“ග්‍රහ යෝග” යැයි කී පමණින් හැඟෙන්නේ ග්‍රහයන් දෙදෙනකු හෝ ඊට වැඩි දෙනකු එකම රාශියක් තුළ සිටීමයි. ග්‍රහයන් දෙදෙනෙක්, තුන්දෙනෙක්, හතරදෙනෙක් ආදී වශයෙන් එක රාශියක සිටීමෙන් ද්වි ග්‍රහ යෝග, ත්‍රි ග්‍රහයෝග, චතුර්ග්‍රහ යෝග, පංච ග්‍රහ යෝග, ෂඩ් ග්‍රහ යෝග ඇතිවෙයි. රාහු, කේතු, යුරේනස්, නැප්චුන් හා ප්ලූටෝ යන ග්‍රහයන් හැර ඉතිරි ග්‍රහයන් සත් දෙනා එකම රාශියේ සිටීමත් එම සත්දෙනා තනි තනිව රාශි හතක සිටීමත් කලාතුරකින් දැකිය හැකිය. ඉන් පළමු පිහිටීම අසුබ යෝගයක් සේද, දෙවැනි පිහිටීම සුබ යෝගයක් සේද සැලකේ. කෙසේ වෙතත් යට කී ග්‍රහයන් සත්දෙනා රාශි හතරක හෝ ඊට වැඩි ගණනක සුබ ස්ථාන ඇතුළුව සිටීම යහපත් වෙයි. සුබ ග්‍රහයෝග සාදන ග්‍රහයන් දෙදෙනකු එක රාශියක අංශක 28කට වඩා එකිනෙකා දුරින් සිටියහොත් යෝගයේ නිසි පල නොලැබේ. එසේම එවැනි ග්‍රහයන් දෙදෙනකු රාශි දෙකක එකිනෙකා අංශක 2කට වඩා අඩු දුරකින් සිටියද යෝගපල මනාසේ ගෙන දෙයි.
ඇතැම් යෝග පිහිටීමට එක් රාශියක එක් ග්‍රහයෙක් (අදාළ) සිටීම සෑහේ. යාබද රාශිවල සිටින අසුබ ග්‍රහයන්ගෙන් පීඩාවට පත් නොවේ නම් සුබ යෝගවල පල නිසි සේ ලැබෙන අතර එසේ වීමට වෙනත් සුබ ග්‍රහ දෘෂ්ටි (දැකීම්) ද ඉවහල් වෙයි.
පංච මහා පුරුෂ යෝග, සුබ ග්‍රහයෝග අතර මුල්තැන ගනී. කුජ, බුධ, ගුරු, ශුක්‍ර හා ශනි (බුධ, ගුරු, ශුක්‍ර ග්‍රහයන් වන අතර කුජ ශනි අසුබ ග්‍රහයන්සේ සැලැකේ. අසුබ ග්‍රහයන්ගෙන්ද සුබ යෝග සෑදේ.) ග්‍රහයන් පස්දෙනා මූලික කරගෙන පංච මහා පුරුෂ යෝග සෑදේ. පුරුෂ යෝග යැයි සඳහන් වුවද ඒවා වාසනාවන්ත කාන්තා කේන්දරවලද දැකිය හැකිය. පංච මහා පුරුෂ යෝග, ඒවා පිහිටන ආකාරය, ඒවායින් ලැබෙන ප්‍රතිඵල ආදිය පහත දැක්වෙයි. ඔබටද මෙයින් එකක් හෝ පිහිටා ඇද්දැයි ඔබගේ කේන්දරයෙන් බලාගන්න.
පංච මහා පුරුෂ යෝග
1. රුචක යෝගය.
2. භද්‍රා යෝගය.
3. ගුරු හංස යෝගය.
4. මාලවී යෝගය.
5. සස යෝගය.
1. රුචක යෝගය
0 අදහස් දැක්වීම්:
Post a Comment