ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබවෙත පාඩම් මාලාවක් කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ තෙවන දිග හැරුම ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබවෙත පාඩම් මාලාවක් කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ තෙවන දිග හැරුම මෙසේ සටහන් කරමු.මෙසේ සටහන් කරමු.
පසුගිය සතියේ අපි ජ්‍යෝතිෂය බෙදෙන ප්‍රධාන කොටස් තුන වන සිද්ධාන්ත, සංහිතා සහ හෝරා යන්න මොනවාදැයිහඳුනාගතිමු.අද අපට ඇත්තේ ෂට්විද ආකාශ වස්තූන් යනු මොනවාදැයි හඳුනා ගැනීමයි.
පෘථිවිය,සුර්යයා,චන්ද්‍රයා,ග්‍රහතරු,රාශිතරු සහ නැකැත් තරු ෂට්විද ආකාශ වස්තූන් ලෙස ජ්‍යෝතිෂයේ හඳුන්වනු ලබයි.
අද අප සුර්යයා පිළිබඳව ජ්‍යෝතිෂමය හා විද්‍යාත්මක වශයෙන් හඳුනාගනිමු.
සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව හිරු හෙවත් සූර්යයායි. ( ලතින් භාෂාවෙන් හැදින්වෙන්නේ සොල් යනුවෙනි) පෘථිවිය ඇතුලු අනෙකුත් වස්තුන් (අනෙක් ග්‍රහයන් ලෝක, ග්‍රහක, ධූමකේතු සහ දුවිලි ) සූර්යයා වටා ගමන් කරන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% කට පමණ වගකියන්නේ සූර්යයායි. සූර්ය ශක්තිය , හිරු එළිය සහ තාපය ලෙස පෘථිවිය මත වෙසෙන සියලුම ජීවින්ට අත්‍යාවශ්‍ය වේ. ඊට ප්‍රධාන වශයෙන් දායක වන්නේප්‍රභාසංස‍්ලේෂණ ක්‍රියාවලියයි. එසේම සූර්යයා මගින් පෘථිවියේ දේශගුණය හා කාලගුණය පාලනය කැරෙයි.
සූර්යයා ගේ මතු පිට සංයුතිය හයිඩ්‍රජන් (එහි ස්කන්ධයෙන් 74% ක් පමණ හෝ එහි පරිමාවෙන් 92% ක් පමණ ) හීලියම් (ස්කන්ධයෙන් 24 – 25% ක් , පරිමාවෙන් 7% ක් )සහ යකඩ , නිකල්, ඔක්සිජන්, සිලිකන්, සල්ෆර්, මැග්නීසියම්, කාබන්, නියෝන්, කැල්සියම්, සහ ක්‍රෝමියම් යන මුලද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණ වලින් ද සමන්විත වේ.
සුර්යයාට 5,780 K මතුපිට උෂ්ණත්වයක් ඇති බවත් එනිසා එයට සුදු පැහැයක් ලැබී ඇති බවත් සඳහන් කරයි. වායුගෝලීය විසිරීම හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයේ සිට බලන කල සූර්යයා දිස්වන්නේ කහ පැහැයෙනි.
ක්ෂිරපථය මධ්‍යයේ සිට සූර්යයාට ඇති දුර ආලෝක වර්ෂ 26,000 ක් පමණ වන අතර සූර්යයා එය වටා කක්ෂගත වේ. එහි උපරිම කක්ෂ වේගය තත්පරයට කි.මී. 220 ක් පමණ වේ. එනම් සෑම වසර 1400 කටම එක් ආලෝක වර්ෂයක් ද සෑම දින 8 කට ම තාරකා විද්‍යා ඒකකයක් ද (සූර්යයා සහ පෘථිවිය අතර ඇති දුර තාරකා විද්‍යා ඒකකයක් වේ) ගමන් කරයි. දැනට සොයා ගෙන ඇති කරුණු අනුව මෙම දුර ප්‍රමාණයන් නිවැරදි වන නමුත් නව දැනුම සමඟ මෙම අගයන් වෙනස් වීමට ඉඩ ප්‍රස්ථාව ඇත.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 17 ක් ඇතුලත පිහිටි ආසන්නම තාරකා පද්ධති 50 අතරින් දීප්තිමත් බවින් 4 වැනියට වැඩිම තාරකාව සූර්යයා වේ.
ආධිත්‍ය,අර්ක,වරුණ,භානු,දිනකර,හේලි,රවි,සූර්යා,තාපන යන නම් වලින් හඳුන්වයි.කිසිවිටකත් වක්‍ර චලිතයක නොයෙදේ ( වක්‍ර චලිතය පිළිබඳව ඉදිරියේදී කතා බහ කරමු.ඉතා ශක්තිමත් දැඩි ගති ඇති පුරුෂ ග්‍රහයෙක් ලෙස හැඳින්වේ.උෂ්ණය,ආකර්ෂණය ජීවය හා පිරිසිදුකමට බලපායි.
ජීව බලය,රෝග නාශක බලය,නිර්භීතකම,දීර්ඝායුෂ,ප්‍රසිද්ධිය,බලය,ක්‍රියා සූරත්වය,ගෞරව භක්තිය,ස්ථිර ප්‍රේමය,අවබෝධය,ඥාණය,චිත්තාවේග,මිනිස් හෘදය,කට,ඇස්,මොළය,ඇල දිව,උගුර, ඇට, ලේ සහ රක්තානු වලට අධිපති වේ.දවල් උපදිනදරුවන්ට රවි පියා වන අතර උපතේදී රවී බලවත්නම් ශක්තිමත් බලවත් උසස් පුද්ගලයෙකි.උපතේ දී රවී දුබල නම් සොරකම,වාචාලකම,මංකොල්ල කෑම හොරකම,පුහු මනස්ගාතයන්,අහංකාරකම්,ආඩම්බරකම් සහ දූෂිත හිත් ඇත්තවුන් බිහිවේ.
රාජ්‍ය පදවි තානාන්තර,රජ සභාව,සිංහාසනය,ඉන්ධන,සත්ව හම,අවි ආයුධ,රත්තරන්,ගින්දර,සිල්ක් රෙදි,ලොම් රෙදි,ඖෂධ සහ වෛද්‍යවරු,රජයේ උසස් නිලධාරීන්,උසාවි,රජයට අයත් සියළුම ආයතන,ආණ්ඩුවේ ගොඩනැගිලි,වනාන්තර කඳු මුදුන් ආදියට කාරක වේ.
කැති,උත්‍රපල් සහ උත්‍රසල යන නැකත් වලට අධිපතිවේ.රවිට අයත් දිනය ඉරිදායි.පද්මරාග රවිට අයත් මැණික් වේ.රවිගේ ස්වක්ෂේත්‍ර රාශිය සිංහ රාශියයි.මේෂය උච්ච වන අතර තුලාව නීච වේ.
මේ ආදී වශයෙන්ම මීළඟ ලිපියකින් අප චන්ද්‍රයා පිළිබඳව හඳුනාගනිමු.
0 අදහස් දැක්වීම්:
Post a Comment