Posted by Unknown On 11:40 PM


මේෂ ලග්නය

හවුල් කටයුතු ප්‍රවේශමෙන්.
කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරයි.ආවේගශීලී විය හැකි බැවින් හවුල් කටයුතු පිළිබඳව ප්‍රවේශම් වන්න.නමුත් කතාව නිසි ලෙස හසුරුවා ගැනීම තුලින් සහෘදයන් හා එක්ව යම් වාසිද අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.
ධනය – ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.නව ආයෝජන කෙරෙහි උනන්දු වන්න.
රැකියාව –  රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.ස්වර්ණාභරණ කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.නව මිතුරන් ඇතිවීම තුලින් වාසි සහගත බවක් ලැබේ.
අධ්‍යාපනය -මිශ්‍රඵල ඇතිවේ. සුළු බාධා වීම් ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.නව දේ ඉගෙනීමට සුබයි.
යුග සැපත – පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටහැකිවනු ඇත.දුදරු
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා


වෘෂභ ලග්නය

සිතට සහනය.
තරමක ආවේගශීලී  බවක් ඇති කරයි.නමුදු ගන්නා සෘජු තීන්දු තීරණ යහපතට හේතු වනු ඇත.සති අන්තය වනවිට සිතට සහනයක් ගෙන දෙනු ඇත.
ධනය – මිත්‍ර ඇසුර මත ධන වාසි අත්වේ.නමුත් වැය පක්ෂය ඉහළ යා හැකිය.ලේඛනය, ව්‍යාපාර,කාර්මික හා අධ්‍යාපන කටයුතු ආදියෙහි නිරත වන්නන්ට වාසි අත්වේ.
රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.තනතුරු ලාභ අපේක්ෂාවෙන්  සිටින්නන් හට එම ලාභ පිළිබඳව සති අන්තය වන විට යහපත් පුවතක් අසන්න ලැබෙනු ඇත.
අධ්‍යාපනය -නව දේ ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.
යුග සැපත – වැඩිහිටි අය සමඟ ඇසුර වැඩිවේ .ඔවුන්ගේ උදව් උපකාර නොමඳව හිමිවේ.දරුවන් සම්බන්ධ සුළු සුළු කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.වාත අමාරු හා සෙම්  ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා


මිථුන ලග්නය

සමාජ ප්‍රසාදය.
තරඟ විභාග වලින් ජය ලැබෙන කාල වකවානුවකි.ජීවිතයේ ඉදිරිය පිළිබඳව නිතර උනන්දු වන්නා වූ  සතියක් වනු ඇත.යහපත් ක්‍රියා නිසා සමාජ ප්‍රසාදය හිමි වේ.
ධනය – ලැබීම් වලට යහපත්ය. සති අග වැය පස අධික වන මුත් ඉතිරියක් කෙරෙහි මුල් දිනයන්හි උනන්දු විය හැකිය.
රැකියාව –  පරිගණක අංශ හා ව්‍යාපාර ආශ්‍රිත රැකියාවේ යෙදෙන්නන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.නව මිතුරු සබඳතා ගොඩ නැගේ.
අධ්‍යාපනය – අධ්‍යාපනයට සුබයි. යහපත් වටපිටාවක් ගොඩනගා ගත හැකිවෙයි.
යුග සැපත – සිතේ සතුට වර්ධනය වන කාලයකි.විනෝද කටයුතු සඳහා සතිය මුල යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.
සෞඛ්‍ය – නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය උදරාබාධ ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය – අඟහරුවාදා


කටක ලග්නය

මුදල් වාසි.
මුල් දින කිහිපය සිතට අසහනදායී බවක් ගෙන දුන්නද සති අග  සැනසිලි දායක බවක් ගෙන දෙන කාලවකවානුවක් වන අතර අවසන් දින කිහිපය තුල කාර්යබහුල වේ.වැඩ කටයුතු අධික වේ.
ධනය – ධන වාසි අත්වන නමුත් ලැබෙන තරමටම වියදමද වැඩිවිය හැකිය.කල්පනාකාරී වන්න.
රැකියාව – රසායනික කර්මාන්ත පොළොව ආශ්‍රිත ව්‍යාපාර වල  නිරත වන්නන්ට වඩාත් යහපත්ය.උගතුන්ගේ ඇසුරට ලක්වේ.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් චංචල සිතුවිලි නිසා සිත එක අරමුණක තබා ගැනීමට උත්සාහ ගන්න.සති අග වනවිට යහපත්ය.
යුග සැපත – නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.වචනය උද්වේගකර විය හැකිය.ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය – බෝවන රෝග වැළඳිය හැකිය,හෘද රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා


සිංහ ලග්නය

අන්‍යන්ගේ සහය.
නායකත්වය නිතැතින්ම හිමිවේ.අන්‍යන්ගේ සහය නිරතුරුවම තම කටයුතු උදෙසා හිමිවේ.උත්සාහවන්ත ලෙස තම කටයුතු වල නිරත වීම කෙරෙහි දක්ෂය.
ධනය – හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීමට වියදම් කිරීමට සිදුවිය හැකිය.
රැකියාව –  ඉකමනින් තීන්දු තීරණ ගන්නා අතර රැකියාවේ උසස්වීම් හා සිතට සහනයක් සැහැල්ලුවක් උදා කරවන කාල වකවානුවකි.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන බවක් පෙනී යන අතර සති අග වත්ම එහි දියුණුවක්ද දැකිය හැකිය.
යුග සැපත -පෙම් කරන්නන් හට සුබදායී වටපිටාවක් සැකසීමට ඉඩ ඇතිවිය හැකිය.ගමන් බිමන් අධික වේ.දරුවන් හා ගත කරන කාලය අවමවේ.පවුලේ අය වෙනුවෙන් වියදම් කිරීම වැඩිවේ.
සෞඛ්‍ය – පැවති රෝග සුව අතට හැරේ.හිසේ වියළි ගති හා සෙම් ගති ඇතිවිය හැකිය.

ජය අංකය -01
සුබ දිනය – ඉරිදා


කන්‍යා ලග්නය

රැකියා දියුණුව.
නිවසින් දුරස්ව ගොස් සිටීම තුල නව ආදායම් මාර්ග නව සබදතා හා රැකී රක්ෂා කටයුතු වැඩි දියුණු කරගැනීමට යහපත්ය.ආගමික කටයුතු කෙරේ වැඩි ඉඩක් වෙන් කරවයි.
ධනය – ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට මුදල් යෙදවීම තුළ ආදායම් තර කරගත හැකිවේ.නව ආයෝජන සඳහා සුදුසුය.
රැකියාව – අධ්‍යාපන, හෝටල් හා කාර්මික ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උසස් අයගෙන් උපකාර ලැබේ.
අධ්‍යාපනය -කාර්යබහුල බවක්ද ඇතිවේ.සති අග වන විට යහපත් ප්‍රතිඵල අත්වේ.සුළු ජයග්‍රහණ හිමිවේ.
යුග සැපත – මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.ඥාතීන් අතර පිළිගැනීමක් ඇතිවේ.ඔවුන්ගේ ගැටළුවලට මැදිහත් වේ.පෙම් කරන්නන්ට සුබයි.දරුවන්ට යහපත්ය.සාමකාමී පරිසරයක් ගොඩනැගේ.
සෞඛ්‍ය – ඌෂ්ණාධික ස්වභාවයන් හා ආමාශගත රෝග තවදුරටත් ඇතිවිය හැකිය.ජලයෙන් ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා


තුලා ලග්නය

ලැබීම් ඇති කරයි.
 නව අදහස් ඇති කරවයි.එතුළින් නව ජීවනෝපායන් වෙත පිවිසීමට පවා හැකිවේ.නොසිතූ පරිදි ලැබීම් ඇතිවීමේ හැකියාවක් පවතී.
ධනය – පවුලේ අයෙකුගෙන් ණය මුදලක් හිමිවේ.ධන සම්පත් වැඩි දියුණු වේ.
රැකියාව –  විශේෂ වරප්‍රසාද හිමිවන අතර සේව්‍ය සේවක සබදතා වැඩි දියුණු වේ.රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.මිතුරන්ගේ සහයෝගය හිමිවේ.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර හිමිවේ.විද්‍යා හා ගණිත අංශයන්හි ඉගෙනුම ලබන්නන්ට සුබයි.
යුග සැපත – අවිවාහක අයට මංගල යෝග යෙදේ.විවාහය දක්වා දුර දිග යා හැකිය.අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් හා වාත අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න

ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා


වෘශ්චික ලග්නය

ව්‍යාපාරිකයින්ට ජය
උසස් පුද්ගල ඇසුර තුලින් වාසි අත්වේ.අන් අයගේ හොඳ හිත දිනාගනී.නව හිත මිතුරන් හඳුනාගත හැකි කාල වකවානුවකි.ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නිරත අයට විශේෂයි.
ධනය – ධන ලාභ සතිය මුල වන විට හිමිවේ.ඉතිරියක් ගැන සිතීමට හැකි වාතාවරණයක් උදාවේ.
රැකියාව –  කාර්මික හා අධ්‍යාපනික අංශයන්හි  නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.සතුරු උවදුරු වලින් ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට මන්දගාමී අලස ගති ඇති කරවයි.
යුග සැපත – පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කිරීමට සිදුවේ.
සෞඛ්‍ය – රෝගාබාධ යහපත් අතට හැරේ.වාත අමාරු ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා


ධනු ලග්නය

අපේක්ෂා ඉටුවේ.
අතපසු වූ කාර්යයන් බොහොමයක් ඉටු කර ගත හැකිවනු ඇත.සතුරන් මර්දනය වේ.කාලයක් තිස්සේ අපේක්ෂිත කාර්යයන් රැසක් ඉටු කර ගත හැකි වේ.
ධනය -ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගෙන යාමට අපහසුය.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩකඩ වැඩිය.
රැකියාව – සෞඛ්‍ය අංශයන්හි හා ඇඟළුම් ක්ෂේත්‍රයන්හි නිරතවන අයට වාසි අත්පත් වන අතර එතුලින් යහපත් ප්‍රතිපල ලැබේ.
අධ්‍යාපනය -බාධා අවමවේ.උනන්දුව හීන  වීමක් සති අගදී ඇතිවිය හැකි නමුදු සම්මුඛ පරීක්ෂණ සඳහා යහපත්ය.
යුග සැපත – දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.නමුත් කල්පනාකාරී ලෙස තෝරා බේරා ගත යුතුවේ.
සෞඛ්‍ය – කොන්දේ ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -01
සුබ දිනය – ඉරිදා


මකර ලග්නය

වැය පස ඉහළට.
සැබෑ මිතුරන් අඳුනාගැනීමට කල්පනාකාරී වන්න.අතපසු වූ කාර්යන් ඇරඹීමට යහපත් කාල සීමාවක් වනු ඇත.නමුත් ඒ සඳහා වියදම් දැරීමට සිදුවන කාලයකි.
ධනය – ඉතිරිකිරීම් වලට ඉඩකඩ අඩුවේ.වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -.විනෝදයට වැඩිපුර ගතවන කාලය ගතවේ.රැකියාවට තිබූ බාධා රැසක් ඉවත්වේ.වචනය පාවිච්චි කිරීමේදී ප්‍රවේශම් වන්න.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගෙන යා හැකි සතියකි.
යුග සැපත -.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර යම් මත භේද ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.දරුවන් තරමක් මුරණ්ඩු විය හැකිය.සති අගවන විට ඉහත කී අහිතකර තත්වයන් යහපත් අතට හැරෙනු ඇත.
සෞඛ්‍ය – .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ සැලකිලිමත්වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා


කුම්භ ලග්නය

උපායශීලී වේ.
සතුරු උපද්‍රව ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.උපායශීලී වීම තුළින් ඒවා සාර්ථක ලෙස මර්ධනය කරන බවක් පෙන්වයි.ආගමික කටයුතු වලට සිත යොමු කරවයි.
ධනය – වැය පක්ෂය ඉහල යන නමුදු අවශ්‍ය ප්‍රමාණයට හිමිවේ.සති අග විශේෂයි.
රැකියාව –  නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතුවක්කාරී තීරණ ගැනීමට පෙළඹිය හැකිය.හිතමිතුරන්ගේ අදහස් විමසමින් කටයුතු කිරීම යහපත්ය.
අධ්‍යාපනය -යහපත්ය.තරඟ විභාග වලින් ජය ලැබේ.සති අග විශේෂයි.
යුග සැපත – අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.අවිවාහකයින්ට මංගල යෝග යෙදේ.
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.උදරාබාධ  ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා


මීන ලග්නය

ආර්ථික තත්වය ඉහළට.
මිතුරන්ගෙන් උදව් උපකාර හිමිවිය හැකි අතර .නොසිතූ ලෙස ආර්ථිකය යහපත් වේ.සති අගවන විට විවිධ ලාභ රැසක් හිමිවේ.
ධනය -තැන්පත් ධනයක් ගැන සිතිය හැකි කාලයකි.පැරණි ණය මුදලක්ද ලැබීමට නියමිතයි.
රැකියාව –  කාර්යබහුල කාලයකි.අතිරේක ධන වාසි හිමි වන අතර හිත මිතුරන් උදව් කරනු ඇත .එයින් ඔබට යහපතක් සිදුවේ.
අධ්‍යාපනය – තරඟ විභාග සඳහා ඉදිරිපත්වීම සුබයි.යහපත් අධ්‍යාපන පසුබිමක් නිර්මාණය වේ.නව අත්හදා බැලීම් වලට යහපත්ය.
යුග සැපත – පෙම් කරන්නන්ට යහපත් කාලයකි.ඈත ගමන් බිමන් වලදීසහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී ප්‍රවේශම් වන්න.දරුවන්ගේ දියුණුවක් දක්නට ලැබේ.
සෞඛ්‍ය –  ඌෂ්ණාධික හා  කැස්ස උරහිස් අමාරු හිසේ අමාරු තත්වයන් ඇති කරවයි.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා

0 අදහස් දැක්වීම්:

Post a Comment