2015 අගෝස්තු 04 (අද) දින සවස 6.17 ට රවි හිමි සිංහ රාශියේදී බුද, ගුරු සහ සිකුරු ග්‍රහයින් තිදෙනා එකට එක්වේ.ලග්න රැසකට මුල්‍යමය වශයෙන් වාසි සහගත තත්වයක් ඉදිරි දිනවල උදාවේ.
කුම්භ ලග්න ලංකා කේන්දරයට අනුව කුම්භ ලග්නයට අර්ධ යෝග කාරකයෙකු වන බුධ ලංකා ලග්න කේන්දරයේ 7 වැන්නට පිවිසෙන අතර කුම්භ ලග්නාධිපති ශනිට යහපත් සුබ පල ලබා දෙන ග්‍රහයන් 3 දෙනෙක් ලෙස බුද ගුරු සහ සිකුරු හඳුන්වා දිය හැකිවේ.
මේ අනුව පහත දැක්වෙන ප්‍රතිපල රැසක් ශ්‍රී ලංකාව තුල ඉදිරියේදී ඇතිවනු දැකගත හැකිය.
# වෙළඳ ගිවිසුම් / ව්‍යාපාර වලට යහපත්ය.
# ජාත්‍යන්තර දේශපාලන සබඳතා තරවේ එතුලින් රටට අතිශය වැදගත් ගිවිසුම් රැසකට එළඹීමට හැකිවනු ඇත.
# මිල මුදල් අතින් සරුවන යහපත් කාලයකි
# රජය තුලින් වැඩකරන ජනතාවට විශාල වැඩ කොටසක් සිදුවේ.
# සාගරය හා සම්බන්ධ කටයුතු නාවික කටයුතු / ධීවර කටයුතු ආදිය ප්‍රවේශමෙන් කල යුතුය.කාලගුණ හා දේශගුණ විපර්යාස පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය.
# උෂ්ණය නිසා ඇතිවන රෝග / බෝවන රෝග / උණ රෝග හා වෛරස් රෝග පැතිරී යාමට ඉඩකඩක් ඇතිවේ.
මේෂ,මිථුන,කටක,සිංහ,තුලා,වෘශ්චික,කුම්භ යනාදී ලග්නවලට ත්‍රිකෝණාධිපති යෝගයත් කන්‍යා සහ මකර ලග්නවලට ධර්ම කර්මාධිපති යෝගයත් උදාවීම තුල ආර්ථික වාසි / මූල්‍යමය වාසි / අධ්‍යාපන කටයුතු සාර්ථක වීම ඇතුළු බලාපොරොත්තු රැසක් ඉදිරි සතියක දෙකක කාලය තුල සිදුවේ.
- මේෂ ලග්නය – නව හිතවතුන් / සමාජ පිළිගැනීම / නොසිතූ මූල්‍ය ලාභ / තත්වයෙන් උසස් වීම් / උසස් හිතවතුන් හමුවීම ආදී සුබ පල රැසක් අත්වේ.
- වෘෂභ ලග්නය – මිශ්‍ර පලදායකයි.හවුල් කටයුතු ප්‍රවේශමෙන් කල යුතුවේ.මූල්‍ය වාසි අත්වේ.
- මිථුන ලග්නය – වඩාත් උත්සාහවන්ත වේ.බාධා මැඩගෙන ක්‍රියාකරයි.අධ්‍යාපන කටයුතු යහපත් වේ.
- කටක ලග්නය – බලාපොරොත්තු බොහොමයක් ඉෂ්ඨ වේ.අන්‍යන්ගේ උපකාර බොහොමයක් හිමිවේ.හිතවතුන්ගේ උදව් උපකාර හිමිවේ.උසස් හිතවතුන්ගේ උදව් උපකාර ලැබේ.
- සිංහ ලග්නය – අධික ගමන් බිමන්වල යෙදේ.හිතවතුන් රැසක් හිමිවේ.අන්‍යයන්ගේ උදව් උපකාර රැසක් හිමිවන කාලයකි.මූල්‍ය වාසි රැසක් අත්වේ.
- කන්‍යා ලග්නය – වැය පක්ෂය අධික වන නමුත් අවශ්‍ය පමණට ආදායම් ද ඇත.ආගමික අංශයන්ට නැඹුරු වේ.
- තුලා ලග්නය – නව මිතුරන් එක්වේ.ඔවුන්ගේ සහය නිරන්තරයෙන් හිමිවේ.හවුල් කටයුතු වලින් සාර්ථක වේ.රැකියා සඳහා සුබයි.
- වෘශ්චික ලග්නය – අධ්‍යාපන / වෘත්තීය /සමාජයීය / ආර්ථික අංශ දියුණු වේ.පවුලේ සමගිය ඇතිවේ.නෑදෑයින්ට උදව් උපකාර කිරීමට සිදුවේ.
- ධනු ලග්නය – මිශ්‍රපල හිමිවේ.ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගනී.උත්සාහය තුලින් සාර්ථක විය හැකිය.
- මකර ලග්නය – වෘත්තීය සහ ආර්ථිකය දියුණු වේ.නව හිතවතුන් මුණ ගැසේ.උසස් අයගෙන් නිරන්තර උපකාර හිමි වේ.
- කුම්භ ලග්නය – විදේශ සබඳතා වලට යහපත්ය.ආර්ථිකය / රැකියාව සහ අධ්‍යාපන කටයුතු දියුණු වේ.සුහදශීලී වේ.
- මීන ලග්නය – මිශ්‍ර පලදායකයි.අනතුරු වලින් ප්‍රවේශම් වන්න.වැය පස තරමක් ඉහල යයි.උසස් හිතවතුන්ගේ ඇසුරට ලක්වේ.
0 අදහස් දැක්වීම්:
Post a Comment