ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව නිවැරදි දැනුමක් සරළ ලෙස ලබාදීම අරමුණු කරගනිමින් සතියේ සෑම බදාදා දිනකම ඔබවෙත කොටස් වශයෙන් ඉදිරිපත් කරන ජ්‍යෝතිෂ පාඩම් මාලාවේ සත්වන දිග හැරුම මෙසේ සටහන් කරමු.
පහත ලින්ක් එක මඟින් සයවන පාඩම් මාලාවට නැවත පිවිසිය හැකිය.
පසුගිය සතියේ අප ෂට්විද ආකාශ වස්තූන්ගෙන් බුධ පිළිබඳව හඳුනාගතිමු.අද අප ග්‍රහතරු යටතේ සිටින ග්‍රහයින්ගෙන් ගුරු හෙවත් බ්‍රහස්පති පිළිබඳව ජ්‍යෝතිෂමය හා විද්‍යාත්මකව අපේ අවධානය යොමු කරමු.
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා ලෙස විරුදාවලි ලබන බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාගේ සිට පස්වැනියට පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයයේ අනෙකුත් ග්‍රහයින් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් 2.5 ගුණයක් බ්‍රහස්පති ග්‍රහයා විශාලවේ. සෙනසුරු, යුරේනස්, සහ නෙප්චූන් මෙන්ම බ්‍රහස්පති ද සැලකෙන්නේ වායු යෝධයකු (gas giant) ලෙසටය.
බ්‍රහස්පති ග්‍රහයා අතීතයේ දී තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට යොමු වූවක් වන අතර බොහෝ සංස්කෘතිවල මිත්‍යා විශ්වාස වලට සහ ආගම් වලට එය සම්බන්ධ කොට ගෙන තිබේ. එයට ජුපිටර් යන නාමය ලැබී ඇත්තේ රෝම දෙවිවරයෙකු වන ජුපිටර් සිහිපත් වීමටය . පෘථිවියේ සිට බලන කල එහි දීප්තිමත් බව -2.8 ක් වන අතර චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහයා හැරුණු විට රෑ අහසේ තෙවැනියට දීප්තිමත්ම වස්තුව මෙය වේ.
බ්‍රහස්පති ග්‍රහයා මුලික ලෙස සෑදි ඇත්තේ හයිඩ්‍රජන් වලින් වන අතර හීලියම් සුළු ප්‍රතිශතයක් එහි අන්තර්ගත වේ. ඉහළ පීඩනවලදී, බැර ලෝහ වලින් සමන්විත පාෂාණමය හරයක් එයට තිබීමට ද ඉඩකඩ ඇත. එහි වැඩි භ්‍රමණ වේගය හේතුවෙන් බ්‍රහස්පති ග්‍රහයාගේ හැඩය සුළු අක්ෂ (oblate spherical) ගෝලයකි. ඉතා කුඩා නමුත් හඳුනාගත හැකි නෙරීමක් එහි සමකය අසලදී දක්නට ලැබේ. විවිධ අක්ෂාංශ වලදී එහි පිටත වායුගෝලය පටි කිහිපයක් ලෙස දර්ශනය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස කැලඹිම් ස්වභාවයක් සහ කුණාටු ස්වභාවයක් එම පටි ගැටෙන සීමාවන්ගේ ඇති වේ. මහා රතු ලපය (Great red spot) ලෙස හැඳින්වෙන මහා කුණාටුව 17 වන ශත වර්ෂයේ සිටම පැවතුණ මෙවැනි ප්‍රතිඵලයකි. බ්‍රහස්පති වටා ඉතා සිහින් ග්‍රහ වළලු පද්ධතියක් සහ බලවත් විද්‍යුත් ජනක ගෝල දක්නට ලැබේ. එය සතුව චන්ද්‍රයන් 63 දෙනෙක්වත් සිටින අතර ගැලීලියානු චන්ද්‍රයින් ලෙස හැඳින්වෙන විශාලතම චන්ද්‍රයින් හතර දෙනා 1610 දී ගැලීලියෝ ගැලිලි විසින් සොයාගන්නා ලදි. මෙම චන්ද්‍රයින්ගෙන් යෝධතම චන්ද්‍රයා වන ගැනිමිඩ්ගේ විෂ්කම්භය බුධ ග්‍රහයාගේ විෂ්කම්භයට වඩා වැඩිය.
බ්‍රහස්පති වායු යෝධයන් 4 දෙනාගෙන් කෙනෙකි. එනම් එය මූලිකව ඝන පදාර්ථයෙන් නිමැවී නොමැත. එය සමකාසන්නයේ දී 142,984 km විෂ්කම්භයක් දරන අතර සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලොව වේ. බ්‍රහස්පතිගේ ඝනත්වය 1.326 g/cm³ කි. එය වායු යෝධයන්ගෙන් දෙවැනියට වැඩිම ඝනත්වය වුව ද භෞම ග්‍රහලෝක 4හි ඝනත්වයන්ට වඩා අඩුය.
හසේ ඇති වස්තූන් අතරින් හතරවැනියට දීප්තිමත්ම වස්තුව (ඉර, සඳ සහ සිකුරු ග්‍රහයාට පසු) බ්‍රහස්පති වේ. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවල දී බ්‍රහස්පති ග්‍රහයා අඟහරුට වඩා අඩු දීප්තියක් ගනී. බ්‍රහස්පති ග්‍රහයාගේ පිහිටීම අනුව එහි දීප්තිය -2.8 සිට -1.6 දක්වා වෙනස් විය හැකිය. එසේම බ්‍රහස්පතිගේ කෝණාකාර විෂ්කම්භය 50.1 සිට 29.8 arc seconds දක්වා වෙනස් වේ.
බ්‍රහස්පති ග්‍රහයා සූර්යයා වටා කක්ෂ ගත වන සෑම දින 398.9 කට වරක් ම පෘථිවිය විසින් එය පසුකරනු ලැබේ. මේ කාලපරිච්ඡේදය හැඳින්වෙන්නේ Synodic Period ලෙසටය. මෙසේ පෘථිවිය විසින් බ්‍රහස්පති පසු කරන විට පසුබිමෙහි ඇති තාරකාවලට සාපේක්ෂව එහි ප්‍රතිලාමී චලනයක් දක්නට ලැබේ. එබැවින් යම් කාලයක් තුල රාත්‍රී අහසේ පුඩු ආකාර චලනයක් දක්වමින් බ්‍රහස්පති ග්‍රහයා පසු පසට ගමන් කරනු දැකිය හැකිය.
බ්‍රහස්පතිගේ කක්ෂගත වීමේ කාලය වසර දොළහකි. මෙම කාලය සෙනසුරු ග්‍රහයාගේ කක්ෂ ගත වීමේ කාලයෙන් 2/5 කි. බ්‍රහස්පති ග්‍රහයාගේ කක්ෂය පෘථිවියේ කක්ෂයට පිටතින් පවතින බැවින් පෘථිවියේ සිට බලන විට එහි අවධි කෝණය අංශක 11.5 නොඉක්මවයි. එබැවින් පෘථිවියේ සිට දුරදක්නයක ආධාරයෙන් බ්‍රහස්පති ග්‍රහයා නිරීක්ෂණය කරන සෑම විටකම එය සම්පූර්ණ දීප්තියෙන් දක්නට ලැබේ. බ්‍රහස්පතිගේ අඩ සඳ හැඩැති දර්ශන දක්නට ලැබෙනුයේ එය කරා ගිය අභ්‍යාවකාශ යානාවල සිට පමණි.
බ්‍රහස්පතිට නම් කරන ලද ස්වාභාවික උපග්‍රහයින් 63 ක් ඇත. මෙයින් 47 ක විශ්කම්භය කිලෝමීටර් 10 ට වඩා අඩු අතර මේවා අනාවරණය කොට ගෙන ඇත්තේ 1975 වර්ෂයෙන් පසුවය. “ගැලීලියානු” චන්ද්‍රයන් ලෙස හැඳින්වෙන බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් සතර අයෝ, යුරෝපා, ගැනිමිඩ්, කැලිස්ටෝ යන නම් වලින් හඳුන්වයි.
සුරගුරු වශයෙන් හඳුන්වනු ලබන ගුරු හෙවත් බ්‍රහස්පති ජ්‍යෝතිෂයේදී පුරුෂ ග්‍රහයෙකු ලෙස හඳුන්වයි.මහත්වූ වටකුරු ශරීරයක් සහ විශාල උදරයක් ඇති බ්‍රාහ්මණ වංශිකයෙක් ලෙස නිරූපණය කරයි.
ගතිගුණ වශයෙන් ඉතාමත් යුක්ති සහගතය.අධ්‍යාත්මිකය.අධ්‍යාපනය,නීතිය,ආගම,දර්ශනය.බැංකු,වෙළඳ ව්‍යාපාර,ආර්ථික විද්‍යාව ආදිය පාලනය කරනු ලබයි.දීර්ඝ ගමන් බිමන්,පිට පළාත්වල ජීවත්වීම් ආදියට බලපායි.භාණ්ඩාගාර,හමුදා බැරැක්ක,උගතුන් වසන ස්ථාන,විහාරස්ථාන,බැංකු සහ රක්ෂණ සමාගම්,කීර්තිය,ප්‍රභූ වරුන්,සීයලා සහ මුණුබුරන් නියෝජනය කරයි.ශරීරයේ මේද ධාතුවට ද අධිපතිත්වය දරයි.
පුත්‍රකාරක ලෙස හඳුන්වනු ලබයි.ධනයට අධිපති වේ.ධන කාරකයි.අක්ෂි රෝග,නිදිමත ගතිය,ආමවාතය,ස්ත්‍රීන්ගේ ඇඟ උණුකරවා යාම,සෙංගමාලය,සිහි විකල් ගති ඇති කිරීම,දියවැඩියාව,ශරීරය අධික ලෙස මහත් වීම,මුත්‍රා සමඟ ධාතු පහවීම,උණ ආදී වූ රෝග සඳහා බලපවත්වයි.
පුෂ්පරාග මාණික්‍යය ගුරුට හිමි පාෂාණයයි.ධනු සහ මීන රාශි වලට අධිපතිවේ.එනම් ස්වක්ෂේත්‍ර වේ.කටක රාශියට උච්ච වේ.මකර රාශියේ දී නීච වේ.පුනාවස,විසා සහ පුවපුටුප නැකත් ගුරුගෙන් පාලනය වේ.බ්‍රහස්පතින්දා දිනය ගුරුට අයත්ය.
මීළඟ පාඩමින් අප සිකුරු ග්‍රහයා පිළිබඳව හඳුනාගනිමු.
0 අදහස් දැක්වීම්:
Post a Comment