සතර කේන්දරය පාළුවීම බොහෝ විට ගණන් ගැනෙනුයේ ප්‍රවෘජ්‍යා යෝග නැතහොත් දියුණුවක් හිමි නොවන යෝග වශයෙනි. සතර කේන්දරය පාලු වීම පිළිබඳව එලෙස නිර්වචනය කිරීම යහපත් නොවනුයේ එක යෝගයකින් කේන්දරයේ ප්‍රතිඵල නිර්ණය කළ නොහැකි බැවිනි.
ජෛමිනි, සුද්‍රා, වෘහත්, පරාශර, මාන, සාගරී වැනි ජ්‍යොතිෂ ග්‍රන්ථ ජ්‍යොතිර්වේදීන්ගේ පරිහරණයෙන් ඉවත්වීම සැබවින්ම මේ අසතුටුදායක පලාපල කථනයට හේතුවී ඇත.
මතුපිටින් (බැලූ බැල්මට) පෙනෙන සතර කේන්දරය පාළුවීම, කාල සර්ප යෝගය, කේමදාම යෝගය වැනි යෝග මත කරන අසතුටුදායක පලාපල කථනයන් සමාජයට ද අවැසිදායකය. විශේෂයෙන්ම මේ කරුණු පිළිබඳව නිවැරදි අවබෝධයකින් තොරව කරන පලාපල කථනයක්ද අවැඩදායක වේ.
සතර කේන්දරය පාලුවීම ඇතැම් විට අශූභදායක විය හැක. එහෙත් මේ යෝගය පිහිටි පමණින් ප්‍රවෘජ්‍යා යෝගය හෝ දියුණුවක් හිමි පමණින් ප්‍රවෘජ්‍යා යෝගයක් හෝ දියුණුවක් හිමි නොවන යෝගයක් සේ සැලකිය නොහැක.
සම්භාව්‍ය ජ්‍යොතිෂ ග්‍රන්ථයන්හි පලාපල කථනයේදී ආරූඪ ලග්නයට චර කාරක ග්‍රහයින්ට වර්ග කේන්ද්‍රයනට රාශි දෘෂ්ටි හා අරුඪ පද ඇසුරින් යෙදෙන යෝගවලට විශේෂ සැලකිල්ලක් දක්වා ඇත.
ශ්‍රී ලග්නය මහා යෝගාච ග්‍රහයින්, ආරුඪ ලග්නයට කේන්දරගත පද ලග්න වැනි සම්භාව්‍ය ජ්‍යොතිෂ ග්‍රන්ථයන්හි සඳහන් කරුණු ගැන අවධානය යොමු කරමින් තමන්ගේ , තම දරුවන්ගේ කේන්දරවල මෙබඳු යෝග ඇතැයි පසු තැවෙන පිරිස් සඳහා මේ ලිපිය අවධානයකින් සකස් කර ඇත.
පහත සඳහන් කේන්දරය අධ්‍යයනය කර බලමු. මේ කේන්දරයේ කේන්දර ස්ථානවල පසිඳු ග්‍රහයකු නොමැත.
ලග්නාධිපති බුධ අට වැන්නේ තැන්පත්ව සිටි අතර දෙවැන්න අධිපති සිකුරුද අට වැන්නේය. පස් වැන්න හා නව වැන්න අධිපතියන් ද 8 වැන්නේ හා 12 වැන්නේ දුබලව සිටී. සඳු දෙපසද ග්‍රහයින් නොමැත. මේ තරම් අශුභ පල පිරුණු කේන්දරයක හිමිකාරිය යාන වාහන ඉසුරු සම්පත් නිවාස දේපල දරු සම්පත් ඇතිව දෙමවුපිය ඥාති හිත මිත්‍රාදීන්ගේ ආදර ගෞරවය ඇතිව සමාජයෙන් ගරු බුහුමන් ලබන වෘත්තියක නියුතුව සිටී.
ඔබගේ හෝ දරුවාගේ කේන්දරයේද මබඳු යෝගයක් තිබූ පමණින් කලබල විය යුතු නැත. එම අශුභ යෝගයේ පල යටපත් කරන ප්‍රබල ග්‍රහ යෝගද එම කේන්දරයේ පවතීද යන්න පරීක්ෂා කළ යුතුවේ.
මේ කේන්දරය හිමිකාරිය ප්‍රධාන රජයේ ආයුර්වේද රෝහලක සේවය කරන අති විශාල ධනයකට හිමිකම් කියන යහපත් සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නියක්. යහපත් ස්වාමියකු, දරුවන් ද හිමි ව ඇත. සම්පතින් පිරුණු දිවියක් ගත කිරීමට ජ්‍යොතිෂ නියමයන් අධ්‍යනය කරමු.
ලෞකික ජීවිතය පිළිබඳව කරන පරීක්ෂාවන්හිදී අපි ආරුඪ ලග්නයට මූලිකත්වය දිය යුතු වන්නෙමු. එමෙන්ම රාශි කේන්දරයේ පවතින ශුභ අශුභ යෝග නවාමිශයෙන් අනුමත වන්නේද යන්නද පරීක්ෂා කළ යුතු වේ.
ආරූඪ ලග්නයට සඳු කාරක වේ. මේ කේන්දරයේ සඳු නීචව ආරූඪ ලග්නයේ තැන්පත්ය. උච්ච වන නීච ග්‍රහයින් විශේෂයෙන් ආරූඪ ලග්නයට කාරකව මිත්‍ර ග්‍රහයින් ආරූඪ ලග්නයේ වීම රාජ යෝගයකි. මේ කරුණා ආරූඪ ලග්නයේ සඳු තැන්පත් වීමේ ශ්‍රිමන්ත යෝගය ජන්මියාට සැප සම්පත් ලබා දේ.
කේන්දරයේ 04 වැන්න සහ සත්වැන්න අධිපති ගුරු රාශි කේන්දරයේ උච්චව බලවත්ව නවාමිශයේ දී මිත්‍ර රාශිගතව ආරූඪ ලග්නය හා දාර පදය දකිමින් ජන්මියාට විශේෂයෙන් ප්‍රඥාව ලබා දේ.
ආරූඪ ලග්නයෙන් තෙවැන්න සහ සය වැන්න පාපීන්ගෙන් පීඩා වීම ප්‍රබල රාජයෝගයකි. ආරුඪ ලග්නයෙන් තෙවැන්නේ පාපීන් ජන්මියාට අන් අය යට කරගෙන ඉදිරියට යාමට හැකියාව ලබාදෙන අතර ආරූඪ ලග්නයෙන් සය වැන්න පීඩා වීමෙන් සතුරු කරදර ලෙඩ රෝග ණය බර අහෝසි කරයි.
මේ ප්‍රබල රාජ යෝගය අධ්‍යාපනය, රැකියාව, තනතුරු සඳහා ඉතා වැදගත් වේ. ලග්නාධිපති බුධට නව වැන්න අධිපති සිකුරු යෝගව රාජ ලක්ෂ්මි යෝගයද ව වැන්න සහ දශ වැන්න අධිපතියන් බුධ හා සිකුරු යෝග වී රාජ ධ්මකර්මාධිපති යෝගය ද පවතී.
රවි හා බුධ ඒකරාශිගතව නිපුන යෝගය යෙදේ. මේ යෝග තැනම යෙදී ඇත්තේ අටවන භාවයේ වීමද යෝග පල අඩු විමට හේතු වේ. මේ කේන්දරයේ පවතින ප්‍රබලතම ග්‍රහයෝග ආරූඪ ලග්නය හා දාර පදය කේනදරගතවීමෙන් යෙදේ. මේ යෝගය ප්‍රබල ඉසුරු සම්පත් දෙන යෝගයකි. තිර රාශියක තැන්පත් සඳු චර රාශීගත කුජ දකිමින් ප්‍රබල ශ්‍රීමන්ත යෝගයක් උදා කරයි.
මේ අනුව ආරූඪ ලග්නය දාර පදය කේන්ද්‍රගත වීම, ගුරු ආරූඪ ලග්නයකට ගුරු මන්ත්‍ර පදය දැකීම, ආරූඪ ලග්නයෙන් 11 වැන්න බලවත් වීම යහපත් අධ්‍යාපනයට මෙන්ම රැකියා සඳහාද හේතු වේ.
0 අදහස් දැක්වීම්:
Post a Comment