ග්‍රහ මඬුල්ලේ ඉතා සුවිශේෂී වූ ප්‍රතිපල උදාකර දෙන සුවිශේෂ වටිනාකමක් සහිත ගුරු ග්‍රහයා 2015 ජූලි 14 වෙනි දින පෙරවරු 6.29 ට තම මිත්‍ර රාශියක් වන රවිගේ ස්වක්ෂේත්‍ර රාශිය වන්නා වූ සිංහ රාශියට පිවිසේ.2016 අගෝස්තු 11 වෙනි දිනතෙක් ගුරු ග්‍රහයා සිංහ රාශියේ ගමන් කරනු ලබයි.රටට සහ ලොවට විශේෂ ප්‍රතිපල උදාකරමින් ඉදිරි දිනවල විශාල හැල හැප්පීම් දේශපාලන ලෝකය තුල සිදුවන නමුදු ජාත්‍යන්තර වශයෙන් රටට හිතකර දේ බොහොමයක් සිදුවන කාල වකවානුවකි.ලෝක බලවතුන්ගේ සහයෝගය හිමිවීම මත රටේ ආර්ථිකය ඉහළ යා හැකි තත්වයන් බොහොමයක් උදා වීමට නියමිතයි.
ගුරු මාරුව ඒ ඒ ලග්න හිමියන්ට ප්‍රතිපල දෙන ආකාරය පිළිබඳව අප විමසා බලමු.
- මේෂ ලග්නය
ගුරු ඔබේ කේන්ද්‍රයේ 9 වැන්න හා 12 වැන්න අධිපති ගුරු 4 වැන්නේ සිට 5 වැන්නට ගමන් කරමින් 9 වැන්නට හා ලග්නයට ශුභ දෘෂ්ටි හෙළයි.ඒ අනුව ආර්ථික වශයෙන් කරගෙන යනු ලබන ජීවනෝපායන්හි දියුණුවක් ඇතිවේ.සෞම්‍ය සිතිවිලි ඇති කරයි. ජීවිතයේ කරුණු කාරණා ගැන සලකා බැලීමට අවශ්‍ය ප්‍රඥාව හා සාමකාමී භාවය ඇති කරයි. හොඳ මිත්‍ර සමාගම් ඇතිවේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවේ.අධ්‍යාපන කටයුතු සහ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.ගුරුවරුන්,වැඩිහිටියන්,රැකියා ස්ථානයේ ප්‍රධානීන් සහ හිත මිතුරන්ගෙන් නොමද උදව් උපකාර හිමිවේ.ප්‍රශංසා සහ උසස්වීම් හිමිවේ.විදේශයන් සම්බන්ධ කටයුතු වලදී යහපත් ප්‍රතිපල උදා වන අතර සහෝදර සහෝදරාදීන් හා පවුලේ ය වෙනුවෙන් වෙහෙස වීමටද සිදුවනු ඇත.විවාහ සඳහා බලාපොරොත්තුවෙන් සිටින අයටද යහපත් පල ලැබෙනු ඇත.හවුල් ව්‍යාපාරයන්ට රාජ්‍ය අංශයේ කටයුතු වලට ද සුබයි.බොහෝ අංශයන්ගෙන් යහපත් ප්‍රතිපල උදා කරවන තෘප්තිමත් කාල වකවානුවකි.
- වෘෂභ ලග්නය
ගුරු ඔබේ කේන්ද්‍රයේ 8 වැන්න හා 11 වැන්න අධිපති ගුරු 3 වැන්නේ සිට 4 වැන්නට ගමන් කරයි.ඔබටද යහපත් ප්‍රතිපල ලබාදෙන කාල සීමාවකි.පැවති බාධක බොහොමයක් ඉවත්ව යන අතර නව හිත මිතුරන් ඇති කරගැනීමටත් ඉන් යහපත් ප්‍රතිපල උදා කරදීමටත් හොඳ කාලයකි.ගේ දොර යාන වාහන ඉඩකඩම් මෙන්ම දෙමව්පිය උරුමයන් ද හිමිවන කාල වකවානුවක් ලෙස හැඳින්විය හැකිය.අධ්‍යාපන කටයුතු සඳහා තිබූ අලසකම් ඉවත්ව යන අතර අළුත් දේ ඉගෙනීමට ලැබේ.නෑදෑයින් අතර යම් ප්‍රශ්ණ ගැටළු තිබුණේ නම් ඒවා සමනය වී යනු ඇත.ආරවුල් නිරාකරණය වී යයි.යුග දිවියද යහපත් වනු ඇත.රැකියා කටයුතු ආදීන්ගේ සුළු ප්‍රශ්න ඇති වුවත් ඒවා මගහරවා ගෙන සාර්ථකව කටයුතු කිරීමේ ශක්තිය ඇතිවේ. ආර්ථික ලාභ මෙන්ම හදිසි ධන ලාභ ලොතරැයි දිනුම් ආදිය පවතී.සෙම් රෝග ඇතිවීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් විය යුතුය.
- මිථුන ලග්නය
ගුරු ඔබේ කේන්ද්‍රයේ 7 වැන්න හා 10 වැන්න අධිපති ගුරු 2 වැන්නේ සිට 3 වැන්නට ගමන් කරයි.කේන්ද්‍රයේ 7 සහ 11 ශුභ දෘෂ්ටියට හසුවෙයි.යහපත් ප්‍රතිපල රාශියක් හිමිවීමට නියමිතයි.කලක් ඈත්ව සිටි හිත මිතුරන් ලංවේ.පවුලේ අසමගිකම් හෝ අමනාපකම් සුළු ආරවුල් පැවතියේ නම් ඒවා සමනය වී යන අතර ලැබීම් වලට යහපත්ය.අධ්‍යාපනයට සුදුසු මානසික තත්වයක් සහ වටපිටාවක් ගොඩනැගෙන අතර ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගත හැකිවේ.අවිවාහකයින්ට මංගල යෝජනා ස්ථිර වන කාල සීමාවකි.පෙම්වතුන්ට ද යහපත් කාල සීමාවකි.ස්ව උත්සාහය තුළින් අතපසුව තිබූ කටයුතු කාරණා රැසක් ඉටු කරගත හැකි වටපිටාවක් නිර්මාණය වන අතර සමීපතමයින්ගෙන් නිරන්තර උදව් උපකාර ඒ සඳහා හිමිවනු ඇත.රැකියා කටයුතු වල යම් දුෂ්කරතාවයන් ඇතිවන නමුදු කලපනාකාරී වීමෙන් ඒවා මඟ හරවා ගත හැකිවනු ඇත.සමාජයේ පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වනු ඇත.තදබල සෞඛ්‍ය ගැටළු නැත.
- කටක ලග්නය
ගුරු ඔබේ කේන්ද්‍රයේ 6 හා 9 අධිපතියාය. ශුභයෙකි. ලග්නයෙන් ඉවත් වී දෙවැන්නට පැමිණේ. 6 සහ 10 ශුභ දෘෂ්ටියෙන් දකී.ඔබගේ බලාපොරොත්තු බොහොමයක් ඉටුවන අතර විදේශ සංචාරවලටද අවස්ථා ඇති වෙයි.අවිවාහකයින්ට මංගල යෝග උදාවෙයි.පෙම් පැතුම් සපල වෙයි. විවාහය සඳහාද යහපත් කාල සීමාවක් වන අතර ස්වඋත්සාහයෙන් කරනු ලබන කටයුතු මඟින් ආදායම් තත්ත්වය සරුවෙයි. විදේශයන් සම්බන්ධ කටයුතු මඟින් ආදායම සරුවී ධන තත්ත්වය වර්ධනය වෙයි.නොසිතූ ධන ලාභයන්ට ද උරුම හිමිකම් කියන්නට ලැබෙන කාල වකවානුවකි.ගමන් බිමන් ද අධිකව යෙදෙන කාල වකවානුවක් වන අතර හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසුය.රැකී රක්ෂා ආදියේ තනතුරු තානාන්තර හා උසස්වීම් හිමිය.දේශපාලනයේ යෙදෙන්නන්ටද යහපත් කාල වකවානුවකි.අධ්‍යාපන කටයුතු වලටද සුබදායී කාල සීමාවක් වන අතර පවුලේ සමගිය ඇතිවේ.උෂ්ණාධික රෝග හා සෙම් රෝග වලින් ප්‍රවේශම් විය යුතුය.
- සිංහ ලග්නය
ගුරු ඔබේ කේන්ද්‍රයේ 5 හා 8 අධිපතියාය.12 වැන්නෙන් ඉවත් වී ලග්නයට පැමිණේ. 5 සහ 9 ශුභ දෘෂ්ටියෙන් දකී.බාධා කරදර ඉවත් වෙයි. ආරවුල් සතුරු කරදර පැවතියේ නම් ඒවා ක්‍රමයෙන් නිරවුල් වෙයි.නව මිතුරන් එක්වෙයි. ජීවිතයේ නව මං පෙත් හා අළුත් දේවල් සොයා පියවර ඔසවන අතර ඔබගේ බලාපොරොත්තු බොහොමයක් සාර්ථක වේ.නව ආයෝජන ධන සම්පත් උපයා ගනී.ලෞකික දියුණුව කෙරෙහි උපරිම ලෙස කටයුතු කරන අතර පවුලේ දියුණුව අධ්‍යාපනයේ දියුණුව ඇතිවේ. සියලු දේවල් සඳහා හැමදෙනාගේම සහයෝගය ලැබෙන අතර සමාජ තත්ත්වය යහපත්ව හැමදෙනාගේම ගෞරව ලැබේ.රැකියා කටයුතු සාර්ථක කරවන අතර ආදායම් මාර්ග දියුණු වෙමින් සෞභාග්‍ය උදා කරවන යහපත් කාල සීමාවකි.ප්‍රේම සබඳතා වලටද යහපත් වන අතර සෞඛ්‍ය තත්වය ද යහපත්ය.
- කන්‍යා ලග්නය
ගුරු ඔබේ කේන්ද්‍රයේ 4 හා 7 අධිපතියාය.11 වැන්නෙන් ඉවත් වී 12 වැන්නට පැමිණේ.ධනය සම්බන්ධයෙන් යම් බාධා අවහිරතා ඇතිවේ.වැය පක්ෂය ඉහල යනු ඇත.නව ව්‍යාපාර වලට අත ගැසිය නොයුතු කාලයකි.ආශ්‍රය කරන අයගෙන් සහ මිතුරු වෙසින් එන අයගෙන් ප්‍රවේශම් වීම වටියි.රැවටීම් වලට ලක්විය හැකි බැවිනි.අධ්‍යාපනයේ යෙදෙන්නන් වඩාත් උනන්දුවෙන් ඒවායෙහි නිරත විය යුතු වේ.ශනි වික්‍රමස්ථාන ගතව සිටින බැවින් අයහපත් පල විපාකයන් අවම කරන අතර ඒවාට සහනයක් ලැබෙනු ඇත.උත්සාහවන්ත් වීම තුලින් සහා ධාර්මිකව ගත කිරීම තුලින් යහ පල වැඩි දියුණු වේ.එක් ස්ථානයක සිට කටයුතු කිරීමට නොහැකි වනු ඇත.සංචාර නිතර යෙදේ. ස්වකීය රැකියාවකට සහ අනෙකුත් පවුලේ අයගේ දේවල් වෙනුවෙන් වෙහෙසවීමට සිදුවෙයි. පියාට හෝ පිය පස ඥාතීන්ට අපලකාරී බවක් පෙන්වයි.විදේශ සංචාර යෙදී ඇත්නම් තම සෞඛ්‍ය තත්වය ගැන කල්පනාකාරී වන්න.වසර අවසානය වත්ම ආදායම් තත්වය යහපත් අතට හැරෙනු ඇත.
- තුලා ලග්නය
ගුරු ඔබේ කේන්ද්‍රයේ 3 හා 6 අධිපතියාය.10 වැන්නෙන් ඉවත් වී 11 වැන්නට පැමිණේ.කුමන ග්‍රහයකු වුවද ගෝචරයෙන් 11 වැන්න හෙවත් අයස්ථාන ගතවීම යහපත්ය යන න්‍යාය අනුව ඔබට යහපත සැලසේ.පැවැති බාධක ඉවත් වෙයි. වැඩදායක මිතුරු කැලක් ඇසුරට එක්වේ. ඔවුන්ගෙන් ඔබට මානසික සහනය මෙන්ම වෙනත් අනුග්‍රහයන්ද ලැබේ.ගෘහ ජීවිතයේ පැවැති බාධක ඉවත් වෙයි. පවුලේ සාමාජිකයන් අතර හොඳ සමගියක් හා එකමුතුවක් ගොඩ නැගීම නිසා වැඩි ඵලදායක තත්ත්වයක් ඇති කර ගත හැකිවේ.නව ආදායම් මාර්ග උදා කරගැනීමට යහපත්ය.නමුදු ඇසුරු කරන්නන් නිසා අධ්‍යාපනයට බාධාවීම් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.හදිසි ධනලාභ හිමිවේ.මංගල යෝග උදා වේ.ප්‍රධානීන්ගෙන් පැසසුමට ලක්වීමට හැකිය.බලවත් සෞඛ්‍ය තර්ජන නැත.හදිසි අනතුරු ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.දරුවන් නොමැති අයට මෙම කාල සීමාව තුළ හොඳ බලාපොරොත්තු ඇති කර ගත හැකිය.අවිවාහකයින්ට ද විවාහයට සුදුසු කාලයකි.
- වෘශ්චික ලග්නය
ගුරු ඔබේ කේන්ද්‍රයේ 2 හා 5 අධිපතියාය.9 වැන්නෙන් ඉවත් වී 10 වැන්නට පැමිණේ.ශුභයෙකු කේන්ද්‍රගත වන බැවින් යහපත් ප්‍රතිපල රැසක් උදාවීමට නියමිතයි.උද්යෝගය හා කාර්යක්ෂම බව වැඩිවේ.හොඳ යහපත් මිතුරු ඇසුරක් ලැබේ.නිරන්තරයෙන් හිතවතුන්ගේ උපකාර හිමිවේ.පවුලේ සාමාජිකයන් අතර පැවැති සුළු මතභේද සහ අවුල් ඉවත් වෙයි. හොඳ සමගියක් හා එකමුතුකමක් ගොඩනැගේ. මේ නිසා ප්‍රමාද වූ විශාල වැඩකොටසක් නිම කර ගැනීමට හැකිවේ.අධ්‍යාපන කටයුතු වලට තරමක බාධා තත්වයක් ඇතිවේ.අඹු සැමියන්ට ද යුග දිවියට ද යහපත් තත්වයක උදා කරයි.අතිරේක ආදායම් මෙන්ම හදිසි ධනලාභද පවතී.යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති වේ.පරම්පාරගත දේපළ හිමිකම් පෙන්වයි.
- ධනු ලග්නය
ගුරු ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපතියා මෙන්ම 4 අධිපතියාය.8 වැන්නෙන් ඉවත් වී 9 වැන්නට පැමිණේ.පුණ්‍යස්ථානයට ගුරු පැමිණීම යහපත්ය.ආගම දහමට නැඹුරු වේ.යහපත් මිතුරු ආශ්‍රයක් ඇතිවේ.අතපසුව තිබූ මඟ හැරී තිබූ විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු කරගැනීමට හැකිවන කාල වකවානුවකි.විදේශ සංචාරවලට යෑමට අවස්ථාවන් සහ ඔබ විවාහක අයෙක් නම් විවාහ ජීවිතයේ යහපත් වෙනස්කම් රාශියක් ඇති වෙයි. ගෘහ ජීවිතයේ සතුට සහ තෘප්තිය ලබයි. විදේශිකයන් සමඟ කරනු ලබන කටයුතු මඟින් යහපත් ප්‍රතිඵල ඇති වෙයි. වාහන ගමන් බිමන්වලදී ප්‍රවේශම් වීම සුදුසුය.දරුවන්ගෙන් යහපත් ප්‍රතිපල ලැබේ.ඔවුන්ගේ දියුණුව අසන්නට දකින්නට ලැබේ.විවාහ වන වයසේ පසුවන දූ දරුවන් සිටී නම් විවාහ කරවීමට සුදුසු කාලයකි.ඒ සඳහා වටපිටාව සැකසේ.ශනි 12 වැන්නේ ගෝචර බැවින් පාද අමාරු රක්ත දෝෂ ආදිය ඇති වුවත් සමස්තයක් වශයෙන් යහපත් සෞඛ්‍ය තත්වයක් හිමිය.
- මකර ලග්නය
ගුරු ඔබේ කේන්ද්‍රයේ 12 හා 3 අධිපතියාය.7 වැන්නෙන් ඉවත් වී 8 වැන්නට පැමිණේ.බාධක මඟ හැරී යයි.හදිසි ධන ලාභ හිමිවේ.ව්‍යාපාරික කටයුතු වල යෙදෙන්නන්ට වඩාත් යහපත්ය.රැකී රක්ෂාවන්ට බාධා ගෙන දුන්නද අනපේක්ෂිත ලෙස එයින්ද ලාභ ප්‍රයෝජන අත්වේ.පෙම් සබඳතා මත විවාහවීමට බලාපොරොත්තුව සිටි අයට යහපත්ය. සියලුම බාධක ඉවත්ව ගොස් සතුට ඇති වෙයි.දරුවන් වෙනුවෙන් කාලය යොමු කිරීමට සහ වෙහෙසවීමට සිදුවෙයි.ලේ ගමනාගමනය,මුත්‍රාශය හා කොලෙස්ටරෝල් සම්බන්ධ පීඩා විඳින අය ප්‍රවේශම් වන්න.පවුල් දිවියේ අභිවෘද්ධිය ඇතිවන අතර අධ්‍යාපනය සම්බන්ධ කටයුතු වල යෙදෙන අයට දැඩි උත්සාහවන්ත විය යුතුය.එයින් යහපල උදාවේ.
- කුම්භ ලග්නය
ගුරු ඔබේ කේන්ද්‍රයේ 2 හා 11 අධිපතියාය.6 වැන්නෙන් ඉවත් වී 7 වැන්නට පැමිණේ.ගුරු ඔබට ධනකාරක ග්‍රහයා වේ.ධනලාභ ලැබේ.හදිසි ලැබීම් පවතී.පවුලේ සාමාජිකයන් අතර හොඳ අවබෝධයක් හා එකමුතුකමක් ඇතිවෙයි. මේ නිසා විශාල වැඩකොටසක් නිම කර ගැනීමට හැකිවේ.ඉගෙනීමේ කටයුතු පිළිබඳව හොඳ යහපත් වටපිටාවක් නිර්මාණය වේ. උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ.උදාසීන ගති ඉවත් වීම නිසා සාර්ථකව රැකියා කටයුතු කරගෙන යාමට හැකිවේ.නව හිත මිතුරන් හිමිවේ.ඔබගේ සේවාස්ථානවල සිටින අයගෙන් මනා සහයෝගයක් ලැබේ.සහෝදරයන් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවේ.හදිසි ගමන් බිමන් යෙදේ.විවාහ අපේක්ෂකයින්ට මංගල යෝග උදාවේ.යුග සැපත යහපත්ය.සෞඛ්‍ය තත්වයද යහපත් අතට හැරේ.
- මීන ලග්නය
ගුරු ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති මෙන්ම 10 අධිපතියාය.5 වැන්නෙන් ඉවත් වී 6 වැන්නට පැමිණේ.කලක් ඇසුරු කල මිතුරන් අමනාපකම් ඇති කරගැනීමට ඉඩ ඇතිවේ.ඉගෙනීම් කටයුතු වලට ඇති උනන්දුව තරමක් අඩුවිය හැකිය.නිවැසියන් හා මතභේද ඇතිවීමට කරුණු යෙදේ.සෙම් රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් පවතී.රැකී රක්ෂා සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.බාධා ගැටළු පැන නැගීමේ වාතාවරණයක් උද්ගත විය හැකි බැවිනි.සෙනසුරු ඒරාෂ්ඨකයන්ද ගෙවී ඇති බැවින් ඉහත කී බාධා අවහිරතා උත්සාහය තුළින් කල්පනාකාරී වීමතුලින් මඟ හරවා ගැනීමට හැකිවනු ඇත.සෙම් රෝග ඇතිවීමේ අවකාශයක් පවතී.විදේශ සංචාර සඳහා යහපත් වන අතර ධන ලාභ හිමිවේ.
ග්‍රහ මඬුල්ලේ ඉතා සුවිශේෂී වූ ප්‍රතිපල උදාකර දෙන සුවිශේෂ වටිනාකමක් සහිත ගුරු ග්‍රහයා 2015 ජූලි 14 වෙනි දින පෙරවරු 6.29 ට තම මිත්‍ර රාශියක් වන රවිගේ ස්වක්ෂේත්‍ර රාශිය වන්නා වූ සිංහ රාශියට පිවිසේ.2016 අගෝස්තු 11 වෙනි දිනතෙක් ගුරු ග්‍රහයා සිංහ රාශියේ ගමන් කරනු ලබයි.රටට සහ ලොවට විශේෂ ප්‍රතිපල උදාකරමින් ඉදිරි දිනවල විශාල හැල හැප්පීම් දේශපාලන ලෝකය තුල සිදුවන නමුදු ජාත්‍යන්තර වශයෙන් රටට හිතකර දේ බොහොමයක් සිදුවන කාල වකවානුවකි.ලෝක බලවතුන්ගේ සහයෝගය හිමිවීම මත රටේ ආර්ථිකය ඉහළ යා හැකි තත්වයන් බොහොමයක් උදා වීමට නියමිතයි.
ගුරු මාරුව ඒ ඒ ලග්න හිමියන්ට ප්‍රතිපල දෙන ආකාරය පිළිබඳව අප විමසා බලමු.
0 අදහස් දැක්වීම්:
Post a Comment