දිනපතාම ලොතරැයි වාසනාව උරගා බලන පිරිස අපමණයි. ඒ වගේම තව පිරිස් රේස් ඔට්‌ටු දානවා. සල්ලි ටිකක් යහමින් හොයා ගන්න පුළුවන් වෙයිද කියල අනුමානෙට තමයි මිනිස්‌සු මේවා කරන්නේ.
තවත් අය නඩුහබ හින්දා කරදරවල පැටලිලා. ඉතින් මේ දෙගොල්ලන්ටම හොඳ ආරංචියක් ජ්‍යෙතිෂය ඇතුළෙන් ගෙනෙන්නයි මේ වෑයම. ජ්‍යෙතිෂයෙ තියනවා සුබ මුහුර්ථ කියල කොටසක්. ඉතින් ඒ මුහුර්ථ ඉහත කියපු දේවල් ජයගන්න පුළුවන් කියල සෘෂිවරු පෙන්වා තිබෙනවා. එහෙම මුහුර්ථ 05 ක් ගැන ජ්‍යෙතිෂයේ සඳහන් වෙනවා. ට්‍රයි කරල බලන්න. ඒ මුහුර්ථ යෙදෙන හැටි හොඳට කියවල තේරුම් ගන්න.
1. මාහේෂ්වර සම්පත්ති ජය මුහුර්ථය
මේක යෙදෙන්නේ ඉරිදා හෝ අඟහරුවාදා දවසකයි. එදාට අස්‌විද, කැති, රෙහෙණ, මුවහිස, බෙරණ යන පඨවි ධාතුවට අයත් නැකතක් උදාවී තිබිය යුතුයි. හැබැයි මේකට ඔබේ නමේ සම්බන්ධයක් තියෙන්න ඕනෑ. එනම් අ, ආ, ඇ, ඈ යන ස්‌වරවලින් ගොඩනැඟුන පඨවි අක්‍ෂරයකින් නම තියෙන්න ඕනෑ. උදාහරණයක් ගත්තොත් අ – ක – ව – ල වැනි අකුරුය. ව හෝ වා හෝ වැ හෝ වෑ ආදී වශයෙනි. ඔබ උපන් නැකතද භේරුණ්‌ඩ පක්‍ෂියාට හිමිවී තිබිය යුතුයි.
ඒ වගේම තිථිය ගැනත් හිතන්න ඕනෑ. ඉහත කී නැකැත් පවතින ඉරිදා හෝ අඟහරුවාදා හෝ දිනක පෑලවිය, සැටවක, එකොළොස්‌වක යන තිථිවලින් එකක් තිබිය යුතුය. පුර අව භේදයක් නැත. විශේෂයෙන් මෙම මුහුර්ථ ක්‍රමයට උපන් ලග්න නැකත් අවශ්‍ය නැත. කොටින්ම කේන්ද්‍රය අවශ්‍ය නොවේ. තම නම පමණක් අවශ්‍ය වේ. ඉහත කියන ලද ස්‌වර හතරෙන් සැදුන ඉහත දක්‌වන ලද අක්‍ෂරවලට පමණකි. ක – කා – කැ – කෑ – ව – වා – වැ – වෑ – ල – ලා – ලැ – ලෑ යනුවෙන් කුමන හෝ අකුරක් තමන්ගේ නමේ මුල් අකුර වී තිබිය යුතුයි. එසේම ගුරුගේ තත්කාල හෝරාවේ ගුරුගේම පංචම කාල හෝරාව විය යුතුයි. එසේ ගැන මුහුර්ථය සකසන වේලාවට ලැබෙන තත්කාල කේන්ද්‍රයද ඉතා වැදගත් වේ.
ඒ අනුව එදින ඉරිදාවක් නම් තත්කාල ලග්නය සිංහ විය යුතුයි. අඟහරුවාදා දිනයක් නම් මේෂ හෝ වෘශ්චික යන ලග්නයක් තත්කාල ලග්නය විය යුතුයි. මෙසේවූ මුහුර්ථය තුළ නැගෙනහිර බලා අවශ්‍ය කරුණට පිටත් විය යුතුය. එසේ පිටත් විය යුත්තේ වෘෂභ වාහනයෙන් යනවා යයි සිතාගෙනය. එනම් ගොනෙකු පිට හෝ ගොන් බැඳි කරත්තයෙන් හෝ යනවායි සිතාගෙන පිටත් විය යුතු යෑයි සෘෂි නියමය වෙයි.
2. කාලසම්පත්ති ජය මුහූර්ථය
මේ සඳහා ඔබේ නමේ මුල් අක්‍ෂරය ඉ – ඊ ස්‌වරවලට අයත්ව උපන් නැකත හිමි පක්‍ෂියා පිංගල විය යුතුය. විශේෂයෙන් ඔබේ නමේ මුලකුර ඉ, හ, ම, ව, ඩ (හි, මි. ටි. ති) සී යන එක් අක්‍ෂරයකට හිමිව තිබිය යුතුය. සඳුදා හෝ බදාදා යන දිනයක් විය යුතුය. පුර අව භේදයක් නැත. දියවක, සතවක, දොළොස්‌වක යන බදා තිථියක් උදාවී තිබිය යුතුය. සඳුදා දිනය නම් කටක ලග්නයද, බදාදා දිනය නම් මිථුන හෝ කන්‍යා යන ලග්නවලින් එකක් මුහුර්ථයේ තත්කාල ලග්නය විය යුතුය. මේ සඳහා සිකුරු හෝරාවේ සිකුරුගේම පංචම හෝරාව විය යුතුයි. සිංහයෙක් පිට යන්නේ යයි සිතා දකුණ බලා යා යුතුය.
3. ශ්‍රී සම්පප්ති ජය මුහූර්ථය
ඔබේ උපන් නැකත අනුව පක්‍ෂියා කාක පක්‍ෂියා විය යුතුය. ඔබේ නාමාක්‍ෂරය උ, ඌ ස්‌වරයට අයත් උ, ප, ත, ර යන අක්‍ෂරයක් විය යුතුයි. උදා(- ප, පු, පූ ආදි වශයෙනි. බ්‍රහස්‌පතින්දා දිනයක් විය යුතු අතර උත්‍රපල්, හත, සිත, සා, විසා යන නැකැත්වලින් එකක් එදින උදාවී තිබිය යුතුය. පුර හෝ අව, තියවක, අටවක, තෙළෙස්‌වක යන තිථිවලින් එක්‌ක උදාවී තිබිය යුතුය. එම හෝරාව හෙවත් මුහුර්ථය කුජගේ හෝරාවේ කුජගේම පංචම හෝරාව විය යුතු අතර තත්කාල ලග්නය ධනු හෝ මීන විය යුතුය. එවිට මෙම යෝගය පූර්ණ වෙයි. නාග වාහනයකින් යමියි සිතා බටහිර බලා පිටත්විය යුතුයි.
4. බ්‍රහ්ම සම්පත්ති ජය මුහූර්ථය
මේ මුහූර්ථය ලැබෙන්නේ සිකුරාදා දිනවලයි. ඔබේ පක්‍ෂියා කුක්‌කුට විය යුතුය. ඔබේ නමේ මුල් අක්‍ෂරය එ, ඒ ස්‌වර හිමි එ, නෙ, බෙ, යෙ, ජෙ යන අක්‍ෂරයක් වීම වැදගත් වේ. එදින අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, සුවන යන නැකැත්වලින් එකක් යෝග වී තිබිය යුතුය. ජලවක, නවවක, තුදුස්‌වක යන රික්‌තා තිථියක්‌ද, බුදගේ කාල හෝරාවේ බුදගේම පංචම හෝරාවේ විය යුතු අතර තත්කාල ලග්නයට වෘෂභ හෝ තුලා යන එක් ලග්නයක් පැමිණිය යුතුය. ඇතෙක් පිට යමියි සිතා උතුර බලා පිටත් විය යුතුය.
5. විෂ්ණු සම්පත්ති ජය මුහූර්ථය
ඔබේ නැකතට හිමි පක්‍ෂියා මයුර විය යුතුයි. නාමාක්‍ෂරය ඔ, ඕ, ඖ යන ස්‌වරවලින් යුතු ඔ, ගො, සො, දො, චො යන අක්‍ෂරයක් වීම වැදගත් වේ. සෙනසුරාදා දිනයක් වීම විය යුතුය. පුර අව දෙකේම විශේණිය, දශවක, පසළොස්‌වක, අමාවක යන එක් තිථියක් විය යුතුයි. දෙනට, සියාවස, පුව පූටූප, උත්‍රපුටුප, රේවතී යන එක් නැකතක් උදාවී තිබිය යුතුය. මකර, කුම්භ යන ලග්න දෙකෙන් එකක් තත්කාල ලග්නය විය යුතු වේ. මොණරෙක් මත නැගී යමියි සිතා අහසේ මුදුන දෙස බලා පිටත්වීම සුබ වේ.
ලොතරැයිපත් මිලදී ගැනීමට, අශ්ව රේස් ඔට්‌ටු ඇල්ලීමට, නඩුහබවලට, අවුල් වියවුල් විසඳීමට මෙම මුහුර්ථ සාදාගත යුතු වේ. එය ජ්‍යෙතිෂඥයෙක් මගින් ශුද්ධ කරවා ගන්න. නාමාක්‍ෂරය කුමන ව්‍යාංජනාක්‍ෂරයක් වුවත් අදාළ ස්‌වරයෙක් පණ ගැන්වී ඇත්නම් සෑහේ. ඔබට හිමි පක්‍ෂියා මෙම මුහුර්ථ වේලාවේ රජ, භෝජන, ගමන යන අවස්‌ථා තුනෙන් එකක සිටීමද ඉතාමත්ම වැදගත් වේ.
0 අදහස් දැක්වීම්:
Post a Comment