Posted by Unknown On 5:40 AM


විවාහයකට පෙර සිදු කරනු ලබන ජන්ම පත්‍ර පරීක්ෂාවේ දී ඉතා වැදගත් කාර්යයක් ලෙස විවාහයට ඇතුලත් වන දෙදෙනාගේ ජන්ම ලග්නය ( ජන්මියාගේ සිරුර නියෝජනය කයි ) , සඳු ( මනස) සහ බුධ (බුද්ධි මට්ටම) පිහිටා ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම සුදුසුය.

සඳු සහ බුද බලවත් ලෙස පීඩාවන්ට ලක්වූ විට එම ජන්මියාගේ මානසික තත්වයට බලපෑම් ඇති කිරීම මත සාමාන්‍ය ජීවිතයට පීඩා ඇතිවිය හැකිය.
සඳු බලවත් ආකාරයෙන් පීඩාවට ලක්වීම ආකාර දෙකකට බලපෑම් ඇති කරවිය හැකිවේ.

1. පීඩාවට පත් වූ සඳුට වෙනත් ග්‍රහයින්ගේ සුබ පිහිටීම් හා සුබ දෘෂ්ටීන් වැටීම මත එකී පීඩාකාරී බව සමනය නොකරයි නම් ජන්මියාගේ මානසික ස්වභාවයට එමඟින් බලපෑම් ඇතිවේ.එමඟින් ආයුෂය හීන කිරීමක් සිදු කරයි.
2.ඉහත කී ලෙස ආයුෂයට බලපෑම් නොකරන්නේ නම් එය සෘජුවම ජන්මියාගේ මානසික තත්වයට බලපෑම් ඇති කරවයි.ඔවුන් සමාජය තුළ සාමාන්‍ය ලෙස කටයුතු කළද මනසින් ඉතාමත් කලබලකාරී වූවෝ වෙති.ඒ අනුව ඇතිවන හැසිරීම තුල විවාහ දිවියකදී නම් එය අනෙකාගේ ජීවිතයට ද බලපෑම් ඇති කරවයි.සහකරුගේ ජන්ම පත්‍රය තුල හෝ ඒවාට ගැලපෙන හෝ මර්දනයක් කල හැකි පිහිටීම් නොමැති නම් විවාහ දිවිය තුල ගැටළුකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුවේ.

* කුජගේ බලපෑම මත සඳු පීඩිත වී ඇත්නම් දරුණු අන්දමේ හැසිරීම්, ක්‍රියාකාරකම්, අන් අයට පීඩා වන ලෙස බැන වැදීම්,අපහාසාත්මක වචන සහ වාචාලකම් ඇතිවිය හැකිවේ.

* රාහුගෙන් සඳු පීඩා වී ඇත්නම් අන් අය සම්බන්ධව දරුණු අන්දමේ සැකයක් සහ දරුණු ක්‍රියාවන්ට යොමුවීමක් ඇති කරවයි.

*සඳු කේතුගෙන් දුබලව ඇත්නම් තමන් පිළිබඳව හීනමානය සහ කුලෑටි ගති ඇතිවීම සිදුවේ.

ශනි,කුජ,රාහු,කේතු,රවි හෝ පාප පීඩිත බුධ යන ග්‍රහයින් දෙදෙනෙකුගෙන් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් සඳු බලවත් ලෙස පීඩාවට පත්ව සිටී නම් එම ජන්මියාට පහසුවෙන් විවාහ ජීවිතයක් තුල සාමාන්‍ය පරිදි ගත කිරීම අපහසු කරවයි.
ඉහත පරිදි අසුබ ලෙස සඳු පිහිටිය නමුත් බලවත් වූ ගුරුගෙන් හා සිකුරුගෙන් ශුභ දෘෂ්ටි ලබයි නම් හෝ සංයෝග වී ඇත්නම් හෝ ගුරු සිකුරු පිහිටි ස්ථානයන්ට අධිපති ග්‍රහයින්ගෙන් ශුභ දෘෂ්ටි ලබයි නම් හෝ සංයෝග වේ නම් ඉහත කී අයහපත් ප්‍රතිපල සැලකිය යුතු ප්‍රමාණයකට බල රහිතව යනු ඇත.එවිට ඉහත සඳහන් තත්වයන් ප්‍රතික්ෂේප කල හැකිවේ.

ඒ අනුව විවාහ ගැලපුමකදී ජන්මියාගේ මනස සහ එහි තත්වය පිළිබඳව සඳුගේ පිහිටීම් මනාකොට නිරීක්ෂණය කිරීම මඟින් හඳුනාගත යුතුවේ.මෙපරිද්දෙන්ම බුද්ධියට කාරක බුධගේ පිහිටීම කෙරෙහිද අවධානය යොමු කල යුතුවේ. පොරොන්දම් වලටම සීමා නොවූ නිවැරදි ලෙස ජන්ම පත්‍ර පරීක්ෂාවක් තුලින් ඉහත කී කරුණු නිසි පරිදි පරීක්ෂා කර ප්‍රතිකර්ම යෙදවිය හැකිය.එමඟින් යහපත් විවාහ දිවියකට අවශ්‍ය පදනම සකස් කරගත හැකිවනු ඇත.

0 අදහස් දැක්වීම්:

Post a Comment