Posted by Unknown On 11:31 PM


අප සාමාන්‍ය වශයෙන් යොදාගන්නා විග්‍රහයන්ට වඩා ජන්ම ලග්නයේ කුමන දෙර්කාණයකින් ජන්මියා උපත ලැබුවේද යන්න අනුව වඩාත් නිවැරදි ලෙස අනාවැකි කිව හැකිවේ.ලග්න රාශියේ මුල් අංශක 10 තුල නම් 1 වෙනි දෙර්කාණයටත් අංශක 10 සිට 20 දක්වා නම් 2 වන දෙර්කාණයටත් 20 සිට 30 දක්වා නම් 3 වෙනි දෙර්කාණයටත් ගැනේ.ඒ අනුව ලග්නය මුල් අංශක 10 තුල සහ දෙවන අංශක 10 තුළ එනම් 1 වෙනි දෙර්කාණය හා 2 දෙකාර්ණය යටතට වැටෙන විට ඒ ඒ භාවයන් මඟින් නියෝජනය කරනු ලබන ශරීර අවයවයන් පිළිබඳව අප හඳුනාගතිමු.අද අප ජන්ම ලග්නය 3 දෙර්කාණයට එනම් අංශක 20 සිට 30 දක්වා කොටස් වලට ගැණෙන විට භාව 12 මඟින් නියෝජනය කරනු ලබන ශරීර අවයවයන් හඳුනාගනිමු.

1. නාභියටත්,රහස් ප්‍රදේශයටත් අතර කොටස හෙවත් උකුළු පෙදෙස (Pelvis)
2. ප්‍රජනනේන්ද්‍රියන්හි සහ අධෝමාර්ගයෙහි දකුණු අර්ධය
3.දකුණු කෝෂය
4.දකුණු කලවය
5.දකුණු දණහිස
6.දකුණු වළලුකර
7.පාද (වළලුකරට හා පා ඇඟිලි වලට අතර)
8.වම් වළලුකර
9.වම් දණහිස
10.වම් කලවය
11.වම් කෝෂය
12.ප්‍රජනන පද්ධතියෙහි සහ අධෝ මාර්ගයෙහි වම් පාර්ශ්වය

0 අදහස් දැක්වීම්:

Post a Comment