Posted by Unknown On 6:52 AM


ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබ වෙත කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ එකොලොස්වන දිග හැරුම මෙසේ සටහන් කරමු.
පහත ලින්ක් එක මඟින් දසවන පාඩම් මාලාවට නැවත පිවිසිය හැකිය.

පසුගිය සතියේ අප ෂට්විද ආකාශ වස්තූන්ගෙන් ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා පිළිබඳව හඳුනාගතිමු.අද අප ග්‍රහතරු යටතේ සිටින පෘථිවිය ඇතුළු මිනිස් ජීවිත වලට යම් ආකාරයක බලපෑමක් කළ හැකි පෙරදිග සෘෂිවරුන් වරුණ සහ ඉන්ද්‍ර නමින් හැඳින්වූ යුරේනස් සහ නැප්චූන් ග්‍රහයින්ගෙන් නැප්චූන් ග්‍රහයා පිළිබඳව ජ්‍යෝතිෂමය හා විද්‍යාත්මකව අපේ අවධානය යොමු කරමු. පොදුවේ යුරේනස් සහ නැප්චූන් යන ග්‍රහයින් පිළිබඳව විද්‍යාඥයින් විසින් ද නවතම තොරතුරු බොහොමයක් තවමත් සොයා ගනිමින් තිබේ.

විකිපීඩියා ආදී වූ නිදහස් විශ්ව කෝෂයන් තුල මෙන්ම අන්තර්ජාලයේද මෙම ග්‍රහයින් ගේ නව සොයාගැනීම් පිළිබඳව තොරතුරු නිරන්තරයෙන්ම යාවත්කාලීන වේ.මේ පිළිබඳව සඳහන් වන තොරතුරු පහතින් සංක්ෂිප්තව දක්වමු.
වර්ෂ 1612 දෙසැම්බර් මස 28 වැනිදා ගැලීලියෝ විසින් නෙප්චූන් ප්‍රථම වරට දකින ලද බවත් නැවත 1613 ජනවාරි 27 වැනිදා එය දර්ශනය වූ බවත් ඔහුගේ චිත්‍ර පෙන්වා දෙයි.එම අවස්ථා දෙකේ දීම එය රාත්‍රී ආකාශයේ බ්‍රහස්පතීට සංයුඤ්ජනව දිස් වූ නිසා ගැලීලියෝ එය ස්ථිර තාරකාවක් බවට වරදවා වටහා ගත්තේය. එම නිසා නෙප්චූන් සොයා ගැනීමේ ගෞරවය ඔහුට අත් නොවීය. 1612 දෙසැම්බර් මස ඔහුගේ ප්‍රථම පර්යේෂණ කාලය තුළ එය ආකාශයේ නිශ්චලව තිබුණි. එයට හේතුව හරියටම එම කාලයේම නෙප්චූන් වක්‍ර වීමට හැරුණු නිසාය. මෙම දෘශ්‍ය ආපසු ගමන් කිරීම ඇති වන්නේ පෘථිවි කක්ෂය ඊට පිටතින් පිහිටි ග්‍රහ ලොවක් පසුකර යන විටය. නෙප්චූන් එහි වාර්ෂික වක්‍ර වීමේ චක්‍රය ආරම්භ කරමින් තිබූ නිසා ගැලීලියෝගේ කුඩා දුරේක්ෂයට හසු නොවන තරම් එය මන්දගාමී විය

අර්බන් ලි වෙරියර් (නෙප්චූන්ගේ සම සොයාගන්නෙකු වූ ගණිතඥයා) 1945 – 46 දී අර්බේන් ලි වෙරියර් , ඇඩම්ගෙන් ස්වාධීනව ඔහුගේ ගණනය කිරීම වේගවත්ව සිදු කළ නමුත් ඔහුගේ අනුගාමිකයන් තුළ ඒ පිළිබඳ උනන්දුවක් ඇති කිරීමේ දී අසීරුතාවයන්ට මුහුණ දුනි. කෙසේ හෝ ජුනි මාසයේ දී ප්‍රකාශයට පත් වු ලී වෙර්යර්ගේ ප්‍රථම තක්සේරුව ඇඩම්ස්ගේ තක්සේරුවට සමාන වීය, කේම්බ්‍රිජ් නිරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂ ජේම්ස් චාලිස් මහතා නව ග්‍රහලොව සෙවීමට පෙළබුණි. චාලිස් විසින් අගෝස්තු හා සැප්තැම්බර් මාස පුරාවටම අහස නිරීක්ෂණය කරමින් එය සොයන ලදී. මේ අතරතුර , ලී වෙරියර් ලිපියක් මඟින් බර්ලින් නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥ ජොහෑන් ගොට්ෆ්‍රයිඩ් ගෝල්ට වර්තනමානය භාවිතයෙන් මෙය සොයා බලන මෙන් දන්වා සිටියේය. නිරීක්ෂණාගාරයේ ශිෂ්‍යයකු වූ හෙන්රිච් ඩී ඇරෙස්ට් , ග්‍රහලෝකයක විස්ථාපන, ගතිලක්ෂණ සෙවීම, වෙරියර් විසින් අනුමාන කරන ලද ආකාශ ප්‍රදේශයේ මෑතකදී අඳින ලද සටහන්වලට අනුව හා දැනට පවතින අහස සම්බන්ධයෙන් සංසන්දනයන් සිදු කළ හැකි බව ගෝල්ට යෝජනා කරන ලදී. 1846 සැප්තැම්බර් 23 වැනිදා එනම් වෙරියර්ගේ ලිපිය ලැබුණු දිනම සන්ධ්‍යා භාගයේ දී නෙප්චූන් ග්‍රහලෝකය සොයා ගැනුණි. එය වෙරියර් අනුමාන කළ ස්ථානයට 10 ඇතුළතින්ද ඇඩම්ස් අනුමාන කළ ස්ථානයට 120 දුරිනුද පිහිටා තිබිණි. තමන් අගෝස්තු මාසයේ දී දෙවරක් ග්‍රහලොව දැක ඇති නමුත් සිය ක්‍රියා පිළිවෙලෙහි වූ අපරික්ෂාකාරී බව නිසා එය හඳුනා ගැනීමට නොහැකි වූ බව පසුව චාලිස්ට තේරුම් ගියේය. එය සොයා ගැනීමත් සමඟම නෙප්චූන් සොයා ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේ කාට ද යන ප්‍රශ්නය මත බ්‍රිතාන්‍ය හා ප්‍රංශය අතර ජාතිවාදී ගැටුමක් නිර්මාණය විය. එසේම ලී වෙරියර් හා ඇඩම්ස් යන දෙදෙනාට මෙම ගෞරවය හිමි විය යුතු බවට ජාත්‍යන්තර සම්මුතියක් ගොඩ නැඟිණි. කෙසේ නමුත් වර්ෂ 1998 දී “නෙප්චූන් පත්‍රය” හි (ග්‍රීන් විචර්හි රාජකීය නිරීක්ෂණාගාරයේ ඓතිහාසික ලියවිල්ලක්) නැවත සොයා ගැනීමත් සමඟ ඉතිහාසඥයන් විසින් නෙප්චූන් සොයාගැනීම පිළිබඳ ප්‍රශ්නය නැවත කරළියට ගෙන එන ලදී. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ඕලින් ජේ. ඊගන් නම් තාරකා විද්‍යාඥයා විසින් අයුතු ලෙස අත්පත් කරගෙන සිටි එය ඔහුගේ මරණයෙන් පසුව නැවත සොයා ගැනුණි. ඇතැම් ඉතිහාසඥයන් දැන් කියා සිටින්නේ ඇඩම්ස් ලී වෙරියර් සමඟි සමාන ගෞරවයක් නොලබන බවයි. 1966 සිටම ඩෙනිස් රෝලින්ස් විසින් ඇඩම්ස්ට නෙප්චුන් සොයාගත් සම සොයා ගන්නෙක් ලෙස ගෞරව කිරීමේ ප්‍රශ්න පිළිබඳව මතු කරන ලදි. ඔහු ඩිගෝ (Dio) සඟරාවෙහි ලිපියක දී එය හොරකමක් ලෙස දක්වා තිබුණි. “ඇඩම්ස් ගණනය කිරීම් කිහිපයක් සිදුකළ මුත් නෙප්චූන් ඇතැයි කියන ස්ථානය පිළිබඳ ඔහුට නිවැරදි හැඟීමක් නොතිබුණි” යැයි ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නිකොලස් කොලෙස්ට්‍රොම් 2003 වර්ෂයේදී පැවසීය.

නෙප්චූන් යනු සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යාගේ සිට අටවෙනි හා ඉතාමත් දුරින්ම පිහිටා ඇති ඇති ග්‍රහලොව වේ. එය විෂ්කම්භයෙන් හතරවන ස්ථානය අයත් කරගනී. එමෙන්ම එය ස්කන්ධය අනුව තෙවන විශාලම ග්‍රහලොවයි. එය පෘථිවිය මෙන් 17 ගුණයක් ස්කන්ධයෙන් විශාල වේ. තවද එය එහි යාබද ග්‍රහයාවන යුරේනස්ට වඩා ස්වල්ප වශයෙන් ස්කන්ධයෙන් වැඩි අතර යුරේනස් පෘථිවි‍ය මෙන් 15 ගුණයක ස්කන්ධයෙන් යුක්තයි. මුහුදට අධිපති රෝමාණු දෙවියෙකුගේ නමින් එය නම් ඇති අතර එහි තාරකා විද්‍යාත්මක සංකේතය Ψ වන අතර එය නෙප්චූන් දෙවි‍යාගේ ත්‍රිශූල‍යෙහි අලංකාර කරන සංකේතයයි. 1846 සැප්තැම්බර් 23 සොයා ගන්නා ලද අතර එය සාමාන්‍ය නිරීක්ෂයකින් තොරව ගණිතමය අනාවැකියකින් සොයාගන්නා ලද ප්‍රථම ග්‍රහලෝකය වේ. යුරේනස්ගේ බලාපොරොත්තු නොවූ කක්ෂීය වෙනස්වීමකින් පසුව අභ්‍යවකාෂ විද්‍යාඥයින්ට නොදන්නා ග්‍රහලොවක ගුරුත්වාකර්ෂණ කැළඹීම් ව්‍යුත්පන්න කිරීමට මඟ පාදන ලදී. නෙප්චූන් සොයාගනු ලැබුවේ අනුමාන කල ස්ථානයට අංශකයක් ‍ඇතුලතිනි. එහි චන්ද්‍රයා සතුවන ටයිටන් කෙටි කාලයකින් සොයාගන්නා ලදී. නමුත් 20 වන ශතවර්ෂයට පෙර එහි අනෙක් චන්ද්‍රයින් 12 දෙනා සොයාගැනීමට නොහැකි විය. නෙප්චුන් කරා ළඟාවී ඇත්තේ එක් අභ්‍යාවකාෂ යානාවක් පමණි. ඒ වොයේජර් 2 යානාව වන අතර එය 1989 අගෝස්තු 25 දින ග්‍රහ ලොව අසලින් පියාඹා ගියේය.

නෙප්චූන්හි වායුගෝලය ප්‍රාථමිකව හයිඩ්‍රජන් හා හීලියම් වලින්ද මීතේන් සුළු ප්‍රමාණයකින්ද සමන්විත වේ. නෙප්චූන්හි වායුගෝලයේ ඇති මීතේන් වායුව නෙප්චූන්හි නිල් පැහැයට හේතු වේ. තවද නෙප්චූන් සෞරග්‍රහ මණ්ඩලයේ සුළං අධිකම ග්‍රහලොව වන අතර එහි සුළගේ ප්‍රභලත්වය පැයට කිලෝ මීටර 2,100 (1,300mph) පමණ වේ. 1989 වොයෙජර් යානය එය අසලින් පියඹා යන කාලයේ පසුව එහි දක්ෂිණ අර්ධ ගෝලයේ විශාල අඳුරු ප්‍රදේශයක් නිරීක්ෂණය කරන ලදී. එය බ්‍රහස්පති මත ඇති විශාල රතු ප්‍රදේශය වැන්නකි. නෙප්චූන් සූර්යාගේ සිට ඉතා ඈතින් පිහිටා තිබීම නිසා එහි වළාකුළු මුදුන් මත උෂ්ණත්වය -218Celsius.JPG(55.1K) තරම් වන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ සිසිල්ම ස්ථාන අතරින් එකකි. එහි අභ්‍යන්තරයේ උෂ්ණත්වය 7000Celsius.JPG (7270K) පමණ වන අතර එය සූර්යයාගේ පෘෂ්ටීය උෂ්ණත්වයට හා වෙනත් දන්නා ග්‍රහලෝකවල ගර්භ උෂ්ණත්වයට සමාන වේ. තවද නෙප්චූන් සතුව අපැහැදිලි බිඳුණු වළලු පද්ධතියක් ඇති බව 1960 දී නිරීක්ෂණය කළ අතර වොයේජර් 2 මගින් තහවුරු කරන ලදී.

ජ්‍යෝතිෂ විද්‍යාත්මකව සලකා බලන විට පැරණි සෘෂිවරුන් ඉන්ද්‍ර නමින් හඳුන්වා ඇත්තේ නැප්චුන් ග්‍රහයාය.මීට 6000  පමණ පෙර කාකබුජන්දර මහ සෘෂිවරයා විසින් සමාර්යන ලෙස ද්‍රවිඩ බසින් හඳුන්වා ඇත්තේ ග්‍රහයාය.යුරේනස්ට වඩා විශාලය.පියවි ඇසින් බැලිය නොහැක.සුර්යයා වටා ගමන් කිරීමට වර්ෂ 164 ක් ද එක රාශියක් පසු කිරීමට වර්ෂ 14 ක් ද ගතවේ.

මානසික ශක්තිය භූත බලය දැනීම,අදහස් පහළ වීම්,උද්වේගය,මතු සිදුවන දේ කීම,භුත විද්‍යා මෝහනය,පරචිත්ත දක්නා නුවණ,කල්පනා ශක්තිය,චිත්‍ර ශිල්පීය ඥානය ආදිය නැප්චුන්ට අයත්වේ.ගුරුට සමාන ආධ්‍යාත්මික ග්‍රහයෙක් ලෙසද හඳුන්වනු ලබයි.

සමුද්‍රයට අධිපති දෙවියා ලෙස සලකන ඉන්ද්‍ර නාවික කටයුතු පිළිබඳව විප්ලවීය දේ සොයාගත් බව සලකනු ලබයි. වරාය කටයුතු,රේගු කටයුතු,සුරාබදු දෙපාර්තමේන්තු,මාළු ඇල්ලීම,ආරෝග්‍යශාලා සහ සිරගෙවල්,රහස් සංවිධාන,අසරණ කඳවුරු ආදී ස්ථාන වලටද බලපවත්වයි.ගැඹුරු මුහුද,මුහුදු ගමන්,මත්ස්‍යයින්,තෙල් වර්ග ආදිය මෙන්ම  මායම්කාරී වැඩ  අයටද බලපවත්වයි.ස්වක්ෂේත්‍ර රාශිය මීන වන අතර උච්ච රාශිය කටකය වේ.නීච රාශිය මකර වේ.

මීළඟ පාඩමින් රාහු සහ කේතු පිළිබඳව හඳුනාගනිමු.

0 අදහස් දැක්වීම්:

Post a Comment