ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබ වෙත කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ නවවන දිග හැරුම මෙසේ සටහන් කරමු.
පසුගිය සතියේ අප ෂට්විද ආකාශ වස්තූන්ගෙන් ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා පිළිබඳව හඳුනාගතිමු.අද අප ග්‍රහතරු යටතේ සිටින ග්‍රහයින්ගෙන් ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා පිළිබඳව ජ්‍යෝතිෂමය හා විද්‍යාත්මකව අපේ අවධානය යොමු කරමු.
සෙනසුරු යනු සූර්යාගේ සිට ඇති හයවන ග්‍රහලොව වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පතිට පසුව එන දෙවන විශාලතම ග්‍රහලෝකයයි. මෙය බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන් සමඟ වායු යෝධයන් ලෙසවෙන් කර ඇත. (බ්‍රහස්පති වෙනුවෙන්ජෝවියන් ග්‍රහ ලෝක ලෙස ද හඳුන්වයි) මෙය නම් කරන ලද්දේ රෝමාණු දෙවියකු වූ සැටර්නස් නමිනි. ඔහුව ග්‍රීක ක්‍රොනෝස්ට සමාන කරන ලද අතර බැබිලෝනියානු නිනුර්ටා ටද සමාන වේ. සැටර්න්ගේ ලකුණ දෙවියන්ගේ දෑකැත්ත ප්‍රදර්ශනය කරයි.
සෙනසුරුගේ වායුගෝලය සෑදී ඇත්තේ හයිඩ්‍රජන් විශාල ප්‍රමාණයක් හීලියම් සුළු ප්‍රමාණයක් හා තවත් මූලද්‍රව්‍ය කිහිපයක එකතුවෙනි. අභ්‍යන්තරය කුඩා පාෂාණ හා අයිස්වලින් යුත් කුඩා හරයකින් සමන්විත ඝන ස්ථරයකි. එය වටා ලෝහමය හයිඩ්‍රජන් හා වායුමය ස්ථරයක් පවතී.බාහිර වායුගෝලය පෙණුමෙන් උදාසීන මුත් දීර්ඝ කාලීන ජීව අංශ ඇති විය හැක. බ්‍රහස්පති මත සුළගේ වේගයටත් වඩා වැඩි සුළගක් සෙනසුරු මත ඇති අතර එය ඇතැම් විට පැයට කිලෝමීටර 1800 තරම් වේ. සෙනසුරුට ග්‍රහ චුම්භක ක්ෂේත්‍රයක් පවතින අතර එහි ශක්තිය පෘථිවි චුම්භක ක්ෂේත්‍රයට වඩා වැඩි අතර බ්‍රහස්පතිගේ චුම්භක ක්ෂේත්‍රයට වඩා අඩු වේ.
සෙනසුරුටද කැපී පෙනෙන වළලු පද්ධතියක් ඇති අතර එය බහුලව අයිස්වලින් හා ස්වල්ප වශයෙන් කුඩා ගල් කැබලි හා දුහුවිලි වලින්ද සෑදී ඇත. සෙනසුරු වටා කක්ෂ ගතවී ඇති හඳුනාගත් චන්ද්‍රයන් ගණන 60කි. සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා ටයිටන් වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි විශාලතම චන්ද්‍රයායි. (බ්‍රහස්පතිගේ ගැනිමේඩ්ට පසුව) එය බුධ ග්‍රහයාටත් වඩා විශාලවන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ සැලකිය යුතු වායුගෝලයකින් යුත් එකම චන්ද්‍රයාය .
හිරු හා සෙනසුරු අතර සාමාන්‍ය දුර කි. මී. බිලියන 1. 4 ක් පමණ වේ. සෙනසුරුගේ පරිභ්‍රමණ වේගය තත්පරයට කි. මී. 9. 69 ක් වන අතර පරිභ්‍රමණයට ගත වන කාලය පෘථිවි වර්ෂ 29.5 ක් පමණ වේ. මෙම කක්ෂයේ ඕවලාකාර ස්වභාවය නිසා සෙනසුරුගේ සූර්යයාට ආසන්නම හා දුරස්තම ලක්ෂයන් අතර වෙනස කි. මී. මිලියන 155 ක් පමණ වේ.
පැහැදිලිව අහසේ නිල් පැහැයෙන් දැකගත හැකිය.විශාලත්වය අතින් පෘථිවියට වඩා 700 වාරයක් විශාලය.විශ්ව කේන්ද්‍රයේ කම්කරුවා ලෙසද හඳුන්වයි.සෙනසුරු අධික ශීතලක් ඇති ග්‍රහයෙකි.කෙනෙකුගේ ආයුෂය පාලනය කරන ග්‍රහයාය.යමයා ලෙසින් හඳුන්වන්නේ ද එබැවිනි.
ජ්‍යෝතිෂයේදී සෙනසුරු නපුංසක ග්‍රහයෙක් ලෙස හඳුන්වයි.රාත්‍රී උපන් අයට සෙනසුරු පීතෘ කාරක වේ.සියළු රහස් කටයුතු,පතල් බිම්,ගෙවල්,සුසාන භූමි,අගල් සහ භූ විද්‍යාව පාලනය කරයි.බෝංචි,මෑ ආදී එළවළු වර්ග ද,තල බාර්ලි ආදී ඇට වර්ග ද,හන ද සෙනසුරුට අයත් වන අතර සොහොන් ගෙවල්,ගරා වැටුණු ගොඩනැගිලි ඉතා පැරණි ගොඩනැගිලි,ගල් අඟුරු වළවල්,වැසිකිලි ආදී වූ දුර්ගන්ධය හමන තැන්,අපිරිසිදු ස්ථාන,සම් පදම් කරන කර්මාන්ත ශාලා,පොහොර කර්මාන්ත ශාලා ආදී ස්ථාන සෙනසුරුට අයත් වේ.
අංශ භාග රෝග,පිළිකා රෝග,ගෙඩි,කාෂ්ට රෝග,වාත රෝග,දද රෝග,කනේ රෝග,වලිප්පුව,හන්දිපත් රුදාව,කරගැට ආශ්‍රිත රෝග ආදී වූ රෝග සාදන්නේ සෙනසුරුය.
නිල් මැණික් හෙවත් කාක නිල සෙනසුරුට අයත් වන පාෂාණය වේ.මකර සහ කුම්භ රාශීන් ස්වක්ෂේත්‍ර රාශීන් වේ.තුලාව උච්ච රාශියයි.මේෂය නීච රාශියයි.පුෂ,අනුර සහ උත්‍රපුටුප යන නැකත් තුන ශනිගෙන් පාලනය වේ.සෙනසුරාදා දිනය සෙනසුරුට අයත්ය.
මීළඟ පාඩමින් අප යුරේනස් ග්‍රහයා පිළිබඳව හඳුනාගනිමු.
0 අදහස් දැක්වීම්:
Post a Comment