තම දරුවාගේ ඉදිරි අධ්‍යාපනය සාර්ථකද ? හොඳ ඉගනීමේ ශක්‌තියක් දරුවාට තිබේද? ඉදිරියේදී එන අධ්‍යාපන බාධා මොනවාද? කුමන ක්‌ෂේත්‍රයක් තුළින් අධ්‍යාපනය හදාරයිද? යොමු කළ යුතු ක්‌ෂේත්‍රය කුමක්‌ද? වැනි කාරණා පිළිබඳව අද දෙමාපියෝ දරුවෙකු කුඩා අවධියේ සිටම අවධානය යොමුකරති.
මේ පිළිබඳව අපට නිවැරදිව කල්වේලා ඇතිව දැන ගැනීමේ හැකියාව ඇත්තේ ජන්ම පත්‍රයේ ඇති ග්‍රහ පිහිටීම් තුළිනි.
කෙනෙකුගේ අධ්‍යාපනය සම්බන්ධව මූලිකවන භාවයන් නැතිනම් කොටු දෙක ලෙස 5 හා 9 වන භාවයන් දෙක හඳුන්වා දෙන්න පුළුවන්. එම කාරණය තවදුරටත් පැහැදිලි කළොත් අපගේ ජන්ම පත්‍රයේ 5 වන භාවය එනම් ලග්නයේ සිට 5 වන කොටුව විද්‍යාස්‌ථානය හෙවත් මූලික අධ්‍යාපනය ගැනත් 9 වන කොටුවෙන් උසස් අධ්‍යාපනය ගැනත් පැවසෙනවා. එමෙන්ම 5 වැන්නාධිපති හා 9 වැන්නාධිපතිත් 5 හා 9 ට එල්ල වෙන ග්‍රහ දෘෂ්ටිත් එම ස්‌ථානවල පිහිටි ග්‍රහ සංයෝගත් මේ සදහා මූලිකව බලපානවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් බලපාන එසේත් නැත්නම් ඒ සදහා වැදගත් වන ග්‍රහයෝ ජ්‍යෝතිෂයේදී මූලික කර ගන්නා නව ග්‍රහයන් අතරින් බුධ, ගුරු, රවි, සඳු යන ග්‍රහයන් කේන්ද්‍රයේ සුබව පිහිටීම අධ්‍යාපනය සම්භන්ධයෙන් ඉතාම සුබදායක වෙනවා. කුඩා ළමුන්ගේ කේන්ද්‍ර පරීක්‌ෂාවේදී වැඩියෙන්ම සැලකිලිමත් විය යුත්තේ බුධ ග්‍රහයා පිළිබඳවය. බුධ කේතු යෝගය විශේෂවන්නේ මේ යෝගය ඇති අය ගණිතයට දක්‌ෂ වන බැවිනි. බුධ ග්‍රහයා රි¨ණ කාරක හෙවත් අධ්‍යාපන කාරක ග්‍රහයා ලෙස අප ජ්‍යෝතිෂයේදී හඳුන්වනවා.
කේන්ද්‍රයේ අනෙකුත් ග්‍රහයන් හා භාවයන්ද යම් කෙනෙකුගේ අධ්‍යාපනයේ සාධනීය මට්‌ටම ඉහළ නැංවීමට ඉතාම වැදගත් වෙනවා. පුද්ගලයෙකුගේ හඳහනේ ලග්නාධිපතියා සුබව හා බලවත්ව පිහිටීම අධ්‍යාපනයේ අනාගත පැවැත්මට මෙන්ම ඉහළ අධ්‍යාපනයටත් ඉතාම වැදගත් වෙනවා. හඳහනක ලග්නාධිපතියා බලවත්ව සුබ දෘෂ්ටි සහිතව සුබ භාවයක සිටීම අධ්‍යාපනයට වගේම පෞරුෂත්වයට මෙන්ම දියුණුවටද ඉතාම යහපත්ය. නවාංශක කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අධ්‍යාපනයට බෙහෙවින් වැදගත් වන අතර ඉහත සඳහන් කළ ලග්නගත ග්‍රහ පිහිටීම් නවාංශක කේන්ද්‍රයේත් සුබව තිබේ නම් එය අධ්‍යාපනයට මෙන්ම අනාගතයටත් වැදගත් වෙනවා. රවි බුධ යෝගය 5 වැන්නේ හෝ 9 වැන්නේ පිහිටීම අධ්‍යාපනය ගැන කතා කිරීමේදී ඉතාම සුබවාදී පිහිටීමක්. නමුත් එම යෝගය සුබව පිහිටා තිබිය යුතූ වෙනවා. අපි මේ යෝගයට කියනවා බුධ ආධිත්‍ය යෝගය කියලා. එම යෝගය කේන්ද්‍රයේ සුබ භාවයක පාප ග්‍රහ දුෂ්ටි හෝ පාප ග්‍රහ සංයෝග නොමැතිව කේන්ද්‍රයේ මෙන්ම නවාංශකයේ ද සුබව හා බලවත්ව පිහිටා තිබීම ඉතාම හොඳයි.
5 වැන්නේ හෝ 9 වැන්නේ ගුරු හෝ බුධ හෝ බලවත්ව හා සුබව පිහිටීමද ගුරු 5 හේ 9 යේ බලවත්ව සිටීම අතිශයින් සුබදායක පිහිටීමක් වෙනවා. බුධ හෝ ගුරු (බ්‍රහස්‌පති) මෙන්ම රවි සඳු යන ග්‍රහයන් කේන්ද්‍රයේ දුර්වලව සිටීම හා එවැනි ග්‍රහ පිහිටීම් තිබීම අධ්‍යාපනයට බාධාවක් වෙනවා. නමුත් එම ග්‍රහයන් උපතේදී සුබ ග්‍රහයෙකුගේ නැකතක බලවත්ව ගමන් කරනවා නම් ඉහත තත්වය යම් පමණකට සුබ තත්වයකට පත්වෙනවා. කේන්ද්‍රයේ අධ්‍යාපනයට සම්බන්ධ ස්‌ථානවලට සුබ ගුරුගේ පූර්ණ දෘෂ්ටිය වැටීම බෙහෙවින්ම සුබදායක වේ.
දැනුමට බාධා කරන ප්‍රධාන ග්‍රහයා රාහු වන අතර රාහු නීචව සතුරුව ලග්නය දෙවැන්න 4, 5 හෝ 9 වැන්නේ තැන්පත්වීම අධ්‍යාපනයට ප්‍රබල බාධාවකි. ඉහත ස්‌ථානවල ගුරු, බුධ, සඳු යන ග්‍රහයන් සිටීම ඉතා සුබදායක වේ. අධ්‍යාපනයට බාධාකරන තවත් ග්‍රහ පිහිටීම් ජන්ම පත්‍රයක 5 වැන්නේ පාප ග්‍රහයන් තැන්පත්වීම හෝ 5 වැන්න අධිපතියා දුර්වලව කේන්ද්‍රයේ 2, 6, 8, 12, වැනි ස්‌ථානයක තැන්පත්වීම වගේම 9 වැන්න ඉහත ආකාරයට දුර්වල වීම තුළින් අධ්‍යාපනයට බාධා එල්ල වෙනවා. අධ්‍යාපනය කඩාකප්පල් වීමටත් බොහෝ විට බලපාන්නේ 2, 6, 8, 12, අධිපති ග්‍රහයෙකු 5 වැන්නේ තැන්පත්ව එම 5 වැන්නට බලවත් පාප ග්‍රහයන්ගේ ග්‍රහ දෘෂ්ටීන් එල්ල වූ විට අධ්‍යාපනයේ යම්යම් කඩාවැටීම් හට ගැනීමේ හැකියාව පවතිනවා. 5 වැන්න අධිපතියා නීච වීමත් ඒ වගේම 9 වැන්නාධිපතියාගේ නීච වීම් වැනි දුර්වලතාත් බලපානවා. නීචවීම වගේම එම නීච 5 අධිපති 2, 6, 8, 12, ස්‌ථානයක තැන්පත්ව සිටියදී එම නීච ග්‍රහයාගේම මහදශාවක් ඉගෙනීම ලබන කාලයේදී ලැබුවොත් ඉගනීමට කොතරම් දක්‌ෂතා දැක්‌වුවත් අධ්‍යාපන කටයුතු බලාපොරොත්තු නොවන ආකාරයෙන් බිඳවැටෙන්න පුළුවන්. ගුරු 5 වැන්නේ, 9 වැන්නේ තැන්පත් එම ගුරුගේ දෘෂ්ටිය 5 වැන්නට හා 9 වැටීමත් ඉතා සුබ දායක අතර එම සුබදායකව පිහිටා ඇති ගුරුට කුජගේ හෝ රාහුගේ සප්ත මදෘෂ්ටිය වැටී කුජගේ හෝ රාහුගේ මහ දශාවක් ලැබුවොත් අධ්‍යාපනයේ කඩා වැටීමක් වෙන්න පුළුවන්.
මූලික අධ්‍යාපනයට බාධා කරන හා ඉහළ අධ්‍යාපනයට බාධා පමුණුවන ග්‍රහයන් අතර සෙනසුරු අඟහරු හා රාහු ප්‍රධාන ස්‌ථානයක් ගන්නවා. ඉගෙනීම ලබන අවධියේදී යෙදෙන මහ දශා අතුරු දශාත් අධ්‍යාපනයට බාධාකාරී වන අවස්‌ථා තිබෙනවා සෙනසුරු, අඟහරු, රාහු, ආදී මහදශා අතුරු දශාවලදී අසුබ ඵල උදාකරනු ලබනවා. එමෙන්ම සෙනසුරු ඒරාෂ්ඨක අපල කාල වලදීද අධ්‍යාපන බාධා පැමිණීමට හැකිය. 5 වැන්න අධිපතියා අට අධිපතියා සමග යෝග වී 12 වැන්නේ සිටීමත් ඉගෙනීමට බාධාවකි. මෙමගින් දරුවාට අධ්‍යාපනය ලබාදීමට දෙමාපියන් කොතරම් දුරට උත්සාහ කළත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වෙනවා. 5 වැන්න අධිපතියා නීචව සතුරු ග්‍රහයෙකු සමඟ සංයෝගව සිටියදී එම සංයෝග වූ ග්‍රහයගේ දෘෂ්ටිය 5 වැන්නට වැටීම අධ්‍යාපන බාධාවට හේතුවක් වෙනවා. අධ්‍යාපනයට බාධාවන ගුරු ශාපයකියන්නේ මේෂ, කටක, තුලා, මකර, රාශියක තැන්පත් ගුරු පාප ග්‍රහයන් දෙදෙනෙකුගේ දෘෂ්ටියට යොමුවීම අප ගුරු ශාපය ලෙස හඳුන්වනවා. ගුරු ශාපය සහිතව උපන් දරුවන්ගේ අධ්‍යාපනය දුර්වලයි. ඒ සදහා අදාළ ශාන්ති කර්ම ඉටු කිරීම තුළින් ගුරු ශාපය ඉවත් කළ හැකියි.
අධ්‍යාපන බාධා ඉවත් කිරීමට කළ යුතු ග්‍රහ ශාන්ති කර්ම නිවැරදිව පෞද්ගලික කේන්ද්‍ර පරීක්‌ෂාවක් තුළින් අපට හඳුනාගත හැකිය. මේ සඳහා බෝධි පූජා, සෙත් කවි ගායනා, නවග්‍රහ පූජා යන්ත්‍ර පැළඳීම, මන්ත්‍ර භාවිතය, දේව පූජා හා ග්‍රහ ශාන්ති කර්ම ඉටු කළ යුතු වෙනවා. ඔබත් ඔබේ දරුවාගේ කේන්ද්‍රය කල්වේලා ඇතිව පරීක්‌ෂා කර දරුවාගේ අනාගතය නිවැරදිව සකසා ගන්න.
0 අදහස් දැක්වීම්:
Post a Comment