විවාහය යම් කෙනෙකුගේ 2වන උපත ලෙස හැඳින්වේ. ජෝතිෂ්‍යය අනුව බලන විටද සංකීර්ණතාවක් දැනේ.
විවාහයක් යනු 2ක් යම් වයසකදී අතිනත අරගෙන, එක වහලක් යටට ගිහින් ඒ අය මැරෙනතුරුම එකට සිටිනවා යන අදහසයි.
විවාහය කියන්නෙ යම් ගැලපීමක්නේ.
ඒ විතරක් නෙමෙයි, යම් දෙදෙනකු අතර මිතුරුකමකටත් යම් ගැලපීමක් තිබිය යුතුයි – හොඳ ග්‍රහ බලයක්.
විවාහය කියන මාතෘකාවෙදි උපරිම වශයෙන් ග්‍රහ බලපෑම තිබිය යුතුයි.
● විවාහයකදී මූලිකව දෙදෙනා දෙදෙනාට කැමැත්තක් බැඳීමක් තිබිය යුතුය.
● ලග්නයට ලග්නය ගැලපිය යුතුය.
● දෙදෙනාගේම කේන්දර වල විවාහ ස්ථානාධිපතිවරු/ 7 වැන්න අධිපතිවරු ගැලපිය යුතුය.
මේවා මූලිකව ගැලපිය යුතුය.
* එක් අයෙකුගේ, සෙනසුරු 7 වැන්නාධිපතියා වී අනිත් කෙනාගේ 7 වැන්නාධිපතියා කුජ වේ නම් ගැටළුවක් එයි.
* එක් අයෙකුගේ ගුරු 7 වැන්නාධිපතියා වී අනිත් කෙනාගේ 7 වැන්නාධිපති සිකුරු වුවොත් එයද ගැටළුවක් වේ.
එහිදී සිදුවන්නේ විවාහය ඇතුලේදි ගැටළුවක් ඇතිවිමට ඉඩ ඇත. පොදු කාරණයකි.
● ස්ත්‍රි, පුරුෂ 2නාගේ ලග්නාධිපතිවරු නොගැලපීම දෙදෙනා අතර අඩ දබර ඇතිවිමට හේතුවක් වන අවස්ථාද ඇත.
ලග්නාධිපතිවරු සතුරුවීම ගැටළු ඇති කරන්නකි.
මෙවන් අවස්ථාවලදි ඉතා කුඩාවට ප්‍රශ්න ලෙස පටන් ගෙන මහාපරිමාණයට ඇතිවිය හැක.
* නොගැලපෙන කේන්දර වලින් 90%ක්ම මේ ආකාරයට මූලිකව නොගැලපෙන ඒවා බව අපට පැහැදිලි වී ඇත.
විවාහයකදී,
ලග්නයට ලග්නය ගැලපීම.
ලග්නාධිපතින් සතුරු නොවීම.
විවාහ ස්ථානාධිපතින් හොඳ තැනක බලවත්ව සිටිය යුතුය – පාප පීඩිත නොවිය යුතුය.
● කුම්භ ලග්නය හිමි විවාහය දැඩි ලෙස අසාර්ථක කේන්දර සටහනක් හිමි කාන්තාවකගේ, ලග්නයේ සෙනසුරු සිටී. 7 වන භාවයේ කුජ සිටී.
එවිට ශනිගේ සප්තම දෘෂ්ඨිය කුජට ලැබේ. එය විවාහ හරි නොයන ගැටළුකාරි තත්වයකි.
ඇයගේ 3වන විවාහයේ සැමියාද විදෙස් රටකදී හදිසි අනතුරකින් මරණයට පත්විය.
* එය විවාහ හරි නොයන තත්වයකි. ඒ කේන්දර පරික්ෂාවෙදි අදාල කාන්තාව අපට පැවසුවේ එම කේන්දර සටහන් විවාහයෙදි ගැලපුනු බවයි.
එහිදී එම විවාහයේ එම කරදර බාධක ඇතිවිමට කේන්දර සටහන බැලූ ජෝතිර්වේදියාගේ ලොකු ගැටළුවක් පවතී.
ජෝතිෂ්‍යෙව්දියාගෙන් නිවරදි තොරතුරු ලබාදීම සහ ජෝතිෂ්‍ය වේදියාද නිසිලෙස තම කාර්යභාරය ඉටු කල යුතුය.
● මෙම කරුණු පොදු කරුණු බව තරයේ මතක තබාගන්න. මේ පැවසූ දේ වෙනස් වන කේන්දර සටහනේ ඕනෑතරම් යෝග ආදිය ඇත. සූක්ෂම කේන්දර පරික්ෂාවකින් අදාල ග්‍රහයන් සිටින අංශක අනුව පලාපල කිව යුත්තේ එබැවිනි.
0 අදහස් දැක්වීම්:
Post a Comment