳ වේලාවක විදේශ ගත වූවහොත් අපේක්ෂා කරන කාරණා ඉටුකරන ගත හැකිදැයි ප්‍රශ්නයකි.
ක්‍රිෂ්ණමූර්ති පුද්ධතිය අනුවත් විදේශගත වීම, නැවත ස්ථානගත වීම, නමැති සිද්ධාන්තය යට‍තේ ජ්‍යොතිෂ විමර්ෂණයකට ලක් වෙයි. මෙය තවමත් පර්යේෂණ අවධියේ ඇත. මෙය “නවස්ථානගත වීමේ ලග්න කුණ්ඩලියේ”
(RElOCATION CHART) වශයෙන් හඳුන්වා ඇත. මෙහිදී ගැටලු මතු නොවන්නේ ද නොවේ. විදේශීය රටකට ගොඩබව වේලාවේ “නවස්ථානගත ලග්න කුණ්ඩලිය” සාදා එම තත්කාල ග්‍රහචාරය අනුව ඉන් ඔබ්බට දෛවය කෙතරම් දුරට නිගමනය කළ හැකිද?

නමුත්, ගොඩනැඟිල්ලක අපට උවමනා ශුභ මුහුර්ථයකට මුල්ගල තැබීම හෝ ව්‍යාපාරයක් පටන් ගැනී‍මේ දී අපට වුවමනා ශුභ මුහුර්තයකට පටන් ගැනීම හා සමානව අපට අවශ්‍ය සුබ නැකතකට ගුවන් යානයක් විදේශරටකට ගොඩ බැස්ස විය හැකිද?

එසේ කිරීමට හැකි වූ දාට (එවැනි රිලොකේෂන් චාට් එකක් සාදා ගැනීමට හැකි වූ දාට) විදේශ ගත වීමෙන් තවත් ප්‍රයෝජන ගත හැකි යයි සිතේ

1 comment:

  1. 2005 වසර වෙනකොටා මම බොහෝ කරදර ප්‍රශ්න වලට මුහුණ දුන්න,, එහිදී ජෝතිර්වෙදී මහත්මයෙකුට කේන්ද්‍රය දුන්විට එතුමා කිවේ වහා රටින් පිටවෙන්න කියලයි, ඒ අනුව මාසයක් ඇතුලත විසා එකත් ආව ,,. ධනු ලග්න මගේ රාහු 12 , චන්ද්‍රයා 11 සිටියත් භාවයෙන් 10 එනවා ,, 7 සිටින ශනි වැඩිම දුරක් ගිය ග්‍රහයයි. ශනි මහා දශාව සමගම එරාෂ්ටකයකුත් ලබල තිබුනේ ඒ අනුවයි එතුමාගේ උපදෙස් ලැබුනේ ඉදිරි ජීවීතේ වැඩි කාලයක් ශනිගේ බලයට යටත් කෙනෙක් කියල රටින් යන්න ,, මෙහෙ ආවත් කර්මය ගෙවනවා බොහෝ මහන්සි වෙලා වැඩ කරලා ,, නමුත් හිතට සතුටුයි හොද වැටුපක් අතට ලැබෙන නිසා ,, අනාගතේ වෙන හානිය එතුමා කිව නිසා මුදලුත් ආයෝජනයක් සදහා යෙදෙඋව,, නියම ශාස්ත්‍රීය දැනගෙන උපදෙස් ලැබෙනවානම් ග්‍රහයන්ගෙන් වෙන අපලය අපිට සපලයක් කරගන්න පුළුවන්,,

    ReplyDelete